Wednesday, April 22, 2020

648. අපි නොදන්න ලයිව් - කතා කරන ඇතා....

ඇත්තු කතා කරන්නෙ නෑනෙ. ඒත් සමහරු ඇත්තු කතා කරනවයි කියල රැවටෙනව...

"අම්මට උඩු කොහොමද ඒ ඇතා?...මරු බඩුව නේද?"

"ඇයි මොකක්ද අනික් ඇත්තුංගෙයි මේ ඇතාගෙයි වෙනස? "

"වෙනස කියන්නෙ හලෝ මේ ඇතා කතා කරනව..."

"බොරු කියන්ට එපා.."

"බොරු නෙවෙයි හලෝ මේ ඇතා කතා කරනව..මගෙ කන් දෙකටම ඇහුණනෙ..මූ කතා කරනව..."

"බොරු නේද? "

"බොරු නෙවෙයි හලෝ...කවි සින්දු එහෙමත් කියනව..."

"නෑ?"

"නැත්තෙ නෑ... ඔව්..."

ඉතිං ඔය නිකම්ම සාමාන්‍ය නෝමල් ඇත්තු ඇවිල්ල හිට මාරම සිරා ඇත්තුය මේ වගෙ ඇත්තු දකින්ට ලැබෙන එකත් වාසනාවක්ය කියල රට වටේ ප්‍රචාරය අරින්ට ලෑස්ති වෙච්ච වෙනම සෙට් එකක් ඉන්නව...

එහෙම අයගෙන් කොටසක් මේ වැඩේ කරන්නෙ තමන්ට මොනව හරි ලාබ ප්‍රයෝජන එහෙම බලාගෙන..ඒ කිව්වෙ අඩුම ගණනෙ ඔය වගෙ අමුතු ඇත් රාජයෙක් ගැන රටපුරා ප්‍රසිද්ධ උනහම ඒ ඇතා බලන්ට වෑන් බස් වල පැටවිල එන මිනිස්සුන්ට අඩුම ගණනෙ බුලත් විටක්, සිගරට් එකක්වත් විකුණගෙන කීයක් හොයාගන්ට පුලුවනිය කියල හිතල මේ ප්‍රචාරය අරින අය.

අනික් අය ඇත්තටම මේ ඇතා කතා කරනවයි කියල අවංකවම විශ්වාස කරල අනික් මිනිසුන්ටත් ඒ ආශ්චර්යය බලන්ට අවස්ථාව ලබා දෙන්ට ඕනය කියල හිතන උදවිය.

කොහොම හරි අන්තිමට වෙන්නෙ මේ දෙගොල්ලොම රැවටෙන එක..ඒත් මේ රැවටෙන අය කවදාවත් පිළිගන්නෙ නෑ තමන් රැවටිලාය ඉන්නෙ කියල...එක්කො රැවටුනාය කියල පිලිගන්ට අකමැති හින්ද..ඒත් නැත්තං කවදකහරි ඇතා කතා කරයි කියල හිතාගෙන ඉන්න හින්ද...

ඒ හින්ද එයාල මුලාවෙන් මිදෙන්ටත් සූදානම් නැහැ. චිරාත් කාලයක් තිස්සෙ තමන් වැටිල ඉන්න මුලාවෙම ඇලී ගැලී ෆැන්ටසියක එහෙම නැත්නම් සුන්දර සිහිනයක කිමිදිලා ඉන්ට තමයි ඒ අය කැමති...

පහුගිය නොවැම්බර් මාසෙත් එහෙම දෙයක් උනා. බහුතරයක් කතා කරන්ට පුලුවන් ඇතෙක් ගැන හදපු ෆැන්ටසියකට රැවටුනා. දැන්නම් ඒ ඇතත් හරිම සාමාන්‍ය ඇතෙක්මය ඌට වචනයක්වත් කතා කරන්ට බැරිය කියල හැමෝම දන්නව. ඒත් අර රැවටිච්චි අය තවමත් ඒ ෆැන්ටසියෙම ඇලී ගැලී ඉන්නව.

ඒ කියන්නෙ තමන් අනුන්ව අන්දන්ට කියපු බොරුව අන්තිමට තමන්ම විශ්වාස කරනව...


7 comments:

  1. 1. දැන් කතා නොකළාට ඇතා කවද හරි කතා කරයි.

    2. ඇතාට කතා කරන්න බෑ කියල ඔප්පු කරන්න පුළුවන්ද?

    3. ඇතා කතා කරන්නේ ඇතාට අවශ්‍ය අය එක්ක විතරයි.

    4. ඇතා කතා කරනවා. ඇතා කියන දේවල් තේරුම් ගන්න බැරි වුනාට අපිට කරන්න දෙයක් නැහැ.

    5. ඇතා කතා කරන්නේ නෑ තමයි. ඒ වුනාට සිංහයාත් කතා කරන්නේ නෑනේ.

    ReplyDelete
  2. ඉකොනො මහත්තයාට එකක් අමතක වෙලාද මන්දා.
    6. ඇත්තු ඇත්ත කියන සත්තුද?

    ReplyDelete
  3. ඕකෙ මුල් කතාව නස්රුදින්ගෙ. පොර ළමයි සෑහෙන ගාණක් රවට්ටල යවනව, කවුද මනුස්සයෙක්ගෙ ගෙදර දානෙයක් තියෙනව කියල. අන්තිමේ පොරත් ඒ බොරුව බැරිවෙලාවත් ඇත්තක් වෙලාද කියල බලන්න යනව.

    ReplyDelete
  4. ඔය ඇතාගෙ නැට්ටෙ එල්ලිලා දිවියලෝකෙ යන්න බැරිද?

    ReplyDelete
  5. මේ වීඩියෝ එක කලින් බලල තියනවා, ඒ උනාට අවසානය අමතක වෙලා තිබිලා අද බලද්දී ආයෙම එදා වගේම හිනා ගියා. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...