කොළඹ 5 - හැව්ලොක් ටවුම
1890 සිට 1895 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ ආතර් එලිබෑන්ක් හැව්ලොක් (Arthur Elibank Havelock) මහතාය. කඩවසම් භාවය අතින් ඉහළ ම ආණ්ඩුකාරවරයා නොවුණාට ‘ජැන්ඩියට’ ඇඳ පැළඳීම අතින් එකල දිවයිනේ ඉහළින් ම වැජඹුණු තැනැත්තා ඔහු විය. කොහොම නමුත් අන් අයට නොවූ අවස්ථාවක් ඔහුට අත්කරදෙමින් මෙරට නගරයක් ඔහු නමින් නම් විය. එම වාසනාව ලද එකම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඔහු ය. එයට අමතර ව හැව්ලොක් පාර, එලිබෑන්ක් පාර සහ හැව්ලොක් පෙදෙස යනුවෙන් තවත් මාර්ග තුනක් ඔහු නමින් නම් කෙරුණ ද හැව්ලොක් පාර අද වන විට ඔහුට අහිමි ව තිබේ. එහි වර්තමාන නාමය සම්බුද්ධත්ව ජයන්ති මාවත වේ.
කොළඹ 6 - වැල්ලවත්ත
වැල්ලවත්ත යනු වැලි උයන යන්නට සමාන වදනකි. එකල එය සැනෙන් එරෙන වැල්ලෙන් නිර්මිත, වල් පැළැටි සහ පඳුරු වලින් ගහන වූ, මුහුදු වෙරළ කරා දිවෙන මුඩු බිමක් වූ නමුදු වර්තමානයේ ගාලූ පාරේ පිහිටි නගර අතුරින් ඉතාමත් ජනාකීර්ණ වෙළෙඳ නගරයක් බවට පත් ව තිබේ. දිය මං සහ කානු සෑහෙන ප්‍රමාණයක් වැල්ලවත්ත හරහා මුහුදට ඇදෙයි.
කොළඹ 7 - කුරුඳු වත්ත
1765 සිට 1785 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ ඕලන්ද ආණ්ඩුකාරවරයා වූ විලෙම් ඉමාම් ෆැල්ක් (Willem Imam Falck) ගොවිබිම් හී කුරුඳු වගා කිරීම පිළිබඳ ව පර්යේෂණයෙහි යෙදුනෙකි. එයට පෙර විශ්වාසය වූයේ කුරුඳු යනු වනාන්තරයේ ස්වභාවික ව වැඩෙන ශාකයක් වශයෙනි. මෙම කුරුඳු යාය දැනට කොළඹ 7 කලාපයට අයත් පෙදෙස ද ඇතුලු ව, මරදානේ සිට හැව්ලොක් ටවුම දක්වා මයිල 12ක් පුරා විහිද පැතිර පැවතිණි. සිංහලෙන් කුරුඳු වත්ත ලෙසින් ද, ඉංග්‍රිසියෙන් Cinnamon Garden ලෙසින් ද, කොළඹ 7 කලාපය හැඳින්වීමට හේතු වන්නේ මෙකී කුරුඳු යායයි.
කොළඹ 8 - බොරැල්ල
බොරැල්ල යනු බොරලු ඇති බිම යන්නට සමාන පදයකි. පෘතුගීසින් ද මේ පෙදෙස හැඳින්වූයේ ගල් ගොඩැල්ල/බොරලු කන්ද - Outeirinho das pedras ලෙසිනි. වර්තමානයේ, වෝඩ් පෙදෙස, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), ඥානාර්ථ ප්‍රදීපය පාර සහ දොස්තර එන්. එම්. පෙරේරා මාවත (කොටා පාර) යන මාර්ග මුණ ගැසෙන පස් මං සන්ධිය නිසා කාර්යය බහුල වූ බොරැල්ල සෑහෙන ජනාකීර්ණ වෙළෙඳ නගරයකි. මෙරට, දරුවන් සඳහා වන ප්‍රධාන රෝහල වන රිජ්වේ ආර්යයා ළමා රෝහල මෙන් ම වෛද්‍ය පර්යේෂණ ආයතනයත් බොරැල්ලේ (MRI) පිහිටා ඇත.
කොළඹ 9 - දෙමටගොඩ
මෙරට, නාග දෂ්ටන ඇතුලු බොහෝ අවස්ථාවන්හි දී දෙමට පඳුරු (Gmelina Asiatica or Asiatic bushbeech) වෙදකම සඳහා භාවිතා කෙරේ. ප්‍රධාන පඳුරෙන් පහළට එල්ලෙන සීනු ආකාර කහපාට මල් ඇති මෙම පඳුරු සාමාන්‍යයෙන් මීටර තුනට වඩා උස් නොවේ. සමහරවිට දෙමටගොඩ ප්‍රදේශය අතීතයේ දී දෙමට පඳුරු දහස් ගණනක් සරුවට වැවුණු ගම්මානයක් ව පවතින්නට ඇත.
එසේත් නැත්නම් එම නාමය භාෂා දෙකක සම්මිශ්‍රණයෙන් බිහි වූවක් විය හැක. පෘතුගීසි බසින් ‘De mata’ යනු වනයේ/බැද්දේ ආදී තේරුමක් දෙන අවස්ථාවකි. සිංහලෙන් ‘ගොඩ’ යනු ‘Village’-ගම යන ඉංග්‍රීසි වදනට යෙදෙන පදයකි. මේ සියලු දේ සළකා බැලීමේ දී දෙමටගොඩ යනු ‘Village in the jungle’ නොහොත් ‘බැද්දේගම’කි. එය අපට ලෙනාඩ් වුල්ෆ්ගේ එනමින් ම වන කෘතිය සහ පරිවර්තන කෘතිය සිහිගන්වයි. (එහි සඳහන් ගම අයත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ය.)
අද වනවිට දෙමටගොඩ යනු ග්‍රාමිය පෙදෙසක් නොවේ. ජනාකීර්ණ නාගරික පෙදෙසකි. ජාතික දුම්රිය කෞතුකාගාරය දෙමටගොඩ පිහිටා ඇති අතර බහු මංතීරු ගුවන් පාලමක් ද දෙමටගොඩ සතුව තිබේ.
කොළඹ 10 - මරදාන
දෙමළ භාෂාවෙන් මරම් යනු ගස ය. දානම් යනු පෙදෙස ය. එසේ ගත්කළ මරදාන යනු ‘ගස් පෙදෙස’ විය නොහැකිද?
ක්ලෆ්ගේ අර්ථ දැක්වීමට අනුව (Clough’s definition) ‘වැලි තලාව’ යන තේරුමින් ‘මරදාන’ බිහි වූ බව දැක්වේ. මුල් ම කුරුඳු වගාව සිදු කරන ලද්දේ මරදාන පෙදෙසේ වැලි තලාවේය. එයින් ලබාගත් අස්වැන්න ශ්‍රී ලංකාවේ හොඳ ම කුරුඳු ලෙස සැළකේ. මේ වැලි පසේ කුරුඳු මෝරා පරිනත භාවයට පත්වන්නට පස් වසක් ප්‍රමාණවත් වුවත්, සාමාන්‍ය පසේ ඒ සඳහා වසර හතක් හෝ ඊට වැඩි කලක් ගතවන බවක් පැවසේ.
මරදානේ කුරුඳු කෙතරම් ඉස්තරම් වූවාද යත් එහි අස්වැන්න විනාශ වන දෙයක් හෝ හොරකමක් කළහොත් මරණ දණ්ඩනය පැනවුණු නමුත් අනෙක් පෙදෙස් වල කුරුඳු අස්වැන්න සඳහා එවැනි වරදකට නියම වූයේ කස පහර දීම පමණි.
වර්තමාන මරදාන කාර්යයබහුල වූ සංකීර්ණ මාර්ග මං සන්ධියකින් හා දිවයිනේ දකුණු දෙසින් ඇදෙන දුම්රිය සඳහා වූ දුම්රිය පර්යන්තයකින් සන්නද්ධ ව සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතර මුල් තැනක වැජඹේ.
බොරැල්ල හන්දියෙ ඉඳල ඩී.එස්.සේනානායක වීදියත් පටන් ගන්නව නේද?
ReplyDeleteආනන්දෙට එහා පැත්තෙ කුප්පියාවත්තට අල්ලපු කොටසට කියන්නෙ පරණවාඩිය කියල...සීතාවක රාජසිංහ රජ්ජුරුවො කොළඹ කොටුව යටත් කරගන්ට එක පාරක් අවුරුද්දක්ම කොටුව වටලාගෙන හිටියලු. ඒත් සිංහලයින්ට නාවික බලයක් නැති නිසා ඒ වෑයම අසාර්ථක උනා..එතකොට සීතාවක හමුදාව වාඩිලාගෙන හිටියයි කියන්නෙ ඔය පරණවාඩිය කඳුගැටේ...පස්සෙ එතන වාඩිය අස්කරගෙන කොටුව ආසන්නයේම කඳවුරු බැඳගත්තලු. පරණ වාඩිය නම ආවයි කියන්නෙ එහෙම...
හැබෑට පස් මං හන්දියෙන් එක පාරක් මග හැරිලා. පරණ වාඩිය කතාව දැනගත්තේ දැන් තමයි
DeleteThis comment has been removed by the author.
Deleteමං හිතන්නේ ඩැනිස්ටර් ද සිල්වා මාවත කියන්නේ බේස්ලයින් පාර නිසා මේ හතර විතරක් කියන්න ඇති
DeleteRandil,
Deleteබේස්ලයින් පාර කැළණිතිස්ස හන්දියෙ ඉඳල කනත්ත හන්දිය ගාවටම තියනව මම හිතන්නෙ..එතකොට බොරැල්ල හන්දියෙන් දෙමටගොඩ පැත්තට තියන කොටසට කියන්නෙ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත..70/80 කාලෙ බොරැල්ලෙන් එහා කොටසට කිව්වෙ කනත්ත පාර කියල..පස්සෙ දැං කියන්නෙ ඩී.එස්. සේනානායක මාවත...
කිසිම වගවිභාගයක් නැතුව හිතුමතේ පාරවල්වල නම් වෙනස් කරන එක ගැන ප්‍රා සහ බූරා දක්වපු අදහස්වලට හොඳම උදාරණයක් මම හිතන්නෙ ඔය බේස්ලයින් පාර..
දොස්තර ඩැනිස්ටර් ද සිල්වා කියන්නෙ කවුද කියලවත් මම හිතන්නෙ මිනිස්සුන්ගෙන් සීයට 99.9% ක් දන්නෙවත් නෑ..
අනිත් අතට බේස්ලයින් පාර කියන නම බොහොම වැදගත් තේරුමක් තියන නමක්..යම් මැනිමක් කරනකොට පාදම් රේඛාවක් (Base line) ඉස්සෙල්ල පොළවෙ පිහිටුවා ගන්නව....ඒකෙන් පටන්ගෙන තමයි මැනුම කරගෙන යන්නෙ...1820 විතර මුලු ලංකාවම මනිද්දි සුද්දො පාවිච්චි කරපු පාදම් රේඛාව දිගේ පස්සෙ කාලෙකදි හදපු පාර තමයි බේස්ලයින් රෝඩ් එක වුනේ...
ඒ්ක ඇත්ත. කැළණිතිස්ස ගාවින් පටන් අරං බේස් ලයින් පාර ඉවර වෙන්නේ හයි ලෙවෙල් එක හමුවන තැනින්. මැනීම් සඳහා භාවිතා කරපු බේස් ලයින් එක කැළණි ගඟ අසල සිට මුහුද අසලට තිබුණා කියලා අහලා තියෙනවා. මේ කොළඹ දිස්ත්‍රික්කයේ බේස් ලයින් පාර වගේ ම මීගමුවේ තියෙනවා තව බේස් ලයින් පාරක්
Deleteපොතේ පාරක පරණ නම හා අලුත් නම තියන එකම හුගක් ප්‍රයෝජනවත් , ඉතිහාසයට අමතරව.
ReplyDeleteදැන් ඔහේ නම් දාගෙන යනවා, ලියන්නත් බෑ, කියවන්නත් බෑ ලේසියෙන්. ඉතිහාසයත් මැකිල යනවා.
කොලඹ මැකලම්, ටරට්, ලෝටස්, බේලි වගේ නම් වෙනුවට කාගෙහරි සම්පූර්ණ නම හෝ මුලකුරු සමග නම් තමයි දාල තියෙන්නෙ. ලියන්නම විනාඩියක් විතර යනව. හදිස්සියෙන් ෆෝර්ම් එකක් පුරවනකොට දත්මිටි කැවෙනව.
ගම්වලත් එහෙමයි. මහනියර පාර වගේ
ඒකෙ ඉතිහාසයත් දැක්වෙන පාරවලට දානව අතිපූජ්‍ය කිරීඉබ්බාපැනපුවැවේ සුමනාලංකාර නාහිමි මාවත වගේ නමක්.
ඔය කතාව ජෙෆ්ත් කියනවා. විශේෂයෙන් එයාලාට අපේ සමහර පාරවල් වල අලුත් නම් ශබ්ද කර ගන්නත් බැහැ. මේ ගැන අප්‍රසාදය පළ කරනවා.
Deleteඩීන්ස් පාරට දාලා තියෙන නම පාරට වඩා ටිකයි දිග අඩු
//කාගෙහරි සම්පූර්ණ නම හෝ මුලකුරු සමග නම් තමයි දාල තියෙන්නෙ. ලියන්නම විනාඩියක් විතර යනව. හදිස්සියෙන් ෆෝර්ම් එකක් පුරවනකොට දත්මිටි කැවෙනව//
Deleteසහතික ඇත්ත ප්‍රාජේ. කිසිම කොමන් සෙන්ස් එකක් නැතිව තමා ගොඩක් පාරවල නම් දාලා තියෙන්නෙ.
හුඟක් රටවල කාගෙ හරි නමක් පාරකට දානකොට දාන්නෙ සර්නේම් එක විතරයි, කවුද කියලා මිනිස්සු දන්නව ඇති කියලයි එක.
Deleteලංකාවෙ සම්පූර්ණ නම දාන්නෙ , එහෙම දැම්මත් දන්නෙ නැති අයගෙ නම් නෙ.
ඉන්දියාවෙ මැඩ්‍රාස්, චෙන්නායි වුනා වගේ ලංකාවෙත් කොලෝනියල් කාලෙට ඉස්සර තිබුන සිංහල නම් කොලඹ පාරවලට දැම්මනම් එකක්. ඒත් කොලඹ සිංහලුන් වැඩිය හිටපු නගරයක් නෙමෙයි. ඉන්ග්‍රීසි නම් වලට ඉස්සර නම් තිබුනනම් තිබුනෙ පෘතුගීසි හෝ ලන්දේසි නම් (ලන්දේසි නම් කීපයක් උතුරු කොලඹ පාරවල්වල තාම තියනවා ). මේ ලෝකල් නම් දැමීමෙන් නැතිවෙලා තියෙන්නෙ අයිතිහාසික නම්
//කොලෝනියල් කාලෙට ඉස්සර තිබුන සිංහල නම්//
Deleteමම හිතන්නෙ නෑ අපේ මිනිස්සු පාරවලට නම් දැම්මය කියලා. හරිහමන් පාරක්වත් හදාපු නැති අපේ මිනිස්සු නම් දාන්න මහන්සි වෙයියැ?
//ලන්දේසි නම් කීපයක් උතුරු කොලඹ පාරවල්වල තාම තියනවා//
වුල්ෆන්ඩාල් ආදුරුප්පු වුනා. මුට්වාල් මුතුවැල්ල වුනා. හල්ෆ්ට්ස්ඩෝෆ් අලුත්කඩේ වුනා. තාම මොනවය ඉතිරිවෙලා තියෙන්නෙ?
මම කියන්නෙ දැන් අපටත් postcodes වලට මාරුවෙන්න කාලෙ හරි. අඩුමගානෙ කොළඹ හා suburbs වත්. UK වල ෆෝම් පුරෝනකොට postcode එකයි door number එකයි විතරයි අහන්නෙ. ඇඩ්‍රස් එක ඩේටාබේස් එකෙන් ඔටෝ එනවා.
ඇත්තට ම මේ හාමුදරු වරුන්ගේ නම් දාලා තියෙන එක නම් අගෞරවයක් විදිහට මට හිතෙන්නේ.
Deleteපණ පිටින් ඉන්න ගමන් පරම්පරා උරුමයෙන් ලැබුණු මුදල් වලින් අරවා මේවා හදලා තමන්ගේ නම දාගන්න එක නම් කමක් නැහැ ඉතිං.
Buratino,
Deleteපෝස්ටල් කෝඩ්ස් වැඩේ පටන්ගෙන මම හිතන්නෙ දැං අවුරුදු 25 වගෙ වෙනව..චන්ද්‍රිකාගෙ කාලෙ පටන්ගත්තෙ..මුලින්ම මාසයක් දෙකක් භාවිතාවුනා..ඊට පස්සෙ ඒක හැමෝටම අමතක වෙලා ගියා...තවම බොහොමයක් තැපැල් කන්තෝරුවල ඉස්සරහ බිත්තියෙ ලොකු අකුරින් ලියල තියනව මෙහි තැපැල් සංකේතය XXXXX කියල. අපේ පෝස්ට් ඔෆිස් එකේ (පේරාදෙණියෙ) Postal code එක ඇවිල්ල 20400.
බුර්, Vystwyke පාර.
DeleteIn Dutch- Vuyst's village. ලන්දේසි ආණ්ඩුකාර Vuyst ගේ කතාව ගූග්ල් කරල බලන්න. හොරර් ස්ටෝරි එකක් වගේ. අයිතිහාසික ත්‍රිලර් එකකට නියමයි
Bloemendhaal rd.
Deleteරවි, ඔයා ඔය කියන්නෙ post-office code ගැන. එහෙම නෙවෙයි, UK වල හැම පාරකටම postcode එකක් තියෙනවා. මේක කොටස් දෙකකින් හැදුන alpha-numeric code එකක්. මුල් කොටසින් අදාල postal area එකත්, දෙවෙනි කොටසින් ඒ area එක ඇතුළෙ අදාල street එකත් දැක්වෙනවා. ප්‍රායෝගිකව door number එකයි, postcode එකයි විතරක් දාලා ලියුමක් යවන්න පුළුවන්.
Deleteඋදා: NW8 6XX -> මෙතන NW කියන්නෙ North West London postal area එක. එතකොට NW8 කියන්නෙ ඒක ඇතුළෙ පිහිටි St John's Wood, Primrose Hill, Lisson Grove, Camden කියන neighbourhoods හතරක්. NW8 6 කියලා ගත්තහම මේක තවත් පටුවෙනවා.
UK Postcodes
@Pra,
DeleteVuyst’s Ghost
Bura,
Deleteඅඩේ එහෙමත් එකක්ද? එහෙම කලානම් බොහොම වැදගත් තමයි..:)
Thank you for the informative post.
ReplyDeleteThank you too :)
Deleteබොරැල්ල -> පුංචි බොරැල්ල -> සුදුවැල්ල
ReplyDeleteඑහෙම තමාලු භූමියේ ස්වභාවය වෙනස් වුනේ. සුදුවැල්ල කියන්නෙ ඔය St. Joseph's ඉස්කෝලෙ තියෙන හරියට.
නිකමටවත් කල්පනා කළේ නැහැනේ, ඇයි එහෙම නම් තුනක් එක ලඟ තියෙන්නේ කියලා. ස්තුතියි ඒ තොරතුරට. ගල් බොරැල්ල කියලා දිහාවක් කැළණියෙත් තියෙනවා. බොරැල්ලට වඩා රළු භුමියක් එහෙ තියෙන්න ඇති සමහරවිට
Deleteසුදු වැල්ල = HNB ටවර් එක තියන පාර (ඩාර්ලි පාර සහ ඩීන්ස් පාර කනෙක්ට් කරන පාර ) ඩීන්ස් පාරට වැටෙන හරිය (මල් ශාලාවක් තියෙන්නෙ)?
Deleteවිහාරමහා දේවි ඉස්කෝලේ එහෙම තියෙන්නේ නේද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ මුලින් නම සැරසන් පාර මම හිතන්නේ. මගේ අම්මගේ උපන් ගම වැල්ලවත්තේ. අම්ම දහම් පාසල් ගිහින් තියෙන්නේ බම්බලපිටියේ වජිර පාරේ වජිරාරාමයට. ඒ පැත්තේ හැම තැනම වගේ ගිහින් තියනවා. වැල්ලවත්තේ ඉඳන් දෙහිවල පැත්තට රට ඇතුලට යනකොට කුඹුරුත් තිබ්බ
ReplyDeleteගාල්ල නගරයේ ද හැව්ලොක් පෙදෙස හා හැව්ලොක් පාර තවම ඇත.
ReplyDelete