Wednesday, October 2, 2013

221. කවිකාරියකගේ ප්‍රේමය…..9


කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..2 

කවිකාරියකගේ ප්‍රේමය…..3 

කවිකාරියකගේ ප්‍රේමය…..4 

කවිකාරියකගේ ප්‍රේමය…..5 

කවිකාරියකගේ ප්‍රේමය…..6 

කවිකාරියකගේ ප්‍රේමය…..7 

කවිකාරියකගේ ප්‍රේමය…..8 



" මේ ඒයි... රෙදි ටික මිදුලට දාමු නේද? " 

ප්‍රියම්බිකා තොමෝ ඔය මොකක් හරි රූප ලාවන්‍ය කටයුත්තක නිරත වෙන ගමං කියනව.එක්කො නියපොතුවල මොකක් හරි රාජකාරියක්. නැත්තං කැරට්, අලිගැටපේර, කාමරංගා සහ ලංසි පැපොල් ඔන්න ඔය ජාති 1:1: 2: 3 අනුපාතයට මිස්‍ර කරල මූණ කටේ උලාගෙන ඉඳියි.එහෙමත් නැත්තං රාබු පෙති දෙකක් ඇස් බෝල උඩ තියාන පුටුවක දිගාවෙලා ඉඳියි වරුවකට එහා පැත්තෙ.. ඔන්න ඔය වගෙ මොකක් හරි විසිවිත්තරයක්. 

" අයෙමත් වහී වගෙ නේද? " 

මම කියවමින් ඉන්න පොතෙං හරි පත්තරෙං හරි ඔලුව උස්සල ආකහෙ දිහාවෙ බලනව. 

" නෑ ඔය අපූරුවට අව්ව වැටුනෙ…" 

" හ්ම්ම්ම්……" 

මම නැඟිටල ආයෙම අර රෙදි වනාපු අටල්ල මිදුලෙං තියනව. 

ආයෙම පුටුවෙ වාඩිවෙලා පොත අතට අරගෙන අරුන්දැ දිහා බලනව. මේ ඉන්නෙ අර මොකවද පෙති දෙහෙකුත් ඇස් උඩ තියාන… ඇස් වහගෙන… ඒ මදිවට අර පෙති දෙහෙකුත් ඒ උඩ තියාන ඉන්දැද්දි මිදුලෙ අව්ව පෑව්වය කියල මෙවුන්දැ දන්න එක නෙව පුදුමෙ...

ආ....තව එකක්... ඔය පායනව කියන කතාව ගැන...වැස්ස පායල ඒ එක්කම අව්වත් පායපු නිසයි මම රෙදි ආපහු මිදුලෙං තිබ්බෙ..එහෙම නේද? එතකොට වැස්ස පායනව කියන්නෙ වැස්ස නැතිවෙනවට..අව්ව පායනව කියන්නෙ අව්ව ඇතිවෙනවට...කොහොමද ඒකෙත් වැඩේ හැටි... 

ආ..ඔය පෙති ඇවිල්ල රාබු නෙවෙයිය එව්ව පිපිඤ්ඤය කියල කිව්වෙ අපෙ නෙලුං විලේ නෝන මහත්තැං..මටත් එක විදිහකට කට තියාගෙන ඉන්ට බෑ නෙව..සිකුරාද ඔන්න හවස...ස්කයිප් එකෙං..මෙහෙමයි දෙබස… 

" මේ...ඒයි... මම මේ අහන්ටමයි හිටියෙ." 

" මොකද්ද? ඔයා ඉතිං මොනවහරි අහන්ටමනෙ ඉන්නෙ..හිහ්... " 


" නෑ..නෑ..අර ඒ දවස්වල මතකද ? ඔයා රූප ලාවන්‍යය වර්දනේ කරපු දවස්වල…" 

( මම ඔය එයයිගෙ බියුටි කචල් නාඩගං වලට කිව්වෙ රූප ලාවන්‍යය වර්ධනය කොට ගැනීමේ ව්‍යාපෘතිය කියලයි ) 

" ඉතිං?..." 

" ඒ දවස්වල ඔයා අර ඇස් උඩ තියාගෙන හිටියෙ ..ඒ මොනවද ඒ? රාබු නේද?..." 

" හිහ්..මේ මොකෝ හිටපු ගමං ඒක මතක් උනේ?.." 


" නෑ මම අර බ්ලොග් එකේ ඒක ගැන ලිව්ව.." 

" දෙයියෝ සාක්කි..මේ මනුස්සය නං මාව නැතිකරලයි පස්ස බලන්නෙ..මොනවද ඉතිං ඔය මා ගැන ඕකෙ ලිව්වෙ?.." 


" ආය ලිව්වය කිව්වට එහෙමට දෙයක් නෑ අප්පා..ඔයයි ඔහොම රාබු පෙති දෙකක් ඇස් උඩ තියාගෙන හිටියයි කියලයි ලිව්වෙ.." 

" ආ..ඒක මිසක්...එතකොට ඉතිං මොකෝ මේ ඒක හගිස්සවන්ට හිතුවෙ.?...." 


" නෑ අර නෙලුං නෝන කියල ඉන්නව..මහිලාවක්..එයයි කියනව එහෙම ඇස්සුඩ තියාගෙන ඉන්නෙ රාබු නෙවෙයිය..ඒ පිපිඤ්ඤය කියල...හෙහ්, හෙහ්.." 

" හුහ්, එයයි මායි දන්න පිපිඤ්ඤයි රාබුයි...එයාට කියන්ට මම ඇවිල්ල බූටි කචල් ඩිප්ලෝමා එකකුත් කරලයි ඉන්නෙ කියල…" 


ඔන්න හැබෑටම මට එතකොටනෙ මතක් උනේ..මුන්දැ ඔය රූප ලාවන්නිය පාටමාලාවක් කොලානෙව තුම්මස් අර්ද කාලීන සන්දියා...ඕක කොරල සහතිකෙත් අරගෙන ආව ගෙදර...සහතිකේ රාමු කොරල එල්ලුව සාලෙ බුද්දරූපෙ එක්කම පැත්තකිං..පාටමාලාවෙං දුන්න අඩුම කුඩුම වෙනම තැම්පත් කලා ඒ කිට්ටුවම රාක්කෙක. 

ඔවුන්දැ ඔය කෝස් එක කොරන කාලෙ මාව තමයි ගත්තෙ රට හාවට....කලාස් එකේ කියලදෙන එව්ව අත්හදා බලන්ට..ඇයි ඉතිං ඔය කියන කියන මංගල්ල වලට ඥැං පැං නොකිය කැමතිවෙන්නෙ මම විතරයි නෙව..හෙහ්..හෙහ්..ඒ විස්තරේ ඔන්න ගුරුවරියක් සමඟ මගේ ජීවිතේ ලියනකොට...හොඳද?.. 

පස්සෙ කෝස් එක කොරලත් සතියකට දෙතුං පාරක් මගෙ මූණෙත් උලන්ට ගත්ත ඔය පේසල්ද මොනවද අර කිරීං වගෙ ජාතිය..ඕනෑ මංගල්ලයක්ය කියල මාත් හිටිය සද්ද නැතුව..එපාය කිව්වනං මූණ දෙලේ වාගෙ කොරගන්නව නෙව... 

අම්මප කිව්වත් වාගෙ ඒ වැඩෙං මයෙ මූණ කට ආවනෙව පාට වැටිල..ඒත් වැඩි කාලයක් ඒ පොයියංගම තිබ්බෙ නෑ. දවසක් ඔන්න අපි දෙන්න යනව නුවර ටවුමෙ...හෙහ්, හෙහ්..ඒ කතාවක් කියන්නං එහෙනං අර ගුරුවරී එක්ක මයෙ ජීවිතේ කතාවෙදි... 

රෙදි අටල්ල මිදුලෙං තියල හරි බරි ගැහිල ඉඳගත්තට පොතේ පිටු දෙකක්කත් කියවන්ට උනාය..ඕන්න හතර වටිං කළුකොරගෙන වැහැගෙන ආපි. 

" ආං වහිනව නේද?...." 

රාබු පෙති දෙකට පල්ලෙහායිං ඒ නියෝගය නිකුත් උනේ.. 

" වහිනව නේන්නං …." 

දත්මිටිත් කාගෙනම එහෙම කියාගෙන මිදුලට බැහැල ආපහු අටල්ල අරං ආව ගේ ඇතුලට. 

හෝස් ගාල වැහැගෙන ආවට ඒ වැස්සත් ගහගෙන ගියා හුළඟට.ආයම අව්වකුත් වැටිච්චි.. 

" මේ...ආයම රෙදි ටික මිදුලට දානවද? " 

" අනේ මට නං බෑ..මිදුලට දාන්ටයි..ඒ එක්කම ආපහු ගන්ටයි මොන වදයද්ද? ඔන්න ඔහෙ වේලිච්චාවෙ ගේ ඇතුලෙ…" මට තරහෙ බෑ.. 

" ආ..එහෙම කියල කොහොමද? ගේ ඇතුලෙ වේලුනහම ඇඳුං පුස් ගඳයි.හෙට අපේ ඉස්කෝලෙ සුබ සාදකේ රැස්වීම. ඔය හෝදල තියෙන ලා කොල පාට හැට්ටෙ අඳින්ට ඕන අර ගිය සුමානෙ ගත්තු කොලයි කහයි ඔසරිය එක්ක. " 

" ඉතිං ඕකම අඳින්ට ඕනය හෙට?.වෙන මොකක් හරි එකක් අඳින්ට බැරිද? " 


" ඔයා පිස්සු කතාකරනවද?....අනික් තියෙන එව්ව ඔක්කොම මම කලින් ඇඳපුව..එව්ව හරියන්නෙ නෑ.." 

රාබු පෙති දෙක දබරැඟිලි වලින් හෙමීට තද කරන ගමන් එයා කියනව..ඉතිං කාටද මෙව්ව කියන්නෙ? 

" හ්ම්ම් ඒකත් එහෙමද? " 

පපුව හිස් වෙලාම යන්ට දිග හුස්මක් පහලට දාල මම නැඟිටල රෙදි අටල්ලත් උස්සගෙන ආපහු මිදුලට බැස්ස. 

" මේ දන්නවද ඔය වහිනව... පායනව... ආය වහිනව..ඔය දුවන වැස්සට කියන්නෙ මොකද්ද කියල?.." 

ආයෙම පොත අතට අරගෙන මම ඇහුව. 

" ඔයානෙ ඔය විස්තර දන්නෙ..මමයැ? හ්ම්ම්ම්ම්…….කියන්ටකො බලන්ට…" 

වැඩිය හයියෙං කතා කරන්නෙත් එහෙම නෑ. රූප ලාවන්නිය සීන් එකට බාදාවක් වෙන්ටැ මයෙ හිතේ.. 

" ඔය ඒ දවස්වල වී තම්බල වේලනවනෙ. පැදුරුවල වී වනල අව්වට දැම්මම ඔන්න වැහැගෙන එනව..ඉතිං බබලත්තු දනිපනි ගෑවිල්ලෙ වී පැදුරු ගෙට ගන්නව. ආයම පායනව.... ඔන්න එතකොට ආපහු අව්වෙ වනනව. ආය වහිනව. ඔන්න ඔය නිසා ඔය වගෙ දෙකට දෙවාරමේ වහින වැස්සට කියන්නෙ ගෑණු නටෝන වැස්ස කියල...හෙහ්, හෙහ්, " 

" ආ..වී වේලනව කිව්වම මතක් උනේ..මට මේ වැඩේ හින්ද මෙතනිං නැඟිටින්ට වෙන්නෙ නෑ තව පැයකට හමාරකට..දැං දොළහටත් කිට්ටුයි නේද?...ඔහොම්මම ගිහිල්ල හාල් ටිකක් තියන්ටකො ලිපේ...ඒ කරල පරිප්පු හුණ්ඩුවක් විතර අරගෙන ගරන්ටකො ඒ එක්කම…" 

අනේ අම්මප...මටත් කට තියාගෙන ඉන්ට බැරි හැටියක්... 

" ඒයි මේ...ඔන්න ආයම වැහැගෙන එනව.." 

මම හාල් මනින අස්සෙ ඔන්න එවුන්දැ ආයෙම බෙරිහං දුන්න. 

හරි ඒ ගෑණු නටෝන වැස්සෙ විස්තරේ එච්චරයි..දැං අර කියන්ට ආපු කතාවට... 

උදේම නැඟිටල ඔන්න දෙන්න එක්කම එකතුවෙල බත් මාලු උයාගෙන පාස්සලයක් බැඳගෙන …...මයෙ තියනව බොහොම හුරු බුහුටි හං මල්ලක්.. 

ඒ කාලෙ ඉඳලම මගෙ ගාව ලෙදර් ට්‍රැවලිං බෑග් එකකුයියි ඩෙනිමකුයි වරදින්නෙම නෑ.ඔය දෙක මගෙ ට්‍රේඩ් මාර්ක් එක වගෙ වෙලා තිබ්බෙ.මගෙ හම් මල්ල ඒ කාලෙ ඉඳලම බොහොම ජනප්‍රියයි. 

බොහොම වෙලාවට මට ගෙදර යන්ට උවමනා උනාම කෑම්ප් එක මුලුක්කාදියෙ ඇවිදින්ට ඕන ඕක හොය හොය.එහෙම ගියත් වැඩක් නෑ සමහර වෙලාවට … 

" අනේ මචෝ..මම අනිද්ද ගෝලය බලන්ට යන්ට කියලයි හිතං ඉන්නෙ..මේ තරහ නැතුව උඹ ලබන සුමානෙ පලයං ගෙදර..හෙට යන්ටම ඕන නං මේ මගෙ බෑග් එක අරං පලයං.." 

ඇඳ අස්සෙ අත පත ගාල ඒකා මට අරං දෙනව උගෙ බෑග් එක. 

මේ පරණ හම්පඩ ලදරමක්!!! 

" නෑ..මචං කමක් නෑ..මම උඹ ආවට පස්සෙ යන්නං " 

මම එහෙම කියල ආපහු හැරිල එනව..ආ..මම කලිනුත් පාරක් කිව්ව..ඒත් නොදන්න අයටයි මේ..ගෝලය කියන්නෙ තමංගෙ සෙනේවන්තියට නොහොත් කෙල්ලට... හොඳද? 

ඉතිං ඔය නුවර ව්‍යාපෘතියෙ මම වැඩ කරන කාලෙ මයෙ බොස් ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් මැනේජර්ගෙ ගෙවල් ඇවිල්ල ගම්පොල පාරෙ ගෙලිඔය. උදේ එනකොට පැණිදෙණිය හරහ ඇවිල්ල මාවත් දාගෙන යනව.එතුමාට හදිස්සි වෙනත් වැඩක් යෙදිච්ච දවසට මම බස් එකේ යනව නුවර... 

මේ සිද්දිය උනේ අන්න එහෙම දවසක... 

බස් එකේ වීදුරුව අයිනෙ සීට් එකක හරිබරි ගැහිල වාඩි වෙලා එහෙම බෑග් මල්ල උකුල උඩ තියාගෙන පොතකුත් දිගඇර ගත්තම ආය මම පියවි ලෝකෙට එන්නෙ බස් එක ගමනාන්තෙට ඒ කිව්වෙ නුවර පොලිසිය ගාව හෝල්ට් එකේ නතර කලාම. .. 

පැණිදෙණිය බස් එක පේරාදෙණිය මල් වත්ත හරියට එනකොට පිරෙනව. එදා මම කියෙව්වෙ ඩබ්ලිව්. ඒ අබේසිංහ මහත්මයගෙ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්ය කියල මට තාමත් මතකයි.ගැටඹෙ හරියට එනකොට චුරු චුරු වැස්ස ටිකක් තදකලා.වීදුරුවත් වහල මම ටිකක් වෙලා බලාහිටිය බස් එකේ වේගෙ වැඩිවෙනකොට වැහි බිංදු වීදුරුව දිගේ තිරස් අතට ගලාගෙන ඇවිල්ල අන්තිමට නොපෙනී යන විදිහ.ආයම ඔන්න පොතට සම වැදුන. මුල්ගම්පල හරියෙදි මා ලඟ හිටපු මැදිවියේ මනුස්සය නැඟිටල එතන වෙන කවුරුහරි ඉඳගත්තය කියල තේරුණට පොතේ සිහියෙන් හිටපු මම ඒ ගැන ඒ හැටි තැකීමක් කලේ නෑ. 

ඒත් ඉඳගත්තු පුද්ගලය එබි එබී මයෙ අතේ තිබ්බ පොත කියවන්ට උත්සාහ කරන්ට උනාම මට ඔලුව උස්සල කවුද බොලේ මේ? කියල නොබලම බැරිඋනා.අවුරුදු දාහතක දහාටක වගෙ දැරිවියක්. ඒ ලෙවල් ක්ලාස් යන්නව වෙන්න ඕන. උකුල උඩ පොත් කීපයක් තිබ්බ. ෆයිල් එහෙකුත් තිබ්බද කොහෙද... 

මට යන්තමට හිනාවක් ගියෙ ඉබේම. මම කලිනුත් කිව්ව වගෙ මෙච්චර කෝච්චියෙ බස් එකේ පොත් කියවමින් ගියත් ඒ පොතක් ගැන යන්තමට හරි උනන්දුවක් පෙන්නපු, අඩු ගානෙ එබිල බලපු හරි කෙනෙක් මට ඔය මුනගැහුනමයි.එක්කො කෝච්චියෙ යනකල් ඔය මොනවහරි වල්පල් දොඩවයි නැත්තං මේ පැඟිරො පැඟිරියො වගෙ නං අර බොත්තං දෙකක් වගෙ කං වල ගහගනියි.. 

ඊට පස්සෙ ඔලුවයි අතපයයි තුන හතරම ඒ තාලෙට හොල්ල හොල්ල ඉඳී අර ගහේ බැන්ද අලි නාම්බො කොච්චරවත් දෙපැත්තට ඔලුගෙඩිය හොල්ලන්නැහෙ..අනේ වරදවා වටහගන්ට එහෙම එපා..මම මේ එහෙම එව්වට වැරැද්දක් කියනව එහෙම නෙවෙයි ඔන්න.තමං කැමති දේ කොරන්න තමන්ට පූර්ණ නිදහස තියෙන්න ඕන..ඒක හරි..එකඟයි..මම මේ කිව්වෙ රටේ ලෝකෙ සිද්ද වෙන දේවල් විතරයි.. 

කෙල්ල කොච්චර පොත ගැන උනන්දුවෙං හිටියද කිව්වොත් මම එයා දිහා බලාඉන්නව දැක්කෙත් මිනිත්තුවක් වාගෙ ගියාට පස්සෙ..ලැජ්ජ හිතුනද කොහෙද? මූණ කටත් එක්කලා රතුවෙලා අහක බලාගත්ත. 

" ආ..අරං බලන්න ඕනෙ නම් .." 

මම පොත් දික්කලා ඒ ළමයට.. 

" ස්තූතියි…" 

දැරිවි පොත අරගෙන හනිකට කියවන්ට ගත්ත. 

වෙම්බ්ලි හෝල් එකත් පහු උනා. බස් එකේ ගමනාන්තය නුවර පොලිසිය ලඟ හෝල්ට් එක ඊලඟට. ඔලුව උස්සල වටපිට බලපු අර ගෑණු ළමය කඩි මුඩියෙ පොතෙ ඉතුරු පිටු පෙරලන්ට පටං ගත්ත. 

ඒ දිහාවෙ හිනාවීගෙන ටික වෙලාවක් බලාඉඳල මම ඒ හිනාවෙන්ම ඇය ඇමතුව. 

" ඔයාට ඕනෙ නං පොත තියාගන්න…" 

ඒ ළමය මා දිහා බලල හිනාඋනා.. 

" බොහොම ස්තූතියි.." 

ඔන්න ඔය විස්තරේ මම හවස ගෙදර ඇවිල්ල අපෙ හාමිනේ එක්ක කිව්වම උන්දැ කියාපි. " හහ්..නරක නෑ ඒ වැඩෙත්...ඔන්න බලන්න හෙට ඉඳල ඔයාගෙ ඔය පරිත්‍යාගය දැක්ක කෙල්ලො ඔක්කොම ඔයා ලඟ ඉඳගෙන පොතට එබෙන්නෙ නැද්ද කියල " කියල...හෙහ්...හෙහ්, 

කොහොම හරි ඊට පස්සෙං පහු පොත් කඩේකට ගියොත් නං මම හෝදිසි කරල බලනව අර පොත ගැන….. ඒත් හම්බ උනේ නෑ නෙව තාමත්... 

හප්පච්ච්යේ මදැයි.....යාන්තං ඔන්න ආපහු කියන්ට ආපු කතාවට ආව..සුජාගෙ කතාවට... 

ජයන්තිපුරේ පහුවෙනකල් වගෙ ඉස්සරහ සීට් එකේ දෙන්න..මතකයි නේ? විජිතයි..සුජාතයි...ඔන්න හිනාවෙවී මුකුළු කරකර ගියා. මට එව්වයිං වැඩක් ඇත?..මම පුල් අවදානෙ පොතට යොදල පොත කියෙව්ව. කොච්චරක් නං පොතේ සිහියෙං හිටියද කිව්වොත් සුජා පස්ස හැරිල මට කතාකරනව කියල මට ඇහුනෙ ඔන්න මම හිතන්නෙ ඒ ලමය මට කතාකරපු හතරවෙනි නැත්තං පස්වෙනි විඩේ වෙන්න ඕනෙ.. 

හිතට අල්ලන පොතක් කියවන්ට ගත්තම මට මුලු ලෝකෙම අමතක වෙනව.වෙන මොකවත්ම පේන්නෙ ඇහෙන්නෙ නැතුව යනව.. 

" ඔයා මොකද ඉතිං? ….පොතක් අතට ගත්තද ලෝකෙ පෙරලුනත් ගානක්වත් තියනවය? " 

ප්‍රියම්බිකා තොමෝ එහෙම කියල හිනා උනාට ඒ විහිළුවටමත් නෙවෙයි කියලත් මං දන්නව. 

" මොකක්ද අයියෙ පොත? ඔච්චර උනන්දුවෙන් බලන්නෙ? මම කීපාරක් කතා කලාද? " 

මම ඔලුව උස්සනකොට සුජා හිනාවීගෙන ඉන්නව. 

" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" 

මමත් සීරියස් පිටම කිව්ව. 

සුජාතා හිස ගස්සල හයියෙං හිනා උනා. හිනා උනා කිව්වට වැඩිය හරි මයෙ හිතේ හිනා ගියා කිව්වනං..මගෙ සීට් එකේ එහා පැත්තෙ හිටියෙ ටිකක් විතර වයසක අම්ම කෙනෙක්. උන්දැ තොල් අකුලුවල නුරුස්සන බැල්මකින් සුජා දිහා බලල අහක බලාගත්ත. ජනේලෙං එලිය බලාගෙන හිටපු විජිත එක පාරටම සුජා දිහා හැරිල බලල ආපහු ඉස්සරහ බලා ගත්ත. 

සුජා අතිං කට වහගෙන හිනාව නවත්ත ගන්ට හැදුවට මොන? ඒ අම්මණ්ඩි ඇවිල්ල හිනාවෙන්ට ගත්තම ආය නවත්ත ගන්ට පුලුවං ලලනාවක් එහෙම නෙවෙයි...මම තොල් හපාගෙන ජනේලෙං එළියට දෑස් යොමුකරගත්ත. 

" ඇත්තටම මොකක්ද ඔය පොත?.." 

" මේක මේ ආතර් සී. ක්ලාක්ගෙ පොතක්…" 


ඒ වෙලාවෙ ඉඳල දඹුල්ල ඔර්ලෝසු කණුව ලඟ මම බහිනකල් නවකතා, චිත්‍රපට,නාට්‍ය ගැන බොහොම දේවල් අපි කතා කලා. කලාව ගැන එහෙම උනන්දුවක් තිබුණු ඒ වගේම කලාව ගැන හරවත්ව යමක් කතාබහ කරන්ට පුලුවන් ඒ වගෙ යුවතියක් මට මුණගැහුනෙ බොහොමත්ම කාලෙකට පස් සෙ. 

සුජා විජිතත් සැරින් සැරේ අපේ කතාබහට එකතු කරගත්ත. දඹුල්ල ටවුන් එක කිට්ටු වෙනකොට මම නැඟිටල උඩ රාක්කෙං ගත්ත මයෙ සුපුරුදු ගමං මල්ල...අරං දාගත්ත කරට... 

" අඳුන ගන්න ලැබීම ගැන හුඟක්ම සතුටුයි මැඩම්...එහෙනම් මම බහිනවා..විජිත මල්ලි... සඳුදට හම්බවෙමු." 

" හරි අයියෙ අපි ආයෙ හම්බවෙමු...." 


සුජා මගෙ මූණ බලල බොහොම සුන්දරව හිනා උනා. 

කොන්දොස්තර කොලුව එක පාරට දොර ඇරියම හමාගෙන ආපු සුළං රැල්ලක් සුජාගෙ බෙල්ල ගාවට කෙටිකරල කපල තිබ්බ කොණ්ඩෙ අවුල් කරල දැම්ම. 



" මේ මට කවි එවන්න හොඳද? " 

හුළඟත් එක්ක පොර බදන අකීකරු කෙහෙරල දමනය කරගන්ට දෑතින්ම උත්සාහ කරන අතරෙ ඈ මට කිව්ව. 

ඒ දෙන්න ඉඳගෙන හිටපු සීට් එක පහුකරල ඉස්සරහට ගිහිල්ල මම එක පාරට ආපහු හැරිල අතේ තිබ්බ පොත ඇගේ උකුල උඩට දැම්ම. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එහෙම කියල මම බස් එකෙං බැස්ස. 

ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම ආපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් ගහෙං ගෙඩි එන්නැහෙ ඩොග් ගාල සිද්ද වෙන එක ජීවිතේ හැටියක්ය කියල  කියා දෙන්ටදෝ කියල මට තාමත් හිතාගන්ට අමාරුයි....:( 

මතු සම්බන්ධයි...... 


31 comments:

  1. කවිකාරියකගේ ප්‍රේමය 07 වෙනි කොටස අපහු රිපීට් වෙලා වගේ මේ කොටස කියෙව්වහම දැනෙන්නෙ....

    //කවිකාරියකගේ ප්‍රේමය…..7
    ආතර් සී. ක්ලාක්ගේ ඒ පොත සුජා විජිත අත මට ආපසු එවා තිබුණාය. එහෙත් තවත් බොහෝ කලක් ගත නොවීම ඇයට ඒ පොත සිහිවටනයක් ලෙස පරිත්‍යාග කිරීමට මට සිදුවූයේ //

    //කවිකාරියකගේ ප්‍රේමය…..9
    ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම සුහාට සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ//

    ඇත්තටම ඔය මගුලෙ පොත දුන්නෙ කාටද? 7 වෙනි කොටසට අනුව හිතෙන්නෙ සුජාතට කියල, ඒත් 9 වෙනි කොටසෙ කියන්නෙ සුහාට කියල. හික් හික් :-)

    ReplyDelete
    Replies
    1. නිර්නාමික මහතා/මහත්මිය/ මෙනෙවිය,

      / කවිකාරියකගේ ප්‍රේමය 07 වෙනි කොටස අපහු රිපීට් වෙලා වගේ මේ කොටස කියෙව්වහම දැනෙන්නෙ..../

      ආපහු රිපීට් වෙලාය කිව්වෙ මේ..අර පස්සට රිවස් කරනව වගෙද?..:)

      රිපීට් වෙලා වගේ නෙවෙයි අනේ..රිපිට් වෙලාම තමයි..හත බැලුවට ඔයා අට බලල නෑ වගේ මට පේන්නෙ..

      / ඉතිං එහෙනං එවුංගෙ ඉල්ලීමට ගරු කිරීමක් වසයෙං ආයෙම ඊයෙ ලියාපු කතාව සයිලිය වෙනස් කොරල එහෙනං ලියල බලමුකොය කියල මම හිතාගත්ත. /

      හත ලියපු සයිලිය අප්සැට්ය කියල කස්ටිය කියාපු හින්ද මම සයිලිය වෙනස් කරල ආපහු හත ලිව්ව. ඒම ලියද්දි පඳුරු දෙක තුනක් තලන්ට ගිහිල්ල එක කොටස කොටස් දෙකක් වෙච්චි. අට සහ නමය තමයි ඒ.දහයෙ ඉඳලයි අලුතෙං කතාව...සක්සුදක්සේ පැහැදිලියි නෙවද?

      / 7 වෙනි කොටසට අනුව හිතෙන්නෙ සුජාතට කියල, ඒත් 9 වෙනි කොටසෙ කියන්නෙ සුහාට කියල. /

      හරි, හරී..ඒක පොඩි වැරදීමක්...සුජා කියල ටයිප් කරද්දි සුහා කියල වැදිල…J සහ H අකුරු එකලඟම නෙව තියෙන්නෙ. ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට..ව.ක්‍රී. ප. නි. ක.

      Delete
    2. දැන් හොඳටම පැහැදිලියි. 8 වෙනි කොටස බැලුව, එත් ඒක කොටස් දෙකකට කඩන්න උනා කියල මීටර් උනේ නෑ.

      //J සහ H අකුරු එකලඟම නෙව තියෙන්නෙ.

      මේක මාරයි, මට තේරෙන විදිහට J අකුර BH වලින්ම රිප්ලේස් වෙලා....

      අර ගෑණු නටෝන වැස්ස රවීලගෙ ගෙදරට වැටෙන කොට ඒකෙ version එක වෙනස් වෙනව වගේ...

      පොඩි prefix එකක් එනව, පිරිමියව ගෑණු නටෝන වැස්ස... :-)

      Delete
    3. අමතක උනා කියන්න, පැහැදිලි කිරීමට ස්තූතියි...

      Delete
    4. / මේක මාරයි, මට තේරෙන විදිහට J අකුර BH වලින්ම රිප්ලේස් වෙලා.... /

      BH දෙකම වෙන්නෙ කොහොමෙයි?...මට ලියවුනෙ සුහා කියල not subha…

      / ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම සුහාට සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ …./

      එනිසාවෙන් H එකක් පමණයි. :)

      Delete
    5. මම පාවිච්චි කරන මෙවලමේ "භා" ලියන්නෙ bha විදිහට.

      එක්කො රවී පැහැදිලි කරන දේ මට තේරෙන්නෙ නෑ.

      කොහොම උනත් ලියුවෙ සුජා කියලනෙ, එච්චරයි.....

      Delete
  2. පොඩි කාලේ මේ වගේ කතාවලට කියන්නේ මැක්කා ස්ටෝරීස් කියලා..ඒත් මේ රවීගේ ස්ටයිල් එක වෙනස්ම එකක්..දැන් මේකේ කවිකාරිගේ ප්‍රේමය කොයි?

    ReplyDelete
    Replies
    1. ඒ මැක්කා ස්ටෝරීස් කියන නම හැදුනේ කොහොමද රූ? අර මොන කතාව කලත් අන්තිමට මැක්කගෙන් ඉවර වෙන කේස් එකද නැතිනම් ඔයාටම ආවේනික වෙනත් හේතුවක්ද?

      Delete
    2. රූ,

      / දැන් මේකේ කවිකාරිගේ ප්‍රේමය කොයි? /

      හරි හරි බං ඉඳිං සුට්ටක් ඉවසල...දැං පඳුරු තැලිල්ල අහවරයි… No more beating about the bush..no more….කවිකාරිගෙ පේමය තමයි ඊලඟ කොටසෙ ඉඳල..අතිවිශාල පුළුල්තිර....

      Delete
    3. Henry,

      නෑ හෙන්රි..ඒ අපි දන්න මැක්කගෙ කතාව වෙන්ට බෑ..රූස්ලගෙ ගෙවල් පැත්තෙ මැක්කො විමානෙ..මම දන්නෙ නැද්ද?...හෙහ්, හෙහ්..ඔය එතුමී කියන්නෙ වෙන මැක්කො කතා වගයක් ගැන වෙන්න ඕන..

      Delete
    4. @හෙන්රි,
      ඔව් හෙන්රි අන්තිමට හැම කතාවම මැක්කාගෙන් ඉවර වෙන එක තමා..ඒත් රවීගේ ස්ටයිල් එක හැම කතාවම කිසිසේත්ම අදාල නැති කතා සීයකින් විතර කෙලවර වෙන එක..ඒකට කියන්න වෙන්නේ රවී ස්ටොරීස් කියලා!! (මේ ස්ටයිල් එක "කොහෙද යන්නේ මල්ලේ පැපොල්" කියන ස්ටයිල් එකට ළඟින් යනවා..දැන් බලන්න සුජාගෙයි කතාව අපි කියවන්නේ කොටස පටන් ගන්නකොටයි ඉවර වෙනකොටයි විතරයි...කොටස ඉවර කරන්නෙත් සුජාගේ කෑල්ල උඩින් අලවලා නැත්තං පාඨකයෝ නොමග යයි කියලා උදා: //“දැන් ඇති ගොමු තැලුවා..ආපහු ප්‍රධාන කතාවට.. මම ‍කොහෙන්ද මේ නතර කලේ..ආ සුජා කැකිරි පලපු තැනින් නේද...ඉතුරු ටික ඊළඟ කොටසින්..මතුසම්බන්ධයි.."//

      @රවී,
      //රූස්ලගේ ගෙවල් පැත්තේ//
      ෂ්..ෂ්..කට කට..
      ඕවා ප්‍රසිද්ධියේ කියන කතාද? අනේ ඇත්තට මේ මනුස්පයාට කට පියාන ඉන්න බැරි හැටියක්..දැන් සඳා අක්කගේ මුළු සායමම වතුරේ නෙව..!!

      Delete
  3. අදත් රීපිට් එකක් නෙ... :/

    ReplyDelete
    Replies
    1. හරි, හරි..අද විතරයි..අද විතරයි :)

      Delete
  4. ගෑණි මිනිහව නටෝන වැස්ස කිව්වොත් නරකදෑ..? :D

    ReplyDelete
    Replies
    1. ම්ම්..එහෙම කිව්වත් ඒ හැටි අවුලක් නෑ...ඒත් එතකොට මලේ එනව පොඩි වැරදි අවබෝදයක්..මොකද්ද ඒ?...කාට හරි හිතෙන්ට ඇහැකි ඔය විදිහට වහින වෙලාවට විතරයි නටවන්නෙ කියල..නෑ..ආය වහින්ටම ඕන නෑ..කොහොමත් ඒ වැඩේ සිද්ද වෙන්නෙම එහෙමම තමයි ..හෙහ්, හෙහ්

      Delete
    2. @රවී,
      ගොඩක් ස්වාමි පුරුෂයෝ ඔය කතාව නොදන්නේ අපේ වාසනාවට..!!

      Delete
    3. රූ,

      සුවාමි පුරුසයෝ වනාහී තෙවැදෑරුම් වන්නාහ.

      1. නැටවෙන බව දන්නා, එසේම ඒ සදාතන සත්‍යය චිත්ත ප්‍රීතියෙන් යුතුව පිළිගැනිමට පමණ බුද්ධිය මහිමයක් ඇත්තෝ ( Like me..heh, heh,)

      2. නැටවෙන බව දන්නා එහෙත් ඒ පිළිගැනීමට මැලිව ඒ හා සම්බන්ධව නොයෙකුත් හේතු කාරණා ඉදිරිපත් කරන්නෝ.

      3. නැටවෙන බව නොදන්නා ඇත්තෝ.

      අනේ එදා ඉඳලම එවුන්දැට ඕන විදිහට තමයි මයෙ ජීවිතේ නං ඔන්න...ඇත්තෝම ඇත්ත...මට නිදහසේ පොතක් පත්තරයක් කියෝල, ක්‍රිකට් මැච් එකක් බලල,මම කැමති චිත්‍රපටියක් ටෙලි නාට්ටියක් බලල..හවහට මඳ පමනට අනුමත වෙල ඉන්ට තියනවනං මට ඒ ඇති ඉහටත් උඩිං..අනික් ඔක්කෝම බොට ඕන හැටියට..මයෙං නෑ කිසිම අවුලක්..හෙහ්, හෙහ්,

      අපෙ උන්දෙට එහෙම කියන්ට එපා ඔන්න..කන පාත් කරපං පොඩි කතාවක් කියන්ට.. නුවර ගියා අපි දෙන්න සොපිං..ඩිසයින් පයූව් ද කොහෙද ඔන්න ...මට ඕන උනා ජොකෙක් ගන්ට..ගියා ජොක්කු ඩිස්ප්ලේ එක ගාවට..

      " What's your size sir? " ...එතන උන්නු ඉටි කිරිස් ගෑනු ලමිස්සි අහපි...අම්මට උඩු..මොකද්ද සයිස් එක? මට මතක නෑනෙ...

      වැඩේ වෙලා තියෙන්නෙ මම ජොකෙක් ගත්තු කාලයක් මතක නෑ. ....මොකෝ මේ හිකි හිකි ගාන්නෙ?... ඒ කිව්වෙ මම අවුරුදු දහයකිං විතර ජොකෙක් අරං නෑ කියල එහෙම නෙවෙයි බොල. එතුමී තමයි මට ඕන ඇඳුං පැලඳුං ඔක්කොම ගෙනල්ල දෙන්නෙ..අන්න ඒකයි..

      මම බැලුව වටපිට..එයයි ඉන්නව ටිකක් එපිටහ ජීන්ස් වගයක් ඇඟට තියල හැඩ බල බල..

      " මේ ඒයි මයෙ ජොක්කුංගෙ සයිස් එක කීයද අනේ?..." මම එතනම ඉඳල කෑ ගැහුව..ඊට පස් සෙ වෙච්චි දේ කියඤ්ඤම්කො ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියද්දි හොඳේ?

      Delete
  5. කො මේ නෙලුම් නොනා..... රබු ද ..... පිපිඤ්ඤා ද.....

    ReplyDelete
  6. Ada nam hariyatam kathawa kiyala thiyenawa...Mewage kataha walata thamai mama nam kamathi... Thank u wewa!! Jaya !!!


    ReplyDelete
    Replies
    1. ස්තූතියි..සකල...:)

      Delete
  7. මටත් මචෝ ඔය පිරිමි නටෝන වැස්ස නම් අරහන්. අපි ඉන්න පලාතේ හැටියට ඊටත් අරහං. පොඩි වෙලාවෙන් උපරිම ප්‍රයෝජණේ ගන්නත් ඕනේ. අට්ටාලේ පොඩි දොරෙන් කරකලා දෙකට නමලා ඇතුල් කරන්නයි, පිටකරන්නයි ගියාම එකක් හරි බිම වැටුනොත් ඒකටත් දොඹ ටෝක් දෙන්නේ. මම අරකිට කියලා තියෙන්නේ උඹ ඕන මගුලක් කරගනින් මම උයලා කන්න දෙන්නම් කියලා. ඒක ලේසියි මචෝ.

    මුන් මේ යෝගට්...අලිගැට පේර මූණේ ගාගෙන ඉන්නකොට අර මොනවද කාපු රිලව් වගේ නෙමේ මොනවද ගාගත්තු රිලව් වගේ නේද බං?

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, කියලා වැඩක් නෑ අරූ..ඒත් එහෙම ඉන්නකොටත් තියනව පොඩි ගතියක්....:)

      Delete
  8. අනේ බං ඔය පේසල්ද සෝසල්ද මන්ද ගාගෙන දවසෙම වෙස්මූනක් දාගෙන වගේ ඉන්න උන්දැල හැම තැනම ඉන්නවනේ මට පේන හැටියට,
    දැන් රවී කවදද ප්‍රස්තූතයට ප්‍රවිෂ්ට වෙන්නේ,අනික ලියන්න දින දාල තියෙන කතාත් එක එක වැඩිවේගෙන යනව නේද.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බොලේ ....විජහට ලියල දාන්ට ඕන,,,විජහට ලියනල දාන්ට ඕන..වැඩ හැලප මේ ටිකේ ඉහටත් උඩිං වැඩ...:(

      Delete
  9. ඔය නිවාඩු දවස් තියෙනව නේද? ඊඳ හිටල නිවි සැනසිල්ලෙ පොතක් පත්තරයක් බල්න්න හිරි සිංදුවක් අහන්න හරි ලෑස්ති වෙච්ච ගමන් ලොවෙත් නැති වැඩ කෝටියක් විතර එක දිගට අදහස් යෝජනා විදියට එන්නේ ගෙදර උන්දැගෙන්. අනේ ඒවෙලාවට හිතෙන්නේ අදහත් වැඩකරන දවසක් වුනානම් කොයිතරම් හොඳද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙව දයා කියන්නෙ.....මොනව කොරන්නද අප්පා....ජීවිතේ හැටි එහෙම තමයි..:)

      Delete
  10. ගිය සුමානෙම එක එක ඉස්කෝලේ වැඩ වලට හිර වෙලා හිටියේ ..මුන්ද තමයි දවසකටවත් මනුස්සය .ඒ පාර අර ගෙදර උන්දැගේ පිටින් දාල රාබු කතාව තහවුරු කරගෙන ..හා හා හොඳා අපි ඔය රුප සංවර්ධනය එච්චර කොරල නැහැනේ ..එහෙනම් රාබුම කියමුකෝ. අක්කණ්ඩි හම්බ වෙන්නේ නැතැයි දවසක. එතකොට අහගන්නම් .
    අර කිව්වා වගේ මේක ගුරුවරියක් සමග ජිවිතේ කොටසක් වගේ ..මේක දහයෙන් විතර බෙදුවම අත්තක් ඇති පොඩියට . මොකද ගුරුවරියක් වෙච්ච අපේ අක්කණ්ඩිත් රෙදි වේලන්නේ ඔන්න ඔහොමයි..සෙනසුරාදට මුළු වත්ත පුරාම රෙදි වනල . කොට්ට මෙට්ට එලියට දාල ..අපේ මස්සිනාට මේ ලිපි ටික පෙන්නන්න ඕන අක්කට හොරෙන් ..

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / අක්කණ්ඩි හම්බ වෙන්නේ නැතැයි දවසක. එතකොට අහගන්නම් . /

      ආ..මේ.....එකක් කියන්නං කල් ඇතුවම හොඳද? ඔය මා එක්ක දාන සෙල්ලං බෑ ඒ යෝදි එක්ක...නොකිව්වයි කියල නං කියන්ට එපා පස්සෙ හයිද?.

      ගිය පාර මම නිවාඩුවට ගිය වෙලාවෙ ඒත් එක අංගනාවියක්.." අනේ අයියෙ... අයිය ආහම මම එනව අයියලගෙ ගෙදර..." අරකද මේකද බේරුමක් නෑ.. බැරිම තැන මම කිව්ව " එහෙනං වර " කියල..අපෙ උන්දැ අරුන්දැගෙ ඉහේ ඉඳං දෙපතුල දක්වා දෙතුන් පාරක් බලල එහෙම " ආ මෙයාද මේ ******* කියන්නෙ? හුහ්... " කියල කියාපි..අර කෙල්ල බය වෙච්චි පාර වැටි වැටි දිව්වෙ ඔන්න කොටිම්ම...ආයමත් කියන්නෙ..ඔන්න නොකිව්වයි කියන්න නම් එපා....:)

      / මොකද ගුරුවරියක් වෙච්ච අපේ අක්කණ්ඩිත් රෙදි වේලන්නේ ඔන්න ඔහොමයි..සෙනසුරාදට මුළු වත්ත පුරාම රෙදි වනල . කොට්ට මෙට්ට එලියට දාල .. /

      හප්පා..ඔය ගුරුවරියො කියන ජාතිය හිතාගෙන ඉන්නෙ ගුරු අත්පොත් වල තියෙන ඔක්කොම ප්‍රායෝගිකවත් කොරන්ට ඕනය කියල..අපෙ උන්දැ සවුක්කිය සහ සාරීරික අද්දියාපන නෙව. බොලායෙ අක්ක තව හොඳයි කිව්වැකි. අක්ක මස්සිනාව හිටවල තියන්නෙ නෑ නේද උදේම අව්වෙ? විටමින් ඩී ලබාගන්ටය කියල? හෙහ්..මට අන්තිමට විටමින් ඩී වැඩිවෙලා මල බද්දය හැදිලයි නතර උනේ. අනික ඔය කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අව්වට දැමිල්ල කරනව අනිවාර්යයෙන් සති අන්තෙ..වත්ත පුරා වැල් බැඳල වනනව ඔය ඔක්කොම.දැක්ක ඕනම කෙනෙක් හිතන්නෙ හේනෙ ගෙදරක් කියල.

      සවුක්කිය අත්පොතක එක පාරක් එලවලු වැඩිපුර තැම්බුවම එව්වයෙ ගුනේ විනාස වෙනවයි කියල තිබ්බය කියල අපි එයාලගෙ ගෙදර ගිය ඉරිදාවක මුන්දැ බාර ගත්ත එදා දවල්ට සෞක්කිය විද්යාත්මක සමබල ආහාර වේලක් සකස් කරන්ට..හෙහ්, හෙහ්, ඒකත් මරු කතාව...ගු. ස. ම. ජී. කථා මාලාවෙදි කියන්නං ඒක..හොඳද?

      Delete
  11. oho...ravi ayyaa kiyanne kochchara hodha suwacha keekaru swami purushayekdha....akka mechchara hodha hasbandaawa mokata rata patewwada kiyala man kalpana karanne..........:)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      මොන පැටවිල්ලක්ද බොලේ..මමයි බලෙම්ම ගියේ එපා කියල අඬා හැපෙද්දි...කාලයක් ඇලී ගැලී හිටියම ටිකක් අතපය එහාට මෙහාට කරල නිදහසේ ඉන්ට ඕන වෙනව නෙව කාට උනත් :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...