මගේ සෙනෙහස අපරිමිත, කිසිදා මහලු නොවේමය...................
සඳලු තලයේ වැතිර ඉමි,
සඳදිය පොදින් නැහැවෙමි,
හිසහොවා මා ඇකයෙහි,
නිදන්නී මා සඳවති,
අතැඟිලි සෙමෙන් අවදිකර,
පිරිමදිමි ඔබ වරලස,
නරකෙස් රොදකි ඉඳහිට,
මේ සඳරැසෙහි දිලිසෙන,
සිහින ලොව සැරිසරන,
බලාඉමි ඔබ වත දෙසම,
මුව මදහසින් විකසිත,
දෙතොල් වට මේ රැළි නොවෙද?
නරකෙස් උදක් නොදකිමි,
වතෙහි රැළි මම නොදුටිමි,
පෙරදින මසිත සොරාගති,
අදත් ඔබ මට එදා සඳවති
සඳදිය පොදින් නැහැවෙමි,
හිසහොවා මා ඇකයෙහි,
නිදන්නී මා සඳවති,
අතැඟිලි සෙමෙන් අවදිකර,
පිරිමදිමි ඔබ වරලස,
නරකෙස් රොදකි ඉඳහිට,
මේ සඳරැසෙහි දිලිසෙන,
සිහින ලොව සැරිසරන,
බලාඉමි ඔබ වත දෙසම,
මුව මදහසින් විකසිත,
දෙතොල් වට මේ රැළි නොවෙද?
නරකෙස් උදක් නොදකිමි,
වතෙහි රැළි මම නොදුටිමි,
පෙරදින මසිත සොරාගති,
අදත් ඔබ මට එදා සඳවති
සැබෑ සෙනෙහසක් නම්...
ReplyDeleteඑය කිසිදා මහලු නොවේමය...
මහලු වේනම් බැඳි සෙනෙහස..
එහි කොහිදැයි ඇත්තේ ආදරය...
අපොයි....කඳුලු උනන තරම් හැඟීම් බරයි...
ReplyDelete"එදා සඳ නොවූවද, මගේ සඳමය.."
සදලුතලයේ සැතපිලා
ReplyDeleteපුන්සදේ කිරනින් නැහැවිලා
නුඹ ළයේ මා සැගවිලා
ඉදිමු මිහිරියේ ලං වෙලා
ලෙලෙදෙනා වරළේ පවා
සුවද මල් හා යා වෙලා
සුසුම් සුවදින් මත් වෙලා
කල්පයක් දිනයක් කලා
රන් වළාකුල වල නැගිලා
දේදුනු මල් වියන් බැඳලා
සිහින වොලකට පාවෙලා
යමුද මිහිරියේ මගෙ වෙලා
අලුත් කෙනාට පිළීතුර ඇති නේද... මං ගියාවෙ හොදේ.....
Priyantha,
ReplyDeleteමගේ ස්තූතිය ඔබට ප්‍රියන්ත,
ඇත්තම ඇත්ත,
මහලු වේ නම් එහි නැත සෙනෙහසක්,
එදාසේ දිලේමය ගතවුවද කල්පයක්,
තිස්ස,
ReplyDeleteස්තූතියි, බොහෝමත්ම,
ඔබේ අදහස් දැක්වීම ඇත්තෙන්ම මට දිරියක්,