Tuesday, August 21, 2018

603. ජීවිතය මේ වගෙයි…Life Is Like That - 2 - Operation Traffic Warning…..

දැන්වීම් පුවරුවක් පසුපස සැඟව සිට වේග මානක යන්ත්‍රයක්
උපකාරයෙන් ඉදිරියට පැමිණෙන මෝටර් රථයක වේගය
මනින පොලිස් නිලධාරියෙකු ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
- Google Images

කොරියන්ගෙ ව්‍යායාම් සීන් එකෙන්නෙ මම කලින් කතාව ඉවර කලේ.

හරි අද එතැන් සිට........(අද එතැන් සිට කියල කිව්වම දයා මහත්තයට එහෙම මොකක්ද මතක් වෙන්නෙ?...පොඩි උදව්වක් කරන්නම් ඕනනම්....එල්.සී....)

මම මේ ඔක්කොම පසුතල නිර්මාණය හෙවත් බෑක් ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන් කලේ ඔය කොරියො ගාව මම වැඩට ගිය කාලෙ මගෙ අත්දැකීමක් ගැන කියන්ට…

මම කලින් කිව්වනෙ උදේ පාන්දර පහමාරටවත් මම පිටත්වෙනව කියල. එහෙම නැත්නම් නියමිත වෙලාවට වැඩට යන්ට බැරිවෙනව. ඔන්න එක දවසක් පහමාරත් පහුවෙලා මේ ගස්ගෝන නෑ. ගස්ගෝන කිව්වෙ කුලීරථ රියදුරාට. මතකනෙ. නම ඇවිල්ල රහුමාන්. ගම ඇවිල්ල හොරොව්පොතානෙ.

මිනිහ සාමාන්‍යයෙන් කරන්නෙ මම ඉන්න එපාර්ට්මන්ට් බිල්ඩිං එක ඉස්සරහට ඇවිල්ල මිස් කෝල් එකක් දෙනව. 

ඔය මිස් කෝල් කියන වචනෙත් සමාජය ඉදිරියට යනකොට පැන නැඟෙන අලුත් අලුත් අවශ්‍යතා උදෙසා අලුත් අලුත් වචන නිපදවා ගැනීමට හොඳම උදාරණයක්.නික්මට හිතන්න ඔය වචනෙ ඇත්තටම එතන වචන දෙකක් ඒත් දැන් ඒ සුවිශේෂී අර්ථයෙන් භාවිතා වෙනකොට පාවිච්චි වෙන්නෙ එක වචනයක් හැටියට. නොතිබ්බානම් ඒකෙන් අදහස් කරන ක්‍රියාවලිය විස්තර කරන්ට තනිකරම වචන පණහක විතර ඡේදයක් ලියන්ට වෙනවනෙ..නේද?

ඔන්න දවසක් මම එලියට බැහැල හීගෝතුවෙම ඉන්නව ගැහි ගැහි මේ කයිතාඬුව නෑ..බැරිම තැන ගත්ත කෝල් එකක්.

"හලෝ.."

"ආ..සර්.."

"ආ සර් තමයි.... මොකද බං කරන්නෙ? උඹ අද එන්ට කල්පනාවක් එහෙම නැද්ද?"

"හරි වැඩේනෙ සර් උනේ.."

"මොකෝ?"

"වාහනේ ස්ටාට් වෙන්නෙ නැතුව ගියානෙ"

"මළ කෙලියයි..ඉතිං මොකෝ බොලේ කොරන්නෙ?"

"නෑ..නෑ..සර් කලබල වෙන්න එපා. මම සර්ව අමාරුවෙ දාන්නෙ නෑ කීයටවත්..මම මගෙ යාලුවෙකුට කතා කරල කිව්ව එයාගෙ වාහනේ පැයකට දෙකකට දෙන්ටෙයි කියල. "

"එහෙමද? ඉතිං කෝ දැන් යාලුවා?..."

"මිනිහ දැන් මඟ එනව..ආපු ගමන් යමු. සර්ට මෙහෙම දෙයක් කරන්න බැරිද?"

"කියපංකො බලන්න…"

"ඔතනින් ටැක්සියක් අරගෙන මගෙ කාමරේ ගාවට එන්න පුලුවන්ද? එහෙම නැත්නම් මට වෙන්නෙ යාලුව ආහම ඒ වාහනෙත් අරගෙන සර්ගෙ ගෙදර ලඟට ආපහු එන්න. එහෙම කරන්ට ගියොත් තවත් පරක්කු වෙයිනෙ.."

හ්ම්ම්ම්....ඒක ඇත්ත..රහුමාන්ගෙ රූම් එක තිබ්බෙ අපි යන පාරෙන්ම තව පොඩ්ඩක් ඇතුලට ගියාම. ඒ හින්ද මම එතෙන්ට ගියානම් කාලෙ තව ඉතුරු වෙනව. ඒ කොහොම උනත් අදනම් අඩුමගානෙ මිනිත්තු විස්සක් තරමවත් පරක්කු වෙන එක නම් ආය අහන්ට දෙයක් නෑ.

"හරි බං මම ටැක්සියක එන්නම්…" මම එහෙම කියල දුවගෙන වගෙ ගියා බද්රියා සිග්නල් කිට්ටුවට.

ඔය බද්රියා සිග්නල්ස් මංසන්ධිය තියෙන්නෙ අපෙ එපාට්මන්ට් එකේ ඉඳල මිනිත්තු පහක වගෙ ඇවිදගෙන යන දුර. එතන බොහොම ජනාකීර්ණ කළබල කාරී තැනක්. ඕන අවේලාවක ටැක්සියක් ගන්නත් කියාපු තැන.

ටැක්සි වලට බද්රියා මංසන්ධිය කොච්චර ප්‍රසිද්දද කියනවනම් මගෙ යාලුවෙක් හිටිය මිනිහ හිටියෙ කිලෝ මීටර් තුන හතරක් එහා. මනුස්සය කොහෙ හරි යන්ට ඕන උනහම ටැක්සියක් අරන් එනව බද්රියා සිග්නල්ස් ලඟට. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව එතන ඉඳල ටැක්සියක් අරගෙන යනව යන්ට ඕන දිහාට...

කොහොමද මිනිහගෙ මීටරේ?..එහෙම තමයි මගෙ යාලුවො...ජීනියස්ල ...හෙහ්..හෙහ්

හරි හරි ඒ අනම්මනම් ඇති..කතාවට එමුකො...මම ඉතිං බද්රියා සිග්නල්ස් ගාවට එනකොටම ඔන්න කාරෙකක් ඈත ඉඳලම හෙඩ් ලයිට්ස් ඔන් කරල සිග්නල් කලා. ඒ ඔය නිල නොවන ටැක්සි කාරයින්ගෙ සුපුරුදු සංඥාව...ඒ අහන්නෙ "Do you want to go somewhere? I am ready.." කියල

ඔන්න ඔය හෙඩ් ලයිට්ස් ඔන් කරල ආය ඒ එක්කම නිවන සිග්නල් එක සී ලංකාවෙ රියදුරෝ බහුතරයක් පාවිච්චි කරනව හැබැයි වෙන දෙයක් අඟවන්ට...ඉස්සරහ පොලීසියෙන් ඉන්නව කියල තමන් ඉස්සරහට එන රියදුරන්ට දැනුම් දෙන්ට. හෙහ්..හෙහ්..ඔන්න මට මේ කතාව නම් නොකියම බෑ. සමාවන සේක්වා...අනික මේ සීරීස් එකේ නම මොකද්ද? "ජීවිතය මේ වගෙයි"..ජීවිතය මේ වගෙයි කිව්වම මේ වගෙ ආතල් "Anecdotes"  ඒකට අඩංගු වෙන්නම ඕන...

මේ කතාවෙ කතා නායිකාව ඇවිල්ල අවුරුදු තුන හතරකට කලින් වෙනකල් බොහොම අපූරු බ්ලොග් එකක් ලියපු ඉතාම දක්ෂ ලේඛිකාවක්....මගෙ ඉතාම හිතේසිවන්ත ලලනාවක්...කතා නායකය එවුන්දිගෙ සුවාමිය. දැන් දෙන්නම විදේසයක තමයි ඉස්තිර පදිංචිය…

රයිට් කතාව මෙහෙමයි..ආය වෙන කවුරුවත් නෙමෙයි ඒ යෝදිම තමයි මේ කතාව කිව්වෙ...ඔන්න මෙහෙමයි කතාව. මම ඒක ඒ අම්මණ්ඩියි මායි අතරෙ වෙච්චි සංවාදෙ විදිහටම ලියන්නම්කො. එකල්හි ඒ ඔබ තමුන්නාන්සේලාට වටහා ගැන්මට පහසු වනවා සේම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කල හැකිවනුද ඇත.

මේ කතාව චැට් සංවාදයකින් තමයි කෙරුනෙ මට මතක විදිහට. ඒ කාලෙ තිබ්බනෙ අර ගූගල් බස් ද චැට්ද මොකක්ද කියල අයිටම් එකක්. ගූගල් කාරය දැනට අවුරුදු පහකට වගෙ ඉස්සර ඒක නවත්තල දැම්ම. මගෙ ඔය චැට් සංවාද වල තිබ්බ අපූරු කතන්දර ටිකක්. ඒ ඔක්කොමත් ඒත් එක්කම මැකිල ගියා..සංසාරේ තමයි ඉතිං...

ආ..තව එකක් කියන්න ඕන....ඔය කාලෙ උං දෙන්න බැඳපු අලුත. ඔන්න ඔය මාලබේද කඩුවෙලද කවුඩුපැලැල්ලද කොහෙද පැත්තක පොඩි ගෙවල් කෑල්ලක හිටියෙ. කාරෙකකුත් ගත්ත අලුතම. මට මතක විදිහට නිසාන් මාච් එකක්ද කොහෙද....

"අයියෙ.."

"මොකෝ බොල?"

"ඊයෙ මරු වැඩක් උනානෙ බං අපිට…"

"ඒ මොකක්ද?"

"අර අපෙ මනුස්පය ඉන්නවනෙ.."

"යස් අයි නෝ... යුවර් හස්බන්ඩ්..සෝ වට්?"

"ඒ පිස්සු හුටං ඊයෙ නියම වැඩක් කලානෙ.."

"ඉතිං කියාපන්කො තවත් තෙපර බාන්නෙ නැතුව.."

"ඔන්න ඊයෙ හවස වැඩ ඇරිල අපි දෙන්න ගෙදර එනව කියාපංකො....."

"ඊට පස්සෙ?" මම ඇහුව.

"ඔන්න අපේ ගෙවල් කිට්ටුවටම එනකොට තියනව හෙණ වංගුවක්...අපි ටිකක් හයි ස්පීඩ් ආවෙ. ට්‍රැෆික් නිසා පරක්කු උන හින්ද...හරි...අපි ඔන්න ඔය වංගුව ගාවට එනකොටම මෙන්න අපි ඉස්සරහින් ආපු වෑන් කාරයෙක් හෙඩ් ලයිට් දාල සිග්නල් කලා..මම හිතුවෙ අපෙ මිනිහ ස්ලෝ කරයි කියල..මොන? පොරට ගාණක්වත් නෑ..මෙන්න ආපු ස්පීඩ් එකේම යනව..මම කෑගැහුව ඒ පාර..ඒයි මේ ස්ලෝ කරන්න ස්ලෝ කරන්න කියල..මෙන්න මේ යෝදය ඇසුත් උඩ තියාගෙන මා දිහාට හැරිල අහනව ඇයි? ඇයි ඒ ස්ලෝ කරන්නෙ? කියල..."

"හෙහ්..හෙහ්.."

"මට නේද මරු නැග්ග..ඇයි හලෝ දැක්කෙ නැද්ද අර අපිට ඉස්සරහට හම්බඋන වෑන් එකේ හෙඩ් ලයිට් සිග්නල් කලා..දන්නවද ඒ යෝදය කියපු එක..ඉතිං අපිට මොකටද ඒකෙ වගක්? ඒ මනුස්සය හෙඩ් ලයිට් දාල බලන්න ඇති පත්තු වෙනවද කියල…"

"එළ කොල්ලෙක්නෙ බං උඹෙ මහත්තය…"

"අයියෝ කියල වැඩක් නෑ අයියෙ..මගෙ ඔලුව විකාර වෙනව වෙලාවකට.."

"හරි හරි බං මැරීඩ් ලයිෆ් එක කියන්නෙ එහෙම තමයි..යම් පමණකට විකාර රූපී බවක්ද එහි අඩංගු විය යුතුමය. ඉතිං ඉතිං..කතාව කතාව"

"ඒ පාර මම කිව්ව හලෝ ඒ මිනිහ මේ මහ දවල් අහවල් දේකටද හෙඩ් ලයිට් ටෙස්ට් කරන්නෙ? ඒ කිව්වෙ ඉස්සරහ පොලීසියෙන් ඉන්නව කියල. ෂුවර් එකටම අර ඉස්සරහ වංගුවෙ සම්පත් බෑන්ක් බිල් බෝඩ් එක එහා පැත්තට වෙලා පොලීසියෙන් ඇති. ඒ හින්ද දඩ කොළයක් ලියව ගන්ට ඕන නැත්නම් කරුණාකරල ස්පීඩ් එක අඩු කරන්න කියල. ඒ පාර මෙයා කියනව එයා උපන්තේකට එහෙම කතාවක් ඇහුවමයිලු ඔය කියල. ඒ මදිවට තව මට කියනව මම එයාව අන්දන්න හදනවනම් ඒකට ටිකක් වෙලායයි කියල.."

"හෙහ්,හෙහ්..බොරුවට වෙන්න ඇති..Just pulling your leg I think"

"අනේ මන්ද බං..මේ මනුස්සය හිටපු ගමං ඔහොම එව්ව අහනව මට තාම හිතාගන්ට බෑ ඇත්තටම දන්නෙ නැතුව අහනවද නැත්නම් මාව අන්දන්ට හදනවද කියල.."

"උඹල දෙන්න බැඳල දැන් කොච්චර කල්ද?"

"තවම අවුරුද්දක් නෑ..මාස නමයක් වෙන්ට සතියක් වගෙ තියෙන්නෙ"

"හපොයි එහෙමනම් ඔය සුවාමියාගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල බාර්යාවටවත් බාර්යාවගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල සුවාමියාටවත් තේරුං ගන්ට තාම ඉතාම කල් මදි.."

"ඒ කියන්නෙ එහෙම වෙන්ට කොච්චරක් විතර කල් යනවද? මට අයියෙ උඹේ අත්දැකීමෙන් කියාපන්කො බලන්ට"

"හ්ම්ම්ම්..අවුරුදු පහක් වගෙ යනකොට සීයට විස්සක් වගෙ තේරුම් ගන්ට ඇහැකි. එතකොට සීයට පණහක් වගෙ වෙන්ට අවුරුදු දහයක් වගෙ යනව. අවුරුදු විස්සකින් සීයට අසූවක් තරම තේරුම් ගතෑකි.."

"අප්පේ එහෙනං මට ඕන නෑ ඒ  තේරුම් ගැනිල්ල..හිහ්..හිහ්.."

"හරි හරි උඹට ඕන නැත්නං උඹ නිකා ඉඳහං... කතාව කියහංකො.."

"හ්ම්ම්ම්..කෝකටත් මම එහෙනම් ස්ලෝ කරන්නම්කො ඔයා කියනවට..ඒ උනාට මට සීයට දෙසීයක් ෂුවර් ඉස්සරහ පොලිසියෙන් නම් නෑ කියල..එහෙම කියල මිනිහ වාහනේ ස්ලෝ කලා..වංගුවට ආහම මෙන්න මම කියපු විදිහටම කියපු තැනම ඉන්නව ට්‍රැෆික් පොලිස් දෙන්නෙක්..අර ස්පීඩ් ගන් එකකුත් තියාගෙන.."

"හෙහ්..හෙහ්..ඉතිං මොකෝ අර යෝදය කිව්වෙ?"

"මෙන්න මේ මනුස්සය මගේ දිහා ඇසුත් ලොකු කරගෙන බලා ඉඳල කියපි..දෙයියම්ප ඔයා කීවෙ ඇත්තම නේන්නම්..කියපු විදිහටම එතන ට්‍රැෆික් එකෙන් හිටියනෙ කියල.."

"ඉතිං උඹ මොකද කිව්වෙ? "

"මම නෑහුනා වගෙ ඉස්සරහ බලාගෙන හිටිය තොල් දෙකත් පියාගෙන…"

"හ්ම්ම්....එච්චරද කතාව? ඊට පස්සෙ අතුරු ආන්තරාවක් නැතුව බොලා දෙන්න ගෙදර ගියා...එතනින් කතාව ඉවරයි එහෙමද?"

"උඹ මේ මඟුලක් කතා කරනව අයියෙ...එහෙම නිකම්ම ගෙදර ගියානං මොකක්ද බං ඒකෙ කතන්දරයක් තියනවය?..හිහ්...හිහ්..ඊට පස්සෙ තමයි බං ආතල් එක පටන් ගත්තෙ.."

"හෙහ්..හෙහ්..සොමිය අංක තුන...මොකද හැබෑටම උනේ?"

"ට්‍රැෆික් පොලිස් කාරයො ඉන්න තැන පහු කරල කිලෝ මීටර් තුනක් විතර ගිහිල්ල මෙන්න මේ මනුස්සය පාර අයිනට කරල වාහනේ නතර කලයි කියපංකො…"

"හෙහ්..හෙහ්..මම දන්නව..වාහනේ නතර කරල එහෙම දඩ කොලේකිං උන්දැව බේරුවට ස්තූතිය පල කරනු වස් උඹව බදාගෙන සිප ගන්න ඇති…"

"පිස්සුද උඹට? මඟුලක් කියවනව...එහෙම එකක් නම් බැරිය…"

"එහෙනං?"

"මෙන්න මේ මනුස්සය වාහනේ නවත්තල ස්ටියරිං වීල් එක උඩ අත්දෙකම බර කරල වින්ඩ්ස්ක්‍රීන් එකෙන් ඈත බලාගෙන ටිකක් වෙලා හිටිය. මොකද අනේ? බැරිම තැන මම උරහිසෙන් හොල්ලල ඇහුව. නෑ මම මේ කල්පනා කලේ අර වෑන් කාරය මොන තරම් සත්ගුණවත් මනුස්සයෙක්ද කියල. බලන්න ඒ මනුස්සය ඒ කරපු උදව්ව හින්ද නෙවෙයි නම් මට අද දඩයක් ගෙවන්න වෙනවනෙ..ඒ පාර මම කිව්ව...හරි හරි..ඩ්‍රයිවිං කරන කවුරුත් එහෙම තමයි. එකිනෙකාට උදව් කර ගන්නව. දැන් ඔයාටත් තියෙන්නෙ මීට පස්සෙ ඔහොම වෙලාවක හෙඩ් ලයිට්ස් ඔන් කරල අනික් අයට වෝනිං එකක් දෙන්න. එතකොට අද මේ මනුස්සය අපිට කරපු උදව්වට කළගුණ දැක්කුව වෙනව..හරි අපි යමුකො දැන් මට නම් හොඳටම මහන්සියි..මම එහෙම කිව්ව"

"Then?"

"මම එහෙම කිව්වට මේ මනුස්සයගෙ යන්ට සූජානමක් නැති වගයි පේන්නෙ. මම ඒ පාර කිව්ව මේ යමු නේද? කියල. ඒ පාර මෙයා මා දිහාවෙ ආයම ටික වෙලාවක් බලා ඉඳල කියපි එහෙම නෙමෙයි ඩලෝ...මම ඔයාව ගෙදර දාලා ආපිට එන්නං කියල.."

"ආපිට එන්න? ඒ මොකටද?"

"ඒකනෙ අයියෙ කියන්නෙ. මමත් ඔහොම්මම ඇහුව..ඒ පාර දන්නවද කිව්ව එක? නෑ ඔයා දන්නවනෙ මම කලයුතු කිසිම දෙයක් පස්සට හෙටට කල් දාන මනුස්සයෙක් නෙවෙයිනෙ..මට ඒ කලගුණ සැළකීම අදම, මේ දැන්ම කරන්න ඕන.."

"හෙහ්,හෙහ්.."

"අයියෝ කියල වැඩක් නෑ බං.. මම ඇහුව කොහොමද ඒ කළගුණ සැළකීම අදම කරන්න හිතාගෙන ඉන්නෙ? කියල. ඒ පාර කියනව මගේ ප්ලෑන් එක මෙහෙමයි. අර පොලිස් කාරයො ඉන්න වංගුවෙ ඉඳල දෙපැත්තටම කිලෝ මීටර් දෙකක් තුනක් විතර එහාට මෙහාට ඩ්‍රයිව් කර කර ඉස්සරහට එන ඔක්කෝටම හෙඩ් ලයිට් ගහල වෝනිං එකක් දෙනව ඉස්සරහ පොලීසියෙන් ඉන්නවයි කියල.."

"හෙහ්..හෙහ්..මරු අයිඩියා එක ඒක.."

"ආය මොනවද? අපෙ උන්නැහැට එන්නෙ ඔහොම විශ්මිත අයිඩියාස්  තමයි. ඒ ගමන මම දන්න විදිහට කිව්ව මේ පිස්සු විකාර කරන්න හදන්න එපාය. ගෙදර යම්ය කියල. කොහෙද ඒ යකාට යමක් හිතුනොත් හිතුනම තමා. ලෑස්තිම මාව ගෙදර බස්සල ඇවිල්ල ඔය ට්‍රැෆික් වෝනිං සමාජ සේවය කරන්ට…"

"ඒ පාර බැරිම තැන උඹ ඕන කුදයක් ගහගං කියල උඹ ගෙදර ගිහිං බැස්ස?"

"පිස්සුද බං? එහෙම පුලුවන්ද? මේ යෝදය ඔතන ගිහිල්ල මොනව කර ගනීද කියල කවුද දන්නෙ? ඒ හින්ද බැරිම තැන මම කිව්ව හ්ම්ම්ම්..යන්නම ඕන නම් යමු..හැබැයි මාත් එනව..කියල.."

"පොරට හෙන හැපී ඇති.."

"හිහ්..හිහ්..හැපීද අහනව...මගෙ අතක් අරං ඉඹල තැන්ක්යූ තැන්ක්යූ..යූ ආ ද බෙස්ට් කියල වාහනේ ආපහු හරෝගෙන ඔන්න පටන් ගත්ත ඔපරේෂන් ට්‍රැෆික් වෝනිං…"

"හෙහ්..හෙහ්..මරු කතාව ඕයි...පස්සෙ කිසිදු අතුරු ආන්තරාවක් නැතුව ඔපරේෂන් එක ඉවරවෙලා උඹල දෙන්න ගෙදර ගියා? "

"නෑ..නෑ...අහපංකො ඊට පස්සෙ විස්තරේ..ඔන්න මයෙ හිතේ හතර පස් පාරක් දෙපැත්තට ඔහොම වෝනින් දිදී ගියයි කියමුකො.."

"දැං කොහොමද ඔය වැඩේ උඹල කලේ? "

"මෙහෙමනෙ..ඔන්න පොලිසියෙන් ඉන්න තැන ඉඳල කිලෝ මීටර් තුන හතරක් විතර එක පැත්තකට එන එන වාහනේට හෙඩ් ලයිට් ඔන් කර කර යනව කියපංකො. බහුතරයක් ඩ්‍රයිවර්ල අත වනල තැන්ක්යූ කියල කියනව. අපේ උන්දැට හෙණ සතුටුයි. අන්න දැක්කද? අන්න දැක්කද ? මිනිහ මට තැන්ක්යූ කියලත් කිව්ව කියල හිනා වෙනව. ඔහොම සෑහෙන දුරක් ගිහිල්ල තියෙන හන්දියකිං ආපහු හරෝ ගන්නව. ඊට පස්සෙ අනික් අතටත් ඔය සෙල්ලම කරනව. ආපහු හරව ගන්නව. ආපහු ඔය සෙල්ලම.."

"ඉතිං කීපාරක් විතර ඔහොම කලාද උඹල දෙන්න?"

"උඹල දෙන්න කියන්නෙ ආය මම කරපු කෙහෙල්මලක් නෑ.. අපෙ මිනිහ තමයි ඔක්කොම කලේ. හෙඩ් ලයිට් ගහනව. හිනාවෙනව. අත වනන මිනිස්සුන්ට ආයම අත වනනව. එක ජංජාලයයි. මම කලේ තොල් දෙකත් හපාගෙන මගෙ පැත්තෙ ජනේලෙං ඈත බලාගෙන මේ විගඩං දැක්කෙ නෑ වගෙ සීට් එකේ ඉඳගෙන ඉන්න එක.."

"පස්සෙ?"

"හතර පස් පාරක් එහාට මෙහාට ගියාම මම කිව්ව දැන් ඇති නේද කළගුණ සැළකුව? හෙටටත් සලකන්ට ටිකක් ඉතුරු කරගත්තොත් නරකද? අපි දැන් ගෙදර යමු කියල..කොහෙද බීරි අලින්ට අර මොකක්ද ගහනව වගෙ.."

"පොරට වැඩේ එච්චරම අල්ලල ගිහිල්ල?"

"ඔව්..ඒත් මම දැනගත්ත කොයි වෙලාවක හරි වැඩේ වකූර් කරගන්නව මේ මනුස්සය කියල. ඕනම දේක තියනවනෙ ගාණක් මිම්මක්. අනික අපේ කාර් එක රතු පාට. නෝට් වෙනව වැඩියි. සුදු එකක් නම් ඔන්න එච්චර ගානක් නෑ. මම නිකමට කිව්ව දැන් ඔන්න බලන්න ට්‍රැෆික් පොලිස් දෙන්න ඔයාව නවත්තන්නෙ නැද්ද කියල. ඒ කියල කට ගන්ට හම්බවුනේ නෑ ඊලඟට අර වංගුව ගාවට එනකොට ඒ පොලිස් කාරයෙක් පාරට පැනල අපේ වාහනේ නවත්තන්ට කියල සිග්නල් කලා.."

"ජලා හුටා..ඉතිං?"

"අපේ මනුස්සය කියනව..ඒ මොකටද නවත්තන්න කියන්නෙ? මම වරදක් කලේ නෑනෙ කියල.."

"ඒ කතාවෙත් ඇත්තක් තියනව.."

"ඔව්..ඔව්..ඒත් සිග්නල් කලාම නවත්තන්න එපාය. මම කිව්ව හරි අපි නවත්තල බැහැල යමු මොකද කියල බලන්න. මමත් එන්නම්කො කියල. ඔන්න අපි දෙන්නම බැහැල ගියා. ලඟට ගියාම රාළහාමි අහනව මේ මහත්තුරු නෝනල කොහෙද ගෙවල්? කියල. මම කිව්ව අපි ඉන්න දිහාව. එතකොට අහනව දැන් හත් අට පාරක්ම මෙතනින් එහාට මෙහාට යනව අපි නෝට් කලා මොකක් හරි කරදරයක්ද? කියල.."

"කෙලිය තාප්පෙටම ඉතිං?"

"මම කෝකටත් කියල කතාවක් හදාගෙන ගියේ...අපෙ උන්නැහැ මොකවත් කියන්ට ඉස්සර මම කිව්ව ඔව් සර්..අපෙ යාලුවෙක්ගෙ කාර් එකේ මොකක් හරි අවුලක් වෙලා මේ කිට්ටුව කොහෙ හරි පාරෙ නැවතිල කියල අපිට කෝල් එකක් ආව. අපි මේ එහාට මෙහාට ගියේ එයාට උදව්වක් දෙන්න කියල හිතාගෙන. ඉතිං හම්බ උනාද? පොලිස් කාරය ඇහුව...නෑනෙ ඒකයි මේ එහාට මෙහාට ......."

"පොලිස් කාරයොත් මෝඩයො නෙවෙයිනෙ…"

"ඔව් ඔව්..ඒ පාර මිනිහ අහනව කෝල් එකක් දීල බැලුවෙ නැද්ද කියල. මම කිව්ව ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ කියල. පොලිසියෙන් එතකොට කිව්ව එහෙමනම් හිතාගන්න තියෙන්නෙ යාලුව කොහොම හරි කාර් එක හදාගෙන ගිහිල්ල කියලනෙ. අනික හත් අට පාරක් එහාට මෙහාට ගිහිල්ල හොයන්න මොකෝ කාර් එකක් කියන්නෙ ඉදිකටුවක් වගෙ එකක් නෙවෙයිනෙ. පාර අයිනෙ නවත්තල තියනවනම් පේන්ට තියෙන්න එපාය. එහෙනම් මම කියන්නද? මේ දෙන්න දැන් ගෙදර යන්න..අපිත් දැන් මේ යන්න කියල..මේ වගෙ තැනක හයි ස්පීඩ් අල්ලන්න පැය බාගෙකට වඩා ඉන්න එකේ තෙරුමක් නෑ..අපිව දකින දකින ගස් ගෝන්නු පටන් ගන්නව හෙඩ් ලයිට් ගහල අනික් අයට කියන්න අපි ඉස්සරහ ඉන්නව කියල. එතකොට අපි ඉන්න එකෙන් වැඩක්ම නෑ. ඒ හින්ද අපි මේ යන්නයි හැදුවෙ..මඟදි යාලුවගෙ කාර් එක දැක්කොත් අපිත් පුලුවන් උදව්වක් කරන්නං..හරි එහෙනම් ඔය දෙන්න යන්න..ඔන්න ඔහොමයි පොලිස් කාරය කිව්වෙ..."

"නියම කතාව...ඒ කියන්නෙ උංට සැක හිතිල?"

"ඔව්..සැක හිතෙන්න ඇති..ඊට පස්සෙ අපි දෙන්න හෙමීට එතනින් මාරුවෙල ගෙදර ආව..ගෙදර ඇවිල්ලත් අපෙ උන්නැහැ බනිනව පොලිස් කාරයින්ට..එහෙම කොහොමද ඒ මිනිහ අපිට ගෙදර යන්න කියන්නෙ? මොකක්ද මම කරපු වැරැද්ද? හරි නම් මානව හිමිකම් නඩුවක් දාන්නයි තියෙන්නෙ කියල..මම කිව්ව...හරි හරි මානව හිමිකම් නඩුවක් පස්සෙ දාමු..මට අද හරිම මහන්සියි ඔයත් එක්ක මේ සමාජ සත්කාර්යයන්ට ගිහිල්ල. අද රෑට උයන්ට නම් බෑ.. හන්දියෙ කඩේට ගිහිල්ල ඉඳි ආප්ප මොනව හරි අරං එනවද කියල. හරි මම කාර් එකේම යන්නම්..අපෙ උන්නැහැ කිව්ව..මේ මේ..කාර් එකට අත තියන්නෙ එහෙම නෑ. මට විස්වාස නෑ තමුං කාර් එකේ ගිහිල්ල මොනව කරගනීද කියල. වැඩි දුරක් නෑනෙ..ඕනනම් මීටර් හත් අටසීයක් ඇති..පයින් ගිහිල්ල එන්න..එතකොට ඔය හිතේ තියන මල පැනපු ගතියත් බහියි කියල..ඔන්න ඔහොමයි බං අයියෙ කතන්දරේ..."

"හිහ්..හිහ්..මරු කතාව බං..බ්ලොග් එකේ ලියන්ට වටිනව.."

"ලියහං ලියහං හැබැයි මගෙ නම එහෙම දාන්නෙ නෑ හොඳද?"

"නෑ..නෑ..එහෙමත් කරනවද බං මම?....."

හෙහ්,හෙහ්....ඉතිං මගේ දයාබර පාඨකයිනි..ඔන්න ඔහොමයි උනාය කියන්නෙ...

අඩේ ඒ අතුරු කතාවත් සෑහෙන්න දිගට ඇදුන නේද? කමක් නෑ මම අර කලිං කිව්ව වගෙ මෙව්ව තමයි "Life Is Like That" කියල ලියන්න ඕන කතා. ඒ හින්ද ටැක්සි කාරයගෙ කතාව ඊලඟ කොටසින් ලියන්නම් හොඳද? 

ආ...නෑ..නෑ..නෑ..අනිවාර්යයෙන් දවස් දෙක තුනක් ඇතුලත ලියන එක ලියනවමයි. අද ඉඳල අපිට දවස් හතරක් නිවාඩු. ඊද් නිවාඩුව. අනික මෙහෙ මේ දවස්වල පැලෙන්න පායනව. ඉතිං දවල්ට එලියට බහින්ට බෑ. ඔය කූල් බියර් එකක් එහෙම ගහගෙන මොන මොනවහරි ලියාගෙන පොතක් පතක් කියවගෙන ඉන්ටයි තියෙන්නෙ...

To be Continued …Of Course…

54 comments:

  1. Hamadama wage harima apooru kathawa1

    ReplyDelete
    Replies
    1. සරත්,

      බොහොමත්ම ස්තූතියි සරත් හැමදාම වගෙ මුලින්ම ලැබෙන ඔබේ ප්‍රතිචාරයට...;)

      Delete
  2. මං හිතන්නෙ අර මොකෑලන්ත වාසිනිය (හිටපු ) ගෙ කතාවක්... උඹ රහුමාන්ව ගස්ගෝනා කියල හඳුන්වපු එකෙයි, පොලිස්කාරයා හෙඩ් ලයිට් ගහන එවුන්ව ගස්ගෝන්නු කියලා හඳුන්වපු එකෙයි තියන දැවැන්ත, සංකීර්ණ, අහඹු සංසිද්ධිය ගැන මම මේ කල්පනා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. https://www.bbc.com/news/world-europe-14842999

      Delete
    2. Thisara,

      /මං හිතන්නෙ අර මොකෑලන්ත වාසිනිය (හිටපු ) ගෙ කතාවක්.../

      මම පෝස්ට් එකේ අහට මෙහෙම නිවේදනයක් දාන්න කියල හිතාගෙන උන්නෙ. Forgot to do that entirely...:(

      මෙම කථාවෙහි කථා නායිකාව කවුරුන්ද යනුවෙන් ඔබ විසින් විමසන පැණයන්ට පිළිතුරු සැපයීමෙන් මෙන්ම ඇය අහවල් තැනැත්තිය විය යුතුය යන උපකල්පනයන්ට ප්‍රතිචාර දැක්වීමෙන්ද උදක්ම වැළකී සිටීමට තීරණය කළෙමි.

      ඒ හේතුකොටගෙන ඔබට යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ නම් ඒ පිළිබඳව මගෙ සාතිශය සංවේගයද මේ සමඟම පළකරමි!


      /උඹ රහුමාන්ව ගස්ගෝනා කියල හඳුන්වපු එකෙයි, පොලිස්කාරයා හෙඩ් ලයිට් ගහන එවුන්ව ගස්ගෝන්නු කියලා හඳුන්වපු එකෙයි තියන දැවැන්ත, සංකීර්ණ, අහඹු සංසිද්ධිය ගැන මම මේ කල්පනා කරන්නෙ./

      What bloody දැවැන්ත, සංකීර්ණ, අහඹු?

      එහෙම වෙන එක සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි..ගස් ගෝනා කියන්නෙ වඳුරට...වඳුරු මස් රසෙන් ගෝන මස් වලට සමානයි කියල තමයි එහෙම කියනවයි කියන්නෙ. හැබැයි මට නම් එහෙම කිසිම සමාන කමක් දැනුනෙ නෑ..වඳුරු මස් මහ කොළ රහක් වගෙ එන්නෙ..තුහ්ප්..

      එතකොට ඔය වඳුරට ගස් ගෝනා කියල කියන්නෙ මොණරාගල බිබිල දිහාවෙ.මගෙ හොඳ යාලුවෙක් හිටිය බිබිලෙ. උගෙන් තමයි මම ඔය ගස්ගෝනා කතාව පුරුදු උනේ. ඉතිං අර ට්‍රැෆික් රාළහාමිත් බිබිලෙ මනුස්සයෙක්.බිබිලෙ කිව්වට බිබිලෙට පොඩ්ඩක් එහ. රිදීමාලියද්දෙ..

      Clear as daylight... eh Thisara..my dear friend?

      Delete
    3. ස්තූතියි ප්‍රා,

      ඔය වගෙ ගෝඩා බීල මත් වෙච්චි අලි පිස්සු කෙලිනව මම එක පාරක් දැක්ක 90/91 වගෙ කාලෙ වැලිකන්ද-ත්‍රිකෝණමඩු පාරෙ ගිහිල්ල අපෙ ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් තිබ්බ සිංහපුර කියල..අන්න එහෙ වැඩ කරද්දි..

      අර අපෙ ලොක්ක ඇතිකරපු හීලෑ ගෝනට අලුතෙං වැඩට ගත්තු වොචර් කෙනෙක් වැඩේ දුන්නෙ..අන්න ඒ කාලෙ..මට ඒ කතාව හොයාගන්ට බැරිවුනා ෆුල් Try කලත්..මේ වෙලාවෙ අනික ටිකක් සිහිය කට එහා මෙහා වෙලා තියෙන්නෙ..හෙහ්..හෙහ්..යු නෝ ප්‍රා, හොලිඩේස් නෝ?

      අපේ ප්‍රසන්නය (ගරු සබාපති තුමා) ඒකෙ ලින්ක් එක දායි..

      ඔය අලි ගෝඩ බීල පිස්සු කෙලපු එකත් නියම කතාව..මට මතක නෑ මම කලින් කිව්වද කියල..ප්‍රසන්නයො අනේ බං ඒකත් හොයල කියහන්කො...මම කලින් ඒ කතාව කියල තියනවද කියල..හොඳේ? උඹ හොඳ එකානෙ...:)

      Delete
    4. එකක් හම්බුණා. ගෝනගේ කතාව.

      http://ranrandil.blogspot.com/2013/02/162.html

      Delete
    5. මානවී..

      හප්පේ අයි ඩොන්නෝ හව් ටූ තෑන්ක් යූ...Thank you so much Dear...:)

      Delete
    6. RaviAugust 24, 2016 at 3:11 PM

      විචා,

      අලි කියන ජාතිය කොහොමත් පොඩි ෂොට් එකක් දාන්ට මනාපයි. වැඩේ ඉතිං උංට පොඩි ෂොට් එකක් කියන්නෙ කැලේ හංගල තියන කසිප්පු එහෙම අහුවුනාම බැරල් බාගයක් විතර බීල දානව.

      ඔය සමහර බීමට පුරුදු වෙච්චි අලි ඉන්නව ජොලි බඩු. අපි අර කැලේ මැද ඉන්න කාලෙ එක හවසක ඔහොම ඩෝප් වෙච්චි අලි පැටව් තුන් හතර දෙනෙක්ගෙ විගඩං බලාගෙන හිටිය සෑහෙන වෙලාවක්. ඔන්න උං වැව් කණ්ඩියක් උඩට නැඟල බෑවුම දිගේ රෝල් වෙලා ගිහිල්ල ජබෝස් ගාල වැවට වැටෙනව. ආයම දුවගෙන ගිහිල්ල ස්ලෝප් එක දිගේ රෝල් වෙලා එනව.

      අලි අම්මල තක්බීර් වෙලා බලා ඉන්නව මොකක්ද මුං නටන මේ නාඩගම කියල හිතාගන්ට බැරුව. අපිත් මුලිං අඤ්ඤකොරොස්. පස්සෙ එතෙන්ට ආපු ඒ කිට්ටුව කැලේ මැද කසියා වාඩියක් කරන මනුස්සයෙක්ගෙන් තමයි අපි හරි විස්තරේ දැන ගත්තෙ. මිනිහගෙ නම ඇල්බට්. ඔන්න මෙහෙමයි ඩයලොග් එක.

      මම- "ආ..ඇල්බට්..අන්න බලාපංකො අර අතන අලි පැටවුන්ගෙ හුරතලේ..අඩේ බං ආසා හිතෙනව නේද?"

      ඇල්බට් - "ආස හිතෙනව? හුහ් මහත්තයලට නම් මොකද? මහත්තයලට ආසා හිතෙයි. ඒත් මහත්තය දන්නවද ඔය @#%$#@&* අලි පැටව් ඔය පිස්සු කෙලින්නෙ වාඩිය පිටිපස්සෙ කැලේ හංගල තිබ්බ මගෙ ගෝඩා බැරල් එකම බීලය කියල. අම්මාපල්ල ඔය එකෙක් මට තනි පංගලමෙ අහුවුනොත් මම %^&$#@^& පස්ස බලන්නෙ"

      විචා ආමී එකේ හිටපු හින්ද දන්නව ඇතිනෙ අදාල වචන. අදාල තැන්වලට අදාල වචන දාගෙනම කියවන්ට...:)

      http://ranrandil.blogspot.com/2016/08/436-but-still-1.html?showComment=1472031712726#c1614227953342391648

      Delete
    7. Thanks Prasanna for the link..:)

      Delete
  3. මටත් හරිම ආතල් ජනක වැඩක් ඔය ලයිට් ගැහිල්ල. හැබැයි මම උවමනාවෙන්ම බස් වලට ඔය ලයිට් සිග්නල් එක දෙන්නේ නෑ.. බස් කාරයෝ කිසි සැලකිල්ලක් නැති ජාතියනේ... පොලිසියෙන් අල්ලනවට තමා මම කැමති. කාර් වෑන් ඇතුළු පොඩි වාහන වලට තමා මම සිග්නල් එක දෙන්නේ.. සිරාවට ආපහු හෝන් පාරක් වදිනකොට හරිම සනීපයක් දැනෙන්නේ..

    මේ රටේ ඔය සීන් එක නැති හින්ද ඒ ආතල් එක ගන්ඩ බෑ.. දැන් මම කරන්නේ ඔය හරවන්න බලාගෙන ඉන්න අක්කලට එහෙම වාහනේ නවත්තල ඉඩ දෙන එක... චයිනිස් ගෑනු ළමයෙක් හෝන් එකක් ගහල යනකොට ඊට වඩා ආතල් හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. Pathum,

      /මේ රටේ ඔය සීන් එක නැති හින්ද ඒ ආතල් එක ගන්ඩ බෑ.. /

      ඈ???..තෝ ආයමත් මැලේසියා ගියාද හම්බාවො? දෙයියම්ප නිකමටවත් කිව්වෙ නෑනෙ..තෝව දීයාම කාපිය අපේ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයානනි!

      Delete
    2. අපි ආපහු මෙහෙ ආපු ගමන් ජනතාව දැනුවත් කරලා පෝස්ට් එකක් ලියල දැම්ම. රවී අයියට මිස් වෙන්න ඇති.

      Delete
  4. මේ සීරිස් එක නම් අර පරණ ස්ටයිල් එකටම ලියවෙනවා වගේ නේද. ඔය හෙඩ් ලයිට් ගැහිල්ල ගැන මටත් තියෙනවා හොඳ අත්දැකීමක්. ලියන්න කම්මැලි වගේම බොලාට වගේ රහට ලියන්න හැකියාවකුත් නැහැ නොවැ. නිවාඩු දවස් හතරට පෝස්ට් හතරක් වත් දාමු නේද. Happy vacation mate!

    ReplyDelete
    Replies
    1. Udaya,

      බොහොම ස්තූතියි උදය, හෙහ්,හෙහ්, බලන්නංකො පෝස්ට්දෙකක් වත් ලියන්ට...ඊයෙ දවල් ගියා පොඩි සාදයකට. ඒකෙදි ගුණදාස කපුගේ ගැන මම කලින් නොදැන හිටි තොරතුරක් දැනගන්ට ලැබුන. මම මේ කල්පනා කරන්නෙ ඒක මේ ගමන්ම ලියනවද නැත්නම් ටැක්සි රියදුරාගෙ කතාව ලියල ඊට පස්සෙ ලියනවද කියල..:)

      Delete
  5. ඔය ලයිට් ගැහිල්ල තව දේකට කරනව. ඒකනම් ලංකාවෙ කරන ක්‍රමයයි අනික් බොහෝ රටවල කරන ක්‍රමයයි එකිනෙකට වෙනස්. උදාහරණයකට ඉස්සරහින් එන වාහනයක් අපේ වාහනේ ඉස්සරහින් හරස් පාරකට හරවන කොට. වෙන රටවල නම් කෙලින් එන වාහනය ලයිට් ගහන්නේ හරවන වාහනයට ඒකට ඉඩ දෙනව කියල හඟවන්න. ලංකාවෙ ලයිට් ගහන්නේ මම නවත්වන්නේ නැහැ උඹ හරවන්න එපා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ්..හෙහ්..ඔය ලයිට් ගැහිල්ල පටලවගෙන ඇක්සිඩන්ට් එහෙම උනයි කියල ආරංචි නැද්ද?

      Delete
  6. අයියා මේ කතාව ඒ කාලෙදිත් කිව්වා. එදා වගේම අදත් හිනා වෙවී කියෙව්වා. අයි මිස් දැට් පිස්සි. ඇන්ඩ් අදර්ස් ටූ. :/

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      /අයියා මේ කතාව ඒ කාලෙදිත් කිව්වා. /

      අඩේ මම කලින් මේ කතාව ලිව්වද? දෙයියම්ප මතක් නැති හැටියක්..:(

      /අයි මිස් දැට් පිස්සි. ඇන්ඩ් අදර්ස් ටූ. :/

      මෙම කථාවෙහි කථා නායිකාව කවුරුන්ද යනුවෙන් ඔබ විසින් විමසන පැණයන්ට පිළිතුරු සැපයීමෙන් මෙන්ම ඇය අහවල් තැනැත්තිය විය යුතුය යන උපකල්පනයන්ට ප්‍රතිචාර දැක්වීමෙන්ද උදක්ම වැළකී සිටීමට තීරණය කළෙමි.

      ඒ හේතුකොටගෙන ඔබට යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ නම් ඒ පිළිබඳව මගෙ සාතිශය සංවේගයද මේ සමඟම පළකරමි!


      Having said that let me say that I totally agree with you. Poddi, Ama, Janu & Randil...Those were the days...But that's life...everything is changing constantly..Everyone has priorities...We have to accept that...Eh Madam?

      Delete
  7. කතාව භාගයක් කියවද්දී කම්මැලි කමේ නින්ද ගියා. දැන් මේ ආයේ නැගිටලා ඇනුමක් එහෙම කඩලා කොමෙන්ට් එක දාන්නේ.

    ReplyDelete
  8. මම කිවුවෙ.. මම කිවුවෙ. බොලා මේක ලේසියෙන් ඉවර කරන්නෙ නෑ කියල.

    ඉතිං අර ගස් ගෝන ආපහු හරෝගෙන ට්‍රැෆික් කාරයො ඉන්න පැත්තට එනකොට උගේ ඉස්සරහට එන එවුවො ලයිට් ගහල වෝනිං කරල නැද්ද? එහෙම කළානං කළගුණ සැලකීම ලේසියෙන් ඉවර කරන්න වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  9. කවුඩුපැලැල්ල කොහෙද?

    ReplyDelete
    Replies
    1. මාලඹේ ලඟම එහෙමනම්.

      Delete
    2. ප්‍රා,

      ඔය කිට්ටුව ඇති කවුඩුපැලැල්ලක් නෑ..කඩුවෙල කියල ලියල මම ඒ එක්කම නිකම් මේ ආතල් එකට කවුඩුපැලැල්ල කියල ලිව්ව.

      කවුඩුපැලැල්ල තියෙන්නෙ මාතලේ- දඹුල්ල අතර. මාතලේ ඉඳල කිලෝමීටර් 15 ක් වගෙ දුර.

      ඔය කවුඩුපැලැල්ලෙ පන්සලේ හාමුදුරුවො අපෙ බොහොම කිට්ටු හිතවතෙක්. අපෙ කිව්වෙ මගේ සහ එතුමියගෙ. එතුමිය ඔය මට මුණ ගැහෙන කාලෙ ඉගැන්නුවෙ ඇළහැර කිට්ටුව ඉස්කෝලෙක. දැන් ඒ ඉස්කෝලෙ නෑ. මොරගහකන්දෙ වතුරට යටවුනානෙ. ඒ ඉස්කොලෙ ස්ටාෆ් එකේ හිටිය ඔය හාමුදුරුවොත්.මම බොහොම ගරුකරන හාමුදුරුනමක්.

      ඔය හාමුදුරුවො ගැනත් හොඳ කතා කීපයක්ම තියනව.

      ඔන්න ඔය හාමුදුරු නමක් ඉස්කෝලෙ ස්ටාෆ් එකට එකතුවෙනව කියන ආරංචිය ආවලු.හෙට එනවයි කියලයි ඔෆිස් එකෙන් කියල තියෙන්නෙ.

      ඉතින් කට්ටිය ස්ටාෆ් රූම් එකේ දහයට තේ බොනකොට ඔය ගැන කතා උනාලු. "හරි වැඩේනෙ අනේ..හාමුදුරුවො දකින දකින පාරට අපිට නැඟිටින්න වෙයිද මන්ද.."ඔන්න එක ගුරුවරියක් කිව්වලු..

      "හුහ්..එහෙම කොහෙද? එහෙනං ඉතින් අපිට නැඟිට නැඟිට ඉන්නවට වැඩිය වෙන වැඩක් නෑ..මම නම් නැඟිටින්නෙ නෑ.."අපේ බාර්යා තොමෝ දැඩි ලෙස කියා හිටියලු. "මම කියන්නම්කො ප්‍රින්සිපල් සර්ට..එව්ව කොරන්න බෑ කියල.."

      ඒ එක්කම ප්‍රින්සිපල් සර් ස්ටාෆ් රූම් එකේ දොරගාව පෙනී හිටියලු..."ආ..මේ සර් ආපු එක හොඳයි..සර් ඔන්න අර හාමුදුරුවො ආහම අපිටනම් බෑ හැමවෙලේම නැඟිට නැඟිට ඉන්න..." කියල අපෙ උන්දැ සද්දෙට කිව්වලු..

      සර් අතින් කිව්වලු කෑගහන එපා කියල.අපේ උන්දැ කොහෙද...හෙහ්..හෙහ්.."ඇයි සර් කෑගහන්න එපා කියන්නෙ?..මම කියන්නෙ එහෙම කොයි වෙලාවෙත් නැඟිට නැඟිට..."..

      එතකොටම ප්‍රින්සිපල් සර් ස්ටාෆ් රූම් එක ඇතුලට ආවලු. ඒ පස්සෙන් ආවලු අලුතෙන් ආපු හාමුදුරුවො.."ආ..නෑ..නෑ..ඔයගොල්ලො කොයි වෙලෙත් මාව දකිනකොට නැඟිට්ටෙ නැතුවට කමක් නෑ...එහෙම නොකලය කියල කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..."හාමුදුරුවො හිනාවෙලා එහෙම කිව්වලු.

      "මට පොළව පලාගෙන යන්න හිතුන ඒයි.."එදා හවස ගෙදර ඇවිල්ල ඔය විස්තරේ මා දැක්කිං කියල අන්තිමට උන්දැ කිව්ව..හාමුදුරුවො මේ ලඟදිත් ඔය කතාව මතක් කරල හිනාවුනා......:)

      Delete
    3. Prasanna,

      අඩේ සමාවෙන්ට ඕමනයි..උඹේ කමෙන්ට් එක ඇරුනට..වෙරිම සොරි..

      කාලෙකට ඉස්සෙල්ල අර අපෙ ඩූඩත් මා එක්ක ගේම ඉල්ලුව කමෙන්ට් වලට උත්තර දීගෙන දීගෙන ඇවිල්ල හරියට උගෙ කමෙන්ට් එක ගාවින් උත්තර දීම නවත්තල මම අතුරුදන් වෙනව කියල...හෙහ්..හෙහ්..මම එහෙම හිතල කරපු දෙයක් නෙවෙයි ඇත්තටම..තනිකරම අහඹු සිදුවීමක්..

      මේකත් එහෙමයි බොලේ..බයි මිස්ටේක්..මයි බිස්ටේක්...එහෙම නැත්තං උඹ සබාපති වෙච්චි..මගෙ අංක එකේ රසිකයා වෙච්චි බ්ලොග් ලියන්ට ආපු දා ඉඳලම..පරණ පෝස්ට් හොයල දීල මට මෙච්චර උදව් කරන එකා වෙච්චි එහෙම එකේ මම උඹේ කමෙන්ට් එකක් මග අරිනවද හැබෑටම..:(

      Delete
  10. මොකෝ දැන් ජානුස් ගොයියා පේන්නවත් නැත්තේ? තවම කඳු නඟිනවලුද?

    ReplyDelete
    Replies
    1. රංගි,

      උන්දැ එහෙ හොල්ලගෙන ඉන්නෙ දැං...කඳු නගිනව..මල යමහල් වලට බහිනව..සල්ෆර් ගුහාවලට රිංගනව..ලඟදි තට්ටෙ ගාලත් හිටිය.. එක ජංජාලයයි.....

      උන්දල දැන් ඉන්නෙ පුකේ කොහේ...

      Delete
    2. මමත් කාලයක් හිටිය ඔය රටේ. තව නගරයක් තියෙනවා Pukeiti කියලා.

      Delete
  11. දවස් හතරම ලියන්ටයි තියෙන්නෙ පස්සෙ බැරියැ මලවන්ට

    ReplyDelete
    Replies
    1. මද්දා,

      බලමු...බලමු...:)

      Delete
  12. මේක නම් මරු. හරි හමන් කොමෙන්ටුවක් දාන්නම්කො පහු වෙලා.

    ReplyDelete
    Replies
    1. මේක මේ ඇත්තටම වුණු දෙයක්ද නැත්නම් ආදරණීය මඩක් ද හැබෑටම?

      අපේ බ්ලොග් කරුවෝ ටික ආයේ ක්‍රියාශීලී ලෙස ලිවීමට යොමු කරවන්න, එක එක බ්ලොග් කරුවෝ එක එක දේවල් අත්හදා බලනව නේ. අටම් තුමා ෆේස් බුක් එකේ තියන ඒව මෙහෙ ගෙනත් අලවනව, මාතලන් තුමා පත්තරේ අප්ඩේට් කරනව. මම හිතන්නේ ඔබතුමා ත් මේ අර අදින්නේ එහෙම දේකට.

      අනිත් ඒව නොදැක්ක වගේ හිටියයි කියමු, ඒත් දෙවියනේ අමු අමුවේ මඩ ගහනකොට කාටද ඉවසුව හැකි? තමන්ට මඩ ගැහුව නම් තවත් කමක් නෑ, මේ ආදරණීය පෙම්බරා ට නේ කින්ඩිය දාල තියෙන්නෙ. එතකොට ඉතින් පිළිතුරු බඳින්න දුවගෙන ඇවිත් එහෙමම බ්ලොග් ලෝකේ නවතිනවා ආයේ අර දුවගේ අලුත උපන් බිලිඳු දරුවා බලන්න එන අම්මා එහෙමම දුවගේ ගෙදර නවතිනවා වගේ.

      රවී තුමාගේ මොළේ තමයි මොළේ.

      බලන්න ඉතින් මෙහෙම මොළයක් නේ මේ රට රටවල ගිහින් විදේශිකයින්ට සේවය කරන්නේ. ලංකාවේ හිටියා නම් කොයි තරම් සේවයක්ද රටට? අර ජනාධිපති තුමත් ලඟදි විදේශගත ඉංජිනේරු වරුන්ට ආපහු එන්ට කියල තිබුණ, එතුමාටත් තේරිලා ද කොහෙද වැඩේ, ආයේ QS මොකෝ එන්ජිනියර් මොකෝ. :)

      මේ වාහනේ ඒ පැත්තට මේ පැත්තට යන එක කියවනකොට මට අර කවුදෝ කෙනෙක් ඉරිදට රෙදි අවුවට දාන්නයි, වහින්න එනකොට ආපහු ගෙට ගන්නයි, ආයේ අවුව පායනකොට අවුවට දාන්නයි, ආයේ වලාකුළු එනකොට ගෙට ගන්නයි දෙපැත්තට දුවන සීන් කෝන් එකක් නිකමට වගේ මතක් වුණා. කවුද කියල මේ කල්පනා කොළේ. ;)

      Delete
    2. Maanaviks,

      /මේක මේ ඇත්තටම වුණු දෙයක්ද නැත්නම් ආදරණීය මඩක් ද හැබෑටම?/

      ඇත්තම කිව්වොත් අරම එහාට මෙහාට ලයිට් දම දම ගියේ නම් නෑ.ඒක මගේ නිර්මාණයක්..අර වෑන් කාරය සිග්නල් කරල ඊට පස්සෙ රාළහාමිල දෙන්න දැක්කට පස්සෙ සුවාමියා තෙමේ ගෙදර එනකල් ඉස්සරහට හම්බවෙන හම්බවෙන වාහන වලට සිග්නල් කරල උං හෝන් කලාට පස්සෙ ආයම හෝන් කරල අත වනල එහෙම සෙල්ලං දාල තියනව. එහමයි උනා කියන්නෙ.

      /ආයේ අර දුවගේ අලුත උපන් බිලිඳු දරුවා බලන්න එන අම්මා එහෙමම දුවගේ ගෙදර නවතිනවා වගේ./

      මට හීන්වට ගහපු මඩ පාරක් වගේ මේකනම්...:)

      Delete
    3. /මට හීන්වට ගහපු මඩ පාරක් වගේ මේකනම්/

      අනේ නෑ එහෙම එකක් දැනන් උන්නේ නෑ. ඒකත් හොඳයි මතක තියාගත්ත ආයෙ ඕන උනොත් හීන්වට මඩක් ගහන්ට.

      Delete
    4. මානවික්ස්..

      හෙහ්..හෙහ්..මම එහෙම කිව්වෙ අපෙ අත්තම්ම අපේ ගෙදර නැවතුනේ හරියටම ඔන්න ඔය විදිහට හින්ද..

      අපෙ අම්මට කුළුදුලේ උපං පුත්‍ර රත්නය (ඒ කිව්වෙ මං හොඳේ?) බලල සතියකින් විතර ආපහු යන්ට ආපු උන්දැ මයෙ හුරුබුහුටි කොමට වසී වෙලා එහෙම්මම නැවතුනා කියාපන්කො..

      ඒ පාර එහෙම්මම අවුරුදු විසි අටක් ඉඳල ඒ සුට්ටි පුතාගෙ කරපිටින්ම තමයි අවසන් ගමන් ගියෙත් උන්දෑ...සංසාරේ තමයි ඉතිං...:(

      Delete
    5. ආ මට දැන් මතකයි එහෙම විස්තරයක් කියෙව්ව වගේ. :)

      /මයෙ හුරුබුහුටි කොමට වසී වෙලා/ :D අත්තම්ම හිටියනම් අහන්න තිබූණ හැබෑටම එහෙමද උනේ කියල.

      අත්තම්මලා ගෙ මුණුපුරා ලට තියන ආදරේ නම් ඉතින් එහෙම තමයි. ඒක හරිම අපූරු සෙනේවන්තකමක්.

      Delete
  13. හැමදාම වගේ මරු කතාව. අපි ලංකාවට ආව කාලෙ දන්නෙ නෑ ඔය ලයිට් ගැහිල්ල. දවසක් අපි අපේ වාහනේ නවත්තලා ටයර් හුලං ගිහිල්ලා ද කියලා බැලුවා , හේ හේ.

    ReplyDelete
    Replies
    1. චන්දි,

      හෙහ්..හෙහ්..ඒකත් මරු කතාව..වාහනේ නවත්තල ටයර් චෙක් කරලත් බැලුවද?

      ඔය ගොල්ලන්ට තිබ්බෙ ආයම කවුරු හරි එහෙම සිග්නල් කලාම ඔයාලගෙ වාහනේ හරවගෙන අර මනුස්සය පස්සෙ හෝන් එක එක දිගටම ගහගෙන ලයිට් දාගෙන එලවල ගිහිල්ල නතර කරවල අහන්න ඇයි එහෙම හෙඩ් ලයිට්ස් ඔන් කරල සිග්නල් කලේ කියල...හෙහ්,හෙහ්,

      Delete
  14. මේක නම් මරු කතාව අයියේ..අායි දෙකක් නෑ බාගෙට බාගයක් මඩක් තමා..හැබෑට කෝ අයියේ මේ බ්ලොග් ලියපු උන්දැලැ ටික..අාගිය අතක් නෑනේ..පොඩ්ඩි,ජනූ,නවම්, ඩූඩ් අමා..කෝ මේ රන්දිලුත් අතුරුදහන් නේ

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      /හැබෑට කෝ අයියේ මේ බ්ලොග් ලියපු උන්දැලැ ටික..අාගිය අතක් නෑනේ..පොඩ්ඩි,ජනූ,නවම්, ඩූඩ් අමා..කෝ මේ රන්දිලුත් අතුරුදහන් නේ../

      එව්ව එහෙම තමයි බං..මිනිසුන්ගෙ අවශ්‍යතාවයන් හැමදාම එක වගේ තියෙන්නෙ නැහැනෙ. අනික කාලෙන් කාලෙට අපේ ප්‍රමුඛතාවයනුත් බරපතල ලෙස වෙනස් වෙනව.

      උදාහරණයක් විදිහට යුවතියක්නම් කසාදයක් බැඳල දරුවෙක් දෙන්නෙක් ලැබෙන කොට ඉතිං බ්ලොග් එකක් ලියන්න ගතකරන්න කාලයක් නැතිවෙනව..ඒත් ලිවීමට දැඩිලෙස ප්‍රියකරන කෙනෙක් කොහොම හරි කාල වේලාවක් හොයාගෙන ලියනව.

      ඒ ඉතිං එක එක්කෙනාගෙ රුචිකත්වය..කාටවත් මොකවත්ම කියන්න බෑනෙ ඒ ගැන. තම තමන්ගෙ පෞද්ගලික නිදහස... නේ?....:)

      Delete
  15. අනන් මනන් නැතුව නියම ට්‍රැක් එකට ඇවිත් වගෙයි. ඔපරේෂන් ට්‍රැෆික් කථාව ඉවරද? තව හුඟක් දිගට ගෙනියන්න පුළුවනි. අර හොරොව්පතානේ රහුමාන් ගැන නම් තව කතා පෙළක්ම ලියන්නට ඕන තරම් Life is like that සිද්ධි තියේවි නේද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      /ඔපරේෂන් ට්‍රැෆික් කථාව ඉවරද?/

      යස් ඔපරේෂන් ට්‍රැෆික් වෝනිං කථාව මෙතෙකින් නිමියේය...:)

      /තව කතා පෙළක්ම ලියන්නට ඕන තරම් Life is like that සිද්ධි තියේවි නේද?/

      හපොයි තියනව...කතන්දර නම් ඕසෙට...කතන්දර නම් ඕසෙට...:)

      Delete
  16. අනන්නටයි කිස්ටයි සොරි ඩොට් කොම්ද අයියෝ මේ යන විදියට.... කූම උනත් මේ කතානම් මරු.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      නෑ..නෑ..නෑ..පිස්සුද බොල? එහෙම කොහොමද අනන්‍යා අමතක කරන්නෙ?

      මේ කතන්දර දෙක තුන ලියල දාල එක දිගට ලියන්ටයි හිතාගෙන ඉන්නෙ අනන්‍යාගෙ කතාව කොට්ස් එක පහක් හයක් විතර..

      සෝ ඩෝන්ට් වොරී..ඕකේ?...:)

      Delete
  17. මෙහේ අපි දන්නා ලංකාවේ අයියා කෙනෙක් ඔය වගේ ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියලා ලයිට් ගහ ගහ ගියාලු. මෙහෙම යද්දී ඉස්සරහට ආව වෙන පොලිස් කාර් එකකටත් වැරදිලා ලයිට් ගහලා! ඒ පොලිස් කාර් එක u turn එකක් දාලා පස්සෙන් ඇවිත් මෙයාව නවත්තලා අහලා ඇයි ලයිට් ගැහුවේ කියලා. 'මං හිතුවා මගේ යාලුවෙක් පාස් වුණා කියලා!' එයා ගත් කටටම කියලා. ඉතින් පොලිස් මහත්තුරුන්ට ඒක එහෙම නැහැ කියන්නත් බැහැනේ.. රවලා ගොරවලා කාරිය යන්න ඇරියාලු! :D

    ReplyDelete
    Replies
    1. මලී,

      වෙලාවට එහෙම දෙයක් ගත් කටටම කියාගන්න කල්පනා උනා..ගොත ගැහුනනම් එහෙම බඩුම තමයි...

      පොලිස් කාර් ගැන කියද්දි මට මතක් උනා පොඩි කතාවක්...මේක කලින් අහල තියනවද?

      A man in his mid-forties bought a new BMW and was out on the interstate for a nice evening drive. The top was down, the breeze was blowing through what was left of his hair and he decided to see what the engine had.

      As the needle jumped up to 80 mph, he suddenly saw flashing red and blue lights behind him. “There’s no way they can catch a BMW,” he thought to himself and opened her up further.

      The needle hit 90, then 100, and finally reality hit him and he knew he shouldn’t run from the police, so he slowed down and pulled over.

      The cop came up to him, took his license without a word and examined it and the car.

      Then bending down and peering in to the man's face said “It’s been a long day, this is the end of my shift and it’s Friday the 13th. I don’t feel like more paperwork, so if you can give me an excuse for your driving that I haven’t heard before, you can go.”

      The guy thinks for a second and says: “Last week my wife ran off with a cop. I was afraid you were trying to give her back.”

      “Have a nice weekend,” said the officer, and walked away.

      Delete
  18. නියමයි, මේවා නම් ඕනෑ තරම් ලියපං. ඊද් නිවාඩුව මතක් වෙද්දී බඩ පපුව දනවා බං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හෙහ්..හෙහ්..එව්ව එහෙම තමයි..කාලයක් පුරුදු උනහම ලේසියෙන් අමතක වෙන්නෙ නෑ..;)

      Delete
  19. මාගේ කොමෙන්ටුව නොසලකා හැරිම ගැන සාතිසය සංවේගය.

    සභාපති, කො.ක.ස.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි හරි බං වැරදීමක් වැරදීමක්..සමාව ..සමාව...:)

      Delete
  20. //ටැක්සි වලට බද්රියා මංසන්ධිය කොච්චර ප්‍රසිද්දද කියනවනම් මගෙ යාලුවෙක් හිටිය මිනිහ හිටියෙ කිලෝ මීටර් තුන හතරක් එහා. මනුස්සය කොහෙ හරි යන්ට ඕන උනහම ටැක්සියක් අරන් එනව බද්රියා සිග්නල්ස් ලඟට. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව එතන ඉඳල ටැක්සියක් අරගෙන යනව යන්ට ඕන දිහාට...//

    ඈ බං උඹ මැන්චෝසන් චාරිකා කියෙව්වද ආයිත් පාරක්.

    ඔන්නොහෙ අර ඇත්තිගේ නමත් දාපන් බං . කවද හරි හම්බ වුනොත් මූන බලන්න ආසයි ඒ යෝදයගේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...