Wednesday, July 28, 2021
162. එයින්ට්‍රි වීදිය, අක්බාර් ලේන්, ඇලන් මැතිනියාරාම පාර සමගින් ඇල්බට් චන්ද්‍රවංකය
Wednesday, July 21, 2021
161. වීදි සරන ළය 06 - අභය පෙදෙස, අභයාරාම පටුමග, අභයසිංහාරාම පාර, ඇඩම්ස් ඇවනියු, ඇඩම්ලි පෙදෙස, අධිකරණ මාවත සමග අහමඩ් පටුමග
Wednesday, July 14, 2021
160. වීදි සරන ළය 05 - අබ්දුල් කෆූර්, අබ්දුල් හමීඩ් සමග අබ්දුල් ජබ්බාර්
Wednesday, July 7, 2021
159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටස
Saturday, July 3, 2021
158. පුස්තකාල පූසා සහ කළු උස මනුස්සයෙක් සමගින් ගෙදර'වට සිතියම
හරි වැඩක් මට වුණේ. පසුගිය දවස් 40ක වගේ කාලයක් තුල පොත් 20ක් කියවලා අවසානයේ ඒ පොත් 20 මා තුල ඇති කළ සිතුවිලි ගැන සම්පිණ්ඩනයක් ලියන්න ගත්ත කටු සටහන (Draft) අන්න තවම බ්ලොගර් ලිපි ගොනුවේ සේව් කරපු ගමන්. (සගයා නම් දකින්න ඇති)
අපේ තරුරසි අක්කයි මායි පොත් හුවමාරු කරගෙන කියනවා මේ දවස් වල. අර විස්සෙන් 5-6ක් ඒ හුවමාරුවේ පොත්. මෙදා සැරේ අක්කා පොත් 9ක් එවා තිබුණා. පොත් 20 ගැන ලියන්න ගන්න අතරතුරේ ඒ 9න් එකක් කියවන්න ගත්ත එක තමයි මට වුණු හරි වැඩේ.
ඒ පොත 'පුස්තකාල පූසා සහ තවත් කතා'. ලියලා තියෙන්නේ ප්‍රින්ස් සේනාධීර කියලා මහතැන් කෙනෙක්. අර කතාවට කියන්නේ, "ශෙහ්!... අන්න පොත්!" අන්න ඒ කතාව මේ පොතටත් කියන්න පුළුවන් කිසි ලෝභ කමක් නැති ව.
ඉතින් ඊ ගාවට ඒ මහතැන්ගේ ම "කළු උස මනුස්සයෙක්" පොත අතට ගම් දෝ නොගම් දෝ කියලා දෙකට දෙවාරේ හිතලා හිතලා, ඒ පොතින් කලින් පොත නිසා ඇතිවුණු ප්‍රහර්ශය නැති වේදෝ කියන බයට වෙන පොතක් අතට ගන්න හිතුවා. මොකද මේ පොත් දෙක 2020, 2021 කියන එක ලඟ අවුරුදු දෙකේ නිකුත් වෙලා තියෙන්නේ.
ඒ පණ්ඩිතකම් නිසා මං ඊ ගාවට අතට ගත්තේ ලියනගේ අමරකීර්ති මහතැන්ගේ "ගෙදර'වට සිතියම"
ඒ මහතැන්ගේ සේරම පොත් වගේ මං කියවලා තියෙනවා. වෙනදාටත් වඩා නිදහසකින් ස්ත්‍රී ලාලිත්‍යය, මිනිස් සබඳතා හී මාන, රට වැටුණු තැන ආදී කාරණා ගැන ඉතාමත් සරළව, නමුත් හිසට ටොකු අනිමින් පෙන්වා දෙමින් රචනා කර තිබෙනවා.
සිනමාවේ ඛේදාන්තය, රට රැකගත් කාණ්ඩේ රණවිරුවන්ගේ ඛේදාන්තය, තුන්වෙනි ලෝකයෙන් ඌන සංවර්ධිත ලැයිස්තුවට යෑමට ඔන්න මෙන්න ඉන්නා රටක වත, ඒ රටේ අධ්‍යාපනයේ ගමන් මග වැනි කාරණා ඔස්සේත් නොවැළැක්විය හැකි ලෙස අප රට ජන ජීවිතයට බද්ධ වී ඇති 88-89 කාලයේ වේදනාවත් කතන්දර 8ක් පුරා සිතුවම් කර තිබෙනවා. ඒ කතා 8ත් එක දවසින් කියවලා ඉවර කළා.
මා කියවා ඇති පොත් වල දැක නැති දෙයක් මේ පොතේ හමුවෙනවා. එක ම මාතෘකාවෙන් කතා දෙකක්. කියවලා ම බලන්න. ඒ කතා දෙක ඒ තරම් වටින කතා දෙකක්.
බොහෝ කතා වල අමරකීර්ති මහතාගේ කතා වල වගේ ම නොවැළැක්විය හැකි 88-89 ජන ජීවිතයට ඇලී ගැලී සිටින අයුරු දක්වා තිබුණත් ඒ සියල්ල ම පාහේ වෙනදා කියවා නැති මාන ඔස්සේ දිව යනවා.
ඇත්තම කියනවා නම් 8 වෙනි කතාව කියවන එක මදකට පසෙකින් තබා මේ ලිපිය මේ ලිය ලියා ඉන්නේ. අද නොලිව්වොත් ආයේ ලියන්න වෙන්නේ සඳුදා. ඒ වෙනකොට මේ ලියමනට මගෙන් අසාධාරණයක් වෙලා තියෙන්න පුළුවන් (කම්මැලිකම නිසා)
සමස්තය සළකා බලද්දි මට මේ කතා සේරම එක හා සමාන හෝ එක ලඟින් යන හෝ දැනීමක් ඇති කරපු කතා ගොන්නක්. මම කැමති රීතියේ කතා. සංකේත විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා, කතාවට වඩා සංකේත උද්දීපනය වෙලා, අවසානයේ සංකේත මල්ලේ කතාව හොයා ගන්න බැරි ව යන බොහෝ කතන්දර අතර සංකේතත්, කතන්දරයත් පත අට එකට හිඳුවා සාදන ලද ඖෂධීය පානයක් වගේ මේ කතන්දර 24 (තාම 23) මහා දැනවීමක් හිතට දනවලා තියෙනවා. විශේෂයෙන් ප්‍රින්ස්ගේ පළමු කෙටි කතා පොත් දෙක වන මේ පොත් දෙකේ දි එයා ගොඩක් ප්‍රවේශමෙන් වචන එකතු කරලා, රටා මවමින් වියමන කර ඇති බව පැහැදිලියි. ඒ වගේ ම මගේ දැනීමේ හැටියට ඒ කාර්යය අතිශයින් සාර්ථකයි.