එම තරුණයා රිය අනතුරකට මුහුණ දුන්නේය. වාහනය අලුත්වැඩියාව සඳහා ගරාජයේ ගාල් කළ ඔහු කාර්යාලය බලා දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කළේය. මුල් දින වැඩ නිමවී එන අතරේ සෙවණක් අහිමි අයෙකු දුම්රිය ස්ථානයේ රැය ගෙවන අයුරු ඔහු දුටුවේය. පසුම්බියෙන් මාරු කාසි කිහිපයක් ගත් තරුණයා අසරණ පුද්ගලයාට දුන්නේය. ඒ තැනැත්තා ඔහුට ස්තුති කළේය.
පසුදිනද හේ පෙර පරිදී ම දුම්රිය ස්ථානයේ රැය ගෙවන්නට සුදානමින් සිටින බව තරුණයා දුටුවේය. ඔහුට කෑමට යමක් ගෙන දීමට සිතූ හෙතෙම පිටතට ගොස් ආහාර ගෙන ආවේය. ඔහුගේ කාරුණිකභාවය පිළිබඳ අසරණ පුද්ගලයා බොහෝ සේ ස්තුතිවන්ත විය.
“ඔබ කොහොමද මෙතැනට වැටුණේ?“ තරුණයාට නොඅසා ම බැරිවිය.
සෙවණක් අහිමි පුද්ගලයා ඔහු දෙස බලා සිනාසී මෙසේ පැවසුවේය.
“කරුණාව පෙන්නන්න ගිහිල්ලා...“
තරුණයාට අගක් මුලක් වටහාගත නොහැකිවිය.
“ඒ කිව්වේ?“
“මගේ මුළු ජීවිතේ ම කැප කළේ දන්න කියන හැමෝම සතුටින් තියන්න. මං මට මොනවද වෙන්නේ කියලා හිතුවේ නැහැ. කළේ, හැමතිස්සේ ම කාට ම හෝ බෙල්ල කඩාගෙන හරි උදව් කරන එක“
“ඉතිං දැන් ඒ ගැන පසුතැවිල්ලෙන්ද?“
“නැහැ. ඒ වුණාට මගේ ආත්මය ම රිදුම් දෙනවා. මම මගේ ඇඟේ තියෙන ඇඳුම ගලවලා දුන්නු මිනිස්සු මට ඕනෑ වුණු වෙලාවට වැරහැල්ලක්වත් මට දෙන්න බැලුවේ නැහැ.
පුතා, මතක තියා ගන්න තමන් ගෙයක් හදලා ඒකේ සෙවණ ලබන්න කෙනෙකුට අවස්ථාවක් දෙනවා මිසක කවදාවත් තමන් ගේ හදන ගමන් ඒකට ගෙනාපු ගඩොල් අනිත් අයට ගෙවල් හදාගන්න බෙදීම කිසිසේත්ම නොකළ යුත්තක්. මොකද දවසක් එනවා තමන් සැළසුම් කරපු ගේ තියෙන්න තිබුණු තැන වෙනසක් නැතිව එහෙමමයි, අනිත් ගෙවල් හැදිලා, ඒත් තමුන්ට දැන් ගේ හදාගන්න ගඩොල් හොයන්න වෙලා නේද කියලා කල්පනා කරන්න වෙන“
එවදන් හිතේ ධාරණය කරගත් තරුණයා, ඔහුට ස්තුති කරමින් යන්නට ගියේය.
කෙනෙකුට උදව් උපකාර කිරීම කිසිසේත් ම වරදක් නොවේ. නමුත් සමහර අවස්ථාවලදී උදව්ව කරමින් ඉදිරියට යද්දී, අපට, අපේ පවුලට විසඳා ගැනීමට තිබෙන අපේම ගැටළු සහ පිරිමසාගන්න තිබෙන උවමනාවන් අමතක වන්නට, මග හැරෙන්නට පුළුවන්.
කෙනෙකු හැමවිට ම සිහිතබා ගතයුතු වන්නේ තමන් සතුව තිබෙන සියල්ල ම අන් අය වෙනුවෙන් වැය කිරීමට වඩා, හැකි අයුරින් බෙදා හදා ගැනීම සැමගේ සිතසුව සාදන සුදුසු ම ආකාරය බව. තත්ත්වය පහතට හෙළා ගැනීමෙන් නොව ශක්තිමත්, ස්ථායි ස්ථානයක සිට කටයුතු කිරීමෙන් රටට, ලෝකයට මෙන් ම තමන්ට, තමන්ගේ පවුලට වැඩදායි පුද්ගලයෙකු වියහැකි බව!
අන්තර්ජාලය ඇසුරින්,
පරිවර්තනය : රන්දිකා රණවීර ප්‍රනාන්දු
පිරික්සන්න : A limit of your kindness
හ්ම්ම්, මගෙ සිත්තරාට පෙන්නන්න වටින ලියවිල්ලක්. අක්කාගෙ ලියමනක් කාලෙකට පස්සේ. හරිම සතුටුයි. :)
ReplyDeleteෆේස් බුක් නැහැනේ :D
Deleteඅපි දෙන්නාගේ අතීත චැට් එකක් ඔස්සේ ආපස්සට ගිහින් හොයා ගත්ත ලිංක් එකක් දිගේ ගිහින් හොයා ගත්ත පුංචි කතාවක්.
ස්තුතියි නංගි
රන්දිකා... ඔයා...!!! :-D
ReplyDeleteඔව් අනේ මං :D
Delete//මතක තියා ගන්න තමන් ගෙයක් හදලා ඒකේ සෙවණ ලබන්න කෙනෙකුට අවස්ථාවක් දෙනවා මිසක//
ReplyDeleteබ්ලොග් එකේ ලියන්න දෙනව වගේ.
මෙහෙම ගලපන්න නාකයි. ඇත්තට ගත්තොත් එහෙම! :D
Deleteඅරුත්බරයි.
ReplyDeleteඔබතුමිය කලකින් ලියන එක ම සතුටක්. :)
ReplyDeleteකරුණු වලට එකඟයි.
ස්තුතියි. මේ දවස් වල ෆේස් බුක් යන්න බැරි කමක් තියෙනවා. පොත් කියවනවා. එතකොට මෙහෙම බ්ලොග් එකක් තියෙනවා නේද කියලා මතක් වුණා
Deleteහරිම හොඳ තේමාවක්. තවත් එකතු කළ හැකි නේද?
ReplyDeleteඔව්. ඒත් පරිවර්තනයක් නිසා මගේ අදහස් ඇතුලු කළේ නැහැ. ලියනවා නං ලියතහැකි නේද මාගලක් විතර
Deleteහෑ! රන්දිකා රනවීර! ඒ කවුද? රවී අයිය වෙන නමකින් ඇවිත් වගේ නෙහ්?
ReplyDeleteඅනේ ද කියන්නේ? :D
Deleteමේක මීට කලින් දකින්න තිබුණු
ReplyDeleteඑකක් ,ගඩොල් ටික දීලා ඉවරයි 😂
Oh sad. :(
Deleteඒ වගේම තමන්ගේ ගගෙ පදිංචි වෙන්න දෙන්නත් නාකයි. ඔය රවිතුමා වගේ කට්ටිය එතකොට ගේ අයිති කර ගන්නවා. හිහ් හී....
ReplyDelete