මගෙ උපන්දෙනිය තිබ්බනෙ පහුගිය නොවැම්බරේ...අපෙ ලොක්කිගෙ අක්කගෙ දුව පොඩි කාලෙ උපන් දිනේට කිව්වෙ උපන්දෙනිය කියල...ඒ කෙල්ලගෙ තියනව ඔය වගෙ වචන මහ ගොඩක්...දැං ඒ ලෙවල් කරන්නෙ. මම ඔව්ව මතක් කලාම ලැජ්ජාවං ඇකිලෙනව.
ඉතිං මයෙ උපංදෙනිය දවසෙ මට කතා කලා මයෙ බෝම හිතේසිවන්ත ලලනාවියක්..සුබ උපංදිනයක් එහෙම පාර්තනා කරල අහකවෙලා එඋන්දි මෙහෙම අහපි.
" මොනවයි අයියෙ උඹට ඕන උපංදිනේට?"
" අනේ මට මොකවත් එපා බං...බොලා වගෙ ගුනයහපත් ලලනාවො ආස්සරේ කොරන්ට ලැබිච්චි එකම මදැයි බාං මට වෙන මොකවත්ම ඕන නෑ.."
මම එහෙම කිව්ව බොහොම ලෙංගතු හඬකිං.....ඔහොම කිව්වම ඔය අංගනාවියංගෙ කරෙත් ගිහෑකි ගෝණි නැතුවම..හෙහ්,හෙහ්, අපි නොදන්නවය ඔව්ව....
" හ්ම්ම්ම්..හ්ම්ම්ම්..හ්ම්ම්ම්." .කියල ඔන්න ලලනාවි ටිකක් එක විදිහක් වෙලා පස්සෙ ඇහැව්ව මෙහෙම..
" එහෙම නෙවෙයි අයියෙ..මම උඹට පොත් එවඤ්ඤංකො හත අටක් පාස්සල් කොරල..මොනවද ඕන?.."
" ආ..ඒකනං නඟේ අගේ ඇති කම්පනාව...එහෙනං මට එවාපං මෙන්න මෙව්ව.." කියල මම කිව්ව පොත් හතරක පහක වගෙ නං....
ඒ කරල මෙවුන්දැ ඕක කියල මයෙ තවත් හිතේසිවන්ත අංගනාවියකට..
" හා එහෙම කොහොමද ඔයා විතරක් රවි අයියට පොත් යවන්නෙ? මාත් යවන්ට ඕන.."
ඔන්න ඔහොම කියල ඒ මහගෙත් ඒ පාර පොත් එවිල්ලට සම්මාදං වෙච්චි.
" මේ අයියෙ අපි උඹට පොත් එවනව..ඒත් උඹ අපි මෙහෙම පොත් එව්වය...අපි වගෙ කුලුනු ගුනෙන් සපිරි කාන්තා රත්නයන් දෙකක් උඹ මෙහූ කාලෙකට දැකල තියා පොතක පතක වත් කියවල නැතය...අරමය....මෙහෙමය...මේම් මෙහෙමය..කියල බ්ලොග් පෝස්ට් එකක් නම් ලියන්ටම ඕන. " ඔන්න අන්තිමට උං කියාපු එක..කාල වරෙල්ලකො ඊට් ඇන්ඩ් කම්...
මම බොහොම පැහැදිලිව කිව්ව ... අනේ කෙල්ලනේ ඒකනම් කොරන්ට බැරිය..එහෙම කොරන එක හරි මදිය...ඕනම දේක තියෙන්ට ඕන නෙව ක්‍රමයක් සහ පිළිගත් සම්පරදායක්..මොන? ඔය බබලත්තු යමක් හිතුවොත් හිතුවම තමයි. උං ගැන ලියන්ට ඕනමය කිව්ව නෙව. අන්තිමට නොවඳිනා වැඳුං වැඳල අපි ආව පොඩි කොම්පෝරමයිස් එහෙකට. කොහොමද?
" මේ හා එහෙනං මෙහෙම කොම්මු..මම මේ විස්තරේ ලියඤ්ඤා..ඒත් බොලාගෙ නං දාන්නෙ නම් නෑ හොඳද?...ඒකනං මට කීයටවත් කොරන්ට බෑ...බෑ..බෑ..බෑ කිව්වොත් බෑම තමයි "
" හරි..හරි එළුව වගෙ කොච්චරවත් බෑ..බෑ...බෑ...ගාන්ට ඕන නෑ ඉතිං..උඹ එහෙම ලියාපංකො එහෙනං විස්තරේ…. නං ගං නොදා.....අපි කමෙන්ට් එකක් දාල කියන්නංකො අපියි පොත් එව්වෙ කියල…" ඔන්න ඒ පාර එවුංදල කියාපි..
" හා..ඒක ඕන එකක්..බොලාට කැමති දෙයක් කොරාපල්ල..කමෙන්ට් බැරිනං ඕන මංගල්ලයක්…"
අන්තිමට ඔන්න ඔහොමයි වැඩේ කෙරුනෙ..ඉතිං බලාපල්ලකො මේ බබලත්තු කියන ජාතිය...යම් දෙයක් කරන්නෙම තව මොනව හරි යටි වගාවක් බලාපොරොත්තුවෙම්ම නෙව.ඔවුංගෙ හැටියක්මයියොය.
හැබැයි අපරාදෙ කියන්ට බෑ හැරෙන තැපෑලෙං පොත් පාස්සලේ නං ඔය එවල තිබ්බෙ...
ඉස්සොරෝම කියෙව්වෙ ලොවීනා.....මොහන් රාජ් මඩවල....නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ යුගයෙ ඉඳල ලංකාවෙ දෙවෙනි ඉංගිරිසි ආණ්ඩුකාරයාගෙ කාලෙ දක්වා දිවෙන කතාවක්.
දස්කොන් - ප්‍රමිලා සුප්‍රසිද්ධ ප්‍රේම කතාවෙ ඉඳල සර් තෝමස් මෙට්ලන්ඩ් - ලැවීනියා කතාව දක්වා මෝහන් රාජ්ගෙ කතාව දිග හැරෙනව. ලැවීනියා මොහාන් වෙනස් කරනව ලොවීනා කියල. ඒත් ඇගේ රොඩී සහ පෘතුගීසි මිශ්‍ර ජන්මය වෙනසක් වෙන්නෙ නෑ.
" නෑ ලොකුමැණිකෙ....එතන උනේ මෙහෙමයිනෙ…"
රතු පැහැයට හුරු සරමක් දෙදණින් වියතක් පමණ පහළට හැඳ වසර කිහිපයකට පෙර සුදු පැහැයෙන් පැවතියායැයි සිතිය හැකි රෙදි කඩමාල්ලක් බඩ මැදින් වෙලාගත් වනම පිල්කඩ අසල ගල් බංකුවෙහි එකත්පස්ව හිඳිනා මහළු මිනිසා හිස මඳක් ඇළකොට හඬ පහත් කොට යමක් මුමුණයි.
" නෑ?????..." අත්තම්මා විස්මිත රාවයක් නඟන්නී රැළි වැටුණු සුරතින් මුව අඩක් වසාගනිමිනි.
" ඔය ඉතිං ලොකු මැණිකෙට කිව්වම විස්වාස නෑනෙ…" මහල්ලා පවසනුයේ නෝක්කාඩු හඬකිනි.
" නෑ..බං මම මේ කිව්වෙ....." අත්තම්මා ගෙමිදුල මධ්‍යයෙහි කළු ගලින් බැඳ ඇති මල් පාත්තියෙහි සරන සමනළුන් දෙස බලා සිටින මා දෙස හොරැහින් බලමින් පවසයි.
" මොකක්ද අත්තම්මා?.." මම එසැණින් ඈ දෙස හැරී බලා අසන්නෙමි.
" නෑ..නෑ...සුට්ටි පුතා ඔතන සෙල්ලං කරන්ටකො..මේක මේ අපේ කතාවක්…"
" උඹ ඉතිං ලොකු මැණිකෙ ආවය කියල ආරංචි වෙච්චි හැටියෙ දුවගෙන එනව මොනව හරි ගම්මැදි හෑලි, ඕප දූප ටිකක් කණේ තියල මොන මොනව හරි පොදි ගහගෙන යන්ට…"
දැවැන්ත කොස් ගෙඩියක් කරතබාගෙන එගොඩහ රබර් වත්ත මැදින් වැටී ඇති අඩි පාර දිගේ පැමිණි ලොකු මාමා එසේ පවසමින් උයන ගෙට ගොඩ වනුයේ සිනා සෙමිනි. මගෙ මවගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු අවිවාහකව හිඳ මීට වසර හතකට පමණ පෙර මියගියේ අනූ හැවිරිදි වියේදීය.
මේ ජවනිකාව මෙසේ රඟදැක්වුනේ මා හිතවත/හිතවතිය, කඩුගන්නාවේ මාගේ මවගේ මහ ගෙදර ඉදිරිපසදීය. එදින සිට කාලය දශක සතරකුත් ඉක්මවා ගෙවී ගොස් ඇත. මගේ මිත්තණිය සහ මාමණ්ඩිය මියගොස් ඇති අතර සෙව්රංගා ද මියගොස් ඇති බවට සැකයක් නැත.....එසේය ..එදින මගේ අත්තම්මා සමඟ ලොකු මාමා පැවසූ පරිදි ගම්මැදිහෑලි පවසමින් ගල් බංකුවෙහි හිඳ සිටි මහල්ලා නමින් සෙව්රංගාය.
ඔහු එදවස ඒ අසලම වූ රොඩී ගම්මානයේ ගම් නායකයාය. බොහෝ කලක සිට අත්තම්මාගේ කුළුපග මිතුරෙකි. කෑගල්ලේ තානායම පසුකොට මඳක් ඉහළට ගිය පසු පිහිටා තිබූ කච්චේරියේ නිළ නිවාසයක අප සමඟ විසූ අත්තම්මා බොහෝ විට පාසල් නිවාඩු කාලයෙහි මාත් සමඟ තම මහ ගෙදරට පැමිණ දින කීපයක් ගත කිරීමට ඇබ්බැහිව සිටියාය.
මම ඉපිද සති දෙකක් ඉක්ම යාමටද පළමු මද්දුම දියණියට කුළුඳුලේ ලැබුණු පුත්‍රරත්නය දැක බලා දින කිහිපයකින් පෙරළා තම නිවස බලා යාමට බලාපොරොත්තුවෙන් පැමිණි ඇය එදින සිට අප සමඟ නතර වූවා, අප අතරින් වෙන්ව ගියේ ඒ මුණුබුරාද ඇතුළු තවත් තිදෙනෙකුගේ කර මතිනි. මගේ මිත්තණියගේ ඒ අනුවේදනීය ජීවන වෘත්තාන්තය සවිස්තරව පැවසීමට මේ අවස්ථාව නොවෙන බැවින් මට සමාවන්න මා පිය සහෘදයිනි/ සහෘදිනියනි.
" සෙව්රංගා හිටහං කොස් කෑල්ලකුත් අරගෙනම යන්ට..." අත්තම්මා පැවසූයේ නැඟිටිමිනි.
" එහෙමයි ලොකු මැණිකෙ.. "
සෙව්රංගා තම තැනින් තැන සුදුපැහැ ගැන්වුනු ගෙල දක්වා වැඩුණු කෙස්කළඹින් හෙබි හිස නමා පිළිතුරු දුන්නේය.සිංහල කුල ධුරාවලියෙහි ඉතා පහත්ම ලෙස සම්මත කුලයකට අයත් වුව ද ඔහුගේ දෙනෙතෙහිවූ ප්‍රෞඪ බැල්ම තවමත් ඉතා පැහැදිළිව මගේ මතකයේ රැඳී ඇත.
උරමත රඳවාගත් රෙදි ඔලගුවට සහල් සේරු දෙක තුනක් පොල් ගෙඩියක් හෝ දෙකක් සහ තුන පහ යනාදිය පුරවන අත්තම්මා කුමන හෝ මුදලක් ද සෙව්රංගාගේ අත මිට මෙළවීමට අම්තක නොකළාය. උඩරට කුළවත් පරපුරකට අයත් වුවද ඇය කුළ භේදය පිළිබඳව එතරම් තැකීමක් නොකළාය. කුළ භේදය පිළිබඳව මසිත දැඩි අප්‍රසාදයක් ඇතිවීමට මූලිකවම හේතුවූයේ සෙව්රංගා සමඟ මගේ මිත්ත්ණියගේ කුළුපඟ ඇසුර බවට මම සිතන්නෙමි.
සෙව්රංගා සහ ලොවීනා කථාවෙහි සඳහන් උඩුගල්පිටිය නම් රොඩී ගම්මානය අතර සම්බන්ධයක් ඇත්දැයි සොයාගැන්මට මම දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. මගේ මෑණියන් අමතා ඒ පිළිබඳව විමසූ මුත් ඒඅරභයා වැඩි දුර විස්තරයක් පැවසීමට ඈ අසමත් වූවාය.
රොඩී කුලේ ගැන ඊට පස්සෙ මට මතක තියෙන්නෙ 1976 තිරගත වෙච්ච හුලවාලි චිත්‍රපටය....චිත්‍රපටයක් වෙන්න කලින් ඒ දයා රාජපක්ෂගෙ චිත්‍ර කථාවක්...මට මතක විදිහට සිළුමිණේ පලවුනේ......ගාමිණී - ධාරා....සුවිනීතා - සුබා.... ටෝනි රණසිංහ- බිබිලෙ ඇත්තො...තවමත් මතකයි ඒ අද්විතීය භූමිකා නිරූපණය..ඒ වගේම සුනිල්... ධර්මසිරි සහ වික්ටර්..කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා...
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා...
උරේ කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සලුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - වික්ටර් රත්නායක
හඬ - සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය - හුලවාලි
ඊටත් පස් සෙ සෝමවීර සේනානායකගෙ චිත්‍ර කතාව සත්වෙනි දවස..මුලින් ඇන්දෙ බන්ධුල හරිශ්චන්ද්‍ර...අගටන්නයි වන්රක්කයි අක්කයි නංගියි ...නිමුන්නු...දෙන්නටම ලස්සනට සිංදු කියන්ට පුළුවන්..ටවුමෙ රෙකෝඩ් බාර් එකක් කරන තරුණයෙක් ( නම මතක් වෙන්නෙම නෑ අප්පා..හිටගෙන කම්පනා කලා...ඉඳගෙන බැලුව...මුනින් අතට ඉඳල බැලුව..ඔලුව දෙපරැන්ද අස්සෙ ගහගෙන කම්පනා කලා. ම්හු..එන්නෙම නෑ ) සහ මේ දෙන්න අතර ඇතිවෙන පෙම් පලහිලව්වක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ.
සත්වෙනි දවස කියන නමේ තේරුම මේකයි. රොඩී අයට එක තැනක නැවතිලා ඉන්ට පුළුවන් දවස් හතයි කියලයි කියන්නෙ. දවස් හතකට වඩා හිටියොත් බතේ පණුවො ගහනවලු. ඒ කියන්නෙ එතැන අතෑරල යන්ට කාලය හරි කියන එකලු.
සත්වෙනි දවසෙනුත් ෆිල්ම් එකක් ගැහුව හේමසිරි සෙල්ලප්පෙරුම...ඒකෙ හිටියෙ නංගිට නම් මාලිනී..කොල්ලට සනත්ද කොහෙද?...ඔය වගෙ නිවුන්නු දෙන්නෙක්ට ප්‍රේම කරන තව කතාවක් තිබ්බ සිත්තර පත්තරේ ගිය..හිතට වහල් වීමි...සරත් කවිරත්නගෙ කතාවක්..ඒකෙනුත් පස්සෙ ෆිල්ම් එකක් ආව..සිටු කුමරියෝ..සනත්ගෙ පළවෙනි ෆිල්ම් එක....ඒකෙ නිවුන්නුන්ට හිටියෙ කවුද කියල නම් මතක නැත.
මම අනුරාදපුරේ ටෙක් යන කාලෙ ඔන්න එක පාරක් තිසා වැවේ බැම්මට පල්ලෙහායිං රොඩී අය කට්ටියක් පැල් අටවාන ඉන්නවයි කියල ආරංචි උනා..
" ඒයි මචං අන්න තිසා වැවේ බන්ඩෙක පල්ලෙහ රොඩී අය වගයක් ඇවිල්ල ඉන්නවලු. යමං බලන්ට.." දවල් කෑම විවේකෙදි කැන්ටිම පිටිපස්සෙ පේර ගහ යට කට්ටිය ඉඳගෙන කතා කර කර ඉන්දැද්දි මම කිව්ව.
" රොඩින්ගෙ මොනවද බං ආය බලන්ට තියෙන්නෙ? " ඔන්න එකෙක් කියාපි.
" බලන්ට? හෙහ්, උඹ හරියට දන්නෙ නැතුවනෙ ඔහොම කියන්නෙ. ගෑණු කෙල්ලො ඔක්කොම මචං ඉණෙං උඩ ඔක්කොම ඇරගෙනලු ඉන්නෙ.. "
" නෑ??? පලයං බං අල්ලෙ පලවෙන බොරු කියන්නෙ නැතුව… "
" බොරු නං නිකා ඉඳහං.. "
" අනේ ඇත්තද වීරෙ මේ කියන්නෙ? " ඒ අපේ පංතියෙ හිටපු කෙල්ලක්.
" ඇත්ත කියන්නෙ ආයෙ... මම ඊයෙ හවස ගියා බලන්ට.. "
" චී අනේ..ඔයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද? "
" ලැජ්ජයි තමයි ඉතිං...මම ලොකු ගහකට මුවා වෙලා බලා හිටියෙ.."
" චික් විතරක්… "
" චික් කියන්නෙ?.....උඹල මේ අටේ දහයෙ හිටියට අපිට එහෙම චාන්ස් එකක්වත් දෙනවය. එහෙමනම් අපිට ඔය ගස් වලට මුවා වෙලා ඔව්ව බලන්ට වෙන්නෙ නෑනෙ.." මම කෝකටත් කියල නැඟිටල දුවන්ට ලෑස්ති පිට තමයි එහෙම කිව්වෙ.
" අම්මප උඹට ….ඉඳපං ඔහොම.." කෙල්ලො කට්ටියම මා පාරෙ එලවන්ට ගත්තෙ නැද්ද ඒ ගමන? හෙහ්, හෙහ්, ඒ මගේ ජීවිත ගමනෙ තවත් එක් සොඳුරු යුගයක්.
ලොවීනා කතාවෙ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ අන්තඃපුර කාන්තාවක් වන පුන්නා අබිරහස් ලෙස ගැබ් ගන්නව.රජ්ජුරුවන්ගෙ දඬුවම ඇය රොඩී රැහැට පිටුවහල් කිරීම. රොඩී රැහැටම නෙරපා හැරියා නොවුනත් ඔය වගෙ මට මතක් වෙච්ච තවත් සිද්ධියක් ආර්. එල්. ස්පිට්ල් දොස්තර මහත්මයගෙ සුදු වැද්දා කතාවෙ දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො තම ලේලිය වන නාලිනී කුමරිය සියලු යස ඉසුරුවලින් පහකොට සෙල්ලා නම් රජ වාසලට මස් සපයන මහලු වැද්දාට භාරදී රජ වාසලින් නෙරපා හැරීම.
පුන්නීගෙ මිණිබිරියගෙ මිණිබිරිය තමයි ලොවීනා...ලොවීනගෙ අම්මා රොඩී රැහේ පිංචි. අප්පා පුරුතුගීසි ...නම ඇවිල්ල අපොන්සෝ...කඩුගන්නාවෙ උඩුගල්පිටියෙ ඔවුන්ගෙ කුප්පායම කුලවතුන් පිරිසක් ගිණි තියන්ට යන ආරංචිය අහල ඉංගිරිසින්ගෙ යටතෙ පාලනය වන මුහුදු බඩට පලා එන ඔවුන් අවසානයෙ කුප්පායම අටව ගන්නෙ ගල්කිස්සෙ.ලංකාවෙ දෙවන ඉංගිරිසි ආණ්ඩුකාරවරයා සර් තෝමස් මෙට්ලන්ඩ් තමන්ගෙ බංගලාව හදන්නෙත් ගල්කිස්සෙ.ආණ්ඩුකාරයයි ලොවීනයි මුණ ගැහෙන්නෙ ඒ බංගලාවෙ පැවැත්වුනු රාත්‍රි සාදයකදි ලොවීනා ඇතුළු තරුණියන් කණ්ඩායමක් ඉදිරිපත් කරන නැටුමකදි.
කොහොමහරි මේ ආදරවන්තයින්ගෙ සම්බන්දෙට වංශවත් සිංහලයින් වගේම ඉංග්‍රීසීනුත් විරුද්ද උනයි කියලයි කියන්නෙ. අන්තිමට කොහොම කොහොම හරි වැඩි කල් නොයා තෝමස් මෙට්ලන්ඩ් ආපහු එංගලන්තෙට කැඳවල මෝල්ටාවෙ ආණ්ඩුකාරවරයා විදිහට පත් කරනව.
මොහන් රාජ් කියන විදිහටනම් ලොවීනගෙ ආදරය දිනා ගන්නෙ උතියා කියල රොඩී තරුණයෙක්මයි. ඇය ආණ්ඩුකාරය එක්ක ගත කරන්නෙ ඔහුට ඇති බිය සහ ඔහු නිසා රොඩී රැහැටම ලැබුනු වරප්‍රසාද නැතිවෙයි කියන සැකය නිසයි. ඒත් මම කැමති අර පරණ කතාවට. වියපත් ඉංගිරිසි වංශාධිපති ආණ්ඩුකාරවරයකු සහ නාඹර තරුණ වියේ පසුවන පෘතුගීසි සහ රොඩී මිශ්‍ර සම්භවයකින් යුතු රූමත් තරුණියක අතර ඇතිවන සෙනෙහසක්...එහෙම කිව්වම ඒක අස්වාභාවිකයි කියල හිතෙනව තමයි. ඒත් මම කැමති ඒ අස්වාභාවික ගතියට.
පොඩි කුමාරිහාමි එක පාරක් ලිව්ව මේ ලැවීනියගෙ කතාව..මේ මම ඒකට ලියපු ටීකාව සංශෝධන කීපයක් සහිතව.
My Dearest Lovina,
I am writing this to you sitting on a rock.....this is the east coast of Malta. I don’t suppose you know where it is. Just think of it as a very very far away place. So far away that it would take at least 2 full moons time to get here from where you are, where we were.
I am looking towards the sun arising out of the mist over the swirling blue waters of the Mediterranean. No....my dear I am not a sun worshiper........I prefer spending my time looking towards east because my love, I know that's where you would be thinking about me I am certain, at this very moment.........May be sitting on that rock where we used to have our secret rendezvous..... How my heart longs to hold you in my arms again. To place my lips tenderly upon your quivering lips....O, My dear that very thought is sufficient to drive me crazy, more so as I know deep down in my heart that it's hoping in vain.
When the rising golden sun dissipates the churning mist occasionally....actually more often than not....I can see your smiling face slowly manifesting in midst of coalescing haziness. A vista that makes my heart cry out in severe pain, an incoherent sound that originates deep down in my heart which I have to suppress somehow...however difficult that may be , because my love for you have to be hidden from the whole world whatever the cost would be.....
I am unable to put into words all my love for you...dearest....because how can you describe in mere words something that is divine.....Yes, that's what it is , My love for you is divine .......
I don't know when you would get this missive, in 3 months, 6 months or whether you would get this at all. All the same I am writing this hoping one day you would be reading this sitting on that rock...our special rock on the beach of paradise..........
I am dying Lovina....I am dying.....not only spiritually. I died in my mind that day when finally I said good bye and left you on the beach looking at me walking away, forlornly with tears streaming down.
I am dying bodily too. I feel something inside me had gone away. May be the will to live. I have no purpose in life to look forward to with thousands and thousands miles of endless sea separating us destining you and me never to meet again.....never ever again.
When we met for the first time, on that day I set foot on paradise, even then I knew that I am setting out on a journey for a destination unknown. But who can deny our destiny. What's written in the stars would happen. Whether we like or not.
You have your whole life before you....Lovina....so please get on with your life. try your best to forget me..........
Finally my dearest , My love.....let me take my leave from you.....for the very last time....most probably.....
Thank you dearest, for making my life so wonderful, a heavenly bliss for those six years...that was the best years of my life indeed.
With you always in my dreams, in my heart and in my soul,
Tom.

පොතේ අපිට කියවන්න දෙයක් ඉතුරු කරලා නෑ නොවැ..
ReplyDeleteසෙන්නා,
Deleteඅන්න එහෙමයි අපි හයිද?...පොත ඇවිල්ල 500/=ක් වෙනව..දීපං බාගයක්වත්...
ආයෙත් මම කැමතිම සිංදුවක්.... මම හුලවාලි බලලා නැහැ, ඒත් අපේ තාත්තා කියලා තියනවා සුබා ගිය බව දැනගත්ත වෙලාවේ දාරාට රඟපාන ගාමිණීගෙ හැඟීම් නිරූපනය නම් අති විශිෂ්ටයි කියලා... මට සිංදුවක් අල්ලලා ගියොත් මම ඒකෙ වචන, අලගිය තැන් මුල ගිය තැන් ඔක්කොම හොයනවා... මේකෙ මේ දෙවෙනි පදේ එන 'උරේ කඳුපෙතේ' කියන කොටස මම මුලින්ම තේරුන් ගත්තේ 'තුරේ කඳුපෙතේ' කියලා.. නමුත් ඒකත් හිතට හරි මදි නිසා, මට පොඩි ඇඳුනුම්කමක් තියන ගීත රචකයෙක් ලව්වා සුනිල් එදිරිසිංගෙන්ම මේක ඇහුවා... එතකොට තමයි දැනගත්තේ මේ කියන්නෙ 'හුරී කඳුපෙතේ' කියලා වග.... හුරී කන්ද කියන්නේ මේ චිත්‍රපටියට පසුබිම්වෙන ප්‍රදේශයේ තියන කන්ද කියලා තමයි කිව්වෙ.
ReplyDeleteමේ ලලනාවියෝ දෙන්න නම් හරිම ගුණ යහපත් නේන්නම්.... "ලොවීනා" ගැන කියද්දි නම් මට මොකද්දෝ නමක් එනවා යනවා වගේ.... : ඒක මේ ලලනාවියක්ගෙ නමක් වෙන්නත් බැරි නෑ... අනිත් ලලනාවිගේ නමත් පොතක නමකට නම් නියමයි වගේ කියලා හිතෙනවා....
තිසර,
Deleteස්තූතියි මල්ලි ...උරේ කේස් එක මටත් පටලැවිල්ලක් වෙලා තිබ්බෙ...එතකොට හුරී තමයි හරි ...නේද?
/ මේ ලලනාවියෝ දෙන්න නම් හරිම ගුණ යහපත් නේන්නම්../
හප්පච්චියෙ මොනව කියනවද? ගුණයහපත්කම දෙකංසෙං පෙරෙන්නෙ..දෙකංසෙං..හෙහ්, හෙහ්,
මොන කෙහෙල්මලක්ද මන්ද මට ඔය පොත් ටිකට අත තියන්නවත් හිතෙන්නෙ නෑ.. වෙනදට නං මෙහෙම ලියපු එකක් දැක්කම ආයි ආයිත් කියවන්න හිතෙනව... මේ පොත් ටික තාම ගෙනාපු දවසෙ තිබ්බ තැනමයි... ලංකාව එපා වෙලාද, ලංකාවෙ කතා එපා වෙලාද මන්ද...
ReplyDeleteඑක්කො සමහර විට ලංකාවෙ තිබ්බ ලෙඩ ගොඩවල් ගැන විස්තර තියෙන හින්ද වෙන්නැති.. මේ දවස්වල හරියට තරහා යනව මට... ඒක නිසා නොකියව ඉන්න එක හොඳයි... හි හි...
ඔය රොඩී කතන්දරේ මටත් හොඳට මතක සුදු වැද්දා එකේ නාලීනී කුමරියට වෙන සිද්ධිය හින්ද.. ඒ කාලෙ ඉඳලම මට ඔය අඩු කුල වගේ කතා වලට යකා වැහෙනව... “උසස්යැයි කියාගන්නා” කට්ටිය මහ අසාධාරණ විදියට වැඩ කළාට, “ පහත්යැයි සැලකෙන” මිනිස්සු ගාව හිතාගන්න බැරි තරං හොඳ මනුස්සකමක් තියෙනව කියල මට හිතෙන්න ගත්තෙ ඒ කාලෙ... ඒ මදිවට හෑන්ස්... කිසිම ජාතියකට, කුලයකට අයිති නැති මනුස්සයෙක් විදියට හිතට එකඟව වැඩ කරන්න, පුංචි කාලෙ ඉඳලා දුක් විඳපු හෑන්ස්ට පුලුවන් නං, ඇයි අපිට බැරි කියල මං ඒ කාලෙ ඉඳලා හිතුවා... සුදු වැද්දා කියෙව්වෙ පහේ ඉන්දැද්දී... ඒ කාලෙ ඉඳලා මගේ මනුස්සකමේ ප්‍රතිමූර්තිය උනේ හෑන්ස් වගේ චරිත...
එක අතකට බැලුවම මිනිස්සු ජාති, ආගම්, කුල මල කියල බෙදාගන්න ගත්ත දවසේ ඉඳන්ම, ගහේ ඉඳලා බිමට බැස්ස වානරයට හම්බුන “මනුස්සකම” වල පල්ලට යන්න පටන් ගන්න ඇති කියල හිතෙනවා...
හිරු,
Delete/ ලංකාව එපා වෙලාද,… /
හෙහ්, හෙහ්, මොකෝ බොල?...කොට්ට පැදුරු අකුලාන යන්ට වත්ද යන්නෙ?
/ කිසිම ජාතියකට, කුලයකට අයිති නැති මනුස්සයෙක් විදියට හිතට එකඟව වැඩ කරන්න, පුංචි කාලෙ ඉඳලා දුක් විඳපු හෑන්ස්ට පුලුවන් නං, ඇයි අපිට බැරි කියල මං ඒ කාලෙ ඉඳලා හිතුවා…/
ඉතිං බොල කිසිම ආගමකට ජාතියකට කුලයකට අයිති නැතිඋනාම එහෙම හිතට එකඟව වැඩ කරන්ට ලේසියි නෙව. සුද්දො ඔය කුල බේද නොසලකා සාධාරණත්වය ඉටු කලයි කියන්නෙ ඒ හින්දනෙ. අපිට පොඩි කාලෙ ඉඳලම ඔලුවට කාවද්දන ගතානුගතික විශ්වාස සහ ඥාතීන් හිතවතුන්ගෙ බලපෑම් නිසා සාධාරණත්වය දැක දැකත් අපි අසරණ වෙන වෙලාවල් තියනව.
ඕවා පොත්යැ... හැක්.. ලොවීනා නං එළ... (ඕවා පොත් පොත්.. අංලනාවන්ට දාන)
ReplyDeleteදේශකයා,
Deleteපොත් කියවීම මෙන්මැ පොත් පෙරළීමද නිපුණකොට ගත යුතු කලාවෙකි !!!
මට හිතෙනව ඔය මෝහන් රාජ් මගේ පෝස්ට් එක දැකලා එයාගේ නවකතාව ලීවද කියලා හී හී...
ReplyDeleteරවිගේ කතාවේ කතා ගොඩක් නේ. කෙලින්ම උපන් දිනේ ගැනයි , නංගිලා ගැනයි එකක් ලියලා, රොඩී අය ගැන වෙන එක ලීවානම් හොඳද කියලත් හිතුණා.
පරම්පරාව හොයාගෙන ගිහින් තියෙන හැටි අපූරුයි.
අර සොඳුරු යුගයේ කතා ටිකක් ලීවා නම් නරකද?
පොඩ්ඩි,
Delete/ රවිගේ කතාවේ කතා ගොඩක් නේ. කෙලින්ම උපන් දිනේ ගැනයි , නංගිලා ගැනයි එකක් ලියලා, රොඩී අය ගැන වෙන එක ලීවානම් හොඳද කියලත් හිතුණා. /
මේකත් කතන්දර කියන එක ක්‍රමයක් තමයි..අම්බිගා ගීතයෙන් ගීතය අහල තියද? එක ගීතයක් නවත්තන අකුරෙන් ඊළඟ ගීතය පටන් ගන්නව...අන්න ඒ වගෙ තමයි මේකත්...
/ පරම්පරාව හොයාගෙන ගිහින් තියෙන හැටි අපූරුයි. /
දුරවබෝධයැ..තොප මින් අදහස් කරනුයේ කුමක්දැයි නොවැටහේ.
/ අර සොඳුරු යුගයේ කතා ටිකක් ලීවා නම් නරකද? /
හපොයි කලින් ලිව්වෙ..ආදර නිල් දෑසේ...නිශාදිනී..එව්ව ඒ යුගයෙ කතා තමයි..
අපේ පොඩි උන් කරනවා සෙල්ලමක් ''ඇසෝසියේට් වර්ඩ් ''කියල . එක්කෙනෙක් වචනයක් කිව්වම ඒකට මොකක් හරි සම්බන්ධයක් තියෙන වචනයක් කියනව. වැස්ස කිව්වම අහස වගේ..මට ඔය සෙල්ලම හොඳට පුළුවන් ..මොකද මන් මේ බ්ලොග් එක කියෝන නිසා
Deleteඅර හොයපු නම අල්ෆොන්සෝ. එයැයි ගේ තමයි සින්දු කඩේ. එතන නේ අගටන්නා ගේ සින්දුව රැකෝර්ඩ් කරන්නේ.
ReplyDeleteමගේ ඊයේ කතන්දරේ තියෙනවා සත්වෙනි දවස චිත්‍රපටිය බලන්න ලින්ක් එකක්. ඒ ඕනෑ නෑ, නිකං සර්ච් කළාම හය හතක් එනවා. ඕක ඡන්දේ දවසක ටීවී එකේ ගිහින් තිේරන බවයි පෙනුනේ.
අපෙ දයානන්ද රත්නායක උන්නැහේ මේ ගැන ලියපු සිංදුවක් මෙන්න.. අගටන්නා - සංගීත් විජේසූරිය
Deleteකතන්දර,
Deleteස්තුතියි, අල්ෆොන්සෝ තමයි නම සිංදු කඩේ මහත්තයගෙ...ඔය චිත්‍රකථාව මුලින්ම ඇන්දෙ බන්ධුල හරිශ්චන්ද්‍ර..පස්සෙ මම හිතන්නෙ එයා ලේක් හවුස් එකෙන් අයින් උනා..ඊට පස්සෙ ඇන්දෙ වෙන කවුරුහරි...ඔයිට කලින් ඒත් සෝමවීර සේනානායකගෙ චිත්‍ර කතාවක් පළවුනා බන්ධුල ඇඳපු...නම සුධීරා...ඔරු පදින කෙල්ලක් ගැන...කොල්ලගෙ නම ධනුෂ්ක...
තිසර,
Deleteස්තූතියි මල්ලි..අප්පටසිරි දයාත් එසේ මෙසේ පොරක් නෙවෙයි එහෙනං නේද?
ඔය තියෙන්නෙ.. ඔය කෙලලා තියෙන්නෙ.. ඔය කෙලලා තියෙන්නෙ තාප්පෙටම.. බොලං අඟටන්නයි වන්රක්කයි අහිගුණ්ඨිකයො, රොඩී නෙවෙයි.. මූට හැමදාමත් මතක් කරනවා ඔය දෙක වෙනම ජනවර්ග දෙකක් කියලා.. කොහෙද මූට ඇල්ෂයිමර්ස් නෙවැ..
ReplyDeleteපලි: අර අංගනාවියො දෙන්නා කමෙන්ට් කරන්ට කලියෙන්ම මං කියඤ්ඤා නම් දෙක.. එකියක් අර ජානිසා.. අනිකි අර සිත්තමී වෙන්ටෝනැ.. ඕකුං දෙන්නම අර උඹ කියන්නැහේ නුහුගුනාපිත අංගනාවියො දෙන්නෙක් නෙවැ.. :)
බුරා මලේ,
Deleteකලින් දවසක උඹ ඔහොම කතාවක් කිව්වයි කියල මතක් උනෙත් ඔන්න දැන් තමයි.අඩේ ආයෙම පැහැදිලි කරාපං මලේ සුට්ටක්…
එතකොට රොඩී අය තැනින් තැන ඇවිදින්නෙ නෑ..එහෙමයි නේද?....ඔවුන් එක තැනක විශේෂිත ගම්මානයක පදිංචි වෙලා ඉන්නෙ. ඒත් තල් කොළ වලින් හදපු පැලක් ඇර වෙන ස්ථිර ගෙයක් දොරක් හදාගන්ට තහනම් ..එහෙමද?..රැකියාවක් ගොවිතැන් බතක් කරන එකත් ඒ වගේම තහංචියි...මම මේ කියන්නෙ රජ කාලෙ නීතිය අනුව...
එතකොට උඹට මතකද ප්‍රේමදාස මහත්තය ඉස්සොරෝම ගමක් හදල දුන්න ඔය මහව පැත්තෙ ඔහොම කට්ටියකට..ඒකෙ නම උදාගම..උදාගම් සංකල්පය බිහිඋනෙත් එතනින්ය කියල කියනවනෙ. ඒ ඔය රොඩියන්ටද? අහිගුණ්ටිකයින්ටද? උඹට ඒ ගැන මතකයක් එහෙම මොකවත් තියනවද?
ප්‍රේමදාස මහත්තයගෙ වත්තක් තිබ්බ ඔය කිට්ටුව..අඹන්පොල වත්තද කොහෙද කියල...
ඔය ලංකාවේ ඉන්න අහිකුණ්ටික කියන ජන කොටස ඔහේලා අපි වගේ නොවෙයි ඉතාමත් කිට්ටු ඉන්දියානු සම්භවයක් තියෙන අය. ඒ අය වැඩි දෙනෙක් කතා කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශයේ භාවිතාවෙන තෙලිඟු මිශ්‍ර භාෂාවක්.
Deletehttp://en.wikipedia.org/wiki/Ahikuntaka
මේ මිනිස්සු එක තැන ඉන්නේ නැතිව තැන් තැන්වල ඇවිදිමින් ජීවත්වෙන ජිප්සීස් ලා ජාතියක්. යුරෝපය පුරා පැතිරිලා ඉන්න රෝමානි ජිප්සීස්ලාත් මේ වගේම ඉන්දියාවෙන් එහේට ගිය ජනකොටසක් ය කියලයි කියවෙන්නේ. ඒ අය ගිහිල්ලා තියෙන්නේ නං දැන් අවුරුදු දාහකටත් වඩා කලින් කාලෙකයි.
http://en.wikipedia.org/wiki/Romani_people
කකා
Deleteමං ඔබේ පෝස්ටුවේ ඊයෙ සඳහන් කලේ මෙන්න මේ ගම තඹුත්තේගම දිහා. නමුත් මතකය අපැහැදිලියී..
රවි අයියේ.
එහෙ ඉන්නෙ රොඩී නෙවෙයි අහිගුන්ඨික අය.දන්නවනං කියන්නකො විස්තර ටික අපිටත් දැනගන්න එක්ක ..
රවි අ
කතන්දර,
Deleteස්තූතියි කතන්දර විස්තරේට..යුරෝපයෙ සහ අමරිකාවෙ ජිප්සීස්ලගෙ ආදි මුතුන් මිත්තො ටැමර්ලේන්ගෙ ආක්‍රමණ ඉදිරියේ කැස්පියන් මුහුද අද්දරින් වයඹ දෙසට පලාගිය උතුරු ඉන්දීය හින්දූන්ය කියල මම මේ ලඟදි කියෙව්ව.හැබැයි ටැමර්ලේන් හිටියෙ 14 වන ශත වර්ෂයෙ අවසාන භාගයෙ.
@රවි,
Deleteඔය ගැන විස්තරාත්මකව කතා වුනා නේද බොලා ඔය උඩින් කියලා තියෙන පොඩ්ඩිගෙ පෝස්ට් එකේ.. මට මතක විදියට ඕනයා, ඉන්දික හා අභීත බොහොම හොඳ විස්තරයක් දුන්නා.. ඒ ඔක්කොම මෙතැන දාන්ට ගියොත් කමෙන්ට්ස් ටික දිග්ගැස්සෙයි නේද.?
හුලවාලි
පත්තර මල්ලි,
Deleteඅඩේ මතක නෑ බොල...ඒ පලවෙනි උදාගමේ කලින් නම බඩල්ගම කියල නම් පොඩි මතකයක් තියනව. ඔය උදාගම ගැන නොයෙක් කතා තියනව..ප්‍රේමදාස මහත්තයට අපහාස කරන්ට හදාපුවද ඇත්තමද නම් මන්ද...හෙහ්, හෙහ්,එක අතකට මිනිස්සු පරම්පරා ගානක් තිස්සෙ පුරුදු වෙලා ඉන්න ජීවන ක්‍රමය අතෑරල එක පාරට කවුරුවත් කිව්ව පළියට අළුත් ක්‍රමේකට හැඩගැහෙන්නෙ නෑ..එහෙම කරන්නත් බෑ..ඒකට ක්‍රමයෙන් හැඩ ගැහෙන්න ඕන.
ඔය උදාගමේ ගෙවල් හදල දුන්නනෙ ඒ මිනිස්සුන්ට. මාස තුනකට වගෙ පස්සෙ ප්‍රේමදාස මහත්තය යනකොර එකෙක්වත් ඒ ගෙවල්වල පදිංචි නැතිලු. මිනිස්සු ඔක්කොම පරණ පුරුදු විදිහට වත්තෙ පැලක් අටෝගෙන ඉන්නවලු. ගෙවල් ඇතුලෙ කුකුලො, වඳුරො, නයි වගෙ සත්තුලු. ප්‍රේමදාස ගොයියට මල පැන්න පාර ඒ වෙලාවෙම පැල් ඔක්කොම ගිණි තිබ්බලු...හෙහ්, හෙහ්,
එතුමාගෙ තව අහස් මාළිගා සංකල්පයක් තමයි බටලීයෙ කජුලියන් ඔක්කොම අරගෙන ගිහිල්ල ගඩොලින් බැඳල උළු වහපු කුටි වලට ගාල් කරන එක. වැඩේ හොඳයි ඒත් එකම පරහ උනේ ඒ කජුපුරේට පාරෙන් හැරිල යන්න ඕන. පාරෙ යන ගමන් නවත්තල කජු ගන්නව මිසක් සීයට අනූවක් මිනිස්සු වෙනම කජුගන්ට ගියේ නෑ. ඉතින් වැඩිකල් නොයාම කජු කෙල්ලො ආයෙම පාර අයිනට ආව. කජුපුරේ එහෙම්මම පාළුවට ගියා. තාමත් තියනවද මන්දා...
බූරා,
Delete/ ඔය ගැන විස්තරාත්මකව කතා වුනා නේද බොලා ඔය උඩින් කියලා තියෙන පොඩ්ඩිගෙ පෝස්ට් එකේ../
ඒකනෙ බාං කියන්නෙ...ඒක ආයෙම කියෙව්වම තමයි මතක් උනේ..බලාපංකො ඒකෙත් හැටි මට සුට්ටං කාලෙ එව්ව ඔක්කොම මතකයි දිය පිට ඇඳි ඉරක් වගෙ..මේ ගිය අවුරුද්දෙ එව්ව මතක නෑනෙ..හතළිස් ඇඳිරිය කියන්නෙ ඕකටනෙ බාං..හෙහ්, හෙහ්,
මට හිතෙන්නෙ පොඩි කාලෙ බං අපෙ මනස දත්ත වලින් පිරිල ඉතිරිල ගිහිල්ල නෑනෙව. ඒ නිසා මතකය පැහැදිලියි. දැන් බං මේකෙ නැතිදෙයක් නෑනෙ..ඕන එකයි එපා එකයි ඔක්කොම...හාඩ් එක ෆුල් කැපෑසිටි...හෙහ්, හෙහ්,
@ Buro Ayya
Deleteහපොයි නෑ අනේ. රවි අයියට යවන්ට උනේ නෑ තෑග්ගක්. මං ලෑස්ති කොරාපු පාර්සලේ ලිව්වේ To Birthday Boy (Uncle) කියලා විතරනේ. ඉතිරි හරිය ලියන්ට අමතක උනා. ඒ හන්දා ඒක කෙළිංම ගොහිං තිබුණේ රජ වාසලට - චාර්ලිස් අංකල්ට. මට ඉස්තූති කරලා ලියමනකුත් එව්වා ඕන්න. :D :D :D
කවුරුත් මේ මගෙ නම එහෙම මෙතන කිව්වද??
Delete:-D
නෑ නේද.?? ඒ කියලා තියෙන්නෙ අර ජානිසා ගැන.. ;-)
Delete"Handsome Beggars" by M.D. Raghavan
ReplyDeleteස්තූතියි PraJay,
Deleteමගෙ ගාව තියනව මම හිතන්නෙ M.D. Raghavanගෙ The Karava of Ceylon ; Society & Culture පොත. ඒ කාලෙ තිබ්බ K.V.G. De Silva කියල පොත් ප්‍රකාශන සමාගමක්. නුවර දැන් සරසවි පොත්හල තියෙන්නෙ පරණ කේ.වී.ජී. එක තිබ්බ තැන. ඒක වහද්දි ඔය පරණ පොත් මහ ගොඩක් වික්ක බොහොම අඩුවට. කරුමෙ කියන්නෙ ඒ දවස්වල මොහොකට හරි හිරවෙලා මගෙ අතමිට හිඟයි. ඒ නිසා පොත් කීපයයි ගන්න උනේ. රාඝවන්ගෙ ඔය පොත ගත්තෙ ඒ වෙලාවෙ. මේ පොත හොයාගන්න බලන ඕන. ගන්න පුලුවන් තැනක් වත් නැඇ දැනගන්ට. පරණ පොත් කඩවල ටිකක් හෙව්වනම් තියෙයි බොහෝවිට.
Royal Asiatic Society library (it's at Green Path road/Ananda Kumaraswamy Mawatha/Nelum Pokuna Mawatha)
DeleteAlso "The People of Ceylon" by Dr. Nandadeva Wijesekera.
Deleteඔය පොත් දෙකේම සින්හල පරිවර්තනත් තියනවා
ඒ අමතරව Prof. Ratnapala, Spittel and various colonial writers like Marshall, Cordiner, Hugh Neville ආදිනුත් ලියල තියනව.
If you are doing serious research I can help (email address needed4that)
Also check
http://www.bagchee.com/books/BB69893/leopards-of-lenama-the-man-eaters-of-sri-lanka-an-analysis-of-the-legends/
ඒ පොතේ පොඩි කෑල්ලක් තියනව රොඩී ගෑන. :-)))
Pra Jay,
Delete/ If you are doing serious research I can help (email address needed4that) /
Thanks Pradeep,
No I am not doing any serious research. But I am interested in every subject under the sun and some even outside. Heh Heh..So I love to study whatever that I come across whenever I have time.
Same here. (except for music- tone deaf!)
DeleteSo, the offer stands. :-)
Pra jay,
DeleteRoyal Asiatic Society එක මම දන්නව ..ඕක තියෙන්නෙ Mahaweli Hososcope එකේ නේද? ..:)
My e mail is raviweerasinghe@gmail.com
කියෙව්ව මොහාන්ගෙ ඔය පොත මම සල්ලි වලටම ගෙනත්..
ReplyDeleteමට දැනුනෙ එයා සුදුරුදු විදිහටම දෙනෙක් ඇතුලෙ හිරවෙලා කියල වෙන කවුරුවත් නෙමෙය් නවගත්තේගම ඇතුලෙ. මට ඇත්තටම දැනුන විදියට මොහාන් කැමති නවගත්තේගම වගේ වෙන්න. මාගම් සෝලිය ඊට පස්සෙ ලොවීනා.. දෙකම සමානයි මට නං හිතෙන්නෙ. මායාත්මක නවකතාවක තියෙන මායා යතාව අතික්‍රමණය කරල සුරංගනා ශෛලියට ගිහින්. මං නරකයි කියන්නෑ එයාගෙ පොත්.ඒත් එයා තුල බැහැගෙන ඉන්න හෙවනැල්ල අයින් උනා නං වඩා ප්‍රහර්ශනාත්මක කතාවක් බිහි වෙන්න තිබුණ කියල මට හිතෙනව. මංද මේ ඉතිං මට හිතෙන හැටිනෙ
මහේෂ්,
Deleteඔව්..පොඩ්ඩක් සයිමන්ගෙ ආභාෂය තියනව නම් තමයි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය....ඒත් මම කැමතියි ඒ ශෛලියට...මාගම් සෝළිය තාව කියවන්ට බැරිඋනා...
අද රස කථා ගොඩය්..තාම බැරිඋනානෙ ඔය ලොවීනා කියවන්න..හැබැය් සෙන්කොට්ටන් නම් එක හුස්මට කියෙව්ව..කාලෙකින් කියොපු ලස්සනම කතාවක්.
ReplyDeleteහුලවාලි ෆිල්ම් එක දැන් අවුරුද්දකට විතර උඩදි අහම්බෙන් බලන්න ලැබුනා..ඒක බලපු දවසෙ ඉන්දන් ධාරා ව හිතෙන් මැකුනෙම නෑ..මන් කැමතිම ප්‍රෙමවන්තයො ගොඩේ ශ්‍රෙෂ්ඨම ප්‍රේමවන්තයා එදා ඉඳන් ධාරා..
පොඩ්ඩිගෙ පොස්ටුවටත් ගිහින් ආය් මතක අලුත් කරගත්තා..මේ ඉතිහාස කථා කොච්චර කියෙව්වත් කවදාවත් එපා වෙන්නෙ නෑ.
Mekuwi,
Delete/ ඒක බලපු දවසෙ ඉන්දන් ධාරා ව හිතෙන් මැකුනෙම නෑ..මන් කැමතිම ප්‍රෙමවන්තයො ගොඩේ ශ්‍රෙෂ්ඨම ප්‍රේමවන්තයා එදා ඉඳන් ධාරා../
එක පාරක් රූපවාහිනියෙ ගියා හුලවාලි...ඕක බලල අපෙ උන්දටත් බොහොම හිත ගියා ධාරාට.
" අනේ බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්ද ...නේද? " එයයි මට කිව්ව එහෙම බෝම දුක්බරව...
" එහෙනං..එහෙනං..මටත් හරි ආසයි ධාරා වගෙ වෙන්න..බැරිද ඒ ගැන මොකවත් එහෙම කරන්න? " මම අහක බලාගෙනම ඇහුව..
" මොකක්? මගෙං අහගන්න එපා මොකවත්..ධාරා වගේ වෙන්න....හුහ්.." .මාව කන්ට වගෙ බලා ඉඳල උන්දැ කියාපි...හෙහ්,හෙහ්,
මේ වගේ අන්ගනාවියෝ සෙට් එකක් හිටියා නම් අපිටත්.
ReplyDeleteපූමා,
Deleteහුහ්..එහෙම ලේසි නෑ බොල ඒක..සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්ටෝන එහෙම ලබන්ට..තේරුණාය?
රවි
ReplyDeleteඔයා කඩුගන්නාවෙ කියල තියන නිසයි මේක අහන්නෙ.මම යටිනුවර ඩිපෝවෙ වැඩකලා 1981-83 කාලෙ. ඒ හරියෙත් තිබුන රොඩී මිනිස්සුන්ගෙ කුප්පායමක්.ඩිපෝ එකයි හේනාවලයි අතර කඩුගන්නාව අතට යනකොට .ඒ හරියට කියන නම මතකලාට දැන් මතක්වෙන්නෙ නෑ. රොඩී ගැහැනු ලමයි හරි ලස්සනයි. හැබැයි මම ඒ හිටපු කාලෙ ඒ පැත්තෙ අය නම් කිව්වෙ ලස්සනම ගෑනු ලමයි ඉන්නෙ තිස්මඩ( හතරලියද්ද පැත්තෙ) කියලයි. මතකද බොහොම ප්‍රසිද්ධ තිස්මඩ මිනී මැරුම? ලොවීනා මමත් කියෙව්වා තව පාරක් කියවන්න ඕනෑ හරියටම තේරුම් ගන්න. කාට හරි මතක නම් මම මේ කියන හරියෙ නම කියනවද. යටිනුවර ඩිපෝ එක ලඟ ඉඳල කඩුගන්නාව පැත්තට යනකොට ඩිපෝව පැත්තෙ නෙමෙයි අනිත් පැත්තෙ හේනාවලට කලින්.
Ano,
Delete/ ඩිපෝ එකයි හේනාවලයි අතර කඩුගන්නාව අතට යනකොට .ඒ හරියට කියන නම මතකලාට දැන් මතක්වෙන්නෙ නෑ. /
අම්මගෙ මහ ගෙදර හේනාවල තමයි...:) ඔය කියන්නෙ කුරුකුත්තල ද?..කඩුගන්නාවෙ ඉස්පිරිතාලෙ ගාවින් යන්න තියෙන පාරෙ,…
/ ලස්සනම ගෑනු ලමයි ඉන්නෙ තිස්මඩ( හතරලියද්ද පැත්තෙ) කියලයි. මතකද බොහොම ප්‍රසිද්ධ තිස්මඩ මිනී මැරුම? /
තිස්මඩ යන්නෙ පිළිමතලාවෙන් හැරිල...ඔව්..හතර ලියද්ද තියෙන්නෙ ඊට ටිකක් එහා…
තිස්මඩ මැරුව තරුණියගෙ නම සෝමලතා...උපාධිධාරිනියක්....ඒක තනිකර ඊර්ෂ්‍යාව හින්ද කරපු වැඩක්...කිතුල් මල් කපන දෑකැත්තකින් බෙල්ල කපල තියෙන්නෙ දෙන්නෙක් එකතුවෙලා..එක්කෙනෙක් අත්දෙක අල්ලගෙන ඉන්දැද්දි..
ඒ දවස්වල දැන් වගෙ නෙවෙයිනෙ..මිනීමැරුමක් වෙන්නෙ කලාතුරකින්..ඔය තිස්මඩ මිනී මැරුම ගැන රටම කතාකලා සෑහෙන කාලයක්..කවි කොල හිටං අච්චු ගැහුව..අපෙ මාම ගෙනල්ල තිබිල මාත් කියෙව්ව එකක්..
අනික දැන් වගෙ නෙවෙයි පත්තරේ සම්පූර්න පිටුවක් නැත්නම් සමහරවිට පිටු දෙකකුත් වෙන්වුනා ඔයවගෙ ප්‍රසිද්ධ නඩුවල සම්පූරණ විස්තරයක් පල කරන්ට..නීතිඥයො අහන ප්‍රශ්නෙ සහ ඒකට උත්තරේ ඉඳල වෙනම දාල තිබ්බ. දිණමිනේ ගිය තිස්මඩ නඩුව, එතකොට අප්‍රේල් කැරැල්ලෙ නඩුව මම බොහොම උනන්දුවෙන් කියෙව්ව ඒ කාලෙ...
රවී......උපන්දෙනිය කෙලිච්චිගේ කතාව හින්දම මතක් වුනේ. උපදානේට කියලා තමයි අපේ දුව කිව්වේ.
ReplyDeleteමචං ඔය රොඩී සහ අහිගුණ්ටික කියන්නේ දෙකොටසක් බව දන්නවා. ඉතිහාසය ගැන නම් දන්නේ නැහැ. ඔය රොඩී ගම්මානයක් කිට්ටුවම ජීවත්වෙන මගේ යාළුවෙක් ඉන්නවා හෙට්ටිපොල පැත්තේ. එයා කිව්වා ඔය මිනිස්සුන්ට පුළුවන්ලු විස්ල් ගහලා වැවේ ඉන්න ඉබ්බෝ ගොඩට ගන්න. ආපුවාම අල්ල ගන්නවාලු. අපි මූට විස්ල් ඉබ්බා කියලත් කිව්වා මුගේ බොරුවක් කියලා හිතලා. මුන්ගේ තාත්තා මෙහේ ආපුවහාම කිව්වා ඒ කතාව ඇත්තලු. එක්තරා විදිහකට තමයිලු ඒ විස්ල් එක ගහන්නේ. ඉස්සෙල්ලාම එන එකාව විතරයි එදාට අල්ල ගන්නේ. තව කතා බොහොමයක් කිව්වා. මට මතක නැහැ.
මම අද ලියපු එකෙත් හුලවාලි ෆිල්ම් එක ගැන වචණයක් සඳහන් වුනා. සත්වෙනි දවසත් මම බැලුවා. සෝනියා දිසා තමයි අක්කා ..නිහාල් සිල්වා රඟපාපු චිත්‍රපට අතලොස්සෙන් එකක්. එතකොට තට්ටේ ගාලා නැහැ මගේ හිතේ. සිටුකුමරියෝ එකේ සනත් බස් කොන්දොස්තර කෙනෙක් නේද? මාලනිගේම නංගි කෙනෙක්ද කොහෙද හිටියේ.
හිතට වහල් විමි කතාව සරත් කවිරත්න කියන්නේ බලංගොඩ සරත් මධුමද?
අරූ,
Delete/ රවී......උපන්දෙනිය කෙලිච්චිගේ කතාව හින්දම මතක් වුනේ. උපදානේට කියලා තමයි අපේ දුව කිව්වේ. /
ඔය වගෙ පොඩි කාලෙ අපි කියපුව අපෙ නංගිල මල්ලිල කියපුව ඊටත් පස්සෙ දුවල පුතාල කියපුව මහ ගොඩක් තියනව අරූ..මම ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නයි ඉන්නෙ...කල්යූටි, පයිඩූර්, කලිමිට, එපිල්කොට්ටරේ, කුක්කු බිබී, සෝඩෝකෙ,රුපෝල, පැතුවං, මෝකියා, ඕචිච්චි මාමා......ඔය මචං මම අපෙ උන්දැ සහ අනික් නෑදෑ සනුහරේ එවුං කියාපු වචන...
මේ මම කලින් ලියපු කතාවක්...මම හිතන්නෙ උඹ ඒක කියවල නැතුව ඇති...
ඉස්සොරෝම මොන්ටිසෝරි ගිහිල්ල මම ඉගෙන ගත්තු පොයං එක මේක...
අයිසලිපා...බ්‍රදල් ජොනා….මොරිෆලිඟා…. ඩිඟා ඩොඟා....
මම ඔහොම කෙටිකරල ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වට සුද්දො ඕක කියල තියෙන්නෙ නම් මෙහෙමයි...
Are you aleeping,….are you sleeping,….brother john…. brother john,
Morning bell is ringing …. morning bell is ringing …. ding dong bell,…..ding dong bell,
/ එක්තරා විදිහකට තමයිලු ඒ විස්ල් එක ගහන්නේ. /
ඔතන වෙන්නෙ මචං මෙහෙමයි...උංගෙ මේටිං සීසන් එකට ඉබ්බො සහ ඉබ්බියො එකතුවෙන්නෙ ඔහොම විස්ල් එකක් වගෙ ගහල. ඒක තමයි මේටිං කෝල් එක...ඒ සද්දෙ ඇහුනම ඉබ්බො මාරාවේස වෙලා ගොඩට එනව. එතකොට අල්ලගන්නව...
කල හොඳ උනාම ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කුස්සියට එනව කියල අහල නැද්ද....හෙහ්, හෙහ්,
ඉබ්බා මිරිසට උයල මචං වට්ටක්ක දළු මැල්ලුමයි, මයියොක්ක තම්බල පොල් එක්ක සහ කැකුලු බත..ෂෙහ්..පිස්සු කොර වෙනව...වරුවක් නිවාඩු දාල බත මැරුවෑකි...
/ සිටුකුමරියෝ එකේ සනත් බස් කොන්දොස්තර කෙනෙක් නේද? මාලනිගේම නංගි කෙනෙක්ද කොහෙද හිටියේ. /
යස්, සනත් හිටියෙ කොන්දොස්තර කෙනෙකුට තමයි නම අසංක ද කොහෙද..කෙල්ලො දෙන්නෙගෙන් බාල කෙල්ල නිමන්ති..අසංක ලව් අක්ක එක්ක. නංගි වලි දානව. දවසක් තරහටම නංගි නඟිද්දි මූ බෙල් එක ගහනව. කෙල්ල වැටිල කකුලක් බස් එකට යට වෙනව. ඒ කකුල කපන්ට වෙනව. තනිකර මුගෙ වැරැද්ද උනාට කෙල්ල කියනව වැරැද්ද එයාගෙ කියල. පස්සෙ අසංකට නිමන්ති ගැනත් ආදරයක් ඇතිවෙනව. කතාවෙ අන්තිම නම් මතක නෑ බං..සිත්තරේ ඕක ගියේ..තව උඹට මතකද සල්ෆා, සුවඳි, ස්පාටකස්, සිංහ පැටව්, අපි යං රත්තරං, බට්ටි, ....
මාලනීගෙම නංගි කෙනෙක්නම් දමයන්ති ඉන්න ඇත්තෙ...
/ හිතට වහල් විමි කතාව සරත් කවිරත්න කියන්නේ බලංගොඩ සරත් මධුමද? /
නෑ බං ඒ දෙන්නෙක්.......
///කල හොඳ උනාම ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කුස්සියට එනව කියල අහල නැද්ද////
Deleteමසුරන් කතාව..
මාලණීගේ තව නංගි කෙනෙක් හිටියා රසාදරී කියලා. ඒයාද කොහෙද හිටියේ. මෙයා විවාහ වුනේ කරුනාරත්න හඟවත්ත එක්ක. මතකනේ තිලක සහ තිලකා. හඟවත්ත නම් දැන් විදේශ සේවයේ බුද්ධිමතෙක්.
ශ්‍රියානි ෆොන්සේකා කියලා නංගි කෙනෙකුත් හිටියා.
Aru,
Delete/ මාලණීගේ තව නංගි කෙනෙක් හිටියා රසාදරී කියලා. /
මාලනී, ශ්‍රියානි, රසාදරී සහ දමයන්ති…….
රසාදරී වෙන්න බෑ බං දමයන්ති වෙන්න ඕන..රසාදරි මම දැක්කෙ මඩොල්දූවෙ විතරයි. මඩොල්දූවට එන ලෝයර්ගෙ දුවට හිටියෙ රසාදරී.එතකොට නම් බොහොම පොඩියි. 12,13 වගෙ.
මාලනී ගැන තිබ්බනෙ බං ඕපදූප කටකතා හරියට...ඔය ලකී බඳිනකොටත් රටේ නැති කයි කතන්දර පැතිරුනා. ඒත් මාලිනීට මගෙ තිබ්බ ගෞරවය ඒ කිසි දේකින් නැතිඋනේ නෑ. මාලිනීව මට එපාම උනේ සාටකේ එල්ලිල පිනට මංත්‍රී කමක් අරගෙන පාර්ලිමේන්තු ගිය දවසෙ....
ඇයි බං සේන සමරසිංහගෙ 'ඈතින් ඈතට' ෆිල්ම් එකේ හිටියෙත් රසාදරී ෆොන්සේකා නෙවැ..
Delete"කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා...."
රසාදරි චිත්‍රපට තුන හතරක් තමයි රඟපෑවේ. බුරා කියන ඈතින් ඈතට එකක්. තිලක සහ තිලකා මට මතක තව එකක්. කරුනාරත්න හඟවත්ත මේන් රෝල් එක කලේ.
Deleteරවී......මම අදත් මාලණීට ගරු කරනවා. පාර්ලිමන්ට් ජෝක්ස්වලට නොගොහින් ඒ කාලය අඩුම ගානේ ටෙලියකටවත් දායක කලානම් සෙප්පඩ නිලියන්ට ආදර්ශයක් වෙන්න තිබුනා. ඒ ඔක්කොම විනාශ කර ගත්තා. කොහෙද අපිට වඩා ලොක්කගේ දෑත් වලට සැප දෙන්න ගියානේ.
බූරා,
Deleteඈතින් ඈතට 81 වගෙ නේද ආවෙ ......කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා....ඔය සින්දුව කිව්වෙ ග්‍රේෂන්,
නීලා එක්ක ග්‍රේෂන් කියන…. ඈත දුරක දෑස පාවෙලා…ඒකටත් මම කැමතියි..ඒත් ඈතින් ඈතට එකේ මම කැමතිම නීලා කියන බෝධියේ විහාරයේ පිදූ කුසුම් වැනිවූ..
බෝධියේ විහාරයේට මට මතකයි සරසවි සම්මාන ලැබුනා හොඳම පසුබිම් ගීතයට.
Deleteඅරූ,
Deleteමාලිනී ගැන කියල වැඩක් නෑ බං...මොන කෙහෙල්මලකට පාර්ලිමේන්තු ගියාද මන්ද...ගිහිල්ල කොරන දේකුත් නෑ...අර නාමල් උදිත ( විජ්ජාවෙන් ජනතාව මුලාකරන ලොකු බණ්ඩාරගෙ පුතන්ඩිය ) වගෙ දෙකයි පණහෙ කබ්බොංගෙං පජාත කතා අහගන්න එකයි කොරන්නෙ.
ඔය කවුරු හරි ආණ්ඩුවට ගන්ට ඕන උනාම කට්ටිය එකතුවෙලා මේ ගෑණි බය කරනවලු. " අන්න අහවලාව ගන්ට යන්නෙ ජාතික ලැයිස්තුවෙං මාලනී ආන්ටිට තමයි අයිං වෙන්ට වෙන්නෙ " කියල..." අනේ ළමයො ඇත්තමද ඔය? " කියල ඔන්න මාලනී බය වෙනවලු." අයියෝ මටනම් බෑ එක පාරක් මතකනෙ " එහෙමත් කියනවලු. ඇයි එක පාරක් අර කවුද පිම්පියෙකුට පාර්ලිමේන්තු එන්න කියල මෙයා ඉල්ලා අස් වෙලා ජනාදිපති ඉල්ලා අස්වීම බාරගත්තෙ නෑ කියල ආයෙම දිවුරුම් දුන්නනෙ.
නිධානය, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ එහෙම බලනකොට අම්මප දුක හිතෙනව බං...
oya hulawali ekemai neda "kula gedarin dumbara kandu watiye" sinduwath thiyenne. mama aasama sinduwak
ReplyDeleteසයුරි,
Deleteඔව් මැඩම් අපූරු ගීතයක් ඒකත්.....
කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට
පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
වන ලන්දෙ හැංගුණු මූණ පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ
වාසනාවන් හරි වාසනාවන්
දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි
වාසනාවන් හරි වාසනාවන්
පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – බන්දුල විජේවීර , රෝහණ වීරසිංහ ඇතුළු පිරිස
>>" චික් කියන්නෙ?.....උඹල මේ අටේ දහයෙ හිටියට අපිට එහෙම චාන්ස් එකක්වත් දෙනවය. එහෙමනම් අපිට ඔය ගස් වලට මුවා වෙලා ඔව්ව බලන්ට වෙන්නෙ නෑනෙ.." මම කෝකටත් කියල නැඟිටල දුවන්ට ලෑස්ති පිට තමයි එහෙම කිව්වෙ. <<
ReplyDeleteමට රසවත්ම කොටස මේක.
මේක තව ටිකක් විස්තර කරාපංකෝ හොඳ එකා වගේ. :D
හෙන්රි,
Deleteහෙහ්, ඉඳහං ටෙක් එකේ ජීවිතේ ගැන ලියද්දි ඒ ඔක්කොම ලියන්නං…
අපෙ ටෙක් එකේ ටොයිලට් එකේ ලියල තිබ්බ කවියක් මේක…
මා වවුලන් පවා දත් රහසකි මේක,
වැහිබර රැයක අව අටවක පෝදාක,
මට බෑ කියද්දී *****************,
************************සේක,
යම් කිසි ලිපියක් හෝ අදහසක් කියවීමේදි පාඨකයා බලා පොරොත්තුවෙන්නේ රචකයාගේ තරු සහ කොටු නොවන බව සලකන්න.: දැන් අපි මොකක්ද හිතා ගන්න ඕන? :D
Deleteඋඹ මොකද කියන්නේ ඩූඩ්. මූ දත් රහසක් කියලා කියන්නේ...වවුලන්ගේ දත් ගලවපු සේක කියන එකද?
ඒ වගේ මචං. අපිට එහෙම හිතාගන්න වෙනවා. මොකද උඹයි මායි මේ රවියා වගේ කුණුහබ්බ දන්න එකක්යැ. මේ බෝ ගස් වගේ හැදිච්ච ඇල් වතුරත් නිවලා බොන උන්!
Deleteමේකයි අරූ වැඩේ. මූ මේ බ්ලොග් එකේ කුලියට ඉන්න එකානේ. අර ලෑන්ලේඩි රන්දිල් මහගේට මල පැන්නොත් මූ කුණු හබ්බ දෙසාබානවා කියලා මූව කනෙක් අල්ලලා දොට්ට දායි කියලා මේකා බයයි.
අමාවකටයි, පසලොස්වකටයි දෙකටම වවුලන්ගේ දත් ගලවන එකෙක් බං මූ. :D
DeleteHenry & Aru,
Deleteමේ ඇවිල්ලා එක වෙළඳ ව්‍යාපාරිකයෙක් තවත් ව්‍යාපාරිකයෙකුට යවපු ලියුමක කොටසක්...
හිතවත් මහත්මයාණනි,
අප අතරවූ ගනුදෙනුවෙහිදී ඔබගේ ක්‍රියාකලාපය පිළිබඳ මසිත ඇතිවන අවංක හැඟීම් පැවසීම ශීලාචාර මහත්මයකු වන මට කිසිසේත්ම නොහැක. එසේම එවන් වදන් යතුරු ලියනය කිරීම වැදගත් කාන්තාවක් වන මගේ ලේකම් වරියට කිසිසේත්ම නොහැක.එහෙත් ඔබ ශීලාචාර සහ වැදගත් යන දෙකොටසටම අයත් නොවන බැවින් ඒ හැඟීම් වටහා ගැනීම ඔබට කිසිසේත්ම අපහසු නොවන බව මට විශ්වාසය.
මෙවැනි නිර්වින්දනයන් තුලින් වෙන්නේ පාර්භෝගිකයා පැදුරට, කොට්ටයට සහ තියෙනවා නම් බෙඩ් ෂීට් එකක් ඇතුලට නිදි වැද්දීම පමණි.
Deleteමම මේ ක්‍රම වේදය පාරිභෝගිකයකු සේ ප්‍රයිස් කොන්ට්‍රෝල් ඒකට හෝ දැන් තියෙන පාරිභෝගික අධිකාරියට දන්වා සිටිමි.
ඩූඩ් ...උඹ මානව හිමිකම් කොමිසමට පලයන්.
මේ ගැන උනන්දුවක් ඇති අය වෙත්නම් හැන්දෑවට හැන්දෑවට බෝධි පූජාවක් තියපන්. වැඩේ අප්සට් නම් බොදු බලේට දන්වා සිටපන්.
තරු රවියට
වචණ අපිට!!!!!
මොනවා කරන්නද බං අරූ. නිදහස් සිතුවිලි බලන්න ගත්තට පස්සෙ මගේ ශීලාචාරකම් වැදගත්කම් ලැජ්ජා බය ඔක්කොම අර හිරුදුටු කදෝපැණියෙක් වගේ අන්තරස්දානවෙලා ගියා. :(
Deleteලස්සන සටහනක්... මගේ නම් හිත ගියේ ආණ්ඩුකාරවරයා ලිවුව විදියට රවී ලිවුව ලිපියට... ලස්සනයි...
ReplyDeleteස්තූතියි සඳා......:)
Deleteමම මේ පොත කියෙවුවේ නෑ.. මේක වගේම මට මොහාන්ගේ අනිත් පොතත් කියවන්න මාරම ආසාවක් තියෙන්නේ.. හුලවාලි ෆිල්ම් එක බැළුවා වගේ මතකයක් නම් තියෙනවා.. ඒත් හරියටම ශුවර් නෑ..
ReplyDeleteදිනේෂ්,
Deleteමාගම් සෝලිය මමත් බලල නෑ..කියවන්න හිතාගෙන ඉන්නෙ..:)
man nam oya katawa ahala tiyenne wenas widiyakata.....Hotel Mt.Lavinia 1 thama thomas agrandu karaya gedarak hadanne nidahase inna ....1 opening1 dawase dance karanna apu group1 girl kenek una Lavinia1ka thomas set wenawa......eyata misra sambawayak thibuna hinda godak lassanailu.....Thamath hotel1 thiyenawa 1 padipelaka athwaruwak a kale idan ena...anek hamadema wenas wela....a 2na hamba wenna umagakuth hadagena thiyenawa.......1 dan wahilalu......hotel1 idan tika durak umage yanna puluwanlu......Thomas yanakota eyage mu depalama laviniata liwwa kiyalath kathawak thiyenawa.....thawa kathawak thiyenawa Thomas yana dukata lainia Siyadivi nasa gatta kiyala..thawath katawak tiyenawa Thomas laviniawa eya gawata gatta kiyala .....kohoma unath ithihase ita passe me gana sadahanak natilu........man nam eya gawata gatta kiyana kathawa wiswasa karanna...anek 2n 1k ho 2kama wiya haki......Kohoma hari Gallkissata Mt.Lavinia kiyanneth oya hindalu.....lu kiyala dala thiyenne me gana documentry1k karapu kenek math1ka kiyapu wisthara hinda...............:)
ReplyDelete/වියපත් ඉංගිරිසි වංශාධිපති ආණ්ඩුකාරවරයකු සහ නාඹර තරුණ වියේ පසුවන පෘතුගීසි සහ රොඩී මිශ්‍ර සම්භවයකින් යුතු රූමත් තරුණියක අතර ඇතිවන සෙනෙහසක්./
aiyo man hitan hitiye Handsome tharuna Suddekui lassana girl kenekui athara ati wena adareyak kiyala.....Hariyata ara Sleeping Dictionary film1 inna couple 1 wage.....
Sacheera,
Deleteපිස්සුද බං..අපූරු තරුණයෙක් තමයි..ටොං ගොයියට ඒ වෙනකොට අවුරුදු 45 වගෙ වෙනව.. :)
තෝමස් මෙට්ලන්ඩ් සහ ලැවීනියා අතර වූ ප්‍රේමය ගැන නොයෙක් විදිහට කියනව නම් තමයි..ඇත්ත නැත්ත දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි ඉතිං...:)
Sleeping Dictionary…heh, heh, I like her..Jessica Alba….
ස්තූතියි රවී උඹේ විස්තරයට. මමත් ඒ පොත ගෙන්වා ගන්න ඕනේ.
ReplyDeleteඋඹ හුලවාලි මතක් කල නිසා ඉදිරියේදි මම මගේ ඒ කාලේ තිබුන චිත්‍ර පටි පිස්සුව ගැන ලියන්න ඉන්න සටහනේ ටිකක් දැන් ලියන්න හිතුනා.
හුලවාලි ගැන මට තියෙන්නේ හරිම සොඳුරැ මතකයක්. 1976 එක්තරා දවසක හැන්දෑවේ මම නංගිත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට අපේ තාත්තා ගෙදර ආවා. තාත්තාට තිබුනේ රැලේ බයිසිකලයක්. තාම මතකයි බයිසිකලෙන් ඇවිත් ගෙට ගොඩවෙන කොටම මට චිත්‍ර පටියක් බලන්න යන්න අඩ ගැහුවා. මට ඉතිං නරියගෙන් කුකුල්ලු ඕනද ඇහුවා වගේ දනි පනි ගාලා දූවිලි හෝදගෙන තාත්තගේ බයිසිකලේ එල්ලිලා අනුරාධපුරේ සිත්තම්පලම් සිනමා ශාලාවට ගියා. ඒ ගියේ හුලවාලි බලන්න.
මට තාම මතකයි කොස්තා ඇවිත් ගාමිණී(ධාරා) ව මරන ජවනිකාව. කුඩා ගමේ සිංදුව. දැන් උනත් ඒ
සිංදුව ඇහෙන හැම මොහොතකම මේ සිද්ධිය චිත්‍ර පටියක රෑප රාමු පෙළක් වගේ මනසේ ඇඳෙනවා. ඒ මතකය අළුත් කලාට උඹට ස්තූතියි.
ඊළඟට සත්වෙනි දවස. මම චිත්‍ර කථාවත් කියෙව්වා. චිත්‍ර පටියේ තියෙන මේ දෙබස මට තාමත් මතකයි.
" තෝ කියන්නේ ඇත්ත නම් තොගෙ අතේ දිය පට්ට නෑ. තෝ කියන්නේ කෙප්ප නම් තොගෙ අතේ දිය පට්ට! දාපං තෙල් තාච්චුවට අත!!"
" අබ්බඩාආආආආආ......!!!!"
උඹට ජයෙන් ජය!!
චන්දන,
Deleteමමත් මචං හුලවාලි බැලුවෙ සිත්තම්පලම් එකේ තමයි.83 කචල් එකේදි ඒක පිච්චුවනෙ..ජාතික අපරාද තමයි.අනුරාදපුරේ හෝල් එහෙකට කියල තිබ්බෙ එච්චරයි. අනික් දෙකම ටකරංනෙ.නිව් විජේන්ද්‍ර සහ කැළෑ විජේන්ද්‍ර...ටවුන් එකේ දෙමල කඩ ඔක්කොම ගිණි තිබ්බනෙ. මට මතකයි විදුලි සංදේශ ඔෆිස් එක ඉස්සරජ තිබ්බ සුප්‍රසිද්ධ දෙමල කඩේ ඇවිලුන දවසක් විතර.
මට මතකයි පොඩ්ඩි අක්කගෙ මේ පෝස්ට් එක. ඒ කාලෙදි අපි කොච්චර කතා ලිව්වද වළව්වෙ. මේ ටොම්ගෙ ලියමනනං අයියේ කියලා වැඩක් නෑ. පුදුම ලස්සනයි.
ReplyDelete/*වියපත් ඉංගිරිසි වංශාධිපති ආණ්ඩුකාරවරයකු*/
අවුරුදු 40 ගණං 50 ගණං කියන්නේ වියපත්ද එතකොට ඈ? :P
සිත්තමී,
Deleteඑහෙනං ආය..වියපත් තමයි :)
ඒත් මෙහෙම එහෙකුත් තියනව කියල අමතක කරන්ට නරකයි...හෙහ්, හෙහ්,
Life Begins At Fourty……:) :)
මොනතරම් ප්‍රේමාන්විත ලියුමක්ද? ඒත්, ටොම්, මෙතරම් සුන්දර, විරහවෙන් හද දවන වදන් කියා ඔබ, මට විහිලු කරනවාද, ඔබ අමතක කරන්නැයි.. මම ඉන්දියන් සාගරය දිහා බලා ඉන්නවා.. ඔබේ මගේ හද මෘදු ම වැලි මත අඳිමින්.. ඔබත් මමත් දකින්නේ එක ම මුහුදක එක ම රැළි ටොම්.. එය වෙන් කර තිබෙන්නේ හුදෙක් මිනිසුන්.. එහෙව්, මුහුදු රැල්ලක තබා මම මගේ හිත පා කර එවනවා ඔබ වෙත..
ReplyDeleteකඳු,
Deleteදයාබර ලැවීනියා,
ඔබගේ සෙනෙහසින් පිරුනු ප්‍රේමනීය වදන් මසිත ආනන්දයෙන් සහ ප්‍රහර්ෂයෙන් පිරී ඉතිරීයාමට හේතුකාරක වූ බව හද පිරි සෙනෙහසින් පැවසීමට මට අවසර...ජීවිතය ජීවත් කරවන්නේ අප හද පිරුනු අපේක්ෂාවන්ය. කිසිදිනෙක ඉටුනොවන්නා වුවද ඒ වනාහි අපේක්ෂාවන්මය. මා සෙනෙහෙවන්තිය, ඔබ මා වෙනුවෙන් දෑස් දල්වා සිටින්නේය යන සංකල්පයම මසිත සුවපත් කරවන්නවූ දිව ඔසුවකි.
දහස් වරක් ස්තූතියි කඳු...දහස් වරක් ස්තූතියි :)
මේ කතාව ලියන්න, මේ ලියුමෙන් පටන් අරගෙන අතීතයට... පැරණි සුන්දර කතාව ම
ReplyDeleteකඳු,
Deleteලියන්න ඕන තමයි, ලියන්නම ඕන....:)
යකෝ මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා බන්.. ඒ මනුස්සයා පොතක් ලියලා තියෙන්න කීයක් හරි හම්බ කර ගන්න. නැතුව පොත පිටින් උඹ වගේ මාගල් බාස්ලගේ බ්ලොග් වල දාන්න නෙමෙයි..
ReplyDeleteලොවිනා වගේම උඹේ බ්ලොගත් මම හැමදාම රහ විඳිනවා බන්.. මේක නම් පට්ටේ උපරිම..
මාතලන්,
Delete/ යකෝ මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා බන්.. ඒ මනුස්සයා පොතක් ලියලා තියෙන්න කීයක් හරි හම්බ කර ගන්න. නැතුව පොත පිටින් උඹ වගේ මාගල් බාස්ලගේ බ්ලොග් වල දාන්න නෙමෙයි /
ආය මඟුලක් කතා කරනව...බලාපං අර චන්දනය කියල තියන එක..
/ ස්තූතියි රවී උඹේ විස්තරයට. මමත් ඒ පොත ගෙන්වා ගන්න ඕනේ. /
මගෙ විස්තරේ කියවල ඌට පොත ගෙන්නව ගන්ට හිතිල..ඉතිං මොහන් රාජ් ගොයිය මට ඉස්තූති කරන්නයි ඕන..නොමිලේ උගෙ පොතට ප්‍රචාරයක් දුන්නට...
ස්තූතියි මාතලන්...:)
" සෙව්රංගා".. අමුතු විදියක ලස්සන නමක්...
ReplyDeleteසඳා,
Deleteඅපූරු නමක් නේද? නම කියවෙනකොටත් තියනව අමුතු ලාලිත්‍යයක්… :)
මටත් ඔය කියාපු කතන්දර එහෙන් මෙහෙන් මතකයි. තව අර විජය මාලිනි ඉන්න ෆිල්ම් එකකුත් තිබුණ මතකයි.
ReplyDeleteබින්දි,
Deleteපල්ලෙහා දයා කියල තියෙන්නෙ ඒ ෆිල්ම් එක ගැන වෙන්ට ඕන " මිහිදුම් සිහින "
කුඩා ගමේ කියන ගීතය ගැන කියනව නම් කොච්චර ඇහුවත් එපා නොවෙන අර එවර් ලවින්ග් කාණ්ඩයේ සින්දුවක් මට නම් . කොටුවේදී පෙම්වතියගේ බෙල්ල කපාපු පෙම්වතා එතෙන්ට ආපු බස් එකේ මේ සින්දුව දාල තිබුන නම් ඒකා පිහිය විසික් කරලා ආපහු ගෙදර යයි නේද ..
ReplyDeleteබින්දි,
Deleteඔය කොයි කාලෙ එකක්ද ඔහෙ ඔය කියන්නෙ අම්මපල්ල?..මට මතක නෑනෙ...අවුරුදු පාලහකට වගෙ උඩදි කැළණි විස්ස විජ්ජාලෙ කොල්ලෙක් නං කෙල්ලගෙ බෙල්ල කැපුව මතකයි. ඒ හැබැයි කැම්පස් එක ඇතුලෙදිම...
රවීගේ පෝස්ටුවත් උඩ තියන කෙමෙන්ටු එකකටවත් මම සංවේදී නෑ..නිකං කරකවලා අතෑරියා වගේ..මේ අදහස ගැන නං මගේ අත්දැකීම් සිතුවිලි ගොඩක් වෙනස් නිසා වෙන්න ඇති.
ReplyDeleteමාගම් සෝලිය මම එච්චර ආසාවෙන් කියවපු පොතක් නෙවි. හිතේ ගොඩක් අදහස් තියාන ටිකක් වචන කරලා තියනවා වගේ හිතුන නිසා මට එච්චර ඒ පොත තේරුනේ නෑ. ඒක නිසා ලොවීනා සල්ලි දීලා ගන්න එක ටිකක් පරක්කු කලා. පුස්තකාලයේ තිබුනොත් බලන්න ඕන.
හුලවාලි සහ 70 දශකයේ චිත්‍රපටි ගැනත් මගේ ඒ හැටි ලොකු ප්‍රසාදයක් නෑ ඒක නිසා ඔය කතාවට මොකුත් කමෙන්ට් කරන්න තේරුමක් නෑ
කුල ක්‍රමය තිබුනෙම නැත්තං කියලා හිතෙන වෙලාවල් නම් අනන්තයි. ඒක් අඩු කුලවල අයගේ තියන හීන මානය නිසා මට වෙලා තියන ඇබැද්දි බොහොමයි. ඒක නිසා අඩු කුල වල අයට පහත් කරලා සැලකීම ගැන නම් මට මොකුත් කියන්න බෑ. බොහෝ වෙලාවට එයාලා ඒකට කැමතියි. (හැමෝටම සමව සලකන්න ඕන කියලා හිතන එක ලොකු මෝඩකමක්. මිනිස්සු හිතන විදි වෙනස් නිසා ඕක කවදාවත් සිද්ද වෙන්නෑ)
ආ..ඔය ලලනාවියන්ගෙන් පොත් හම්බවෙන්නේ රවී අර ආදි කාලේ බස්වල යද්දි ලලනාවියන්ට පොත් දීපු නිසා තමයි..කල කම් පල දෙනවා කියනවනේ..හික්ස්..
Ruu,
Delete/ කුල ක්‍රමය තිබුනෙම නැත්තං කියලා හිතෙන වෙලාවල් නම් අනන්තයි. /
බොහොම හොඳයි..බොහොම හොඳයි...:)
/ ඒක් අඩු කුලවල අයගේ තියන හීන මානය නිසා මට වෙලා තියන ඇබැද්දි බොහොමයි. /
ඔව්..එහෙම දේවල් අනන්ත වෙනව. විශේෂයෙන්ම ඔවුන්ට උසස් තනතුරක් ලැබුනම එහෙම වෙන්න පුළුවන්...
/ ඒක නිසා අඩු කුල වල අයට පහත් කරලා සැලකීම ගැන නම් මට මොකුත් කියන්න බෑ. /
ඒ මිනිස්සුගෙ හීන මානයක් තියනවනම් තියෙන්නෙ කාලාන්තරයක් එයාලව පහත් කරල දෙකේ කොළේට දාල සලකපු නිසානෙ. එහෙම මිසක ඒ මිනිස්සුන්ට පහත් කරල සළකන්නෙ ඒ මිනිස්සුන්ගෙ හීන මානෙ නිසා හින්ද නෙවෙයිනෙ. එතකොට ඒ හේතුව නැතිකරන්නෙ නැතුව ඵලය නැතිකරන්නෙ කොහොමෙයි මැඩම්?
/ බොහෝ වෙලාවට එයාලා ඒකට කැමතියි. /
ඔන්න ඔන්න ඉතිං ඔයත් තමන් කිසිම විදිහකින් නොදන්න, ජිවිතේට තමන්ට කිසිම විදිහකින් අවබෝධ කරගන්ට බැරි මානසික තත්වයකින් උපන්දා ඉඳල බැටකන මිනිස්සු කොට්ඨාශයකගෙ රුචි අරුචිකම් ගැන ඒක මතික තීරණ දෙන්න යනව...හෙහ්,හෙහ්...
/ (හැමෝටම සමව සලකන්න ඕන කියලා හිතන එක ලොකු මෝඩකමක්. මිනිස්සු හිතන විදි වෙනස් නිසා ඕක කවදාවත් සිද්ද වෙන්නෑ) /
වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක් මැඩම්..අඩු ගාණෙ අපෙ හිතේ ඒ ඉලක්කයවත් තියෙන්න ඕන…Aim for the moon, even if you miss at least you will land among the stars….
:)
Deleteඕකනේ මම කිව්වේ රවි මේ මාතෘකාව ගැන මගේ අදහස වෙනස් කියලා..විසංවාදයෙන් සාමය කරා!!
ඔය හඳ තරු කතාව නම් විද්‍යානුකූලව මෙහෙම වෙනස් වෙන්න ඕන
Aim for stars, at least you will land on moon. (හඳ තියෙන්නේ තරුවලට වඩා ළඟින්නේ)
නිල් ආම්ස්ට්‍රොන් එයැයිගේ යාළුවොත් එක්ක ඇපලෝ එකට නගිද්දි කිව්වේ ඔහොමලු. ;)
රූ,
Deleteහරි, හරි බොලේ ඒකෙ අවුලක් නෑ...ඒක ඔයාගෙ අදහසනෙ..නෝ ප්‍රොබ්ලම්..ඒ අදහසේ ඉන්න ඔබට පූර්ණ වූත්, අනුල්ලංඝනීයවූත්, පරම රමණීය වූත්, සර්වාභරණ විභූෂිත වූත්..ම්ම්..තව මොනවද?...ඉඳහං ටිකක් කම්පනා කරල බලන්ට..හරි ..සන්නාහ සන්නද්ධ වූත් අයිතියක් ඇත. ...ඔබගේ අදහසට මට එකඟ විය නොහැක කියල විතරයි මම කිව්වෙ...:)
I do not agree with what you have to say, but I'll defend to the death your right to say it. - Voltaire
අන්න එහෙමයි කිව්වෙ වොල්ටෙයර්.." ඔබ මොනවා කිව්වත් මම ඔබ සමඟ ඇග්‍රිමන්ට් එකක් ගැසීමට එකඟ නොවෙමි. මගේ ඩිෆෙන්ඩරයේ දකුණු පස ඔබ හප්පා මරා දමමි...ආන්න තේරුණා නෙවද? "
අපෙ පිරියම්බිකාස් බලන්ට එපාය....අපෙ අප්පා...ඒ වගෙ මනුස්සයෙක් එලෝන බස් එහෙකටවත් නඟින්නෙ නෑ කොටිම්ම.අපි පාං ගන්න බේකරියෙ කැසියර් කොලුව ඔහොමයි කියල මෙවුන්දැට කොහොම හරි ආරංචි වෙල ඔන්න. ඊට පස් සෙ පාං ගන්ට ගිහිල්ල ඌ එහාට මෙහාට වෙනකල් හැංගිල බලාගෙන ඉඳල තමයි දණිපණි ගල ගිහිල්ල පාං අරං එන්නෙ..මට නේද විකාරෙ හැදෙනව..මම ගිහිල්ල පාං ගෙනාහමත් අහනව...කවුද අද පාං දුන්නෙ? කියල..
එව්වයෙ හැටි එහෙම තමයි රූ......එකඟ නොවීමට එකඟවීමු. Simply Agree to Disagree..That's all. Nothing more, nothing less… :)
ඇත්තෙම්ම ඔය උපන් දියක් දාට කලාතුරකින් හරි පොතක් පතක් අරං එවන කෙනෙක් වේනම් ආයෙ වෙන මොකවත් නොලැබුණාට කාරි නෑ. ඒකම ඇති අවුරද්දක් පුරා කියවන්න. එව්ව තමයි දෙන්න ඕනෙ උපන්දිනේට.
ReplyDeleteරවී ඔය හුලවාලි, සත්වෙනි දවස, කිව්ව ගමන් තවත් එකක් මතක් වුණා ඒ අර විජේ හිටපු මිහිදුම් සිහින චිත්‍රපටිය මතකනේ සිංදුව "සරා සෙඳේ සිනා සේලේ" ඒකත් ඔය ජාතියේ කතාවක්මනේ.
සත්වෙනි දවස කිවුව ගමන් සිහියට ආවෙ අපේ ගම ඔය චිත්‍රපටිය මුලුමනින්ම රූගත කලේ රාජාංගනේ වැව ඉවුරෙනේ... ඒකාලෙ අපි බොහොම කුඩා එවුන්. ඔන්න මාලනී.රවින්ද්‍ර, සනත්, කොස්තා ඒකාලෙ හැබැහින්ම දැක ගත්තෙ ඔය චිත්‍රපටිය ගහද්දි. ඒක අපිට වගේම ගම්වල හිටපු වැඩිහිටයන්යන්ටත් හොද අත්දැකිමක්
දයා
Delete/ ඒකම ඇති අවුරද්දක් පුරා කියවන්න. /
අම්මාපල්ල ඒකනං ඇත්ත දයා...අනිවාර්යයෙන්ම මේ අංගනාවියො දෙන්න ඕක ගැන කියවයි මේ අවුරුද්ද පුරාම.." මතකද බං අයියෙ...අපි උඹට පොත් එව්ව පාස්සලයක් පුරෝල..." අරකද මේකද..දන්නෙ නැද්ද ඔවුංගෙ හැටි..මාත් මේ ටිකක් අකම්පාල වෙලා වගෙ ඉන්නෙ මෙවුංගෙං පොත් ගෙන්නගෙන අර කුඩු කාපු එකට හපං වැඩක් වෙයිද කියල...
අනේ ඔන්න මේ මම නම් නෙවි ඔයි පොත් එව්වේ.... (හුහ්...මෙයැයි ට පොත් යවන්ට! අපිට වෙන වැඩ නැතුවට හොඳා)
ReplyDeleteඅමා,
Deleteහාපෝ උඹෙන් නං පොත් ඕනත් නෑ මට..අන්තිමට අර මොකද්ද ගැලෙව්ව මොකාටද මෙච්ච මොකක්ද එකටත් හපං වැඩක් වෙන්ටත් බැරි නෑ අම්මාපල්ල.
මට මතක් උනේ
ReplyDelete"මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ"
මේක අහද්දී මට මැවිලා පෙනෙන්නේම රත්තරන් හිසකේ තියෙන නිල් පාට ඇස් තියෙන තරුණයෙක්ව වධ බෙර ගහමින් , රතු මල් මාලාවක් පලන්දලා, මරණයට එක්කන් යද්දී, මාළිගා සඳලුතලයක ඉඳන් ඒ දිහා බලන් ඉන්න සිහින් දිගු ඇස් දෙකක්...
ආම්ස්,
Deleteඔන්න ඔන්න පටං ගත්ත. අර ඇම්ඩගෙ මැක්ක වගෙ වෙලා දැන් මේක..මුන්දැට තියෙන්නෙ ඔබ්සෙෂන් එකක් හා/හෝ මේනියා එකක්. රත්තරං පාට කොණ්ඩෙයි නිල්පාට ඇසුයි..මොකෙක්ද බං ඔය?...අපෙ පොඩි නංගිට හිටිය ඔන්න ඔහොම බෝනික්කෙක්...උඹත් එහෙම බෝනික්කෙක් වත් අරගෙන ඔය දොළ දුක තුනී කරගං ඇහුණෙයි?