ගැහැණියක මවක බව
කුස ඔත් දරුවන් රකිනා........
ඔවුන් හට මෙලොව පෙන්වන්නට
ජීවිතයද මරණයද නොදකිමින්
නොවිඳිනා දුක් විඳිනා.........
අප සිතද ගතද පෙළමින්
දරු පෝෂණය කරනා.........
ජාතිය කුමක් වුවත්
ඔබද මා මෙන්ම
ගැහැණියක මවක
බව දනිමි සක් සුදක් සේම.......
එනමුදු..........................
දුටු සැනින් අතක් ඔසවා
නොහැකි නම් දෙඅතම ඔසවා
මට නොහැකි වූයේ නම් සැමි බනවා
නුඹව තලා පෙලා මිරිකා මරා දැමුවේ
අහිතකින් නොවේ නුඹ ගැන
ඇති හිත නිසාමය
අප දියණි ගැන
සමා වෙයන් මදුරු අම්මේ මට.......................
This comment has been removed by the author.
ReplyDeleteපව් කියලා එක පාරක් හිතෙද්දි තුන් පාරක් මරපන් කියලා හිතෙනවා. ඇත්තටම හිතෙන්නත් කලින් මරලා ඉවරයි. අනේ මන්දා. මේ සත්තු ලේ බිව්වාට කමක් නැහැ ලෙඩ බෝ නොකරනවා නම්.
ReplyDeleteමළකෙලියයි.....
ReplyDeleteමේකනෙ අක්කෙ ලේ බොද්දී අපිට රිද්දනවනෙ..රිද්දන්නේ නැතුව බීලා යනවා නම් අතක් උස්සන්නෙ නෑනෙ ඉතින්. ඒ මදිවට එයා ලේ බීපු ගනම් මගේ අත ඉදිමෙනවා...මහ විසයි..වෙලාවකටනම් එලවලා දාල නිකම් ඉන්නවා.ඒත් වදයක් වෙන්නම ආවොත් නම්....චටාස්..තමා
ReplyDeleteකවුරුත් නොහිතනා දෙයක් අපූරුවට,,,,නියමයි අක්කෙ
@ දිල්,
ReplyDeleteඇයිද පමා මම දනිමි නැගණිය දිල්
දුටිමි යසට පබැඳූ ඔබේ පද වැල්
දිනය පුරා මදි නොවනට හැම කල්
මඩුවේදි මුණ ගැසෙමු මේ මමයි රන්දිල්
ස්තුතියි නංගී
හරිම අගෙයි නගෝ.. අන්තිම අන්තිම පේලියෙන් තමයි වැටහුණේ කාරණේ.
ReplyDeleteමම නම් ඒ වැඩේ කරන්නෙ නෑ. එලවනව විතරයි. හවසට කලින්ම කොයිල් එකක් පත්තු කරනව.
@ Outsider,
ReplyDeleteස්තුතියි අනේ මන්දා මම හිතාගෙන හිටියේ මල්ලි කෙනෙක් කියලානේ. කොහොම වුනත් ස්තුතියි ඔබට