Friday, September 27, 2013

220. කවිකාරියකගේ ප්‍රේමය…..8

අම්මප මේ පාටකයොයි කියන ජාතිය එක්ක බෑ නෙව කිසිම දෙයක් කොරන්ට 

හෙන්රි නොම්බර එකේ පාටක තුමා, අරූස් පාටක තුමා සහ මාතලං පාටක තුමා යන තුන්බෑ පාටකයිං ගැනයි මම මේ කියන්නෙ හෙහ්, හෙහ් අර බුදු හාමුදුරුවංට අනෝතත්ත නම් පර්වතේ මුදුනෙ ඉඳගෙන ගල් පෙල්ලපු තුං බෑ ජටිලයො වගෙ තමයි මෙවුං තුං දෙනා.. රම්ය සුරම්ය සුබ තමයි ජටිලයිංගෙ නං..එවුං කරකාර බැඳල උන්නෙ අර තන්හා රතී රඟා කියන තුංදෙනා...දැං මට ලියන්ට වෙලා තියෙන්නෙත් එවුංට ඕන විදිහට..හෙහ්, හෙහ්, තරහ නෑනෙ නේද? හුදෙක් විහිලුවක් පමනි. 

උඹල කියවන්නෙ නැත්තං ඉතිං ලියන එව්ව රෝල් කරල අර කොහෙද ගහගන්ටයැ නැද්ද? ඔය එහෙ මෙහෙ ගහගන්න එක ගැන නං කතන්දර තියනව මහ හුඟක්.. අර අම්ම පොඩි එකාට කියන්නෙ ආ..ඒක සුළු දෙයක් කියල ඒ එව්වයිං කතාවක් තමයි. 

ඉතිං එහෙනං එවුංගෙ ඉල්ලීමට ගරු කිරීමක් වසයෙං ආයෙම ඊයෙ ලියාපු කතාව සයිලිය වෙනස් කොරල එහෙනං ලියල බලමුකොය කියල මම හිතාගත්ත. 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 


අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

කුරුණෑගල ඉන්ටසිටියකට අපි තුන්දෙනාම නැග්ග.මම ඒ දෙන්නට පස්සෙ සීට් එකේ ඉඳගත්ත. 

" අයියත් කවි ලියනව කිව්වනේද? " 

ඇය ඇහුවෙ විජිතගෙ මූණ බලල හිනාවෙලා, ඒ එක්කම පස්සහැරිල සීට් දෙක අතරින්.විජිත සීට් එකේම ආපහු හැරිල මගෙ දිහා බැලුව. මම විජිතගෙ මූණ දිහා බලල ආපහු සුජා දිහාට හැරුනා. 

" ආ..මේ,..ඔව්..ඔව්...ඔය නිකමට වගෙ හිතුනම මොනව හරි කුරුටු ගානව.." මම හිනාවෙලා කිව්ව. 

" අයිය ලියපු කවි මට එවන්ට පුළුවන්ද?...මමත් ඔය ඉඳ හිටල කවියක් දෙකක් ලියනව. එව්ව හොඳද නම් මන්ද....විජිතටත් කවි ලියන්ට පුළුවෙනි අපූරුවට…" 

එක දිගට කියවගෙන ගිහිල්ල සුජා විජිත දිහාවෙ බලල හිනාඋනා. 

විජිතය බාගෙට ඔලුව හරවල හොරැහිං වගෙ මගෙ දිහා බලල ආපහු ඉස්සරහ බලාගත්ත.මම බෑ කියද්දිම මේ කෙල්ල මට මුණ ගස්සල ඌ කර ගත්තෙ අර බැළතණ ගහේ රුන්න වගෙ වැඩක් වත්දෝ කියල මේ ටිකටම ඌට හිතිල බව මට තේරුං ගන්ට අමාරුවක් උනේ නෑ. 

බැලතණ කේස් එක දන්නව නේද? හරි දු.දැ. ස. - බැළතණ කියන්නෙ පොඩි වල් පැලෑටි ජාතියක්. කොලේ පලලයි. බොහොම හයියයි. තෙපුල් දෙනව බොහොම අපූරුවට. තෙපුල් දෙනව කියන්නෙ ළමයි නම්‍ය ශීලී නැත්තං ෆ්ලෙක්සිබල්...වැව් පිටිවල බොග දාල නැත්තං ඉතිං ඔය බැලතණ කේස් එක ගැන දැනගන්ට විදිහක් නෑ. ඔය ගෙවල් ඇතුලෙ අර කොමෝඩ් මඟුලෙ රෙන වෙලාවෙ බොලල්ලා ඉඳහිටල ඉරිදාකවත් ළමයි බමයි ඔක්කොම එක්ක ගිහිල්ල කොහෙ හරි ඇලක් අයිනෙ, එහෙම නැත්තං බඩ වැටියක, ලන්දක, අඩුම ගනනෙ හිඟුරු පඳුරක් යටට වත් ගිහිල්ල Open Air Bogging පුරුදු කරපල්ල. 

ඒකෙ තියන ආතල් එක කියන්ට බෑ විඳලම බලන්ට ඕන. හීතල හුළඟ හමල ඇවිත් ඔන්න, අදෝ මුකය කූල් කරනව. සිහිල් සුලං රැල්ලේ...අදෝ මුකය කූ...ල්වේ ඒ ඒ….... දමනා විට බොග තුත්තිරි පිටියේ....දෙව්ලොව සැප මතුවේ..ඒ ඒ......තුත්තිරි ගාලක බොග දාන එකනං ආය කියල වැඩක් නෑ...හෙහ්, හෙහ්, 

In life some things are undescibable.They are simply undefined. They are to be felt only. ජීවිතයේ සමහර හැඟීම් විස්තර කිරීම ඉතා අපහසුය. එවන් හැඟුම් අත්විඳීමෙන්ම පමණක් වටහාගත යුතුය. ආය දෙකක් නෑ මටනම් බුදු ෂුවර් මේ පඬි ටෝක් එක දුන්නු බුවා අනිවා තුත්තිරි පිටියක බොග දාල තියනව. 

අම්මට වූඩු..තාත්තට ගෝයා..බැළතණ පඳුරු තැලිල්ල බොහොම දුරදිග ගියා නේද? තවම අරුං තුං දෙනා බස් එකට නැඟපු ගමං නේද? හරි ඩබල් එකේ එහෙනං බැළ තණ කතාව කියල ආයෙම සුජාගෙ කතාවට හරිද? 

ඉතිං ඔය වැව් පිටි මල පහ ක්‍රියාවලියෙදි බැලතණ පඳුරක් උඩට බොග දැමීමෙන් සපුරා වැළකිය යුතුයි. නැත්තං මොකද දන්නවද වෙන්නෙ? කෙළිං කටිං ඉඳගත්තම පස්චාත් බාගයට යට වෙලා බැළතණ පඳුර නැවෙනව. හැබැයි කැඩෙන්නෙ නෑ. ඉතිං ඒක උඩ බොග දාල නැඟිට්ට ගමං දුන්නෙ දුනුදිය කැඩුනැහෙ බැළතණ පඳුර කෙලිං වෙනව. ආය මොනවද ඉතිං...කැටිපෝලෙං විද්ද වගෙ අරව ඔක්කොම කෙලිම්ම පිට මැද..හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ අප්පා...වරුවක් නාන්ට උනා මට එක පාරක්... 


ඕක තමංගෙ බොගනං ඔහෙ ඕන මඟුලක් කියල ඉවසුවෑකි. දෙන්නෙක් පිටිපාල ඉඳගෙන බොග දාල එකෙක් කලිං නැඟිට්ටම තමයි වැඩේ කිරිමෙල්. හැබැයි මෙහෙම කේස් එකකුත් තියනව. ඒ වගෙ ආස පොලෝ නුහූලන අපරාදයක්  වෙන්ට තව කාරනයක් සම්පූර්නවෙන්ට ඕමනයි. අනික් එකා බොග්ලිං වැඩේට පාත් වෙද්දි බැළතණ පඳුර විරුද්ද පැත්තට නැවෙන්ට ඕන. එහෙම වෙනව බොහොමත්ම අඩුයි. ඒත් එහෙම වෙලා තියනව කියල මම දන්නව.අපෙ විමලෙ අයිය
O.A.B. වැඩේට කප් ගහපු එකා. ඕකගෙ ඒ සම්බන්ද කතා දෙක තුනක් තියනව වාං පතුල් සීරීස් එක ආයෙම පටංගත්තම එව්ව කියන්නංකො හොඳද?

ආ... ඔය කෙලිං කටිං බොග දැමීම කියන එක සරීර සවුක්කියටත් බෝම හොඳයි කියනව. ඒ කියන්නෙ බොලේ බොග දැමීමේ ස්වාබාවික ඉරියව්වනෙ ඔය කෙලින් කටින් ඉඳගෙන ඔය වැඩේ කොරන එක. මිනිස්සු කියන ජාතිය ඉතිං දන්නවනෙ. ස්වාබාව දර්මයා නියම කරල තියෙන ඉරියව්ව නැතුව වෙනත් නොයෙක් නොයෙක් ඉරියව් වලින් නෙව ඔය කොයි වැඩෙත් කොරන්ට හදන්නෙ.හෙහ්, හෙහ්... 

දැං බලන්ට කෙලිං කටිං ඉඳගත්තම කලවා දෙකට බඩ ප්‍රෙස් වෙනව අපූරුවට. එතකොට මොකක්ද වෙන්නෙ? මහ බඩවැල හොඳට ප්‍රෙස් වෙලා ඇතුලෙ තියන මල ඔක්කෝම එලියට එනව බුරූස් ගෑවිල්ලෙ. මහ බඩවැලේ මල ඉතිරිවෙන එක පිලිකා වලට හේතුවක්ය කියල කියනව.කෙලිං කටිං ඔය වැඩේ කලාම ඔය කිසි අසනීපයක් නෑ. අනික වියායාමෙ. බඩට, කලවා වලට, කෙන්ඩා වලට, වලලු කරට ඔක්කොටම හොඳයි ඒ වැඩේ. හැබැයි ඉතිං කෙලිං කටිං කොහොම වෙතත් කොමෝඩ් එකෙත් දැනටත් බොහොම අමාරුවෙං ඉඳ ගන්න උදවියටනම් කරන්ට දෙයක් නෑ.කෙලින් කටිං ඉඳගත්තොත් ඉඳගත්තම තමයි කියල හිතෙන අය දිගටම කොමෝඩ් එකම පාවිච්චි කරන්ට ..අවුලක් නෑ...හෙහ්, හෙහ් 

අර චෙන්නෙයි වල එහෙම වෙරලෙ මිනිස්සු එක දිගට ඉඳගෙන සමූහ බොග දාන්නෙ මොකද දන්නවද? ආන්න..ඒ මිනිස්සු දන්නව ඒකෙ අගේ..අපේ මේ මෝඩයො කරන්නෙ උංට පස් පඩංගුවෙ බැණ අඬගහන එක නෙව. කාගෙං උනත් හොඳ දේවල් ඉගෙන ගන්ට ඕන..නැද්ද? 

ගොමු තැලීමෙහි අවසානය..නැවතත් ප්‍රස්තුත ප්‍රධාන අන්දරය වෙතට... 

" ඔව් සුජා..විජිත අපූරුවට කවි ලියනව. මමත් මෙයාගෙන් තමයි සමහර වෙලාවට පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ…" 

මේ මනුස්සයගෙ ( ඒ කිව්වෙ විජිතගෙ හොඳද? අමතක නං ගොමු තැලීමට පෙර කොටස ආයම බලන්ට )..හිත හදන්ට ඕන නිසා මම එහෙම කිව්ව. කොල්ල හැරිල මගෙ දිහා බලල හිනාඋනා..පව්... 

හෙහ්,ඒකටත් එක්ක අර අම්මණ්ඩි. කිසිම ගානක් නෑ..ඔහෙ කියවගෙන යනව ගිරවි වගෙ. 

" මම ඇත්තටම මුලින්ම හිතුවෙම නෑ විජිතට කවි ලියන්ට පුළුවන්ය කියල.ඒත් එයාට ලස්සනට කවි ලියන්ට පුළුවන්ය කියල දැනගත්තම මම හුඟක් සතුටු උනා. අයියත් ලස්සනට කවි ලියනව කියල විජිත මා එක්ක කිව්ව.ඊට පස්සෙ තමයි මම කිව්වෙ මට අයියව හම්බ වෙන්ට ආසයි කියල. විජිත ලඟ ඇති මම ලියපු කවි. ගොඩක් හැබැයි බොලඳ ඇති...හිහ්, හිහ්...අයිය එව්ව බලල මට අඩුපාඩු හදාගන්ට උදව් කරන්නකො..හොඳද? " 

කොන්දොස්තර ගැටය පස්සට ආව ටිකට් ටිකට් කියාගෙන. බලු සීට්වල උන්නු එවුං ඔක්කොම නැඟිටල ඉඩ දුන්න. ඔය බොහෝ විට නගරාන්තර බස් වල තියන මැද අකුලන සීට් එකට බලු සීට් එක කියල කියන්නෙ මොකද දන්නවද? ඕකෙ ඉඳගත්තු මනුස්සය ආය පාර මැද බුදියගත්තු බල්ල වගෙ තමයි. බල්ලටත් වෙන වැඩක් නෑ වාහනයක් එනකොට පාරෙ අයිනට ගිහිල්ල ඉඩ දෙනව.වාහනේ ගියාම ආපහු ඇවිල්ල බුදිය ගන්නව. අර අකුලන සීට් එකේ ඉඳගත්තු මනුස්සයත් එහෙමනෙ. පිටිපස්සෙ කෙනෙක් නැඟිටල බහින්ට ගියත් නැඟපු කෙනෙක් පස්සට යන්ට ගියත් නැඟිටල ඉඩ දෙන්ටම එපාය. 

උකුල උඩ තිබ්බ හෑන්ඩ් බෑග් එක ඇරල අතක් ඇතුලට දාගෙනම සුජාතා පස්සට හැරුනා. 

" අයියත් කුරුණෑගලටම යනවය? " 

" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…" 


" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" සුජා මටත් එක්ක ටිකට් ගත්ත. 

" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට රුපියල් සීයක් දික්කරගෙන කිව්ව. 

" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං.

සුජා එහෙම කියල ආයෙම හිකි හිකි ගාල හිනා උනා. අනෙ අම්මප..මේ මනුස්ස දූට හිනාවෙන්ට කිසිම කාරනයක් ඕන නෑ නෙව..ගහකිං කොලයක් වැටුනත් ඇති නෙව කැකිරි පලන්ට...මට එහෙම හිතුන...මගෙ තොල් අතර හිනාවක් ඇඳුනෙත් ඉබේටම වගෙ. දෙණියෙ බෙණ කොස් ගහ යට ඉඳගෙන දවසක් හැන්දෑවෙ දොරගමු කන්ද රතු කරගෙන ඉර බැහැගෙන යනව බලාගෙන හිටපු දවසක් මයෙ හිතට ආවෙ ඒ එක්කමයි. එයා මගෙ උරෙස්සට ඔලුව තියාගෙන ඔහේ හිටිය වචනයක් වත් කියන්නෙ නැතුව.අපි ඉඳගෙන උන්නු තැනට පිටිපස්සෙ තිබුනු ගල් තලාවට ඉදිච්චි වරකයක් කොල අතු හූරගෙන ඇවිල්ල පත බෑවුනෙ ඔන්න ඔය වෙලාවෙ. මම බිරාන්ත වෙලා වරකෙ දිහාවෙ බලං හිටිය, අරය..ඔව්..එයා...එයා මොකද කලේ දන්නවද? ඇස් වලිං කඳුලු පනිනකල් හිනා උනා..මූන රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා... 

ඒ පාරනම් විජිතය සුජා දිහාවෙ බැලුවෙ රවා බැලිල්ලක් නොවෙතත් ඊට ඉතාම ආසන්න බැල්මකින්. මෙවුන් දෙන්නගෙ මොකක් හරි වලියක් ගියොත් එහෙම එව්වට ගෑවෙන්ට මට කොහෙත්ම ඕන කමක් තිබ්බෙ නෑ.අන්න ඒ නිසා මම කලේ වහාම ක්‍රියාත්මක වන පරිදි මගෙ බෑග් මල්ල ඇරල මඟදි කියවන්ට කියල හිතල ගෙනාපු පොත දිග ඇර ගන්න එක. 

පොත ඇවිල්ල ආතර් සී. ක්ලාක් මහත්මයගෙ " Songs of Distant Earth " මම එදා ඉඳල අද දක්වාම ප්‍රිය කරන ලේඛකයෙක්, පොත ගැන මට මේ හැටි විස්තර මතක කොහොමද දන්නවද? මේ පොත මීට පස්සෙත් කතාවට බොහොම සම්බන්ධයි. ඒ කොහොමද කියල ඔයාලට තේරෙයි ඉස්සරහට කියවනකොට… 

පුළුවං හැම වෙලාවෙම බස් එක වෙනුවට කෝච්චියෙ යන්ට මම ආස කරන එක ප්‍රදාන හේතුවක් ඔය නිවී සැනසිල්ලෙ පොතක් පතක් කියවගෙන යන්ට තියෙන හැකියාව. මම ඔය මීට කලිං ලියපු සියපත පතක බැඳි බත කතාවෙදි කියාපු කොලඹ කිට්ටුව ඉඳිකිරීම් සමාගමේ වැඩ කරපු කාලෙ අවුරුදු දෙකක් තරම කාලයක් සතියකට දවස් තුනක් කෝච්චියෙ ගෙදර ඉඳල කොළඹ එන්ට මට සිද්ද උනා. ඒ කිව්වෙ පේරාදෙණිය සහ මරදාන හෝ කොටුව අතර.සඳුද උදේ කොළඹ එනව. අඟහරුවාද හවස ආපහු ගෙදර යනව. බදාදා පාන්දර ආපහු එනව.බෘහස්පතින්ද හවස බෑක් ටු හෝම්..ආයෙම සිකුරාද උදේ වැඩට එනව. සෙනසුරාද හවහට ආපහු ගෙදර. ඔන්න ඔය විදිහට සතියට හය පාරක් මම එහෙ මෙහෙ ගියා අවුරුදු දෙකක් තරම කාලයක්. 

කාලාන්තරයක් තිස්සෙ පොත් ප්‍රදර්ශන, සල්පිල් වලින් එහෙමත් නැත්තං පාර අයිනෙ පේව්මන්ට් එකේ ඉටි කොලයක් අතුරගෙන පරණ පොත් විකුණන මිනිස්සුංගෙං අරගත්තු පොත් එක දෙතුං සීයක් මාලඟ තිබ්බ. කියවන්ට වෙලාවක් නැතිකම නිසාම ඔය ටික තිබ්බෙ අපෙ ඇඳ ඉහත්තාවෙ ගඩොල් හතරක් උඩ තියාපු අඹ ලෑලි තට්ටුවක් උඩ ගොඩ ගහල මදුරුවො එහෙම බිත්තර දාල ජරා කරන නිසා ඉටි කොලෙකිනුත් වහ දාල.ඔය පොත් කන්දරාවෙං සෑහෙන කොටසක් මම කියෝල ඉවර කලා අර සතියට හය පාර ගානෙ කෝච්චියෙ කොළඹ ආව ගිය අවුරුදු දෙකට. 

ඒත් ඔය අවුරුදු දෙකටම කෝච්චියෙ පොතක් පතක් කියවන කෙනෙක් මම දැක්කෙ ඇත්තම කියනවනං දෑතෙ ඇඟිලි ගානටත් අඩුවෙං..අනේ අම්මප ඇත්තම ඇත්ත. කෝච්චිවල බස් වල පොත්පත් කියවන එක ගැන මගෙ තවත් අත්දැකීමක් තියෙනව. මේ කතාවට කෙලිම්ම සම්බන්ද නොවුනත් ඉන්නකො ඒකත් කියලම ඉන්නං. 

අර මම කලිං කියාපු ඉඳිකිරීම සමාගමේ කොලඹ ප්‍රදාන කාර්යාලයට එන්ට ඉස්සරවෙලා මම අවුරුද්දක් වැඩ කලා එයාලගෙම මහනුවර මහල් ගොඩනැඟිල්ලක් ඉඳිකිරීමේ ව්‍යාපෘතියක.නුවර ටවුමෙම සුප්‍රසිද්ද ඉස්කෝලෙක. 

එතන මගෙ ලොක්ක, ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් මැනේජර් තුමාගෙ
ගෙවල් ගම්පොල පාරෙ ගෙලිඔය. එතුමා ඉතිං උදේ කාරෙකේ යන ගමං අපෙ ගෙදර ගාවිං මාවත් දාගෙන යනව. මනුස්සයට මොකක් හරි උදේ වෙනත් වැඩක් යෙදිල තිබ්බ දවසට මම බස් එකේ යනව. මේ එහෙම දවසක වෙච්චි දෙයක්. 

උදේ දොට්ට බහිද්දි මගෙ අතේ කුඩේනං වරදින්නෙ නෑ. මොකද නුවර කියන පලාතෙ කාලගුණේ කියන එක කොහොමටවත් මායිං කරන්ට බෑ. ඔන්න මේ ගෙදරිං එලියට බහින්නෙ දාස්දෙන අව්වෙ තට්ටෙත් එක්ක රත් කොරගෙන. මෙන්න පැය බාගයක් යන්ට නෑ හෙණ ගහන්නැහෙ වහිනව. ඔය විඩෙං විඩේ වහින ආයෙ පායන වැස්සට කියන්න අපූරු නමක් තියනව...ඒ තමයි ගෑණු නටවන වැස්ස..කොහොමද දන්නවද ඒ නම හැදිල තියෙන්නෙ? ඔය ඒ කාලෙ ගෙවල්වල වී තම්බල වේලනවනෙ අව්වෙ. මාගල් වල අතුරලයි ඒ වැඩේ කරන්නෙ. අව්වෙ වී වේලනකොට වැහැගෙන එනකොට ඔන්න බබලත්තු දනිපණිගාල දුවල වී පැදුරු ගෙට ගන්නව. ආයම පෑයියම මිදුලෙ අතුරනව. ආය වහිනකොට ගෙට ගන්නව..ආන්න ඒ නිසයි ඔය ගෑණු නටවන වැස්ස කියල කියන්නෙ. 

ඒ ඒකාලෙ මහිලාවො...දැං බලන්ට එපාය...ඔන්න ඉරිදටනෙ නිවාඩු දවස..උදේම රෙදිටික හෝදනව. ඒ කරල අර රෙදි වේලන්ට තියෙන්නෙ අටමගලක්. ඕකෙ වනල මිදුලෙ තියනව අව්ව වැටෙන තැනක් බලල හුළඟට පෙරලෙනවට ගඩොල් බාග දෙකකිං බරකුත් තියල. ඔන්න විනාඩි පාලහක් යන්ට නෑ වැහැගෙන එනව..මම දුවල අරක පිටිම්ම ගෙනල්ල ඉස්තෝප්පු කෑල්ලෙ තියනව. ඒ එක්කම ඔන්න ආයම පායනව..පායනව විතරක් නම් බැරිය අව් රැල්ලකුත් වැටෙනව. 

" මේ ඒයි රෙදි ටික මිදුලට දාමු නේද? " 

ප්‍රියම්බිකා තොමෝ ඔය මොකක් හරි රූප ලාවන්‍ය කටයුත්තක නිරත වෙන ගමං කියනව.එක්කො නියපොතුවල මොකක් හරි රාජකාරියක්. නැත්තං කැරට්, අලිගැටපේර, කාමරංගා සහ ලංසි පැපොල් ඔන්න ඔය ජාති 1:1: 2: 3 අනුපාතයට මිස්‍ර කරල මූණ කටේ උලාගෙන ඉඳියි.එහෙමත් නැත්තං රාබු පෙති දෙකක් ඇස් බෝල උඩ තියාන පුටුවක දිගාවෙලා ඉඳියි වරුවකට එහා පැත්තෙ.. ඔන්න ඔය වගෙ මොකක් හරි විසිවිත්තරයක්. 

" අයෙමත් වහී වගෙ නේද? " 

මම කියවමින් ඉන්න පොතෙං හරි පත්තරෙං හරි ඔලුව උස්සල ආකහෙ දිහාවෙ බලනව. 



මතු සම්බන්ධයි...... 

36 comments:

  1. මම හිතන්නේ බ්ලොග් ඉතිහාසේ මෙහෙම දෙයක් වුනාමද කොහෙද. ඒ කියන්නේ පාඨක අදහස් වලට ගරු කරලා කතාවක එපිසෝඩ් එකක් නැවත ලිවීම.

    මචං, ඒ අපි උඹේ ලේඛණ කලාවේ දියුණුව පතන අංක එකේ පාඨකයො හන්දා තමයි.

    ඒ වුනාට උඹ මේක ආයෙ ලියයි කියලා නම් මම හීනෙකින් වත් හිතුවේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. නොහිතපු දෙයක් සිද්ද උනාම තමයි මචං ඒකෙ අපූරුව තියෙන්නෙ...:)

      Delete
  2. ඔය තියෙන්නේ නියමෙට ...තෑන්ක්ස් ඩුඩ් ..

    ප.ලි....

    ඇස් වල රාබු නෙමේ තියන්නේ ...අර ලියන්න අමාරු ජාතිය...කැකිරි වල අක්ක

    ReplyDelete
    Replies
    1. මමත් නම් බීල වැඩි වුන,ඇස් ඇරගන්න බැරි දවසට පිපිඤඤ කෑලි දෙකක් දෙකක් තියා ගෙන ඉන්නව විනාඩි 20 ක් විතර.
      හැබැයි චු දැවිල්ල වගේ යාන්තමට එන වෙලාවට රාබු පෙති හතරක්,පහක් කනව ලුනු කුඩු පොඩ්ඩක් ඉහගෙන.

      Delete
    2. Kenji is having STD that's why he fells burning when pissing .... Ha Ha Ha ..
      kathandara Karaya

      Delete
    3. බින්දි,

      හෙහ්, හෙහ්, ඔය නමෙං ගුරුවරියො කට්ටියකුත් කාලෙකට ඉස්සර හැඳින්නුව නේද? ඔහෙත් ඒ ජාතියෙය? :)

      Delete
    4. කෙන්ජි,

      දැවිල්ල ගැන මේ..

      " Doctor…I think I have contacted STD "

      " Right let's see... Does your penis burn after intercourse? "

      " Ohhh, I don’t know...never set a match to it Doctor "

      Delete
  3. රවී අර එලියෙ බොග දාද්දි මීයා වැලි කනව නේද?
    ජෝ පප්පා ගමක නම් ඔය ලෙසටම තමා.
    හැබැයි මීයා ඇගිලි දෙකෙන් උඩට අල්ලන් තමා.

    ReplyDelete
    Replies
    1. ජපානෙ නැද්ද ඒකට චාන්ස් එකක්? :)

      Delete
  4. කතාව නම් ඇත්ත...ලස්සණ පින්තූරෙ :)

    ReplyDelete
    Replies
    1. කොයි කතාවද බොල ඇත්ත? මෙතන කතා කීයක් තියනවද? ඉඳපං බලන්ට ..ම්ම් හරි හතක් තියනව ..

      1. සුජාගෙ කතාව

      2. බැළතණ ගහේ කතාව

      3 තුත්තිරි පිටියේ කතාව

      4. බලු සීට් එකේ කතාව

      5. වරකෙ පත බෑවිච්ච කතාව

      6. කෝච්චියෙ පොත් කියෝන කතාව

      7. ප්‍රියම්බිකා තොමෝගෙ රූප ලාවන්‍ය වර්ධන කතාව

      දැං මෙව්වයිං කොයිකද ඔය උඹ හරිය කියන්නෙ? :)

      Delete
  5. මචෝ රවී....රතු චීත්ත දෙජාතියයි කිව්වලු...දෙජාතියෙම්ම දීලා තියෙන්නේ වැඩේ!!!!!!!!!!!!
    මමත් හිතුවේ නැහැ...උඹ ආපහු දෙවෙනි රසයට නොදෙවෙනි වෙන්න පලවෙනි එකෙන් ආපහු දෙයි කියලා. කියලා වැඩක් නැහැ. පාඨකයා මොනවා ඉල්ලුවත් දෙන්නේ ලේඛකයා සතු චින්තනය සහ එහි හරය බව උඹ පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා. මේක වඩාත් වැදගත් වෙන්නේ අපේ පරපුරේ සමහරක් අයත් එක්ක ගලපලා බලන කොට. මොන ස්ටයිල් එකෙන් ලිව්වත් මම රවී කියන එක ඉතාමත් නිහතමාණී ලෙස පෙන්නපු එක අවස්තාවක් ලෙස මම මේක දකිනවා. උඹ සැබෑ සුන්දර මිනිහෙක් බව මම මෙහෙම සටහන් කරනවා. ස්තූතියි!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ගජ...තෑන්ක් යූ සෝ මච් ..අරූ...බොහොමත්ම ස්තූතියි..රොම්බ තෑන්ක්ස් :)

      මට ඔය චීත්ත කතාව ප්‍රනවුන්ස් කරන එක කොහොම වෙතත් ටයිප් කරන්ටත් බෑ බං හරියට...:(

      බලමු... රතු චීච්ච..හිහ්, හිහ්... රතු තීච්ච..ඒත් වැරදියිනෙ.... රතු චීත්ත..අන්න ඒ පාර හරි...රතු චීත්ත ජෙජාචියයි..යකෝ මේක හරියන්නෙ නෑ ..ඔන්න ඔහෙ අල්ලල දාමු..

      She sells sea shells at the sea shore…ඒ ඕකෙ ඉංග්ලිෂ් වර්ෂන් එක

      Delete
    2. සුන්දරයි කිවුවෙ මම හිතන්නෙ ලියවිල්ල විතරයි හොදේ.හොද බොසෙකුත් ඉදල තියෙන්නෙ රවිඅයියට

      Delete
    3. දමිත්,

      හෙහ්, කියල වැඩක් නෑ..නියම බොසා ...:) බොසා ගැනත් තියනව කතා සම්බාරයක්...හෙහ්, හෙහ්.

      Delete
  6. මචෝ කෙටියෙන් කියන්නම්.. මේක නම් පට්ට රහයි.. බොග කතාව ගැන නම් කියන්න කතා ගොඩයි..

    උඹට ගොඩාක් පින්... මේක ලුනු ඇඹුල් ඇතිව අයේ සැරයක් රහට උයලා දුන්නට... දැන්නම් බින්දුවක් ගෑවුනත් ඇති... හොදි ඕන් නෑ..

    ReplyDelete
    Replies
    1. No problem at all Mathalan..My pleasure :)

      Delete
  7. mage sinhala type korana ekat kelawiloo

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මල්ලි ඒ? :(

      Delete
  8. මේ දවස් වල කොමෙන්ට් කොරන්න එච්චර වෙලාවක් නැතත්, මගේ සුපියල් දෙකයි පනහත් දාලා යන්න හිතුණා.

    කතාවක් ලියන ස්ටැයිල් එකේ කන්සිස්ටන්සි එකක් තියෙන්න ඕනේ කියන හෙන් රියා ගේ අදහස සමග එකඟ උණත් මම දකින්නෙ මෙහෙමයි. දැන් දඩයක්කාරයාගෙ කතාව හරි කුවේණි කතාව හරි එක එක කොටස එක එක ස්ටයිල් වලින් ලිව්වා නම් එක අවුල්. නමුත් වාං පතුල් සහ මේ වගේ කතාවල් එකම මාතෘකවක් යටතට දාලා තිබ්බට, මේ කතාවලට නියමිත ගමන් මග අර තරම් සීමාසහිත නැහැ. අර ප්‍රධාන මාර්ගයේ යන ගමන් පොඩි පොඩි අතුරු පාරවල් වල රස්තියාදුවෙලා ආයෙත් ප්‍රධාන මාර්ගයට එන්න පුළුවන්. කොටිම්ම පඳුරු තැලීම්ස් ආ වෙල්කම්

    ඉතිං ඒ නිදහස් බව නිසා ඒ ඒ තැන් වලට ගැලපෙන්න ස්ටයිල් එක වෙනස් කලාට කමක් නැහැ කියලා මට හිතෙන්නේ. අනික මීට කලින් කොටස් කීපය ටිකක් හාස්‍යයට බර නිසා අර සරල ස්ටැයිල් එක හොඳයි. නමුත් මේ කොටසෙදි ටිකක් වෙනස්, මේක පොඩ්ඩක් ඉමෝෂනල් ස්ටැ‍යිල් එකකින් ලියලා තිබ්බේ. සුජාතා මුණගැහීමෙන් රවි අය්යගේ හිතේ ඇතිවෙන හැඟීම් 'පෙරළිය' මතු කරන්න ඒ ස්ටැයිල් එක වඩා සුදුසුයි කියලා මට හිතුණේ.

    දැන් රවි අයියා දත්මිටි කකා ඇති ඊළඟ කොටස ලියන්නේ මොන ස්ටයිල් එකෙන්ද කියලා..... :)

    ReplyDelete
    Replies
    1. උඹත් මේකාව අලිම අමාරුවක දැම්මේ තිසර. දැන් අර 'අලුත් මාලු මෙහි විකිනීමට තිබේ' බෝඩ් එකට වෙච්ච කෙලියම තමයි වෙන්නේ. නැතිනම් අර බූරුවව කර ගහගෙන ගිය තාත්තටයි පුතාටයි වෙච්ච සන්තෑසිය.

      අනේ උඹ උඹට ඕනෙ ඉට්ටැයිල් එකකිං ලියහං රවී. උඹ කොහොම ලිව්වත් අපි කියවනවා. :D

      Delete
    2. තිසර,

      බොහොම ස්තූතියි මල්ලි...අම්මප දන්නෙම නැතුව..අවිඥාණිකව ..හරි නෙවද වචනෙ?...එහෙම වත්ද උනේ...හෙහ්, හෙහ්..හරි ඒ මොක උනත් කමක් නෑ දැං මේ සරල සයිලියෙම්ම ලියල දානව ඉතුරු ටිකත්..තව මගෙ තියනව පුල් සීරියල් කතා කීපයක්ම..දරුනු පේම කතා...ලාවට ගෑවිල නොගෑවිල ගිය පේම කතා..හෙහ්, හෙහ්..එව්ව ලියන්න ඕන විදග්ද සයිලියෙං

      Delete
    3. හෙන්රි,

      කියල වැඩක් නෑ බාං...මම මේ අර මොනවද කාපු රිලව වගෙ කම්පනා කොරන්නෙ මොකදෑ කොරන්නෙ කියල...හෙහ්, හෙහ්

      Delete
    4. මමත් තිසරගෙ කතාවට එකඟයි. මමත් කැමති අර කලින් පෝස්ට් එකේ ස්ටයිල් එකට තමයි. ඒ වගේම අර කිව්වත් වගේ කොටස් වශයෙන් යනකොට හතර අතේ පඳුරු තලන නිසා, කොටසින් කොටසට ස්ටයිල් එක වෙනස් උනාට අවුලක් නෑ!

      //නැතිනම් අර බූරුවව කර ගහගෙන ගිය තාත්තටයි පුතාටයි වෙච්ච සන්තෑසිය.//

      හෙහ් හෙහ් හෙහ්! ඔන්න මම මගේ සත දෙක දැම්ම!

      Delete
  9. අපිට ඔය ඕන ස්ටයිල් එකක් ඔට්ටුයි නේද රවී.. :)
    හැබැයි මම නම් කැමති කලින් ලියලා තිබුණ විදියට. එකේ ලස්සනට වටපිටාව, හැඟීම් ඒ සේරම ලස්සනට ලියලා තිබුණා. අනික ආදරණිය දේවල් ඒ වගේ ශෛලියකින් ලිවුවාම තමා ලස්සන..
    මේ රවී.., අනෝතත්ත කියලා පර්වතයක් තිබුනැයි..??? මම නම් අහලා තියෙන්නේ අනෝතත්ත කියලා විලක් තිබුණා කියලා.. :)

    ReplyDelete
    Replies
    1. @ සඳා,
      අර තුන්බෑ ජටිලයෝ තන්හා රති රඟා බැන්ද එකේ අනෝතත්ත විල පර්වතයක් නොවුනොත් තමා පුදුමේ..

      Delete
    2. @ සඳා,

      හරි, හරි ඉන්නකො එහෙමත් ලියමු බලන්ට...

      අනෝතත්ත කියන්නෙ පර්වතයක් තමයි බොල..සිකේ අම්මප ලැජ්ජාවෙ බෑ...දහම් පාසල් ගුරුවරියක් වෙලත් බොහෝම මදි දර්ම ඥාණය..

      ඔය අනෝතත්ත පරුවතේ උඩ ඉඳල තමයි දර්මාසෝක රජ්ජුරුවො පැන්නෙ ආලවක නම් යස්සයගෙ කටට..අර බන පදයක් අහන්ට ජීවිතේ පූජා කරේ..ආන්න ඒ රජ්ජුරුවො..රජ්ජුරුවො කටට පනිනකොට යස්සය කිව්ව බන පදේ දන්නවය.." සුපටි පටිපන්නෝ...මුගටි ගෙට පැන්නෝ "..ආන්න දහම් පාසලේ ලමයිංට කියල දෙන්ට ඔව්ව...

      Delete
    3. අනේ අම්මේ රවී... :)

      Delete
  10. පාටක අදහස්වලට ඉඩ දුන්න එක නම් වටිනවා..මම මේ කියන්ට හිටියේ අර ලියපු පරණ එකත් තිබුනා නම් තමා වටින්නෙ කියලා..!!

    (මෙව්වොන්ට ටිකක් ඉඩ දුන්නාම එනවා මෙතන ගෝනි නැතිව කරේ නගින්න යැයි රවී සිතන අයුරු සිහිකරමින්..)

    ඔය ගමනක් යද්දි පොත් කියවන ලෙඩේ මටත් තියනවා..ඒත් බස්වල යද්දි ඒක කරන්න අමාරුයි..ගැස්සෙනවා පැදේදනවා වැඩි නිසා ඔළුව රිදෙන්න ගන්නවා..
    රවිට කියලා දෙන්න බැරිද රහස..

    ReplyDelete
    Replies
    1. රූ,

      බස්වල යද්දි එහෙ මෙහෙ පැද්දෙනවට මොකද දන්නවය කොරන්ට ඕන..පොත දෑතිම්ම තදිං අල්ලගෙන බස් එක පැද්දෙන තාලෙට මූණ පද්දපං..කිසි අවුලක් නැතුව කියෙව්වැහැකි..ඔය ඔලුව කැක්කුං ආය මොකවත් නෑ..:)

      Delete
  11. තුහ් නොදකින් විතරක්! තේකකුත් හදාගෙන බිස්කටි ටිහකුත් ඇන්න තොගේ බ්ලොගේ බලන්ඩ සෙට් උනාම ඉන් ඩීටේල් බොගග් දාලා! විලිසංගේ නැති හැටි මේකට!
    බොගේ කටේම තමා උලන්ඩ ඕනා! හික් හික්

    මේ අර ගැහැණු ළමයා රවට්ටපු වැඩේට නං මං මනාප නෑ ඔන්න! එව්ව කැත වැඩ! මේක හැබෑ කතවක්ද? ඔහේගේ පඳුරු තැලිල්ල හන්දා කතාවේ මුල මැද අමතක වෙනව බොල! විජහට කියපල්ලකෝ ක්තන්දරේ!!!

    ReplyDelete
    Replies
    1. Maneka,

      ඕං ආව..ඕං ආව..හාව හඳ දකින්න වගෙ එන්නෙත්..ඒත් බෙලි කටු කොක්කනේ හොල්ලහෙන තමයි ගොඩ වෙන්නෙ...අම්මප උඹලව කරගහන පව් කාරයො ගැනයි මම මේ අකම්පාල වෙන්නෙ...දීගෙ යහතිං තියාගන්ට නං මං කියන්ටද බැඳගං බීරෙක්ව. නැත්තං උන්දැට කංවල ගෝණ ඇට හිරකරං තමයි ඉන්ට වෙන්නෙ...හෙහ්, හෙහ්,

      අර නෑණන්ඩියෙක් කියල එකියක් ඉන්නව..ඊට එහා..මේ ටිකේ නෑ පේන්ටවත්..ලෙවල් ටෙන් වලිනුත් එහාට ගිහිල්ල ටෝටලි වර්චුවල් වෙලා වත්ද ඒ අම්මණ්ඩි?

      / මේක හැබෑ කතවක්ද? /

      එහෙනං ආය? බොරු කතාත් ලියනවද බොල මම?

      Delete
  12. උඹට කියන්න අයියෙ මේ අපේ කොම්පැණියෙ යක්කු බ්ලොග්ස්පොට් වර්ඩ්ප්‍රෙස් ඔක්කොම මඟුල් ටික බ්ලොක් කොරලනෙ තිබ්බෙ මෙච්චර කල්.මේ අද බලනකොට යන්තම් වැඩ.සුටුස් ගාලා ආව උඹේ එක කියවන්න.මුන් ආයෙත් බ්ලොක් නොකර හිටියොත් මොනා හරි ලියන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අම්මප එහෙමද බොලේ..මම ඒත් බැලුව බොට මක් උනාදැයි කියල...

      Delete
  13. පහුගිය ටිකේ මේ පැත්තෙ ඇවිත් යන්න බැරි උනා නොවැ. මම හිතන්නෙ අර විජය කුවේණි කතාවෙන් පස්සෙ ආවමද කොහෙද? කතාවනම් කියෙව්ව මේක මේ ආව කියන්න කොමෙන්ට් එකක් විතරයි. ඊලග පාර ඉදන් මොනා මොනා හරි කොටන්නම්කො රවි අයියෙ.

    ReplyDelete
    Replies
    1. හරි බං අවුලක් නෑ....පුලුවන් වෙලාවක ඇවිල්ල කියවපං....ස්තූතියි..මලේ..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...