Wednesday, July 15, 2020

651. කන්දකාඩු මතක සටහන්....


මේක මේ වැලිකන්දෙ ආයුධ සන්නද්ධව ඉන්න දවස්වල ගත්තු එකක්...:)

මේ දවස්වල කන්දකාඩු ගැන හැමෝම කතාවෙනවනෙ. ඔය කන්දකාඩු කිට්ටුව ඒ කියන්නෙ වැලිකන්දෙ ඉඳල කන්දකාඩු යන පාරෙ අතරමඟ තිබ්බ අපේ මහවැලි ඔෆිස් එකක්. ඒකෙ මම වැඩ කලා 1989 අගෝස්තු වගෙ ඉඳල 1990 ඔක්තොබර් වගෙ වෙනකල්. සිංහපුර ප්‍රාදේශීය නේවාසික ඉංජිනේරු කාර්යාලය - මහවැලි ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සිය. අන්න ඒකයි අපේ ඔෆිස් එකේ නම.... 

වැලිකන්දෙ ඉඳල සිංහපුරට තියෙනව කිලෝ මීටර් 14 විතර. තව කිලෝ මීටර් 8 වගෙ යන්ට ඕන කන්දකඩුවට. 

ඒ කාලෙ ඔතන තිබ්බෙ කන්දකඩුව රජයේ ගොවිපොළ...N.L.D.B. නොහොත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් තමයි ගොවිපොළ පාලනය කලේ. වැඩිපුරම කලේ කිරි පිණිස ගවයින් ඇතිකිරීම. ඉන්දියාවෙන් ගෙන්නපු මහ විසාල අං තට්ටු තියෙන ඒ පළාතේ කර්කශ දේශගුණයට හොඳින් ඔරොත්තු දෙන ගව වර්ගයක් තමයි වැඩිපුරම හිටියෙ. ගව පාලනයට අමතරව වී වගාව, බඩ ඉරිඟු, කව්පී සහ මුං වගාවත් කෙරුනා. අපි සතියකට සැරයක් විතර අපේ ජීප් එහෙක කට්ටියම පැටවිල ගිහිල්ල මුදවපු කිරි බඩ ඉරිඟු එහෙම අරගෙන එනව. 

මහවැලියෙ ඒ කාලෙ අංශ දෙකක් තිබ්බ. මම ඒ කාලෙ වැඩ කරපු M.E.C.A. නොහොත් මහවැලි ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සිය සහ M.E.A. නොහොත් මහවැලි ආර්ථික ඒජන්සිය. ම.ඉ.නි.ඒ. එකට බාර වෙලා තිබ්බෙ පාරවල් ,ඇලවල්, ඉස්කෝල එහෙම හදල මිනිස්සු පදිංචි කරන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් නිර්මාණය කිරීම. මිනිස්සු පදිංචි කරල ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ ඕනෑ එපාකම් ඉටු කිරීම කලේ මහවැලි අර්ථික ඒජන්සියෙන්. 

අපි සිංහපුර ඉන්න කාලෙ මහවැලි ආර්ථික ඒජන්සියෙත් බොහොම සීමිත කාර්ය මණ්ඩලයක් එහෙ සේවය කලා මිනිසුන් පදිංචි කීරිමට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරමින්. ඒ අංශයෙ ප්‍රධානියා හැඳින්වුනේ කොට්ඨාශ කළමණාකාර යන නමින්. 1990 අගෝස්තු මාසෙ විතර එල්.ටී.ටී.ඊ. එකෙන් වැලිකන්ද සිංහපුර පාරෙ රැකල ඉඳල ඒ කොට්ඨාශ කළමණාකාර මහත්මයා වෙඩි තියල ඝාතනය කලා. 

ඔය ප්‍රේමෙ කොටි එක්ක සාම සාකච්ඡා පවත්වමින් ඉන්න දවස්. ඉන්දියන් සාම සාධක හමුදා එහෙමත් ඒ පැත්තෙ හිටිය. ඒ කාලෙ කොටි මහවැලියෙන් කරපු ඉදිකිරීම් වලට ජෙනරලි බාධා කලේ නෑ. එහෙම බාධා නොකරන්ට හේතුව උංගෙ ප්‍රොපෝස්ඩ් ඊළමට නැගෙනහිර පළාත විතරක්ම නෙවෙයි මනම්පිටිය පාළම දක්වා උතුරු මැද පළාතෙන් කොටසකුත් අයිති වෙලා තිබ්බ. ඒ හින්ද උං හිතන්න ඇති "එන්නප්පා.....උඹලට ඔච්චරම අකේ පුමාරුවක් තියනවනං ඇලවල් වැව් පාරවල් උඹලම වියදම් කරල හදපල්ල..අපි බොහොම ඉක්මනට ඊළම ගත්තම ඔය හදපුව ඔක්කොම අපිට තමයි. මොකෝ ආය උඹල හදපු ඇළවල් බිල්ඩිං එහෙම ලොරිවල පටවල අරං යන්ටද?" අන්න ඒ විදිහට. ඒ කාලෙ ඒ පැත්තෙ හිටපු කොටි නායකය බාලෝ එහෙම කියලමත් තිබ්බ..... 

දැං අපි ඔය මහ කැලේ මැද කිසිම ආරක්ෂාවක් නැතුව ගිහිල්ල මැනුම් කටයුතු, ගොඩනැඟිලි ඉදිකිරීම්, වැව් සහ ඇළවල් ඉදිකිරීම් අරව මෙව්ව ඔක්කොම කලානෙ. උංට ඕනනම් කිසිම බාධාවකින් තොරව අපේ නිලධාරීන්, සේවකයින් කොන්ත්‍රාත් කරුවන් ඔක්කොමල මරල දාන්ට තිබ්බ. අපේ හමුදාව ඒ කිට්ටුව හිටියට ඒ ගොල්ලන්ට බොහොම තහංචි දාල තිබ්බෙ ආණ්ඩුවෙන්ම. "No confrontation whatsoever with Tigers" එහෙමයි ආණ්ඩුවෙන් නියෝග දීල තිබ්බෙ හමුදාවට...

ඒත් ඒ කාලෙ අපේ ඔෆිස් එක  කිට්ටුවම තිබ්බ හමුදා කඳවුරේ ලොක්ක හිටියෙ කැප්ටන් කෙනෙක්. එතුමා අපට කිව්ව ආණ්ඩුවත් එක්ක සාම සාකච්ඡා තිබ්බට මේ කොටි කියන ජාතිය සත පහකට විස්වාස කරන්ට බෑ. ඒ හින්ද ඔය ගොල්ල කෝකටත් හදිසි තත්වයකදි වහාම අපේ ක්වාටර්ස් පිටිපස්සෙ තිබ්බ කැළේට පහු බහින්ට ලෑස්තිවෙලා ඉන්ටය කියල. එහෙම අනතුරක් ආවොත් එයාල සයිරන් එකක් තියනව ඒක ගහන්නම්ය කියලත් කිව්ව. ඒ සයිරන් එක කිලෝමීටර් දෙකක් වගෙ දුරට ඇහෙනව. 

අපිට ඒ කාලෙ මහවැලියෙන් ෂොට් ගන්ස් දීල තිබ්බ. හැමෝටම වගෙ අවි පුහුණුවකුත් දුන්න. ඇත්තටම කොටි ඇටෑක් එකක් ආවොත් ඔය ෂොට් ගන්ස් වලින් කරන්ට පුලුවන් දෙයක් නෑ. ඒත් එව්ව දුන්නෙ එකක් ආමි එකට සංඥාවක් විදිහට සහ පොඩි වෙලාවක් හරි අල්ලගෙන ඉන්ට පුලුවන් වෙයි කියල හිතපු හින්ද. කොහොම හරි දෙයියන්ගෙ පිහිටෙන් ඒ ෂොට්ගන්ස් පාවිච්චි කරන්න අවස්ථාවක් නම් ආවෙම නෑ.

ඔහොම තත්වයක් යටතෙ ආණ්ඩුවත් කොටින්ට පුලුවන් තරම් ඉඩ දෙද්දි කොටින්ට ඕන ඕන හැටියට සෙල්ලං දාන්ට පුලුවන්කම තියෙද්දි එකපාරටම මේ කරපු ඝාතනය ගැන අපිට හිතාගන්නවත් බැරිවුනා. ඒ කොහොම වෙතත් එව්ව හිත හිතා ඉන්න වෙලාවක් නැහැනෙ. අපි ඔක්කොම අර දඩ ටාටා හාෆ් බොඩි ලොරි වලට ඇඳ පුටු මේස කොට්ට මෙට්ට යනාදී සකල සබ්බ මනාවම පටවගෙන වැඩ ඔක්කොම අතෑරල දාල වැලිකන්දට පහු බැස්ස. 

අපි ආපහු සිංහපුරට ගියේ නෑ සෑහෙන කාලෙකට...මම වැලිකන්දෙ අවුරුද්දක් වගෙ ඉඳල බකමූණට ස්ථාන මාරුවක් ලැබිල එහෙට ගියා. ඉතිං ඔන්න ඔහොමයි කන්දකඩුව පිළිබඳ මගේ මතක... 

සිංහපුරදි ගෙවපු කාලය පිළිබඳව මම කලින් ලියපු කතා මහ හුඟක් තියනව...










18 comments:

  1. අතීත මතක ආවර්ජනය හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දයා මහත්මයා...

      "Life brings tears, smiles, and memories. The tears dry, the smiles fade, but the memories last forever."

      We all love a good trip down memory lane (provided they are the good type of memories!)

      Sometimes all it takes is a familiar smell or a certain taste to evoke an old memory, making you feel like you are back in time in that moment where it was created.

      Delete
  2. යන්තං ලියල හරියන්නෑ ලොකු අයියෙ... යාන්තං ඇහැපියවේගෙන ඇවිත් හීනෙයක් පටං ගත්ත විතරයි ඇහැරුණා වගේ දැනුණා.

    ReplyDelete
    Replies
    1. Dracky,

      ඩ්‍රැකී, මාර කම්මැලියි ඕයි ලියන එක දැං....:)

      Delete
    2. ඒ උනාට, මෙහෙම ලිව්වම කිසි ගතියක් නෑනෙ. අර "සැවුලගෙ කතාව" හරි "කුකුලේගඟ මතක" හරි වගේ එකක් ලිව්වනං මාසෙකට විතර පොදු සමාවක් දෙන්ඩ පුළුවං.

      Delete
  3. ෂොට්ගන් පුහුණුවීමට අමතරව මොනවටවත් පාවිච්චි කලාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      නෑ අනේ අපි ඒ වගෙ දේවල් කලේ නෑ..අනික පතරොම් ගණං කරල දෙන්නෙ අපිට..කවුරු හරි අත්සන් කරන්නත් ඕන..

      ඒ හින්ද අපි කලේ පතරොම් සේෆ් එහෙම දාල ඉබි යතුරු දාල ඉබ්බගෙ යතුර ඩෝමිටරි එක ඉස්සරහ තිබ්බ කොට්ට ගස් පේලියක්..ඒ පේලියෙ තුන්වෙනි ගහේ ඉඳල ඉස්සරහට පියවර දහයක් ගිහිල්ල වමට හැරිල තව පියවර අටක් ගියපු තැන වලක් හාරල වළලල තිබ්බ ...කොහොමද අපෙ මොලේ?

      Delete
  4. අම්මට සිරි. ඇපෙන් ගැලවෙන්න මොකද්ද ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      ඇත්තම කතාව ඇත්තම කතාව..ඇපෙං ගැලවෙන්ට තමයි ලිව්වෙ...අර දැන් පොලීසියෙන් බේරෙන්ට නිකටට මාස්ක් දාන්නෙ ..අන්න ඒ වගේ...:)

      Delete
  5. රවී මහත්තයෝ. වෙලාව මදිද ලියන්න?

    ReplyDelete
    Replies
    1. නිමල්,

      ඇත්තම කිව්වොත් වෙලාව වැඩිවෙලා තියෙන්නෙ බං ලියන්න..මොකක් හරි එකක් වැඩි උනහමත් වැඩේ කෙරෙන්නෙ නෑනෙ..

      දැං ඔන්න වීක් එන්ඩ් එකේ විතරක් නම් ලියන්ට වෙලාව තියෙන්නෙ ඒ දවස් දෙකේ දිව හපාගෙන ලියනව..දැං වෙන්නෙ හෙට ලියනව....හෙට ලියනව කියල කල් දානව වැඩේ කෙරෙන්නෙ නෑ..

      අර අපි ගල් බෝල හොයන්ටහඟුරන්කෙත ගිය ගමන ගැන බාගෙට ලියල තියනව දැන් මාස හයකට වඩා වැඩියි..එතකොට මේ මාස දෙකකට උඩිං තිබ්බෙ මගෙ විසිපස්වන විවාහ සංවත්ඩරේ..ඒකට ලියපු පෝස්ට් එකත් තියනව බාගෙට ලියල..:( :(

      Delete
    2. බුකියේ ඉන්න නං තමුන්නාන්සේට වෙලාව තියෙනවා වගේ. අනේ.... අර ගමන ගැනයි... සංවත්සරේ ගැනයි ඉක්මනට ලියලා ඉවර කරන්න අපට කියවන්න...

      Delete
    3. හරි හරි නිමල්...;)

      Delete
  6. ලියන්න ඔය හැටිම කම්මැලි නම් රවී අයියගේ ප්‍රියතම එසැනින් පුවක් එකක් ලියල ඔය මකුළු දැල් කඩා ගන්න... හෙහ් හෙහ් ... ලියන්න ඕනේ තරම් පුවක් ඇතිනේ මේ දවස් වල .. :):):)

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      එහෙමවත් බලන්න ඕන බං...හරියන්නෙ නෑ මේ කෙළිය...:)

      කිව්වත් වාගෙ ඒ කාලෙ නම් උදේ හවස කෑමට පෙර එෂැණිං පුවක් ලියන්ට තිබ්බ..ඇයි බං සම්පායෝ..උකුස්සෝ..පූසෝ.....හෙහ්...හෙහ්...

      Delete
  7. බෝතලයක් දෙකක් ලං කරගෙන ලියන්න වාඩි උනානං ඔය කම්මැලිකම කොහේ ගියද කියල හිතාගන්නත් බැරි වේවි.හොද හොද මතකයන් කැරකිලා ඔලුවට ඒවි . රවී ලොක්ක මම කියන්නෙ බොරුද .

    ReplyDelete
    Replies
    1. town arachchi,

      හෙහ්..හෙහ්...එහෙමවත් කරල බලන්ට ඕන...අපේ ලොක්කිගෙන් තමයි ඔලුව බේරගන්ට බැරිවෙන්නෙ..

      ආ..මේ බයි ද වේ.BTW....ටවුන් ආරච්චි කියල අපේ මහවැලියෙ තනතුරක් තිබ්බනෙ...ඉංග්‍රීසියෙන් කිව්වෙ Town Officer කියල. සිංහලෙන් නගර නිලධාරි..

      මගෙ හොඳම යාලුවෙක් හිටියෙ දෙහිඅත්තකණ්ඩියෙ ටවුමා විදිහට...අපි කිව්වෙ ටවුමා එහෙම නැත්තං නගරං නිලධාරි කියල. නගරං කියන එක දන්නවනෙ නේද? කප්පං..කප්පං...

      ඇත්තටම ටවුන් ආරච්චි කියන නම ගැලපෙනව ටවුමා කියනවට වැඩිය...හෙහ්..හෙහ්...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...