කාර්යාලයේ වාර්ෂික මිතුරු හමුව මේ සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බව මා දැන ගත්තේ පසුගිය සතියේය. ඒ පිළිබඳව කසුකුසුවක් පසු ගිය මාසය පුරාවටම තිබුණද නිශ්චිතව දිනයක් නම් කරන්නට යෙදුනු බව ස්ථිරව ම දැන ගත්තේ පසුගිය සතියේය. දැන් එළඹ ඇත්තේ භාර දූර ම අවස්ථාවයි.විවාහ වී වසර දෙකකට ආසන්න වුවද විවාහයෙන් පසුව මෙවන් උත්සවයක් සංවිධානය වන ප්‍රථම අවස්ථාව නිසා මෙය අපගේ යුග දිවියට අළුත් අත්දැකීමකි.එනමුදු විවාහයට පෙර ප්‍රේමවන්තයින් සේ ගෙවුනු යුගයේ නම් මෙවන් අවස්ථාවන් තුන හතරක්ම එළඹුනු අතර ඒ අවස්ථාවන් වලදී සිදුවුනු සිදු වීම් නිසාවෙන් මා සිතේ ඇත්තේ චකිතය පිරුණු තිගැස්මකි.
‘ඇය මෙය කොහොම පිළි ගනියිද?’
පෙර අවස්ථාවන් හී දී ඇයගේ හැසිරීම් සිහිවන විට නම් මා නොසන්සුන් වන අතර මේ ගමන නොගොසින් සිටින්නට සිතන්නට හැකියාවක් තිබේ දැයි මගේ සිතම පීරමි. නැත. මගේ සිත කැමති වනුයේ කෙසේ හෝ මේ ගමන යන්නටමය. ගොස් ආ පසු සිදුවන දේට ඒ වේලාවට මුහුණ දෙමි. කෙසේ වුවද ඈ මාගේ ආදරණීය භාර්යාවයි. ඇය විසින් එළඹෙන දරුණුම යුද්ධය කඳුළු සලා හඬමින් ආඩපාලි කිම පමණි. එය එවිට ඇය සනසමින් විසඳා ගැනීමට මා හට හැකියාවක් ඇති බව විශ්වාසය. එය පළපුරුද්දෙන් ලද හැකියාවකි. එබැවින් මේ ගමන මම යමි.
මා සේවය කරනුයේ සමාගම් කිහිපයක එකතුවක් වූ ආයතයනයකට බැවින් සේවක සංඛ්‍යාව 400ක් 500ක් පමණ වෙයි. පවුල් පිටින් ගෙට් ටුගෙදර් පැවැත්වීම ඉතාමත් අපහසු කාරණයක් බව මේ සේවක සංඛ්‍යාව හා සළකා බැලීමේදී ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එබැවින්, මා බිරිඳ සේවය කරන කාර්යාලයේ සෑම උත්සවයකට ම මා ආරාධනා ලැබුවද ඇයව අප ආයතනයේ එකඳු උත්සවයකටවත් මේ වනතුරු සහභාගී කරවා ගැනීමට මා හට නොහැකි විය. එය මගේ සිතට කණගාටුවක් උපදවන කරුණකි.
“පොඩි වැඩක් තියෙනවා ඔයාට කියන්න” පසුගිය සඳුදා වැඩ නිමවා නිවසට එන අතරතුරේ කල් යල් බලා පැවසුවෙමි.
“ඇයි?....... මොකද්ද?”
“අපේ ඇනුවල් ගෙට් ටුගෙදර් එක තියෙනවා මේ සතියේ............ පෝය කවද්ද?” අමතර පැනයකුත් සමඟ පැවසුවෙමි.
“අනිද්දානේ. 22 වෙනිදානේ. එදාටද තියෙන්නේ?” ඇය ඇසුවාය.
“ඒකනේ වැඩේ. 24 වෙනිදා තියෙන්නේ. 24 කවද්ද?”
“24 සිකුරාදානේ. ඇයි අනේ සතියේ දවසක්?” ඇය මවිතය පළ කරයි.
“ අනේ මන්දා. මට නං යන්නත් හිතක් නැහැ.” මම අවංකවම පැවසුවෙමි.
“ඇයි ඒ?” ඇය බලාපොරොත්තු සහිතව ඇසුවාය.
“පවුල් වල අය නැහැනේ. අනේ මන්දා ඔයාලාගේ වගේ නෙමෙයිනේ, බොස්ලා හිතන්නේ නැහැනේ, ගෙට්ටුගෙදර් එකක් වුනහම පවුල් වල අයත් එනවා නං හොඳයිනේ” ඇයගේ මුහුණ පැති කණ්නාඩියෙන් නිරීක්ෂණය කරමින් පැවසුවෙමි. පැහැදිලි වෙනසක් නොදුටුවෙමි. මීට අවුරුදු 4කට 5කට පෙර නම් ඒ වදන් පෙලම ඇති ඇයට ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නට. කාලයත් සමඟ ආලය වෙනස් වෙලාද?
“එහෙම කොහොමද අනේ. අපේ වගේයෑ. කොච්චර සෙනගක් ඉන්නවාද? ඔය සේරම පවුල් පිටින් ආවොත් හොඳට හිටියි” ඇය තර්කානුකූලව පවසා ආයතනයේ පැත්තට කථා කලාය.
“ෂික්.......... ඒ වුනාට............”
යතුරුපැදියට ඉන්ධන සපයා ගැනීමට ඉන්ධන හල වෙත හැරවූවෙමි.
“පන්සීයක”
මුදල් පසුම්බිය අතට ගෙන මුදල් ගන්නා ගමන් පැවසුවෙමි.
පසුම්බිය ඉරී හිල්වී ඇත. පැත්තක නූල්ද ගැලවී ඇත. කලිසම් සාක්කුවේ වදින පැත්තේ උඩු හම ගැලවී යටි හම මතුවී දම් පාටින් බබලයි. පසුම්බිය අතට ගන්නා සෑම විටම කිසිවකු එය දකීදැයි දෙනෙත් වටම සරන්නේ නිරායාසයෙනි. මේ මාගේ නොසැලකිල්ලද? දුප්පත් කමද? නැත. මේ පසුම්බිය මෙයට වසර තුනකට පෙර අපගේ ආදර සැමරුම් දිනයේදී ඇයගෙන් තිළිණ ලද්දකි. වෙළෙඳ නාමය සුපිරි වුවද, මද කලකින්ම පෙරකී දම්පාට මතුවිය. ඇයගෙන් ලද තිළිණය නිසාවෙන් ඉවත් කරන්නට හිතේ ඇතිවුනු ලෝභ කමින් තවමත් එයට මා සන්තකයේ පැවතීමට වාසනාව පෑදී ඇත.
ඇය කරනා බොහෝ දේවල් මගේ හිතට ඇති කරන්නේ ලෝභ කමක්මය. කරන්නට හිතුනොත් ඒ දේ කරන්නේමය. සැලසුම් සහගතව මගේ උපන්දිනයට යමක් කරන්නට ඇයට නොහැකී වූයේ එකම එක වරකි. ඒ අප විවාහ වූ අවුරුද්දේය. විවාහයෙන් දින 11කට පසුව මගේ උපන් දිනය යෙදුනු බැවින් ඇයට යමක් සැලසුම් කර ගත නොහැකි විය. පුංචි දෙයකින් හෝ මා සතුටු කරන්නට ඇය සෑම විටම උත්සහ දරන්නීය. මාත් එහෙමද?
ඇයට අනුව නම් ඇය මා හට දක්වන ආදරයටත් වඩා මම ඇයට ආදරය දක්වමි. ඒ ඇය සිතනා ආකාරයයි. සමහර විට මගේ හිතේ තිබෙනා වූ අකලංක වූද, ප්‍රේමණීය වූද හැඟීම මටත් වඩා හොඳින් ඇය වටහාගෙන ඇතිවා විය හැකිය. ඇය එසේ සිතනා විට මා හට සිතෙන්නේ ඇය මා කෙරේ දක්වන ආදරයට අලගු තබන්නටවත් මා හට නොහැකිය යනුවෙනි. සමහර විට එය මෙසේ විය නොහැකිද? අපගේ කුටුම්භයේ සතුට, සාමය, ආදරය මේ හැම දේම, හැම බැඳීමක්ම රැඳී රැකී තිබෙන රහස මේ දෙපැත්තට සිතනා සිතුවිලි විය නොහැකිද?
ඇය කිසි විටෙක කිසිම දෙසෙක මා නොමැතිව යාමට අකමැතිය. කන්තෝරුවේ පිරිස පමණක් සහභාගීවන යම් යම් අවස්ථාවන් වලට නිහතමානීව, තමන්ට පැමිණෙන්නට නොහැකි බව ඇය ප්‍රකාශ කරන්නේ මගෙන් විමසා බලාවත් නොවේ. පසුව එවන් අවස්ථාවන් වලට ආරාධනා අප දෙදෙනාටම පිළිගැන්වීමට ඇයගේ කන්තෝරුවේ සුහදශීලි පිරිස සැලකිලිමත්විය.
පිරිමියෙකුට ආදරය, විවාහය ජීවිතයේ කොටසක් වන විට ගැහැණියකට ජීවිතය යනු ආදරය සහ විවාහය වන බව සත්‍යයක් යැයි මට සිතේ. ආදරණීය සැමියෙකු, ආදරණීය පියෙකු වශයෙන් මා මගේ ජීවිතයේ ඒ කොටස ඉතාමත් වගකීමෙන් ලබැඳියාවෙන් ඉටු කරන බව, අප තිදෙන සතුටින් පසුවෙන විටෙක ප්‍රිතීයෙන් පිනායන මාගේ බිරිඳ මගේ සවනට කොඳුරා පවසන වදන් සාක්ෂි දරයි.
“ඔයා හරි ම හොඳයි තාත්ති”
එවන් විටෙක ප්‍රිතීය වෑහෙන දෙනෙතින් මදෙස බලා සිටින ඈ, අනතුරුව මගේ සවනට රහසින් පවසයි.
එනමුදු පිරිමියෙකු වශයෙන් මට ජීවිතයේ තවත් කොටස් ඇත. රැකියාව, මිතුරු සබඳතා, සමාජ ආශ්‍රය, සමාජයේ මාගේ පැවැත්ම, නව සබඳතා මගින් දියුණුව පිණිස නව මාර්ග මතුකරගැනීම මේවා මගේ ජීවිතයේ අනෙකුත් කොටස් අතර වේ. මාගේ කුටුම්බය ප්‍රධාන කොටගෙන ඇති මේ අනු කොටස් අමතක කල නොහේ. එසේ කලහොත් සිදුවනුයේ කණු ගැලවී ගිය කල බිමට පතිත වන ගොඩනැගිල්ලක් සේ ප්‍රධාන කොටසට අන්තරායකර අවස්ථාවක් එළඹීමය.
අනෙක් අතට මෙවන් අවස්ථාවක් මග හැරීම මදි කමක් ලෙස මට හැෙඟේ. සමාජයේ හැසිරීමට නොදන්නවුන් එලෙස මග හරින බව මා සිතේ පැලපදියම් වූ කරුණකි. කුඩා කල සිටම හොඳ සමාජ ආශ්‍රයක් ඇතිව සිටි මා වැන්නෙකු අතින් උත්සවයක් හිතා මතාම මග හැරීම කිසිවිටෙක නොසිදුවිය යුත්තකි. අනෙක් අතට ඉතාමත් වෙහෙසකර වූ රැකියාවට මද විරාමයක් ලැබ, ගීතයක් ගයා, නටා, මිතුරන් සමග මධුවිතෙන් මද පමණට සප්පායම් වී, නා, කා, විනෝද වීමට අවස්ථාවක් ලැබීමත් මහඟු කාරණයකි.
එහෙත් මේ හැම දේමත් පසෙකය.
'ඇය මොනවා කියාවිද?'
තවමත් අහස කළු වුනේවත් නැති නිසා වැස්සක් වසී කියා සිතීමට හැකියාවක් නැත.
එහෙත්............ මට පූජියාමා ව සිහිවේ.
“අපිට අද ටී ෂර්ට් එකක් ලැබෙනවා” ඊයේ උදේ වැඩට එන අතරතුරේ ඇයට පැවසුවෙමි.
“ෂා........ ෂෝක්නේ. ගෙට්ටුගෙදර් එකට අඳින්නද?........... මටත් අඳින්න පුළුවන් වෙයි නේද?” ඇයට සතුටුය. මටත් සතුටුද? මම පැති කණ්නාඩියෙන් ඇගේ වුවන නිරීක්ෂණය කරමි. නැත. තවමත් අහස පැහැදිලිය.
“ඔව් පුළුවන් වෙයි” මම පැවසුවෙමි.
“හා.......... එහෙනං මං සැටර්ඩේ අඳින්නම්ද?” ඇයට වඩා සතුටුය. මේ මවාගත් සතුටක්ද?
මා දන්නා ඇයට අනුව නම්, ‘ඔය දෙන්නා නැතුව මං යන්නේ නැහැ’ කියා මං පවසන වදන් අසා ගන්නට ඇගේ සවන් පුල පුලා බලා සිටින බව දනිමි. ‘ඔය දෙන්නත් එක්ක යන්න පුළුවන් මේ පාර’ කියා පවසන්නට මට හැකියාවක් තිබේ නම්, අපේ මුළු කාර්යය මණ්ඩලයෙන්ම වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා මා බවත් ඔයා දන්නවාද?
දිනය ගෙවී දසත අඳුර පැතිරෙන්නට වූ විට,“ඔයා කොහේද?” ඇයට දුරකථන ඇමතුමක් දී ඇසීමි.
“මං මේ එන ගමන්. ඒක නෙමෙයි ටී ෂර්ට් එක ලැබුනාද? හෙට ඔයා ඒක නේද අඳින්නේ?” ඇය වෙනස් වී ඇත. වෙනදා නම් මෙවන් ගමනකට පෙර දින අහස බොහෝ සෙයින් අඳුරුය. වහින්නට ඔන්න මෙන්න සේය.
“ඔව් ලැබුනා. ඒක තමයි අඳින්නේ”
“කලිසම මොකද්ද?”
“ඩෙනිම් එකක් හොඳයි නේද?”
“හා.......... එහෙනම්. මං බහින්න ලං වෙලා කෝල් එකක් දෙන්නම්”
“හා...... හොඳයි”කාලය සෙමින් ගත විය.
කිහිප වරක්ම දුරකථන ඇමතුම් දුනිමි.
‘අද ඇයි දන්නේ නැහැ පරක්කු’
නැවත වරක් ඇමතිය යුතුය.
“කෝ ඔයා?”
“ ආ........... දැන් ලඟයි. තව විනාඩි තුනයි. දැන් එන්න ඔයා බස් හෝල්ට් එකට” අතීශයින් සාමාන්‍යයි. වෙනදා වාගෙමයි. අකුරක් අකුරක් පාසා හැඬුමක් සෙව්වෙමි. ඉකියක් සෙව්වෙමි. ඉඟියකුද නැත.
මට පාළුවක් වැනි හැඟීමක් දැනින. ඒ මන්දැයි නොදනිමි. මට අවැසි වන්නේ ඇය ඇෙඟේ දැවෙටෙමින් මගේ ගමන වැළකීමද? මූණ නොරොක් කරගෙන වැහිබර අහසක් මුහුණ මතට ගෙන ඒමද? මම සිතුවෙමි. නමුදු මගේ අවැසියාව මටම පැහැදිළි නැත.
“මොන පාටද ටී ෂර්ට් එක?” මගදි ඇය ඇසුවාය.
“නිල් පාටයි”
“ලස්සනයිද?”
“හොඳයි ටිකක් කල් අඳින්න පුළුවන් වගෙයි” පැති කණ්නාඩියෙන් සුපුරුදු පරිදි විමසුවෙමි. ම්හු............ පැති කණ්නාඩිය මට පැවසුවේය.
ඇත්තමට මා සොඳුරිය වෙනස් වීද? නැතහොත් කාලය සමගම ඈ පරිණත වීද? මාගේ පුරුදු ඇගේ මෘදු ගති මරා දැමුවාද? නැතහොත් සියලු හැඟීම් සඟවා මාගේ සතුට වෙනුවෙන් ඉවසනු විය නොහැකිද? මම නොසන්සුන් වීමි. හැමටම වඩා මගේ හිත පෑරෙන්නේ, ‘වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයා’ වැනි හැඟීමකින් ඇය පසුවනවාදැයි මට සිතෙන කළටය. ඇත්තටම දැන් නම් ඇය හඬා, ආඩපාලි කියනවා නම් මම ඉතාමත් කැමැත්තෙමි. මේ ලෙස අනියත සිතුවිල්ලේ කාලය ගත කරනවාට වඩා ඇයව සනසමින් කාලය ගත කර දමන්නට මම අතිශයින් කැමැත්තෙමි. කල හැකි යමක් නැත. අවසාන මිනිත්තුව දක්වා විමසිල්ලෙන් පසුවෙමි.
වෙනදා සුපුරුදු ලෙසම නිවසට ලඟා වීමු.
ඇය නාන කාමරයෙන් පැමිණ සිඟිති දියැණිය තුරුලට ගන්නාතුරු, දියැණිය සමග සෙල්ලම් කරනා අතරතුරේ ගමනට අවැසි කළමනා සුදානම් කලෙමි.
“ඔයා සෝදාගෙන එන්න. කාලා ඉක්මනට නිදිය ගමු. පාන්දර නැගිටින්නත් එපෑයැ” ඇගේ වදනට අවනතව මම නාන කාමරය දෙසට ගියෙමි.
මා ගිය විගස ඇය කාමරයේ දොර වසා ගත්තාය. අගුල වැටෙන හඬද මට පැහැදිලිවම ඇසුණි. සියුම් සතුටක් සිත අද්දරින් ගියා සේ එක් මොහොතකට මට දැනුනාද? මද වේලාවකින් නැවතත් මා කාමරය වෙත ගියේ අමතක වූ යම් දෙයක් රැගෙන ඒමටය. මට ඇසුණු හඬ නිවැරදිය. අගුළු දමා ඇත.
“අම්මි...........” මම දොර හැඬලය කරකවන අතරතුරේ මා බිරිඳ ඇමතුවෙමි.
“ඇයි?................ ආ..... පොඩ්ඩක් ඉන්න” විනාඩි භාගයකට පමණ පසු දොර හැරින. වෙනසක් නැත. දියැණිය සෙල්ලම් බඩු කිහිපයක් අසල තබාගෙන බිම සිටී. ටිකිරි දසන් දක්වා සිනාසුනු ඈ නැගිට මා අසලට ඇදුනාය.
“ඇයි? ටවල් එකද?” මා බිරිඳ ඇසුවාය.
“ආ......... ඔව්......... ඔව්...........” කියමින් ඇය දුන් ටවලය අතට ගෙන ගියෙමි. නැවතත් විනාඩි පහකින් පමණ යම් වුවමනාවකට කාමරය වෙත යන විට නැවත වරක් දොර අගුළු දමා ඇත. ඇය හඬනවා වත්ද?
“ඇයි මේ දොර ලොක් කරලා” මම ඇසුවෙමි.
“ඇයි අනේ?....... පොඩ්ඩක් ඉන්න” විනාඩියකට පමණ පසු දොර හැරුණි. එවරද වෙනසක් නැත. අවැසි දෙය රැගෙන මම පිටවීමි.
ඇඟපත සෝදා ගෙන, පහල මාලයේ කරන්නට තිබුනු යම් යම් කටයුතු වගයක්ද අහවර කොට ගමනට ඇවැසි දෑ සූදානම් කරනු පිණිසත්, ඒ අහවරව නිදනු පිණිසත් ඉහල මාලයට ගියෙමි. බිරිඳට හඬ ගසමින් නිකමට දොර හැඬලය කැරකූවෙමි. දොර හැරින. ඇය එවර දොර අගුළු දමා නැත. අම්මාත් දූත් නින්දේ සේ පෙණින.
ගමනට සූදානම් කරගත් අත් බෑගය ඇඳ පත්තේ එල්ලා ඇත. අළුත් ටී ෂර්ටයද ඒ අසලම ඇත. මේස්, කැප් තොප්පියක් සහ ඩෙනිම් කලිසමක්ද අතමානයේ තිබේ.
“අම්මි.........” බිරිඳ නිදි සේ සිටියද නිදි නැති බව දනිමි.
“ම්.........ම්.........”
“ඔයා ටී ෂර්ට් එක ඇඳලා බැලුවාද?” මම ටී ෂර්ට් එක ඇඟට තබමින් ඇසුවෙමි.
“නැහැ අනේ............. පස්සේ බැරියෑ” මම එය ඇඳ බැලුවෙමි. වරදක් නැත.
“හොඳයි නේද? පාටත් හොඳයි නේද?”
“ම්.......ම්....... හොඳයි. ලස්සනයි. මටත් ඇති වෙයි නේද? සාක්කුව තමයි කේස් එක” බිරිඳ පැවසුවාය.
“නැහැ ඒකේ අවුලක් නැහැ. අපේ ලේඩීස්ලාටත් මේකම තමා”
“ආ........... ඇත්තද?
දන්නවාද ඔය සාක්කුව මහලා තියෙන්නේ ෆිනිෂින් වලට ලේසියට. එතකොට ෂර්ට් එක ෆිනිෂ් කරන්න ලේසිනේ. නැත්තං බැඩ්ජස් මහලා ෆ්‍රොන්ට් පාර්ට් එක ෆිනිෂ් කරන්න වැඩි කාලයක් ගත වෙනවානේ. සාක්කුවේ බැඩ්ජ් එක මැහැව්වහම ලේසිනේ”
හිතේ යමක් තිබේ නම් ඇය මෙලෙස වැල් වටාරම් කථා කියන්නේ නැත.
‘ම්..., ඔව්..., නැහැ..., හා...,’ හිතේ යමක් වේ නම් ඇගේ වදන් එසේය.
“ආ............. ඒකත් ඇත්ත තමා නේ.”
මම ඇඳ පත්තේ එල්ලා තිබූ ගමන් බෑගය අතට ගතිමි. ඇය කොට්ටය ගෙන මදක් හිස එසවෙන ආකාරයට තබා ගත් බව දැන් කල්පනා කරන විට මට සිහිවේ.
බෑගය විවෘත කරන විට ම මට අමුත්තක් දැනින. ‘ආ....... මෙයාගේ පර්ස් එකත් මේකේ දාලා’ බිරිඳට උපන් දින ත්‍යාගයක් ලෙස ලැබුනු මුදල් පසුම්බිය එම බෑගයේ තිබී ඉවතට ගෙන කණ්නාඩි මේසය මත තබන්නට ගියෙමි.
එක් වරම, ‘හැ..........’ යනුවෙන් මට කියැවිණි. මේසය මත ඇගේ පසුම්බිය ඇත. එහෙනම්........ මේ මොකද්ද?
මා දයාබර බිරිඳ මා ලෝභ කමකින් යුතුව රැකි, ඇය විසින් තිළිණ කරන්නට යෙදුන, උඩු හම ගැලවී යටි හම මතු ව දම්පාටින් බැබැලුන ඒ පසුම්බියට විශ්‍රාම දීමට තීරණය කොට ඇත. අගනා නවතම මාදිලියේ පසුම්බියකින් මා තිළිණ ලබා ඇත. පරණ පසුම්බියේ තිබූ මා සන්තක සබ්බ සකල මනාවම නව පසුම්බියේ තැන්පත්ව ඇත.
සැබවින්ම මා බිරිඳ පරිණත වී ඇතැයි ඒ මොහොතේම මට වැටහුණි. ඇය දැන් පෙර සිටි ලඳ බොලඳ යුවතිය නොවේ. පුද්ගල හැඟීම් තේරුම් ගත හැකි, ඒවා වෙනස් කරන්නට නොගොස් ඒවාට අනුගත විය හැකි මට්ටමට ඇය පරිණත වී ඇත. මම ප්‍රිතීයෙන් පිනා යමි. අද දින සතුටු සිතින් මේ ගමන යන්නෙමි.
හඬමින් ආඩපාලි කියන ඈ සනසමින් සැනසෙන, එයින් සතුටට පත්වන පෙම්වත් චරිතයෙන් ඔබ්බට මාද පරිණත විය යුතුව ඇත. මම එසේ වන්නෙමි. එහෙත් එසේ වීමට පෙර, ගමන ගොස් පැමිණ තව සතියක පමණ කාලයක් විමසිල්ලේ සිටිය යුතුව ඇත. මන්ද යත් පූජියාමා ව ද නිසලව කල් යල් බලා සිටින නිසාවෙනි.

පිස්සුම පිස්සු හැදෙන ලියැවිල්ලක් නගේ.... !!! ඉඳහිට ෆූජි අවදි විය යුතුය... නැත්නම් මිනිස්සුන්ට නිසංසල ෆූජි ගේ අගය නොදැනෙනු ඇත...!
ReplyDeleteහරිම සියුම්වට හැන්ග්ගෙම් විස්තර අකරලා තියනවා... ආසාවේ බෑ..!
Wow...
ReplyDeleteඑක හුස්මට කියවාගෙන ගියා....
@ තිස්ස අයියා,
ReplyDeleteස්තුතියි අයියේ. ෆූජීට කියන්නම් ඉඳ හිට අවදිවෙන්න කියලා.
ස්තුතියි චමිදේවා,
පට්ට සිරා.... නියමෙට ලියලා තියෙනවා.. අපේ අයියගෙ වයිෆුත් ඔහොමමයි...
ReplyDelete“මන්ද යත් පූජියාමා ව ද නිසලව කල් යල් බලා සිටින නිසාවෙනි. “
ReplyDeleteතාමත් විමසිල්ලෙන් බලාගෙන ඇති නංගි.... පව් හලෝ...මම ප්‍රාර්ථනා කරනවා ඔය ගිනිකන්ද නොපිපිරේවා කියලා.... (ඒ වචනෙ හරිද නංගි?)
ඇත්තටම හොඳයි...
ReplyDeleteනියමයි!! ලස්සනයි!! අමුතුයි!! පට්ටයි!!
ReplyDeleteWOW PISSU HEDEY
ReplyDeleteMEHEMA LIYAWILLAK ETHIN OYAGENMA THAMAY. ONLY ONE NIDAHAS SITHUWILI
ටොප් ක්ලාස් . . . නගෝ . . . දැන් ඔයත් ෆුජියාමා වගේද ?
ReplyDeleteමල් හතයි.නියමයි!!
ReplyDeleteකතාව නම් හරිම ලස්සනයි අක්කෙ, ඒත් ෆුජි අවුරුද්ද පුරා පෙන්නන වෙනස ඇති... ගිනි කන්දක් බව මතක් වෙන්න පුපුරන්න ම ඕනෙ නෑ...
ReplyDelete@ අභිත,
ReplyDeleteකොයි අයියාගෙත් වයිෆ්ලා ඔහොම තමා නේද?
@ තනෝජා අක්කා,
තිස්ස අයියා නං කියන්නේ ඉඳ හිට අවදි විය යුතුයි කියලා. ගිණි කන්දක් පිපිරුවාම ගලනා ලාවා මිනිස්සුන්ට හරි වටිනවා කියලා මං අහලා තියෙනවා
ස්තුතියි පිටස්තරයා,
ReplyDeleteජංජාල චාමරටත් ස්තුතියි
ස්තුතියි චතුරංග මල්ලි (මයි බිග් විදුලි පංකාව)
ReplyDeleteදුමි අයියා,
ReplyDeleteඅයේ මොනවා අහනවද? හබී නං කියන්නේ මං උගුල් අටවන් ඉන්නවා කියලායි :D
ස්තුතියි බ්ලොග් ගඩොල් මල්ලිලා.
ReplyDelete(තින්ක් දිස් ඉස් පුරුපුරු)
චේජනා නංගී,
ReplyDeleteගැහැණු ගිණි කඳු වගේ වුනේ නැත්තං ලෝකේ ලස්සන වෙන එකක් නැහැ. හිම කඳු වගේ වුනා නම් සීතලම විතරයි. ඒත් හොඳට හෝ නරකට ගිණි කඳු වගේ ඉන්න කොට හැම මොහොතම අළුත්
බිරිඳක වශයෙන් සැමියෙකුගේ සිතුවිලි විස්තර කරන්නට උත්සහයක් දැරුවෙමි. හැකි අයෙක් වෙතොත් මේ කථාවේ බිරිඳගේ සිතුවිලි විස්තර කරමින් සටහනක් දමා යනවා නම් සතුටුයි
ReplyDeleteඔහු මේ වන විට තම මිතුරන් ද සමග කෙලිදෙලෙන්
ReplyDeleteගත කරනවා නිසැකය.
පසුගිය සඳුදින මෙපුවත එනම් ඔහුගේ ආයතනයේ
වාර්ෂික සුහද හමුව පිලිබඳව මාහට පැවසූ මොහොතේ
පටන් ඔහු මගේ ප්‍රතිචාරය කුමක් විය හැකිදැයි
නොඉවසිල්ලෙන් බලාසිටින බව මට කොහෙත්ම
රහසක් නොවීය.
ඇත්තටම ඔහු මගෙන් බලාපොරොත්තුවූ ප්‍රතිචාරය කුමක්ද?
එය මෙවැන්නක් විය හැකි බවට පූර්වාදර්ශ අනුව
ඔහු නිගමනය කල බව මම දනිමි.
"මොනවද අයියෝ, කම්පනි එකේ අයට විතරක් තියෙන
පාටි එක මොකක්ද?, ඔය ලොක්කන්ට තේරෙන්නෙ නැද්ද
ෆැමිලීස් වලටත් ඉන්වයිට් කරන්ඩ ඕනෙ කියල?
ඔන්නොහෙ ඔයත් බැහැ කියන්ඩ"
එසේත් නැතිනම්,
වදනකුදු නොතෙපලා, ආංගික සහ සාත්වික අභිනයෙන්
මගේ අප්‍රසාදය සමඟ විරුද්ධත්වය පෙන්වීමද?
ඇත්තටම අපේක්ෂිත ප්‍රතිචාරය මගෙන් පල නොවීමටත් වඩා
සිහිනෙනුදු නොසිතූ පිලිතුරක් ලැබීමෙන් ඔහු වික්ෂිප්ත වූ බවද මම දනිමි.
මගේ මේ වෙනසට හේතුව වටහා ගැනීමට ඔහු උත්සාහ දරනු විය යුතුය.
හේතු දෙකක් එක්වරම ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙනු ඇත.
"කාලයත් සමඟ මගේ හැඟුම්, ලඳ බොලඳ යුගය පසුකොට වඩාත් පරිණත වී ඇත."
නැතහොත්,
"කාලය ගෙවී යාම සමඟ සෙනෙහස ද කෙමෙන් ගෙවී ගොස් ඇත."
සත්‍යය මෙයින් කුමක්ද?,
නැතහොත් සත්‍යය මේ කරුණු දෙකේම සම්මිශ්‍රණයක්ද?
මා ඉදිරියේ ඇති අභියෝගය නම් මේ කරුණ විසඳා ගැනීමය.
මසිතට අවංක වන්නේ නම් පැවසිය යුත්තේ, සත්‍යය පලමුවැන්නේ
සහ පහත අයුරු සංශෝධිත දෙවැන්නේ සංයෝගයක් බවයි.
"කාලය ගෙවී යාම සමඟ සෙනෙහස ද කෙමෙන් රූපාන්තරණය වී ඇත."
"පෙම්වතුන්ව සිට අඹු සැමි යුගය නිමාකොට මවු පියන් දක්වා
සෙනෙහස රූපාන්තරනය වී ඇත."
මල් කැකුළක් මලක් වන්නාසේ මගේ සෙනෙහස ද
රූපාන්තරණය වී ඇත. විකසිත වූ මල, මල් කැකුළ නොවන අතර ම,
මල් කැකුළ නොවන්නේ ද නොවෙයි, ඒ වනාහී මල් කැකුළේම
පරිණාමිත ඊ ලඟ ස්වරූපයයි.
එසේ වූ හෙයින්, මා දයාබරය,
ඔබට පවසමි මෙලෙසින්,
මගේ සෙනෙහස කෙසේවත් වියැකී නොමැත්තේමය.
එලෙසම ප්රස්තුත කරුණ මුල්කොටගෙන
ෆූජියාමාව විදාරණය වීමේ කිසිදු අදහසක් ද නොමැත්තේමය.
නියමයි... කියලා වැඩක් නෑ...!!!
ReplyDeleteහම්මෝ මහන්සියි...
ReplyDeleteඑක හුස්මටම කියෙවුවෙමි..
එක හුස්මට කියැවූ අයට දැනුනු අදහස කියලා නැහැනේ. :(
ReplyDeleteස්තුතියි @ රවි,
ඔබේ ගෙදරත් ෆූජියාමාවක් ඇතැයි සිතුනි. මේ තරම් හොඳින් අදහස් දක්වා තිබෙනවා දුටු විට,
එහෙනං, එහෙනං, අනිවාර්යයෙන්ම,
ReplyDeleteඇයි මේ කතාව අහල නැතෙයි?
"Every marriage is like living under the shadow of a dormant volcano,
only the sequence & the intensity of eruptions vary"
සමහරක් තැන් වල රන්දිල් කියන ලියුම් කරුට හොරෙන් ලිපියේ ඉන්න ගැහැණු කෙනා එයාගේ ස්වාමි පුරුෂයාට දක්වන අසීමිත ආදරය එලියට එනවා. . . ඒ ඇරෙන්න බොහොම ලස්සනට පිරිමි කෙනෙක් හිතන විදිහ ලියල තියෙනවා. . සාර්ථකයි.. :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ සමාවෙන්න මේතරම් කල් ගත්තට මෙහෙට එන්නට..! මැදක් කියව්වගෙන යත්දී පපුවට මොකක්දෝ අපහාසුවක් දැනුනා..! ඒත් climax එකේදී ආයිත් මුල කියවත්දී තිබ සැහැල්ලුව ආයිත් ළඟවුණා..!
ReplyDeleteමෙතෙක් කියවාපු සුපිරිම ලියමනක්..!
hena diga katawakne
ReplyDelete@ Ravi,
ReplyDelete"Every marriage is like living under the shadow of a dormant volcano,
only the sequence & the intensity of eruptions vary"
මේක නං මං අහලා නැහැ අනේ. කාගේ හරි මේ අහල පහලම කෙනෙක්ගේ නිර්මාණයක් කියලා හිතුනා :D
@ නොම්බරේ,
ReplyDeleteස්තුතියි නොම්බරේ
@ලිෂ් විෂ්,
ReplyDeleteඔබගේ පැමිණීම අගේ කොට සලකමි. ස්තුතියි මිතුර ඔබේ හිතට දැනුනු දේ සටහන් කලාට. එය මට ගොඩාක් වටිනවා.
@ බිඟුවා,
ReplyDeleteඉතිං ඒ හෙන දිග කථාව කියෙව්වේ නැද්ද? :)
මටත් හිතෙනවා මාත්,මගේ වෙන්න නෝනාත් දැන් ඉස්සර වගේ නෙමෙයි පරිණත වෙලා කියලා.
ReplyDeleteනියම කතාව අක්කේ.ලස්සණයි.ගේමක් නැතුව එක හුස්මට කියෙව්වා
wow..!!!
ReplyDeletesuperb post.
@පුබුදුවා,
ReplyDeleteජීවිතේ, හැමදාමත් පුබුදුවන මලක් වගේ ගෙවේවා! කියලා පතනවා මල්ලීට.
ඔයාගේ බ්ලොග් එක පැත්තේ යනවා පුළුවන් වුනු වෙලාවට. කොමෙන්ට් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මට සමහර බ්ලොග් වලට මේ දවස් වල. ඒක ඉක්මනින් හදා ගත්තහම මගේ අදහස් ලියලා යන්නම්කෝ
@ Ansh,
ReplyDeleteI was wondering where is this 'සුපිරි',
at last she came. Thanks dear
බොහොම ස්තුතියි අක්කාගේ ප්‍රාර්තනාවට.කිසි ප්‍රශ්නයක් නැහැ අක්කේ කමෙන්ට් නොකලට.අපි හදගමුකෝ ඒක
ReplyDeleteඅපූරු සටහනක් අක්කෙ...
ReplyDeleteඔයා අයියගේ හිත තේරුම්ගන්න හදන විදිහද මේ කළඑළි බැහැල තියෙන්නෙ....
බොහොම පුංචි දේවල් වලට ගොඩාක් ලොකු දේවල් කරන්න පුළුවන්...
හරිම ආසාවෙන් කියෙව්වා... විඳගත්තා....
මුළු හිතින්ම පතනවා ෆුජියාමාව විදාරණය වන එක සදහටම නතර වේවා කියලා....
සන්සරසිඳු මලේ,
ReplyDeleteඔයා හිතන දේ හරි කියලා කියන්න පුළුවන්. මේ සටහන සම්පූර්ණයෙන්ම අයියාගේ සිතුවිලි වලින් ම විතරක් සමන්විතයි කියලා නං හිතන්න එපා මලේ. මොකද ලියාගෙන යනවිට ඒ ඒ තැනට හොඳයි කියලා හිතුනු කොටස් මම යොදා ගත්තා.
ස්තුතියි මලේ. විදාරණය නොවෙයි කියලා මාත් හිතනවා. පූජියාමාව පරිණත වෙමින් පවතී.
පොතක් කියෙව්වා වගේ තමා. මටත් හිතෙනවා හිතේ තිබෙන දෙවල් ලියවිලා ඇත්තේ කියා...
ReplyDeleteප්‍රියන්ත අයියේ,
ReplyDeleteහිතේ තිබුණු අදහස් තව තව අදහස් එක්ක ගැට ගහලා ලිව්වා. ස්තුතියි මේ පැත්තේ ආවාට
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........
ReplyDeleteමේකට කමෙන්ට් කරන්න අපි ලාබල වැඩියි වගේ අක්කේ.....
වචනයක් කියන්නම්....
අතිවිශිෂ්ධයි...!!!
ම්ම්ම්ම්ම් විවාහය කියන්නේ ආදරය අවබෝධය හා විශ්වාසය මත ගොඩනැගුණු ශක්තිමත් බැදීමක්....
ReplyDeleteඉතිං ඔය කාරණා තුන හොදටම ප්‍රගුණකල ෆුජියාමාගේ මේ හැසිරීම සාධාරණයි නේද?
සෑබවින්ම සුපර්බ්ය අක්කේ.
ReplyDeleteදුකේ බෑ... මේක අදනෙ දෑක්කේ.
අයියෝ ,,, තව ලියන්න අක්කේ.. අපිට මේ වගෙ ලස්සන දේ කියවන්න .... ජය වේවා
මට මේ පෝස්ට් එකටනං ලොකු හිනාවක් නොදාම බෑ අනේ... :D :D :D
ReplyDeleteමං මේ නිදහස් සිතුවිලි වල පරණම පෝස්ට් එකේ ඉඳං කියවගෙන එන ගමන්. මාර ලිපිනේ මට මග ඇරිලා තියෙන්නේ.