පෙර ලිපි
154. වීදි සරන ළය - 01අභය පෙදෙස - දෙමටගොඩ, කොළඹ 09
කොලොන්නාව දෙස සිට දෙමටගොඩ හන්දිය දෙසට පැමිණෙන විට දෙමටගොඩ ඇලත් දෙමටගොඩ හන්දියත් අතර මාර්ගයේදී වම් අත දෙසට වන අභය පෙදෙස හමුවේ.
අභය යනු නිර්භයභාවය වන අතර අභය මුද්‍රාවෙන් සංකේතවත් වන්නේ ආරක්ෂාව ලබා දීමටත්, බිය පලවා හැරීමටත්, හේතුවන අධ්‍යාත්මික ශක්තියයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගැනීමේදී අභය මුද්‍රාව භාවිතා කළ අතර පසුව කලහාකාරී ලෙස හැසිරුණු ඇතෙකු දමනය කරනු පිනිස ද එය යොදා ගන්නා ලදී. අභය සූත්‍ර දේශනාවේ, ‘සම්මා වාචා’ පිළිබඳ විස්තරයේදී උන්වහන්සේ කෙනෙකු කිව යුතු නොකිව යුතු දේ පිළිබඳ ව දේශනා කළෝය. ‘අප නිතර ම කතා කළ යුතු වන්නේ සත්‍ය හා අර්ථයක් ඇති දේ පමණයි. ඒ වගේ ම සතුටුදායක වුවද දුක්ඛදායක වුවද යම් දෙයක් පැවසීමට වඩා සුදුසු ම අවස්ථාව තෝරාගත යුතුය’
බොහෝ සිංහල රජවරුන්ගේ නාමයන් හී මුලට හෝ අගට ‘නිර්භය’ යන තේරුම ගෙනදෙමින් ‘අභය’ යන වදන එක්කර තිබේ. ඒ අතර අභය රජ (ක්‍රී . පූ. 474-454), අභයගිරි දාගැබ සෑදූ වට්ටගාමිණි අභය/වගලම්බාහු රජ (ක්‍රී . පූ. 88-76) සහ දුටුගැමුණු රජ (ක්‍රී . පූ. 161-137) යනාදී රජවරුන් වේ.
අභයාරාම පටුමග - හැව්ලොක් ටවුම, කොළඹ 05
නාරාහේන්පිට, ශ්‍රී අභයාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසීමට ඇති පටුමග මෙනමින් හැඳින්වේ.
අභයසිංහාරාම පාර - මරදාන, කොළඹ 10
පංචිකාවත්ත වටරවුමෙන් පංචිකාවත්ත දෙසට යන විට වම් අත දෙසට මෙම පාර හමුවේ. ඒ ඔස්සේ ගොස් අභයසිංහාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසිය හැකිය. (අභයසිංහ - නිර්භය සිංහයා යන අරුත දේ)
ඇඩම්ස් ඇවනියු - කොල්ලුපිටිය, කොළඹ 03
බම්බපිටිය හන්දියේ සිට, තුන්මුල්ල වටරවුම් ද්විත්වය පසුකර කොළඹ විශ්ව විද්‍යාලය දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන පළමු මාවත මෙනමින් හැඳින්වේ. මෙම නාමය උපන් හේතුව නිශ්චිත නැත. ආදම් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන ආදම්ජී ලුක්මන්ජී පවුලේ පිරිස දැනට ජීවත් වන්නේ ඇඩම්ස් ඇවනියු පාරට පසු ව හමුවන පටුමගට මායිම් වන සයිෆි විලා - Saiffee Villa මන්දිරයේය (පෙර ලක්ෂ්මිගිරි මන්දිරය). සමහරවිට ඇඩම්ස් ඇවනියූ නාමය ඉපදීමට මෙම සම්බන්ධය බලපෑවා විය හැකිය. කෙසේ නමුදු මෙම දේපල වල පැරණි හිමිකරුගේ නම ඇඩම්/ඇඩම්ස් විය හැකි බවට H. A. C. හුලුගල්ල විසින් රචිත, The Centenary Volume of the Colombo Municipal Council යන ග්‍රන්ථයෙන් යෝජනා කෙරේ.
ඇඩම්ලි පෙදෙස - බම්බලපිටිය, කොළඹ 04
මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල පසු කර කොළඹ දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන දෙවන මග ඇඩම්ලි පෙදෙස වේ.
බෝරා මුස්ලිම් ජාතිකයින් 1831 දී මෙම දිවයිනට ලඟා වූයේ අහම්බෙනි. ගුජරාටය බලා කරවල රැගෙන යමින් සිටි ජැෆර්ජි ඊසාජීගේ කුඩා මුහුදු යාත්‍රාව කුණාටුවකට අසු වී විනාශ වූ අතර දිවි බේරාගත් ඔහු ගාල්ල වෙරළට ලඟාවිය. මෙරට ඇති ව්‍යාපාර අවස්ථා දුටු ඔහු පසුකාලීන ව මෙරට මූලික කරගෙන ආනයන අපනයන වෙළඳාම ඇරඹීය. ඔහුගේ පුත් කරීම්ජී ජැෆර්ජි එම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉංදියානු සාගරය හරහා නැගෙනහිර අප්‍රිකාවේ සිට සිංගපූරුව දක්වා වෙළෙඳ ගනුදෙනු මෙහෙයවන්නට සමත්වීය. ඔහුගේ ඥාති සොයුරු මොහොමඩ්බායි අලීබායි නැමැත්තා සිය පුතුන් වන ඉසුෆ්අලී, ගුලාම්හුසෙයින් සහ ඇඩම්ලි (Esufally, Gulamhussein and Adamaly) යන අයගේ නම් උපයෝගී කරගෙන ඊ. ජී. ඇඩම්ලි සහ පුත්‍රයෝ (E G Adamaly & Sons) යන ව්‍යාපාරය අරඹා, සීනි, භූමිතෙල්, රබර්, පිටි සහ හාල් වෙළදාමෙන් ඉතාමත් කෙටි කලකදී ඉමහත් දියුණුවක් ලබා, දිවයිනේ ප්‍රමුඛත ම වෙළඳ ව්‍යාපාරයන් අතරට එක්විය. පවුලේ තවත් සාමාජිකයෙකු වන ඊ. ජී. ඇඩම්ලි යන අය 1920-1925 අතර කාලය තුල ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අතර ඔහුගේ පුත් කුර්බාන් හුසෙයින් ඇඩම්ලි 1948 දී නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ද, 1947-1971 අතර කාලය තුල සෙනෙට් සභිකයෙකු වශයෙන් ද, කටයුතු කළේය. ඉතාමත් සිත්ඇදගන්නාසුලු බෝරා මස්ජිදය පිහිටා තිබෙන්නේ ද මෙම ඇඩම්ලි පෙදෙස කෙලවරෙහි ය.
අධිකරණ මාවත - මරදාන, කොළඹ 10
ටෙක්නිකල් හන්දියේ සිට පංචිකාවත්ත දෙසට ශ්‍රී සංඝරාජ මාවත ඔස්සේ යන විට වම් අත දෙසට හමුවන පළමු මාවත මෙය වේ.
‘අධිකරණ - සමථ ධම්ම’ යනු බෞද්ධ විනය පිටකයෙහි එන කොටසකි. එයින් පනවා ඇත්තේ භික්ෂූන් අතර ඇතිවන ආරවුල් හෝ නඩු ආදි කාරණා සමථයට පත් කරගැනීමේදී සැළකිය යුතු විනය නීති සමුදායයි. අධිකාරණික යනු විනිශ්චයකාරවරයාය. අධිකරණ මාවත, පහළ උසාවි සහ අලුත්කඩේ පිහිටා ඇති අධිකරණ අමාත්‍යාංශය වෙත දිවෙයි.
අහමඩ් පටුමග - කොම්පඤ්ඤ වීදිය, කොළඹ 02
තොරතුරු සපයන කෙනෙකු මගින් ලේඛකයාට කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙම පටුමගෙහි, පදිංචි, ටී. බී. ජයා මහතාට සමීප ඤාතියෙකු වන තුවාන් අහමඩ් හමීඩ් ඩීන් නැමැති ශ්‍රී ලාංකික මැලේ ජාතික සමාජ සේවකයෙකු හමු වී තිබේ. ඒ හැර එම පටුමග පිළිබඳ වැඩිදුර විස්තර නොමැත.
+++++++++++++++++++++
ReplyDelete😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Deleteඑල.
ReplyDelete👍
Deleteප්‍රසා සෑහෙන කාලෙකට පස්සේ, හොඳින් නේද යාළු?
Deleteහොඳින් ඉන්නව ඩීන් අයියා. මේ දවස්වල පොඩ්ඩක් බිසී.
DeleteAdamaly නම අදාම්අලි වෙන්න ඇති, එහෙත් බොහෝ විට භාවිතයේ දී ඇඩම්ලි හැටියට වෙනස් වෙන්න ඇති.
ReplyDeleteගුජරාත වැසියෝ වෙළඳාමට උපන් හපන්කම් ඇති අය, ලංකාවේ දකුණ/මාතර කියනවා වගේ. ඉංදීයානුවෝ ගුජරාතීන් හඳුන්වන්නේ ගුජ්ජු කියලා. ලෝකේ ගුජ්ජු හා මල්ලු (මලයාලි හෙවත් කේරළ වැසියන්) නැති තැනක් හොයාගන්න බැරිතරම් වෙන්න ඕනේ. ලෝකය පුරා විසිරුන ගුජ්ජූන් ගේ පවුලේ නම හැදෙන හැටි ටිකක් වෙනස්.
මං විදේශයක වැඩ කරන කාලේ මගේ ටීම් එකේ හිටියා ටින්වාලා කියන සර්නේම් එක ඇති කෙනෙක්. ඒ අතර අලුතෙන් ආවා ප්‍රෙස්වාලා කෙනෙක්. ගුජ්ජූන්ගෙන් විස්තර ගන්න ලේසි නැහැ, හරිම එකමුතුවක් තියෙන්නේ. ඒ වගේමයි ඔවුන්ට ආවේණික බැංකු ක්‍රමයක්, ආර්ථික සහයෝගීතාවයක් තියෙනවා. මගේ සඟයා හිතවතෙකු වෙන්න අවුරුදු කීපයක් ගියා. ඔහුගෙන් ගුජ්ජු සර්නේම් ගැන ලස්සන විස්තරයක් දැනගත්තා.
ගුජරාතීන් අරාබි තරම් ඈත අතීතයක සිට වෙළඳාම සඳහා දේසාටනයේ යෙදුණ පිරිසක්. ගුජ්ජූන් අතර කොලම්බුවාලා, රැන්ගූන්වාලා, මාලේවාලා වගේ නම් ඇති බලවත් වෙළඳ පවුල් ඉන්නවාලු. ඔවුන් ඒ ඒ අගනගර මූලිකව වෙළඳාමේ නිරත වූ අය. දේශීයව තහඩු, ටින් ආදී වෙළඳාමේ හා කර්මාන්තයේ නිරත වූ පවුල ටින්වාලා. රෙදිපිළි අපුල්ලන අංශයේ යෙදුණ අය අයිති පවුල් ප්‍රෙස්වාලා හැටියට නම්වෙලා තියෙන්නේ.
හින්දියෙන් හා ගුජරාති භාෂාවෙන් මුදවපු කිරි වලට කියන්නේ දෙහි කියලා. ඒ කාලේ ආපු ගුජ්ජුවෝ අතර මුදවපු කිරි බිස්නස්කාරයෙකු නිසා දෙහිවාලා (Dehiwala) වුනාවත් ද මට නිතර හිතුණ දෙයක්?
Galmal Coral,
Delete/ගුජ්ජූන් අතර කොලම්බුවාලා, රැන්ගූන්වාලා, මාලේවාලා /
කබූලිවාලා..රබීන්ද්‍රනාත් ඨාකුරගෙ කෙටිකතාව...:)
හරිම කුතුහලය දනවනසුලුයි. හින්දි භාෂාවෙන් වාලා කියන්නේ කාරයා නේද? පොලිස් වාලා, බයිසිකල් වාලා, ජජ් වාලා ~ පොලිස්කාරයා, බයිසිකල් කාරයා, නඩුකාරයා වගේ
DeleteVery interesting as usual.
ReplyDeleteThank you!
Deleteපේනව නේද තොරතුරුවල තියෙන රස
ReplyDeleteපාදනවා නව උල්පත් උල්ලාස
අනාගතයෙදිත් මේ නිල් දියට බැස
බොහො දෙන නිවාගනු ඇත ඔවුනගෙ පවස
අපි නොදත් කොළඹ
ReplyDelete