කොළඹ කළාප
වර්තමාන කොළඹ නගරය තැපැල් කළාප 15කට වෙන්කර ඇත. කොළඹ කොටුවේ සිට මට්ටක්කුලිය දක්වා වාමාවෘත ව මෙම කළාප නම් කර තිබේ. පුරාණයේ භාවිතා වූ මායිම් සළකුණු මත ම නොපිහිටියත් (විශේෂයෙන් උතුරු කොළඹ), වඩා ආසන්න පැරණි ප්‍රාදේශීය නාමයන් මෙම කළාප සඳහා තවමත් භාවිතා කෙරේ.
කොළඹ 1 - කොළඹ කොටුව
කොළඹ වරාය යනු විදේශීය වෙළෙඳුන් පමණක් නොව ආක්‍රමණිකයින් ද එක හා සමාන ව ආකර්ෂණය වුණු ස්වභාව ධර්මයේ අගනා දායාදයකි. පළමුව පෘතුගීසීන් (1505-1656) කොළඹ වරාය වටකොට බලකොටුවක් ගොඩනැගූ අතර, දෙවනුව ලන්දේසීන් (1656-1796) හා තෙවනුව ඉංග්‍රීසීන් (1796-1948) විසින් එය තවදුරටත් වෙනස් කර වැඩිදියුණු කරමින් ගොඩනගන ලදී. පුරාණ කොළඹ නගර සීමාවට අයත් වූයේ කොළඹ කොටුව සිට පිටකොටුව සීමාව දක්වා පමණි.
බ්‍රිතාන්‍යයින් මෙරට ආක්‍රමණය කරන සමයෙහි කොළඹ නගරයේ මුර අට්ටාල එකොළහක් සහ ප්‍රධාන වීදී හතරක් තිබුණු බව සඳහන් වේ. 1869 දී එතෙක් පැවතී කොළඹ කොටුව බිඳ හෙලීමේදී, රොටර්ඩැම් මුර අට්ටාලය (Rotterdam bastion) බිඳ හෙළා එහි බිත්ති කොටස් වලින් ඒ ආසන්නයේ පැවතී අගල පිරවූ බව පැවසේ. වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආර්ථික කේන්ද්‍රස්ථානය කොළඹ වන අතර එහි සැරි සරන්නේ නම්, කොළඹ ‘කොටුවේ‘ නශ්ටාවශේෂ කිහිපයක් ඔබට අදටත් දැකගත හැකිවනු ඇත.
කොළඹ 2 - කොම්පඤ්ඤ වීදිය
කොම්පඤ්ඤ වීදිය අතීතයේ දී හැඳින් වූ ප්‍රසිද්ධ නාමය වූයේ වහල් දූපත (Slave Island) යන්නයි. අදටත් එම ප්‍රදේශය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ (Slave Island) ලෙසිනි. මේ කියන ප්‍රදේශය අර්ධද්වීපයක් වන අතර එය වර්තමාන කොල්වින් ආර්. ද සිල්වා මාවත නොහොත් යූනියන් පෙදෙසින් ප්‍රධාන භූමියට සම්බන්ධ වේ.
පෘතුගීසින් විසින් මොසැම්බික් ජාතික කාපිරි මිනිසුන් (නැගෙනහිර අප්‍රිකානු වෙරළින්) 2000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන් ආ අතර පසුකාලීන ව ඔලන්ද ජාතිකයින් විසින් එම කාපිරි මිනිසුන් කුළී හේවායින්, මෙහෙකරුවන් සහ කම්කරුවන් ලෙසින් යොදා ගන්නා ලදී. එසමයෙහි ඇතිවුණු සුප්‍රසිද්ධ ‘කාපිරි කැරැල්ල’ අතරතුර සිදුවුණු බැරන්ට් ද ස්වෝන් (Barent de Swan) නමැති ලන්දේසි නිලධාරියාගේ ඝාතනය හේතුවෙන් කාපිරි මිනිසුන් දැඩි ආරක්ෂක රැකවල් යටතේ තැබීමට නිතී හඳුන්වා දෙන්නට ලන්දේසීන් කටයුතු කරන ලදි. දවසේ කිස අවසන් වූ පසු දෑත් බඳින ලද වහල් මිනිසුන් ඔරු පාරු වල නංවා බේරේ වැව මැද පිහිටි දූපත වෙත ගෙන ගොස් එහි ඇති පැල්පත් හා කුටි වල ගාල් කෙරිණ. වැවේ සිටි කිඹුලන් ඔවුන් එතැනින් පැන නොයන බව සහතික කළ අතර අනාගත කැරලි කෝලාහල මැඩ පවත්වනු වස් වහල් මිනිසුන්ට පෙනෙන පරිදි උස් ස්ථානයක ස්ථාපනය කරන ලද එල්ලුම් ද ගසක් විය. වහල් දූපත නමින් හැඳින් වූ පෙදෙස කොම්පඤ්ඤ වීදිය - Company Street ලෙස හැඳින්වීමට හේතු වූයේ එකල එහි පිහිටුවා තිබුණු රයිෆල් රෙජිමේන්තුවයි. (Rifle Regiment/Company)
කොළඹ 3 - කොල්ලුපිටිය
කොල්ලුපිටිය යනු ‘කොල්ල කෑ පිටිය’ යන්නෙන් බිඳී ආවක් ලෙස සැළකේ. වර්ෂ 1644 දී දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගෙන් සිහසුන මුදවාගෙන ඔහුගේ දොළොස් හැවිරිදි පුතු රජ කරවීමට සිතා, මහනුවර ප්‍රධානීන් තිදෙනෙක් පිඹුරුපත් සකසන්නට වූහ. කෙසේ හෝ රජ කුමරුවා එය ප්‍රතික්ෂේප කළ අතර කුමන්ත්‍රණකරුවන්ගෙන් දෙදෙනෙකු හිස ගසා දැමීමට ලක්විය. තෙවැන්නා වූ අඹන්වෙල රාළ ඔලන්ද පාලන ප්‍රදේශයට පලා එන්නේ ඔවුන්ගේ කවර හෝ දඬුවමකට ලක්වීමට සුදානමිනි.
නමුදු ඕලන්ද පාලනාධිකාරය ඔහුට දඬුවම් පැමිණවීම වෙනුවට වරප්‍රසාද ලබා දුන්නේය. ස්වදේශිකයින්ගෙන් බලහත්කාරයෙන් අත්පත්කරගත්, මුහුදට මුහුණ ලූ සෑහෙන විශාල බිම් කඩක් ඔලන්දයින් විසින් අඹන්වෙල රාළට ලබා දෙන ලදී. එහි පොල් වගාවක් අරඹා මත්පැන් පෙරන ස්ථානයක් පවා පිහිට වූ ඔහු වෑන් රයික්ලෝෆ් - Van Rycloff යන ඕලන්ද නාමය ද ආරූඪ කරගත්තේය. කොල්ලුපිටියේ, ශාන්ත මයිකල් දේවස්ථානය අවට පෙදෙස අදටත් හඳුන්වන්නේ ‘පොල්වත්ත’ යන නමිනි. ස්වදේශිකයින්ගෙන් කොල්ලා කෑ ඒ බිම්කඩ - කොල්ලුපිටිය යන නාමය දරා, ඉතිහාසයේ සිදු වූ ඒ සොරකම සහ සොරුන් සිහිකරවමින් අදත් ගාලූ මුවදොර කෙළවර සිට ගාල්ල දෙසට විහිදි පැතිර සිටී.
කොළඹ 4 - බම්බලපිටිය
බම්බලපිටිය යන නාමයෙහි උපතට හේතු වී ඇත්තේ එම ප්‍රදේශයේ තිබූ බොහෝ සරුසාර වූ ජම්බෝල ගසකි. ජම්බෝල යනු සිංහල නම වුවත් එය ‘පම්පලිමාසු’ යන දෙමළ හැඳින්වීමෙන් බිඳී සෑදුණු පෘතුගීසි හෝ ලන්දේසී නාමයෙන් බිහි වූවක් ලෙස සැළකේ. ‘පම්ප්ලමූසස්’ (ප්‍රංශ) සහ ‘පොමෙලෝ’ යනුවෙන් ද හැඳින්වෙන ජම්බෝල, පැඟිරි කුළයේ විශාල ම පළතුරකි (citrus maxima). මේ සියලු වදන් වල සම්මිශ්‍රණයකින් බම්බලපිටිය යන නාමය බිහි වූ බව සැළකෙන අතර කොල්ලුපිටිය අවසාන වන තැනින් ඇරඹෙන, වර්තමානයේ බොහෝ ජනාකීර්ණ වෙළෙඳ නගරයක් වන බම්බලපිටිය, ගාලු පාර පාදක කරගනිමින් එමග ඔස්සේ ගාල්ල දෙසට ඇදෙයි.
/(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)/
ReplyDeleteඑහෙම Disclaimer එකක් දැම්ම එක හොඳයි..නැත්නම් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කලා කියල කූඩු කරන්ටත් බැරි නැහැ.. :)
🙄😄😄😄
Deleteකොළඹ කළාප මැප් එකක් හොයා ගන්න බැරිවුණා කිව්ව ම ඉතිං.
https://frenchaffliction.com/2017/01/30/word-of-the-week-pamplemousse/
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමරිෂස් ආවේ කොහෙන්ද කියලා පොත බලන්න ඕනෑ 🤔
Deleteබම්බලපිටියට මිලාගිරිය කියලත් කියනව නේද? ඒ නම ආවෙ කොහොමද දන්නෑ?
ReplyDeleteඑතන පල්ලියට පෘතුගීසි කාලෙ තිබුන නම නිසා. ඉන්ග්‍රීසි පරිවර්තනය Our Lady of Miracles Church. Miracles = පෘතුගීසිවලින් මිලාග්‍රිස් Milagres.
Deleteස්වාමීන් වහන්ස, ප්‍රා ජේ කරන විස්තරය නිවැරදියි. මිලාගිරිය, කොළඹ 4 කළාපයේ පිහිටි කුඩා ප්‍රදේශයක්.
Deleteහොඳය ලියන එක මෙව්වත් අපහට
ReplyDeleteපලදායී වෙයි කියවන අයහට
එච්චර විතරක් නෙවෙයි හැබෑවට
හෙට උපදින මතු පරම්පරාවට!
කවි පබඳින්න මේ මොහොතේ බෑ මට
Deleteස්තුතියි දිරි දෙනවාට තව තව ලියනට
මේ Colombo Jumbo පොතේ පරිවර්තනය කොටස් වශයෙන් පළ කිරීමකි. ඒ දිනවල ඇත්ත පුවත්පතට සතිපතා යවපු ලිපි වලින් ගෙන මෙහි පළකරමින් ඉන්නේ. Colombo Jumbo ගැන මෙහි සටහන් අතපහුවෙලා. හෙට ඒ අඩුව හදනකම් හැමෝම කමන්න.
ReplyDeleteමෙය ජෙෆ් එල්ස් මහත්මයා විසින් රචිත කළම්බු ජම්බු පර්‍යේෂනාත්මක ග්‍රන්ථයේ පරිවර්තනයකි
බොහොම අගෙයි ඒ තොරතුර. පිං
ReplyDeleteRandil,
ReplyDelete"Colombo Jumbo" කියල නම දාල තියෙන්නෙ ඇයි ඒ පොතට කියල පොතේ සඳහන් වෙනවද?
පොතේ බලන්නම්. මතක විදිහට ලොකු සයිස් එකේ පැටලැවිල්ලක් නිසා වගේ මතක
Deleteකොම්පඤ්ඤ විදියේ පොලසිය හා එහි පිටිපස්සේ තට්ටු නිවස තියෙන්නේ. ඒක ඉස්සර සොහොන් පිටියක්. හිටි ගමන් කණින කොට ඇට සැකිලි හම්බවෙනවා කළු ජාතිකයන්ගේ . ඊට පිටි පස්සේ රේල් පරන් එහා පැත්තේ තිබ්බ පැල්පත් වලට කිව්වේ කොරියාව කියල (දැන් කොරියාව කොහොමද) . කොල්ලුපිටියේ ඕන් මගේ නමින් පන්සලක් තියනව ධර්මකිර්තියාරාමය කියල. ගිහින් තියනවද.
ReplyDeleteඕලන්ද හා ඉන්ග්‍රීසි පාලන කාලයේ මෙරටට ගෙනා ජාවා (මැලේ) වරුන් පදිංචි කර සිටියේ ද කොම්පඤ්ඤ වීදියේ කියනවා නේ.
ReplyDelete