Thursday, December 16, 2010

69. ජීවත් වෙන්න තිබෙන්නේ අවුරුදු 10යි !!! කිසිසේත්ම අපතේ යවන්න එපා........



අපි මිනිසුන් වෙමු. දැනට ගණනය කර ඇති අන්දමට මිනිසාගේ පරමායුෂ අවුරුදු 75-80ත් අතර පමණ වේ. කෙනෙකු තමන්ට අවුරුදු 25 දී විවාහ ජීවිතයට ඇතුලත් වූ ලෙසද, දෙදෙනාම අවුරුදු 75ක් ජීවත් වනු ඇති ලෙසද ගනිමු. එවිට විවාහ ජීවිතයේ පරමායුෂ අවුරුදු 50ක් පමණ වේ. කියවා ගැනීමේ පහසුව පිණිස පහත සඳහන් පරිදි දක්වන්නෙමි.




අවුරුදු 50 = (දළ වශයෙන්) දින 18300

අද කාලේ බොහොම දෙනෙක් පුරුෂ පක්ෂය සතියේ දින 7හිම රැකියාවක නියුතු වෙයි. එවැනි කෙනෙකු සැලකූ කල පවුලේ උදවිය සමග ගැවසෙන කාලය (මට අනුව නම් ජීවත් වෙන්න තිබෙන කාලය) දිනකට,

උදෑසන 5 සිට 7 දක්වා = පැය 2
හවස 7 සිට රෑ 10 දක්වා = පැය 3
ඒ කියන්නේ දවසටම පැය 5යි !!!

ඉතිං ඔය පැය 5 අර දින 18300න් වැඩි කලහම = පැය 91500

එයිනුත් සමහර දින වල අත්‍යාවශ්‍ය කාරණා වලට ගෙදරින් පිට ඉන්න වෙන දවස් ඕනේ තරම් තිබෙනු ඇත. එයට පැය 1500ක් වෙන් ක‍ලහොත් ඉතිරි පැය 90000යි.

පැය 90000 = දින 3750
දින 3750 = (දළ වශයෙන්) අවුරුදු 10 !!!
අවුරුදු 50ක පවුල් ජීවිතයෙන් පවුලේ උදවිය සමග ගැවසිලා තියෙන්නේ අවුරුදු 10යි !!!

ඉතිං අර උඩ හදපු පැය 5න් පැය 2ක් විතර රණ්ඩු කරන්න යොදා ගත්තහම..................
සතියට දවස් තුනක් පැය 2 ගානේ රණ්ඩු කලොත් පවුලේ උදවිය සමග සාමකාමීව ගත කරන කාලය අවුරුදු 50ට පැය 75000ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ට ම අවුරුදු 8යි !!!

හොඳයි නේද? ඉතිං ඊ ලඟ වතාවේ ඔබගේ සැමියා හෝ බිරිඳ සමඟ පැටලිල්ලක් ඇති වෙන්න අවස්ථාව උදා වෙනවිට ම මේ අවුරුදු 10 සිහියට ගන්න. මතක තබා ගන්න ඒ අවුරුදු 10 ඔබට හිමිවන්නේ ඔබ ඉහත අවශ්‍යතා සැපුරුවොත් පමණයි. ඒ කියන්නේ වයස අවුරුදු 25න් විවාහ වී දෙදෙනාම වයස අවුරුදු 75 වනතුරු ජීවත් වුනොත් පමණයි. ඔය කාලය එහා මෙහා වීමෙන් අර කාලය අවුරුදු 10ටත් වඩා අඩු වෙන්න පුළුවන් නේද?

මේ ගණනය කිරීම, දිනක් නිවසේ සිට කාර්යාල බලා එන අතරතුරේ මාත් මගේ සැමියාත් විසින් කරන ලද්දකි. ඒ ගණනයට පිං සිදු වන්නට පොඩි දෙයටත් මූණ එල්ලා ගැනීමේ මාගේ පුරුද්ද යම් දුරකට පහව ගොස් තිබේ යැයි දැන් දැන් මට සිතෙයි. විවාහ ජීවිතයේ ළදරු අවධියේදීම මෙවන් දෙයක් දැන ගැනීමට ලැබීම අපගේ වාසනාවක් යැයි මා හට සිතේ. එලෙසින්ම මේ ගණනය ඔබගේ ජීවිතයට කොතරම් දුරට අදාල දැයි මොහොතකට සිතා බලන්න.

මොනවා වුනත් ඉඳ හිටලා මාසයකට සැරයක් විතර උඩ කිව්ව කාරණා අමතක වුනාසේ කටයුතු කරන්නත් ඕනේ. එහෙම නොවුනොත් ජීවන ගඟ ගලා යන ආකාරය සෞන්දර්යාත්මක නොවේවි නේද?


****************************************************************************************

අද දින 28 වන උපන්දිනය සමරන මා දයාබර සැමියා හට උපහාරයක් ලෙසින් පළ කරන්නට යෙදුනෙමි.

සියක් ආයු ලැබ......... මගෙත් ආයු ගෙන......... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!! කියලා කියන්නේ නැහැ‍.........

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.............. සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු......... කියලා හැමදාමත් කියන්නම්...................


ඔයාට සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!









27 comments:

  1. සුබ උපන්දිනය වෙවා

    ReplyDelete
  2. නංගීගේ දයාබර සැමියාට සුභ උපන් දිනයක් වේවා . . .
    ඔයාලා වගේ ජීවිතය තේරුම් ගත හැකි කාන්තා ප්‍රතිශත්ය වැඩි වේවා.
    සුන්දර අනාගතයක් උදාවේවා.

    . . . ..

    "ඒ ගණනයට පිං සිදු වන්නට පොඩි දෙයටත් මූණ එල්ලා ගැනීමේ මාගේ පුරුද්ද යම් දුරකට පහව ගොස් තිබේ යැයි දැන් දැන් මට සිතෙයි"

    මේ කොටස නියමයි ආ

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
  4. සිරාවට වටිනවා.. ස්තුතියි.. :)

    ReplyDelete
  5. අක්කාගේ ස්වාමිපුරුෂයාට සුභ උපන්දිනයක්......
    නියම ගණනය කිරීම් ටික සෑහෙන්න ප්‍රයෝජනවත්

    ReplyDelete
  6. ගොඩක් වටිනවා! ස්තූතියි :)
    සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  7. ස්තුතියි ඉලංදාරියා

    ReplyDelete
  8. ස්තුතියි දුකා අයියේ,

    ඔයා කැමතියි කිව්ව කොටසට මගේ හබීත් කැමති වෙයි මං හිතන්නේ. තාම එයා මේක දැක්කේ නැහැනේ

    ReplyDelete
  9. ස්තුතිය මලින් නලේ............. (ඩාර්ක්)

    ReplyDelete
  10. කණියෝ.....සිරාවට පමණක් නොවෙයි ධමනියටත් වැදගත් වෙයි මලේ..........

    ReplyDelete
  11. ස්තුතියි පූසෝ.......... සුභ පැතුම දෙන්නම් මං....

    ReplyDelete
  12. බොහොම ස්තුතියි පවිත්‍රා.........

    ReplyDelete
  13. ලස්සන වගේම වැදගත් සටහනක් !

    ඔය ඉලක්කම් දැක්කම දුක හිතෙනව ඇත්තටම, ඒත් ඉතින් මොනව කරන්නද...
    අද ඉඳල මම ඔය අවුරුදු දහය කොහොම හරි එක පැයකින් හරි වැඩි කරගන්න ගනම්ම ඕන.

    ඔන්න මගෙනුත් ඔයාගෙ අනිත් බෑයට සුභ උපන්දිනයක් !!

    ReplyDelete
  14. Convey my wishes too...

    Good post....

    ReplyDelete
  15. ස්තුතියි නවම් මාවත......... ඒ අවුරුදු 10 එක පැයකින් හෝ වැඩි කරගන්න හිතපු එකම මේ ලිපය ලිවීමෙන් මං බලාපොරොත්තුව වූ දෙය ඉෂ්ට වීමක්.

    ඔයාගේ රස්සාව කරලා ඉන්න ඕනේ බව කියැවෙන ලිපිය අද කියවද්දි මේ ලිපියේ ලින්ක් එක එතැන දාන්නත් හිතුනා. පස්සේ ඔයාම ඇවිත් බලලා යයි කියලා හිතලා නොදා හිටියා.

    ReplyDelete
  16. අපරාදෙ දාන්න තිබුනෙ, කමක් නෑ කොහොමහරි ඇහැ ගැහුනෙනෙ පෝස්ට් එක... :)

    ReplyDelete
  17. අපෙනුත් උණුසුම් සුභපැතුම් කියන්න අක්කේ!

    ReplyDelete
  18. A good post & happy birthday to your husband / Thak you very muh for writing this .

    In our Asian culture we were not trained to discuss our problem in an open objective manner. So often to have cold wars or fights (which use mental & physical violence) to solve problems wth in the marriage which ultimately hurts the family lot . Thanks for analysing it .

    ReplyDelete
  19. Happy birthday to your soulmate, RanDil!!!
    Not that he needs any special wishes,on his birth day,
    As undoubtedly, all his days must be gay & fulfilling as one can wish for,With someone like you as life's partner,

    ReplyDelete
  20. ආයේ ආයේ කියවන්න ඕනැ...

    මරුම තමා....

    :)

    ReplyDelete
  21. සුභ උපන්දිනයක් වේවා!

    තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි

    ReplyDelete
  22. ස්තුතියි TG,

    මේ වගේ තව ගණනය කිරීම් තිබෙනවා අපි දෙන්නා කරපු. එව්වාත් ඉදිරියේදි ඉඩ ලැබෙන පරිදි ලියන්නම්.

    ReplyDelete
  23. ස්තුතියි බ්ලෝග් ගඩොල් මල්ලිලා...........

    ReplyDelete
  24. Thanks Ravi (my blog contributor),

    Thanks for appreciating my part in our family life. :)

    ReplyDelete
  25. බිඟු,

    මාත් ඉඳ හිට ඇවිත් කියවලා යනවා. :)

    ReplyDelete
  26. ස්තුතියි හිස් අහස........... ආශිර්වාදයට පින් සිදු වෙනවා. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...