"කමක් නැහැ මට ඔහොම දේවල්
තමයි වෙන්නේ" යනුවෙන්
අම්මාගේ පද පෙරැළෙන විට
ඒ වදන් වලට හුමිටි තියනා
තාත්තාගේ වෙස් පෙරැළෙන විට
"අනේ අක්කේ ඕවා ගණන්
ගන්න එපා හලෝ" කියමින්
නංගී හිනැහෙන විට
ඒ දේවල් බලා කිවයුතු යමක්
නොමැතිව සැමි නිහඬ වන විට
සරළ වෙන්න ඇත්නම් මට
පුංචි ළමයෙකු තරමට
අනේ වෙන මොකුත් ඕනේ නැහැ අප්පා............. මට
තමයි වෙන්නේ" යනුවෙන්
අම්මාගේ පද පෙරැළෙන විට
ඒ වදන් වලට හුමිටි තියනා
තාත්තාගේ වෙස් පෙරැළෙන විට
"අනේ අක්කේ ඕවා ගණන්
ගන්න එපා හලෝ" කියමින්
නංගී හිනැහෙන විට
ඒ දේවල් බලා කිවයුතු යමක්
නොමැතිව සැමි නිහඬ වන විට
සරළ වෙන්න ඇත්නම් මට
පුංචි ළමයෙකු තරමට
අනේ වෙන මොකුත් ඕනේ නැහැ අප්පා............. මට
හ්ම් ලොකු කතාවක් වගේ නේද?................................................ තීම් එක මාරුකලාද හොන්දයි ඒක අවුලක් නැහැ
ReplyDeleteපොඩි ළමයෙක් තුළ තියන සරළ බාවය සහ නොදැනුවත්කම ඇතුලෙ පුංචි පුංචි දේවලින් උනත් ජීවිතය විඳින පුරුද්දට මම ආසයි. ඒත් හැම වෙලේම ඒ දේ කරන්න අමාරුයි අපි ලෝකෙට සෑහෙන දුරට පුරුදු වෙලා ඉවර හින්දද කොහෙද.
ReplyDeleteඒ තුල තියෙන නිදහස ආය ලබාගන්න බෑ..
ReplyDeleteane eka nam atta . . .ehema hitena anantawath matath . . ..
ReplyDeleteමට තේරුනේ නෑනේ...
ReplyDeleteමට යමක් කර දීමට නොහැකි වූ විට කට්ටිය කියන ඒවයි,
හා
පුංචි ළමයෙකු තරමට
සරළ වෙන්න ඇත්නම් මට..
කියන එක අතර තියෙන සම්බන්ධේ මොකද්ද?
පොඩි කාලෙ ලොකු වෙන්න හදනවා
ReplyDeleteලොකු උනාම පොඩි වෙන්න හදනවා
ඉස්කෝලෙ යන කාලෙ කට් එක දාන්න හදනවා
ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම ආයේ ඉස්කෝලෙ යන්න හදනවා
අනේ මන්ද අපිත්...
ඕක මේලෝකෙ හැම එකාටම හිතෙන දෙයක්. ඒත් කවදාවත් සිද්ද නොවන දෙයක්....
ReplyDeleteඅනේ මටත් සිරාවටම සරළ වෙන්න ඇත්නම්........................
හැමෝම කැමති, ඒත් කවදාවත් ඉෂ්ඨ නොවෙන බලාපොරොත්තුවක් නේද? අපිට අපේ ජීවිත ආපස්සට කරකවන්න බෑ.
ReplyDeleteනියමයි .රසවත් කවි පොඩ්ඩ
ReplyDelete