ඇය ගර්භණී මාතාවක් වූවාය.
ඔහු ඇයගේ වටිනා ජීවිතය ගලවා ගත්තේය.
ඔහු ඇයගේ වටිනා ජීවිතය,
ඇයගේ නිවස වසා පැතිරෙන්නට වූ බියකරු ගිණි ජාලාවෙන් ගලවා ගත්තේය.
දෝතින් දරාගෙන, පුංචි දරුවකු ගෙන එන්නාසේ වඩා තුරුළුකරගෙන ඉදිරිපස මිදුලට ගෙන ආවේය.
ඒ ද ඒ බියකරු ගිණි ජාලා සමගින් තවදුරටත් පොර බදනා අතරතුරදීය.
ඒ ගලවා ගැනීම සාර්ථක වූ බව සක් සුදක් සේ පසක් වූ පසු
සැනසුම් සුසුමක් හෙලා ඒ සමගින් ම මහා සුසුමකින් ලයපුරවාගෙන ඔහු බිමින් වාඩි විය.
අසීරු ම කර්තව්‍ය නිමා කර, විඩා නිවන්නට ඔහු බිමින් වාඩි විය.
ඒ ඇසිල්ලේ ඔහු අසලට ලං වූයේ ඡායාරූප ශිල්පියෙකි.
ඒ ඡායාරූප ශිල්පියා යමක් දුටුවේය.
ඇය සිටියාය.
පසෙකට වී විඩාබර, බියපත් දෙනෙතින් ඔහු දෙස නෙත් නොසලා බලාගෙන ඇය සිටියාය.
සිය දිවි නොතකා තමාත් තම කුස ඔත් දරුවනුත් වෙනුවෙන් කැපවුනු
ඒ අසාහය ආදරණිය පුරුෂයා දෙස බලාගෙන,
වදනට කැටි කිරීමට නොහැකි තරම් හැඟීම් දෙනෙතින් දනවමින්,
ඇය සිටියාය.
යම් කිසි සිදුවීමක් සිදුවන්නට යන බව ඒ ඡායාරූප ශිල්පියා දුටුවේය.
ඔහු නිසගයෙන් සිය ආම්පන්නය සුදානම් කර ගත්තේය.
ඇය,තුති පළ කිරීමට කාලය එළඹ ඇති බව දත්තාය.
සෙමින් දෙපයට වාරු ගත්තාය.
සෙමින් සෙමින් පියවර මනිමින් ඒ මිනිසා වෙත ලං වූවාය.
සිය මුව ඔහුගේ මුව මතට ලං කලාය.
ඒ මොහොතේම, ඒ අමතක නොවන මොහොතේම
ඒ සිදුවීම සිය කාචය මත සටහන් කරගන්නට ඒ ඡායාරූප ශිල්පියාට හැකි වූ නිසාවෙන්,
.......................................
මේ ඡායාරූපය ඔබ වෙත ගෙන එන්නට මට හැකි විය.

හරිම අගෙයි නගෝ. හැඟීම්බරම කතාවක්. ගොඩක් වෙලාවකට මිනිස්සුන්ටත් වඩා සත්තු කෘතවේදී බවෙන් පිරී යනව.
ReplyDeleteහෙහ් හෙහ් අහුවුනා නෙව. පිංතූරෙ බලනකම්ම හිතුනෙ නෑ.
ReplyDeleteගොඩක් වෙලාවට අපි සතුන්ව නොසළකා හැරියට උන් හරිම සංවේදීයි. බල්ලා කියන්නෙ සෑහෙන මොළේ තියෙන සතෙක්නෙ.
බල්ලො ගැන කිව්වම හැමදාම මතක්වෙන්නෙ හචිකෝ (Hachiko - a dog's story).
හරිම අගෙයි
ReplyDelete@ ''' Outsider ''',
ReplyDeleteඔව් අයියේ ඒ කථාව සම්පූර්ණ ඇත්ත.
@ Freedom,
කථාව ඔයාට හොඳට හිතට අල්ලලා කියලා හිතුනා කොමෙන්ට් දෙකක්ම තියෙනකොට. ;-D
හරිම ලස්සනයි නංගී freedom කියනවා වගෙ. ඔයාගෙ ගොඩක් කථා වලින් අපිව රැවටෙනවා. මොලේ විතරක් නෙවෙයි බල්ලා කියන්නෙ කළගුණ හෝ කළ නරක හොදට දන්න සතෙක්.
ReplyDeleteතනෝජ අක්කි, රවටන්න හිතාගෙන නෙමෙයි ලියන්නේ. මමත් ආසයි මොකක් හරි කියවද්දි මම හිතනවාට වඩා වෙනස් දෙයක් අවසානයේ දකින්න. ඒත් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඉතිං මගේ ආසාව ඔයාලාටත් ඇති කියලා හිතලා තමයි මම ඒ වැඩේ කරන්නේ. නැතිව රවට්ටන්න එහෙම නොවෙයි හොඳඳ?
ReplyDeleteබල්ලන් ගැන කියලා තියෙන කාථාව නම් සම්පූර්ණ ඇත්ත. ඒත් මගේ ගෙදර නම් බල්ලෝ හදන්නේ නැහැ කියලායි ඉන්නේ. උන් මැරුණාම මට අඬන්න වෙන හින්දා.
හේ හේ ... මාත් රැවටුනා ...
ReplyDeleteදියේ ගිලෙන්නට ගිය කුඩා දරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදි බේරාගන්න මට පුලුවන් වුනා... සතුට හැබෑටම තේරෙන්නේ එතකොට... වැඩේ කියන්නේ මගේ දරුවා, නන්නාදුනන මිනිසෙක් විසින් බේරා ගනු ලැබුවා වරෙක... කෙළෙහි ගුණ ස්වභාව ධර්මයාගේ සමබර භාවයද...?
ReplyDeleteඅපූරුයි....
ReplyDeleteඇත්තමයි රන්දිල් අන්තිමට පින්තූරේ දැක්කාම මටත් හිනා ගියා :D
ReplyDeleteමට මෙහෙම හිතුනා ඔයාට පුළුවන් වෙයි රහස් පරීක්ශක කථා ලියන්න..
බලන්න පුංචි උත්සාහයක් අරන්..අන්තිමටම කියවන්නා නොහිතන තැනකින් කතාව ඉවර කරන්න ඔයා හරිම දක්ෂයි ඒකයි මම එහෙම කිව්වේ
A narrative nicely written, very heart warmingly & sensitively, culminating in an entirely unexpected climax.
ReplyDeleteRandil, as usual you had led us nicely on the garden path in which i suppose you are somewhat an expert now.
All the same no hard feelings at all, as the journey along the garden path was very interesting indeed.
පස්සේ මතක් වුනේ
ReplyDeleteමේ බලු-කිස්-තානයේද...??
වැප් ඇත්තටම රැවටුනා නම් ස්තුතියි. :D
ReplyDelete@ පැංග්ස්,
ReplyDeleteඔව් අයියේ අපේ අම්මලාත් කියනවා අපි හොඳ දෙයක් කලොත් ඒ අපිට අවැසි අවස්ථාවේදි අපටත් උපකාරය වෙන කෙනෙක්ගෙන් හරි ලැබෙනවා කියලා. බුද්ධ ධර්මය කියන්නේ ස්වභාව ධර්මය සවිස්තරාත්මකව විස්තර කරන දහමක්නේ
ඔයා කොහොමද දැන ගත්තේ බලු+කිස්ථානය කියලා. එහේ තමයි මටත් හිතෙන්නේ.
ස්තුතියි මධූ
ReplyDeleteහොඳයි නිමන්ති මම ඒ ගැනත් හිතලා බලන්නම්. හැබැයි එකක් කියන්න ඕනේ. මේ පිංතූරේ මට ඊ මේල් එකක් මගින් ලැබුනු එකක්. ඒකේ තිබුනු විස්තරේට මගේ අදහසුත් ඇතුලත් කරලා තමයි මම මේ ලිපිය ලිව්වේ.
@ Ravi,
ReplyDeleteThanks for your comment. You have tried to explain my thoughts very well.
Thanks again. :D
හරිම අපූරුයි නගේ . . ඒ වගේම කියවන අයගේ ඇසට කඳුලක් නංවනන් තරම් සංවේදී විදිහට පෝස්ට් එක ත් ලියලා තියෙනවා . . හරිම අගෙයි . . . . පින්තූරේ ගත්තු එකාට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා . . .
ReplyDeleteආ දුක්ස්,
ReplyDeleteගොඩ කාලෙකට පස්සේ අපේ ගෙවල් පැත්තේ ඇවිත් තියෙන්නේ. හොඳා හොඳා දැන් දකින්නත් හරි අමාරු වෙලානේ. ඡන්දේ ඉවර නිසාද? :D
ස්තුතියි අයියා කොමෙන්ටුවට