Tuesday, November 16, 2010

අද පටන්, මිතුරු සිතුවිලි වෙතත් නිදහස් සිතුවිලි හී ඉඩක්...........

මාගේ ලබැඳි මිත්‍රයෙකු, මගේ බ්ලොග් අඩවියේ සම හවුල් කරුවෙකු ලෙසින් අද පටන් සිය සිතුවිලි අකුරු කරනු ඇත. පහතින් දිස් වනුයේ එලෙසින් පළවන පළමු පැදි පෙළයි.

මගේ සෙනෙහස අපරිමිත, කිසිදා මහලු නොවේමය...................


සඳලු තලයේ වැතිර ඉමි,
සඳදිය පොදින් නැහැවෙමි,
හිසහොවා මා ඇකයෙහි,
නිදන්නී මා සඳවති,

අතැඟිලි සෙමෙන් අවදිකර,
පිරිමදිමි ඔබ වරලස,
නරකෙස් රොදකි ඉඳහිට,
මේ සඳරැසෙහි දිලිසෙන,

සිහින ලොව සැරිසරන,
බලාඉමි ඔබ වත දෙසම,
මුව මදහසින් විකසිත,
දෙතොල් වට මේ රැළි නොවෙද?

නරකෙස් උදක් නොදකිමි,
වතෙහි රැළි මම නොදුටිමි,
පෙරදින මසිත සොරාගති,
අදත් ඔබ මට එදා සඳවති

5 comments:

  1. සැබෑ සෙනෙහසක් නම්...
    එය කිසිදා මහලු නොවේමය...
    මහලු වේනම් බැඳි සෙනෙහස..
    එහි කොහිදැයි ඇත්තේ ආදරය...

    ReplyDelete
  2. අපොයි....කඳුලු උනන තරම් හැඟීම් බරයි...
    "එදා සඳ නොවූවද, මගේ සඳමය.."

    ReplyDelete
  3. සදලුතලයේ සැතපිලා
    පුන්ස‍‍‍දේ කිරනින් නැහැවිලා
    නුඹ ළයේ මා සැගවිලා
    ඉදිමු මිහිරියේ ලං වෙලා

    ලෙලෙදෙනා වරළේ පවා
    සුවද මල් හා යා වෙලා
    සුසුම් සුවදින් මත් වෙලා
    කල්පයක් දිනයක් කලා

    රන් වළාකුල වල නැගිලා
    දේදුනු මල් වියන් බැඳලා
    සිහින වොලකට පාවෙලා
    යමුද මිහිරියේ මගෙ වෙලා

    අලුත් කෙනාට පිළීතුර ඇති නේද... මං ගියාවෙ හොදේ.....

    ReplyDelete
  4. Priyantha,

    මගේ ස්තූතිය ඔබට ප්‍රියන්ත,

    ඇත්තම ඇත්ත,

    මහලු වේ නම් එහි නැත සෙනෙහසක්,
    එදාසේ දිලේමය ගතවුවද කල්පයක්,

    ReplyDelete
  5. තිස්ස,

    ස්තූතියි, බොහෝමත්ම,

    ඔබේ අදහස් දැක්වීම ඇත්තෙන්ම මට දිරියක්,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...