වැලිකන්ද නගරය - Explorelanka.lk |
ඒ 1991 අවුරුද්දෙ මැද. හරියටම කිව්වොත් මැයි මාසෙ 18, 20 වගෙ දවසක මම හදිසි නිවාඩුවක් අරගෙන ගෙදර ආව. ඒ වෙනකොට අපේ ගෙදරට ලයිට් තිබ්බෙ නෑ. ආ..ඒක කියන්න බැරිවුනානෙ. එතකොට මම හිටියෙ අපේ මහ ගෙදර.බැඳල කරල එහෙමත් නෑ.
ඉතිං එහෙම හදිස්සියෙ ගෙදර ආවෙ අම්ම හැකි ඉක්මනින් ගෙදර එන්ට කියල පණිවිඩයක් එවල තිබුනු හින්ද. ඒ දවස්වල මම ඉන්න දිහාට ඒ කිව්වෙ වැලිකන්දට හදිසි පණිවිඩයක් එවනව කියන එක තනිකරම මීඩියම් ස්කේල් ප්‍රොජෙක්ට් එකක්.
ඒ දවස්වල අපේ ගෙදරට ටෙලිෆෝන් නෑ. ලයිටුත් නෑ කිව්වම ඉතිං ටෙලිෆෝන් නෑ කියල කියන්ටත් දෙයක්ය නේද? ඒ අහල ගං ගතකට ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරයි.අපේ ගෙදරට පේන තෙක් මානෙට ලයිට් ඇවිල්ල නැවතිල තිබ්බ. පුදුම වැඩේ කියන්නෙ තත්වෙ ඔය විදිහට උනාට අපේ ගෙවල් තිබ්බ හරියට කොළඹ-නුවර පාරෙ ඒ කියන්නෙ ලංකාවෙ ප්‍රධාන A -1 මාර්ගයේ ඉඳල තියන දුර මැන්නොත් ඕනනම් කිලෝ මීටරයක් ඇති. ඊට අඩු මිසක වැඩි නම් නෑ.
එහෙම වෙන්ඩ ඒ කිව්වෙ අපේ පැත්තට ලයිට්, ටෙලිෆෝන් නොලැබෙන්ට හේතුවක් තියනව කියලයි ගමේ වැඩිහිටියො නම් කිව්වෙ. හේතුව තමයි ඒ පළාතම ශ්‍රී ලංකා කියල හංවඩු ගැහිල තිබ්බ එක. අපේ ආසනය යටිනුවර. 77 ට ඉස්සර කොබ්බෑකඩුව මහත්තයගෙ සීට් එක.
ඉතිං ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පටන් ගත්තම පිහා කැති පණ පොවන ඩිංගිරාගෙ කම්මලේ පිල් කණ්ඩිය උඩ වකුටුවෙලා ඉන්න දුඹුරුපාට බැලි කික්කි පොහොරි දක්වා ගම්වාසී සියලු මිනිසුන් සහ සතුන් බෙල්ලට කඩු කොටයක් තියල තර්ජනය කලත් තාමත් චන්දෙ දෙන්නෙ අතට, පුටුවට හෝ ඊටත් පස්සෙං පහු නං බුලත් කොළේට කියලයි ඒ දවස්වල රට කරවපු අර තිරිසනාගෙ පක්සෙ උදවිය හිතාගෙන හිටියෙ.
ඉතිං ඒ දේසපාලන තක්සේරුවෙ ප්‍රතිපලේ වුනේ කොළඹ-නුවර පාරෙන් එහා පැත්තෙ තිබ්බ උඩුනුවර ආසනේ පුවක් ගස්වල හිටං ඉන්සියුලේටර් කොහු ළණු වලිනුත් එක්ක ගැටගහල ගස් දෙබල් උඩ පොඩි එව්වො සෙල්ලං කරන්ට හදාගෙන තිබිච්චි සෙල්ලංගෙවල් වලටයි ගෙවල් ඉස්සරහ අටවල තිබ්බ පරෙයි කූඩු වලටයි හිටං ලයිට් දෙද්දි පාරෙං මෙහා පැත්තෙ අපේ ගෙවල් වල පොඩි එවුං පාඩං කලේ චිමිනි ලාම්පුවල එළියෙං.
ඉතිං අපේ ගමේ ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරක් වෙනකොට වැලිකන්දෙ ටෙලිෆෝන් එකක් තිබ්බෙ මේන් ඔෆිස් එකේ විතරයි. ඒකෙත් ටෙලිෆෝන් එක තිබ්බෙ ලොක්කගෙ කාමරේට මෙහා කාමරේ ලොක් එකක් එහෙම දාල. ඉන්කමිං ඔන්ලි. මම හිතන්නෙ එහෙම නැතුවත් බෑ.ඒ කාලෙ මොබයිල් එහෙම ආපු අලුත වගෙ. අපි හිටපු අහල ගං හතකටවත් සිගනෑල් එහෙම නෑ. ඒ හින්ද මොබයිල් වලිං කිසිම වැඩක් නෑ.අර මොබයිල් ෆෝන්ස් ඔක්කෝටම සෙල්ටෙල් කියපු යුගය ගැන මම මේ කියන්නෙ.
සෙල්ටෙල් කිව්වෙ ලංකාවෙ මුල්ම මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කාලෙ ඕනම මොබයිල් ෆෝන් එකකට කිව්වෙ සෙල්ටෙල් එකක් කියල. "අපෙ අයිය ගෙනාව රට ඉඳල එනකොට මෝටරොලා සෙල්ටෙල් එකක්" " සෙල්ටෙල් වලින් හොඳම ජාතිය මම හිතන්නෙ නොකියා" ..අන්න එහෙමනෙ කියන්නෙ. අර කියන්නෙ මට නම් හොඳම බාටා ජාතිය ඩී.එස්.අයි.කියල. අන්න ඒ වගේ.
ඉතිං හදිසි පණිවිඩයක් එහෙම දෙනවනම් ක්‍රියා පටිපාටිය මෙහෙමයි. පන්සලට ඇවිල්ල ඔෆිස් එකට කතාකරල එතන ඉන්න ටෙලිෆෝන් ඔපරේටර්ට කියන්න ඕන අහවලාට කියන්න ගෙදරට කතාකරන්නය කියල. ඉතිං ඒ මනුස්සය අපේ නම ගම ආගම ඉපදුනු දාතම එහෙම අහගෙන කොලේක ලියල කවුරුහරි අපේ ඩෝමිටරි එක පැත්තෙ එන කෙනෙක් අතේ පණිවිඩේ එවනව. ඒ එන මනුස්සය එන වෙලාවට බොහෝවිට ඩෝමිටරි එකේ කවුරුවත්ම නෑ. බොහෝ වෙලාවට ඉන්නෙ උයන්ට ඉන්න ගෝලය විතරයි. ඉතිං වෙන මක් කරන්නද? මිනිහට ඔය කොළ කෑල්ල දීල යනව.
ඒ මනුස්සය ඕක එක්කො පරිප්පු බෝතලේ යටිං තියනව. නැත්තං සූදුරු මුලට යට කරනව. දවල් කෑමට අපි ආහම මනුස්සයට ඔය පණිවිඩේ මතක් උනොත් හොඳයි. නැත්තං ඒක එච්චරම තමයි. ඉතිං පණිවිඩේ ලැබුනොත් ඊලඟට කරන්නෙ හවස වැඩ ඇරිල එනගමන් ටවුමෙන් බහිනව. ඒ වෙනකොට ඔය කොමියුනිකේෂන් කියන එව්ව එක දෙක පටන් ගන්න කාලෙ.කොමියුනිකේෂන් කිව්වට එව්වයෙ හාල් සිල්ලර වෙළඳාමත් කෙරුනා. කඩේ මුල්ලක පොඩි ඇලුමිනියම් පෙට්ටියක් වගෙ ගහල තිබ්බ යන්තමට හිටගෙන ඉන්ට විතරක් පුලුවන් සයිස් එකට. ඒකෙ තමයි ටෙලිෆෝන් එක තිබ්බෙ. එතනට යන්ට හාල්, සීනි, පරිප්පු ගෝණි උඩිං පැනගෙන යන්ට ඕන.
ගිහිල්ල ටෙලිපෝන් කූඩුව ඇතුලෙ ගොඩගහල තියෙන මුංඇට ගෝනි දෙකයි කඩල ගෝනියයි උස්සල එළියෙන් තියල පන්සලේ නොම්මරේ ඩයල් කරනව. ඔන්න එහා පැත්තෙං බොහෝවිට කතා කරන්නෙ පොඩි හාමුදුරු නමක්.
"හලෝඕඕඕඕ.." ඇදල පැදල පිරිත් කියල පුරුදුවෙලාද මන්ද මම දන්න බහුතරයක් හාමුදුරුවරු හලෝ කියන්නෙ බොහොම ඇදල පැදල.
"හලෝ මම මේ කතාකරන්නෙ අර වෙළ උඩහ ගෙදරට පණිවිඩයක් යවන්ට පුලුවන්ද කියල බලන්ට. කවුද ඔය කතාකරන්නෙ කියල කියන්ට පුලුවන්ද කරුණාකරල? පොඩි හමුදුරුවොද?"
"නෑ..මම ..මේ සුදත්ත.."
කවුරුහරි පන්සලේ නැවතිලා ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් වෙන්ට ඇති. පිරිවෙනකුත් තියන හින්ද කොහොමත් ඔය පන්සලේ හාමුදුරුවරු දහ දොළොස් නමක් වරදින්නෙම නෑ.
"හාමුදුරුවනේ මම මේ වැලිකන්දෙ ඉඳල කතා කරන්නෙ අපෙ ගෙදරට පණිවිඩයක් යවන්න පුලුවන් වෙයිද අම්මට හරි අප්පච්චිට හරි පන්සලට එන්න කියල. මම තව පැය බාගෙකින් වගෙ ආපහු කතා කරන්නං.."
"හොඳයි මම පණිවිඩයක් යවන්නං.."
පන්සලේ ඉඳල අපෙ ගෙදරට ඒ හැටි දුරක් නෑ. හරියටම මීටර් හාරසීයයි තියෙන්න. කොහොමද දන්නවද මම දන්නෙ? එක පාරක් පන්සලේ තිබ්බ අවුරුදු උත්සවේක මීටර් හාරසීය ධාවන තරඟය පටන් ගත්තෙ පන්සලේ ගේට්ටුව ඉස්සරහිං. මීටර් හාරසීයෙ අවසාන වෙන කහ ඉර පාර හරහ ඇඳල තිබ්බෙ හරියටම අපේ ගෙදර ඉස්සර.
අනික ඒ වෙනකොට අපෙ අප්පච්චි පන්සලේ දායක සභාවෙ ලේකම් විදිහට වැඩ කලා. ඒ හින්ද කොහොමත් පණිවිඩේ අනිවාර්යයෙන් යවනව පොඩි හාමුදුරුකෙනෙක් අතේ හරි. ඉතිං කිව්වත් වගෙ විනාඩි හතළිහකට වගෙ පස්සෙ ජයන්ති හෝටලෙන් ටිංකිරි ටී එකක් ගහල ගෝල් ලීප් උගුරකුත් ඇදල ආපහු කූඩුව අස්සට ගිහිල්ල පන්සලට කතා කරනකොට අම්ම ඇවිල්ල හිටිය. දෙවෙනි පාර එනකොට මුං ඇට කඩල ගෝනි එළියට දාන්ට වුනේ නෑ..
"මුදලාලි මේ ගෝනි ආය ටෙලිපෝං කූඩුව ඇතුලට දාන්ට එහෙම එපා දැම්මම. මම ආපිට එනව ආයෙ කෝල් එකක් ගන්ට" මම යද්දි මුදලාලිට එහෙම දැනුම් දීමක් කරලයි ගියේ.
ආයෙම පන්සලට කතා කරනකොට අම්ම ඇවිල්ල හිටිය.
"ආ..අම්මෙ..කෝ අප්පච්චි?" මම එහෙම ඇහුවෙ වෙනද ඔහොම පණිවිඩ වලට එන්නෙ අප්පච්චි හින්ද…
"අප්පච්චි හදිස්සියෙ කොළඹ ගියා පුතා..අර පෙන්ෂන් එකේ මොකක්ද වැඩකට..." අප්පච්චි විශ්‍රාම අරගෙන ඒ වෙනකොට අවුරුදු තුනක් වගෙ ගතවෙල තිබ්බට පෙන්ෂන් එක හරියටම හැදිල තිබ්බෙ නෑ ඒ වෙනකොටත්.
"ආ..එහෙමද? මොකද මේ හදිස්සියෙ මට කෝල්කලේ? මොකක් හරි කරදරයක්ද?"
"ආ...නෑ...නෑ..එහෙමට කරදරයක් නෑ..පුතාට බැරිද මේ වීක් එන්ඩ් එකේ දවස් දෙකක් වගෙ නිවාඩු දාල ගෙදර එන්ට? "
"ඉතිං කරදරයක් නැත්තං මොකටද නිවාඩු දාල ගෙදර එන්නෙ?"
"නෑ මේ..අර අපි ගෙදරට ලයිට් ගන්ට සල්ලි බැන්දනෙ."
"ඔව්..ඔව්..මමනෙ ගිය මාසෙ ආ වෙලාවෙ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගිහිල්ල සල්ලි ගෙව්වෙ…"
"ඔව් පුතා".....අම්මගෙ කටහඬ කොඳුරන මට්ටමට වොලියුම් අඩුවුනා. පන්සලේ ටෙලිෆෝන් එක කිට්ටුව තව කවුරුහරි ඇති. "මේ...අර අහල පහල අය දැං සල්ලි දෙන්ට බෑ කියනවනෙ"
"නැහ්??? හෙහ්,හෙහ්...ඒකත් නරකම නෑ..ඕකෙ වැඩේ මේකනෙ අම්ම ඔය කරන්ට් සප්ලයි එක ගත්තම මාස හයයි අපිට අයිතිය තියෙන්නෙ. ඊට පස්සෙ ඕන කෙනෙකුට ඒකෙන් ගෙවල් වලට ලයිට් ගත්තෑකි. ඒ මිනිස්සු දන්නව ඒක. ඒකයි ඔය මඟාරින්ට හදන්නෙ"
"හුහ්..එහෙම කොහොමද?"
"හරි හරි දැං මට මොකක්ද කියන්නෙ?"
"පුතා ඇවිල්ල සී.ඊ.බී. එකට ගිහිල්ල කියන්න අනික් අය සල්ලි දෙන්නෙ නෑ ඒ හින්ද අපිටත් කරන්ට් ඕන නෑ කියල"
"කොහොම වුනත් අපිටම තමයි අම්ම ඕක කරන්න වෙන්නෙ..හරි හරි මම එහෙනං ඉරිද උදේම එන්නංකො. දවස් දෙකක්වත් නිවාඩු දාල. ඇවිල්ල ඕක ගැන කතා කරමු." එහෙම කියල මම ටෙලිෆෝන් එක තිබ්බ.
ඔතන වුනේ මේකයි. අන්තිමට ලයිට් ඇවිල්ල නැවතුනු තැන ඉඳල කණු හයක් හිටවන්න ඕන අපිට ලයිට් ගන්න. අම්ම ලෑස්තිවුනේ ඒ පාර දෙපැත්තෙ ඉන්න අය ඔක්කොමල එකතු කරගෙන වියදම සමව බෙදාගෙන වැඩේ කරන්න. මූලික තැන්පතුව අපි ගෙව්ව. හැමෝම මුලින් කැමතිවෙලා හිටිය වැඩේට. සී.ඊ.බී. පෝරම කොලෙත් අත්සන් කලා. ඒත් පස්සෙ පස්සෙ එක එක්කෙනා පස්ස ගහල වැඩෙන් මඟ ඇරිය.
එතන වෙන්න ඇත්තෙ මේකයි. දැන් අපි වියදම් කරල අපේ ගෙදරට ලයිට් ගත්තයි කියමුකො. මාස හයක් යනකල් ඒ ලයින් එකෙන් වෙන කාටවත් ලයිට් දෙන්න බෑ.ඒත් මාස හයෙන් පස්සෙ අයිතිය ආපහු සී.ඊ.බී.එකට යනව. ඊට පස්සෙ එයාලට ඕන කෙනෙකුට ඒකෙං ලයිට් දෙන්න පුලුවනි. කිසිම තේරුමක් ඇති නීතියක් නෙවෙයි. මම දන්නෙ නෑ තාමත් එහෙමද කියල. ඒත් ඔය කියන කාලෙ ඒ කියන්නෙ අවුරුදු විසිපහකට වගෙ උඩදි නම් එහෙම තමයි.
පස්සෙ කිව්ව විදිහට මම ගෙදර ගියා. මම අනන්ත කිව්ව අම්මට කොහොමත් ඔය සල්ලි අපිටමයි ගෙවන්න වෙන්නෙ ඒ හින්ද ඕක ගෙවල ලයිට් ගමුය කියල.
"ඒත් පුතේ..මේ අහල පහල එවුං ඔක්කොම මාස හයකට පස්සෙ නිකම්ම ඉඳල ලයිට් ගනියිනෙ අපේ සල්ලි වලින්"
"ඒක කොහොමත් එහෙම තමයි අම්මෙ..ඒක ආණ්ඩුවෙ නීතිය"
"මට ඔය සල්ලි ඔක්කොම දීල ලයිට් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඒත් මට මෙච්චර තරහ මේ මිනිස්සු කරපු වංචාව ගැන. කලින්ම බෑ අපිට සල්ලි නෑ කිව්වනං ඒක එකක්. මුං හිතලමයි මේ වැඩේ කලේ"
නෑ අම්මෙ එහෙම නෑ..කියල කියන්න මට පුලුවන් කමක් කොහොමවත් තිබ්බෙ නෑ. මොකද ඇත්තටම උනේ එහෙම තමයි කියල සක්සුදක්සේ පැහැදිලි හින්ද. අහල පහල මිනිස්සු බැලුවෙ මුලින් හා කියල අපි ලව්ව වැඩේට මුල පුරවල ඊට පස්සෙ බෑ කිව්වම අපි මුලු ගාණම ගෙවල ලයිට් ගනියිනෙ. ඊට පස්සෙ තව මාස හයක් චිමිනි ලාම්පු එළියෙන් ඉඳල ඉක්බිත්තෙන් සත පහක්වත් වියදම් නොකර ලයිට් ගන්නංකො කියල.
ඉතිං මම කොච්චර කිව්වත් අපි සල්ලි ඔක්කොම ගෙවල ලයිට් ගමුය කියල..මොන? අම්ම කැමති වුනේම නෑ.
"නෑ..නෑ..ඕන නෑ...අප්පච්චියි මායි විතරනෙ ගෙදර ඉන්නෙ..අපි දෙන්න ඔය මොනවහරි රත්කරගෙන කාල කලුවර වැටෙනකොට නිදාගන්න එකනෙ. ඒ හින්ද ආය මොකෝ ඔය ලයිට් කියන එක ඕනම එකක්ය..ඒ හින්ද ඕන නෑ..පුතා සී.ඊ.බී. එකට ගිහිල්ල කියන්ට කණු ගේන්ට එපා කියල. ඩිපොසිට් එක ඔහෙ තිබ්බාවෙ" අම්මා එකහෙලාම කියා හිටිය.
ඇත්තටම ඒ වෙනකොට අම්මයි, අප්පච්චියි විතරයි ගෙදර හිටියෙ. නංගිල දෙන්න කොළඹ, මම අරෙහෙ වැඩ. මම ගෙදර එන්නෙ මාසෙකට සැරයක්. නංගිලා සති දෙකට වගෙ සැරයක්.
කොහොම හරි අන්තිමට අම්ම කියපු විදිහටයි වැඩේ කෙරුනෙ. ඉතිං වෙනද ගෙදර ආහම මම නුවර පැත්තෙ රවුමක් දාල කාසල් එකෙං බියර් එකකුත් ගහල විජිත යාපා එකෙං පොත් දෙකතුනකුත් අරගෙන පත්තර කැටියකුත් කිහිලි ගහගෙන තමයි ගෙදර එන්නෙ. මෙදාපාර මේ පොයියංගමට හිරවුනු හින්ද අර සී.ඊ.බී. එකට ගිය ගමනක්ද දෙකක්ද ඇරෙන්න මම ගෙදරමයි හිටියෙ. ගෙදර රේඩියෝ එකත් කැඩිල. ප්‍රවෘත්තියක්වත් අහගන්ට තිබ්බෙ නෑ. ඉතිං නිවාඩු ඉවරවෙලා මම ආපහු වැඩටත් ගියාය කියමුකො....හොඳද?
*************************************
මේක මේ ඇත්තම කියනවානං මට කියන්ට ඕන වෙලා තිබ්බ කතාවට ප්‍රවේශයක්. අන්තිමට නොහිතූ විදිහට ප්‍රවේශය දීර්ඝ වෙච්චි. හෙහ්,හෙහ්...කොහොමද ආතල් එක? අන්තිමට සතාට වඩා වලිගෙ දිගයි කිව්ව වගෙ ප්‍රවේශයෙන්ම වැඩේ ඉවර කරන්ට වුනානෙ. හරි හරි ඒක එච්චර ගාණකට ගන්ට එපල්ල. ප්‍රධාන කථාව වහාම ලියල දාන්නං..ගෝඩ් ප්‍රොමිස්!
මේ මහත්තයා , ඒ ගමං ඔහේ තවත් දඟර වලිගයක් පටං ගත්තද? ඔය ගමං අපිට මෙතේ බුදුන් බුදුවෙනකං ඉන්න වෙනවා මෙව්වයෙ පැටලුම් ලිහාගන්න. අනේ අම්පා , ගනිල්ලා ඔය වැලි කොලයක් මයෙ කට උලාගන්න. චර බර චර බර
ReplyDeletesuranga,
Deleteදඟර වලිග ලප වානර.... ඔන්න ඔහොම මොකක්ද එකක් තිබ්බ නේද බං? උඹට මතකද?
ඒක කාටුන් ඒකක් දිග වලිගයක් තියන ලප ියෙන එකෙක් හිටියේ අපේ කාලේ එකක් නෙමෙයි මැතකාලේ කාටුන් එකක් නමත් ඔය නමමද කොහෙද නේද
Deletehttps://www.youtube.com/watch?v=hQaiKrHmXpY
Delete'දඟර වලිග ලප වානර' නමත් මං අහලා තිබුණා. ඒකෙම තව වර්ශන් එකක් වෙන්න ඇති මට මතකයි පොඩි එකෙක් ළමා වැඩසටහන් ගැන ඇඩ් එකක මූන හැඩ කර කර කියනවා 'දුනු වලිගා - වඳුරු රජා' කියලා. ඒ අයි. ටී. එන්. එකේද කොහෙද.
Deleteඅටම්,
Deleteස්තූතියි...:)
ප්‍රසන්න,
Deleteබොහොම ස්තූතියි මල්ලි ලින්ක් එකට. ජෙප්පො කියන්නා වගේ දැන් හරි පැහැදිලියි...:)
සිත්තමී,
Deleteදඟර වලිග හිටියෙ මම හිතන්නෙ ඔයාලගෙ කාලෙටත් පස්සෙ..අර ගිරි මැදුර (Flintstone's ) සහ කෝලිකුට්ටු සහෝදරයෝ කාටුන් තිබ්බෙ ඔයාලගෙ කාලෙද? ඊටත් පස්සෙද?
ඔව් ඔව්, ඒ කාටූන් ආවේ මම 'හැම කාටූන් එකම බලන කාලේ' පහු කළාට පස්සේ. ඉතින් නම අහලා තිබුණට ඒවා බලලා නෑ. කෝලිකුට්ටුලාත් එහෙමයි.
Deleteහැබැයි ගිරිපුර ඇත්තෝ ගැනනම් කතාව වෙනස්. මම පොඩි කාලේ Flintstones බලලා තිබ්බා. හඬකවපු එක එද්දි මම ඉස්කෝලේ ගිහිල්ලාත් ඉවරයි. වැඩටත් යන කාලෙද මන්දා. හැබැයි බලන්න චාන්ස් එකක් ලැබිච්ච ගමන් ඒකනම් නොවැරදීම බැලුවා. පිස්සු පූසාගේ කොලිටියටම තියෙන පරිවර්තනයක්, ඉස්තරම්ම හඬකැවීමක්. සූර පප්පලාත් වරදක් නෑ. හැබැයි අර තරම්ම හිතට ඇල්ලුවේ නෑ.
සෙක් විතරක්, දැන් කාටුන් බලන්න නෑනේ. දුකේ බෑ. මං ආසම කාටූන් එක කවුද බෝයි. එක මරු.
Deleteදඟර වලිග නෙමේ ඕක මුල් පද දෙක වෙන එකක්. ඔය බයිල එකක මුල් පද දෙක. මම මතක් කරල කියන්නම්.
Deleteමම පොඩි එකා හින්දා දන්නේ කුමාර තිරිමාදුරගේ මේ දඟර වානේ විතරයි.
DeleteHarima rasawath kathawak!Gam wala inna munissunge hati ehemamayi.Apooruwata liyala thiyanawa.Ithiri kotasath ikmanata danna.
ReplyDeleteSarath,
Deleteබොහොම ස්තූතියි සරත්, දෙවෙනි කොටස හැකි විගස දාන්නම්...:)
සෙල්ටෙල් එක.හැක් හැක්..ලොකු අතීතයක් මතක් වුනා එවචනෙට
ReplyDeleteකස්ස,
Delete89 වගෙ නේද ඉස්සෙල්ලම සෙල්ටෙල් ආවෙ?
මගේ බ්ලොගයේ අද ලිපිය සෙල්ටෙල් ගැනයි. හොඳ සමපාත වීමක්.
ReplyDeleteරසික,
Deleteමම කියෙව්ව..ඇත්තටම අසාමාන්‍ය අහඹු සිදුවීමක්...:)
//කොළඹ-නුවර පාරෙ ඒ කියන්නෙ ලංකාවෙ ප්‍රධාන A -1 මාර්ගයේ ඉඳල මැන්නොත් ඕනනම් කිලෝ මීටරයකට අඩු මිසක් වැඩි නම් නෑ.//
ReplyDeleteලයිට් නොතිබුණු නිසා ලයිට් කණු ගානෙන් දුර මනින්න විදිහක් තියෙන්න නැතුව ඇති.
කාලයක් කටවුට් ගානෙනුත් දුර මැන්න නේද?
DeleteEcono,
Delete/ ලයිට් නොතිබුණු නිසා ලයිට් කණු ගානෙන් දුර මනින්න විදිහක් තියෙන්න නැතුව ඇති. /
ඔව්, අපිට වුනේ අර දේශපාලනික හංවඩුව හින්ද අපිටම ගෙවල ලයිට් ගන්ට වුනා. අනික් පැතිවල රජයෙන් කණු දාල දුන්නා ප්‍රධාන පාර දිගේ. තමන්ගෙ ගෙදර පාරෙන් ඈතනම් ඒ අවශ්‍ය අතිරේක කණු ගානට පෞද්ගලිකව ගෙවන්න වුනා එච්චරයි.
තිස්සමහාරාමෙ පැත්තෙද කොහෙද දුර කියන්නෙ නොම්මර වලින්. නොම්මරයක් කියන්නෙ කිලෝමීටර් කණුවක්. " ඔතන ගිනිපෙට්ටි පාලමේ ඉඳල හරියටම නොම්මර පහක් වගෙ ඇති මයෙ හිතේ…."
/තිස්සමහාරාමෙ පැත්තෙද කොහෙද දුර කියන්නෙ නොම්මර වලින්. නොම්මරයක් කියන්නෙ කිලෝමීටර් කණුවක්. / හෑ! ඒ අර අශෝකා කියන ළමය හිටිය පැත්තේ නෙවේද?
Deleteඉස්සර මොබයිල් ෆෝන් කොයිකටත් කිව්වෙ සෙල්ටෙල්. හැම බීමටම ඔරෙන්ජං බාර්ලි කිව්ව වගේ.
ReplyDeletePVC ඹක්කොම එස්ලෝන් වගේ..
Deleteදැන් ඔය ඕනම වැකියුම් ක්ලීනර් එකකට හූවර් කියන්නේ. ඕනම ෆ්‍රයිඩ් රයිස් එකකට 'රයිස්' එකක් කියනවත් අහලා තියෙනවා.
Deleteමොනවද දවල්ට කෑවේ.......දවල්ට නියම රයිස් එකක් දාගත්තා.
කට්ට කෑලී නොවෙන ඕනම රබර් සෙරෙප්පුවක් බාටා තමයි.
අදටත් ඔහොම තමා , අපි කරනට් එකගන්ඩ කනු දෙකක් දාන්ට උනා , ඒ කනු දෙකටයි වයර් වලටයි සෑහෙන ගානක් ගෙවන්ට උනා , පස්සේ අහල පහල කෂ්ටිය කරන්ට් එක ගත්තා , කලින් එකතු වෙලා ගන්ඩ කතා කලහම කර ඇරියා
ReplyDeleteමං තාම වතුර ගත්තේ නැ , තව එක ගෙරක් තියනවා ඒකල ගත්තට පස්සේ මං ගන්නවා
අළුත් නීතිය කනුවක අයිතිය පැය විසි හතරයි , ඊලග සතියේ තව එකෙකුට දෙනවා
This comment has been removed by the author.
Deleteදැන් කණු කතන්දර නෑ දුර ප්‍රමාණෙට ගෙවන්නනේ තියෙන්නේ නේද?
Deleteමමත් ඉස් ඉස්සරෝම ගත්තේ 'නොකියා සෙල්ටෙල්' එකක්.
ReplyDeleteරවී, ඔය කාලේ වැලිකන්දේ තිබුනේ රේඩියෝ ටෙලිෆෝන් එකක් නේද? මට මතකයි ඇන්ටෙනා කණුවක් තිබුණා. 1985 මම වැලිකන්ද, පූනානි, කන්දකාඩු, වැඩ කරද්දී, ඔතනට ඇවිත්, අපේ උන්දැගේ ඉස්කෝලෙට කෝල් ගන්නවා.
මම ගෙදරට ටෙලිකොම් සබඳතාවක් ගත්තේ 1991 දී. ඒ කාලේ ආරක්ෂක අංශවල අයට ප්‍රමුඛත්වය මත දුන්නේ. මම දැන් පදිංචි ප්‍රදේශයට ආවම ඒ සම්බන්ධය මාරු කරගත්තා, මෙහාට. එතකොට මෙහෙ කාටවත් දුරකථන ලැබී තිබුනේ නැහැ, ඉල්ලුකම්ර සෑහෙන කලක් ගියත්. කුරුණෑගල ටෙලිකොම් එකේ සිට, ජනාධිපති දක්වා, පෙත්සම් ගොඩක් ගිහින් තිබුණා, ඊයේ පෙරේදා ආව මිනිහෙකුට, කණු හිටවලා, දුරකතනයක් දී තිබුණු බවට. (ටෙලිකොම් එකේම මගේ යාලුවෙක් කිව්වේ) මට සිදුවුනා, මේ අසරණ ජනතාවට කියාදෙන්න, මෙය අලුත් දුරකථන සබඳතාවක් නොව, එක තැනකින් තවතනකට මාරු කිරීමක් පමණයි කියා. ඇත්තෙන්ම මිනිස්සුන්ගේ ඔවැනි ලක්ෂණ කවදත් එකයි.
ඔය ෆෝන් එක RLL එකක් වෙන්න ඇති. මේ පැත්තෙත් සමහර තැන් වලට මේ මෑතක් වෙනකල් ඒව දීල තිබුණ. මෙහේ නම්බර් වෙනුවට ඒවට තිබුණෙ රත්නපුර එක්ස්චේන්ජ් එකේ නම්බර්.
Deleteනෑ WLL
Deleteමිනිස්සු ඔය වගේ වැඩ නම් කොහොමත් කරනවා.. අනුන්ගෙ පහණින් එලිය බැලීම..
ReplyDeleteඒ කොටස එහෙනම් ඉක්මනින් දාන්නකෝ...
එතකොට ප්‍රවිෂ්ටය මෙහෙමයි ඈ..... එතකොට කතාව කොහොම වෙයිද නෙහ් ? එක්කෝ ඉතින් ඕව එතරම් හිතන්න දේවල්ද වෙච්ච දේවල්වල හැටියට.. හි හි
ReplyDelete+++++++++++++++
Deleteනියර මෙහෙමනම්, කුඹුර කොහොමට ඇද්ද කිව්වලු නෙහ්
Deleteකතාව තව අවුරුදු දෙක තුනකිං කියවන්ඩ බැරියැ ..
ReplyDeleteප්‍රවේශය හරි ඉවර කරපු එකම මදැයි :)
ලයිට් කණු දැමීමයි ,පිනට ලයිට් ගන්ඩ බලාගෙන හිටපු එවුනුයි දේශපාලනෙයි ඔක්කොම තියනකොට මට මතක් උනේ, අත්තනගල්ලෙම කොටසක් වෙච්ච අපේ ගමට අත ලකුණින් කුඩම්මගෙ සැලකිලි දක්වල තියෙද්දි තිරිසනා ආව ගමන් අපේ තාත්ත කොහොම හරි ගමට ලයිට් වෑර් ටික ඇදල් දීල පාරවල් පටු තැන් වලට අපේ වතු උඩින් කම්බි ඇදල දුන්න , පසු කාලෙක අපේ ඉඩම් වලින්ම පාරවල් දුන්න ඒ ඉවර වෙනකොටම තිරිසනා පැරදිලා පුටුව ආව , අර ලයිට් ගත්ත මිනිස්සු පාරෙන් කම්බි ඇදල ලයිට් දෙනවට විරුද්ධ උනා ඒ මිනිස්සුන්ගෙ පක්ශෙ බලය තියන නිසා. (අ)සරණ කියන නියෝජ්‍ය ඇමටියගෙ මිනිස්සු. ආයෙත් පහුගිය ජනවාරි 8 වෙනිදයින් මාසෙකට විතර පස්සෙ විදුලි බල මණ්ඩලෙන් ඇවිත් පාරෙන් කණු දාල අපේ වතුවල තිබ්බ කම්බි ගැලෙවුව.
ReplyDeleteඔන්න ඔය වගේ හොද මිනිස්සු තමයි ගං වල ඉන්නෙ
ඔය වගේ ලයිට් සීන් එකක් අපේ වෙන ගෙදරකටත් උනා. ඒ ගෙට උඩිං තියෙන ගෙදර එවුවො අපි ලයිට් ගන්නකල් බලාගෙන හිටිය උංට ලයිට් ගන්න. පාරෙ තියෙන කණුවට දාන සපෝටර් කණුවත් එක්ක කණු දෙකකට ඇස්ටිමේට් කරල තිබ්බෙ. පස්සෙ CEB එකේ අපි අඳුනන එකෙකුට කියල එක කණුවකට විතරක් ගෙවල කනෙක්ෂන් ගත්ත. ඊට පස්සෙ අරුං ඇප්ලිකේෂන් දුන්නම උංගෙන් ආයෙ කණු දෙකටම සල්ලි අරගෙන.
ReplyDeleteප්‍රවේසය සාර්තකයි. දැන් ඉතිං අර ප්‍රවුර්තියක්වත් අහගන්ඩ නැතුව ගෙවිච්ච දවස් කීපයේ වෙලා තියෙන විසේස සිද්දිය මොකද්ද කියලා බලාගන්ඩ අපිට තව කී දොහක් ඉන්ඩ වෙයිද? :P
ReplyDeleteඅරෙහෙ අසෝකගෙ ගෙදර එක රවියෙක් දෙල්අටුකොස් කකා DD ගහන අතරෙ තව එකෙක් වැලිකන්දෙන් මතුවෙලා. දැං ඉතිං ලොකු අයියට DD බෝතල් දහයක් පාළොහක් කාමරේ අස්සෙන් අදින්න වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.
ReplyDeleteඹ්කට සිංහලෙන් කියන්නෙ මල්ටි ටාස්කින්
Deleteඅන්තිමට මල්ටි බාස්කටිං වෙලා නැවතුනේ නැතොත් මදැයි.
Deleteඅර මුං ඇට කඩල ගෝනි ටික තාම එළියෙද දන්නෑ.
ReplyDeleteසිංහලයගෙ කැත පැත්තක්......
ReplyDeleteඅපේ ගෙදරටත් ලයිට් ගන්න ගිහින් ඔය වගේ සිද්ධියක් වුණා මතකයි... හැබැයි අන්තිමට වැඩේ කෙරුණා... සන්ලයිට් කැල්ලත් ඔය සෙල්ටෙල්, බාටා වගේ එකක්නෙ...
ReplyDelete//අන්තිමට නොහිතූ විදිහට ප්‍රවේශය දීර්ඝ වෙච්චි// උඹටමනෙ බං ඕවා වෙන්නේ... :)
උඹේ හැකියාවන් වල පරාසය හරි වැඩියි. වචනයක් ගානෙ ඉන්ටරෙස්ටිං කථා ලියන්න පුළුවන් වගේම මේවගේ කිසිම වැදගැම්මකට නැති කථාත් ලියන්න පුළුවන් වීම අගය කල යුතු හැකියාවක්.
ReplyDeleteලයිට් වගේම තමා පාරවල්.. ගස්ලබ්බගෙ ගෙදරට ටවුමෙ ඉඳන් කිලෝමීටර් පහක් ඇති.ඒත් මේ ගමේ අම්බ ගොබ්බයො ඉන්නෙ...එකෙක් වත් පාර හදාගන්න උනන්දුවක් නෑ.. බැරිමතැන අම්මලා මුල් වෙලා බැසිල් මාක් දිරිය කාන්තා සමිතියක් අටෝගත්තා.එව්වයින් ඉල්ලීම් කලාම වැඩ කොරල දෙන්නම ඕනෙ ඒ කාලෙ.ඉතින් පාරට තාර ටික දා ගත්තා.ඒ ගමන් සමිතියෙන් අයින් උනා.තව පොඩි පාර කෑල්ලක් තියෙනවා එකෙක් වත් අත ගහන්නෑ.. වියදම් වෙනවට.ඒත් පාර හදාගන්නම ඕනෙ ගස්ලබ්බ වෙදගෙදර යන්න වාහනේට පටවන්නම ඕනෙ නිසා.ඒක දන්න නිසා එකෙක් වත් ආවෙ නෑ පාර ගොඩ දාන්න.මිනිස්සු කුලියට අරන් බඩු සල්ලි දීල දාලා පාර හැදනකොට මුන් කියනවා ඉක්මනට හදන්නලු.. යන්න අමාරුයි ලු.. ඔන්න හැටි..
ReplyDeleteජයවේවා..!!
//මේ ගමේ අම්බ ගොබ්බයො ඉන්නෙ...//
Deleteඋඹ කැමාලගෙ ගමේ නේද ? බලගෙන විචත් ඔය හරියෙම නේද ?
කැමාල අහ යන්න වැලේ එල්ලිලා පැද්දිලා එපැයි.. අනික කියන්න බෑ වෙඩිකන්න බයයි..
Deleteගස්ලබ්බ ඉන්නෙ ගමේ වාටියෙ.සිංහල මුස්ලිම් ගම් දෙක වෙන් කරන්නෙ අපේ ගෙවල් වලින්.. දෙපැත්තෙම පොදු වැඩකට එන්නෙ නැති ගොබ්බයො..
දැං කතාව කියන්නෙ කවද්දෑ...
ReplyDeleteඅපිටත් කරන්ට් එක සම්බන්ධව තිබ්බේ කුඩම්මාගේ සැළකිල්ලක්...
ReplyDeleteඅපේ ගේ ගාවට මහ පාරේ ඉඳල මීටර් 500 ක් වගේ තිබ්බේ, අවුරුදු බර ගානක කන්නලව්වකින් පස්සේ ලයිට් වලට සල්ලි පාස් වෙලා තිබුනා, ඔය කියපු තිරිසනා හිටපු කාලෙම. ජන්දෙකින් පස්සේ ඒ සල්ලි කළුතර දිහාවේ ගමකට ලයිට් දෙන්න අරගෙන තිබුනා. අපිට හුප්පේ...
ඊට පස්සේ තිරිසණී හිටපු කාලේ කණු හතරක් පාස් වෙලා යාන්තන් ඒක හිටෝ ගත්තා...
ඒත් අපිට ලයිට් නැහැ...
අපේ ගෙවල් පැත්තට ප්‍රධාන පාරේ ලයිට් ගන්නවට වඩා ඩයගනල් විදිහට ගත්තම කණුවක් අඩු වෙනවා...
අපේ ගෙදරට යන අතුරු පාරේ ගෙවල් 6 ක් තියෙනවා, එයින් අපි එක්ක එක්කාසු වෙන්න කැමති උනේ එක ගෙදරයි...
අන්තිමට අපි කණු 4 ක් දුරට සල්ලි ගෙවලා ලයිට් ගත්තා අර මිනිස්සු එක්ක එකතු වෙලා...
හැබැයි අර නීතිය නිසා අනිත් ගෙදර අයට මාස 6 ක් බලාගෙන ඉන්න උනා. ඒ කාලේ ඇතුළත අපි වයර් එකක් ඇදලා ඒ මිනිස්සුන්ට ලයිට් දුන්නා අපේ ගෙදරින්...
අන්තිමට ප්‍රධාන පාර දිගේ ලයිට් ගියේ ඊටත් අවුරුදු ගානකට පස්සේ, හය හතකට පස්සෙද කොහෙද...
හැබැයි අනිත් පවුල් 4 න් තුන් ගොල්ලක් ඊට ගොඩක් කලින් අපේ කණු වලින් ලයිට් ගත්තා...
අපේ පාරට දෙපැත්තෙන්ම කෙළවන්න හේතුව අපේ පාරේ ජෙප්පෝ වැඩි වීම... ;)
රවී උඹත් හරියට මජං බාස් කෙනෙක් වගේ...ගේන ගේන හැම වාහනෙම කෑල්ලක් ගලවලා පැත්තකට කරලා ,බොනට් එක ඇරලා තියලා විටක් හපාගෙන පත්තර කියවනවා. කියෝන අපිට හිල්මන්, මයිනර්, බෙඩ්ෆෝඩ් මාරුවෙලා තියෙන්නේ දැන්.
ReplyDeleteමේ කමෙන්ට්ස් කියවන කොට ලංකාවේ ලයිට් ගන්න එක කොච්චර ප්‍රශ්නයක් වෙලා තිබුනද කියලා හිතෙනවා ඒ දවස්වල. අපිටත් ඔහොම දෙයක් වුනා බං. මුළු මුදලම අපි ගෙවලා කණු දානකම් කාටවත් ඕන නැහැ. මෙන්න පහුවෙනිදා ඉඳන් එපා කිව්ව එවුන් ගෙවල් වයරිං කරනවා. කොටින්ම කියනවා නම් අපේ ගෙදර වැඩක් බාගෙට නවත්තලා වයරිං බාස්, කරන්ට් එපා කියපු එකෙක්ගේ ගෙදර බට හයිකරනවා.
මගෙන් මේ ලඟදි බ්ලොග් කියවන එකෙක් ඇහුවා...රවියාගේ ගැරෙජ් එක පැත්තේ ගියෙ නැද්ද කියලා. මම කිව්වා ගියා කියලා. ඌ අහනවා අයියේ මකබාස් අද මොන බොනට් එක ඇරලද ගමේ ගිහින් තියෙන්නේ කියලා. මට කට උත්තර නැහැ.
Deleteඅරූ,
Deleteඅම්මප උඹෙ කටට මෙව්ව කොහෙං එනවද මන්ද...හෙහ්,හෙහ්, ආය නෑ ටක්කෙටම ගැලපෙන උදාහරණෙ....බාසා කෑල්ලක් ගලවනව.. ආය මරූකොට වාහනේ හොල්ලන්ටවත් බෑ ඊට පස්සෙ...
ඉනික්බිති කරන්නෙ විටකුත් ලෝඩ් කරගෙන එතනම අඹගහ යට හදල තියෙන ලෑලි බංකුවෙ ඉඳගෙන රේස් කොලේ බලනව..හෙහ්..හෙහ්...වාහනේ අයිතිකාරයගෙ මයිල් ගහක් ගහක් පාසා දුම් දානව....:)
අයිසෙ රවි, වැඩක් කරනවනම් ඒක ඉවරයක් කරලා පැත්තකින් තියලා ඉන්නවා, අයිසෙගෙ බාග වැඩ ගැන මගෙ ඇඟේ මාළු ගඟේ නටනවා දැන්. අර ඉන්දියන් ජවුසමයි, කෙහෙල්මල් නිව්ස් කියන එකයි නවත්තලා අයිසෙ ලිය ලිය හිටිය කතා වලට ප්‍රමුඛතාවේ දීලා ඒවා ඉවරයක් කරනවා, මොන මගුලක්ද මේ, අල්ලලා දාලා ටී.වී. එකේ වැල් නාට්ටියක් බලන්ඩ පටන්ගන්නවා මෙයිට හොඳයි අයිසෙ.
ReplyDeleteඅයිත් අහල. කොටිම්ම මූ විකාර ලියන නිසා අර බවලත් උන්දැ ඇවිත් කොටන්න ගත්ත අන්තිමට.
Deleteඊලග කොටහ හීන් සීරුවේ ලියන්න. හිහ්. ජය වේවා !!!
ReplyDeleteරවීගේ වැලිකන්දේ හා මහවැලියේ කතාවල කොටසක්නම් අහගන්න පුළුවන් පංගුකාරයෙක් මේ අසලම ඉන්නවා . හෙහ් . ලියමු ලියමු
ReplyDeleteතිලක්,
Deleteහෙහ් හෙහ්,.කොටි එක්ක එතුමා ඒ කාලෙ බොහොම ලඟින් ආස්සරේ කලා. බාලෝ කියන්නෙ එතුමගෙ ගජ යාලුවෙක්.
ආ..තව එකක්... ඒ කාලෙ එතුමාලා බැඳපු අලුත. තව ජස්ට් මැරීඩ් කපල් දෙකකුත් එක්ක එක පෙලට තිබ්බ ක්වාටර්ස් තුනක ඔය කට්ටිය හිටියෙ.
Deleteහරියටම ඉන් මැද තිබ්බ ක්වාටර්ස් එක ඉස්සරහම ඒ පැත්තට මූණ දාල තමයි අපි හිටිය බැචුලර්ස් ක්වාටර්ස් එක තිබ්බෙ. ඒකෙ හිටිය මම වගෙ තනිකඩයින් සහ සුතනඹුවන් ගමේ දාල තනියම මෙහෙ ඉන්න අය.බැචුලර්ස් ඇන්ඩ් ටෙම්පරරි බැචුලර්ස්...
අනේ ඉතිං අර ජස්ට් මැරීඩ් ජෝඩු කලින්ම නිදියනව. අපි ෂොට් ගනුත් උකුලෙ තියාගෙන මාරුවෙන් මාරුවට සෙන්ට්‍රි ඩියුටි. අහෝ! අහෝ!! අහෝ!!
බුඩු අම්මෝ..ප්‍රවෙශෙ දිග.
ReplyDeleteමටත් මතකයි අපේ තාත්තා මුලින්ම ගත්ත සෙල් ටෙල් එක. ගඩොලක් විතර අති. දිග කූරකුත් තිබුනා. හොරෙක් එහෙම පැන්නොත් ආයුදයක් හැටියට එහෙමත් හොන්ඩයි.
රවීයියේ ඔය වගේ කරන්ට් ගන්න කේස් එකක් අපේ ගෙවල් වෙලත් වෙලා තියෙනවා.මේ ගමකට වඩා නාගරීකරණය වෙච්චි ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ.
ReplyDeleteඅපේ තාත්තාලාගේ මහගෙරදට යන්න තියෙන්නේ ප්‍රධාන පාරේ ඉඳන් අඩි තුනක් වගේ පටු පාරකින්.ඒ මහා ගෙදරට යන අඩි තුනේ පටු පාරට එහා පැත්තෙන් තිබ්බේ අඩි දහයක් පළල පාරක් අල්ලපු වත්තට යන්න.පාරවල් දෙක වෙන් වෙන්නේ කම්බි වැටකින්.වැට ඉවත් වුනා නම් පාරවල් දෙක එකක් වෙනවා.එකේ වැඩි වාසිය තියෙන්නේ අපිට.ඉතින් අල්ලපු වත්තේ මිනිස්සු එකට කැමති නැහැ.
කොහොමින් හරි අපේ ඒ තාත්තලාගේ මහගෙදරට විදුලිය ගන්න කොට ප්‍රධාන පාරෙන් ඇතුලට කණු තුනක් සිටුවන්න සිදු වෙලා තියෙනවා.එතකොට තිබ්බේ අර ලී කණු.මේ කණු තුනට දැන් තාත්තා සල්ලි බැඳලා කණු හයිකරන්න මණ්ඩලයෙන් එනකොට අර අල්ලපු වත්තේ අය කියලා තිබ්බා ඒ කණු වැටමායිමේ හිටවන්න එපාය,අපේ අර අඩි තුනේ පාරේම හිටවන්නය කියලා.ඉතින් ඔන්න කොහොම හරිCEB එක අපේ පාරේ කණු හිටවලා අපිට කරන්ට් එක දුන්නා.පස්සේ කාලෙක අල්ලපු වත්තේ මිනිස්සු ගෙවල් හැදුවාම කරන්ට් එක ගත්තේ ඒගොල්ලෝ වැට මායිමේවත් හිටවන්න විරුද්ධ වෙච්චි කණු වලින්මයි.