මට හිතුන මුලින්ම මම රැකියාව කරන ක්ෂේත්‍රයේ, ඒ කියන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් ලෙස සැලකෙන කරුණු දෙකක් අපේ ජීවිත වලට, විශේෂයෙන් ජීවිතේ අපි ගොඩ නගා ගන්නා සම්බන්ධතා වලට අදාල වෙන්නෙ කොහොමද කියල විපරම් කරල බලන්ඩ,
ඕනෑම ඉදිකිරීමකට මේ කරුණු අදාල උනත් අපි ගොඩනැගිලි විතරක් සලකලා බලමු,
පළවෙනි කාරණය තමා, දරාගැනීමේ හැකියාව මැනීමේ පරීක්ෂණය, මේක ඉතාම වැදගත්, ඒ වගේම ඕනෑම ව්‍යාපෘතියක් පටන් ගන්ඩ පෙර අනිවාර්‍යයෙන්ම කළයුතු පරීක්ෂණයක්, ( Bearing Capacity Test කියල තමයි මේක හඳුන්වන්නෙ)
මේකෙන් කරන්නෙ ගොඩනැගිල්ල ඉදිකරන භූමිය ඉදිකලයුතු ගොඩනැගිල්ලේ බර දරාගැනීමට තරම් සමත්ද කියලා පරීක්ෂා කරන එක, ඉතිං කියන්ඩ දෙයක් නැහැනෙ පරීක්ෂණය අසමත් උනොත්, එක්කෝ ඒ භූමියේ දරාගැනීමේ හැකියාව වැඩි කිරීමට සුදුසු පියවර ගන්ඩ වෙනවා, එහෙම නැත්නම් එතන ඒ ගොඩනැගිල්ල ඉදිකිරීමේ අදහස අත ඇරල දාන්ඩ වෙනවා, වෙන ප්‍රතිකර්මයක් නැහැ,
මේ දරා ගැනීමේ හැකියාව පරීක්ෂාකිරීම අපි ගොඩනැගිලි වලට කලාට අපි ජීවිතේදි නම් කරන්නෙ නැහැ, ඇත්තටම බැලුවොත් එහෙම කරන්ඩත් බැහැ, ඒ කියන්නෙ අපි ජීවිතේ ගොඩ නගා ගන්නා සම්බන්ධතා බැලුවොත් එහෙම දෙයක් ආරම්භ කරන්නට පෙර මේ සම්බන්ධතාවය දරාගැනීමට, මෙතන ඇත්තටම කියන්ඩ ඕනෙ මේ සම්බන්ධතාවය බිඳ වැටුනොත් ඒ තත්වය දරාගැනීමට කියල, හැකියාවක් මට තියෙනවද කියල අපි හිතන්නෙ නැහැනෙ, එහෙම හිතනවයි කියන්නෙත් අපිටම මේ ගැන විශ්වාසයක් නැහැ කියන එකනෙ, අනික එහෙම සම්බන්ධයක් පටන් ගැම්මෙදිම සෘණාත්මක හිතන්ඩ අපි කවුරුවත් කැමති වෙන්නෙත් නැහැනෙ,
ඉතිං ඉදිකිරීමකදි මුලින්ම මේ Bearing Capacity Test එක කලාට ජීවිතේදි අපිට මේකට මුහුණ දෙන්ඩ වෙන්නෙ අපි ඉදිකරපු, එහෙම නැත්නම් වෙන කෙනෙක් අපේ හදවතේ ඉදිකරපු ගොඩනැගිල්ල, මොනයම් හේතුවක් නිසා හෝ බිඳී වැටුනට පස්සෙදියි,අපිට ඒ බිඳවැටීම දරාගත හැකිද කියන කාරණය මත තමයි අපි Test එක සමත්ද අසමත්ද කියලා තීරණය වෙන්නෙ,
මේක ඉතිං එක එක්කෙනාට හරිම වෙනස්, Bearing Capacity ඉහල අගයක් ගන්න අය ඒ කියන්නෙ ඕනම දෙයක් දරාගත හැකි අය වගේම පහළ අගයක් ගන්න ,මේ බිඳවැටීම දරාගත නොහැකි අයත් අපි අතර ඉන්නවා,
අනිත් කාරණේ තමා යම් කෙනෙක්ගෙ Bearing Capacity එක තීරණය වෙන්නෙ කාරණා කීපයක් මතයි, ඒ පුද්ගලයාගෙ මානසික තත්වය, බිඳවැටුනු සම්බන්ධතාව කොපමණ සමීප සම්බන්ධතාවයක්ද යන කරුණ, සම්බන්ධතාව බිඳ වැටීමට හේතු වු කරුණ හෝ කරුණු,ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන දිරිය මේ වගෙ කරුණු බොහෝ දුරට බල පානවා,
හැබැයි ඉතින් කියන්ඩ තියෙන්නෙ මොන හේතුවක් නිසා හරි මෙහෙම බිඳ වැටීමකට මුහුණ දුන්නොත් හැකි ඉක්මනට තමන්ගෙ Bearing Capacity එක වැඩි කරගෙන ජීවිතේට මුහුණ දෙන එක තමයි කල යුත්තේ, Bearing Capacity අඩු නම් ඉතින් එතන ඉඳං ජීවිතේ විඳවන්ඩ තමයි වෙන්නෙ,
දරාගැනීමේ හැකියාව ගැන එපමණයි, දැං දෙවෙනි කාරණාව,
දෙවෙනි කාරණාව තමයි රක්ෂනය,නැත්නම් Insure කිරීම, ඉදිකිරීමකට කලින් නොයෙක් මාදිලියේ රක්ෂණ අනිවාර්යයෙන් ලබාගතයුතු වෙනව එක එක කොටස් ආවරණය වෙන විදිහට, ඒත් මට හිතෙන්නෙ අපේ කතාවට ඉතාම අදාල වෙන්නෙ ඉදිකරන ගොඩනැගිල්ලෙ සම්පූර්ණ වටිනාකමත් සමඟ තවත් 10% අමතර ප්‍රමානයක් එකතු කරල, ඒ වටිනාකමට ලබාගතයුතු රක්ෂණයක් තියෙනවා,
මේ රක්ෂණයෙ පරමාර්ථය වෙන්නෙ ගොඩනැගිල්ල කඩා වැටී නැවත ඉඳිකිරීමට සිදුවුවහොත් ඒ සඳහා යන වියදම පියවා ගැනීමයි, අමතර 10% ක් එකතු කර ඇත්තේ කඩා වැටුනු ගොඩ නැගිල්ලේ සුන් බුන් ඉවත් කර අලුතින් ගොඩනැගිල්ල ඉදිකිරීමට සුදුසු පරිදි භූමිය සකස් කිරීමට යන වියදම පියවා ගැනීමටයි,
මේ කාරණය අපේ ජීවිතේට සම්බන්ධව කතා කලොත් අපිට ඉතාම වැදගත් වෙන්නෙ මෙන්න මේ 10% තමයි, මොකද බිඳ වැටුනු ගොඩනැගිල්ලෙ සුන් බුන් අපේ ජීවිතෙන් අයින් නොකර අලුත් ගොඩ නැගිල්ලක් හදන එක බොරු, අලුත් ගොඩනැගිල්ලක් හදන එක කොහොම වෙතත් කඩා වැටුනු ගොඩනැගිල්ලෙ සුන් බුන් ගොඩ ගහගෙන ඉන්න එකත් මහ වදයක් නෙව, ඒත් අපි හුඟ දෙනෙක් කරන්නෙම මේකනෙ, සුන් බුන් අයින් නොකර ඒ දිහාවෙ බලාගෙන කඩා වැටෙන්නට කලින් තිබ්බ ලස්සන මතක් කරකර දුක් වෙන එක, විඳවන එක,
ඉතිං අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නෙ මේ වගෙ අවස්ථාවක කල යුත්තෙ මුලින්ම අර 10% පාවිච්චි කරල සියලු සුන් බුන් වහාම හදවතින්/ජීවිතෙන් ඉවත් කරල නොපෙනෙන දුරකට ගිහින් දාන එක තමයි, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ නම් අපි කරන්නෙ ඒකනෙ, ජීවිතේටත් ඒ වැඩ පිළිවෙල එහෙමම අදාලයි මට හිතෙන්නෙ,

අද නම් මේ ලියලා තියෙන්නේ මට කියලයි කියවගෙන යනකොට මට දැනුනේ. මමත් ඔය 'දරාගැනීමේ හැකියාව' අඩු කෙනෙක්. හැබැයි අර සුන්බුන්, අයින් කලාට පස්සේ අතීතේ මතක් කර, කර, දුක් විදීමක් නම් නෑ. පුන්චි තරහක් වගේ දෙයක් ඉතුරුවෙලා තිබුනා. දැන් නම් ඒකත් නෑ. අපි වටා තියන දේවල් දිහා බලලා මේ වගේ ආදර්ශ ජීවිතේට එකතු කරගන්න පුලුවනි නම් කොච්චර ලස්සනද? හරිම හරවත්, වටිනා ලිපියක්.
ReplyDeleteඔය දේ අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් තෙරුම් ගන්නෙ නෑ නෙ රවි. සුන් බුන් ගොඩ බදාගෙන දුක් විඳිනවා. සුන් බුන් අහක් කොරල අලුත් බිල්ඩිමක් හදන්න උත්සහ කරන්නෙ නෑ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ Podi Kumarihami,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි,
@ නිශ්,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි,