සරච්ච්න්ද්‍ර මහත්තය ගැන පහුගිය සටහන ලියද්දි මගෙ අතීත කතාවකුත් ඈඳුන නෙව ඒකට. ඒ අර මට මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා පොත් දෙක තෑගි දුන්නු යුවතිය ගැන කතාව..කෝ ඒ කතාව කියල අහල තිබ්බ මෙකුවීස් ගොයියත්..ඒ නිසා මට හිතුන මේ උනුහුම පිටම ඒ කතාවත් කියල දැම්ම නං අහකයි නෙවද කියල..ආය පස්සට දාන්ට ගියොත් ඔය කතාව කවදාවත් ලියවෙන එහෙකුත් නැති වෙයි බොහෝවිට.
කාලය - මට මතක විදිහට වසන්තිගෙ යුගයට පස්සෙ වෙන්න ඕන...යස්..ඔව්...එහෙම තමයි...අපෙ අල්ලපු චමරියෙ හිටිය විජිත කියල හොඳ උස මහත ලස්සන කොළුවෙක්...අපි වගෙ එහෙම නෙවෙයි ඔන්න...හෙහ්, හෙහ්, අපිට තරං නෑ වයසකුත්...හරිම අහිංසකය..මස් මාලු තියා ආය නියපොත්තක්වත් කන්නෙ නෑ....ඔය අනික් නොබොන එවුං එහෙම අපි ඔය සිංදුවක් දෙකක් කියනකොට ඇවිල්ල අප්පුඩියක් එහෙම ගහනවනෙ. මේකා එහෙමවත් නෑ ...ගෙදර ඉන්නවනං පැය බාගෙකට සැරයක් අම්මටයි තාත්තටයි වඳිනව කියල උගෙ අල්ලපු ගමේ එකෙක්මයි අපි එක්ක කිව්වෙ දවසක් ඔය පොඩිවට කර්මාන්තයක් කරන අතරෙදි.
හරි වැඩි විස්තර කියන්ට ගියොත් මේකත් පඳුරු තැලිල්ලක් වගෙ වෙනව. හරි කෙටියෙන් කිව්වොත් ඔය දවස්වල විජිතය බස් එකේ එද්දි ගුරු මානවිකාවක් සෙට් වෙලා තිබ්බ. වැඩේ බොහොම අපූරුවට නැඟල යනවයි කියලයි අපිට ආරංචි උනේ.
දවසක් හවස වටින් ගොඩින් අඳුර වැටීගෙන එද්දි අපි සුපුරුදු පරිදි මිදුලෙ ජෑම් ගහයට කනප්පුව වටේට පුටු තියාගෙන වාඩි වෙලා හිටිය.එදා කොහොම හරි අර 2009 විතර ඩුබායි වල වෙච්චි වැඩේ අපිටත් වෙලයි තිබුනෙ. ඩ්රාස්ටික් ඉකොනොමික් ඩවුන්ටර්න්...බරපතල ආර්ථික අවපාතනයක්...
ඔය අපෙ රවුං කනප්පුව ඇවිල්ල බොහොම බලගතු එකක්..ඕකෙ උඩ පොලිෂ් එක පිච්චිල හරියටම අසෝක වීදුරුවෙ අඩියෙ ගාණට රවුං තියෙන්න ඇති ලස්සයකට එහා පැත්තෙ...ඒත් අතේ සතේ නැතිවෙච්චි වෙලාවෙ උනත් ඔය කනප්පුව වටේට වාඩි වෙලා හිටියොත් අම්මප දෙයියො දුන්න වගෙ කොහෙං හරි බඩු පාදුර්බූත වෙනව.
එදත් ඔන්න අපි කට්ටිය හීතළ හුළඟෙ මූණිං මූණ බලාගෙන හිටිය බෝම දුක්මුසු මුහුණිං..ආ, තව කාරණයක් කියන්ට බැරිඋනා. ඊට මාසෙකට විතර කලිං අපේ කෑම්ප් එකෙ ඇතුලෙම දැම්ම පොඩි පහේ බාර් එකක්.අපේ එවුං රෑ දෙගොඩහරියෙ ජීප් අරගෙන පිස්සු බල්ලො වගෙ රට හැමතැනම ඇවිදින එක වලක්වන්ට හිතාගෙන අපෙ ලොක්කගෙ අනුශාසකත්වයෙන් තමයි ඒක විවෘත කලේ.
ලොක්කට මල පැනල බාර් කීපර්ට දැඩි නියෝගයක් නිකුත් කලා..

අපි හැමෝම ඒකෙ ඒකෙ කොටස් කාරයො විදිහට බඳව ගත්ත. රුපියල් දෙසීයද කොහෙද අවම කොටසක්.... මතු බුදුබව ලැබෙනා අති උතුම් පුණ්‍යක්‍රියාවක් කරණකොටගෙන නිසා මම දැම්ම මට මතක විදිහට ගෙඩි පිටිම්ම රුපියල් දෙදාහක්ද කොහෙද " මනි මනි සේ ලුකිං නොට් " කියල හිට.....සල්ලිත් එකතු උනා මදි නොකියන්ට..ඒත් මොන...සති දෙකයි තුනයි ගියේ අපේ උගුඩුවො පොතට බීලම වියාපාරය බංකොලොත් වෙන්න ආව.
ලොක්කට මල පැනල බාර් කීපර්ට දැඩි නියෝගයක් නිකුත් කලා..
" මේ පීටර්...කිසි කෙනෙකුට ආය නයට දෙන්ට එපා. මොන මහත්තය ආවත් එච්චරයි. මම කිව්වය කියනව. යකෝ මේක මාර කෙළියක්නෙ..ළඟට ගෙනත් දුන්නමවත් මේ මිනිස්සුන්ට බෑනෙ සල්ලි දීල බොන්ට. අර රෑ තිස්සෙ බාර් ගානෙ යනකොට එව්වයිනුත් දුන්නද දන්නෙ නෑ ණයට…."
ලොක්ක දන්නෙ නැතිඋනාට ඔය දෙගොඩ හරියෙ ගිහාම බාර් එකේ අයිය බඩු දුන්නෙ ණයට තමයි. හැබැයි ඩබල් කිට්ටු වෙන්ඩ චාජ් කලා.එව්වයෙ ගාණක් නෑ අපට. දෙක වැදුනම ඩබල් නෙවෙයි ට්‍රිබල් කොඩ්රොපල් උනත් ආය කිසි අවුලක් නෑ. ලෝඩ් බකිංහැම් වගෙ තමයි...අනික දෙන්නං කාසි වලටනෙ. පහුවදා වෙරි හිඳුනම තමයි එකාට එකා කුඩු මිරිස් කාපු රිලව් වාගෙ විරිත්ත ගන්නෙ ගණං එහෙම එකතුකරල බලල තම තමංගෙ ෂෙයාර් එක කීයද කියල දැනගත්තම. බොහෝවිට මම තමයි ඔය එකවුංටං වැඩේට කර ගහන්නෙ.

උදේ පාංදරම මම ගණං හිලව් ඔක්කොම හාප් සීට්ටෙහෙක ලියනව අයිටම්ස් අනුපිළිවෙලට..ඔන්න මෙහෙමයි ඈස් ඇන් එග්සාම්පල්.
1. පාලන මිලට ගත් අරක්කු - බෝතල් 3 @ 90.00 ------------රු 270.00
2. වැඩි මිලට ගත් අරක්කු බෝතල් 2 @ 140.00 ---------------රු.280.00
3. ෂැන්ඩි සඳහා - --------------------------------------------------රු. 50.00
3. බයිට් වලට -----------------------------------------------------රු. 40.00
4. සිගරට් යනාදිය ------------------------------------------------රු. 20.00
මුළු එකතුව ------------------------------------------------------රු. 660.00
අඩුකිරීම් -
1. සමරේ අතින් අත වැදී හැලුනු මත්පැන් මිලී 75 වෙනුවෙන් ------රු. 14.00
2. වික්කරේ අනිවාර්යයෙන් කටගැසුම් වලින් 50 % ආහාරයට ගන්නා බැවින් කටගැසුම් පිරිවැයෙන් 50 % --------------------------------------- රු. 20.00
සම්පූර්ණ අඩුකිරීම් - --------------------------------------------------රු. 34.00
අඩුකිරීම්වලට පසු එකතුව - ----------------------------------------රු. 626.00
රු. 626.00 / 8 = රු 78.25 ----------------------------------------------( a )
අපතේ ගිය මත්පැන් පිරිවැය = රු. 14.00 --------------------------------( b )
වික්කරේ ආහාරයට ගත් කටගැසුම් පිරිවැය = රු. 20.00 ---------------- ( c )
පිරිවැය බෙදාහැරීම :-
1. වීරේ ---------------------------------------- ( a ) ----------------රු 78.25
2. ජයේ --------------------------------------- ( a ) -----------------රු 78.25
3. ගුණේ -------------------------------------- ( a ) ----------------රු 78.25
4. විමලේ ------------------------------------ ( a ) -----------------රු 78.25
5. කරුණේ ----------------------------------- ( a ) ----------------රු 78.25
6. මහින්ද ------------------------------------- ( a ) ----------------රු 78.25
7. සමරේ --------------------------------- ( a ) + ( b ) ------------රු 92.25
8. වික්කරේ ----------------------------- ( a ) + ( c ) --------------රු 98.25
මුළු එකතුව --------------------------------------------------------රු 660.00
අපෙ කෑම මේසෙ ගාව තිබ්බ බිත්තියෙ ගහල ප්ලයිවුඩ් ෂීට් කෑල්ලක්... ඒ තමයි අපෙ නෝටිස් බෝඩ් එක...අර පාටියෙ විය හියදම් විස්තරේ මම ඕකෙ අලෝනව.. ඒ කරල කාටත් ඇහෙන්ඩ ගණං හිලව් මහ හයියෙං කියෝනව..ඇඳං වලම ඉඳං එවුං මයෙ අම්මට පිං දෙනව...අම්මට වඳින ගාතාව එහෙම කියල...පූජේමි බුද්දං කුසුමේන නේන....
ඔන්න එකා එකා එනව සරං එහෙම ඇඳ ඇඳ ....තේ බොන්ටත් ඉස්සරවෙලා යන්නෙ නෝටිස් බෝඩ් එක ගාවට....
හරි ඒ කතාවත් පස්සෙ හරිද? මේ කවුද දැං ඔය ඉස්සරහට කියන කතා ලිස්ට් එකක් හදාගෙන ඉන්නෙ..රූද?..මෙකුවිද?...බින්දිද?..කවුරුහරි කමක් නෑ දාගනිං එන්න ඒ ලිස්ට් එකට මේකත්….
හරි ජයේ සාමකාමී මෝඩ් එකට ආවය කියල මම කිව්වනෙ...
" අන්න එහෙම වරෙං...හෙහ්, හෙහ්....හරි දැං කවදද සල්ලි දෙන්නෙ?..කියාපල්ල විජහට…" මම අහනව...
" යකෝ..ඉඳපිය ටිකක්..තව හරියකට කබරය දාල ඉවර උනෙත් නෑ.." ඒ සමරේ..ඌට බීල වැඩිඋනොත් පහුවදාත් හවස් වෙනකල් කන කන එක ආය විනාඩි පහක් යන්නෙ නෑ කෙලිම්ම කානුවෙ..
" යකෝ ඔහොම රටටම ඇහෙන්ට ඔක්කාර කරල උඹට තව අමාරුයි නෙව..ඔයිට නරකද කෙලිම්ම බත් මාලු ඔක්කොම එකට අනල කාණුවටම දැම්මනං..කන්ට වෙන මහන්සියයි ඔක්කාර කරන්ට වෙන මහන්සියයි දෙකම නෑනෙව…" මටත් බෑ නෙව කට තියාගෙන ඉන්ට එක විදිහකට.
" තෝ මගෙං අහගන්ට තමයි ඔය.." බැරි මරගාතෙ ඔලුවත් බදාගෙන සමරෙ මා දිහාවෙ ඔරෝනව.
ඉතිං මම කලින් කිව්වෙ අපි අර මිදුලෙ ජෑම් ගහ යට කනප්පුව වටේ ඉන්නව. එක එකා එක එක දිහාවෙ බලාගෙන. මම කකුල් ජෝඩුවත් කනප්පිය උඩට කරගෙන යාන්තං එළිය තියන අහසෙ වවුලො කෑම හොයාගන්ට පියාඹල යනව බලාගෙන හිටිය.ඔන්න එතනට ආව විජිතය. කොල්ලගෙ මූණත් එක්කලා කළුවෙලා..බොහොම සන්තාපෙං ඉන්නවය කියල පැහැදිලිව පේනව.
" ඒයි මල්ලි ඔය ගමම්ම අරං වරෙං ගේ ඇතුලෙං තව පුටුවක්....මේ ඒක නෙවෙයි මොකෝ උඹ මේ කව්බෝයි මැරිච්ච් අස්සය වගෙ. මේ දවස්වල ඉන්ට එපාය නිකං ලස්සෙට කොඩිය දාල වගෙ ෆුල් ආතල් එකේ. " විජේ ඌව දැක්ක ගමං කෑගැහුව.
ඊට සති දෙහෙකට විතර ඉස්සර බස් එකේ උදේ වැඩට එද්දි විජිතයට ටීචර් කෙනෙක් සෙට් වෙලාය කියල ඒ වෙනකොට අපිට ආරංචි වෙලා තිබුනයි කියල මම කලින් කිව්වනෙ නේද?.... ඔය ඒ කාලෙ ( ඒ කාලෙ කිව්වට තාමත් එහෙමද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ ) අලුතෙං පත්වීං දෙන ගුරුවරු හැමෝම අනිවාර්යයෙන් ඉස්සරෝම අවුරුදු තුනක් දුෂ්කර කියල වර්ග කරපු ඉස්කෝලෙක රාජකාරි කරන්නම ඕන. ඒක සේවයට බඳවා ගැනීමේ කොන්දේසියක්.
පාසල් වර්ග කරල තිබ්බෙ මෙහෙමයි..ඉතා ප්‍රිය මනාප, ප්‍රිය මනාප, සතුටුදායක, සතුටු දායක නොවන, දුෂ්කර, අති දුෂ්කර...
" මේ ඔය විදිහට ඉස්කෝල වර්ග කරන එකේ ගුරුවරියොත් වර්ග කරානං තමයි වැඩේ නැඟල යන්නෙ…" ඔය වර්ග කිරීමේ අනුපිළිවෙළ ගැන කතා ක රකර හිටපු වෙලාවක මම අපෙ උන්දැට කිව්ව.
" කොහොමද ඒ?...." උන්දැ ඇහුව නළලත් රැළි කරගෙන…
" ම්ම්..අපි මෙහෙම වර්ග කරමු....ඔය විදිහටම ප්‍රිය මනාප ඉතා ප්‍රියමනාප කැටගරීම ඒ විදිහටම ගන්නත් නම් පුලුවං, එහෙම නැත්තං එලකිරි , කිරි කෑස්, කිරි ටොයියො වගෙ නම් කරන්නත් පුලුවන්..දුෂ්කර අති දුෂ්කර වලට ඕනනං මෙහෙම කිව්වැකි. අමාවක සහ නිර්වින්දන වගෙ මොකක් හරි..හෙහ්, හෙහ් "
උන්දැත් ඔය මොකක් හරි කිව්ව හෝ දමල ගැහුව මොහොකිංහරි මට දැං හරියට මතකයක් නෑ...
ඉතිං අර විජිතය ඇවිල්ල වාරියපොල අහ.ඕක වැඩට එන්නෙ කුරුණෑගලට ඇවිල්ල.කුරුණෑගල ඉඳල කදුරුවෙල එන අතරමඟ තමයි ඔය ගුරු දැරිවි සෙට් වෙල තියෙන්නෙ බස් එකේදි.
ඒකා ඔන්න පුටුවකුත් අරගෙන ඇවිල්ල ඉඳගත්ත. උගෙ මූණ බලන්ට බෑ අපිටත් ඇඬෙනව.
" මොකෝ කොල්ලො? " ජයේ ඇහුව…
" හරි වැඩේනෙ අයියෙ " ඒක බිම බලාගෙනම කිව.
" හරි වැඩේය කිව්වෙ මලේ?...?….අර ටීචර්ගෙ ආතල් එක හබක් උනා වත්ද? " ඒ එක්කම මාත් ඇහුව.
" එහෙමමමත් නං නෙවෙයි. …"
" එහෙනං?.... ඉතිං කියාපංකො.."
" එයා ලියුං ලියද්දි හැමදාම කවි හතර පහක් ලියල එවනව…"
" හප්පට සිරිගජ,...අඩේ ….කවිකාරියක් බොට හම්බවෙලා තියෙන්නෙ එහෙනං ඈ.......එළ එළ..එළ...දීපං කොල්ලො අත...ඉතිං යකෝ මොකක්ද අවුල?....කවිකාරියක් සැට් උනයි කියන්නෙ බාං නියම ජොලිනෙ...." ජයේ නැඟිටල විජිතයව බදා ගත්ත
" අයිය මේ කෙහෙල්මලක් කතා කරනව...කවි තමයි...එයා කවි ලියල එවනකොට මට නිකං ලියුං ලියන්ට පුළුවනිය?...මමත් අඩුගානෙ කවියක් දෙකක්වත් ලියල යවන්ට එපාය…" විජිතය බිම බලාගෙන කෙඳිරිගෑව.
" ඉතිං?.....ලියාපං කවි..මොකෝ ප්‍රශ්නෙ?.. " ජයේ හක හක ගාල හිනා උනා
" ඒකමනෙ අයියෙ වෙලා තියෙන්නෙත් ..මම කොහෙද කවි ලියන්නෙ...."
" ඉතිං එහෙනං පුලුවං එකෙකුට කියල ලියාගනිං... එච්චරනෙ තියෙන්නෙ…"
" ජයේ අයියට පුළුවන්ද? …." විජිතයගෙ මූණට ඔන්න හිනාවක් ආව.
" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…"
ජයේ පිටිපස්ස හැරිල මා දිහාවෙ බැලුව කටකොණකිං හිනාවීගෙන. වැඩේ කැරකෙන්නෙ කොහාටද කියල සහසුද්දෙම්ම දන්න නිසා මම හෙමීට අහක බලාගත්ත.
" හරි ඉඳපං මල්ලි උඹේ ප්‍රශ්නෙ මම විසඳන්නං..හැබැයි කොල්ලො අමුවට කොරන්ට බෑ ඔය කයි ලියනව කියන එක. හරිය?...සරස්වතී උනත් එහෙම නිකම්ම කැකුලෙම්ම වැඩම කරන්නෙ නෑ. හයිද? "
" ඒ කිව්වෙ?...." විජිතය ඔලුව උස්සල ජයේගෙ මූණ දිහාවෙ බැලුව..
" ඒ කිව්වෙ බොල අරං වරෙං අරක්කු බෝතල් දෙකක්...උඹේ වැඩේ කරල දෙන්නං...."
" අයියට පුළුවංය කවි ලියන්ට?...." විජිතයගෙ මූණෙ ඔන්න යාන්තමට වගෙ හිනාවක් ආව.
" එක පාරක් කිව්වෙ යකෝ ... මට බෑ බං...මම කිව්වෙ අපෙ මේ වීරෙ ගැන..අප්පටසිරි ඌ ලියයි ඕන හැටිය කවි. " ජයේ මා දිහාට හැරිල ඉඟි මැරුව.
ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල
" අනේ අයියෙ.. අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව.

" මේ ********* පුතාට ඔලුව හොඳ නැද්ද මන්ද උදේ පාන්දරම මෙව්ව නෝටිස් බෝඩ් එකේ දාන්ට.." ඔන්න එකෙක් කියනව.
" යකෝ එකසිය හතළිහ ගානෙ බෝතල් දෙකක් ගෙනාවද?...කවුද ගේන්ට කිව්වෙ?....."
ඒ ජයේ..ඕකම තමයි මැරෙන්ට හැදුවෙ ඊයෙ රෑ කීයට හරි කමක් නෑ අරං වරෙංය කියල…..අනෙ අම්මප..මට උතුර දකුණ මාරුවෙන්නෙ මේ වෙලාවට තමයි.
" කිව්වෙද? කිව්වෙ තොගෙ බාප්පොච්චි..එහෙනං ආයෙ...තෝම තමයි මැරෙන්ට හැදුවෙ ඊයෙ රෑ කියට හරි විජහට අරං වරෙංය කියල..ආං බොරුනං අහල බලපං අර සැමීගෙං…" මම බෙරිහං දුන්න.....
සැමී කිව්වෙ අපෙ ගෝලය...ඉවුම් පිහුම් කරපු හාදය...මිනිහ වැඩිය බොන්නෙ නෑ..ඉතිං ඔය මදුසාද වලදි ඇතිවෙච්චි වලිවලට මුල පිරුවෙ කවුද?...ඉස්සෙල්ලම අසබ්බිය සිංදු පටං ගත්තෙ කවුද?...ඉස්සෙල්ල ගැහුවෙ විජේගෙ කණට සමරෙද?..එහෙම නැත්තං සමරෙගෙ කණට වික්කරේද? ඔන්න ඔය වගෙ ජාත්තියන්තර අර්බූද දක්වා විකාසය වියහැකි අන්දමේ පොඩි සිද්දීන් ගැන හරි විස්තරේ කියල ඒ මතබේද නිරාකරනය කරන එකත් උයනවට අමතරව සැමීගෙ රාජකාරී ලැයිස්තුවට අයිති වෙලා තිබ්බ. .
" හරි බං ඕකට ඔය හැටි කෑ ගහන්ට ඕනය?....මම එහෙම කිව්වය කියල උඹ කිව්වනං මම පිළිගන්නං...."
ජයේ කෙලිම්ම සාමකාමී මෝඩ් එකට එන්ටර් උනා.ඕකුං දන්නව මට මල පැන්නොත් එහෙම ආය බීල හමාරයි කියල. මම තමයි ඔය මදුසාදවල ප්‍රදාන සංවිදායක..
කිව්වම මොකද?..අපෙ උන්දැගෙ ගෙදර කට්ටිය මම එහෙට සම්බන්ද වෙන්ට කලිං මත්පැං කියන එව්ව කට හරියකට ගන්නෙ නෑ..කොටිම්ම ගෙදෙට්ට අවුරුද්දට කැවුං අනම් මනං හදන්ට කන්ද උඩහ කිතුලෙං පැණි ගේන්නෙත් බූලියක දාගෙන අප්පච්චි. පැණි ඩිංග උනත් දාන්නෙ නෑ අරක්කු බෝතලේක…

හෙහ්, හෙහ් ආය මොනවද මම ගිහිල්ල මාස හයක්වත් ගියෙ නැද්ද කොහෙද? එයයිගෙ පොඩි අයියගෙ මඟුල දවසෙ...කපුව මංගල සබාව මැද්දෑවෙ දේයි යන අනුකරනයෙං පත බෑවී වදාලෙ නැද්ද ඉඳං හිටපු පුටුවත් එක්කම.
මනමාලිට ළමයෙකුත් හම්බ උනාට පස්සෙං පහුද කොහෙද තමයි ඔන්න අපෙ පිරියම්බිකාවි ඔය සිද්දිය ගැන කියවල මගෙ කංදෙක ගොඩ කරන එක අතෑරල දැම්මෙ... කොච්චර අවනම්බුවක්ද? එයාලගෙ සායම ගියාය...අරකද මේකද?අර කපුවට ආයෙ එයාලගෙ ගෙවල් හතර මායිමේ එන එකත් තහනං කරල උන්දැ නිකුත් කරපි අනාඥාවක්..හෙහ්, හෙහ්
හරි ඒ කතාවත් පස්සෙ හරිද? මේ කවුද දැං ඔය ඉස්සරහට කියන කතා ලිස්ට් එකක් හදාගෙන ඉන්නෙ..රූද?..මෙකුවිද?...බින්දිද?..කවුරුහරි කමක් නෑ දාගනිං එන්න ඒ ලිස්ට් එකට මේකත්….
හරි ජයේ සාමකාමී මෝඩ් එකට ආවය කියල මම කිව්වනෙ...
" අන්න එහෙම වරෙං...හෙහ්, හෙහ්....හරි දැං කවදද සල්ලි දෙන්නෙ?..කියාපල්ල විජහට…" මම අහනව...
" යකෝ..ඉඳපිය ටිකක්..තව හරියකට කබරය දාල ඉවර උනෙත් නෑ.." ඒ සමරේ..ඌට බීල වැඩිඋනොත් පහුවදාත් හවස් වෙනකල් කන කන එක ආය විනාඩි පහක් යන්නෙ නෑ කෙලිම්ම කානුවෙ..
" යකෝ ඔහොම රටටම ඇහෙන්ට ඔක්කාර කරල උඹට තව අමාරුයි නෙව..ඔයිට නරකද කෙලිම්ම බත් මාලු ඔක්කොම එකට අනල කාණුවටම දැම්මනං..කන්ට වෙන මහන්සියයි ඔක්කාර කරන්ට වෙන මහන්සියයි දෙකම නෑනෙව…" මටත් බෑ නෙව කට තියාගෙන ඉන්ට එක විදිහකට.
" තෝ මගෙං අහගන්ට තමයි ඔය.." බැරි මරගාතෙ ඔලුවත් බදාගෙන සමරෙ මා දිහාවෙ ඔරෝනව.
ඉතිං මම කලින් කිව්වෙ අපි අර මිදුලෙ ජෑම් ගහ යට කනප්පුව වටේ ඉන්නව. එක එකා එක එක දිහාවෙ බලාගෙන. මම කකුල් ජෝඩුවත් කනප්පිය උඩට කරගෙන යාන්තං එළිය තියන අහසෙ වවුලො කෑම හොයාගන්ට පියාඹල යනව බලාගෙන හිටිය.ඔන්න එතනට ආව විජිතය. කොල්ලගෙ මූණත් එක්කලා කළුවෙලා..බොහොම සන්තාපෙං ඉන්නවය කියල පැහැදිලිව පේනව.
" ඒයි මල්ලි ඔය ගමම්ම අරං වරෙං ගේ ඇතුලෙං තව පුටුවක්....මේ ඒක නෙවෙයි මොකෝ උඹ මේ කව්බෝයි මැරිච්ච් අස්සය වගෙ. මේ දවස්වල ඉන්ට එපාය නිකං ලස්සෙට කොඩිය දාල වගෙ ෆුල් ආතල් එකේ. " විජේ ඌව දැක්ක ගමං කෑගැහුව.
ඊට සති දෙහෙකට විතර ඉස්සර බස් එකේ උදේ වැඩට එද්දි විජිතයට ටීචර් කෙනෙක් සෙට් වෙලාය කියල ඒ වෙනකොට අපිට ආරංචි වෙලා තිබුනයි කියල මම කලින් කිව්වනෙ නේද?.... ඔය ඒ කාලෙ ( ඒ කාලෙ කිව්වට තාමත් එහෙමද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ ) අලුතෙං පත්වීං දෙන ගුරුවරු හැමෝම අනිවාර්යයෙන් ඉස්සරෝම අවුරුදු තුනක් දුෂ්කර කියල වර්ග කරපු ඉස්කෝලෙක රාජකාරි කරන්නම ඕන. ඒක සේවයට බඳවා ගැනීමේ කොන්දේසියක්.
පාසල් වර්ග කරල තිබ්බෙ මෙහෙමයි..ඉතා ප්‍රිය මනාප, ප්‍රිය මනාප, සතුටුදායක, සතුටු දායක නොවන, දුෂ්කර, අති දුෂ්කර...
" මේ ඔය විදිහට ඉස්කෝල වර්ග කරන එකේ ගුරුවරියොත් වර්ග කරානං තමයි වැඩේ නැඟල යන්නෙ…" ඔය වර්ග කිරීමේ අනුපිළිවෙළ ගැන කතා ක රකර හිටපු වෙලාවක මම අපෙ උන්දැට කිව්ව.
" කොහොමද ඒ?...." උන්දැ ඇහුව නළලත් රැළි කරගෙන…
" ම්ම්..අපි මෙහෙම වර්ග කරමු....ඔය විදිහටම ප්‍රිය මනාප ඉතා ප්‍රියමනාප කැටගරීම ඒ විදිහටම ගන්නත් නම් පුලුවං, එහෙම නැත්තං එලකිරි , කිරි කෑස්, කිරි ටොයියො වගෙ නම් කරන්නත් පුලුවන්..දුෂ්කර අති දුෂ්කර වලට ඕනනං මෙහෙම කිව්වැකි. අමාවක සහ නිර්වින්දන වගෙ මොකක් හරි..හෙහ්, හෙහ් "
උන්දැත් ඔය මොකක් හරි කිව්ව හෝ දමල ගැහුව මොහොකිංහරි මට දැං හරියට මතකයක් නෑ...
ඉතිං අර විජිතය ඇවිල්ල වාරියපොල අහ.ඕක වැඩට එන්නෙ කුරුණෑගලට ඇවිල්ල.කුරුණෑගල ඉඳල කදුරුවෙල එන අතරමඟ තමයි ඔය ගුරු දැරිවි සෙට් වෙල තියෙන්නෙ බස් එකේදි.
ඒකා ඔන්න පුටුවකුත් අරගෙන ඇවිල්ල ඉඳගත්ත. උගෙ මූණ බලන්ට බෑ අපිටත් ඇඬෙනව.
" මොකෝ කොල්ලො? " ජයේ ඇහුව…
" හරි වැඩේනෙ අයියෙ " ඒක බිම බලාගෙනම කිව.
" හරි වැඩේය කිව්වෙ මලේ?...?….අර ටීචර්ගෙ ආතල් එක හබක් උනා වත්ද? " ඒ එක්කම මාත් ඇහුව.
" එහෙමමමත් නං නෙවෙයි. …"
" එහෙනං?.... ඉතිං කියාපංකො.."
" එයා ලියුං ලියද්දි හැමදාම කවි හතර පහක් ලියල එවනව…"
" හප්පට සිරිගජ,...අඩේ ….කවිකාරියක් බොට හම්බවෙලා තියෙන්නෙ එහෙනං ඈ.......එළ එළ..එළ...දීපං කොල්ලො අත...ඉතිං යකෝ මොකක්ද අවුල?....කවිකාරියක් සැට් උනයි කියන්නෙ බාං නියම ජොලිනෙ...." ජයේ නැඟිටල විජිතයව බදා ගත්ත
" අයිය මේ කෙහෙල්මලක් කතා කරනව...කවි තමයි...එයා කවි ලියල එවනකොට මට නිකං ලියුං ලියන්ට පුළුවනිය?...මමත් අඩුගානෙ කවියක් දෙකක්වත් ලියල යවන්ට එපාය…" විජිතය බිම බලාගෙන කෙඳිරිගෑව.
" ඉතිං?.....ලියාපං කවි..මොකෝ ප්‍රශ්නෙ?.. " ජයේ හක හක ගාල හිනා උනා
" ඒකමනෙ අයියෙ වෙලා තියෙන්නෙත් ..මම කොහෙද කවි ලියන්නෙ...."
" ඉතිං එහෙනං පුලුවං එකෙකුට කියල ලියාගනිං... එච්චරනෙ තියෙන්නෙ…"
" ජයේ අයියට පුළුවන්ද? …." විජිතයගෙ මූණට ඔන්න හිනාවක් ආව.
" මට බෑ බං ඒත් පුළුවං එවුං ඉන්නව නෙව..ඕන නං නහයෙං පෙන්නන්නං..නහයෙං නහයෙං…"
ජයේ පිටිපස්ස හැරිල මා දිහාවෙ බැලුව කටකොණකිං හිනාවීගෙන. වැඩේ කැරකෙන්නෙ කොහාටද කියල සහසුද්දෙම්ම දන්න නිසා මම හෙමීට අහක බලාගත්ත.
" හරි ඉඳපං මල්ලි උඹේ ප්‍රශ්නෙ මම විසඳන්නං..හැබැයි කොල්ලො අමුවට කොරන්ට බෑ ඔය කයි ලියනව කියන එක. හරිය?...සරස්වතී උනත් එහෙම නිකම්ම කැකුලෙම්ම වැඩම කරන්නෙ නෑ. හයිද? "
" ඒ කිව්වෙ?...." විජිතය ඔලුව උස්සල ජයේගෙ මූණ දිහාවෙ බැලුව..
" ඒ කිව්වෙ බොල අරං වරෙං අරක්කු බෝතල් දෙකක්...උඹේ වැඩේ කරල දෙන්නං...."
" අයියට පුළුවංය කවි ලියන්ට?...." විජිතයගෙ මූණෙ ඔන්න යාන්තමට වගෙ හිනාවක් ආව.
" එක පාරක් කිව්වෙ යකෝ ... මට බෑ බං...මම කිව්වෙ අපෙ මේ වීරෙ ගැන..අප්පටසිරි ඌ ලියයි ඕන හැටිය කවි. " ජයේ මා දිහාට හැරිල ඉඟි මැරුව.
ඊට මාසෙකට විතර කලිං ජයේගෙ පොඩි දුවගෙ ඉස්කෝලෙ මොකක්ද සඟරාවකටද කොහෙද මම කවි හතර පහක් ලියල දුන්න. ඒ නිසා ඕක දන්නව මට ඔය යන්තමට හතර පදයක් ගැටගහ ගන්ට පුලුවනිය කියල
" අනේ අයියෙ.. අයියට පුළුවනි නේද? …" විජිතය ඇවිල්ල මගෙ අත් දෙකිං අල්ල ගෙන ඇහැව්ව.
මතු සම්බන්ධයි...........