Thursday, November 10, 2016

456. අම්මට වූඩු තාත්තට ගෝයා!!! ට්‍රම්පච්චිත් එහෙනං ජනාදිපති වෙච්චි! Will miracles never cease?


Has America lost its mind? අමරිකාවටමොලේ මඤ්ඤංද?
අමරිකා එක්සත් ජනපදයේ සිතියමක් දැක්වෙන
ඉහත රූපයෙන් විමසනුයේ එයයි.

නමෝ විත්තියෙම්ම එක කාරනයක් නම් කියලා ඉන්ටම ඕනෑය. එනම් ට්‍රම්පච්චී කියන වචනයේ පේටන්ට් අයිතිය හිමිවන්නේ දහඅට සන්නිය ලියන අර ගොබිලාටය. පොල්වත්තද දෙල්වත්තද මොකක්ද ඒකාගේ නමය. මේ පහුගියදා ඒකා ට්‍රම්පච්චී උපහාර ගීතයක්ද ලිව්වේය. ඒක ගායනා කලයුත්තේ අපේ උඩුරැවුල්ධාරී සත්ගුනවත් අප්පච්චී ගැන ලියපු ගීතය අනුව බවද ඒ එක්කම කියා තිබ්බාය. ඒ කියනකල් මම ඔහොම "හුප්පච්චී හුප්පච්චි ඔබයි අපේ හුප්පච්චී" කියලා ගීතයක් ගැන අඳෝ සංසාරයක් දැනහිටියේ නැත්තේය.

උඩුරැවුලාට "අපේ හුප්පච්චී" කියලා බයියෝ කියන බව දැනහිටිය නමුත් මම හිතාගෙන හිටියේ අර එක පාරක් නොම්මර එකේ සට්ටබියෙක් වන ජැස්සං ගොයියා රූපවාහිනියේ මොකද්ද පක්කලි වැඩසටහනකට ඇවිත් ඇස් ලොඩි දොඹ ගෙඩි මෙන් නෙරවාන රැවුල් ගස් එහෙමත් කෙලිං කරගෙන "ජනමූලග්ගිනි නායක අපේ හුප්පච්චී" කියල විලාප තියපු නිසා එහෙම හැමෝම කියනවා කියලාය.

සන්නියාගෙ පෝස්ට් එකෙන් පසු සොයාලා බැලුවාම වැඩේ ඇත්තය. සුට්ටං කොලු පැටියෙකුයි කෙලි පැටික්කියෙකුගෙයි අතට මයික්කරපෝං දීලා උං දෙන්නා ලවා "අප්පච්චි අප්පච්චී ඔබයි අපේ අප්පච්චී" කියා සිංදුවක් කියවනවාය. අපේ උඩුරැවුල්කාර උතුමානෝත් ලබ්බ තිබ්බා වගේ ඒක අහගෙන ඉන්නවාය. හතර විලි ලැජ්ජාවේ පස්වෙනි එකය. මගේ ඉහේ උකුණෝ ද ලැජ්ජාවෙන් ආනන්දයට පත්ව බිමට පැන්නෙමි. හුප්පච්චී ගීතයේ මගේ වර්සන් එක මම මේ දවස්වල ලියනවාය. ලිව්ව ගමං ඔබ තමුන්නාන්සේලාට ගායනා කරලා ආහ්ලාද ජනක වන්නට, පහං සංවේගය උපදවාගන්නට පබිලිස් කොරන්නම්ය.

ඇමරිකාවෙ ජනාදිපති කියන්නෙ ලෝකෙ බලගතුම ලොක්කාය. විමල් මෝඩවන්ස උගුර ලේ රහ වෙනකල් බෑඟිරි ගැහුවත් ඒක එහෙමය. ඒකට කියන්නෙ යතාර්තය කියාය. යතාර්තයට අපි කැමති ද අකමැතිද කියන එක වෙනම කාරනයක්ය. යතාර්තය කියන එක ඉස්සෙල්ල පිලිගන්ට ඕනෑය. ඊටපස්සේ යතාර්තය වෙනස් කරන්ට ට්‍රයි කරනවානම් ට්‍රයි කල හැකිය. එහෙම යතාර්තය වෙනස් කල පසු තව දුරටත් අර කලින් තිබ්බ යතාර්තය යතාර්තය වෙන්නේ නැතිය. එතකොට යතාර්තය වෙන්නේ අර අපි වෙනස් කරපු එකය.

ඈස් ඇන් එග්සාම්පල් මෙහෙමය. ඔන්න අපේ හිතගිය ලලනාවක් ඉන්නවාය. මෙතන පරහ ඇවිල්ලා අපේ හිත ගියාට ඇයට වගේ වගක් නැත. අපිව තඹ පයිසෙකට, අළුක්කාල් හුළහකට ගණං ගන්නේද නැත.ඉතිං ඉස්සෙල්ලාම දෙයියනේ කියලා අන්න ඒ යතාර්තය පිළිඅරගෙන ඉන්ට ඕනෑය. දෙවනුව ඒ යතාර්තය අපි කැමති යතාර්තයට එනම් ලලනා තෝමෝද අපිට කැමතිවෙන යතාර්තයට පෙරලා ගැනීම ගැන කටයුතු කරන්නට පුලුවනිය. අන්න ඒ වාගේය.

ඉතිං යතාර්තය අනුව ලෝකෙට ලොක්කාවන ඇමරිකන් ජනාදිපති පදවියට ඊයේ පත්වුනේ අතිගරු ට්‍රම්පච්චීය. මේ ට්‍රම්පච්චී එසේ මෙසේ පොරක් එහෙම නෙවෙයිය. බබලත්තුං ගැන නොයෙක් අවලං කතා කියලා මුලු රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම නෝන්ඩි වෙච්චි කෝණංගියෙකි. එහෙව් පිස්සු විකාර කාරයකු බම්මන්නකු ඇමරිකන් ජනතාව තම නායකයා ලෙස තෝරාගෙන ඇත්තේය. ඇත්තටම මෙහෙම වුනේ ඇයිද කියලා පුලුල් පර්යේසනයක් කරලා බලන්ට වටින වැඩක්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලෝකය යනුවෙන් නම්කර ඇති
ඉහත කාටූනයට අනුව අමරිකාව යනු ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
දකුණු අමරිකානුවන් ස්ත්‍රී දූෂකයින් වන අතර
සෙසු ලෝකය ත්‍රස්තවාදීන්ය.

බබලතුන්ගේ දෙපරැන්ද අස්සේ අත දැමීම තමන් බොහෝසේ ප්‍රියකරන ක්‍රීඩාවකැයි පාරම්බෑ මානසික රෝගියකු අමරිකානු ජනතාව ඉදිරි අවුරුදු හතර සඳහා තමන්ගේ නායකයා ලෙස තෝරාගෙන ඇත්තේය. ඇමරිකන් කාරයින්ට පිස්සුද අපිට පිස්සුද කියා හරියට හිතාගන්ට අමාරු මෙන්න මේ වෙලාවටය. එක අතකට ටිකක් ඔලුව පාවිච්චි කරල කල්පනා කරල බැලුවම මෙහෙම වුනු එකේ පුදුම වෙන්ට දේකුත් නැත. අපේ මේ දහම් දිවයිනේ ද මීට අවුරුදු හතර පහකට කලින් සිදුවුනේද ඔය ටිකමය. ස්ත්‍රී දූසකයින්, මිනීමරුවන්, පගාමරුවන්ට උඩගෙඩි දුන්, ඔවුන්ට රැකවරන දුන්, ඔවුන් චන්ද අපේක්සකයින් වසයෙන් කිසිම හිරිකිතයක් නැතිව ඉදිරිපත් කල එක් තක්කඩියෙක් මැතිවරණ පිට මැතිවරණ ජය ගත්තේය.

ඒ නීල කාසයා ඒ සියළු හොර මැර මගඩි මැද ඡන්ද දිනීමට උපයෝගී කරගත්තේ කිසිම හිරිකිතයකින් තොරව ජාති වාදය සහ ආගම්වාදය ඇවිස්සීමය. බොදු බල සේනාවේ සහ රාවණ බලයේ සම්පූර්ණ සහයෝගය ඇතුව ඔහු ගෙන ගිය ව්‍යාපාරය පැරදවීමට මෙරට විචාර බුද්ධියෙන් යුතු ඔලුවක් කියා එකක් ඇති ජනයා පෙරමුණ ගත් නිසා යම්තමට අපි ගැලවුනේය. අමරිකාවෙ අද සිදුවී තිබෙන්නේ අන්න ඒදේමය. සාමාන්‍ය අමරිකානුවාගේ සිතෙහි පවතින බිය කුලුගන්වා ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට පමන ට්‍රම්පච්චී සටකපට වූ නිසා ඔහු ජයගත්තේය.

ධවල මන්දිරේ සේවය කරන බබලතුන් තමන්ගේ දෙපරැන්ද ආරක්සා කරගැනීමට යකඩ මේල පළඳනාවන් ඉල්ලා සිටීමට අදහස් කර ඇත. කොහොමත් හිලරි නෝනා දින්නත් ධවල මන්දිරේ බබලතුන්ට ඒ ඉල්ලීම නම් කරන්නට වෙනවාය. නෝනා ජනාදිපති වුනොත් ඒ එක්ක ධවල මන්දිරේ පදිංචියට එන්නට සිටි නෝනාගේ වාහේ ඇස් වහක් කටවහක් එහෙම නැත ඒ අතිං ට්‍රම්පච්චීට දෙවෙනි නැත. ඒ වාහේ ජනාදිපතිවෙලා ඉන්දැද්දී ධවල මන්දිරේ බබලතුන් සමඟ සුරුට්ටු සෙල්ලං වලටද බොහෝ ප්‍රසිද්ද වුනාය.

එක අතකට අර කොන්ත නෝනාගෙ කොන්ඩෙද මොකද්ද එක කොන්ත නෝනට ඕන හැටියට කිව්වා වගේ ඇමරිකන් කාරයන්ට ඕන කෙනෙක් උන් පත්කරගත්තාවේ. බබලත්තුන්ගේ දෙපරැඳි අල්ලලා බලන ආසාවක් තියෙන එකෙක් වේවා, මෙක්සිකන් කාරයන් ඔක්කොම හොරු මංකොල්ල කාරයො කියන එකෙක් වේවා, සියලු සංක්‍රමනිකයින්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් කලයුතුය කියන එකෙක් වේවා උංට ඕනෑ එකෙක් උං පත්කරගත්තාවේ. තමංගෙ මට්ටං තම්මැට්ටං කිව්වලු.

ඉහත රූපයෙහි ලොව සුපතල ඇස්ටරික්ස් චිත්‍රකථා මාලාවේ
චරිතයක් වන ඔබලික්ස් මෙසේ පවසයි " මේ ඇමරිකානුවන්ට පිස්සු "
එය එම චරිතය නිතර පවසන සුප්‍රසිද්ධ "These Romans are crazy "
වැකියෙහි පුනරූපණයකි.

ඒත් එක ප්‍රශ්නයක් ඇත්තේය. එනම් ඇමරිකන් බයියන් ට්‍රම්පච්චී පත්කරගත්තු එකට මෙහේ ඉන්න අපේ බයියන් උෂාර් වීමට පුලුවනිය. "අම්මට වූඩු කොහොමද ඇමරිකාවෙ බයියො දුන්නු ගේම? අපිටත් ඔය වැඩේ මෙහෙත් කරගන්ට පුලුවන්නං ගොයියෝ බඩේ බත් තමයි. හුප්පච්චී ආයම බලේට ගේන්ට පුලුවන්නං කිරෙන් කා තෙලෙන් අතසෝදා තාමයි ආය ඉතිං මොනවයිං අඩුවක්ද? නැද්ද? මෂ්නේ පුඃ, අල වගේද ගෝවා"

එනිසාවෙන් මෙහේ ඉන්න සියලුම බයියන්ට කිවයුතු කාරනයක් ඇත. ඇමරිකාවෙ එහෙම උනත් මෙහේ එහෙම වෙන එකක් නැත්තේමය.

ප.ලි. - මෙවර අමරිකානුජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ජනප්‍රියතාවයෙන් බොහෝ පහළ මට්ටමක සිටි බව සමීක්ෂණ වාර්තා පෙන්නුම් කලේය. බොහෝ අමරිකානුවන් තමන්ගෙන්ම මෙසේ අසන්නටද ඇත.

"How, in a nation of 300+ million people, do we end up with these horrible humans as the choices to lead us?" - Max Burger on Twitter

මෙවර අමරිකානු ජනාධිපතිවරණයෙහි තවත් විශේෂ ලක්ෂණයක් නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කලද හිලරි ක්ලින්ටන් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා සිටීමය.

Hillary Clinton - 59,814,018 - 48%

Donald Trump - 59,611,678 - 47%

වසර දෙසිය තිහකට පමණ පෙර අමරිකානු ව්‍යවස්ථාව කෙටුම්පත් කල සමයේ බලපැවැත්වූ දේශපාලන සහ සමාජීය තත්වයන් සැළකිල්ලට ගෙන සම්පාදනය කල ජනාධිපතිවරයා තෝරාගන්නා ක්‍රමය වහාම වෙනස් කල යුතු කාලය එළඹ ඇතිබවට මීට වඩා වෙනත් සාක්ෂියක් කුමටද?

39 comments:

  1. ට්‍රම්ප් ගැන ලිව්ව ඇති බොලව්.
    හෙට ඉඳන් බජට්ටුවට ඩෙට ඉතිරි කොරගන්න දෙන්නෙ නැද්ද තොපි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බජට් එක ගැන අකම්පාල වෙන්ට දෙයක් නෑ. මිස්ටර් රවී සන්දේෂ් කරුණානායක වැඩේ දෙයි තෙල් ටිකට...:)

      Delete
  2. ඔන්න බලහං රවී අයියෙ ඔය විදියට අපිට උනත් ජනාධිපති වෙන්න පුලුවන් කියන එක ඔප්පු වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මේ මොනව කියනවද බං? ජනාදිපති වෙන එක වෙරි සිම්පල් නෝ?

      දැන් ඊලඟ ජනාදිපතිවරණය තියෙන්නෙ2020 නෙ. දැම්ම ඉඳං උඹ ලෑස්ති වෙයං ඒකට. ඉස්සෙල්ලම ඔය කඩේට බඩුගන්ට එන ලලනාවන්ගෙ දෙපරැන්ද මිරිකන්ට පටං ගංකො.

      ඒක කරල මට කියපං. ඊට පස්සෙ මම කියල දෙන්නං දෙවෙනියට කරන්ට ඕන මොකක්ද කියල...:)

      Delete
  3. මගේ අදහස නම් මෙම ජනාධිපතිවරණය ට්‍රම්ප් දින්නාට වඩා හිලරි ගේ පැරදීමක් ය. බොරුව වංචාව අතින් ඉහලම තැනක සිටින හිලරි නොව වෙන අයකු ට්‍රම්ප් සමඟ තරඟ කලා නම් වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්නට තිබිණි. එමෙන්ම ට්‍රම්ප් හැර වෙන අයෙකු හිලරි සමඟ තරඟ කලා නම් රිපබ්ලිකන් පක්ෂයට මීටත් වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නට තිබුණා. ඇමෙරිකානුවන්ට තිබුණ තෝරාගැනීම් දෙක අතරින් ඔවුන් කර ඇත්තේ හොඳම තෝරාගැනීම බව මම සිතමි.

    අනික් කරුණ ගැන. ඇමෙරිකාව යනු එක සංගමයක් ලෙස ක්‍රියා කරන 'රටවල්' (states) පණස් ගණනකි. එක් එක් 'රටේ' initial ජනගහණය අනුව එකේ නියෝජිතයන් ලබා දීම හැමරටකටම සාධාරණයක් වනසේ සැකසුණු ක්‍රමයකි. දැනට අර්බුධයකට ලක්වී ඇති යුරෝපා සංගමය උදාහරණයකට ගතගොත් එම හවුල දිගටම පැවතියා නම් ඊලඟ අන්තර්ග්‍රහණය එය යුරෝපා එක්සත් ජනපදයක් වීමය. එවිට එක් එක් රටවල් ආණ්ඩුකාරවරු ඇතිවී මුළු ප්‍රදේශයටම එක ජනාධිපති කෙනෙක් පත්විය යුතුය. එහිදී අද තරමක් ස්වාධීන රටවල් වලට එම බලපෑමම (influence) කිරීමට නම් මෙවන් ක්‍රමයක් අවශ්‍ය වේ.

    අගමැති රාජ්‍යනායකයා වන රටවලත් මෙවැනි ප්‍රශ්ණ ඇත. සෑම මැතිවරණ කොට්ඨාශයකම සිටින ඡන්ද දායකයින් ගණන සමාන නොවේ. එහෙත් එවන් වෙනස් සංයුතියකින් යුත් ආසනවලින් පත්වන මන්ත්‍රීන්ගෙන් අගමැති තේරීමේ ඡන්දයක් තිබුණොත් එක මන්ත්‍රී කෙනෙකුට හිමිවන්නේ එක ඡන්දයකි. සමහරවිට එක් ඡන්දයක් හිමි ආසනයක ඡන්දදායකඉන් 1000 ක් සහ තවත් එවැනිම අසනයක 2000 ක් තිබිය හැක.

    සාරාංශය ස්වාධීන රටකට ආසන්න ලෙස බලතල බෙදී ඇති ප්‍රාන්ත ක්‍රමයේදී එක් එක් ප්‍රාන්ත වලට ලැබෙන say එක එම ප්‍රාන්ත වල කෙටිකාලීන ජනහනය වෙනස් වීමෙන් වෙනස් නොවන ක්‍රමයක අවශ්‍යතාවය නිසා ඇතිවුණ ක්‍රමයකි.

    ReplyDelete
    Replies
    1. තව එකක් ප්‍රාන්ත ක්‍රමයෙන් ජනජීවිතයේ සියළුම දෙවල් එනම් පාසැල් පද්ධතිය, විශ්ව විද්‍යාල පද්ධතිය, නීති පද්ධතිය, පොලිසිය සහ සාමය, සෞඛ්‍ය පද්ධතිය, මහාමර්ග සහ රථවාහන ගමනාගමනය, වැනි සියල්ල පාලනය වන්නේ ප්‍රාන්ත ආණ්ඩු වලින් නිසා එම ප්‍රාන්ත ආණ්ඩු තෝරාගැනීම, ප්‍රාන්ත නීතිපතිවරයා තෝරාගැනීම වැනි සියල්ල සිදුවන්නේ ප්‍රාන්ත මැතිවරණයකින්. එම නිසා ජනාධිපති තෙඔරාගැනීමේ මෙම ක්‍රමය සාමාන්‍ය ජනජීවිතයට ප්‍රශ්ණයක් නැහැ. අනෙක් කරුන නම් ඇමෙරිකානු ජනාධ්පතිවරණයට ඉදිරිපත් වන්නන් මෙම ක්‍රමය දැනගෙන ඊට අනුකූලව තම ප්‍රචාරණ පද්ධති සහ අන් සියල්ල කරනා බැවින් මෙය අසාධාරණ ක්‍රමයක් ලෙස බහුතරය පිළිගන්නේ නැහැ. අනික මෙය සිදුවූ පළමු අවස්ථාව මෙය නෙමෙයි.

      Delete
    2. Ian,

      / සාරාංශය ස්වාධීන රටකට ආසන්න ලෙස බලතල බෙදී ඇති ප්‍රාන්ත ක්‍රමයේදී එක් එක් ප්‍රාන්ත වලට ලැබෙන say එක එම ප්‍රාන්ත වල කෙටිකාලීන ජනහනය වෙනස් වීමෙන් වෙනස් නොවන ක්‍රමයක අවශ්‍යතාවය නිසා ඇතිවුණ ක්‍රමයකි./

      අමරිකාවෙ ජනාධිපති තෝරාගැනීමේ මේ ඔලුව වටේ අත දාල කණ අල්ලන ක්‍රමය ඇතිවුනේ මක් නිසාද කියල බොහොම පැහැදිලිව මේ ලිපියෙ තියනව.

      / එම නිසා ජනාධිපති තෙඔරාගැනීමේ මෙම ක්‍රමය සාමාන්‍ය ජනජීවිතයට ප්‍රශ්ණයක් නැහැ. /

      රටේ බහුතර කැමැත්ත ලබාගත් පුද්ගලයා රටේ නායකත්වයට පත්නොවීමම ප්‍රශ්නයක්නෙ ඉයන්.අනික් අතට සාමාන්‍ය ජන ජීවිතයට රටේ ජනාධිපති තෝරාගැනීමේ ක්‍රමය ප්‍රශ්නයක් නෙවෙයිනම් ඒ ක්‍රමය වෙනස් කලත් ප්‍රශ්නයක් නැහැනෙ නේද?

      / අනික මෙය සිදුවූ පළමු අවස්ථාව මෙය නෙමෙයි. /

      මෙහෙම දේවල් කලිනුත් වෙලා තිබ්බය කියන එක යම් සිද්ධියක් සාධාරණීකරනය කරන්ට සාධකයක් වෙනවද ඉයන්? හරියට අර කෝප් එකේ එජාප මන්ත්‍රීවරු මීට කලින් කබ්රාලුත් මේකම කලා කිව්ව වගේ?

      1970 වසරේ පැවැත්වුනු ලංකාවෙ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ඡන්දය ලැබුනේ එජාපයට .ඒත් පාර්ලිමේන්තුවෙ වැඩි බලය ලැබුනෙ ශ්‍රී.ල.නි.ප.යට

      UNP - 1,892,525 Votes - 17 seats
      SLFP - 1,839,979 Votes - 91 seats

      ජේ.ආර්. 1977 දි දිනුවට පස්සෙ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වල දුන්නෙත් මේ අසාධාරණය හින්ද.

      Delete
    3. රවී ඔය කටහ්ව මාත් අහල තියනවා. සමානුපාත ක්‍රමය ආවේ ඒ නිසා.

      Delete
    4. මේක තේරුමක් ඇති කතාවක් නෙවේ. හේතුව ඉවර කරන්න බැරි කතාවක් නිසා. උඹල දන්නව ඇතිනෙ ලෝක ගෝලය කඩදාසියෙ සිතියමක් විදියට ඇන්දම තියන විකෘතිය. අන්න ඒ වගේ දෙයක් තමයි 'ජනතා නියෝජනය' කියන්නෙත්. හරියටම තමන් ගැන තීන්දු ගන්න නං අපිම එක තැනකට රැස් වෙන්න වෙනව. ඉතිං ඒක කරන්න බැරි නිසා තමයි නි‍යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ. මෙතනදි 'නියෝජිතයා තෝරාගැනීම'ට ක්‍රම ගණනාවක් තියනව. ඒ සියලු ක්‍රමවල අසාධාරණ පැතිත් තියනවමයි. හැත්තෑ හටට කලින් තිබුන ක්‍රමය විකෘතියක්.
      UNP - 1,892,525 Votes - 17 seats
      SLFP - 1,839,979 Votes - 91 seats
      මේකෙන් ඒක පේනවනෙ. ඉන් පස්සෙ ආපු සමානුපාතික ක්‍රමයෙත් අඩුපාඩු තියනව. ආසන බහුතරයක් දිනුවත් ඔලුගෙඩි බහුතරය නෑ. ජෙප්පන්ට ආසන තුනක් ලැබෙනකොට එ් හා සමානව ඡන්ද ගත්ත දෙමළ සන්ධානයට පහලොවක් ලැබෙනව....

      ඇමෙරිකාවෙ ක්‍රමයත් එහෙමමයි.

      Delete
    5. Raj,

      / හරියටම තමන් ගැන තීන්දු ගන්න නං අපිම එක තැනකට රැස් වෙන්න වෙනව. /

      එහෙම රැස්වුනාවුනත් පොදු මහජනයා ගන්න තීන්දු නිවැරදිද කියල සැකයකුත් තියනවනෙ රාජ්, අනික් අතට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්ත. අපි ඒ බහුතර කැමැත්තට එකඟවුනත් නැතත් ඒක පිළිගන්නම වෙනව. දැන් පහුගිය කාලෙ මරා එක පිට එක පළාත් සභා ඡන්ද දිනනකොට බොහෝ දෙනෙක් ඒ ජනමතයට එකඟ නොවුනා වගේ..:)

      The best argument against democracy is a five-minute conversation with the average voter - Winston Churchill

      Democracy cannot succeed unless those who express their choice are prepared to choose wisely. The real safeguard of democracy, therefore, is education - Franklin D. Roosevelt

      Democracy is a pathetic belief in the collective wisdom of individual ignorance - H. L. Mencken

      දැන් ඔය අමරිකාවෙ Electoral College ක්‍රමය මුල්ම කාලෙ නිර්මාණය කරල තියෙන්නෙත් පොදු මහජනයට කෙලින්ම ජනාධිපති තෝරන්න දුන්නොත් නොයෙක් පටු ආකල්ප හින්ද තනතුරට නුසුදුසු පුද්ගලයෙක් තෝරාගනියි කියල ව්‍යවස්ථා සම්පාදකයින් හිතපු හින්ද. ඒ නිසයි නිවැරදි තෝරාගැනීමක් කරන්ට දේශපාලන සමාජීය දැනුමකින් යුතු පුළුල්ව හිතන්ට පුලුවන් පුද්ගලයින් කණ්ඩායමකට ඒ වගකීම ඒ කාලෙ භාර දුන්නෙ.ඒත් ප්‍රශ්නෙ මේ ක්‍රමය අදට ගැලපෙන්නෙ නැති එක.අමරිකාවෙ ව්‍යවස්ථාව සංශෝධනය කරන එක බොහොම අසීරු කාර්යයක්.මුල් ව්‍යවස්ථා සම්පාදකයින් ඒ වගෙ දිෂ්කර ක්‍රියා දාමයක් නිර්දේශ කරල තියෙන්නෙ හිතුනු හිතුනු වෙලාවට ව්‍යාවස්ථාව සංශෝධනය කරම්ට බැරිවෙන්ට. ඒත් මම හිතන්නෙ ඒ නිර්දේශ කරල තියෙන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියා පටිපාටිය දරුණු වැඩියි.

      ඒ නිසා ඔබ හා සපුරාම එකඟයි. මොන ක්‍රමයෙ වුනත් අඩුපාඩු තියනව. ඒත් මම හිතන්නෙ බහුතර ඡන්දයෙන් ජනාධිපති තෝරන ක්‍රමය වඩාත්ම සුදුසුයි කියලයි.

      Delete
  4. දැන් ඉතින් ඇමරිකාවට යහපාලනේ ගේන්න වැඩ කටයුතු කරන්නයි තියෙන්නේ.. හෙහ් හෙහ්
    රවියට ඕනනම් අලුත් කැටගරියක් පටන් අරන් ලියන්න පුළුවන්.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      /රවියට ඕනනම් අලුත් කැටගරියක් පටන් අරන් ලියන්න පුළුවන්.. හෙහ් හෙහ්../

      ඔන්න ඉතිං මගෙ ඔලුවට අනවශ්‍ය අයිඩියාස් දාන්ට හදනව...:)

      Delete
  5. අප්පච්චිලා දැන් ට්‍රම්පච්චි වන්දනාවේ...

    ඇමරිකන් ජනතා මතය ජයග්‍රහනය කලා. බ්‍රෙක්සිට් එකේ වුනෙත් මේ දේමනේ. ජනතාව ඉවසන ප්‍රමානයක් තියෙනවා. ඒක අප්පච්චිට තාම තේරුම් ගන්න බැහැනේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඇමරිකන් ජනතා මතය ජයග්‍රහණය කලේ නැහැ කියලයි මම කියන්නෙ. හිලරිට ට්‍රම්පච්චිට වඩා චන්ද වැඩියි.

      බ්‍රෙක්සිට් එකේදි අවුලක් නෑ.එතන බහුතර කැමැත්ත ඒකයි.

      Delete
  6. Copied;
    Maathalan - Priyantha HewageNovember 9, 2016 at 6:56 PM
    එයාලා මේකෙන් පුදුම ස්වයං වින්දනයක යෙදෙනවා. ඒත් ට්‍රම්පට්ගේ පක්ෂයේ මෙහේ නියෝජනය එකසත් ජාතික පක්ෂය බව වත් මේ ගොන්නු දන්නෙ නෑ.

    Who says trump is a bayya, he is a toyya according to Mathalan.

    ReplyDelete
    Replies
    1. Ano,

      එහෙමත් එකක් නේද?...:)

      Delete
  7. ඇමරිකාවටත් ලාල් විජේනායක කමිටුවක් දාමුද?

    ReplyDelete
    Replies
    1. Udu,

      එහෙමවත් කරන්ට වෙයි...:)

      Delete
  8. ඒ නීලකාස හොරාටත් වැඩිය නීලකාස බැදුම්කර හොරෙක් දැන් ඉන්නවනේ. නීලකාස හොරාගෙ කථාව දැන් මැක්කගේ රචනාව වගේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙම බෑනෙ ඇනෝ..අපේ ජනසාහිත්‍යයෙ ඉන්නවනෙ හැමදාම මිනිස්සු කතාවෙන චරිත. කැකිල්ලෙ රජ්ජුරුවො, අන්දරේ අන්න ඒ වගෙ.

      එතකොට විජය, දුටුගැමුණු, පරාක්‍රමබාහු වගෙ වීර චරිත. අන්න ඒ වගෙ මරාගෙ සහ පවුලේ අයගේ නීලකාස ගැහිල්ල දැන් ජනසාහිත්‍යයට එකතුවෙලයි තියෙන්නෙ. අර ලෙජන්ඩ් කියන්නෙ අන්න ඒ කැටගරියට. ඒ හින්ද ඒ ගැන කතා නොකර බෑනෙව....:)

      Delete
  9. බලමුකෝ ටික කාලයක් යනකොට ට්‍රම්ප්ගේ තුරුම්පු ඇමරිකාවට දිරවයිද කියලා.

    ReplyDelete
    Replies
    1. විචා,

      එහෙනං එහෙනං එක හීනෙං එලිවෙන්නෙ නෑ කියලත් කියනවනෙ අපි බලමු...:)

      Delete
  10. අන්න කූ ක්ලක්ස් ක්ලෑන් එක සතුටට කැරොලිනා වල පෙළපාලියක් යන්න යනවලු. උන් තමයි දිනුවේ කියල.

    ReplyDelete
    Replies
    1. කූ ක්ලක්ස් ක්ලෑන් කියන්නේ මොකක් ද? ඔය නම ෂර්ලොක් හෝම්ස් කතාවක තිබුනා. මට ඒ දවස් වල ඕක හරියට කියවගන්න බැරිව හිටියා.. හෙහ් හෙහ්

      Delete
    2. කූ ක්ලැක්ස් ක්ලෑන් කියන්නේ මම දන්නා හැටියට සුදු ජාතික ස්වෝත්තමවාදී ව්‍යාපාරයක්. ඒක ඇතිවුනේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලේ. කපු වගාව මත පදනම් වෙලා ඉතා සරු සුඛෝකභෝගී ජීවිතයක් ගතකරපු දකුණු ප්‍රාන්ත වලට ඒබ්‍රහම් ලින්කන් වහල්මෙහෙය අහෝසි කරාට පස්සේ කපු වගාවට ශ්‍රමය හොයාගන්න බැරිව ගියා. සිවිල් යුද්ධෙ පරාද උනාට පස්සේ නන්නත්තාර වෙලාම ගියා. වහලුන්ට නිදහස හම්බඋනාට පස්සේ දකුණෙ හිටපු වහල්ලු තම පරණ වහල් හිමියන්ට ලොකු සීන් දාන්න ගියා. සුදු ජාතික ස්ත්‍රීන් දූෂනය කිරීම් ආදිය ඉහල ගියා. පරණ විඳපු දුක් කම්කටොලු නිසා වෙන්න ඇති. මේ දේවල් හමුවේ ඉවසාගන්න බැරිව ගිය සුදු ජාතිකයො රහසිගතව ඒකරාශී වෙලා කලු ජාතිකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඒක තමයි කූ ක්ලැක්ස් ක්ලෑන් වල ආරම්භෙ

      Delete
    3. තීර්ථ යාත්‍රිකයා,

      /වහලුන්ට නිදහස හම්බඋනාට පස්සේ දකුණෙ හිටපු වහල්ලු තම පරණ වහල් හිමියන්ට ලොකු සීන් දාන්න ගියා. සුදු ජාතික ස්ත්‍රීන් දූෂනය කිරීම් ආදිය ඉහල ගියා. පරණ විඳපු දුක් කම්කටොලු නිසා වෙන්න ඇති./

      මේ කතාව නම් පිලිගන්න අමාරුයි. මම කිසිම තැනක දැක්කෙ නැහැ මෙහෙම වුනාය කියල. මතක ඇති කාලෙක ඉඳල වහල් බවේ දුක් විඳල එක්වරම නිදහස හම්බුනාම ඔයවගෙ සිද්ධි අතරින්පතර වෙන්න ඇති. ඒත් එහෙම දේවල් පොදුවේ සහ සංවිධානාත්මකව වුනාය කියල නම් මම හිතන්නෙ නෑ.

      කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධාන පිහිටුවාගත්තෙ ප්‍රධාන වශයෙන්ම වහල් බවින් නිදහස් වූ කළු ජාතිකයින් තමන්ගේ දේශපාලන නිදහස ඉල්ලා සටන් කිරීමෙන් ඔවුන් අධෛර්ය කිරීමටයි.කළු ජාතික නායකයින් මරා දැමීම සහ ඔවුන්ට මරණීය තර්ජනය කීරිම මඟින් කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධාන ඔවුන්ගේ පරමාර්ථ බොහෝසේ ඉටු කරගත්තයි කියලයි කියන්නෙ.අවසානයේ අමරිකන් රජයට සිද්ධ වුනා ඔවුන් නිර්දය ලෙස මර්දනය කීරිමට.

      Delete
    4. පැතුම්,

      අම්මප උඹ වගෙ ලෝක කම්මැලියෙක්. තොට නම දාන්න තිබ්බෙ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයා කියල නෙවෙයි කුසීත ජේෂ්ඨයා කියල.

      කම්මැලි නැතුව මේක කියවපං...:)

      Delete
    5. කම්මැලි නම් මම, මම නම් කම්මැලි වගේ බැඳිලා ඉන්නේ කම්මැලියි මමයි..

      කොහොම උනත් දැන් මේක කියවන කි දෙනෙක් ඕක තේරුම් ගන්නවද මම ඕක අහපු නිසා.

      බහුතර ජනතාවගේ හිතසුව පිණිස කම්මැලි වන්න!!

      Delete
  11. ඔය ඇමරිකාවේ ජනාධිපතිවරණය එහෙම පිටිංම ජූඇම්පී කුමන්ත්‍රණයක්. පේනව නේද හරියටම මෙහෙ අයවැය කියන්න ඔන්න මෙන්න තියලා අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් කං ඇමරිකාවේ පැත්තට හරෝපු හැටි. ඒ අස්සෙ මෙහෙ ආණ්ඩුව අයවැය කියෙව්වා. ලංකාවේ එවුන් දන්නෑ අයවැයෙන් කිව්වෙ මොනවාද කියලා. මේ ඡන්දය බටහිර කුමන්ත්‍රණයක්. මව්බිමේ මන්නය'' අපිට කිව්වෙ ඔය ටික තමයි.

    ReplyDelete
    Replies
    1. සුරා,

      හෙහ්,හෙහ්.."මව්බිමේ මන්නය" ඕකත් අපේ අර දහ අට සන්නියගෙ නිර්මාණයක් නේද? ඌ නං මාර පොරක්..:)

      වට් එබවුට් "මව්බිමේ වීසි කැත්ත" "මව්බිමේ කං හැංද" "මව්බිමේ දත් කටුව" "මව්බිමේ කුරහං ගල"?

      Delete
  12. අඩෝ රවී... අහුවෙන්න එපා අපේ ට්‍රම්පච්චීට අනං මනං කියලා හොඳේ......

    හෙටානිද්දට පොර ජනාධිපති විදියට දිවුරුම් දුන්නට පස්සේ, ලංකාවෙන් පොරට සපෝට් කරපු ඔක්කෝටම Green Card දීලා පොරගේ 3rd Wife වගේ ඉටිකිරිස් කෑලි ටිකක් එහෙම බන්දලා දුන්නහම,

    උඹලට ගොඩාාාක් රිදෙයි.........

    ReplyDelete
    Replies
    1. මින්,

      / පොරගේ 3rd Wife වගේ ඉටිකිරිස් කෑලි…/

      ට්‍රම්පච්චි දිනපු එකෙං වෙච්චි එකම හොඳේ අන්න ඒකයි. ජනාදිපති ආර්යාව නොහොත් First Lady විදිහට ඉටිකිරිස් ලලනාවක් ඉන්නව දැං. මිෂෙල්ල හිලරිල ලෝරල නිකං අර නව දැලි හේනක පෑව වැඳිරි රුව වගේනෙ මෙලනියා එක්ක එකට තියල බැලුවම...

      Delete
  13. ට්‍රම්ප්ගෙ පෞද්ගලික ජීවිතය ඡන්දදායකයන්ට අදාල නෑ වගේම එයාගෙ කට කැඩිච්ච කතාත් එච්චර සලකල නෑ. අනිත් අතට කැත කුණු අතහැරල බැලුවම 'ප්‍රතිපත්ති' අතින් ට්‍රම්ප් දිනල, හිලරි පැරදිලා. මට පේන විදියට ඇමෙරිකානුවන්ට‍ ඕන, තමන්ගෙ ප්‍රශ්න ටික විසඳගෙන ඉදිරියට යන්න. ලෝකෙට ලොකුකම් පෙන්නන්න එයාලට උවමනාවක් නෑ.

    ReplyDelete
  14. හිලරි දිනනකල් ඉඳලා අපේ රටෙත් බොරු සංහිඳියාවට පොහොර දාන්න හිලරි ලවුව සම්පන්දනයට සලකවන්න හිතාන හිටිය උඹලට ආතල් කුඩු කරගන්න උනා නේද? හිත හදාගෙන තමන්ගේ වැඩක් බලාගනින් මචෝ.

    ReplyDelete
  15. රවී අයියෙ අර කියපු සිංදුව ඊලඟ පෝස්ටුවෙන් කියවන්න බලන් ඉන්නවා හොදේ...

    ReplyDelete
  16. Ara " Huppachchi" gana liyauna sinduva aahuvve nathi oyage kan keti deken athi vade mokkada ayyo?

    Ara "Mav bime kan handa" pranamaya oyata pudala eken vath oya kan keti deka sudha budha karala oya sinduva ahanna salassanna oni hitan..!

    ReplyDelete
  17. This very sad thing happan resent. I also put my new post today about this happan thing. I also no like to Donald Trump. He is mad extreme man.

    ReplyDelete
  18. මට තියෙන ලොකුම ප්‍රශ්ණය

    "ඒ වාහේ ජනාදිපතිවෙලා ඉන්දැද්දී ධවල මන්දිරේ බබලතුන් සමඟ සුරුට්ටු සෙල්ලං වලටද බොහෝ ප්‍රසිද්ද වුනාය"
    මොනවද බන් ඒ සෙල්ලම්.පැහැදිලි කිරීමක් කළ හැකිද

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...