අද අහන්නට ලැබුනු එක ගීතයක් නිසා අපි එතරම් අගේ නොකරපු, කොච්චර වටිනවා වුනත් එය අපි තේරුම් නොගත්ත, ආයේ ලබන ආත්මේ මිස මේ ආත්මේ නම් නොඑන කාලයක් ගැන හිත පුදුම විදිහට බරවුනා.
ආදරයට ගෙදරින් ආ බාධක, වැඩිදුර ඉගැනුම, රස්සාව, නිවස ගොඩ නැගීම ආදී නොයෙකුත් දේවල් නිසා අතට ගත්ත වැලි මිටක් නොදැනීම ඇඟිලි අතරින් රූටා වැටෙන්නා සේ ජීවිතයේ වසන්ත කාලය නොගෙවිය යුතු අන්දමින් ගෙවුනා කියලා හරිම ලෝභ කමකින් හිත පිරුනා. තාමත් ඒ සිතුවිල්ලෙන් මිදෙන්න බැරිව ඒ සිතුවිල්ල අකුරු කරන්න උත්සහ කරනවා.
යොවුන් වියේ පෙම්වතුන් සේ වින්ද ප්‍රේමයේ කිසිම අඩුවක් නොවෙයි මා කියන්නේ. ඒත් ඒ ප්‍රේමය මරන්න මග රැක සිටී පිරිසගෙන් රැක ගෙන ඉදිරියට ගෙන යන්න දැරූ උත්සහයේදී, අවුරුදු 6ක් විතර අපි සම්පූර්ණයෙන් ගෙවලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි ඒක රැක ගන්න නේද කියලා අද ඒ ගෙවුනු කාලය ගැන සිහිවුනාම දැන් වැටහෙනවා.
මග තොට යන්න නැහැ කවුරු හරි දකින කෙනෙක් කේලාම් කියයිදෝ, ඒ නැතත් අම්මා තාත්තා ම දකියිදෝ, එයින් අනතුරුව මොනවායින් මොනවා වෙයිදෝ, එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන උත්තර මොනවාදෝ................ ඔන්න ඔහොමයි අවුරුදු 6ම ගතවුනේ.
වහකදුරු, නයි පොළොංගු, කැති පොලු, ආදී දේවලින් විස්තර කරන්න පුළුවන් වුනු දෙපාර්ශවය එකඟතාවයට එන්න අවුරුදු 6ක්ම ගතකලා. ඒ අවුරුදු 6 තුල අපි දෙන්නා ලේ පයින්ට් සිය ගණනක් පුච්චන්න ඇති. අපි කාලය ගත කරලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි. ලේ පුච්චන්න. අද අපි දෙන්නා ගැන මට පුදුම විදිහට දුක හිතෙනවා.
එහෙම නිමක් නැති බාධක ජය ගන්න පිඹුරුපත් සකස් කරමින් ආ ගමනේදී ඒ සොඳුරු වසන්තය අපට අමතක වුනා නේද කියලා දැන් තමයි වැටහෙන්නේ.
ඉන්න තැනක් හදා ගන්න, වැඩිදුර ඉගෙන ගන්න වගේ දේවලින් තමයි අපට අනාගතයක් තියෙන්නේ කියලා හිතපු අපි ඒ දේවල් කලා. ඇත්තටම ඒ දේවල් හරි. ඒ දේවල් නිසා නොවෙයි අපට ඒ යුගය මග හැරුනේ. ප්‍රේමයට තිබූ මරණීය දණ්ඩනය ලිහිල් කර ගන්න මාර්ග සොයන්න ගිහිනුයි අපට ඒ සොඳුරු යුගය මග හැරුනේ. ඒ බව අද හොඳටම තේරුනා. ඊට කලිනුත්, මගේ නංගිලා දෙන්නාට අද ගෙදරින් තිබෙන බාධාවිරහිත පරිසරය දකින ඒ බව විට ටික ටික තේරුනා. එයාලාට දෙපාර්ශවයෙන්ම ආශිර්වාද ලැබිලා, අද සතුටින් ඉන්නවා. පවුලේ විනෝද චාරිකා වලට වුනත් ඒ මල්ලිලාට එන්න තහනමක් නැහැ.
අපේ කාලයේදී අපි පවුල සමග මොන විනෝද චාරිකාද?
දෙන්නා සත්තු වත්තට ගියත් වැඩිපුරම බලන්නේ සත්තුන්ව නෙමෙයි ඇවිත් ඉන්න මිනිස්සුන්ව. ඇයි කවුරු ඉන්නවාද දන්නවැයැ. ප්‍රදර්ශන බලන්න ගියත් තියෙන දහයක් විතර විඩියෝ කැමරා සියල්ලටම මුවා වෙලා, වටේ ඉන්න මිනිස්සුන්ව ස්කෑන් කරනවා හැර බලපු ප්‍රදර්ශනයක් නැහැ කියලා අද හිතෙනවා. හම්බ කරපු සල්ලි වැඩි හරියක් වියදම් වුනේ කෑමට. හැමදාම හවසට වැඩ ඇරිලා යන ගමන් මොනවා හරි කන්න අවන්හලකට ගොඩ වැදිලා යන්නේ කන්න ඕනේ නිසා නොවෙයි, කථා කරන්න ඕනේ නිසා, ප්‍රශ්න සකච්ඡා කරන්න ඕනේ නිසා. (ඒ වෙච්ච මහත තාම ඇර ගන්න බැරි වුනා).
ඉතිං අවසානයේ මෙහෙම සැනසීමක් ලැබීම ගැන සතුටුයි. දෙපාර්ශවයේ සාකච්ඡාවෙන් අනතුරුව විවාහය මාස පහක් අවසානයේ කෙරෙන්නට දින නියම වුනා. ඒ මාස පහ සැනසුම් සුසුමෙන් කාලය ගත කරන්නට නොවුනේ අධිවේගයෙන් විවාහයට සුදානම් විය යුතු වුනු නිසා. නමුත් පාර පුරා ස්කෑන් කරමින්, බයේ ගැහෙමින්, හැංගි හැංගි ගිය කාලය නිමා වුන එක නම් පුදුමාකාර සැනසීමක් වුනා.
විවාහය බොහොම හොඳින් සිද්ධවුනා. දැන් අපි හැමදෙනාම සතුටින් සමගියෙන් ඉන්නවා. අපි දෙන්නාට ම ඒ ගැන සතුටුයි.
2001 වසරින් පටන් ගත්තාට පසු හැම වසරකම අපේ ජීවිත වලට මොනවා හරි විශේෂත්වයක් සිදුවුනා. ඉඳින් 2008 විවාහ වුනු අපගේ ජීවිතයට 2009 දී පුංචි දූ කුමරි, රනුලිමා ආවා. එදා පටන් ඇය වෙනුවෙන් කැපවුනු අපට දැන් අම්මා, තාත්තා කියන වගකීමෙන් බැහැරව හුස්මක්වත් ගන්න පුළුවන්ද?
ඒ වගකීම නම් පුදුමාකාරයි. සැමියා මොන තරම් ගේ දොර වැඩට උපකාර කලත්, කොටින්ම කියනවා නම් ගේ දොර සියලුම කටයුතු, එකක් නෑර සියල්ලම වෙන කෙනෙකු ලවා කරවා ගත්තත්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන වගකීමෙන් මිදිලා දැන්අපට සැහැල්ලු වෙන්න බැහැ. ඒ හැඟීම පුදුමාකාරයි. පාරේ යනකොට ඉස්සරහ යන වාහනයක් එක පාරම නොහිතපු වෙලාවක තිරිංග තද කලත්, හිතට එන්නේ දුවගේ මුහුණයි.
මා මේ ලිපියේ මුලින් සඳහන් කරපු ගීතයේ රූප රාමු තුල මාලනී ෆොන්සේකා මහත්මියත් විජය කුමාරතුංග මහතාත් ඇතුළු පිරිස හැසිරෙන ආකාරයත්, නන්දා මාලනී මහත්මියගේ තරුණ අවධියේ හඬත් අපේ යොවුන් දිවිය ගෙවුනු අයුරු මට ආයෙත්, ආයෙත් සිහි කරනවනවා. ඔවුන් තරුණ දිවිය විඳින ආකාරයට අපට කවදාවත් විඳින්න බැරි වුනා නේද කියලා හිත ලෝභ කමකින් පිරිලා ගිහින්. මේ චිත්‍රපටය මං නරඹලා නැහැ. කථාවේ අන්තිමට දුඛාන්තයක්ද සුඛාන්තයක්ද කියලා ඒ නිසා මං දන්නේ නැහැ. ඒත් ඒ බව මේ ගීතය රසවිඳින්න මට බාධාවක් වුනේ නැහැ. ඔයාලාත් කැමති නම් බලන්න.
යොවුන් වසන්තයේ
යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සලා
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ගෙඟේ දියඹ දිගේ
කොහොම වුනත් අපගේ ජීවිත වල සිදුවුනු, සිදුවෙන සිදුවීම් කිසිවකට වෙන කිසිවෙකුට දොස් නගන්න බැහැ. මේ හැම දේම පෙර ආත්මයේ කරන්නට යෙදුනු කුසලාකුසල කර්ම අනුව සිදුවුනු දේවල් බව අපි දෙන්නා විශ්වාස කරනවා. අපි කාට හරි කරපු දෙයක් අපට පල දෙන්න ඇති.
ඒ ආත්මයේ මොනවා කලාද කියලා නොදන්නවා වුනත් දැන් මගේ විශ්වාසය නම්, කෙනෙකුට වරදින්න යනවා, ඔහු හෝ ඇය කරදරයකට පත් වෙන්න යනවා කියලා අපට පේනවා නම් පුළුවන් තරම් ඒ කෙනාට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්න ඕනේ, නමුත් ඒ අය ඒ දේවල් තේරුම් නොගෙන සිය මාර්ගයේ නොපසුබටව යනවා නම් යන්න ඇරලා බලන් ඉන්න වෙනවා. ඒ ඒ අය ගෙනා කර්ම ශක්තිය අනුව ජීවිත සකස් වේවි. අමුතුවෙන් සකස් කරන්නට යාමෙන් සමහරවිට අපි අකුසල කර්මයක් කර ගන්නවා වෙන්නත් පුළුවන්. සමහරවිට අපි දකින දේට වඩා වෙනස් දෙයක් ඔවුන්ට පේනවා වෙන්නත් පුළුවන්. මොනවා වුනත් තමන් නොවෙයි නම් ඒ වෙනත් කෙනෙක්. වෙනත් කෙනෙකුගේ ජීවිතය අවවාදයෙන් ගොඩ ගත නොහැකි නම්, එය ඔහුට හෝ ඇයට හැඩ ගස්වා ගන්නට හැර කාලයට ඉඩ දී බලා සිටීම හැම අතින්ම වඩාම හොඳම දේ හැටියට මං හිතනවා.
අවසාන වශයෙන් මං ප්‍රාර්ථනා කරනවා නොදැනීම ගෙවිලා ගිය වසන්තය ගැන දුක් නොවනු පිණිස ඔබ හැම දෙනාටම කටයුතු සැලසේවා !!!!!! කියා.
(මේ ලිපිය සටහන් කරන පුරාවටම සන්සරසිඳු මල්ලිව තමයි මතක් වුනේ. මල්ලියේ අපට වගේ උඹට නම් දුක් වෙන්න සිද්ධවෙන්න එපා. ඒකට දැන්මම කටයුතු සම්පාදනය කරගන්න)

ඔන්න මට මල පනිනවා.. කෝ ඒකෙ "දුහුල් වලාකුලේ" කියන කෑල්ල? චිත්‍රපටය වසන්ත ඔබේසේකර මහත්තයගෙ "දියමන්ති". නවසිය හැත්ත හයේ වගේ රිලීස් උනේ. සුනිල් ආරියරත්න මහත්තය ලිව්වෙ.
ReplyDeleteහම්මෝ.... මමත් ඉතින් එක හුස්මට කියවගෙන ගියා...... ඒත් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ වගේම වෙන්න තියෙන දෙයක් වලක්වන්න බෑ කියලත් මම විශ්වාස කරනවා.... වෙච්ච දේවල් වලට කවදාවත් හූල්ලන් එපා නංගියෝ.... ඒ වගේම අර අහිංසක නංගිලා දෙන්නා විදින සතුටට පොඩි පහේ හරි ඊර්ෂ්‍යාවකට මතුවෙන්න දෙන්නත් එපා රත්තරන්! :)
ReplyDeleteනැහැ මට ඉරිසියාවක් නැහැ කොහෙත්ම අක්කේ. එයාලාගේ ඒ සතුටේ නියමුවෝ අපි දෙන්නා නිසා කොහෙත්ම ඉරිසියාවක් නැහැ. :)
ReplyDeleteසමාවෙන්න වැම්පයර් මං වැරැද්ද හැදුවා. ස්තුතියි
ReplyDeleteකිව්වා වගේ පෙර කුසල් තමයි ....
ReplyDeleteඑත් ඉතින් එකටම භාර දෙන්න එපා
කොහොමෙන් කොහොම හරි වැඩේ දැන් නැගලා යනවානේ....ඉස්සරහටත් එසේම වේවා යැයි පතනවා....:)
ReplyDeleteනැහැ වැප්, අපේ කුසල් අකුසල් කියලා හිත හදා ගත්තහම අනිත් අය එක්ක කේන්ති යන්නේ නැහැ අනේ.
ReplyDeleteස්තුතියි හේමලයා. ගිය හකුරට නාඩන්නේ තියෙන සීනි රැක ගන්නේ කියලා හිත හදාගන්නං නේද?
අමතක වෙලා තිබුන සින්දුවක් . . මතක් කලට බොහොම පිං. .
ReplyDeleteසින්දුව පරණ වුනාට අදහස අළුත් . .
- චිත්‍රපටියේ පෙන්වතුන් දෙන්නටත් ප්‍රශ්න එනවා... මේ වෙලාවේ සතුටින් හිටියට. සතුට හැමෝටම ඒක විදිහට ලැබෙන්නේ නැහැ
මට තියෙන්නේ මේ කාලේ මගෙන් ඈත් වෙන දුක. ...
ReplyDeleteඅද දවස නියම විදිහට ගෙවුනා නම් ඔබට හෙට දුක් වෙන්න හේතුවක් නොවනු ඇත නොම්බර 1.
ReplyDelete'පාර පුරා ස්කෑන් කරමින්'
ReplyDeleteහපොයි ඒක නම් සහතික ඇත්ත ආ.. ගැලපෙනම වචනේ ඒක තමා...
මොනවා කරන්නද නගේ. දුක තමා නේද? පස්සේ කාලෙක හරි සතුට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඅමතක වෙලා තිබුන සින්දුවක් . . මතක් කලට බොහොම පිං.
ReplyDeleteවත් නගෝ, මොකද මේ දුක් වෙන්නේ. බලාගෙන යනකොට කොල්ලයි කෙල්ලයි ආදර කතාව ජය අරගෙනනෙ තියෙන්නෙ අන්තිමේදි . . . . . දුක් වෙන්න නෙමෙයි සතුටුවෙන්න ඕන සීන් එකක්නෙ.
ReplyDeleteබලන්නකො මෙන්න මේ යූ බටේ ක්ලිප් එක. ප්‍රියංවදා මධුභාශිනි හරි ලස්සනට යොවුන් වසන්තයේ සිංදුව ගායනා කරනවා.
http://www.youtube.com/watch?v=bF-Iy5S4Gvk
පරණ සින්දුවක්..
ReplyDeleteපරණ මතක ගොඩක්.....
:)
පෝස්ට් එක එක හුස්මට කියෙව්වා.
මේක නම් නියමයි.. මම ආසම කරන ගීතයක්. අපි ඔය චිත්‍රපටය බැලුවේ පාසැල් යන කාලේ .. ස්කූල් කට් කරලා...
ReplyDeleteමට මතක විදිහට ඕකෙම තියෙන .. වික්ටර් ගයන ගිගිරි ගීත රාවේ ... ගීතයත් මරු.
ඕවා ගණන් ගන්න එපා අක්කේ! මහන්සිවෙලා ලබාගත්ත දේ තමයි වැඩි වටිනාකමක් තියෙන්නෙ.අනික හැමෝටම ප්‍රශ්න තියෙනවා.ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති කෙනාට වෙන දෙයක් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්.
ReplyDelete@ RanDil,
ReplyDeleteඔය ටික මටත් ගොඩක් වෙලාවට හිතිල තියෙන දෙයක් අක්කෙ... කාලය ගෙවෙනව විතරයි... ආපස්සට හැරිල බලද්දි.. අනේ අපි ජීවිතය වින්ඳට වැඩිය විඳවල නේද කියල හිතෙනවා.... මොනව කරන්නද අක්කෙ අපි පෙර භවයේ ඒ තරම් පින් කරල නැතුව ඇති..
මං වෙනුවෙන් හෘදයාංගමව එක් කරපු සටහනට අක්කට ගොඩක් ස්තූතියි... අක්කලගෙ මේ ලෙංගතුකම් මට ඇත්තටම මහමෙරක් තරමටම වටිනවා.. (තිසා අයියත් මං වෙනුවෙන් සටහනක් තැබූ බව ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි)
බලමු අක්කෙ... කාලය සුව කරයි කියන විශ්වාසයේ හිටියත් හැමදේම කාලයට බාර දිල නිකන්බලා ඉන්නත් බැහැනෙ.. මං නම් විශ්වාස කරන්නෙ යමක් වෙන්න තියේ නම් ඒක ඒ විදිහටම වේවි කියලයි...
ස්තූතියි ඔබට..
@ nimanthi,
'පාර පුරා ස්කෑන් කරමින්'
හපොයි ඒක නම් සහතික ඇත්ත ආ.. ගැලපෙනම වචනේ ඒක තමා...
ඒක නම් ඉතින් අපිත් අත්දැකීමෙන්ම දන්න දෙයක්..
හික්ස්...
ruwan kumara maddage මිතුර,
ReplyDeleteපින භාර ගතිමු. :)
මේ දුමී අයියා මං වත් නංගී නෙමෙයි :) ඔව් අයියේ අපි දැන් සතුටින් තමා ඉන්නේ. ඒත් අර සිංදුව බලන බලන වෙලාවට මාර ඉරිසියාවක් හිතෙනවා අප්පා. ඊයේ මේ පෝස්ට් එක දැම්මේ ඒ ඉරිසියාවෙන් මත් වෙලා. දැන් නං ඒක සමනය වෙලා. :D
Ansh :) ස්තුතියි කොමෙන්ටුවට
ReplyDeleteඅහ්........කුමාරයා, කුමාරයා කිව්වාට දැන් කුමාර දිවිය ඉවර කරපු කෙනෙක් වගෙයි. :) තාම රජකම ලැබුනේ නැද්ද?
ස්තුතියි මිතුර
බ්ලොග් ගඩොල් මල්ලිලා, ඒකත් ඉතිං ඇත්ත තමයි.
ඔව් සඳුන් මල්ලී වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ. අපි දෙයක් වැලැක්කුවා කියලා හිතුවත් ඊට පස්සේ සිදු වෙන දෙයක් වේ නම් ඒ දේ තමයි වෙන්න තිබිලා තියෙන්නේ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේද? බලමු ඉස්සරහට අපි එන විදිහට මුහුණ දෙමු.
ReplyDeleteඔය වහකදුරු, කැති පොරෝ වලින් බේරිලා අන්තිමට පෙම් සටනෙන් දිනුවනෙ... පැරදුනානම් තමයි නැතිවුනු දේවල් ගැන දුක් වෙන්ට තියෙන්නේ...
ReplyDeleteමට පේන්නේ රන්දිල් පෙරේතකමට කාලා කාලා මහත්වෙච්චි එකට නිදහසට කාරණා හොයනවද කොහෙද...? :P
සින්දුව කලින් අහල තිබුනට වීඩියෝ එක දැක්කේ අදමයි... ඒක දැක්කමනම් කතාවේ ඇත්තක් තියෙනව කියලත් හිතෙනව....
"මට පේන්නේ රන්දිල් පෙරේතකමට කාලා කාලා මහත්වෙච්චි එකට නිදහසට කාරණා හොයනවද කොහෙද...? "
ReplyDeleteමේ ඔව්වා ප්‍රසිද්ධියේ කියන්න හොඳයිද ඈ........
ඈ.. මන්ද ප්‍රසිද්ධියේ කිව්වේ... :P
ReplyDeleteඑතකොට කව්ද අර උඩින් ලියල තියෙන්නේ "හම්බ කරපු ඒවායින් වැඩි හරියක් වියදම් වුනේ කෑමටය...... " වගේ කතා ගොඩක්...
අම්මෝ, මාර ප්‍රින්ටින් මිස්ටේක් එකක්නෙ වෙලා තියෙන්නෙ. සමාවෙයන් රන්දිල් නගේ . . . !
ReplyDeleteඅනේ මගේ පුතේ, එහෙම කිව්වාට ඇත්තම සිද්ධිය කිව්වේ නැහැනේ මං. (ඒ කිව්වේ පෙරේත කමට කාලා මහත් වුනු සිද්ධිය :D) ඔයා ඕවා දැන ගත්තාට ඇත්ත මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හොඳයිද කියලායි මං ඇහැව්වේ.
ReplyDeleteආ දුමී අයියා. ඔහොම දේවල් වෙනවා අප්පා මටත් වෙලාවකට. කොහොම හරි කමක් නැහැ අදහස පළ කලානේ.
හා..හා.. හරි හරි රන්දිල් නැන්දේ එහෙනම් මන් අර උඩින් කියල තියෙන එව්ව ඔට්ටු නෑලු හරිය.. ආපහු මුල ඉඳල එහෙනම්...ඈ... :D
ReplyDeleteහා..හා.. හරි හරි රන්දිල් නැන්දේ එහෙනම් මන් අර උඩින් කියල තියෙන එව්ව ඔට්ටු නෑලු හරිය.. ආපහු මුල ඉඳල එහෙනම්...ඈ... :D
ReplyDeleteහොඳ මයේ පුතා
ReplyDeleteඑක හුස්මෙට කියෙව්වා !! පුදුමයු මේක මට කලින් කියවන්න බැරිවුන එක
ReplyDeleteඉස්සරහටත් එසේම වේවා යැයි පතනවා... :)
@ Dar[K],
ReplyDeleteස්තුතියි මලේ,
"ඉස්සරහටත් එසේම වේවා යැයි පතනවා... :)"
මේ කොටස ?
මන්ද මට නං ලොකු සතුටක් දැනෙනව. මට නං ඔය අව්ල තිබුනේ සල්ලි හොයා ගන්නමයි. කෙල්ල එක්ක කන්න නං නං නෙවෙයි ජීවත් වෙන්න. නමුත් අද රන්දිගේ ලිපිය මතක් කරලා දුන්නා වසන්තය ගෙවිලා ගියේ මොටද කියලා.
ReplyDeleteකොයි හැටි වෙතත් රන්ඩු කරලා මරාගෙන රැක ගතයුතු ආදරය හැමෝටම ලැබෙන්නේ නෑ. එතනදී අපි ගොඩක් අය අවාසනා වන්තයි.
@ අරුණ,
ReplyDeleteමොනවා කරන්නද නේද? ලෝකේ තියෙන්නේ එකම ප්‍රශ්නයයි. ඒ පැවැත්ම කියන ප්‍රශ්නය. ඒක එක එක අය එක එක විදිහට විසඳ ගන්න බලනවා. අපිත් එහෙම නේද?