Inspired By - පොඩ්ඩිගෙන් ආදරණීය ඔබට
කසාද බැඳල සතියකුත් ගියා ඔන්න.......මෙච්චර දවස් නෑදෑයන්ගෙ යාලුවන්ගෙ ගෙවල් වලින්ම තමයි කෑවෙ බිව්වෙ, අද මම බැන්දට පස්සෙ මුලින්ම රස්සාවට යන දවස,
එයා මා එක්කලා යාලුවෙන කොටම කියාපු දෙයක් තමයි " ඔන්න මට උයන්ඩ නම් බෑ " මම එතකොට කිව්වෙ " අපොයි, ඒකට කමක් නෑ, මට උයන්ට පුලුවනි යස අගේට" කියල....
උදේම මම වැඩට යන්ට ලෑස්ති උනා,
" මේ අද මම දවල්ට කන්ට මොනව හරි ගෙනෙන්නම්......ඔයා මොනවටද කැමති කියන්නකො"
" අනේ එපා අනේ......මම අද උයන්නම්......"
" ඈ......ෂුවර්ද?........ඔයාට පුලුවන්ද?"
" බලන්ටකො පුලුවන්ද බැරිද කියල.......කලින් එන්න හොඳේ......"
මමත් ඔන්න කලින්ම ආපහු ආව.....ගෙදරට ඇතුල් වෙනකොටම එයා ආපි ඉස්සරහට දුවගෙන, ඒ කරල මගෙ පපුවෙ මූණ හංගගෙන අඩන්ට තියාගත්තෙ නැද්ද?
" මේ මොකද අනේ?......අඬන්ට එපා ඉතිං, කියන්ටකො උනේ මොකක්ද කියල,"
" අනේ ඔයා මට බනින්නෙ නෑ නේද?"
" නෑ....නෑ.....නෑ..... ඉතිං කියන්නකො...." මම කෝකටත් ඕනම දෙකට සූදානමින් පපුව පුරහම හුස්මක් කාරිය අරගෙන ඇහුව.
" මගේ අතිං බත රොස් උනා........"
" හරි, හරි, එන්නකො, මෙතනින් මා ළඟින් ඉඳගන්නකො......හරි දැන් කියන්න හොඳ ළමය වගෙ කොහොමද බත රොස් උනේ කියල,"
" ඔයා ඔය මා එක්ක තරහින් නෙවෙයි නේද?"
" පිස්සුද ළමයො, බත රොස් උනාට මම මොකටද ඉයා එක්ක තරහ වෙන්නෙ, අපි කඩෙන් මොනව හරි ගෙනත් කමු, ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ..."
" ඔයා හරීම හොඳයි අනේ.......ඔයා මම හිතුවටත් වැඩිය හොඳ කෙනෙක්......බත රොස් උනේ කොහොමද දන්නවද?.......මම ඔයාගෙ අර අලුත් කළිසම අයන් කර කර හිටියෙ......ඒ අතරෙ බත ඉතුරුවා.......මම ඒක බලන්ට ගියේ අයන් එක කළිසම උඩ තියෙද්දි.......කළිසම පිච්චෙන කොට මම ආපහු එතනට දුවගෙන ආව....එතකොට තමා බත......"
" ඈ....මොකක් කිව්ව.......මගෙ අලුත් කලිසම......ඒක පිච්චුන?"
" ඔන්න ඔන්න අනේ ඔයාට තරහ යන්ඩයි එන්නෙ.......මට බයයි......"
දෙතුන් වරක් හොඳින් පපුව පුරා හුස්ම ඉහලට ගෙන හැකි තරම් වේලා රඳවාගෙන සිට සෙමින් පහළ හෙලන්න.
ආතතිය වළක්වා ගැනීමේ නොවරදින ප්‍රතිකර්මය මට සිහිපත් විය.....
" නෑ, නෑ, මට තරහ යන්නෙ නෑ, ඔයා කියන්නකො........."
" ඉතින් ආයෙ කියන්ඩ දෙයක් නෑ මෙයා.......කලිසම පිච්චුනා එච්චරයි,"
" හරි, හරි,කලිසම පිච්චුනා....ඒක ඉවරයිනෙ.......දැන් කොහොමද කලිසම පිච්චුනේ?.......ඔයා මොකද මේ හදිස්සියෙ ඒක අයන් කරන්ඩ ගියේ?"
" කලිසම අයන් කලේ ඒක තෙමිල තිබ්බ හින්දනෙ ළමයො......ඒකවත් තේරෙන්නෙ නැද්ද?"
"හරි දැන් මට කියන්න මගෙ අලුත් කලිසම තෙමුනෙ කොහොමද? "
" ඒක තෙමුනෙ නෑ.....මම ඒක තෙමුවා....."
" කරුණාකරල මට කියනවද ඒකට හේතුව?" මම කිව්වෙ බොහොමත්ම ඉවසීමෙන්.
" ඔන්න ඔයාට තරහ ගියා............" එයා කිව්වෙ යටි තොල අඟල් දෙකක් විතර එල්ලගෙන.......
රවී......ආයෙම පපුව පුරවල හොඳ හුස්මක් ගන්න........මම මටම කියාගෙන ඒ විදිහටම කලා........
" හරි, හරි, මම තරහ ගන්නෙ නෑ......ඉතින් කියන්නකො, ඇයි කලිසම තෙමුවෙ?"
" ඇයි අනේ ගින්නක් නිවන්ට පහසුම ක්‍රමය තෙත රෙද්දකින් වහන එකය කියල ඔයා දන්නෙ නැද්ද?'
" මොකක්?.......ගින්නක්,"
ඔන්න මගෙ බ්ලඩ් ප්‍රෙෂර් එක ආයෙම වැඩිවීගෙන එනව. අනිවා දැන්නම් 220/130. ආයෙ ඒකෙ දෙකක් නෑ.
පපුව පුරවල හුස්මක්.....හරි......හැකි තරම් කල් හුස්ම රඳවාගෙන සිට, සෙමින් පිට කරන්න........මෙසේ අවම වශයෙන් තෙවරක් කරන්න......හරි ප්‍රෙෂර් නෝමල්.....
මම එයාගෙ අත් දෙක අල්ල ගත්ත.....වචනෙන් වචනෙ හෙමිහිට උච්චාරණය කලා
" හරි....දැන්....කියන්න......ගිනි..... ගත්තෙ....... කොහෙද?"
" අනේ ඔන්න ඔයා ආයෙම තරහ වෙලා....."
" මේ මගෙ..........." මම කටට ආපු වචන සැට් එක ආයෙම ගිල ගත්ත.
නැවත ආතතිය වැළක්වීමේ ක්‍රියාදාමය.....මතකයිනෙ.....ආයෙම කියන්ට ඕන නැහැනෙ......
" නෑ...නෑ....තරහ ගියේ නෑ....ඉතින් කියන්න.....කොහෙද ගිනි ගත්තෙ?"
" මම උදේ මුලු හෙදරම අතුගෑව. ඒ කරල මකුළු දැල් පුච්චද්දි තමයි ගිනි ගත්තෙ,"
" මකුළු දැල් පුච්චද්දි?......ඒ මොකටද මකුළු දැල් පුච්චන්නෙ?"
" ඇයි අනේ මොනවද ඔයා දන්නෙ?මකුළු දැල් පිච්චුවම ආයෙම බැඳෙන්නෙ නෑ කවදාවත්.....අපෙ අම්ම මට කියල දුන්නෙ....."
හ්ම්ම්ම්ම්ම්ම්, අම්මත් නැතෑ ඉතිං දුව වගේම........මේ ටික මම හිතුව විතරයි.
" හරි හරි එව්ව ඇරිච්චාවෙකො, දැන් ගිනි ගත්තෙ කොහෙද කියන්නකො....."
" ඔයාගෙ පුස්තකාලෙ........" මගෙ පපුවට තුරුළු වෙන ගමන් එයා කිව්ව.
මගෙ පපුව එහෙම්මම නැවතුනා වගෙයි මට දැනුනෙ.......ප්‍රෙෂර් එක මැන්න නම් අනිවාර්යයෙන් ප්‍රෙෂර් මනින මීටර් එක පුපුරනව.............
විනාඩි එක පාළහක් විතර ගියා මට පියවි සිහියට එන්ට......ඒ මුළු කාලෙම එයා හිටියෙ මගෙ පපුවෙ මූණ හංගගෙන........
අන්තිමට මම දිගම දිග සුසුමක් පහලට හෙලල පපුවෙ බර හෑල්ලු කර කර ගෙන එහෙම ඇහුව......." පොත් කීයක් විතර පිච්චුනාද?"
" ඔක්කොම පිච්චුනා අනේ........." එයා කිව්වෙ ඇහෙන නෑහෙන හඬින්
"කමක් නෑ.....පොත් නම් ආයෙම ගන්ට බැරිය....ඒ වගේද මේ වාගෙ කෙල්ලෙක්......කෝටියකින් හොයාගන්ට බැහැ නෙව......" මම දිගම හුස්මක් ආයෙමත් පිටකරල හිත හදා ගත්ත.
True Love never dies, even when she sets fire to your library and you are being an incorrigible bibliophile - Author known