Tuesday, June 16, 2015

325. විමලෙගෙ වාංපතුල් කතා - 30 - ජගන්නාථ රථ,හිට්ලර්, විෂ්ණුගේ දස අවතාර, වඩේකාර් සහ මඟ දිගට ආදරපළවල්


ජගන්නාථ රථ - Google Images

" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "

මුලු සතියෙම අම්මයි අපප්ච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.

අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම් හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ. 

" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.

අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. 

අපෙ ලොකු අම්මට පුත්තු හිටිය පස් දෙනෙක්ම. එයින් ලොකුම පුතත් කාලයක් මම එක්ක අර කැලේ මැද එකම ඔෆිස් එකේ වැඩ කලා. එයා හිටියෙ අපේ අයකැමි විදිහට සිංහලෙන් සරප් ..අපේ වැටුප් ගෙව්වෙ ඒ අයිය. එක පාරක් චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි ගන්ට බැරිවෙලා අපිට පඩි ගෙව්වෙ නෑ. අපේ එවුන්ට මල අතේ. එදා වෙච්චි මරු සීන් එකක් මම කලින් ලිව්වද කියල මට මතක නෑනෙ..කලින් ලියපුවගෙ පොඩි සර්ච් පාරකුත් දාල බැලුව ඒත් ම්හු..හොයාගන්ට බැරිවුනා. ඒත් මට මතකය ලිව්ව වගේ.අඩෝ ඒ මගෙ ලොකු අම්මා... කලිං කියන්ට එපාය මචං මම දන්නෙ කොහොමද? හෙහ්,හෙහ්..අන්න එහෙමයි ඒ කතාව යන්නෙ...

රයිට් කලිං කිව්ව උනත් කමක් නෑ ආයම කියන්නංකො..ඒ තරමට ආතල් කතාව ඒක...ඉතිං මයෙ ලොකු අම්මගෙ පුතා තමයි අපිට වැටුප් එතනිං ගිහාම ඔය අනික් දීමනා එහෙම ගෙවන්ට හිටියෙ. මුදල් අයකැමි නොහොත් සරප්.මාසික වැටුප ගෙවන්නෙ මාසෙ 25 වෙනිදයින් පස්සෙ 30 වෙනිදට ඉස්සර. එතකොට වැටුපට අමතරව ආය ගෙව්ව අතිකාල...ඒ කියන්නෙ ඕවර් ටයිම්..ඊටත් අමතරව සංයුක්ත දීමනා කියල එකක්. සංයුක්ත දීමනාවට ඉංග්‍රීසියෙං කිව්වෙ Subsistence Allowance කියල. ඒත් බොහෝවිට ඕකට අපි කිව්වෙ බටා එක කියල. ඔය බටා කියන වචනෙ මූලාරම්භය හොයනකොට මම දැනගත්ත ඔය වචනෙ ඇවිල්ල ඉන්දියාවෙ කන්නඩ භාෂාවෙන් ආපු වචනයක්ය කියල.

ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙ යටත් විජිතයක් වෙලා තියෙද්දි ඉන්දියාවෙ සේවය කරපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් සහ සිවිල් සේවකයින්ට ගෙවපු යැපීම් දීමනාව හඳුන්වල තියෙන්නෙ බටා කියල. ඒක බෙංගාලි වචනයක්ලු. මම හිතන්නෙ එතනින් ඒ වචනෙ ඉංග්‍රීසි භාෂාවට එකතුවෙන්ට ඇති.ඉන්දියාවෙන් ඉංග්‍රීසියට එකතුවෙච්චි බොහොම අපූරු වචන ගොඩක් තියනව. ජගර්නෝට් කියන ඉංග්‍රීසි වචනෙන් අදහස් වෙන්නෙ වැළැක්විය නොහැකි නැත්නම් නැවැත්විය නොහැකි පරිදි ඉදිරියෙහි තිබෙන සියලුදේ පොඩි කරගෙන විනාශ කරගෙන ඉදිරියට ඇදෙන බලවේගයක්.

After fabricating a polish attack on a German radio station in the small industrial town of Gleiwitz, near the polish border, Hitler had his excuse to settle the polish question. In the early morning hours of September 1, 1939, the powerful German juggernaut rolled across the Polish frontier.Two days later the governments of Britain and France declared war; World War II had officially begun. Living aboard his special train ( Amerika ) the Fuhrer followed the progress of his troops. The world was stunned by the speed and ferocity of the German assault. Attacking from land, air and sea the Germans overwhelmed the brave but hopelessly outmatched Poles, who despite demonstrating incredible courage fell beneath the tracks of the Panzers like wheat before a scythe. In less than three weeks, except for some resistance in Warsaw, the invasion, launched in cooperation of the Soviet Union was complete.                  - ( Winning the Lost War: Reassessing America's World War II Experience By Lawrence Cambria )

දෙවෙනි ලෝක යුද්ධය කියන්නෙ මම ඉතාම ප්‍රියකරන මාතෘකාවක්. මේත් දෙවෙනි ලෝක යුද්දෙට යම් තරමකට සම්බන්ද කතාවක්....

මුලු ලෝකයෙහිම අනුත්තර නායකයා තෝරාගැනීමේ අවස්ථාව ඔබට එළඹී ඇත. ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් තිදෙනාගේ විස්තර පහත පරිදිය. ලෝකයේ නායක ධුරයට ඔබ තෝරා ගන්නේ කවරෙක්ද?

ප්‍රථම අපේක්ෂකයා - දූෂිත දේශපාලකයින් ඇසුරු කරයි. දෛවඥයින්ගෙන් උපදෙස් ගනී. අනියම් භාර්යාවන් දෙදෙනෙකු ඇසුරු කොට ඇත..දවස පුරා දුම්පානය කරයි.දිනකට මාටිනි (ප්‍රධාන වශයෙන් ජින් යොදා සාදා ගන්නා මිශ්‍ර මත්පැන් වර්ගයකි - The Martini is a cocktail made with gin and vermouth, and garnished with an olive or a lemon twist.) 8 - 10 අතර සංඛ්‍යාවක් පානය කරයි.

දෙවන අපේක්ෂකයා - තමන් දැරූ තනතුරින් දෙවරක් පහකරන ලදී.පුරුද්දක් වශයෙන් මධ්‍යාහ්නය තෙක් නිදාගනියි.විශ්ව විද්‍යාල සමයේදී අබිං භාවිතා කල අයෙකි.සෑම සවසකම විස්කි ක්වාට් 1 ක් ( ආසන්න වශයෙන් මිලි ලීටර 946 ) පානය කරයි.

තෙවන අපේක්ෂකයා - සම්මානලාභී යුදවීරයෙකි.නිර්මාංශ භක්ෂකයෙකි. දුම් පානය නොකරයි. ඉඳහිට බියර් වීදුරුවක් පානය කරයි.කිසිදින තම පෙම්වතියට / භාර්යාවට ද්‍රෝහීවී නොමැත.

අපේක්ෂකයින් තිදෙනාගේ වතගොත ඔබ දැන් දනියි. ලෝක නායකයා වශයෙන් ඔබ තෝරා ගන්නේ මින් කවරෙක්ද?

ඔබ අපේක්ෂකයෙක් තෝරාගත් පසුව මේ අපේක්ෂකයින් කවුරුදැයි හඳුනාගැන්මට ඔබට අවශ්‍ය නම් ඒ මෙසේය.

ප්‍රථම අපේක්ෂකයා - ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

දෙවන අපේක්ෂකයා - වින්ස්ටන් චර්චිල්

තෙවන අපේක්ෂකයා - ඇඩොල්ෆ් හිට්ලර්

හරි ආපහු යමු ජගර්නෝට් කතාවට.ඉතිං ඔය ජගර්නෝට් කියන වචනෙ මූලාරම්භය ඇවිදිල්ල හිට මෙන්න මෙහෙමයි. හින්දු ආගමේ ත්‍රිමූර්තිය දන්නවනෙ නේද? බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව..බ්‍රහ්ම-නිර්මාපකයා, විෂ්ණු- පවත්වාගෙන යන්නා සහ ශිව - විනාශ කරන්නා අන්න එහෙමයි හින්දු ආගමේ කියවෙන්නෙ. Brahma the Creator, Vishnu the Preserver and Shiva the Destroyer...., හින්දු දේව පුරාණයෙ හැටියට විෂ්ණු විශ්වය පවත්වාගෙන යන්නා...විෂ්ණු කලින් කලට අවතාර දහයකින් මනුස්ස ලෝකෙට එනවලු ලෝකයේ යහ පැවැත්මට තර්ජනයක් වන අධර්මය විනාශ කරන්ට.

ඒ අවතාර දහය මෙහෙමයි.....

1. මත්ස්‍ය 2. කුර්ම 3. වරාහ 4. නරසිංහ 5. වාමන 6. පරශුරාම 7. රාම 8. ක්‍රිෂ්ණා 9. බුද්ධ 10. කල්කි

අපේ බුදු හාමුදුරුවො ඇවිල්ල විෂ්ණු දෙවියන්ගෙ නමවන අවතාරය හැටියටයි හින්දු ආගමේ සැලකෙන්නෙ. හරියට යේසුස් වහන්සේ ඉස්ලාම් ආගමේ එක් අනාගත වක්තෘවරයෙක් හැටියට සැළකෙනව වගේ. යුදෙව්වන් මිසරයේ වහල් භාවයෙන් මුදවාගෙන ආ මෝසස් සැලකෙන්නෙ ඉස්ලාම් ආගමේ තුන්වන අනාගත වක්තෘවරයා හැටියට. මෝසස්ට ඉස්ලාම් භක්තිකයො කියන්නෙ මුසා කියල. යේසුස් තුමා හතරවෙනියා. එතුමාගෙ නම ඉසා. මොහොමඩ් නබිතුමා තමයි පස්වෙනියා.

ඉතිං ඔය විෂ්ණු දෙවියන්ට කියන එක නමක් තමයි ජගන්නාථ. ඒ කියන්නෙ ලෝකපාලක වගෙ තේරුමක් එන්නෙ. ඉන්දියාවෙ විෂ්ණු දෙවියන්ට පුද පූජා පිණිස පවත්වන පෙරහැරවල් වලදි මහ විසාල ලී වලින් හදපු රථයක් ( ඒක ඇතුලෙ අරගෙන යනව කියන්නෙ මහ විසාල විෂ්ණු පිළිමයක් ) මිනිස්සු ඇදගෙන යනවලු පාරවල් දිගේ. ඔය රතේට කියන්නෙ ජගන්නාථ රථය කියල. ඕක ඇද්දම දිවියලෝකෙ යන්ට ඒ පිනම ඇතිය කියල හින්දු බැතිමත්තු බොහොම තදට විස්වාස කරනවලු. ඉතිං ඔය රතේ ඇදගෙන යන්ට මිනිස්සු මරාගන්නවලු. ඉන්දියාවෙ මිනිස්සු එහෙමනෙ. ඕනම දේකදි බොහොම ඉක්මනට අන්තවාදී වෙනව.

මතකනෙ 1996 ක්‍රිකට් ලෝක ශූරතාවයෙදි කොල්කතාවල ඊඩ්න් ගාර්ඩන්ස්වල ගහපු ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරඟය. ඒක පැරදීගෙන එද්දි ඉන්දීය ප්‍රේක්ෂකයො හැසිරුන විදිහ.ඇත්තම කිව්වොත් දැන් ඉන්දියන් ක්‍රිකට් ලෝලීන් ඒ අතින් බොහොම හොඳයි. හැත්තැ ගණංවල ඉන්දියන් කස්ටිය තමයි අදහන්ට වටින්නෙ. මැච් එකක් කැත විදිහට පැරදුනොත් ගෙවල් හිටං ගිණි තියනව. ආය නෝ සමා.

1971 අවුරුද්දෙ අජිත් වඩේකාර්ගෙ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම එංගලන්තෙ සංචාරය කලා. ටෙස්ට් තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඉන්දීය පිල 1-0 වශයෙන් ජයග්‍රහණය කලා. ඒ ඉන්දීය කණ්ඩායමක් එංගලන්තයෙ ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාව. ඉන්දීය කණ්ඩායම පෙරලා ඉන්දියාවට ආහම ඔවුන් පිළිගත්තය කියන්නෙ දෙවිවරු දිව්‍යලෝකෙන් මහ පොළවට ප්‍රාදූර්භූත වුනා වගේ.බොම්බායෙ ( ඒ දවස්වල මුම්බායි නෙවෙයි. බොම්බාය.. කල්කටා = කොල්කතා, මැඩ්රාස් = චෙන්නායි, බැංගලෝර් = බෙංගලූරු වුනේ ඊට බොහොම පස්සෙ..බොම්බාය ගැන බොහොම දේවල් කියන්න තියනව..Bombay Ducks සහ Bombay Looking Calcutta ගැන එහෙම..එව්ව පස්සෙ හොඳද?..මේ දවස්වල මම කියවනව මුම්බායි ගැන ලියවුණු අපූරු නවකථාවක්...Gregory David Robertsගෙ Shantharam..ඒ ගැනත් සටහනක් ලියන්නං කියවල ඉවර වුනහම ) 

ගුවන් තොටුපලේ ඉඳල අජිත් වඩේකාර්ගෙ ගෙදරට තියෙන්නෙ කිලෝමීටර් අටක් වගෙ දුරක්ලු. ඒත් ඒ කිලෝමීටර් අට ගෙවල එයා පෝට් එකේ ඉඳල ගෙදරට එන්ට අජිත් වඩේකාර්ට දවස් තුනක් ගියාලු. මඟ දිගට පිළිගැනීම්. 

එව්වට කියන්නෙ ආදරපළවල් කියල. කලින් අහල නෑ නේද ඒ වචනෙ? ඔය දකුණෙ වචනයක්.මනාල යුවලක් කසාද බැඳල ඉස් ඉස්සෙල්ලම මනමාලයගෙ ගෙදර එනකොට ගමට ඇතුල් වෙච්ච තැන ඉඳල හංදියක් හංදියක් ගානෙ කඩපිළක් කඩපිළක් ගානෙ, නුගගහක්, කොස් ගහක් ගානෙ පොඩි මේස කෑල්ලක් තියල, ඒකට මල් රෙද්දක් එලල, ඒක උඩ ඔරෙංජං බාර්ලි, ෂැරෝනා, පෝටෙලෝ, ක්‍රීම් සෝඩා, නෙක්ටෝ බෝතල් හත අටක් තියල සුට්ටි වීදුරු හතර පහකුත් ඒ ලඟම මුනිං නමල තියනව. ලී පුටු දෙහෙකුත් තියනව මනාල යුවලට ඉඳගන්ට.

මනාල යුවල ඔතනට ආහම ඒ ආදරපළ සංවිධානය කරපු වැඩිහිටියා කවුරු හරි කතාවක් පවත්තනව. මනාල යුවලට අවවාද දෙනව. ඔය සුබාසිතයෙ, ලෝ වැඩ සඟරාවෙ හරි බුදුගුණ අලංකාරෙ හරි කවියකුත් කියනව. නාබිය නොදක්වා සළු හැඳ බොලට දක්වා.....එහෙම නැත්තං මාවවුලන් පවා දත් රහසකි මේක..වැසිබර රැයක අව අටවක පෝදාක.....කතාවෙන් පස්සෙ ගිරේකිං බීම බෝතල් කඩල මනාල යුවල ඇතුළු රැස්වෙලා ඉන්න ඔක්කොමලා බීම පානය කරනව. ඊට පස්සෙ ඒආදරපළ සංවිධායකයින්ට ඉස්තූති කරල යුවල පිටත් වෙනව ගෙදර යන්ට. හෙහ්..කොහෙ ගෙදර යන්ටද...තව යාර දෙසීයක් යන්ට නෑ...තව ආදරපළක් ලෑස්ති කරල...එතනත් ආයම අර සුපුරුදු චක්‍රය..කතා ..අවවාද..බීම බෝතල් කැඩීම..බීම පානය..වැඳ ආචාර සමාචාර කොට සමුගැනීම....

අපෙ අප්පච්චි දකුණෙ හින්ද මම ඔය ආදරපළවල් ගැන විස්තරේ හොඳට දන්නව. එහෙ ඔය වැඩේ වතාවතක්, චාරිත්‍රයක් වගෙ බොහොම සංවිධානාත්මකව කෙරෙනව. මම හිතන්නෙ ඒ දවස්වල පාරවල් එහෙම හරියකට නෑනෙ. නවක දම්පතීන්ට පයින්ම තමයි යන්ට සිද්ද වෙන්ට ඇත්තෙ ගම මැදින්.ඒ ගමං වෙහෙස නිවාගන්ට වෙන්ට ඕන ඔය වැඩේ පටං ගන්ට ඇත්තෙ.ඒත් දැං කරන්නෙ යන වාහනේ නවත්තල යුවල බස්සගෙන ආදරපළවල් පවත්වන එක. අර වෙසක්, පොසොන් වලට දංසැල් දාල බලෙන් වාහන නවත්තල කන්ට බොන්ට දෙන එක වාගෙ...හෙහ්,හෙහ්,

ඔය ආදරපළ පවත්වන චාරිත්‍රය අපෙ හාමිනේලගෙ ගෙවල් පැත්තෙත් තියනව. එයාලගෙ ගෙවල් පහුකරල යන්ට තියෙනව ගම උඩහට. ලොකු කන්දක් ඒක. ඒ කන්දෙ සෑහෙන ගෙවල් මණ්ඩියක් තියනව. හරියටම එයාලගෙ ගේ ඉස්සරහින් තමයි ඔය කන්දට නඟින පාර පටන්ගන්නෙ.ආදරපළවල් වලට එහෙ කියන්නෙ පිළිගැනීම් කියලලු.

" ගම පටන්ගත්තු තැන ඉඳලම පිළිගැනීම් තියල අපේ ගෙදර ගාවට එනකොට ජෝඩුව පාං කියාගන්ට බැරි සයිස් එකෙං එන්නෙ..."

දවසක් බඳින්ට එහෙම ඉස්සර උන්දැ මා දැක්ක කිව්ව...මයෙ හිතේ අපි දෙන්න උදේ මේල් බස් එකේ වැඩට යද්දිංද කොහෙද..

" අපෙ ගෙදර ගාවින් තමයි උඩහ කන්දට යන පාර පටන් ගන්නෙ. හරියටම අපේ ගේට්ටුව ඉස්සරහ වගෙ තමයි ඒ හරියෙ ඉන්න මිනිස්සු කන්ද නඟින්ට පටන් ගන්ට ඉස්සෙල්ල අන්තිම පිළිගැනීම තියන්නෙ. අපි පොඩි කාලෙ අක්කලයි මායි ගේට්ටුව ගාවට වෙලා බලා ඉන්නව........දැන් නුඹලාට රෑ බෝ වෙලා...හනි හනික ගෙදර යන්ටයි අබිප්පරාව..ඒ නිසා දැන් නුඹලා ගෙදර පලයල්ලා..හා..ඔය පංදම්, පැස්ටෝල්මැච් එහෙම තියන අය එව්ව පත්තුකරගනිල්ල. බැස්ටි තියන ඈයෝ එව්ව එළිය කරගෙන ඉස්සරවෙයල්ලා. එහෙනං දෙයියංගෙ පිහිටයි බුදුංගෙ සරණයි කියල ගමනාරම්බ කරපල්ලා.....කවුරුහරි කතාව පවත්වන වයසක උන්දෑ අන්තිමට ඔහොම කියනව.අපිට නේද මැරෙන්ට හිනා. කටවල් මිරිකගෙන ඉන්නව හිනාවෙන්ට හොඳනැති හින්ද..." 

" ඉතිං එතන ඉඳල ආය පිළිගැනීම් නැතුව ඇති නේද? " මම ඇහුව.

" මොන විකාරද? කන්ද දිගටම එහෙම පිළිගැනීම් තියනව. අපි රෑ තිස්සෙ මිදුලට ඇවිල්ල කන්ද දිහා බලාගෙන ඉන්නව එළි පෙරහැර හෙමීට කන්ද නඟිනව. ඔන්න එළි වැට හෙමීට ටික දුරක් ගිහිල්ල එක තැනක නතර වෙනව. අන්න එතන පිළිගැනීමක්...ඔය ඒබරං ආතලගෙ ගෙදර ඉස්සරහ පිළිගැනිල්ල වෙන්ට ඕන. පුංචි අක්ක එහෙම කියනව. නෑ එච්චර දුරක් යන්ට උනේ නෑ තාම. ඔය ගලලියද්දෙ කොස් ගහ ළඟ මම හිතන්නෙ. ලොකු අක්ක කියනව.." 

" හෙහ්, ඔය විදිහට ඔය ජෝඩුව මනමාලයගෙ ගෙදෙට්ට යනකොට ළමයෙකුත් හම්බවෙලා තියෙයිනෙ. " මම හෙමිහිට කියනව.

" මොනව කියනවද මන්දන්නෙනෑ...අහල පහල මිනිස්සුන්ටත් ඇහෙනව..." දැන් ඈ මූණ රතුකරගෙන වටපිට බලනව.

" හරි හරි..මේ ඒක නෙවෙයි. දැං අපි දෙන්න බැඳල යන දවසටත් ඔහොම පිළිගැනීම් තියෙයිද? " 

" නැත්තං ආය ...එව්ව චාරිත්‍රනෙ...චාරිත්‍ර කරන්ටම එපාය.." 

" මේ..මට නම් බෑ ඔය නෙක්ටො බිබී ලොක්කංගෙ කටවල් දිහා බල බල වරු ගණං පයිං යන්ට..ඔන්න කලිම්ම කිව්ව." 

" හිහ්..හිහ්...නෑ..නෑ..බය වෙන්ට එපා..මම බොරුවට කිව්වෙ ...මනමාලියක් කැන්දං එනකොට විතරයි එහෙම කරන්නෙ..." ඈ මා දිහා හැරිල බලල ඉඟිමරල කිව්ව.

රයිට්..ආදරපළවල් ගැන ඒ විස්තරෙන් පස්සෙ ආයම අජිත් වඩේකාර් ගැන. ඉතිං 1971 අවුරුද්දෙ එංගලන්තෙ පරද්දල ආපහු එද්දි අජිත් වඩේකාර්ව පිලිඅරගෙන තියෙන්නෙ දෙයියන්ට වගෙ සලකල. ඉන්දීය කණ්ඩායම ඊළඟට එංගලන්තෙ සංචාරයකට ගියේ 1974 අවුරුද්දෙ.ඒ පාර කලින් සැරේ දිනපු එකට හරියන්ටත් එක්ක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ තුනම පැරදුනා ප්‍රතිඵලය 3 - 0 . දෙවෙනි තරඟෙ දෙවෙනි ඉණිමෙදි ඉන්දීය කණ්ඩායම ලබාගත්තෙ ලකුණු 42 පමණයි.

ඒ පාර අජිත් වඩේකාර් බොම්බායෙ ගුවන් තොටුපොලෙන් පිටවෙලා තියෙන්නෙ කම්බි වැටෙන් රිංගල. මිනිස්සු දාස්ගානක් හිටියලු එයාපෝට් එක ඉස්සරහ මනුස්සයට ගහන්ට. කොහොමහරි ගෙදරටත් ගල් ගහල කොටසකට ගිනිත් තිබ්බ කියලයි ඒ දවස්වල ආරංචි වුනේ. ඉතිං ඉන්දියානුවන් කියන්නෙ අන්න ඒ වගෙ ආවේගශීලී, හැඟීම්බර මිනිස්සු කොට්ඨාශයක්. 

ඉතිං අර කලින් කියාපු ජගන්නාථ රථය අදින්ට මිනිස්සු එකා මත්තෙ එකා වැටීගෙන පොරකනවලු. ඒ දඟලන අස්සෙ පය ලිස්සල එහෙම වැටුනොත් ආය සමාවක් නෑ. අර ජගන්නාථ රථයටම යට වෙලා මැරෙනව. ඒත් ඒ මිනිස්සුන්ට ගාණක්වත් නැතිලු. මොකද එයාලගෙ විශ්වාසය එහෙම මැරෙන මිනිස්සු නන්-ස්ටොප් ඉන්ටර් සිටි එකේ කෙලින්ම දිවිය ලෝකෙට යනවයි කියලලු.ඉතිං ඔය ජගන්නාථ රථය මිනිස්සු යටකරගෙන පොඩි කරගෙන කඩාගෙන බිඳගෙන නැවතීමක් නැතුව ඉස්සරහට යනව දැක්ක සුද්දො ඒ අර්ථයෙන් ජගර්නෝට් කියන වචනෙ හදාගන්ට ඇති.

76 comments:

  1. අර මඩොල් දූවෙ හිටියා "බේගල්" කියල කෙනෙක්.මම හිතන්නෙ නැවත ඉපදිලා.

    ReplyDelete
    Replies
    1. Ano,

      මඩොල්දූවෙ බේගල් කියල චරිතයක් තිබ්බද? මට මතක විදිහට එහෙම චරිතයක් තිබ්බෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ඒ නමින්ම යුත් කෙටිකතාවෙ...

      අනික් කාරණේ මෙතන කිසිම බේගලයක් නැත.....:)

      Delete
    2. මඩොල් දූවෙ එහෙම චරිතයක් නැත. බේගල් හමුවන්නේ අපේ ගම කියන කෘතියෙදි.

      රවි අයියේ සුපිරි තමයි. මම ආසාවෙන්ම කියවන ඔබතුමාගේ ගුරුවරියක සමග මගේ ජීවිතය තවත් කොටස් හැකිවිටෙක අප වෙනුවෙන් ලියන්න. ජයවේවා ! කවිකාරියකගේ ප්‍රේමය සියල්ල කියවා හමාර කලා මෑතකදී. අනර්ඝයි.

      Delete
    3. කසුන්,

      / මඩොල් දූවෙ එහෙම චරිතයක් නැත. බේගල් හමුවන්නේ අපේ ගම කියන කෘතියෙදි. /

      ස්තූතියි මල්ලි මතක් කලාට. මට මතක තිබ්බෙ බේගල් කියල මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ කෙටිකතාවක් තිබ්බ වගෙ.

      හෙහ්...ගුරුවරියක සමඟ මගේ ජීවිතය ඉතිං Present Continuous නෙ. තව හොඳ එව්ව තියනව ඔය යෝදි කරපුව. ඉඳහංකො ලියන්නං හෙමිහිට….:)

      කවිකාරියකගේ ප්‍රේමය ඔක්කොම කියෙව්වද?.......:)

      Delete
    4. / කවිකාරියකගේ ප්‍රේමය ඔක්කොම කියෙව්වද?.......:) /
      ආයෙත් අහලා. කවිරස විඳ විඳ කියවපු නිසාම ටිකක් දවසක් ගතවුනත් එක ඇලපිල්ලක් අතනෑර කියෙව්වා. අපි වගේ බොගමෙරුවන්ගේ* ලාම්පු සංවේගය පිනිස ගුරුවරියකගේ ජීවිතයත් පුලුපුලුවන් වෙලාවක ලියන්න අයියේ. වාංපතුලුත් මරු. කුකුළේ ගඟත් එලම තමයි.

      *බොගමෙරුවන් කියන එක සරච්චන්ද්‍ර මහත්තයගෙ මනමෙරුවන් කියන වචනයෙන් හදා ගත්තේ. හෙන්රි ජයසේන මහත්තයා එතුමගෙ කරලියක කතාවක් පොතේ විස්තර කරලා තියෙනවා මේ සිද්ධිය. මනමෙ නාටකය බලන්න නිතර ඇදී ආ හෙන්රි ජයසේන ඇතුලු තරුණ පිරිස හඳුන්වා දෙන්නට එතුමා පාවිච්චි කලේ මනමෙරුවන් කියන වචනයයි. මනමේ+මෙරුවන් (Maname-maniacs in English) > මනමෙරුවන්. පාංදැල්ලට මෙරුවො ඇදී එන හැටි ගැන අපි දන්නවනෙ. මේ බ්ලොගයට අපි ඇදිලා එන්නෙත් එහෙම තමා. :) ජයෙන් ජයම වේවා !

      Delete
    5. /මට මතක තිබ්බෙ බේගල් කියල මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ කෙටිකතාවක් තිබ්බ වගෙ./

      රවි අය්යා හරි. "ගැහැනියක්" කියන කෙටිකතා සංග්‍රහයේ කෙටිකතාවක් තියෙනවා බේගල් කියලා. අන්දො අයියා ගැන. හැබැයි "අපේගම" පොතේ එනවා බේගල් කියන චරිතෙ.

      Delete
  2. Call of Duty විඩියෝ ගේම් එකේ The Juggernaut i( heavily armored enemy ) කෙනෙක් ඉන්නවා ඒ නම ආවෙත් මේකෙන් ද ? (ජගර්නෝට් )

    ReplyDelete
    Replies
    1. Trans Sylvania,

      බොහෝවිට එහෙම වෙන්න ඇති. ඊට කලින් කොමික් බුක්ස් වලත් ඉඳල තියනව ජගර්නෝට් කියල චරිතයක්. නිර්මාණය කරල තියෙන්නෙ ස්ටෑන් ලී ( ස්පයිඩර් මෑන් සහ ඉන්ක්‍රෙඩිබ්ල් හල්ක් ..එයාලත් ඔහුගේම නිර්මාණ )

      Delete
  3. ජගර්නෝට් නම් දන්නෑ බං,

    ඉන්දියන් ක්‍රිකට් ලෝලින්ගේ මැටි වැඩ නම් දන්නවා. සචින් දෙවියෙක් වුනේ ඒ නිසානේ.

    ReplyDelete
    Replies
    1. සෑම්,

      සචින් දෙවියෙක් විදිහට වැඳුම් පිදුම් කරන එකට ඉන්දියානුවන්ට වරදක් කියන්ට බෑ මල්ලි. පෘථග්ජන අපි හැමෝටම ෆැන්ටසියක් ඕන කරනව.වීරයෙක් ඕන කරනව. ඉන්දියාවෙ ඒ අවශ්‍යතාවය පුරවන්නෙ නළු නිළියො සහ ක්‍රීඩකයො.සචින් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරපු සේවය සළකල බැලුවම එහෙම වන්දනාමාන නොකළොත් තමයි පුදුම වෙන්න ඕන.

      PS - අපේ රටේ අර නීලකාස තක්කඩියට තාමත් වඳින උදවිය ඉන්න එකේ ඉන්දියන් එවුං දාහක් හොඳයිනෙ බොලේ...හෙහ්,හෙහ්,...මෝඩකමට බෙහෙත් නෑ කියන්නෙ අර එයාගෙ ලඟ පයිල් තියෙන කතාව ඊයෙත් කියල තියෙන්නෙ...

      Delete
  4. රවී අයියේ,
    "ජගන්නාථ රථය" කියන අහවල් කුණුහරපෙ ගැන කියල දෙන්න කියල ඔහෙට කිව්වේ කවුද කියල කියනවද. ඌ ලංකාවේ ඉන්න එකෙක්නම් පොඩ්ඩක් නම ගම කියනවද පොඩ්ඩක් මුණ ගැහිලා එන්න...
    ඔය තුප්පහි ඉන්දියන් කාරයෝ ජගන්නාථ රථ ඉතරක් නෙමෙයි උන්ගේ දිවවල් ඇදගෙන මැරුණත් අපිට මොකද බං...
    ඒ වගේද වාන්පතුල්...

    මෙහෙම රටේ ලෝකේ නැති වල්පල් දොඩන්න ගිහින් සරෝජනී කවදාහරි උඹලගේ ගෙදරට ආවත් එන්නේ හැරමිට්ටෙන් කියලනම් හොඳටම ෂුවර්...

    ///අඩෝ ඒ මගෙ ලොකු අම්මා.../// මේ කතාවනම් නොකිව්වත් කමක් නැහැ, ඔය වචන ටික ඇති යමක් කමක් තේරුම් ගන්න... :)

    ReplyDelete
    Replies
    1. ලොක්කා මල්ලි,

      / ඒ වගේද වාන්පතුල්.../

      හරි බං ඉතිං මේ ඔක්කොම වාං පතුල් කතා තමයි...:)

      / මේ කතාවනම් නොකිව්වත් කමක් නැහැ, ඔය වචන ටික ඇති යමක් කමක් තේරුම් ගන්න... :)

      හෙහ්, ඉඳහංකො කතාව කියනකල්...:)

      Delete
  5. හම්මේ මංද අර කතාව නං අමතකයි දැං සෑහෙන්න ඇයි අප්ප කියන්න ගියපු එක කොහෙවත් කියන්නෙ වෙන මොනවත් හිහි...

    රවි අය්ය ශිව කියන්නෙ ඊශ්වර/මශේෂ්වරට මද...
    ඇත්තටම දන්නෙ නෑ දන්න කියන කෙනෙක් කියා දෙන්ටලා

    ReplyDelete
    Replies
    1. ශිවාට කියන්නෙ සහශ්‍රනාම කියල .......නම් දහසක් තියෙනවාලු http://www.harekrsna.de/1000Shiva.htm
      හර්ෂ

      Delete
    2. මහේෂ්,

      ඔව් බං..ඊශ්වර, මහේෂ්වර, ශිව ඒ ඔක්කොම කියන්නෙ එකම දෙයියන්ට තමයි. ශිව තාණ්ඩව කියන නැටුම නටන්ට ගත්තම ලෝකාවසානය වෙනව කියලත් කියනව. ස්කන්ධ කුමාර සහ ගණ කියන්නෙ ශිව සහ උමාගෙ පුත්තු.

      අබේවර්ධන සහ නිරංජලා ගයන මේ ගීතය සරංගලේ චිත්‍රපටයෙන්....

      ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
      විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට ලබන්නයි
      පවිල් නදින් සවන් පිරෙන්නයි
      කොකු මඟරා නළල දිලෙන්නයි

      කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්නයි
      තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
      පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්නයි
      පෝරුව මත හිඳුවා කර මාල බඳින්නයි

      කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
      දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
      පිච්ච මලින් යහන සැදෙන්නයි
      රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

      අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්නයි
      තැලි පිළි අන්දා පෙර කුල සිරිතරකින්නයි
      බුලත් හුරුළු දී නෑයන් අවසරගන්නයි
      සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයි

      Delete
    3. හර්ෂ,

      හෙහ්, ශිවට දහසක් නම්..ඉන්ද්‍රට ( බෞද්ධ සාහිත්‍යයෙ ශක්‍රයා ) දහසක් ඇස්...

      Delete
    4. ඉන්ද්‍රට දහසක් ඇස් ලැබුණෙ හොර මගුලක ගිහිං අහුවෙලානෙ. දන්නවද, ඉන්ද්‍ර, වරුණ, කියන දෙවි වරු ඉරානීය දේව මණ්ඩලයෙත් ඉන්න වග? ඉන්දු ශිෂ්ඨාචාරයට කලින්, (සෘග් වේදය පටන් ගන්න අවදිය වෙන්න පුළුවන්) ඉන්දු ඉරානීය සභ්‍යත්වය ගැන හොඳ සාධකයක් තමයි ඉන්දු සහ ඉරානීය දේව කතා.

      Delete
    5. ඩ්‍රැකී,

      / ඉන්දු ශිෂ්ඨාචාරයට කලින්, (සෘග් වේදය පටන් ගන්න අවදිය වෙන්න පුළුවන්) ඉන්දු ඉරානීය සභ්‍යත්වය ගැන හොඳ සාධකයක් තමයි ඉන්දු සහ ඉරානීය දේව කතා. /

      ඔව් බං ඉන්දියාව සහ පර්සියාව ( ඉරානය ඒ කාලෙ හැඳින්වුනෙ පර්සියාව කියල ) අතර බොහොම පුළුල් සබඳතා පැවතුනයි කියනව ඒ කාලෙ. ආර්යයින් ඉන්දියාවට ආවෙත් පර්සියාව සහ අවකන් දේශය ( වර්තමාන ඇෆ්ඝනිස්ථානය ) හරහා කියලත් මතයක් තියනව.මට මතක විදිහට නේරුගෙ Discovery Of India පොතේ මුල හරියෙම ඒ ගැන සෑහෙන විස්තරයක් තියනව.

      Delete
  6. අපරාදෙ කියන්න බෑ වාංපතුල් කතාවෙ ලාස්ට් එපිසෝඩ් එකේ ෆයිනල් සීන් එක විතරයි මේකෙ තියෙන්නෙ. එතනිං එහාට වෙන ටෙලි ඩ්‍රාමා එකක කෑල්ලක් වැටිල.

    අර පිලිගැනීම් වල මනමාලයට සැර ජාතියක් එහෙම තියල තිබ්බනං මරුවට තියෙයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / අර පිලිගැනීම් වල මනමාලයට සැර ජාතියක් එහෙම තියල තිබ්බනං මරුවට තියෙයි කියලයි මට හිතෙන්නෙ./

      හෙහ්, එහෙනං සීයට අසූවක් විතර මඟුල් තුංවෙනි ආදරපළේදි විතර චකබ්ලාස් වෙලා යනව...හෙහ්,හෙහ්,

      Delete
  7. ලොකු අම්මගෙ පුතාගෙ කතාව ඕන ඊලඟට!

    ReplyDelete
    Replies
    1. //අඩෝ ඒ මගෙ ලොකු අම්මා... // කියුවම ඒක හිතා ගන්න බැරිද බං.. පඩි දෙන්න පරක්කු මාසයක් ගැනනේ කියන්නේ.. හැක්.

      Delete
    2. රාජ් සහ කළ්‍යාණ,

      ඉඳහල්ලකො කතාව කියනකල්....ඕකෙ පසු කතාවකුත් තියනව ...ඒක තමයි ආතල් ද බ්‍රේව්.....:)

      Delete
  8. මේක තමයි අපි සාමානයෙං කය්වාරු ගහන සෛලිය. දැං බලන්න ඊයෙ අපි කතාව පටං ගත්තෙ අංක තහඩු ගැන අවසං කොලේ පාලමෙං. මේං බලන්න ඒකෙ ගැලීම් සටහන. පනස්දාහට දීපු බයිසිකල් ඔල අංක තහඩු එන්න පරක්කුයි > ඒක හිංද කොලේක අංකෙ ගහගෙන එල්ලගෙනවත් පදිනව > එතකොට පොලිසියෙං අල්ලනව > පොලිසියෙ හැටි ඔහොම්මයි > පොලිසිය එහෙම කරන්නෙ තීවිල් කාරයො බයික්කාරයො අස්සෙං රිංගල යන හිංද > හැමදාම පොල දාට ඉස්ටේසම ලඟ පාලම උඩ වාහන හිරවෙන්නෙම ඒකෙං > ඒ පාලම අලුතිං හදනව නේද > තව මාස තුනෙං පාලමේ වැඩ ඉවර කරයි.

    දැං බලන්න ඔය ටික දිගෑරල කතාව දිගට ලියල මාතෘකාව දැම්මනං “රාජ්‍ය සේවකයන්ට දුන් මෝටර් බයිසිකල්“ කියල, අනිවාරෙංම රවි මහත්තැං මේ ලියපු කතාවෙ නිවුං සහෝදරය බවට පත්වෙනව.

    ඒ නිසා මං කියනව මේ තියෙන්නෙ ‘ශ්‍ර ලාංකෙයිය(සන්ණවාහිනියෙ කියන්නෙ එහෙමයි) කයිවාරු සංස්කෘතියෙ පැතිකඩක්‘ කියල.

    ReplyDelete
    Replies
    1. සුරංග, ඔය ගැලීම් සටහන් විදියට මේ කතන්දර කිවත්, ගහේ ඇත්ත වගේ සටහනක් තමයි අන්තිමට එන්නේ.

      අර වාහිනිය නම් මම වැරදිලාවත් බලන්නේ නැහැ දැන්. චැනල් මාරු කරනකොට වැටුනොත් ඉක්මනට මාරු කරනවා. ඒකෙ නිවුස් ඩ්‍රාම වගේ, ඩ්‍රාම නිවුස් වගේ.

      Delete
    2. සුරංග,

      / මේක තමයි අපි සාමානයෙං කය්වාරු ගහන සෛලිය. දැං බලන්න ඊයෙ අපි කතාව පටං ගත්තෙ අංක තහඩු ගැන අවසං කොලේ පාලමෙං. /

      අන්න බලාපං එහෙම තමයි නියම ස්වාභාවික කතන්දර කීමේ කලාව.පාලමෙං නවත්තන්ට එපා බොල

       > තව මාස තුනෙං පාලමේ වැඩ ඉවර කරයි. . > ඔය පාළමට දාන්ට ගෙනාපු කම්බි හොරපාරෙ පන්නනව දැකල තියනව එගොඩහ රංජියා > මේ, ඔය රංජියාගෙ අක්ක කෙනෙක් කොලඹ කන්තෝරුවක නේද වැඩ කරන්නෙ? > ඇමරිකන් එම්බසීය කිට්ටුව ද කොහෙද ඒ කන්තෝරුව තියෙන්නෙ > ඇමරිකන් කාරයො හඳට ගියායකියන්නෙ ඇත්තද බං? > මොන විකාරද? බොරුනෙ > නෑ නෑ ඇත්ත වෙන්නැති, ඔය පිටසක්වලින් ආපු එවුං වගයක් ඇමරිකාව හිරකරගෙන ඉන්නවය කියලත් කියන්නෙ > ඔව්, ඔව්. පියාඹන පීරිසි වලින්නෙ එවුං එනවයි කියන්නෙ > ගිය පාර සීරිපාදේ ගිය වෙලාවෙ මලුවෙදි අපෙ පොඩි මාම දැක්කලු පියාඹන්න පීරිසියක් වගෙ අද්භූත එළියක් > ෂෙක් කාලෙකින් සිරීපාදෙ ගියෙත් නෑ. > සුරංගලෑ ආච්චම්ම ඒ දවස්වල සිරීපාදෙ ට්‍රිප් ඕගනයිස් කලා නේද >

      ඔය වගෙ ඕන්නං මුලු සක්වල තලයම සිසාරා ගිහිල්ල ආයම බොලායෙ ආච්චම්ම ගාවටත් එතෑකි සුරුස් ගාල....:)

      පලි - මේ කතා කීමේ කලාවට මම හිතාගෙන ඉන්නෙ පේටන්ට් අයිතිය අයදුං කොරන්ට..උඹත් මට ලියුමක් දියං හොඳේ මලේ නිර්දේශ කරල. බොට ලිපි සීර්සයක් එහෙම තියේය? නැත්තං හොඳ හුරුබුහුටි ලිපි සීර්සයක් අච්චු ගස්සා ගනිං , ඇහුණය?

      Delete
    3. උපේක්ෂා,

      /  ඒකෙ නිවුස් ඩ්‍රාම වගේ, ඩ්‍රාම නිවුස් වගේ. /

      ඒකනං බං නියම කතාව..ඇත්තම ඇත්ත...හෙහ්,හෙහ්,

      Delete
    4. ලිපි සීර්ස නෙමෙයි නියම වචනෙ “ලියුං ඉහටි“. නොදන්න කමටයි අහන්නෙ ‘සැලමුතු‘ කියන්නෙ මොනවද?

      Delete
    5. ශ්‍රරංග,

      ඒයි බං ඒක නං නියමයි බොල.." ලිපි ඉහටි " ....හෙහ්,හෙහ්, අද ඉඳල මාත් කියන්නෙ එහෙම..:)

      සැලමුතු කියන්නෙ සැළලිහිණියෙක් මුතුඇටයක් ගිල්ලම ඒක ඇවිල්ල සැලමුතු....හෙහ්..බොරු බං...හුදෙක්මැ ආතලය පිණිසැ පැවැසූ කවට වදනක්වේයැ..:)

      සැලමුතු = සටකපට බවින් තොර...... සැලමුතු නුගිනුරා කියල අහල තියනව නේද? ඒ කියන්නෙ සටකපටබවින් තොරවූ ප්‍රේමය

      Delete

    6. මා හිතේ ඔය වචනෙ සිංදු කාරෙයො දන්නෙ නෑ. ඒකට හේතුව, අර සාදීන රූපවාහිනියෙ ටෙලිනාට්ටියක සිංදුවෙ තියෙනව “සැලමුතු පින්නේ“ කියල. එතකොට ඒකෙ තේරුම “සටකපට බවින් තොර පින්න“. ඒක හරියට “කරුණාවංත වතුර පනිට්ටුව“ වගේ තේරුමක් නෙ දෙන්නෙ.

      Delete
    7. සුරංග,

      හෙහ්..මම බලනව ඒ ටෙලි නාට්ටිය...පිණිමුතු වැස්ස නේද? තේමා ගීතය ඇවිල්ලා " සැලමුතු පින්නේ..පිණිමුතු වැස්සේ " ....ඔය වැරදි ව්‍යාවහාරය ආවෙ මම හිතන්නෙ සැලමුතු පින්න කියල චිත්‍රපටයක් ආවට පස්සෙ. බ්ලොග් එකකුත් තියනව මම දැක්ක ඒ නමින්.

      මව්බිම පත්‍රයෙන් උපුටාගත් කොටසක් මේ....

      / විද්‍යා අධ්‍යාපනය ලද මගේ සාහිත්‍ය දැනුම මඳ වූ බැවින් සැලමුතු නුගිනුරා යන්නෙහි අරුත එතුමාගෙන් මා විමසුවේ එදා මට තිළිණ කළ 'කව් සිළුමිණ විනිස' කියවූ පසුවය. 'සැල' කියන්නේ ෂඨ මුතු කියන්නේ මුක්ත 'නුගිනුරා' කියන්නේ ප්‍රේමය .... සට කපටකමින් තොර වූ ප්‍රේමය එනම් අව්‍යාජ ප්‍රේමය යන අරුත එතුමා පැහැදිලි කළ අයුරු මට අදත් සිහිවේ. පසු කලෙක 'සැලමුතු පින්න' නමින් සිනමා පටයක් ප්‍රදර්ශනය වූ අතර සටකපටකමින් තොර වූ පින්න කෙබඳුදැයි මම වික්ෂිප්ත වූයෙමි. නොදන්නා බව දැන ගැනීමේ නුවණ මා ලද්දේ ඔහුගෙනි. /

      Delete
  9. දැන් මිසිස් වීරසිංහ අර කොලුවව කක්ක කරන්න එක්ක යන්න හදනකොට, මිසිස් තෙන්නකෝක් කියනවා එපා කියලා. එතකොට අම්ම කියනවා ළමයව මෙහෙ නවත්තගන්න පුලුවන් කියලා. එතකොට ඩෝසරේ එලවන පොර ඇවිත්...

    දැන් අහිංසක පාඨක ජනතාවගෙ හිතේ ඕ වගේ චිත්තරයක් තමයි ඇඳිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / දැන් මිසිස් වීරසිංහ අර කොලුවව කක්ක කරන්න එක්ක යන්න හදනකොට, /

      මචං මම මෙහෙම කිව්වට කලබල වෙන්ට එපා. අසනීප කියන එව්ව මල්ලි කාටත් හැදෙනව. අසනීපයක් හැදුනම බෙහෙත් ගන්න එකයි තියෙන්නෙ...අසනීපෙ හංගගෙන ඉඳල හරියන්නෙනෑ. කොයි වෙලාවෙ හරි මතුවෙනවා. උඹට අර අපෙ උන්දැගෙ පංතියෙ ශිෂ්‍යයා කක්ක කරන්ට ගියාද මොකද කියල ඒ ප්‍රශ්නෙ හිතෙං අතෑරගන්ට බැරි එකයි මෙතන කේස් එක. බයවෙන්ට ඕන නෑ. ලෙඩේ නම සිරා වුනාට පටගාල සනීප කලෑකි. ඔය ලෙඩේට කියන්නෙ Obsessive–compulsive disorder (OCD) කියල සිංහලෙන් නම් ග්‍රස්ථිය.

      Obsessive–compulsive disorder (OCD) is a mental disorder where people feel the need to check things repeatedly or else have certain thoughts repeatedly,

      නොකඩවා ප්‍රතිකාර ගනිං මල්ලි නිට්ටාවට සුව වෙනවා...දීපට එහෙම කියන්න එපා. එතුමී නිකං නිස්කාරණේ කලබල වෙයි.

      Delete
    2. උපේක්ෂා.

      / ++++++ sooo true... Lol /

      උඹ ඔය මට නෝන්ඩිය දාන්නෙ බොලාට මේ බ්ලොග් එකෙන් තියන ප්‍රයෝජනේ ගැන හරිහැටි නොදැන. එකක් විතරක් කියන්නංකො දැනට. වෙන කොයි බ්ලොග් එකේද උඹලට සුටු පුටු ගාල කට ඇතුලෙං කුණු හබ්බ කියන්ට පුරුදු කරන්නෙ? හා කියපං බලන්ට..මේකෙ විතරයි. මේකෙ විතරයි.ඒ බොලාට අපි නොමිලේ ලබාදෙන මහා දැනුම් සම්භාරයට අමතරව.

      She was muttering under her breath the whole time while reding that blog.

      Delete
    3. What I have is CDO. It’s like OCD, but the letters are in alphabetical order, LIKE THEY ARE SUPPOSED TO BE. So never write Obsessive Compulsive Disorder that way because it hurts people with CDO.
      If you really want to write it like OCD, you are in luck. There is this Obnoxious C*nt Disorder. which you can write like OCD which would not hurt no ur.. um.. okay anyone with OCD.

      Well, that's all.

      Delete
    4. Dude,

      / Well, that's all. /

      It's more than enough for me…..:)

      Delete
  10. දිගයි රසයි දෙකම තියනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මා....:)

      Delete
  11. /* මේ දවස්වල මම කියවනව මුම්බායි ගැන ලියවුණු අපූරු නවකථාවක්...Gregory David Robertsගෙ Shantharam..*/

    ඔව් මෙච්චර දිග බ්ලොග් පෝස්ට්, ඊටත් වඩා දිග පිළිතුරු ලියන්න වෙලාව තියෙනවා නම් ඔය කියන පතරංග ජාතකය කියවන එක සුළු වැඩක්!

    ReplyDelete
    Replies
    1. රසික,

      හෙහ්...ඔය දීර්ඝ පෝස්ට් සහ කමෙන්ට්ස් ලියන හින්දම තමයි පොත කියවල ඉවර කරන්ට වෙලාවක් නැත්තෙ....:)

      පතරංග නෙවෙයි පදරංග ජාතකය.....

      Delete
  12. අඩේ,මං බැඳල පවුලව කැන්දන් එන දවසෙත් සාමෙල් මුදලාලිගෙ කඩේ ළඟ තුංමං හන්දියෙත් ආදර පොළක් තිබ්බ නොවැ.ඔය උඹ කියපු විදියටම ඔරෙන්ජන් බාරලි බෝතල් ගිරෙන් කඩල පිළිගැන්නුවා.අපේ පළාතේ ඒවට කියන්නෙ පිළිගැනීම් කියල.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අඩේ එහෙම ආදරපළක් පැවැත්තුවම මනාල මහතා ඉස්තූති කරල කතාවක් කරන්න ඕන. උඹ එහෙම කලේ නැද්ද? ෂෙඃ වස වැරැද්දයි නෙව..මං කියන්ටද? බෙටර් ලේට් දෑන් නෙවර් කියලත් තියෙන එකේ මේ පාර වැකේෂන් ගිහාම උඹ ගානෙ එතන අර විදිහටම ආදරපළක් සංවිධානය කරල ඉස්තූති කතාව පවත්තපං...

      Delete
    2. කෙරුව කෙරුව බොලං මට කරන්න උනා.මං හිතන්නෙ එහෙම ඉස්තුති කතා පවත්තපු පළවෙනි මනමාලය මම වෙන්න ඇති.මම ඉතිං ගමේ කතිකය සහ නිවේදකය නිසා වැඩේ ගොඩ දාගත්ත කියපංකො.උඹත් කතා පැවැත්තුවද බං.මරුනෙ.

      Delete
    3. හැලප,

      / උඹත් කතා පැවැත්තුවද බං.මරුනෙ. /

      නෑ බං..අපේ ගෙවල් පැත්තෙ ඔහොම චාරිත්‍රයක් නෑ. මම ඔය කිව්වෙ අපෙ අප්පච්චිලගෙ ගමේ ( අකුරැස්ස කිට්ටුව ) සහ ගෙදර උන්දෙගෙ ගමේ ඒ කාලෙ කරපු චාලිත්තරයක් ගැන.

      හෙහ්..මම කතාවක් පැවැත්තුව අපේ මඟුලෙ අවසාන අවස්තාවෙ...හහ්..ඒක තමයි කතාව....මඟුලට ඇවිල්ල හිටපු නෑදෑ හිතමිත්‍රාදීන්ගෙන් බාගෙට බාගයක් ඇඬුව...ඔන්න කිව්වට විස්වාස කරපං..කොටිම්ම දැං අවුරුදු විස්සක් ගිහිල්ල තාම උනත් අපෙ නෑදෑයො ඔය මඟුලකදි මරණෙකදි රැස් උනහම ඒ ගැන කතා කොන්නව. " එදා රවි පුතාගෙ / රවි අයියගෙ / රවි මල්ලිගෙ / රවි බාප්පගෙ / රවි මාමගෙ කතාව තමයි කතාව" කියල.

      ඒ කතාව වෙලාවක ඔක්කොම ලියල තියන්ට ඕන අමතක වෙන්ට ඉස්සෙල්ල. මයෙ හිතේ කාලෙකදි ඔය මාක් ඇන්ටනි සීසර්ගෙ මළගෙදරදි කරපු කතාව, ගෙටිස්බර්ග් කතාව, Blood toil tears and sweat කතාව, I have a dream කතාව වගෙ මයෙ කතාවත් ලෝක ප්‍රසිද්ද වෙනව...ෂුවර් ඇන්ස් ෂොට්...

      Delete
  13. ඇත්තටම රවි අයියෙ ජෝඩුවක් පිලිගන්න තැනක උඹ එහෙම කතාවක් පැවැත්තුවොත්, කඩපු ඔරේන්ජං බෝතල් වල මදුරු පනුවො හැදෙනව. වැඩිං ෆොටෝ එකේ බබා හොරෙන් හැංගිලා හිටියොත් ඔතනම හම්බවෙනව.
    වඩේකාර්ට ඔච්චර දවසක් ගිය හින්ද තමයි, අප්පොච්චි මැදමුලනට හෙලිකොප්ටරේ ගියේ නැත්තං තාම රත්මලානෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / වඩේකාර්ට ඔච්චර දවසක් ගිය හින්ද තමයි, අප්පොච්චි මැදමුලනට හෙලිකොප්ටරේ ගියේ නැත්තං තාම රත්මලානෙ. /

      අප්පොච්චි මැදමුලනට හෙලිකොට්ටරේ ගිය හේතුව ඒක නෙවෙයි බොල. ඔන්න අහගංකො සීන්ස් එක. චන්දෙං පැරදුනාට මරාස් ලෑස්තිවුනාය කියන්නෙ මුත්තාපල් නොයං කියල මොන ජිල්මාල් එකක් හරි දාල බලයෙ ඉන්ට.

      මේ යකා ටැම්පල් ටිරීස් එකෙං යන පාටක් නෑය කියල ආරංචි උනහම රනිල් කතා කරල කිව්වලු " මේ හලෝ මට මේ දැන් ආරංචියක් ආව ජෙනරල් එයාගෙ පරණ යුනිට් එකේ, සිංහ රෙජිමන්ට් එකේ කට්ටියකුත් එක්ක එනවයි කියල අරලියගහ මන්දිරේ වටලන්ඩ " කියල.

      අම්මට උඩු මේක ඇහුවම මරාගෙ බොක්ක හීතල උනාලු. ඔය මනුස්සය ජෙනරල්ට විතර බය නෑ මේ තුං ලෝකෙ වෙන කාටවත්.ඇයි දන්නවනෙ 2010 චන්දෙ පැරදුනාම ජෙනරල්ට සලකපු විදිහ. සතෙකුට වාගෙනෙ.

      ඒ පාර මරා කිව්වලු " අනේ එහෙනං රනිල් මම යන්නං යන්ට... මට හෙලිකොට්ටරයක් දෙන්ටකො" කියල. ඒ එක්කම රනිල් හෙලිකොට්ටරයක් එව්ව. ඒක අරලිය ගහ මන්දිරේ ඉස්සරහ තනකොල ගොල්ලට බාපු ගමං මරා රෙද්ද කරට අරගෙන දුවල ගිහිං නැග්ගයි කියන්නෙ හෙහ්..හෙහ්...කොටිම්ම වෙන මොකවත් ඕන නෑ. පොරගෙ හුරතලේට හදපු ලස්ස ගානක් වටින බල්ලත් දාලයි ගිහිල්ල තියෙන්නෙ. පස්සෙ අර පෙන්නුවෙ රනිල් එහෙම ඇවිල්ල දොරවල් ඇරල බලන කොට බල්ල කූක් කූක් ගාගෙන එලියට එනව...පව්...

      Delete
  14. බැක් ටු ද ප්ලේ ග්‍රවුන්ඩ්.. ඔරිමජිනල් වාන් පතුල් ඉට්ටැයිල්..

    //" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම් හිතාගන්ට බෑ.."// ඒ කාලෙම අම්මනං තේරුං අරං ඉඳල තියෙන්නේ..

    අපේ පැත්තේ ඔය වගේ තඩි කරත්ත තියෙනවා කෝවිල් වල ඒවට හැබැයි කියන්නේ රදම් කරත්ත කියල.. Juggernaut තරම්මනම් ලොකු නෑ ඒත් සංස්කෘතිය එකයි මං හිතන්නේ. ඔය Juggernaut අදහසින්ම Roller coaster කියනෙකත් පාවිච්චි කරනව නේද රවීයිය?

    Subsistence Allowance කියන්නේ සංයුක්ත දීමනාවෙන් (Combine allowance) එකක් විතරයි (යැපුම් දීමනා) කියලයි මං හිතන් උන්නේ.

    රවී අයියට මතකද ඉන්දියන් ටීම් එකේ කාර් ල කීයක් හිටියද කියල, මට මතකයි වඩේකාර්, වෙන්සාකාර්, ප්‍රබාකාර්, මන්ජ්‍රෙකාර් සහ තෙන්ඩුල්කාර්.. වඩේ ඇරෙන්න අනිත් ඔක්කොම කාර්ල සෙල්ලම් කරනව දැකල තියෙනව..

    ලොකු අම්මගේ පුතාගේ කතාවනම් ටක්කෙටම කියතෑකි.. (හැබැයි මෙයා කොහොම හරි ඕක වෙනස් කරයිද දන්නෑ හිටං)

    ReplyDelete
    Replies
    1. ගවස්කාර් අමතක වෙලා.

      Delete
    2. බිගස්ට් මිස්ටේක් ඔෆ් ද සෙන්චරි.. තෑන්ක්ස් කම්මලේ. උඹ කියපු නිසාම නං ඉන්දියන් නැෂනල් ප්ලේයර් ලිස්ට් එක චෙක් කරල බැලුව.. අම්මට උඩු.. තව ලොට් එකක්ම ඉන්නවනේ. මට අහු උනා ඔයිට අමතරව නම් නවයක්ම. ඒ අතරින් විජේ මන්ජ්‍රෙකාර් ගැන අහල තිබ්බා සන්ජේ ගේ තාත්තා කියලා..

      Delete
    3. කළ්‍යාණ,

      / අපේ පැත්තේ ඔය වගේ තඩි කරත්ත තියෙනවා කෝවිල් වල ඒවට හැබැයි කියන්නේ රදම් කරත්ත කියල../

      මාතලේ එහෙම එව්වට කියන්නෙ වේල් කරත්තෙ කියල. වේල් පෙරහැරට ඕක ඇදගෙන යනව හැබැයි ට්‍රැක්ටරේකිං..ලණු දාල තියනව ඉස්සරහ ඕන කෙනෙකුට නිකං ලණුව අල්ලගෙන වගෙ ගිහෑකි.

      / Subsistence Allowance කියන්නේ සංයුක්ත දීමනාවෙන් (Combine allowance) එකක් විතරයි (යැපුම් දීමනා) කියලයි මං හිතන් උන්නේ. /

      මම හිතන්නෙ මල්ලි උඹ හරි ..සංයුක්ත කියන වචනෙ තේරුමම කීපයක් එකතුවෙලා කියන එකනෙ. සමහරවිට අපිට අර ගෙවපු එක ඒ අර්ථයෙන් සංයුක්ත දීමනා වෙනවා ඇති. මොකද ඕක ඇත්තටම ගෙව්වෙ අපි අර මහ කැලේ මැද මැලේරියා, අලි කොටි වලස්සු අස්සෙ ඉන්නවට ගෙවන දිරි දීමනාවක් හැටියට.

      / රවී අයියට මතකද ඉන්දියන් ටීම් එකේ කාර් ල කීයක් හිටියද කියල, මට මතකයි වඩේකාර්, වෙන්සාකාර්, ප්‍රබාකාර්, මන්ජ්‍රෙකාර් සහ තෙන්ඩුල්කාර්.. වඩේ ඇරෙන්න අනිත් ඔක්කොම කාර්ල සෙල්ලම් කරනව දැකල තියෙනව../

      මම ක්‍රිකට් ගැන ඉස්සෙල්ලම උනන්දුවෙන්ට ගත්තෙ 1974 අවුරුද්දෙ ඉන්දියන් ටීම් එක ලංකාවට ආපු වෙලාවෙ. ඒ ඔය මම පෝස්ට් එකේ කියපු ඉන්දියා-එංගලන්ත තරඟ වලට ඉස්සෙල්ල. ඉන්දියාව ලංකාවට ආවෙ පෙබරවාරි, මාර්තු වගෙ කාලෙ.ඒ ටීම් එකේ හිටිය කාර්ල පස් දෙනෙක්..ඒක්නාත් සොල්කර්, පද්මකර් ෂිවල්කර්, පාන්දුරාංග් සල්ගෝන්කර්, සුනිල් ගාවස්කර් සහ අජිත් වඩේකර්...වෙංග්සාකර්, ප්‍රභාකර්,ටෙන්ඩුල්කර් සහ මංජ්රේකර් ඊට පස්සෙ ආපු අය.

      Delete
  15. දැන් ඔය ආදර පළවල් අතරේ වැසිකිලි පහසුකම් එහෙමත් සපයනවද? නැත්නම් ඔය නෙක්ටෝ බොන හැටියට ගෙදරට යාගන්න පුළුවන් වෙයිද කියලා සැකයි.
    තවත් පැතිවල ජෝඩුව කාරෙකේ එනකොට මගදී ඒක ඉස්සරහට මෝටර් බයික් පහ හයක් සෙට් වෙනවා. ඊට පස්සේ ඉතින් සද්දේ දාගෙන ලයිට් ගහගෙන වාහන අයින් කර කර උන් තමා ඉස්සරහින් යන්නේ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එහෙම ඕනේ වෙන්නේ නෑ. වමනේ යනවා ඇති ඊට කලින් පිට පාරෙන්ම. :D

      Delete
    2. සයුරි,

      / දැන් ඔය ආදර පළවල් අතරේ වැසිකිලි පහසුකම් එහෙමත් සපයනවද? /

      මනමාලය නම් කරන්නෙ අර සංවිදායක ලොක්ක කතාව පවත්වන අතරෙ හෙමීට ලුහුටල ගිහිල්ල ඔය අහල පහල තියෙන කුඹුක් ගහකට, මාදං ගහකට එහෙම නැත්තං ලුණුවරණ ගහකට මුවාවෙන එක. මනමාලිට නම් බබලතෙක්ට කතාකරගෙන ඒ අහල පහල ගෙදරකට යන්ට වෙනව

      Delete
  16. ඇයි අර දේසපාලන රෑස්වීමුත් තියන්නේඔය නෙක්ටෝ බෝතලයක් තියලා මේසයක් ,පුටු කීපයක් දාලා

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔව්...දිවුරුම් දීල ගමට එන මන්ත්‍රීල පිළිගන්නෙත් එහෙම තමයි...:)

      Delete
  17. ඉන්දියාවෙන් ඉන්ග්‍රීසියට ආපු බහුලවම භාවිතාවෙන වචනයක් තග්. Thug from "Thuggee"

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      yoga, swastika, khaki, sari, pariah, pundit, purdah, cheroot, bangle, chintz, pajama, shampoo, ginger, mango, mongoose, anaconda, cheetah, bungalow, bazaar, teak, loot

      Chintz = චීත්ත...පාර පුරා මල් ඉහිරෙයි ඇඳපු චීත්තේ හා..හා..ඇඳපු චීත්තේ...:)

      Delete
    2. anicut, ,raj, masala, jungle, mahout, mynah, sadhu, chapati, ganja,

      හර්ෂ

      Delete
  18. මම ඊයේ ඉඳන් කල්පනා කළා මේකට මොකක් ලියන්න ද කියල. තාම හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      බොලා දෙන්න බැඳල ඉස්සෙල්ලාම ගෙදර එනකොට ගෙවල් ගාව හංදියෙ ආදරපළක් පැවැත්තුවයි කියල උපකල්පනය කරල ඒකෙ විස්තරේ ලියහං...:)

      Delete
  19. ඔය "ආදර පිළිගැනීම"පළිගැනීමක් වගේ වැඩක්නේ හරියට.අර ඇනෝ කෙනෙක් උඩින් කියලා තියෙනවා වගේ ඔව්වා අපේ පැතිවල නම් කෙරුවේ දේශපාලකයෝ පිලිගන්න.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      මම හිතන්නෙ නෑ මල්ලි දැන්නම් එහෙම පිළිගැනීම් කොහෙවත් කෙරෙනවයි කියල. මම මේ කියන්නෙ අවුරුදු හතළිහකට වගෙ එහා වෙච්චි දේවල්...

      Delete
  20. ආදරපළත් හරියට ඉතින් දෙන් පාරේ අතරමග බලාගෙන ඉදලා රැග් එක දෙන්න සෙට් වෙනවා වගේ වැඩක් තමයි බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මෙතන වෙනස මල්ලි ආදරපළත් රැග් එකක් වගෙ උනාට එව්ව කරන කට්ටිය බොහොම ලෙංගතු කමින් ඒක කරන්නෙ. රැග් එක වගෙ ජෝඩුවට වදයක් වෙන්ටම හිතාගෙන නෙවෙයි....:)

      Delete
  21. ආදරපළ කිව්වම මතක් වුණේ ආදර පොළ. මම බ්ලොග් එක අලියන්න ගත්ත මුල් කාලේ ඕක ලිව්වා. වියට්නාමේ කඳුකර පලාතක තියෙන ආදර පොළ ගැන. පරණ ආදරවන්තයින් මුණ ගැහෙන පොළ. පස්සේ කාලෙක ඔය පලාතට යන්නත් ලැබුණ. නමුත් පොළ දවසක නම් නෙමේ. අපේ රටේ හෙම ඔහොම එකක් තිබිල රවී හෙම ගියොත් කොහොමද . බැලු බැලු අත පරණ අංගනාවියෝ.

    ReplyDelete
    Replies
    1. Bindi,

      / වියට්නාමේ කඳුකර පලාතක තියෙන ආදර පොළ ගැන. පරණ ආදරවන්තයින් මුණ ගැහෙන පොළ../

      නෑහ්හ්හ්???..එහෙම තැනක් එහෙ තියනවය? මරුනෙ....සික් ඔහොම තැනක් ලංකාවෙ නැති එකයි මට කටගාටූ....ඒකයි මට කටගාටූ....:)

      Delete
  22. මම මේ පොඩි නිවාඩුවකට පස්සේ ආයේ බ්ලොග් කියවන්න ආවේ.... මග ඇරිච්ච ටික කියවන්න දැන් ආයෙ නිවාඩු දාන්න වෙනවා...

    දැන් ක්‍රිෂ්ණා කියන්නේ විෂ්ණු ගේ අවතාර වලින් එකක්... ඒත් ක්‍රිෂ්ණාටත් නම් හැටහුටාමාරක් තියනවනේ.. ගෝවින්ද, ගෝපාල වගේ... ඒ විදිහට බලං ගියාම විෂ්ණුට නම් කීයක් විතර තියනවද දන්නේ නෑ...

    ඔය ශාන්තරාම් පොතට මම බුකිං එකක් දාලා තියෙන්නේ මෙහෙ ලයිබ්‍රරියක... තාම ලැබුණේ නෑ.... තව තියනව "කල්කි" කියලා පොතක් ගෝර් විදාල්ගෙ... ඒක නම් කියවලා තියනවා..

    ReplyDelete
    Replies
    1. තිසර,

      / මම මේ පොඩි නිවාඩුවකට පස්සේ ආයේ බ්ලොග් කියවන්න ආවේ..../

      ඒකනෙ බං පහුගිය කාලෙ දකින්ටවත් හිටියෙ නැත්තෙ ඒකයි එහෙනං...:)

      / ඒ විදිහට බලං ගියාම විෂ්ණුට නම් කීයක් විතර තියනවද දන්නේ නෑ…/

      විස්නු ගොයියටත් මං හිතන්නෙ ඇති නම් හාර පන්සීයකට කිට්ටුව. දැං ඔය ජාතික චින්තන කාරයො අදහන නාත කියන්නෙත් විස්නුමයි කියනවනෙ.

      / ඔය ශාන්තරාම් පොතට මම බුකිං එකක් දාලා තියෙන්නේ මෙහෙ ලයිබ්‍රරියක... තාම ලැබුණේ නෑ.... /

      මරු පොත මලේ.....මේ ඒකෙ තියන කොටසක්

      “A man has to find a good woman, and when he finds her he has to win her love. then he has to earn her respect. then he has to cherish her trust. and then he has to, like, go on doing that for as long as they live. Until they both die. That's what it's all about. That's the most important thing in the world. That's what a man is, Yaar. A man is truly a man when he wins the love of a good woman, earns her respect, and keeps her trust. Until you do that, you're not a man.” 

      / තව තියනව "කල්කි" කියලා පොතක් ගෝර් විදාල්ගෙ... ඒක නම් කියවලා තියනවා../

      මිනිස් සංහතියේ අවසානය ගැන කියවෙන කල්කි අපූරු කතාවක්...ගෝර් විදාල්ගෙ ලින්කන් මම සෑහෙන කාලෙක ඉඳල සොයමින් ඉන්න පොතක්…

      Delete
    2. http://www.goodreads.com/book/show/88901.Gore_Vidal_s_Caligula

      :-D

      Delete
  23. එක සැරෙයක් ඔහොම වර්ල්ඩ් කප් පැරදිලාද කොහෙද, (මතකය එච්චර හොඳ නෑ.) සතියක් විතර තෙන්ඩුල්කර් පොළට ගියෙ සාරියක් ඇඳගෙනලු, ක්‍රීඩාලෝලීන්ගෙන් බේරෙන්න. දවස් දෙකක්ම තව ගෑණු කෙනෙක් තෙන්දුල්කර්ව අඳුනගෙන හිනා වුනාලු. තුන් වෙනි දවසෙදි තෙන්දුල්කර් කටහඬ හීන් කරලා ලතාවකට ඇහුවලු, “ඔයා මාව දන්නවද අලේ...?“ කියලා. එතකොට අනිත් ගෑණි කිව්වලු. “මොකෝ නැත්තෙ සච්චා, මං අනිල් කුම්බ්ලේ“ කියලා...

    - රවි නම් මේ කතාව දන්නව ඇති. අනිත් අයගෙ ලාම්පු සංවේගය (උපුටාගැනීම සරත් ලංකාප්‍රියගෙන්) උදෙසා ලිව්වෙ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      / රවි නම් මේ කතාව දන්නව ඇති /

      ඩ්‍රැකී..ඒ කතාව අහල තිබ්බෙ නෑ බං...ස්තූතියි.

      ඔන්න එක මනුස්සයෙක් ගියාලු සර්කස් කණ්ඩායමක ලොක්ක ගාවට රස්සාවක් ඉල්ලගෙන..

      " මේ තමුසෙට පුලුවන්ද පිණුං ගහන්ට?.."සරකස් ලොක්ක ඇහුවලු..

      " අපොයි පුලුවන් සර්..මම ජිම්නාස්ටික් කරල තියනව අවුරුදු ගානක්…"පොර කිව්වලු.

      " එහෙනං මේක අහගනිං අපේ පිනුං ගහන චිමන්සියා ඊයෙ මලා. මිනිස්සු වැඩිපුරම එන්නෙ උගෙ පිනුං බලන්ට. මම උඹට චිමන්සියෙක්ගෙ වගෙ ඇඳුමක් දෙන්නං . උඹ ඒක ඇඳගෙන පිණුං ගහපං "

      අනේ මේ මනුස්සයත් " ඕකේ බොස් ..."කියල වැඩේ බාර ගත්ත.දැං වැඩේ යනව තෙල් ටිකට. නරඹන්නො කවුරුත් දන්නෙ නෑ මේ පිණුං ගහන්නෙ චිම්පන්සිය නෙවෙයි කියල. උං වෙනද වගේම හුරේ දානව. අප්පුඩි ගහනව එක වැඩයි. අපේ පොරත් හිටි පිණුං බඩ පිණුං දෙනව එලෝ කෝටියට. ඔහොම සති දෙකක් වගෙ ගියාය කියමුකො.

      අනේ එක දවසක් වෙච්චි වැඩේ පොරගෙ පිම්ම වැරදිලා අත අතෑරිල වැටුනෙ නැද්ද කෙලිම්ම ගිහිල්ල සිංහ කූඩුවට. අම්මට සිරි දැං මොකද කරන්නෙ? ඔන්න සිංහය හෙමින් සැරේ නැඟිටල මූ ලඟට එනව. පොරට චිම්පන්සි පාට් එක අමතක වෙලා කෑගහන්ට ගත්ත. " අයියෝ මාර බේරගනියෝ..මාව බේරගනියෝ "කියල.

      සිංහයා ඔන්න හෙමීට හෙමීට ලඟටම ආවලු. ඊට පස්සෙ මුගෙ කණට කරල කිව්වලු." කෑනොගහ හිටපිය ගොං බූරුවා. තෝ හදන්නෙ අපි දෙන්නගෙම රස්සාවල් වලට කෙලවන්ටද?" කියල.

      Delete
    2. අම්මෝ ඉළ ඇට කූඩුව මයෙ... :-)

      Delete
  24. මම හිතුවේ බොලා වාන් පතුල් අතහැරලම දාලා කියලා. එහෙන් මෙහෙන් හරි මැරෙන්න ඉස්සෙල්ලවත් ඕක කියවන්න තිබුනම මදැයි!
    ඒක එමෙයි රවී තුමෝ අර ලොකු අම්මගේ පුතාගේ කතාව බොලා කලින් කීවේම නැ වෙන්න ඕනේ. නැත්නම් මේකේ පැල් බැඳගෙන ඉන්න අපිට ඌව අමතක වෙයිද? නැද්ද මම අහන්නේ?

    ReplyDelete
  25. ජගර්නෝට් ...ආ මේ එයා ද...ඒ මෙයානෙ...
    Juggernaut of X-Men
    (ටර රර රා රා රා...ටා-රා)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...