ලස්සනයි කියන්ත් බැරි, අවලස්සනයි කියන්නත් බැරි, ගුණ යහපත් කම් ඇති එක්තරා ගෑණු දරුවෙක් සිටියා. මේ ළමයා පුංචි කාලේ ඉඳන් ඉගෙනීමට දක්ෂයි. ඔහොම ඔහොම ඉගෙන ගෙන ඉගෙන ගෙන යද්දී උසස් පෙළ පංතියටත් ආවා කියමුකෝ. මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත මේ දරුවාගේ සිතේ අමුතු අමුතු සිතුවිලි මිශ්‍ර වෙන්න පටන් ගත්තෙත් ඔය අවධියේදිම තමයි. තමන්ගෙම පංතියේ ඉගෙන ගත්ත සිසුවෙක් පිළිබඳ ව ඇයටත් නොදැනීම ඈ සිතන්නට පටන් අරං.
ඔහොම ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට යනකොට ඒ හිතන ප්‍රමාණයත් ඇගේ අධ්‍යාපන මට්ටමත් ප්‍රතිලෝමව සමානුපාත වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඔහුගේ මන බඳනා සිනාව, කථාව පමණක් නොව වෙනත් කෙනෙකුට නම් නොපෙනෙන සුළු වූ ඔහුගේ ඇහේ තිබූ පුංචි ම පුංචි වපරයත් ඇයට ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් වුනා.
ඔහොම කාලය ගෙවීගෙන ගියේ අසුරු සැනකින් වගේ. උසස් පෙළ විභාගය අත ළඟටම ඇවිදින්.
ඒක පාර්ශ්වික ආදරය හිතට බර වැඩි වුනත්, ඇය එය තව ටික කාලයකට දරාගෙන ඉන්න තීරණය කලේ මුළු පාසලේම අවධානය උසස් පෙළ අවසාන කාලය වන විටදී ඔහු වෙත කේන්ද්‍රගත වෙලා තිබුණු නිසායි. ඊට පෙර ඔහුවන් කෙනෙකු පාසලේ සිටියා කියා දැන සිටියේ සමහර විට ඇය පමණක් වන්නට ඇති. එහෙත් ඒ වනවිට ඔහු දක්වා තිබු අධ්‍යාපන ප්‍රගතිය හේතුවෙන් එවර අනිවාර්යයෙන්ම ඔහු සරසවි වරම් හිමි කරගනු ඇතැයි හැමෝම බලාපොරොත්තු තබාගෙන සිටියා.
අවසානයේ උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුනා. සිදු වුනේ නොසිතූ දෙයක් නොවේ. සිතූ දෙයමයි. ඔහු ඉහලින්ම සමත් වෙලා තිබුනා. ඇය ලාවටවත් සමත් නොවී තිබුනා. මොනවා කරන්නද නේද? හැබැයි ඉහලින්ම සමත් වුනු ඔහුගේ සමත්කම ගැන ඔහුටත් වඩා, ලාවටවත් සමත් නොවුනු ඇය මුළු හිතින්ම සංතෝෂ වුනා. අනෙක් ළමුන් ඔහු අසලටම ගොස් අතට අත දී නැත්නම් තුරුළු කරගෙන බොරුවට සුභ පතද්දී, ඇය ඔහුට බොහෝ දුරින් රැඳෙමින් මුළු හිතින්ම ආශිර්වාද කලා. සුභ පැතුවා.
කාලය ගලා ගියා. ඔහු විශ්ව විද්‍යාලයට ගියා. එතකොට ඇය......... ? ඇය ගෙදර නැවතුනේ නැහැ. ඇය රැකියාවක් සොයා ගත්තා.
ඔහොම ඔහොම කාලය නිරතුරුවම ගලාගෙන ගලාගෙන ගියා. ඇයගේ සිතේ ඔහු පිළිබඳ සිතුවිලි නොනැසී, නමුත් නිශ්චලව රැඳී තිබුණා. ඒ නිශ්චල සිතුවිලි චංචල කරමින් ඔහු වරින් වර ගම ඇවිත් ගියා.
ඔහොම කාලය ගලා යන අතරතුරේ දෙදෙනාගෙම මිතුරියකගේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙන්නට යෙදුනා. දෙදෙනාටම ඇරයුම් පත් ලැබුනා. ඇයගේ සිත ප්‍රීතියෙන් කුල්මත්ව, පිහාටු ලැබ රිසි සේ පියැඹුවේ ඇයටත් නවතා ගන්න නොහැකි අයුරින්.
ඒ දිනයට පෙර දිනයේදී ඇය තීරණයක් ගත්තා.
"මම එයාට මගේ හිතේ තියෙන දේ හෙට කියනවා"
ඇය සිය කළණ මිතුරිය හා පැවුසවේ බැරෑරුම් ස්වරයෙන්.
"උඹට පිස්සුද? උඹ කෙල්ලෙක්. කෙල්ලෝ අහන්නේ මොන ලෝකෙද?" මිතුරිය බැන වැදුනා.
"මම අහන්නේ නැහැ. අක්කා, මම කියනවා. මම ඔයාට ආදරෙයි කියලා මම කෙලින්ම කියනවා"
"උඹට නම් පිස්සු. හොඳයි එහෙනම් කියපංකෝ. වහ කන්නයි වෙන්නේ උඹට. ඌ වැඩේ වන කොලොත්.......?"
ඇය දෙනෙත් විසල් කර මිතුරිය දෙස බැලුවා. 'ඇත්තටම එහෙම වුනොත්...........?'
"ආ........ඒකටද? එතකොට මං අවසාන තීරණේ ගන්නවා" ඇය මද වේලාවකට පසු ව පැවසුවා.
"අනේ අම්මාපල්ල. උඹ මැරෙන්නද හදන්නේ? මට ෂුවර් ඌ උඹට ආදරේ කරනවා තියා උඹ කියලා කෙනෙක් ඉන්නවාද කියලාවත් දන්නේ නැහැ"
"කමක් නැහැ හෙට දැන ගනී. දැන් මට ඉන්න දීලා ඔයා යන්න" ඇය මිතුරියගෙන් ඉල්ලා සිටියේ සංසුන් ස්වරයෙන් .
දිනය එළැඹුනා. ඔහු ආවා. ඔහුට පෙර ඇය ආවා. කාලය සෙමින් සෙමින් ගලා ගියේ වාදනය වන ගීයේ තාලයටම ලයාන්විතව. ඇය දෙනෙත් නොසලා ඔහු දෙස බලා සිටියා. එතකොට ඔහු...........? ඔහු දෙනෙත් සලමින් බොහෝ කලකින් දුටු මිතුරන් සමඟ සාමිචියේ යෙදී සිටියා. බොහෝ කලකින් දුටුවා වුවද රංචුවකට පැය 5ක් විතර එක දිගටම කථා කර කර ඉන්න බැහැ. කථා ඉවර වෙනවා. රංචුව ටික ටික විසිර ගියා. ඇය බලා සිටි, ඔහු තනිවුනු මොහොත එළැඹුනා.
ඇය ඔහු අසලට සෙමින් පිය මැන්නා.
"මේ අයි සිට් හියර්?" ඇය ඇසුවා
"යෙස් ෂුවර්, වයි නොට්?" ඔහු පුටුව මත මදක් ඇඹරී පැවසුවා.
"මාව මතකද අකලංක? " මිතුරියන් පැවසූ සේම තමා ගැන මතකයක් ඔහු වෙත නැතැයි ඇයට ඒ මොහොතේ සිතුනා.
ම්......ම්......අනේ සොරි..........ඇත්තටම මට මතක නැහැනේ" මද වේලාවකට පසුව ඔහු පැවසුවේ විවිධාකර කෝණ කිහිපයකින් ඇය දෙස බැලීමෙන් පසුවයි.
"මම හිතුවා" ඇය සුසුමක් හෙලා පැවසුවා.
'අනේ ඒකත් එහෙමද?' ඇයට සිතුනා.
කියන්න ආ දේ නොකියන්නද කියලා ඇයට සිතුනා.
"මම හිටියේ ඔයාගේ පංතියේමයි. මගේ නම සම්මානි. දැන්වත් මතකද?" ඇය ඇසුවේ බලාපොරොත්තුවක් දෙනෙත් මතට ගෙනෙමින්.
"ම්....ම්...... සම්මානි? ආ......අර උපුලි ගේ යාළුවා නේද?" ඔහු ඇසුවා.
'අම්මේ ඇති යාන්තම්' ඇයට සිතුනා.
"ආ.......... ඔයාට මතකයි"
සතුටක් හිතට දැනුනත් ඒ විගසම ඇයට මෙසේ සිතුනා 'හැබැයි මාව නෙමෙයි උපුලිව'
ඔහු සිටියේ සිනා සෙමින්. "ආ ............සම්මානි ඔයා දන්නවාද? ඒ කාලේ මට කොල්ලෝ කිව්වානේ ඔයා මට ට්‍රයි කියලා" ඔහු බොහොම සැහැල්ලුවෙන් කිව්වා.
'අපොයි' ඇයට සිතුනා
"ආ ඇත්තමද ඔය කියන්නේ?" ඇත්ත බව දැන දැනම ඇය බොරුවට ඇසුවා
"ඔව් අප්පා. මට මාර වදයක් වුනා ඒ කාලේ. මම දන්නවා ඔයාගේ හිතේ එහෙම දෙයක් තිබුනේ නැහැ කියලා. අනිත් එක අපි දෙන්නා.........? " ඔහු නැවතත් සිනා වෙයි.
'ඔව් ඔව් අපි දෙන්නා........? ඉතිං ඉතිං අපි දෙන්නා...... ඇයි අපි දෙන්නා ගැලපෙන්නේ නැද්ද?' ඇයගේ සිත මොර ගෑවත් ඒ වදන් දිව අගට නම් ආවේ නැහැ. වේග රිද්ම ගීත වාදනය වීම ඇරඹී තිබුනා. අමුත්තන් උන්හිටි තැන් අමතක වූ සේ රඟමින් සිටියා.
"අපි දෙන්නා වගේ නොගැලපෙන දෙන්නෙක් එකට ගැට ගහලා පද හදන්න තරම් මුන්ට මොලේ නැද්ද මන්දා"
බිදී කෑලි වී ඇද වැටුනු ඇගේ සිතෙත් සිතුවිලි වලත් කැබලි සොයන්නට මෙන් ඇයගේ දෙනෙත් දෙපා අසලට නැඹුරු වුවා.
'ඔහු මේ පවසන්නේ කුමන නොගැලපීමක් ගැනද?' ඇයට නොවැටහුනා. නමුත් ඇයට එක් දෙයක් වැටහුනා. එනම් 'අතිතයේ ඔහු සිතූ විදිහේ වෙනසක් සිදු වෙලා නැහැ'. තාමත් ඇය ඔහුට නොගැලපෙන බව අකලංක සිතන බව ඔහුගේ වදන් ශබ්ද නගා ඇයගේ සවනට පැවසුවා. ඇය විගස සවන් පත් දෙඅතින් වසා ගත්තා.
"ඇයි ? ඇයි ? සම්මානි මොකද වුනේ?" ඔහු ඇසුවේ පුදුමයෙන්.
"නැහැ......... අද උදේ ගෙදරින් එද්දී මට හිසේ කැක්කුම හැදුනා. දැන් ඒක ටිකක් වැඩි වුනා වගෙයි"
"හිසේ කැක්කුම කියන්නේ ලෙඩක් නොවෙයි ලෙඩක ලක්ෂණයක්. බෙහෙත් ගන්න වෙයි. කලිනුත් තිබුනාද? ඔහු මැඩිකල් ෆැකල්ටියේ නොවුනාට, කථා කරන්නේ හරියටම දොස්තර කෙනෙකු වගෙයි.
"ඔව් දැන් කාලාන්තරයක් තිස්සේ තියෙනවා. මං හිතන්නේ අදින් පස්සේ සුව වෙයි." ඇය දෙඅත් පිරිමදිමින් ඒවා දෙස නෙත් යොමාගෙන පැවසුවා.
"ඒ මොකද අප්පේ ඒ? අදින් පස්සේ?" ඔහු ඇසුවා.
"නැහැ අද හවස බෙහෙත් ගන්න යනවා. මං යන්නම් පරක්කු වුනා" ඇය නැගී සිටියා.
මගුල් ගෙදර අවසාන වශයෙන් වාදනය වන සමු ගැනීමේ ගීත වාදනයට පෙරම පිටත් වන්නට සිතුවේ, නැගී එන සිතුවිලි දාමය සමග එතැන තවදුරටත් රැඳී සිටියොත් ඒ මහ ජනකාය ඉදිරිපිටදීම ස්වයං පාලනය සියතින් ගිලිහේදැයි ඇයටම සැක සිතුනු නිසායි.
"ඕකේ....... සම්මානි....... සී...... යූ ලේටර්........" ඔහු සමු දුන්නේ කිසිවක් නොසිදු වූ සේය. ඇයට එහෙම හිතුනා.
'ඇත්තටම මගේ පැත්තෙන් බැලුවහම නොවෙන්න ඕන දෙයක් සිද්ධ වුනත් එයාගේ පැත්තෙන් බැලුවාම මොකුත් ම සිද්ධ වෙලා නැහැනේ' ඇයට එහෙමත් හිතුනා.
'සේරම ඉවරයි.'
ඇය යන අතරතුරේ සිය මිතුරියට කෙටි පණිවුඩයක් යැව්වා. එසැනින් දුරකථනය විසංධි කලේ මිතුරියේ හඬ අසන්නට තරම් දිරියක් නොමැති වූ නිසායි.
**********************************************************
සම්මානිගේ මිතුරිය දින පහ පුරා ඇයව සොයන්න පුළුවන් හැම තැනම සෙව්වා. දන්න හැමෝටම දුරකථන ඇමතුම් දුන්නා. හැබැයි වටින් ගොඩින් තමයි හෙව්වේ.
'කාටවත් කියන්නවත් පුළුවන් තත්ත්වයක් නොවෙයිනේ. මේ කෙල්ල කොහේ ගියාද? ජීවිතේට කරදරයක්වත් කර ගත්තාද?..... නැහැ නැහැ එහෙම වෙන්න බැහැ එහෙනම් කොහොම හරි ආරංචි වෙනවානේ.......අනේ මන්දා මට මේ මොනවා හිතෙනවාද කියලා' ඇය තැවුනා.
අවසානයේ එළඹෙන සෙනසුරාදා ඇයගේ නිවසට සොයාගෙන යන්න සිතා සිටිද්දී, බ්‍රහස්පතින්දා දිනයේ ඇය නැවත කන්තෝරුවට පැමිණියා.
"කොහේද බං තොලිංචිවෙලා හිටියේ? උඹ මාව නොමරා මැරුවා." සම්මානිව දුටු සැනින් මිතුරිය බැන වැදුනේ අම්මා කෙනෙක් දරුවෙකුට බණිනවා වගේ සෙනෙහසින්, දුකින් ඒත් කේන්තිය පෙන්වමින්.
"ඇයි? මං නිවාඩු දාලානේ ගියේ?" ඇය පැවසුවේ බොහෝම සාමාන්‍ය ලෙසින්.
"ඒක නිසාම තමයි මැරිලා නැහැ කියලා හිතුවේ. නැත්නම් මම පොලීසි යනවා. උඹ වෙනදාටත් නිවාඩු යන්නේ දාලා වුනාට මට නොකියා ගිහින් තියෙනවාද?" මිතුරිය ඇසුවා
"හරි හරි දැන් ඒවායින් වැඩක් නැහැ. වැඩ ගොඩ ගැහිලා ඇති. පස්සේ කථා කරමු" සම්මානි මිතුරියගෙන් මිදෙන්න බැලුවා
"අනේ මේ දවස් 4ක් අතපහු වෙච්ච ඒවා විනාඩි පහෙන් කරන්න බැහැනේ. මට කියපං එදා මොකද වුනේ." මිතුරියගෙන් ගැලවෙන්න ලෙහෙසි වුනේ නැහැ.
"එදා.........? එදා සේරම අවසන් වුනා." සම්මානි පැවසුවේ සිනා සෙමින්.
"ඇයි යකෝ උඹ හිනාවෙන්නේ සේරම හරි ගියා වගේනේ. කියපං මට මොකද වුනේ"
"ඇත්තමයි අක්කේ මං කියන්නේ සේරම අවසන් වුනා. එයා මට ආදරේ නැහැ. එයා කවදාවත් මං ගැන ආදරෙන් හිතන එකකුත් නැහැ." ඇය පැවසුවේ බොහොම සැහැල්ලුවෙන්.
"ඉතිං නංගීයේ උඹට දුක නැද්ද? මට නම් හරිම දුකයි බං උඹ ගැන. ඇයි උඹ අඬන්නේ නැත්තේ? මිතුරිය අවංකව සිය අදහස පැවසුවා. කඳුළු බිඳු දෙකක් ඇගේ දෙනෙත් අගටම ඇවිත්.
"අක්කේ මං ඇයි අඬන්න ඕනේ, එයානේ අඬන්න ඕනේ. මට නැති වුනේ මට කවදාවත් ආදරය නොකරපු, එහෙම කරයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බැරි කෙනාවයි. හැබැයි එයාට නැති වුනේ එයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාවයි. ඉතිං ඇයි මං අඬන්නේ" ඇය පවසුවේ මිතුරියගේ දෙනෙත් අගට ඇගේ දෙඅතේ සුළැඟිලි දෙක තබමින්, ඒ කඳුළු බිඳු පිස ලමින්.

අති විශිෂ්ඨයි නංගී.... කදුළු කොහොමත් ලාභ නෑ තමයි....
ReplyDeleteඑක හුස්මට කියෙව්වා..
ReplyDeleteඅදත් හරිම සන්වේදී කථාවක් අරන් ආවා නේද? බොහොම ස්තුතියි
ReplyDeleteඑක හුස්මට කියෙව්වා..
ReplyDeleteපට්ට කතාව... ඇත්තම එකක්ද... හිතල ලියපු එකක්ද... මොනව වුනත් හැමදාම හැමෝටම පොදු සිද්ධිය ( ධර්මතාව ) ඕක තමයි...
ReplyDeleteමට නැති වුනේ මට කවදාවත් ආදරය නොකරපු, එහෙම කරයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බැරි කෙනාවයි. හැබැයි එයාට නැති වුනේ එයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාවයි.
ReplyDeleteහ්ම්ම්ම්ම් හරි තමා ..
ලස්සනයි රන්දිල්...!
ඇය හරි මම හිතන්නේ...
ReplyDeleteඅනේ ඇත්තමට නේද......................
ReplyDeleteම්....... හිතන්න දෙයක් තියනවා.............
හැමදාමත් වගේ වචන නැති සිතුවුලු අතර අතරමං කරන්න ඹයාට අදත් පුලුවන් වෙලා.
අනේ මන්ඳා...ජීවිතය හරිම සංකීර්ණයි....හරි වැරැද්ද..හොඳ නරක....මිනිස්කම...ආශාව.....මේ සියල්ල මැද අපි අපිම.....අගනා කතාවක්......
ReplyDeleteහරිම ලස්සනට ඇත්තම දෙයක් ලියවිලා තියෙනවා කියලා හිතුනා.. කාවදවත් අපිට ආදරෙ කරන්නේ නැති කෙනෙක්ට ලං විම බොරු දෙයක්,,, සමහර විට අපි එ දේ බලෙන් ගත්තත් කවදවත් අපි බලාපොරොත්තු වෙන ආදරෙ, සෙනෙහස ලැබෙන් නැ,, එ වෙනුවට හැමදම එ වෙනුවෙන් පසුතැවෙන්න වෙවි........ අහිමි ආදරයක් වෙනුවෙන් කදුලුක් උනත් අපෙතෙ යවන්න ඔනා නැ,,,,
ReplyDeleteලස්සනට ලියලා තියෙනව,,, සුබ පැතුම්..........
මුලින්ම කියන්න ඕනේ ඊයේ ඇතිවෙලා තිබුනු කොමෙන්ට්ස් පිළිබඳ ගැටළුව නිසා ඔයාලාගේ වටිනා අදහස් මැකිලාම යයි කියලා මම බයෙන් හිටියේ. ඒත් ඒක එහෙම වෙලා නැහැ. සතුටුයි.
ReplyDeleteතනෝජා අක්කී, අන්ශ්, මිහිරි,
ඔන්න ඔය තුන්දෙනා මුලින්ම ඇවිත් කාන්තා නියෝජනය හොඳටම කරලා තියෙනවා. ස්තුතියි
@ පුතා,
ReplyDeleteඇත්තටමත් කොහේ හරි වෙලා ඇති. හැබැයි මම මේ ලියැවිල්ලේ අන්තිමට තද කළු අකුරින් සටහන් කරලා තියෙන කොටස කියන්න ඕන කමටයි මේ කථාව නිර්මාණය කලේ. ස්තුතියි.
@ නිමන්ති,
අනේ මන්දා ඔයා මීට කලිනුත් මම වැඩියෙන් අවධානය යොමු කරපු තැනක් එකපාරින් හොයාගෙන තිබුනා නිම්මි. අදත් එහෙමයි. ස්තුතියි.
@ ඉලංදාරියා,
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවාට.
@ චතු,
ආ මල්ලී ගොඩාක් කාලෙකට පස්සේ ගොඩ වැදිලා ගිහින් වගෙයි. ස්තුතියි මල්ලී
@ හේමලයාගේ ෂැඩෝ(ව්),
සංසාරේ සාංසාරේ :D
"මට නැති වුනේ මට කවදාවත් ආදරය නොකරපු, එහෙම කරයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බැරි කෙනාවයි. හැබැයි එයාට නැති වුනේ එයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාවයි. ඉතිං ඇයි මං අඬන්නේ"
ReplyDeleteඇත්තෙන්ම නියමම කතාව.
ස්තුතියි රොයිලි අයියා.
ReplyDeleteඑක හුස්මට කියෙවුවා...
ReplyDeleteඅන්තිමට දන්නෙම නැතුව ඇස් දෙකට කඳුළුත් ඇවිත්..
ආ ඔය ආවේ එක්කෙනෙක්. මේක ලිව්වේ ඔයා ඇතුළු කිහිප දෙනෙකුටමයි මල්ලී. ස්තුතියි සෝරෝ මේ පැත්තේ ඇවිත් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කලාට
ReplyDeleteRanDil,
ReplyDeleteNicely written as always,
"Love means never having to say you are sorry"
- Love Story by Erich Segal
:) අද තමයි දැන ගත්තේ මේ පොත මට ලැබුනේ ඇයි කියලා.............. :)
Deleteස්තූතියි අක්කියො අපි ගැන හිතුවට...
ReplyDeleteඒත් මට ඔය කියන විදියට හිතන්න බැරි එක තමා අවුල,,, :(
@ Ravi,
ReplyDeleteThank you for your valuable comment
@ සෝරෝ,
ඔන්න ඔන්න මට කේන්ති යනවා. :D
හරි හරි මල්ලී කාලය කියන ඔසුව ඔයාගේ තුවාල වේලලා දාවී. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් ගාලා තුවාල කැලල් ටික මකලාම දාමු.
මමත් හිතනව එහෙම වෙයි කියලා... බලමු..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්....... :'(
ReplyDeleteමට කියන්න දෙයක් නැහැ රන්...
ReplyDeleteහරිය ට මේක ........
ස්තූතියි...
අදනේ මම මේක දැක්කේ රන්දිල් අක්කේ.. ලස්සන කතාවක්! හැබෑටම!
ReplyDeleteසුදු හංසි, වත්, ෆා,
ReplyDeleteබොහොම කාලෙකට පස්සේ හරි ඇවිත් ගිහින් තියෙනවා දැක්කහම හරිම සතුටුයි....... ස්තුතියි ඔයාලාගේ අදහස් දැක්වීමට... :)
අක්කේ උඹේ මේ පෝස්ට් එක කියවගෙන යන කොට මට මතකෙට ආවේ මගේම හාවිව..ඇය මටත් නොදැනෙන්න මට සිතෙන් ආදරේ කලා...ඒත් වැඩි දවසක් ඇයට ඒක සඟවාගෙන ඉන්න බැරි තරමටම ඇය මට ආදරේ කලා...ඒත් මට දැනුනත් ඇයගේ ඒ ආදරේ මං මඟහැරියා...ඒ වෙනත් කෙනෙක් නිසා...ඒ හැමදේම ඉවසන් ඇය මං වෙනුවෙන්ම හිටියා...මගේ ළගින්ම....
ReplyDeleteඒත් කොහේදෝ තිබ්බ වාසනාවකට(ඒ වාසනාව උදාකලෙත් ඇයම තමයි....) මං තේරුම්ගත්තා පිවිතුරු වතුසුද්ද මලක් දැක දැක මං යන්නේ හරයක් නොමැති ඇන්තූරියම් මලක් පස්සේ කියලා... හික් හික්
තව පොඩ්ඩෙන් මේ කතාවේ ඇයට ඇයත්... ඔහුට මමත් පණ පොවන්න ඉඩතිබුණා.....
කතාව උපරිමයි අක්කා....අනර්ඝයි...!!!
මට නැති වුනේ මට කවදාවත් ආදරය නොකරපු, එහෙම කරයි කියලා බලාපොරොත්තුවත් වෙන්න බැරි කෙනාවයි. හැබැයි එයාට නැති වුනේ එයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාවයි. ඉතිං ඇයි මං අඬන්නේ............
ReplyDeleteඅක්කේ.. උඹේ මේ කතා මෙච්චර පහු වෙලා කියවන්න ලෑබුනු එක ගෑන මම දුක් වෙනවා... සිරාවටම..පට්ටය !!!!!!!!!!