එක්තරා කාලයක සියලුම මිනිස් හැඟීම් සහ සිතුවිලි ජීවත් ව සිටියේ මුහුද මැද පිහිටි හුදෙකලා දූපතකයි. සතුට, දුක, දැනුම සහ තවත් නොයෙකුත් හැඟීම් සහ සිතුවිලි මෙහි ජීවත් වූ අතර ප්‍රේමයත් ඒ අතර වූ බව නොකිවමනාය.
ඒ අතරේ එක්තරා දිනෙක එම දූපත මුහුදේ ගිලීමෙන් නොපෙනී යන්නට ඉතාමත් ආසන්න බව සියලුම හැඟීම් සහ සිතුවිලි වලට දැනගන්නට ලැබිණි. වහ වහා ඔරු සාදා ගත් ඔවුහු දූපත හැර යන්නට වූහ. නමුදු ප්‍රේමය ඔවුනට එක් වූයේ නැත.
ප්‍රේමයට අවශ්‍ය වූයේ හැකි අන්තිම මොහොත දක්වා දූපතෙහි ගැලී සිටීමටයි.
අවසානය කෙමෙන් ලංවිය. දූපත ගිලෙන්න ඉතාමත් සුලු වේලාවක් තිබියදී, කාගෙන් හෝ කොහෙන් හෝ උපකාර පතන්නට ප්‍රේමය තීරණයක් ගති.
ඒ මොහොතේ ඒ අසලින් බෝට්ටුවක නැගී ගමන් කරමින් සිටියේ ධනවත්භාවයයි.
“ධනවත්භාවය! ඔබට පුළුවන් ද මා ඔබ සමග රැගෙන යන්නට?”
“සමාවන්න ප්‍රේමය! මට ඒක කරන්න බැහැ. මගේ බෝට්ටුව රන් රිදී වලින් පිරිලා ඉතිරිලා තියෙන්නේ. ඉතිං එතන නුඹට ඉඩක් නැහැ”
ඉන් අනතුරුව ඒ පසුපසින් ඇදී ආ බෝට්ටුවේ සිටි අහංකාරයෙන්, ප්‍රේමය උපකාර පැතුවත් එය සඵල නොවීය.
“මට නුඹට උදව් කරන්න බැහැ ප්‍රේමය. බලන්න නුඹ හොඳට ම තෙමිලා. මගේ බෝට්ටුව ඉවරයි නුඹ ව නග්ගා ගත්තොත්” පිළිතුර ඒ ආකාර විය.
මද වේලාවකින් සන්තාපය රැගත් ඔරුව ඒ අසලින් ඇදෙන්නට විය.
“අනේ සන්තාපය, මා ඔබ සමග රැගෙන යන්න”
“අනේ ප්‍රේමය! මම බලවත් වූ සන්තාපයෙන් පසුවෙමි. මට තනිව ඉන්නට ඉඩ දෙන්න” ශෝකයෙන් පැවසූ සන්තාපය ඉවතට ඇදිණි.
සංතෝෂය ද මද වේලාවකින් ඒ අසලින් ඇදී ගියද තමන්ගේ ම සතුටෙහි ගිලී සිටි ඇයට ප්‍රේමය තමන් අමතන හඬවත් ඇසුණේ නැත.
එක්වනම කරුණාවන්ත හඬක් ප්‍රේමයෙහි සවනත වැකිණි.
“එන්න ප්‍රේමය, මම ඔබ රැගෙන යමි” ඒ වයස්ගත කෙනෙකි.
සතුටින් ඉපිල ගිය ප්‍රේමය වහා ඒ ඔරුවට පැනගත් නමුදු අවස්ථාවේ වූ උද්වේගකර ස්වභාවය නිසා යන්නේ කොයිබටදැයි කියා අසන්නට ද ඉස්පාසුවක් නොවීය. වඩා ආරක්ෂාකාරී ගොඩබිමක් වෙත සැපත් වූ පසු ප්‍රේමය කැඳවාගෙන ආ ඒ වයස්ගත තැනැත්තිය තමන්ගේ ගමන පිටව ගියාය.
ඒ තැනැත්තියට තමන් කොතරම් නම් ණය ගැතිදැයි සිහි නුවණින් සිතා බැලූ ප්‍රේමය ඒ කවරේක්දැයි ඥානයෙන් විමසන්නට වන.
“ඒ තමයි කාලය!” ඥානය පිළිතුරු දුන්නේය.
“කාලය මා රැගෙන ආවා?” ප්‍රේමය පුදුමවිය. ප්‍රේමයෙහි සිතුවිලි වටහාගත් ඥානය මද සිනාවක් පා මෙසේ පැවසුවේය.
“ඔව්... ඒ ප්‍රේමයෙහි වටිනාකම වටහා ගන්නට කාලය තරම් වෙනත් කෙනෙකු ලොව නොවන නිසා”
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි. (පිරික්සන්න: Love & Time)
////ප්‍රේමයෙහි වටිනාකම වටහා ගන්නට කාලය තරම් වෙනත් කෙනෙකු ලොව නොවන නිසා”///
ReplyDeleteහරිම අපූරු කතාවක්.. මේප්‍රකාෂය ගොඩක් දේ කියනවා..
අපූරුයි..
මගේ ප්‍රේමයේ වටිනාකමත් කවද හරි එයා තේරුම් ගනියි.. :)
ReplyDeleteප්‍රේමය මක්කටෙයි.. විරහව තමා වැඩියෙන්ම ප්‍රභල..
ReplyDeleteප්‍රේමයේ සැබෑ වටිනාකම තේරුම් ගන්න එක 'ඉලක්කයක්'.
ReplyDeleteජයවේවා..!!
ප්‍රේමය රැගෙන යන්නේ ද? නොයන්නේ ද? කාලයයි.
ReplyDeleteඅද එක කතාවනෙ තියෙන්නෙ.
හ්ම්..........තවමත් නොබිඳී පවතින, එදා පෙම්වතුන් පෙම්වතියන් ලෙස ඇරඹු, අද අඹු සැමියන් ලෙස පවත්වාගෙන යන, අපගේ ප්‍රේමයට ජයවේවා!
ReplyDeleteහ්ම්ම්ම්....කතාව ඇත්ත වගේ,
ReplyDeleteසර්වකාලත්‍ර ප්‍රේමය...!!
ReplyDelete++++++++++
ReplyDeleteකාලය අපිව කොහෙ කොහේ අරං යයිද දන්නෑ :)
ReplyDeleteඔව් කාලය හරිම අපුරු මවාපැමක්.. කාලය මියුරු ද? සොඳුරු ද ? වියරු ද ? අඳුරු ද උමතු ද ?......
ReplyDeleteප්‍රේමය හා කාලය ගැන ආලය වඩන සිතුවිල්ලක්..අගෙයි.
ReplyDeleteඑහෙනම් ඕකයි මේ සිද්ද වෙලා තියෙන්නේ..
ReplyDelete//ප්‍රේමයෙහි වටිනාකම වටහා ගන්නට කාලය තරම් වෙනත් කෙනෙකු ලොව නොවන නිසා//
ReplyDeleteඇත්ත නේන්නං. ප්‍රේමයේ තේරුම තෝරගන්න, ප්‍රේමයේ අගේ වටහගන්න කාලෙත් එක්ක අරගල කරල පරදින්නම ඕනෙ කියල මේක කියවද්දි මටත් හිතුණ.
ඇත්තෙන්ම, ප්‍රේමයේ දිග පළල දැනෙන්න නම් කාලයේ සහාය අත්‍යවශ්‍යයි...අපූරුයි...
ReplyDeleteදැන් ඔය කියන විදිහට අපිට ප්‍රේමයේ වටිනාකම තේරෙන්නේ නෑ? කාලයට විතරයි තේරෙන්නේ? මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි.... :)
ReplyDeleteනැ නැ තිසර අපිට ප්‍රේමයේ වටිනාකම තෙරෙන්නෙ කාලය නිස..කලබල වෙන්න එපා :)
Deleteනෑ..නෑ...මට නම් කාලය කොච්චර වටිනවද කියලා හිතුනේ ප්‍රේමය නිසා :D
Deleteමේ කාලයයි , ප්‍රේමයයි නැත්නම් අපිට ලියන්න දේවලුත් නැද්ද මන්දා :D
Deleteඔව් ඔව් ඒක ඇත්ත...
ReplyDeleteප්‍රේමයේ වටිනාකම දන්න අය නෑලු හිහි
ප්‍රේමය ජීවිත ටයිම්ලයින් එකෙහි වෙනස්ම මයිල්ස්ටෝන් කියන කඩඉම් පසුකර ගමනේ යනවා. කෙනෙකුගේ ජීවිත කාලයේ ප්‍රේමය කියන රෝල මයිල්ස්ටෝන් අනුව වෙනස් නේද? විශේෂයෙන් ප්‍රේමය කියන වචනය affection, love විදියට කැටගරයිස් වෙද්දි.
ReplyDeletelove ජිවිත timeline එකෙ different ම වැදගත් ebets පසුකරමින් going . කෙනෙකුගෙගෙ life එකෙ love රෝල milestone අනුව change වෙනවා isn't it ? විශේෂයෙන් love කියන word එක affection , ආදරය like wise වෙනස් වෙද්දි ...
Deleteඅපුරු කතාවක්.
ReplyDelete