Painting - Zhaoming Wu |
" තව බොහොම සේසයක් මහන්සි වුනොත් ඔයාට මේ පාර බැච් එකේ පළවෙනි දහදෙනාට එන්ට පුලුවන් ලේසියෙන්ම. සංඛ්‍යානය විභාගෙන් A එකක් ගත්තනම් ඇහැපියාගෙන වැඩේ ගොඩ. " ඇය එසේ පැවසූයේ මගේ කුටියට පදිංචියට පැමිණ තෙමසක් පමණ ගතවූ පසු, දිනෙක රාත්‍රියෙහි අධ්‍යයන කටයුතු අවසන්කොට අප නින්දට යාමට සැරසෙද්දීය.
" හෙහ්..මට ඇත්තම කිව්වොත් විස්වාස කරන්ටත් බෑ මම මේ තරම් පාඩම් කරනවයි කියල. IIT එකේදි පාඩම් කරනව කියල අපි කට්ටිය කලේ රෑ එළිවෙනකල් රටේ නැති වල්පල් ගැන කයිය ගහපු එක. " මේසය මතවූ එහා මෙහා විසිරුනු පොත්පත් එක මත එක සිටින පරිදි ගොඩගැසූ මම විදුලි පහන නිවා දැමීමි.
" ඉතිං මොකක්ද අවුල? අපිටත් ඕනනම් එළිවෙනකල් කතා කරකර හිටියැහැකිනෙ. " පිටත කාළගුණය සැළකියයුතු පමණ සිසිල් වූ බැවින් ඝණකම පොරෝනය තුලට ගුලිවෙමින් අනන්‍යා පැවසුවාය.
" මොනව ගැනද අපි කතා කරන්නෙ? අපි දෙන්න එකටමනෙ අනේ ඉන්නෙ... ඉතිං මේ හීතලේ නිදාගන්නෙ නැතුව ඇහැරල කතා කර කර ඉන්නෙ අර අහවල් දේකටද? " පොරෝණය මා වටා හොඳින් සකස්කරගනිමින් මම පැවසූයෙමි.
" හරි හරි හලෝ..මම ඉතින් නෑ කිව්වය? අපි දෙන්න එකටම තමයි ඉන්නෙ..එහෙම උනත් අපිට කතා කරන්න දේවල් කොච්චර නම් තියනවද? "
" මොනව ගැනද ඔයා ඔය කියන්නෙ? "
" ම්ම්ම්..අපේ අනාගතය වගෙ දේවල් ගැන…"
අනාගතය සැළසුම් කිරීම මම ප්‍රිය නොකලෙමි. එළෙසම ගැහැණියක සමඟ ( ඇය හා සමඟ පුරා තෙමසක කාලයක් එකම කුටියක දිවි ගෙවූවද ) අනාගතය සැළසුම් කිරීම මම කොහෙත්ම ප්‍රිය නොකළෙමි. එහෙත් අනාගතය යනුවෙන් ඇය අදහස් කරනුයේ අධ්‍යයන කාල සීමාව අවසානයේදී ප්‍රදානය කරනු ලබන සහතිකයෙහි සඳහන් වන ශ්‍රේණිය සහ ඒ අනුසාරයෙන් ලබාගතහැකි රැකියාව පිළිබඳව පමණක්ම ද විය හැක.
" ඒ ගැන එච්චර හිතන්න දෙයක් නෑනෙ අනන්‍යා, අපි දෙන්නටම හොඳ ග්‍රේඩ් එකක් හම්බවෙයි නොවැරදීම. ඒ කියන්නෙ ඊට පස්සෙ අනිවාර්යයෙන්ම හොඳ රස්සාවකුත් ලැබෙයි. මම හිතන්නෙ ඔයාට කිසිම අවුලක් නැතුව HLL එකේ රස්සාවක් ගත්තැහැකි.ඔයා මාකටින් පැත්තට කැමති හින්ද HLL එක තමයි ඔයාට හොඳටම ගැලපෙන්නෙ. "
( HLL යනු එදවස ඉන්දියාව පුරා ව්‍යාප්ත ව්‍යාපාර ජාලයකින් යුතුවූ සමාගමකි. සබන්, රෙදි සෝදන කුඩු,ජෑම් සහ නොයෙක් බෙහෙත් වර්ග නිෂ්පාදනය සහ බෙදාහැරීම කල රුපියල් බිලියන ගණනක වාර්ෂික පිරිවැටුමකින් යුතු HLL සමාගමේ රැකියාවක් ලබා ගැනීම අලෙවි සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තම අනාගතය ලෙස තෝරාගත් සියළු ඉන්දීය තරුණ තරුණියන්ගේ සිහිනය වූයේය. )
" එතකොට ක්‍රිෂ් ඔයා?..... ඔයා කැමති මොන වගෙ රස්සාවකටද? "
" මගෙ එහෙම විශේෂ ආසාවක් නෑ අහවල් කම්පනි එක හොඳයි එහෙමත් නැත්නම් අහවල් විදිහෙ රස්සාවක් හොඳයි කියල. ඒත් එකක් තියනව..."
ඇය හිස හරවා මදෙස විමසුම් සහගත බැල්මක් හෙලුවාය.
" පුලුවන් තරම් වැඩි ගාණක් ගෙවන රස්සාවකට තමයි මම කැමති.අවම කාල සීමාවක් තුල උපරිම මුදල් ප්‍රමාණයක් ඉතුරුකරගැනීම තමයි මගේ එකම බලාපොරොත්තුව. මගෙ අනාගත අපේක්ෂා ඉෂ්ඨ කරගන්ට නම් එහෙම නොකර බෑ."
" හිහ්..හිහ්..මම දන්නව..ඔයාගෙ ඒකායන ජීවන අපේක්ෂාව...මහා ලේඛක සිහිනය..." ඇය වැළමිටට බරදී උඩුකය ඔසවා මගේ හිසකෙස් අතරින් ඇගේ දිගු ඇඟිලි යවා හිස පිරිමදිමින් පැවසුවාය.කුඩා කල සිටම මගේ මෑණියන්ගේ එවන් හිස පිරිමැදීම් වල පහසට ඇළුම් කල මම දෑස පියාගනිමින් ඇගේ ඇඟිලිවල පහස විඳ ගතිමි.
" ම්ම්ම්ම්..ඔව්..ලේඛකයෙක් වෙන බලාපොරොත්තුව අත ඇරල නම් නෑ. ඒත් මොනව ගැනද ලියන්නෙ කියන එකයි මට හිතාගන්ට බැරි "
" ඕන දෙයක් ගැන ලියන්ට පුලුවන්නෙ. මම කියන්ටද? ලියන්ටකො අර ඔයාගෙ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන."
" අනන්‍යා …..මේ... මතක නැද්ද? අපි දෙන්න කතාකරගත්ත ආයම ඒ ගැන කතාකරන්නෙ නෑ කියල" මම දෑස් හැර හිස හරවා ඈදෙස නෙත් යොමුකළෙමි.
" සොරි සොරි..ඔයා කිව්වනේ මා එක්ක, එයාගෙ තාත්තා ඒ කිව්වෙ අර ප්‍රොෆෙසර් එක්ක ගිවිසුමක් ගහලයි ඒ වැඩේ අලල්ල දැම්මෙ කියල. ඉතින් මට හිතුන කතාවක් ලියන්න ඒක හොඳ ප්ලොට් එකක් වෙයි කියල. හරි... හරි ...දැන් ඒ ගැන මදැයි ..අපි නිදාගමු හොඳද? ගුඩ් නයිට්!.... " පියකරු ලෙස සිනාසුනු ඈ දෙනෙත් වසා ගත්තාය. මම පහත්ව ඇගේ නළලත සෙමෙන් සිපගතිමි.
" මම ඔයාට ආදරෙයි………" මොහොතක නිහැඬියාවකට පසු ඇය එක්වරම පැවසුවාය.
සැණෙකින් දෑස් විවරකල මම ඈ දෙසට හැරුනෙමි. " ඇත්තටමද එහෙම කිව්වෙ ? "
" ඔව්……"
" මොකද මේ හදිස්සියෙ එහෙම කියන්ට හිතුනෙ ? "
" මෙහෙමයිනෙ ළමයා. වචනෙන් නොකිව්වට මම හැම මොහොතකම ඒ ගැන හිතනව. මට එක පාරටම මේ දැන් හිතුන ඒක ඔයාට කිව්වනම් හොඳයි නේද කියල. එච්චරයි. ගුඩ් නයිට්! " එසේ පැවසූ ඈ ඇඳේ අනෙක් පසට හැරුණාය.
ගැඹුරට හුස්ම ගනිමින් ඈ නින්දට වැටෙන තෙක් මම නිදි වර්ජිතව ඈ දෙස බලා සිටියෙමි.
මෙලෙස වසර එකහමාරක් ඉක්ම ගියේ ඇසිල්ලකිනි.
" මොනව ගැනද ඔයා කල්පනා කරන්නෙ ඒයි? මම නෝට් කරල තියනව අර වැඩෙන් පස්සෙ ඔයා කිසි කතාවක් නෑ බකුස්සෙක් වගෙ කල්පනා කරන එකමයි වැඩේ "
සත්‍ය වශයෙන්ම සම්භෝගයෙහි යෙදුනු අනතුරුව එහි ආශ්වාදය යලි යලි සිතට නඟා ගනිමින්,සිවිලිමෙහි මන්දගාමීව කරකැවෙන විදුලි පංකාව දෙස බලාගත්වනම, විවේක සුවයෙන් පසුවීමට සහ එසේ සිටිමින්ම නින්දට වැටීමට මම කැමැත්තෙමි. එම කර්තව්‍යයෙන් අනතුරුව කොතෙකුත් දොඩමළුවීමට ගැහැණුන්හට ඇති ආශාව මට කෙසේවත් වටහා ගත නොහැක.එහෙත් මේ වනාහී කිසිසේත්ම මගේ රුචි අරුචිකම් පිළිබඳව ඇය අමතා දේශනයක් පැවැත්වීමට අවස්ථාව නොවේ.එබැවින් මම ඈ දෙස හැරී බලා සිනාසුණෙමි.එදින දවස පුරා දැඩිසුළඟක් සහිත ශීතල කාළගුණයක් පැවති අතර අප දෙදෙන මගේ කුටියේ සයනය මත ඝණ පොරෝණය තුල ගුලිවී සිටියෝය.
" නෑ..නෑ...එහෙම අකමැත්තක් නෑ..හරි මොකක් ගැනද ඔයාට දැන් කතාකරන්න ඕනෙ? මොකක් හරි ප්‍රශ්ණයක්වත්ද? "
" තව සතියකින් සම්මුඛ පරීක්ෂණ තියනව. මට නිකම් මහ බයක් වගෙ දැනෙනව. "
" අපෝ කිසිදේකට බයවෙන්න එපා. හැම කම්පනි එකක්ම වගෙ ඔයාව අන්තිම වටයෙ ඉන්ටවීව් වලට තෝරගෙනනෙ තියෙන්නෙ.එව්වයින් එකක් ඔයාව තෝරගනියි. මට ඒක ෂුවර්ම ෂුවර්. "
( MBA උපාධියෙහි අවසාන ප්‍රථිඵල නිකුත්වූ ඉක්බිති, ඊළඟ සතිය හෝ දෙක ඇතුලත ඉන්දියාවේ ප්‍රසිද්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික වාණිජ සමාගම් ද, ජාත්‍යන්තර මෙන්ම දේශීය බැංකු ද, තම නියෝජිතයින් IIM ආයතන වෙත එවා උසස් ලෙස සමත්වූ දක්ෂ සිසුන් හා සිසුවියන් සම්මුඛ පරීක්ෂණ කීපයකින් අනතුරුව තම ආයතනයන්හි පුරප්පාඩු උදෙසා බඳවාගැනීමේ ක්‍රමවේදයක් එකල පැවතිනි. මේ වනවිට අප ආයතනයට පැමිණ සිටි එවන් නියෝජිතයෝ මූලික තෝරාගැනීම් වලින් අනතුරුව ඉදිරි සතිය තුල පැවැත්වීමට නියමිත අවසාන සම්මුඛ පරීක්ෂණ උදෙසා සූදානම් වෙමින් සිටියහ. )
" ඔය ඉතින් ඔන්න කිව්ව……"
" ඇයි?...."
" රස්සාවක් හොයාගන්න එක ගැන නෙවෙයි මනුස්සයො මම කියන්නෙ..රස්සාවක් ගැන මට කිසිම බයක් නෑ.."
" එහෙනම්? …"
" මට බය රස්සාවක් හම්බවුනාට පස්සෙ මොකක් වෙයිද කියල….."
" හෙහ්..ඊට පස්සෙ මොකක් වෙන්නද? හොඳ පඩියක් ලැබෙනව කියන්නෙ අපිට ඕන තරම් සල්ලි තියනව. ආය මොනවද? රෙස්ටොරන්ට් එකකට ගියහම කෑම ඕඩර් කරන්ට ඉස්සර පර්ස් එක ඇදල බලන්ට දෙයක් නෑ.ෆිල්ම් එකක් බලන්ට ගියහම ඉස්සරහම ඉඳගන්ට ඕන නෑ. කෝච්චියෙ තර්ඩ් ක්ලාස් යන්ට ඕන නෑ. එතනින් එහාට ජීවිතේ විඳින්ටයි තියෙන්නෙ. මොකද ඔයා මේ ආඩතාඩෙට කතා කරන්නෙ? මොකක්ද ඇත්තටම ඔයාට තියෙන ප්‍රශ්ණෙ? "
" මට තියෙන ප්‍රශ්නෙ..මට තියෙන ප්‍රශ්නෙ.." ඇගේ දෑස් තෙත්වන බව මට ඇගේ කටහඬෙහි වෙනසින් වහා වැටහිණ. වසර දෙකකට ආසන්න කාලයක් එකිනෙකා හා බැඳුණු දිවියක් ගතකල කල්හි එවන් වෙනසක් වහා වැටහීම අරුමයක් නොවේ.
මම ඈ වෙත පහත්වී ඇගේ හිස සෙමෙන් පිරිමැද්දෙමි. " අනන්‍යා..මොකක්ද ඇත්තටම ප්‍රශ්ණෙ? "
" තව උපරිම සති හතරකින් අපි දෙන්න මෙහෙන් යනව. ඊට පස්සෙ අපි දෙන්නටම රස්සාවල් නම් හම්බවෙයි.. ඒත්..ඒත්..අපි දෙන්නට මොකද වෙන්නෙ? "
" ඈ?? අපි දෙන්නට? අපි දෙන්නට මොකක් වෙන්ටද? " විමතියෙන් විදහාගත් දෑසින් යුතුව මම විමසීමි.
ගැහැණියක යම් බුද්ධිමත් තර්කානුකූල පිළිතුරක් බලාපොරොත්තුව , ඔවුන්ගේ ජීවිතයට හෝ අනාගතයට තදින් බලපාන ප්‍රශ්ණයක් විමසූ කල පොදුවේ සෑම පිරිමියකුගේම පාහේ මුහුණෙහි විද්‍යාමාන වන වික්ෂිප්තවූ විසුළුසහගත පෙනුම මගේ මුහුණෙහි ද දුටු අනන්‍යා වහා කෝපාවිෂ්ඨ වූවාය.ඇගේ හිස පිරිමදිමින් හුන් මගේ සුරත ගසා දැමූ ඈ එකෙනෙහිම සයනයෙහි හිඳගෙන ඇගේ ටී ෂර්ටය හැඳගත්තාය.
ඉනික්බිති වහා නැඟී සිටි ඇය මට පිටුපා ඉතිරි ඇඳුම් අඳින්නට වූවාය. තත්වය කිසිසේත්ම සතුටුදායක නොවන බව මට වැටහුණ ද මම මොහොතක් ඒ අමතක කොට ඇය ඇඳුම් අඳින අපූරුව දෙස සෙනෙහසින් බලා සිටියෙමි.
" මේ….ඔහේ ඔතන ඕන හැටියකට දිග ඇදිල නිදාගන්ටකො. මම යනව මගෙ කාමරේට.." ඇය පැවසූයේ තවමත් මට පිටුපාගත්වනමය.
" ඒයි මේ…….." මම වහා ඇඳෙන් නැඟිට ඇගේ සුරත ගතිමි. " හරි..හරි කලබල වෙන්ට එපා ඉතින්…..අපි කතා කරමු.. මම මේ කතා කරනවනෙ.."
" ඔව්... කතානම් කරනව...මෙලෝ හසරක් තේරෙන්නෙ නැති මෝඩයෙක් වගෙ….." ඇය මගේ අත සෙමෙන් ඉවත් කරමින් තෙපලාය.
" ඇයි ඔයා එහෙම ඇහුවෙ? අපි දෙන්නට ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියල? " මම ඇසූයෙමි.
" ඇයි අනේ තේරෙන්නෙ නැද්ද? අපි දෙන්නට කොහෙහරි දුර තැන් දෙකක රස්සාවල් හම්බවුනොත් එහෙම. ඔයාට දිල්ලියෙ මට චෙන්නයි වගේ කියල හිතමු. එහෙම වුනොත් තව මාසෙකින් අපි දෙන්න වෙන් වෙනව. සමහරවිට ආයම කවදාවත් මේ වගේ අපිට ඉන්න ලැබෙන එකක් නෑ. …" ඈ සුසුමක් හෙලුවාය.
" මොකක්? ආයම කවදාවත් මේ වගේ අපිට ඉන්න ලැබෙන එකක් නෑ ? ඒ කොහොමද එහෙම වෙන්නෙ? …." විශ්මයෙන් මගේ මුව අඩක් විවර විය.
" ඉස්සෙල්ල ඔයාගෙ ඇඳුම් ඇඳගන්නකො. ඔහොම ඉන්නකොට පුලුවනෑ මොකවත් වැදගත් දෙයක් කතා කරන්ට …"
මම ඇඳුම් හඳිනාතුරු ඇය ඇඳමත හිඳගත්තාය.
ඇඳුම් හැඳ අවසාන වූ පසු මම ද ඇය ඉදිරියේ හිඳ ඇගේ දෑස් දෙස බලාගත්වනම කතා කළෙමි.." හරි මම කියන්නද? අපි මෙහෙම කරමු...ඔයානෙ දැං අපි දෙන්නගෙන් මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්ට හිතාගෙන ඉන්නෙ. මගෙ එහෙම බලාපොරොත්තුවක් නෑ. ඔයා දන්නවනෙ මම රස්සාවක් කරන්නෙ සල්ලි කීයක් හරි හොයාගන්නකල් විතරයි.මගේ බලාපොරොත්තුව වෙන එකක්නෙ.ඒ හින්ද කොහෙහරි ඔයාට රස්සාව හම්බවෙන නගරෙටම මමත් රස්සාව හදා ගන්නම්. "
" ආ..එහෙම හොඳයි…" ඇය එකඟ වූවාය.
" ඒ වුනාට ප්‍රශ්නෙ වෙන්නෙ ඔයාට කොහෙ රස්සාව හම්බ වෙයිද කියල කොහොමද හරියටම කියන්නෙ? එහෙම හරියටම තැනක් නොදැන කොහොමද මම එහාට රස්සාව හදාගන්නෙ? "
" ඔව්..ඒක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. අනික ලබන සුමානෙ වගෙ අපි දෙන්නටම එකටම ජොබ් ඉන්ටවීව් තියනව. මට රස්සාවක් හම්බවෙනකල් ඔයාට බලා ඉන්ටත් බෑනෙ….."
" ඒක තමයි අනන්‍යා….. මම හිතන්නෙ අපි දෛවයට ඉඩ දෙමු. මොකද වෙන්නෙ කියල බලල ඒ අනුව ඉස්සරහට කරන ඕන මොකක්ද කියල තීරණය කරමු. "
" හරි එහෙම හොඳයි..මම එකඟයි...ඒක නෙවෙයි එතකොට අපි දෙන්නගෙ අනාගතය ගැන මොකද? ආ සොරි, සොරි, සොරි, මම ප්‍රශ්ණෙ ඇහුව වැරදියි..මට අහන්න තිබ්බෙ අපි දෙන්නට අනාගතයක් තියනවද කියලයි "
" මට මේ වෙලාවෙ ඒ ගැන මොකවත්ම කියන්න බෑ…."
" ආ...ඇත්තද? ....ඒක දැනගත්ත එකත් බොහොම හොඳයි..එහෙමනම් කරුණාකරල මට කියන්න පුලුවන්ද අපේ අනාගතය ගැන මොනවහරි ස්ථිරව කියන්න ඔයාට පුලුවන් වෙන්නෙ අනාගතයෙ කවද වගේද කියල "
මම කිසිවක්ම නොපවසා නිශ්ශබ්දව වූයෙමි.
" අමතක කරල දාන්න. මම එහෙම දෙයක් ගැන ඇහුවය කියන එකත් අමතක කරල දාන්න..මම යනව…" ඇය පිටත්ව යාමට නැඟී සිටියාය.
" අනන්‍යා …….මට තව ඒ ගැන හිතන්න ඕන "
" හහ්...ඒ කතාව නම් නියමයි. ඒ කියන්නෙ අවුරුදු දෙකක් මදි ඔයාට හිතන්ට. ඒ කියන්නෙ තව කොච්චර කල් ඕනද? "
මම කිසිවක්ම නොපවසා නිශ්ශබ්දව වූයෙමි.
" මට හිතාගන්ටම බැරි මොකක්ද දන්නවද? පිරිමින්ට ගෑණියෙකුට පොරොන්දුවක් දෙන්ට, වගකීමක් බාරගන්ට තීරණය කරන්ට සෑහෙන කාලයක් හිතන්ට ඕන. සමහර අයට අවුරුදු දෙකකුත් මදි…...ඒත් ඒ ගෑණි එක්කම නිදාගත්තොත් නම් බොහොම අපූරුයි කියල තීරණය කරන්ට යන්නෙ විනාඩි දහයයි. "
" අනන්‍යා මේ……………." මම ඇඳෙන් නැඟී සිටියෙමි. එහෙත් ඒ වනවිටද ඇය කුටිය දෙදරන ලෙස දොර වසා දමා පිටත්ව ගොසිනි.
Beautifully done Ravi. Thank you !!
ReplyDeleteYou are welcome Ian...:)
Deleteසම්බාර් ටිකෙන් ගිය දුරක්! බැරිවෙලාවත් ඒ වෙලාවේ හිතට ආපු දේ ඒ විදිහටම කිවුවනම්? (එහෙම කිවුවනම් හොඳයි කියල හිතෙයිද දන්නෙත් නෑ තව ටිකක් ඉස්සරහට යනකොට...)
ReplyDeleteඉකොනොමැට්ස්,
Deleteහෙහ් එව්ව ඉතින් කියන්න බෑ. ජීවිතේ ඉස්සරහට වෙන්ට තියන එව්ව ගැන කාටද ඉතින් කියන්ට පුලුවන්?
The most interesting phenomenon about life is the sheer unpredictability of what might happen tomorrow or the day after. What would be there beyond the next bend in the road you are travelling you never know until you get there and see for your self.
අනාගතයක් තියෙනවද කියල හිතන්න අවුරුදු දෙකක් හොඳටම මදි තමයි.
ReplyDeleteප්‍රසන්න,
Deleteඑහෙනම්..එහෙනම්... මේ මොනව කියනවද? මට ආරන්චියි උඹෙන් ණයට බඩු ගත්තු මිනිස්සුන්ටත් උඹ අඩුම ගානෙ අවුරුදු දෙකක් වත් කල් දෙනව කියල ආපහු ණය ගෙවනවද නැද්ද කියල හිතන්ට...:)
හහා... ඉන්දියාවෙයි ලංකාවෙයි කියල වෙනසක් නෑ, කොහෙත් කැම්පස් කොල්ලො එකයි වගේ.
ReplyDeleteබස්සි,
Deleteකොහෙත් එකයි බන් කොහෙත් එකයි…. කොල්ලොත් එකයි, කෙල්ලොත් එකයි,…. ලෝකෙ කොහෙත් ඉන්නෙ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලනෙ.
කියෙව්වෙ හරිම ආසාවෙන්. මිනිසුන්ගෙ සිතුම් පැතුම් හරිම අමාරුයි තේරුම් ගන්න. ඇතුලාන්තය වෙන කාටවත් හිතාගන්න බැහැ. හිත පතුලෙන්ම ගලා යන කතාව හරිම ලස්සනයි. ඇත්තම කියාපු එක හොඳා.
ReplyDeleteචාන්දි,
Deleteබොහොම ස්තූතියි...මේක මේ චේටන් භගට්ගෙ නවකතාවක පරිවර්තනයක්...:)
නියමයි...
ReplyDelete///ඒත් ඒ ගෑණි එක්කම නිදාගත්තොත් නම් බොහොම අපූරුයි කියල තීරණය කරන්ට යන්නෙ විනාඩි දහයයි.///
තත්පර එකක දෙකක වැඩකට ඌට විනාඩි දහයක්ම ගිහින්ය කියන්නේ අනිත් වැඩ ගැන අවුරුදු දෙකෙන් කොහේ තීරණයක් ගන්නද...
ලොක්කා,
Deleteපිස්සුද බොල? ….තප්පර එකෙන් දෙකෙන් වැඩේ ඉවරනම් බන් අවුරුදු දෙකක්ම ඔය ආතල් එක ඔහොම්මම යයි කියල උඹ හිතනවද?....:)
මොන පිස්සුද ලොක්කො, මේ රවී අයිය අවුරුද්දක්ම අර ගෑණුළමයෙක් එක්ක කොස් කප කප හිටියෙ යස අගේට.
Delete///තප්පර එකෙන් දෙකෙන් වැඩේ ඉවරනම් බන් අවුරුදු දෙකක්ම ඔය ආතල් එක ඔහොම්මම යයි කියල උඹ හිතනවද?....:)///
Deleteතත්පර දෙකෙන් කියල කිව්වේ බං "බුදිය ගත්තොත් හොඳයි" කියල "තීරණය කිරීම" ගැන...
මොකද ඒ කෙල්ල කියන විදිහට ඌට ඒ තීරණය ගන්න විනාඩි දහයක් ගිහින් තියෙනවනේ...
නමුත් වටේම ඉන්න කොල්ලෝ හැරි හැරී බලන තරමට ලස්සන කෙල්ලෙක් වෙච්ච ඒ ගෑල් ළමයා සම්බන්ධව ඒ තීරණයට එන්න අර කොළුවා පමා උනා වැඩි බව තමයි මට හිතුනේ...
හැබැයි ඉතින් ඌ හදිස්සි නොවී ගාණට ඉන්ජෙස්සෝන් එක ගහපු නිසාම තමයි වෙන්න ඕනේ ඌ ගොඩ යන්න ඇත්තෙත්...
නරක නෑ, අවුරුදු දෙකක්ම නේ... හෙහ් හෙහ්...
පව් අයියෝ.. අපි.... හා එයාලත් නම් පව් තමයි...
ReplyDeleteතරූ,
Deleteබලාගෙන යනකොට පොදුවෙ අපි කවුරුත් පව් තමයි මැඩම්...:)
මුට තවමත් මේකිව බඳින්න ඕන උනේ නැත්තං මු මොකෙක්දෝ
ReplyDelete"මේ කිරිස්, මට මල පනිනවා. ඔය අනන්නියව දීපං ළමයෙකුට(අර නිදහස් සිතුවිලි ලියන එකාට හරි කමක් නෑ)
සුරන්ග
Deleteඒකනෙ බන් මූ මහ අබබ්බයෙක්නෙ ( ඒ වදන විචාරකගේ අනුග්‍රහයෙනි )
බාල්දියක් දැමීමටයි මේ සැරසීම....
ReplyDeleteඔය ප්‍රශ්නේ එන්නේ පොත් වල, චිත්‍රපටි වල වගේ විතරයි මම නම් හිතන්නේ.... කාලය වේගයෙන් ඉදිරියට ගමන් කරවීමේදි ඇතිවන දෝෂයක්... (Error by Timeline Fast-Forwarding). ඇත්තටම නම් මේ වෙනකොට ඉස්සහරට මොනවද කරන්නේ කියන එක එකිනෙකාගෙන් අහ අහ ඉන්න වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. අවුරුදු දෙකක් එකට ජීවත්වීම ඇතුලේ ඔය දේවල් තීරණය වෙනවා. එහෙම නොවන අවස්ථාවක් සඳහා වූ සාධාරණ හේතු දැක්වීමක් නැ.. නමුත් පොත් වල, චිත්‍රපටි වල, යම් ප්‍රශ්නයක්, සිදුවීමක් අර වගේ පිටුවකින් දෙකකින්, විනාඩියකින් දෙකකින් ඉදිරියට ගමන් කරවන ලද කාලයකට පස්සෙත් පාඨකයාගෙ මනසේ නැවුම් විදිහට තියනවා. ඒ නිසා එකම ප්‍රශ්නේ මෙහෙම කාලෙකට පස්සෙ පරණ විදිහටම මතුවීමට වැලිඩිටි එකක් ලැබෙනවා. හැබැයි ටිකක් ඇඩ්වාන්ස්ඩ් ලේඛකයෝ මේක වෙනස් විදිහට ඉදිරිපත් කරනවා...
අඩේ බං ඒවා නොහි්ත හිටපං. ඒවා කල්පනා කරොත් බං මේලෝකේ තියෙන බාගයක් දේවල් කියවන්න ඕන නෑ.හැක්
Deleteතිසර,
Deleteඔබ හා එකඟයි. මේ වගෙ තැන්වල වෙන්නෙ චරිත ක්‍රමිකව විකාශය වෙලා නෑ. ඒත් කාලය වේගයෙන් ගලාගෙන ගිහිල්ල.
ඔයා ආයි අයියේ ඩයලොග් අනාගන්නවා.. සම්මුඛ පරික්ෂණ වලට යන්න කව්ද බං නිදි ඇදේ කතා කරන්නේ.. හැක්..
ReplyDeleteදේශක,
Deleteඋඹ වගෙ ඇඳ තියෙන්නෙ එකම වැඩකටය කියල හිතන එවුනුත් ඉන්නව තමයි බන්..මම නෑ කියන්නෙ නෑ..ඒත් මුන් දෙන්න එහෙම නෑ..:)
හැක්.. මං ඇහුවමයි ඇදේ ඉද්දි “අපි සංසර්ගයේ නිරත වෙමුද සොඳුරිය“ කියල අහන එකෙක් ඉන්නවා..
Deleteදේශක,
Deleteකොහෙද බොල එහෙම එකක් තියෙන්නෙ?
බලාහංකෝ වට වන්දනාවක හැටි.. කොච්චර කිව්වත් ඕන එක කියන්නැති නහර පුරුද්දක් මට තියේය.. හැක්
Deleteඅවුරුදු දෙකක් කියන්නේ.. හ්ම්ම්.. ඕනනං වෙන අතක් බලා ගන්න උනත් කල් හරි ඇති. ක්‍රිෂ් කල්පනා කරන්නෙත් මං වගේද කවුද දන්නේ.. මොකෝ ආයි නීතියෙන් ගැටළුවක් කියලය.. හ්ම්ම්..
ReplyDeleteකළ්‍යාණ,
Deleteඋඹත් අවුරුදු දෙකකින් පස්සෙ වෙන අතක් බලාගන්ට ට්‍රයි එකක් දුන්නද?...:)
රවි අය්යේ, කොහොන්ද ඔය උඩින් දාල තියන චිත්‍ර හොයා ගත්තේ (in Part 8 and Part 7)?
ReplyDeleteඇනෝ,
Deleteඒ චිත්‍ර උඩ රයිට් ක්ලික් කරල Search Google for this image ඔප්ෂන් එක ආයෙම ක්ලික් කලාම අදාල චිත්‍රශිල්පියා සහ ඔහුගේ අනෙකුත් චිත්‍ර ගැන විස්තර බලාගත්තෑකි.
රවි අය්යේ මෙ බ්ලොග් එක ගොඩක් ආසාවෙන් කියෙවුවා. වාන් පතුලෙ කතා සෙට් එක නම් පට්ට...අනිත් එවත් එ වගෙ තමා...අය්යන්ඩ්ත් අනුර/ පුර ටෙක් එකෙලු නේද? මත් නම් ඒකෙ එකෙක් තමා..අය්යලගේ කාලේ අරුනොලිස් කියල සර් කෙනෙක් එහෙම හිටියද? අපි 2003 සලසුම් ශිල්පියො...අය්යන්ඩි සෙන් මෙරිස් එකෙක්ලු නේද? මාත් පින්නවල අය්යෙ...
ReplyDeleteSH,
Delete/ අය්යන්ඩ්ත් අනුර/ පුර ටෙක් එකෙලු නේද? මත් නම් ඒකෙ එකෙක් තමා..අය්යලගේ කාලේ අරුනොලිස් කියල සර් කෙනෙක් එහෙම හිටියද? අපි 2003 සලසුම් ශිල්පියො.. /
මම අනුරාදපුර ටෙක් ගියේ 82/83 කාලෙ..උඹ ඉපදිලාවත් නැතුව ඇති බොහෝවිට. අර්නෝලිස් සර් ඉඳල තියෙන්නෙ ඊටත් කලින්. හැත්තෑගණන් වල. ඒ සර් ඒ වෙනකොට අම්පාර හාඩි එකේ උගන්නනව.
/ .අය්යන්ඩි සෙන් මෙරිස් එකෙක්ලු නේද? මාත් පින්නවල අය්යෙ.. /
පින්නවල ගියේ ඔයාගෙ ගෙවල් ඒ කිට්ටුවද? නැත්තන් ශිෂ්‍යත්වයෙන් ගියාද? හෙහ්, අඳුනාගන්න ලැබීම ලොකු සතුටක්...:)
I think this man is a dumb fuck and proud of it. That's a gut feeling though it's only my personal opinion.
ReplyDeleteHenry,
DeleteTotally agreed Machang,...But, I think Bhagat is doing it deliberately to make the book more appealing to feminists by making Ananaya more decisive, more opinionated and more far thinking. Like some Alpha Female ..
Then he makes her stupidly in love ( his words ) with the boy to sooth ruffled feathers of male supremacists and bolster their damaged egos. So he would be able to sell the book to both diverse segments of Indian society at the very same time and make a fast buck. Mind you both he and his wife has MBA s in which marketing strategies is an important subject...;)
එළ,එළ රවීයියේ දැන් දැන් කතාව සුපිරි විදියට යන්නේ.
ReplyDeleteThanks Manoj...:)
Delete