මාලය නුඹ.........
මා ලය මත රැඳී
සිටියා බෝකල්
විසිතුරුව මා හැඩ කරමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
සැඟව ගිය නුඹ
සොයාගත නුහුනුව
ලතැවෙන ගැහැණිය
මම
ආලය නුඹ.........
මා ලය තුල පිරී
සිටියා බෝ කල්
දයාබරව මා සනසමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
හැර ගිය සඳ
පාළුව දරගත නුහුනුව
මියැදෙන ආත්මය
මම
කාලය නුඹ.........
මා පසුකර
පියමං කරනු විගසින්
සැඟව ගිය මාලය සොයා.........
හැර ගිය ආලය සොයා.........
වෙහෙස වී මියැදෙන
මා ලය සුවපත් කරමින්.........
නුඹේ දයාව පතනා
අසරණ ජීවියා
මම
මා ලය මත රැඳී
සිටියා බෝකල්
විසිතුරුව මා හැඩ කරමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
සැඟව ගිය නුඹ
සොයාගත නුහුනුව
ලතැවෙන ගැහැණිය
මම
ආලය නුඹ.........
මා ලය තුල පිරී
සිටියා බෝ කල්
දයාබරව මා සනසමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
හැර ගිය සඳ
පාළුව දරගත නුහුනුව
මියැදෙන ආත්මය
මම
කාලය නුඹ.........
මා පසුකර
පියමං කරනු විගසින්
සැඟව ගිය මාලය සොයා.........
හැර ගිය ආලය සොයා.........
වෙහෙස වී මියැදෙන
මා ලය සුවපත් කරමින්.........
නුඹේ දයාව පතනා
අසරණ ජීවියා
මම
ලස්සනම ලස්සන අසිතුවිල්ලක් පද බවට හරවලා....
ReplyDeleteකාලය ගියොත් ගියාමය
මේක නම් සුපිරි..!!
ReplyDeleteනියම විවරණයක්....
ReplyDeleteස්තුතියි ඉලංදාරියා, අන්ශ් සහ හේමාල් මේ පැත්තේ ඇවිත් ඔබේ අදහස් සටහන් කර තැබුවාට
ReplyDeleteලස්සන වැඩක්!
ReplyDeleteතව ලියන්න අපි කියවන්නං
හැබැයි ටිකක් කියවන්න අමාරුයි වගේ. අකුරුයි පසුබිමයි දෙකම dark නෙ.
ස්තුතියි Turcy මම ඒ ගැන බලන්නම්
ReplyDeleteඅනේ අපේ අම්මත් ඔය ගල් අල්ලපු පෙන්ඩන්ට් කීයක් නම් නැතිකරගත්තද නොසැලකිල්ලෙන්...!!!
ReplyDelete@ පැංග්ස්,
ReplyDeleteඅප්පෝ ඇති යාන්තම් මෙන්න ඇවිල්ලා
මේකට දාන කොමෙන්ට් එකක් මට හිතගන්න බැරියො...........
ReplyDeleteලස්සනට ලියලා තියනවා
ReplyDeleteඅපූරු පද ගැලපුමක්
ReplyDelete@ සෝරෝ,
ReplyDeleteමේ මං කිව්වේ අර කාලය කියන ඔසුව ගැන. :)
@ හෙළයා,
ස්තුතියි අදහස් දැක්වීම ගැන
@ වැප්,
අපූරු මිනිස්සු කරන්නේ අපූරු වැඩනේ මලේ. :)
ස්තුතියි ස්තුතියි ඔබටත්
රන්දිල් නගේ, මාලය හම්බ උනේ නැතත්, ආලය ආපහු හම්බවෙයි අනිවාර්යයෙන්ම . . . හැමෝගේම ජීවිත ඔහොමයි නගේ . . . මාලෙත් හම්බවෙන්න කියලා ප්‍රර්තනා කරන්නම්. . . !
ReplyDeleteහපුයියා මං ඉවරයි. නැහැ බං දුමි අයියේ මේ නම් මගේ ජීවිතේ ගැන කියැවෙන එකක් නොවෙයි. මගේ මාලෙත් මං ලඟ මගේ ආලෙත් මං ලඟ. :D
ReplyDeleteමට නිකං හිතිච්ච එකක්. ඒ රයිමින් වර්ඩ්ස් ටික දාලා මොකක් හරි ලියන්න හිතුනා. මෙහෙම දේවල් ලෝකේ වෙනවානේ.
ස්තුතියි කොමෙන්ටුවට
අප්පුච්චියේ මම හිතුවෙ ඇත්තටම මාලේ නැතිවෙලා ඒ හින්දම ටික දවසකට ආලෙත් නැතිවෙලා කියලා :)
ReplyDeleteඅනේ සමාවෙයන් බං නංගියේ . . . !
:D ඔහොම එව්වා මටත් වෙනවා
ReplyDeleteට්ස් ඕ... කේ....
ආව ගියාට අදයි නැවතිලා බැළුවේ. රහයි පද පෙළ.
ReplyDeleteමාලේ නොවටීද ලය මත නැතුවාට..?
ආලේ නොවටීද අත ලඟ නැතුවාට..?
කාලේ නොවටීද ඉතිරිව නැතුවාට..?
ටැංකියු මෙතුන ගැන රහටම ලිව්වාට...?
වටිනවා වටිනවා
ReplyDeleteස්තුතියි කුෂාන් ඔබේ අදහසත් මට වටිනවා