අබ්දූල් කෆූර් මාවත - කොල්ලුපිටිය, කොළඹ 3
පැරණි නම - පෙන්ඩෙනිස් ඇවනියු
ගාලු පාරේ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙන විට, දකුණු පැත්තේ ඇති ශ්‍රී ලංකා බයිබල් සංගමය ගොඩනැගිල්ලට පසු ඇති මග අබ්දූල් කෆූර් මාවත වේ.
අරාබි වෙළෙඳුන් මෙරටට පැමිණ පළමුව බේරුවල ආශ්‍රිත ව පදිංචි වූයේ, අටවන සියවසයේ දී යැයි විශ්වාස කෙරේ. මෙරට පතල් කර්මාන්තය හා මැණික් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීමෙහි ලා මැණික් පිළිබඳව වූ සිය ප්‍රවීණතාව මැනවින් උපයෝගී කරගත් ඔවූහු කොළඹට පැමිණ මැණික් වෙළඳාමෙහි යෙදුණු අතර අවසානයේ එහි ම පදිංචි වූහ. 1894 දී ‘නූර්ඩීන් හාජියාර් අබ්දූල් කෆූර් හාජියාර්’ විසින් පළමු වරට කොළඹ වරායේ මැණික් වෙළඳාම අරඹන ලද අතර මද කලකින් ම ඉමහත් කීර්තියක්, ප්‍රසිද්ධියක් උපයාගත් ඔහු 1901 දී වේල්සයේ කුමර කුමරියන් මෙරටට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ දී මහනුවර මණ්ඩපයේ දී ඔවුනට සිය දියමන්ති සහ මුතු මැණික් එකතුව සහිත ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට ද සමත්විය. පසුකාලීන ව යුරෝපයේ සහ ඇමරිකාවේ පවත්වන ලද ප්‍රදර්ශනයන්හි දී සම්මානයට පත් වූ අබ්දූල් කෆූර් 1929 දී සිය මිල කළ නොහැකි අනර්ඝ මුතු මැණික්, දියමන්ති සහ අභරණ එකතුව ප්‍රදර්ශනය කරනු පිණිස, කොළඹ කොටුවේ, පල්ලිය වීදියේ මැණික් කෞතුකාගාරයක් විවෘත කළේය. ඒ පෙදෙසෙහි සංචාරය කරන්නේ නම්, කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට යාබද ව අදටත් එම ගොඩනැගිල්ල දැකගත හැකිය.
මෙරට මුස්ලිම් අධ්‍යාපනය නගා සිටුවීමට කැපවීමෙන් කටයුතු කළ අබ්දූල් කෆූර් මරදාන සහිරා විද්‍යාලයට, ද ගෆූරියා ඇරබික් විද්‍යාලයට සහ ද ගෆූර් අරමුදලට සිය ධනය පරිත්‍යාග කළේය. තව ද ශ්‍රී ලාංකික මුස්ලිම්වරුනගේ මක්කම වන්දනාවන් සඳහා මූල්‍යමය දායකත්වයත් සැපයීය. 1949 දී අභාවප්‍රාප්ත වූ අබ්දූල් කෆූර් මහතාගේ දේහය මරදාන මුස්ලිම් පල්ලිය භූමියේ භූමදාන කරන ලදී.
අබ්දූල් හමීඩ් වීදිය - අලුත්කඩේ, කොළඹ 12
පැරණි නම - වින්සන්ට් වීදිය
කෙසෙල්වත්තේ සිට උසාවිය පසුකොට අලුත්කඩේ වීදිය ඔස්සේ පැමිණෙද්දී හමුවන ‘Y’ හන්දියෙන් දකුණු දෙසට වන්නට ඇත්තේ ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත වේ. එහි මීටර 200ක් පමණ දුරින් හමුවන සිව්මංසලින් දකුණු පසට වන මග අබ්දූල් හමීඩ් වීදිය වේ.
1900දී ශ්‍රී ලාංකික මුස්ලිම්වරු, තුර්කි සුල්තාන්-දෙවන අබ්දූල් හමීඩ්ගේ රිදී ජුබිලිය මහ ඉහළින් උත්සවාකාරයෙන් සැමරුවේ කොඩි ලෙලවමින් සහ ගිණිකෙළි සංදර්ශන පවත්වමිනි. ඔහු තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ ප්‍රධානියා මෙන් ම ඉස්ලාමීය සහයෝගීතාවේ සංකේතයක් බඳු කාලීෆ් වරයෙකුවිය. එරටෙහි පළමු සිවිල් සේවකයා වූ අමා අසීස් මෙසේ පවසයි.
‘සුල්තාන්වරයාගේ සෑම ප්‍රධාන කටයුත්තක් ම රාජ්‍යයේ කටයුත්තක් හා සමානයි. සෑම සතියේ ම දේවස්ථාන වල සිකුරාදා පූජාවන්හී එතුමාගේ නාමය රැව්දීම ඉතාමත් සාමාන්‍ය කාරණයක්. බොහෝ මුස්ලිම් නිවෙස් වල එතුමාගේ පිංතූරයක් තිබෙනවා. තුර්කි රාජධානිය සුල්තාන්ගේ උත්සව හා වෙනත් විවිධ අවස්ථාවන් වෙනුවෙන් උවමනාවටත් වඩා කාලය හා ඉඩ වෙන් කෙරුවා. ළදරුවන් සහ ආයතන නම් කෙරුණේ සුල්තාන්වරයාගේ නමින්’.
සුල්තාන්වරයාගේ උරුමයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු තුර්කි තොප්පිය (Fez) පැළඳීමත්, හඳ පලුව හා තනි තරුව ප්‍රදර්ශනය කිරීමත් සිදු කළ අතර ඒවා ඔටෝමාන් අධිරාජ්‍යයේ සංකේත විය.
I.L.M. නූර්ඩීන් හාජියාර් ඔහුගේ පියාවන ඉඩෘස් ලෙබ්බේ මාරිකාර්ගෙන් පසු 1900දී ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය-පදනමේ භාරකාරවරයා බවට පත් වූ අතර ඔහු අලුත්කඩේ පෙදෙසේ දේපළ පරිත්‍යාග කර පල්ලියේ නඩත්තු කටයුතු සැළසීය. සිය පුද්ගලික වියදමින් කොළඹ ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය භූමියේ හමීඩියා විද්‍යාලය වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකළ නූර්ඩින් හාජියාර් මහතා එය තුර්කි සුල්තාන් හමීඩ් නමින් නම් කළේය.
ලාංකීය විද්වතුන් හා කතාබහ කිරීමෙන් මෙන් ම පුස්තකාල ආශ්‍රය කරගනිමින් සොයා බැලුව ද අබ්දුල් හමීඩ් මාවත කුමන පුද්ගලයාගේ නමින් නම් වූයේ දැයි පැහැදිළි අදහසක් ගත නොහැකි වූ අතර වියහැකි ආකාර පහත පරිදි ලඝු කොට දැක්විය හැකිය.
I.L.M. අබ්දූල් හමීඩ් - I.L.M. නූර්ඩින් හාජියාර්ගේ සහෝදරයා
N.D.H. අබ්දූල් හමීඩ් - මරදාන මොස්ක් හී භාරකාරවරයා, නූර්ඩින් හාජියාර්ගේ පුතා, N.D.H. අබ්දූල් කෆූර්ගේ සහෝදරයා (අබ්දුල් කෆූර් මාවත)
B.S. අබ්දුල් හමීඩ් - කොළඹ මහා නගර සභා සභික (1950-1957)
අබ්දුල් ජබ්බාර් මාවත - අලුත්කඩේ, කොළඹ 12
ආමර් වීදිය පොලීසිය ඉදිරිපිට, M.J.M. ලෆිර් මාවත ඔස්සේ යන විට හමුවන පළමු සිව්මංසලින් දකුණු දෙසට වන මග අබ්දුල් ජබ්බාර් මාවත වේ.
වාපු මරිකාර් අබ්දුල් ජබ්බාර් මහතා 1940-1957 දක්වා කාලය තුල මාරදාන මොස්ක් මුස්ලිම් පල්ලියේ භාණ්ඩාගාරික තනතුර හෙබවීය. ඔහුට, මාමා වන I.L.M. නූර්ඩීන් හාජියාර්ගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක් උරුම විය. අදටත් එම වෙළඳසැල, M.J.M. ලාෆිර් මාවත-මැසෙන්ජර් වීදියත්, ගල්වල පාරත් (Quarry Road), අබ්දුල් ජබ්බාර් වීදියත් හමුවන සිව්මංසලදී දැකගත හැකිය.
අබ්දුල් ජබ්බාර් සහ පුත්‍රයෝ (Abdul Jabbar & Sons), අබ්දුල් ජබ්බාර් නිවස (Abdul Jabbar House) යන ව්‍යාපාරය සහ නිවස අබ්දුල් ජබ්බාර් මාවතේ පිහිටා ඇත.
++++++++++++++++++
ReplyDeleteවැටේ දිග අනුව තමයි අදහස ගතයුතු වන්නේ නේද? :)
ReplyDeleteනොදත් තොරතුරු ගොඩාක් දැනගත්තා, බොහෝම ස්තුතියි.
ReplyDeleteStreetonomics: What our addresses say about us
ReplyDelete/ආමර් වීදිය පොලීසිය ඉදිරිපිට, M.J.M. ලෆිර් මාවත ඔස්සේ.../
ReplyDeleteමේ එම්.ජේ.එම්.ලාෆීර් මම හිතන්නෙ මොහොමඩ් ජුනයිඩ් මොහොමඩ් ලාෆීර් වෙන්න ඕන..1975 අවුරුද්දෙ ලෝක බිලියඩ් ශූරයා..ලංකිකයෙක් ජයග්‍රහණය කල පළමු ලෝක ශූරතාවය..
ඔය පැත්තේ ඇවිදලා තියනව ගමකට
ReplyDeleteThank you very much for the historically informative series which made my imagination roam in the Colombo streets in 1980s.
ReplyDelete