Tuesday, January 18, 2011

ඔබ ලෝක විනාශය ඇති කරයි (ද?) [Chaos Theory - ව්‍යාකූලතා න්‍යාය]

ඉදිරි අඩ හෝරාව ඔබ ගත කරන ආකාරය අනුව ලෝකය විනාශ වනවා ද නැද්ද යන්න තීරණය විය හැක, so, what's your decision?, take your time because so much depends on it,

මෙහෙම කිව්වොත් ඇත්තටම බයක් හිතෙනව නේද? ඒ උනාට ඇත්තටම එහෙම දෙයක් වෙන්ඩත්, ඒ කියන්නෙ මම මේ කියන්ඩ යන කතාව ඇත්ත වෙන්ඩත්, හොඳටම ඉඩ තියෙනවා,

Chaos Theory කියල එකක් අහල තියෙනවද?, සිංහලෙන් නම් ව්‍යාකූලතා න්‍යායය, වර්තමානයේ නව දැනුම උදෙසා කෙරෙන පර්යේෂණ අතර වැදගත්ම තැනක් ගන්නෙ මේ ව්‍යාකූලතා න්‍යාය ගැන කෙරෙන සොයා බැලීම්,
http://en.wikipedia.org/wiki/Chaos_theory


The flapping of a single butterfly's wing today produces a tiny change in the state of the atmosphere. Over a period of time, what the atmosphere actually does diverges from what it would have done. So, in a month's time, a tornado that would have devastated the Indonesian coast doesn't happen. Or maybe one that wasn't going to happen, does. (Ian Stewart, Does God Play Dice? The Mathematics of Chaos, pg. 141)

මේ විදිහට තමයි ව්‍යාකූලතා න්‍යාය ගැන සරලව පැහැදිලි කරන්නෙ, ඒ කියන්නෙ අපි හිතමු කොහෙ හරි, ගාල්ලෙ කියමුකො,සමණලයෙක්ගෙ තටු සැලීම නිසා අවකාශයේ ඇතිවන ඉතාම කුඩා වෙනස නැත්නම් බලපෑම කාලයත් සමඟ ටිකින් ටික වර්ධනය වෙලා ගිහිල්ල මාසෙකට පස්සෙ ඉන්දුනීසියාවෙ ඇතිවිය හැකි කුණාටුවක් ඇතිවෙන්නෙ නැහැ, අනික් අතට ඒ බලපෑම නිසාම කුණාටුවක් ඇතිවෙන්ඩත් පුලුවන්,

ජීවිතෙත් ඔයාල හැමෝටම මම හිතන්නෙ ඔය වාගෙ අත්දැකීම් ඇති, ඒ සිදුවීම් ගැන අපි එහෙම නොහිතුවට මේ කාරණය හිතේ තියාගෙන ආයෙම පාරක් කල්පනා කලාම එක මොහොතක සුලු සිද්ධියක් නිසා අපේ ජීවිතේ කොපමණ වෙනසක් වෙන්ඩ පුලුවන්ද, වෙලා තියනවද, එහෙමත් නැත්නම් වෙන්ඩ ඉඩ තිබුනු වෙනස් කමක් උනේ නැද්ද කියලා හිතෙනව නේද?

සමහර විට, විවාහයක් දෙදරා යන්න, දරුවො දෙමව්පියො සදාකාලිකව ඈත් කරවන්ඩ, සහෝදර සහෝදරියො ජන්ම වෛරක්කාරයො වෙන්ඩ එක සුලු වචනයක්, එක සිද්ධියක් හොඳටම සෑහෙනවා, මම මේ කියන්නෙ ඒ සුලු වචනෙ නැත්නම් සිදුවීමම නෙවෙයි ඒකට හේතු කාරක වෙන්නෙ, ඒක තමයි මූලාරම්භය, අර මුලින් කිව්ව සමණලයගෙ පියාපත් සැලීම තමයි මෙතන එක නොසිතා කිය වෙච්ච වචනයක්, නැත්නම් අහඹු සිද්ධියක්,ඒක වර්ධනය වෙලා අන්තිමට කවුරුවත් හීනෙකින් වත් නොසිතපු මහා කුණාටුවක් වෙන්ඩ හොඳටම ඉඩ තියෙනවා,

හරි, දැං එමු ප්‍රධාන මාතෘකාවට, ඒ කිව්වෙ ඔබ නිසා ලෝක විනාශය සිද්ධ වෙන්නෙ හෝ නොවෙන්නෙ කොහොමද කියන එකට,

ඒක වෙන්නෙ එහෙම නැත්නම් ඒක වෙනව කියල මම හිතන්නෙ මෙන්න මෙහෙමයි,
දැං ඔයාල මේ ලිපිය කියවනවනෙ කම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන, හරි? ඔන්න එනව ඔයාලගෙන් මොනව හරි කටයුත්තක් කරව ගන්න කවුරුහරි,ගනුදෙනු කරුවෙක් කියමු, මේ වෙලාවෙ ඔයාලට විකල්ප දෙකක් තියනවා, එකක් ඒ වැඩේ කරල දීල ඒ මනුස්සය පිටත් කරන එක, දෙක, මේ ලිපිය කියවල ඉවර වෙලාම ඉන්නව කියල හිතල අරයට කියනව "මම මේ වැඩේ ඉවර වෙනකල් විනාඩි විස්සක් විතර කරුණාකරල ඉන්නවද?" කියල,
ඔබ තෝරාගත්තෙ විකල්ප අංක දෙක කියමු, ඉතින් අර පුද්ගලයා විනාඩි විස්සක් නිකම් ඉන්න වෙලාවෙ තේ එකක් බීල එතහැකි කියල හිතල යනව පාරෙන් එහා පැත්තෙ තියන රෙස්ටුරන්ට් එකට,මේ මනුස්සය වෙන කල්පනාවක් පිට පාර පනින්ඩ ගිහින්, වේගෙන් ආපු ත්‍රී වීල් එකක් මෙයාව බේරන්ඩ පැත්තකට කපල, පෙරලෙනව පාර අයිනෙ,

මේ ත්‍රී වීල් එකේ ඒ වෙලාවෙ යන ගැහැණු ලමයෙකුට තුවාල වෙනවා, මේ ළමයා මේ යන්නෙ තමන්ගෙ පෙම්වතා හමුවෙන්ඩ, පෙම්වතාය කිව්වට මේ ඒ දෙන්නගෙ ප්‍රථම හමුවීම, මේ අනතුර නිසා අර හමුවීම කෙරෙන්නෙ නැහැ, අර පිරිමි ළමයා බලා ඉඳල යනව යන්ඩ, අනතුර වෙලාවෙ ගෑණු ළමයගෙ මොබයිල් ෆෝන් එක නැතිවෙන නිසා ආයෙ අර පිරිමි ළමයට කතාකරන්ඩවත් ක්‍රමයක් නැතිවෙනවා,

ඔන්න මේ ඇක්සිඩන්ට් එක නිසාවෙන් ඒ පටන් ගන්න ගිය ප්‍රේම සම්බන්ධය එහෙම්ම ඇණහිටිනවා,අර කියන්නෙ "ඇරඹුමම කඳුලක් වෙලා" කියල, අන්න ඒ සීන් එක, දැන් මතකයේ තබා ගතයුතු වැදගත්ම කාරණේ, මේ සිද්ධීන් දාමයටම හේතු වුනේ ඔබ ගත් තීරණය කියන එක, හරිද?

ඉතින් මේ ගැහැණු ළමයා වෙන කසාදයක් එහෙම කරගෙන දරුමල්ලො හදල කරල පස්සෙ මැරිල යනවා, වැදගත්දේ තමයි අර එදා අනතුර නොවී අර හමුවීම සැලසුම් කල පරිදි කෙරිල ඒ දෙන්න විවාහ උනා නම් මුලින්ම ලැබෙන්ඩ තිබ්බෙ පිරිමි දරුවෙක්, මේ දරුවා බොහොම ඥාණවන්තයෙක්,බුද්ධිමතෙක්,

තව අවුරුදු හරියටම පණහකින් විද්‍යාඥයො හොයාගන්නව අපේ සූර්යයා ඇතුලෙ සිද්ධවෙන න්‍යාෂ්ඨික ප්‍රතික්‍රියාව සිදුවීමේ වේගය එකවරම සිය දහස් ගුණයකින් වැඩි වෙලා වසර දෙකක් ඇතුලත සූර්යයා පිපිරී විනාශ වෙනවාය කියලා, ඒ එක්කම ඉතිං අනිවාර්යයෙන් පෘථිවියත් විනාශ වෙන එක කියන්ඩ දෙයක් නෙවෙයිනෙ නේද? අපෙ පැරණි සාහිත්‍යයෙ කල්ප විනාසෙදි ඉර හතක් පායනව කියන්නෙත් මේ වැඩේටම තමයි ඔන්න,
මේ මහ විනාශෙ වළක්වන ප්‍රතිකර්මය හොයාගන්ඩ තරම් බුද්ධියක් තියෙන්නෙ අර මම කලින් කියපු දරුවට, ( දරුව කිව්වට මේ කාලෙ වෙනකොට වයස පණහකට කිට්ටු වෙලා ) විතරයි,ඉතිං ඔයා ගත්තු තීරණය නිසා ඒ දරුවට උපදින්ඩ වත් අවස්ථාවක් ලැබුනෙ නැහැ නෙව, මේ නිසා අනිවාර්යයෙන් වෙන දේ තමයි මුලු මිනිස් වර්ගයාත් එක්කම පෘථිවිය විනාශ වෙලා යන එක,



දැන් තේරුනා නේද ඔයා හින්ද මුලු පෘථිවියම විනාශ වෙන්නෙ කොහොමදැයි කියාල,
ඒ කියන්නෙ අර මනුස්සයගෙ වැඩේ ඒ වෙලාවෙම කරල දුන්නනම් ලෝක විනාශය වැළැක්වෙනව කියන එකයි,
හැබැයි, අනික් අතට මෙහෙම දෙයක් වෙන්ඩත් පුලුවන්,

ඔයා ලෝක විනාසෙ වළක්වන්ඩ කියල හිතාගෙන අර මනුස්සයගෙ වැඩේ වහාම කරල දුන්නයි කියල හිතමු, එතකොට ඒ මනුස්සය පාරට යන වෙලාවට අර ත්‍රී වීල් එක එතනින් පාස් වෙල ඉවරයි, අර ගැහැණු ළමයයි, පිරිමි ළමයයි කතා කර ගත්තු විදිහට හම්බවෙනවා, දෙන්න පස්සෙ විවාහ වෙනවා, දරුවත් හම්බ වෙනවා, හැබැයි එකම වෙනස තමා, මේ පාර අර අසාමාන්‍ය බුද්ධිය පිහිටන්නෙ මේ දරුවට නෙවෙයි, අර ඇක්සිඩන්ට් එක උනොත් මේ ළමය වෙන කෙනෙක් බඳිනවනෙ, අන්න ඒ විවාහයෙන් උපදින දරුවට තමයි මේ බුද්ධිය පිහිටන්නෙ, ඉතින් මේ අවස්ථාවෙත් අනිවාර්ය ප්‍රථිපලය තමයි ලෝක විනාශය,

ඉතින් අන්තිමට කියන්ඩ තියෙන්නෙ,
අනේ මන්දා,සමහරවිට ඔබ නිසා ලෝකෙ විනාශ වෙන්ඩත් පුලුවන්, විනාශයෙන් ගැලවෙන්ඩත් පුලුවන් කියන එක තමයි,


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...