සමාවෙන්ට උවමනයි.අර ඊයෙ ප්‍රවේශ කතාවක් ලියපු එකේ ප්‍රධාන කතාව අද ලියන්ටයි හිටියෙ. ඒත් මේ ඊයෙ හවස සිද්දවෙච්චි දෙයක් හින්ද ඒක තව දවසකට කල් දැම්ම. මොකද මට හිතුන මේ කතාව අදම ලියල දාන්ට ඕනය කියල.
*********************************
මෙහෙ සති අන්තෙ සිකුරාදයි සෙනසුරාදයිනෙ. ඉතිං බෘහස්පතින්ද හවස කන බොන අය කවුරුත් පොඩි ආතල් එකක් ගන්නව. මගෙත් යාලුවො හත් අට දෙනෙක් ඇවිල්ල ඊයෙ පොඩ්ඩක් වගෙ වෙන්ට කර්මාන්තයක් කලා. ගාණට වගෙ වැදීගෙන එනකොට වැඩේ නැවැත්තුව. මොකද එතන හිටපු තුන්දෙනෙක් කිලෝ මීටර් හතළිහක් වගෙ දුර බැහැරක ඉන්නෙ. යන්තමටවත් වැඩිවෙලා ඇක්සිඩන්ට් එකක් උනොත් දඩේ ගෙවන්ට ලංකාවෙ තියන ගේ උගස් තියන්ට වෙනව.
ඉතිං කන්ට ලෑස්තිවෙලා බලනකොටයි දැක්කෙ පිඟං තුනක් අඩුයි. ඒක ඇවිල්ල තනිකරම මගේ වැරැද්ද. සත්කාරක නොහොත් Host හැටියට වැඩේ පටන්ගන්ට ඉස්සරවෙලා අවශ්‍ය ප්‍රමාණයට සියලුම භාණ්ඩ සහ උපකරණ තියනවද කියල හොයල බලන එක මගෙ වගකීම. මේක වුනේ බොන්ට තියෙන හදිස්සියට එව්ව අමතක වුනානෙ. අනේ අනිච්චං කණේ කඩුක්කං
"අනේ බං සමාදිය බජනය කරන්ටලා..පිඟං තුනක් නම් අඩුයි....අල්ලපු ගෙදරින් වත් මම ඉල්ලගෙන එන්ටද?"
"පිස්සුද බං? මෙන්න මෙහෙ ඉඳහං...ආය ඔක්කොම එකටම කන්ට ඕනය කියල නීතියක් තියනවය? කවුරුහරි කාල ඉවර උනහම ඒ පිඟාන ගමු. නෝ ප්‍රොබ්ලම්" වසන්ත එහෙම කිව්ව.
ඉතිං ඔන්න පස් දෙනෙක් කනව . අපි තුන් දෙනෙක් එතකල් දුමක් එහෙම ගහගෙන හිටිය පැත්තකට වෙලා.
ඔන්න අසිත කාල ඉවර වුනා. "මචං සරතා උඹ කාපං එහෙනං ඒ පිඟානෙ. උඹ දුර යන්ටත් තියනවනෙ." මම කිව්ව. සරතා අර මම කිව්වෙ කිලෝ මීටර් හතළිහක් වගෙ දුර ඉන්නවය කියල. එයිං එකෙක්.
" කෝ දීපංකො එහෙනං පිඟාන" සරතා නැඟිට්ට.
"ඉඳහං බං මම පිඟාන හෝදල දෙන්නං" අසිත පිඟානත් අරගෙන කුස්සියට යන්ට ලෑස්තිවුනා.
"පිස්සුද බං මෙන්න මෙහෙ දීපං මම ඕකට බෙදාගෙන කන්නං" සරතා අසිතයගෙන් පිඟාන ගන්ට හැදුවා.
"බෑ..බෑ...බං මේකෙ මේ ඉඳුලුත් එක්ක."
"නෑ..නෑ..එව්ව මොනවද බං..මෙන්න මෙහෙ දීහං" සරතා අසිතයගෙන් බලෙන්ම පිඟාන අරගෙන අර ඉඳුල් උඩටම බත් බෙදාගත්ත.
මගේ ඇස් ලොකුවුනා."ඒයි බං මොන ජරා වැඩක් ද ඕක? අනුංගෙ ඉඳුල් උඩට බත් දාගෙන කන්නෙ?"
"ආය මට ඔව්වයෙ ගානක් නෑ බං…"
"මේ සරතා උඹ මට බොරුනේද කිව්වෙ?" පොල්කටු හැන්දෙන් අලහොද්ද බෙදාගන්න සරතගෙන් මම ඇහුව.
"ඈ?....මොකක්ද මම කියාපු බොරුව?" ඌ මා දිහාට හැරිල ඇහුව.
"උඹ මට දවසක් කිව්වනෙ උඹ කැම්පස් ගිහිල්ල නෑ කියල. "
"නෑ තමයි බං..ආය මොකටද බොරු කියන්නෙ?...මට කැම්පස් යන්ට වුනේ නෑ. "
"එතකොට ඔහොම කැත නැතුව ඉඳුල් පිඟංවල බත් දාගෙන කන්ට පුරුදුවුනේ කොහෙන්ද? "
"මම මෙහෙම පුරුදු වුනේ බං හිච්චි එකා කාලෙමයි. අපෙ පවුලෙ කොල්ලො කෙල්ලොම අටක්. අනික තාත්තා කලේ කුලී වැඩ.ඉතිං ඔය හැමෝටම එක පාර බත් බෙදන්ට ගෙදර පිඟන් තිබ්බෙ නෑ. මම පවුලෙ වැඩිමලා. ඉතිං අම්මයි මායි ලොකු නංගියි කරන්නෙ පොඩි එවුං කාල ඉවර උනහම ඒ ඉඳුල් පිඟානටම බත් බෙදාගෙන කනව."
"ඒක වෙන්ට බෑ බං..නෑ..නෑ..කොහෙත්ම වෙන්ට බෑ.."
"මොකද්ද? මොකද්ද වෙන්ට බැරි?" සරතයට ඔන්න තද වුනාද කොහෙද? පිඟානත් පැත්තක තියල මා දිහාට හැරුන.
"හරි හරි කලබල වෙන්ට එපා..මම මේ කිව්වෙ ඉඳුල් පිඟානටම බත් දාල කන එක ගැන. එහෙම අති ශ්‍රේෂ්ඨ සමානාත්මතාවයක් ගෙදරදි පුරුදු උනාය කියල මට විස්වාස කරන්ට අමාරුයි."
"එතකොට කොහෙදිද එහෙම දේවල් පුරුදු වෙන්නෙ?"
"එහෙම ඉතාම උසස් මානුෂික අති ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම පුරුදු වෙන්ට තියෙන්නෙ එකම තැනයි" මම කෑගහල කිව්ව.ඔක්කොමල කන එකත් නවත්තල මගේදිහාට හැරිල දැං කටවලුත් ඇරගෙන බලා ඉන්නව.
"පපර පපර පපර පෑං පෑං පෑං ....ඔව්..ඒ එකම තැන නම් ශ්‍රී ලංකාවේ විස්ව විද්‍යාලවල රැග් එකේදී පමණයි. වෙන කොහේවත් එහෙම බෑ. ඒකයි සරතා මම කිව්වෙ මට උඹේ කතාව විස්වාස කරන්ට බෑ කියල. ඇත්ත කියපං..හොඳට මතක් කරපං..බොට සමහරවිට අමතක වෙලා තිබ්බට උඹ ඇත්තටම කැම්පස් ගිය එකෙක් වෙන්න ඇති"
"පිස්සුද බං..මේ මඟුලක් කතා කරනව. ඒ වගෙ අපායකට ගියා නං එහෙමත් අමතක වෙනවද? ඒක නෙවෙයි කවුද දැං ඔය ඒ වගෙ සමානත්මතාව ඉගෙන ගන්ට පුලුවන් රැග් එකෙං විතරක්මය කියල කියන පොර?"
"හප්පා එතුමා බොහොම උගතෙක්, බුද්ධිමතෙක්. වැස්සට කැම්පස් ගිය කෙනෙක් එහෙම නෙවෙයි ඔන්න. වහින්ඩ ඉස්සෙල්ලම කැම්පස් ගිහිල්ල එහෙදිම නාගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් කියපු දෙයක් කොහොමවත් බොරු වෙන්ට බෑනෙ ඒකයි මට තාම උඹේ කතාව විස්වාස නැත්තෙ.."
"අනේ මෙහ්..මගෙං මොකවත් අහගන්නෙ නැතුව හිටහං…" සරත මං දිහා රවාගෙන කිව්ව.
"ඉතිං තව මොනවද එතුමා කියල තියෙන්නෙ?" එහෙම ඇහුවෙ වසන්තය.
"ආ..දැං ඔය කොල්ලො කොලු කමට අනික් එවුංගෙ සරං කඩනවනෙ …"
"ඉතිං? "
"ඉතිං එහෙම වෙලාවට රැග් එක කාල පලපුරුදු එකෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම සරම කඩපු එකාට පිහියෙං අනිනවලු."
"මොන විකාරද බං? මගෙ රූම් එකේ අනික් එකා කේරල බුවෙක්. මම මේ ඊයෙත් ජෝක් එකට උගෙ සරම කැඩුව.."
"නෑහ්හ්හ්?..." මගෙ ඇස් ගෙඩි දෙක ලොකු වුනේ රැග් එකේ දි සුහදව අඳුනාගන්ටය කියල සින්නොද මක්කුන්ද කියන යමපල්ලො නවකයෙක්ගෙ ඔලුව කකුස්සි පෝච්චියට එබුවම ඒ අහිංසකයගෙ ඇස් ගෙඩි දොඹ ගෙඩි සයිස් වෙනව වගෙ.
"කෝ ඉඳහං බලන්ට..ඔය ෂර්ට් එක ගලවපං.." මම වසන්තයට කිව්ව.
"ඒ මොකටද? "
" ගලවපංකො කියන්ට.."
වසන්තය "මොකටද බං?...මොකටද බං?" කිය කිය ෂර්ට් එක ගැලෙව්ව.
මම උගෙ වටේට ගිහිල්ල හොඳට පරීක්සා කරල බැලුව. "අඩේ නෑනෙ.."
"මොනවද යකෝ නැත්තෙ?" වසන්තය ඇහුව ෂර්ට් එක ආපහු අඳින ගමං.
"මම මේ බැලුවෙ උඹේ බඩේ හරි පිටේ හරි පිහි පාරක් තියනවද කියල..ඒත් නෑනෙ එකක්වත්.."
"මොකක්ද ඒ පිහි පාරෙ කතාව?" තව එකෙක් ඇහුව.
"නෑ..ඔහොම සරම කැඩුවම රැග කාල නැති එකෙක් නම් අනිවාර්යයෙන්ම පිහියකිං අනින්ට ඕන. ඒත් මුගේ ඇඟේ නෑනෙ එක පිහි පාරක්වත්."
"කේරළය මුගෙ පුකටවත් පිහියෙන් ඇන්නද දන්නෙ නෑ." එකෙක් එහෙම කියල බක බක ගාල හිනා වුනා.
"ඇන්නා පුකට නෙවෙයි උඹෙ…" වසන්තය ඌ දිහා රවාගෙන කිව්ව.
"නෑ ඒක වෙන්න බෑ....." මම අත් දෙක පපුවෙ බැඳගෙන කල්පනා කලා. "එහෙම පුකට පිහියෙං අනිනව නං අර බුද්ධිමත් මහත්තය එහෙම කියනව. එහෙම කියල තිබ්බෙ නෑ. ඒ හින්ද එහෙම වෙන්න බෑ......හරිනෙ.." මට එක පාරට කෑගැස්සුනා.."දැන්නෙ මට වැඩේ තේරුණෙ. උඹේ ඔය රූමා කේරළය අනිවා ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගත්ත පොරක්. එහෙදි රැගත් කාල අංගජාත ප්‍රදර්ශණ ක්‍රියාවලියටත් සහබාගි වෙලා පලපුරුදු පොරක්. ඒකයි මචං උඹට පිහියෙං ඇන්නෙ නැත්තෙ. ආය ඒකෙ දෙකක් නෑ බඩු ෂුවර්."
"පිස්සුද බං? ඌ එහෙම ලංකාවෙ ඉගෙන ගත්තු එකෙක්නං මට කියනවනෙ…"
"නෑ..නෑ..එහෙමම තමයි වෙලා ඇත්තෙ. මම මේ කියන මහත්තයට කොහොමත් වරදින්ට බෑ. සමහරවිට කේරල බුවාට උඹට කියන්ට අමතක වෙන්ට ඇති. නැත්තං ඌ කියන්ට ඇති. ඌ කිව්වයි කියල උඹට අමතක ඇති. "
"තොට පිස්සුද XXXXX?... මට එහෙම අමතක වෙන්ට මොකෝ මම දුමින්ද සිල්වද? අනික ඌ මගෙ ගජ යාලුව. ඌ මට නොකිය ඉන්නෙ නෑ කොහොමවත් ඔහොම එකක්. "
"නෑ..බං අපි හරියටම දන්නෙ නෑනෙ..මම කියන්ටද? උඹ ගනිං ඌට කෝල් එකක්..අරගෙන අහපං ලංකාවෙ කැම්පස් එකෙක ඉගෙන ගත්ත නේද කියල"
"උඹෙ ඔලුව නරක් වෙලාද? ඌ හිතයි මට පිස්සුය කියල.."
"අනේ බං මම කියනවට කෝල් එකක් ගනිං..හරි හරි මෙන්න මගෙ ෆෝන් එක.මේකෙං ගනිං.."
"ආය මට උඹේ ෆෝන් එක ඕන නෑ...මට බය මූ මට පිස්සුය කියල හිතල ගෙවල් අයිතිකාරයට කියල මාව කාමරෙනුත් දොට්ට දායිද කියල..ඔය හරියෙ ඒ ගාණට කාමරයක් හොයාගන්න එක ලේසි නෑ…." වසන්තය අඬන්නෙ නැති එක විතරයි.
"හරි හරි නාඬ ඉඳිං..ඌ උඹව එලවල දැම්මොත් උඹ මෙහෙ ඇවිල්ල නතර වෙයංකො. හරි දැං ගනිංකො කෝල් එක.."
වසන්තයට හින්දිත් පුලුවන් ටික ටික...ඌ ගත්ත අරූට කෝල් එක. "නමස්තේ ජායි කීහේ මෙරේ බින්ද ගීහේ ජෝකිම්"
ජෝකිම් කියන්නෙ කේරලයගෙ නම. ඔය කේරල්ලු බාගෙට බාගයක් කතෝලික. ඒ හින්ද උංගෙ නං උනත් ඒ ආබාසෙටයි යන්නෙ. ජෝන් තෝමස්, කිෂූ ජෝර්ජ්, මැතිව් ජෝසප් ඔන්න ඔය වගෙ.
"නහී, නහී, නහී, එක්ස්ට්‍රීම්ලි සොරී ජෝකිම්…" වසන්තය මූනත් බෙරිකරගෙන ෆෝන් එක තිබ්බ…. "ඌ බැන්න බං මට පස් පඩංගුවෙ මොන පිස්සු කියවනවද කියල.."
"හරි හරි ඒක අමතක කරපං දැං ඌ මොනවද කිව්වෙ? ඕක පේරාදෙණියෙ ඉගෙන ගෙන තියනව නේද? මම හිතන්නෙ මේ අනූවෙ වගෙ කාලෙ. "
"පිස්සුද බං? ඌ ඉගෙන ගත්තු පේරාදෙණියක් නෑ. උඹටනම් පිස්සු.. "
"ඈ?.... එහෙමද? කොහොමද බං එහෙම වෙන්නෙ? අපේ අර වධක ප්‍රවර්ධක මහත්මයා එහෙම බොරු කියන මනුස්සයෙක් නෙවෙයි. මට හිතාගන්නත් බෑ බං…" මම එහෙම කිව්වෙ ඔලු ගෙඩියත් හොල්ල හොල්ල. ඇත්තම කියනවනං මට මේක හිතාගන්නවත් බෑම තමයි.
ටිකකට පස්සෙ සරතා වසන්තය එහෙම GN & BS කියල යන්ට පිටත් වුනා. මමත් උං එක්කලා පල්ලෙහා කා පාක් එකටම ගියා. උං යන්ට පිටත් වෙනකොටත් මම ජනේලෙං ඔලුව දාල සරතට කිව්වෙ "අනේ මචං හෙට උදේ නිවී සැනසිල්ලෙ කල්පනා කරල බලපං බැරිවෙලාවත් උඹ කැම්පස් ගියාද කියල.මොකද අර වැස්සට කලින් කැම්පස් ගිය මහත්තයට වරදින්ට බෑ. ඒ හින්ද මොකක් හරි මතක් උනොත් මට වහාම කෝල් එකක් දීපං හොඳේ.."
"අනේ උඹෙ XXXXX " එහෙම කියල වමතෙ මහපට ඇඟිල්ලයි දබරැඟිල්ලයි රවුමක් හැදෙන්ට එකට ගාවල දකුණතේ දබරැඟිල්ලත් යොදාගෙන මොකක්දෝ සංඥාවක් කරගෙනම උං යන්ට ගියා.
ඔන්න හොඳක් කරන්ට ගිහිල්ල මට වෙන වැඩ ඔව්ව තමයි.
ඉස්සර අපි පොඩි කාලෙ පාඩම් පොත්වල කතාවක් අන්තිමට තිබ්බ ඒ කතාවෙන් ලබාගත හැකි පාඩම ගැන ලියවුනු සාරාංශයක් වගෙ එකක්.මෙන්න මේ වගෙ,
ආදර්ශය - නුවණැත්තා සියලු බාධා ජය ගනියි..
ඒ වගෙ මේ කතාවෙන් ගත හැකි ආදර්ශය මම හිතන විදිහට මෙහෙමයි.
ආදර්ශය - වැස්සට පෙර කැම්පස් යාමෙන් සිසු සිසුවියන්ට ඉඳුල් පිඟන්වල බත් කෑමට සහ එකිනෙකාගේ අංගජාතයන්ගේ දිග පළල දැක ගැනීමට හැකිවේ. අංගජාත ප්‍රදර්ශනයේ ආනුභාවයෙන් ජීවිතයේ ඉදිරි දිනක කිසිවකු හදිසියේ සරම කැඩුවොත් ඒ කැඩූ එකාට පිහියෙන් ඇනීමෙන් වැලකිය හැක.
වැස්සට කලිං කැම්පස් ගිය හින්දනෙ ඉතිං ඔය ටිකවත් ඉගෙන ගත්තෙ ....නැද්ද?... වෙන මොනව නැතත් ඒත් මදැයි එක අතකට බලාගෙන යනකොට...හෙහ්..හෙහ්…