Tuesday, September 18, 2012

134. දඩයක්කාරයාගේ කතාව....නුහුගුණ විකල්පයක් නොහොත් Thank You Ama


අපෙ අමා නඟා මරු කමෙන්ට් එකක් දාල තිබ්බ දඩයක්කාරයගෙ කතාවට..අමා විස්තර කරපු සීන් එක මගෙ හිතේ කොච්චර දුරට වැඩකලාද කිව්වොත් ඒ ඔස්සේ මම අමාට ලියපු පිලිතුරු කමෙන්ට් එක බොහෝම දික් උනා..ඒ නිසා ඔන්න ඒක මම දානව වෙනම පෝස්ට් එකක් හැටියට..

Thanks Ama...for a really hilarious comment that made my eccentric mind go into over drive mode instantly...Thanks again...

මේ රතු පාටින් තියෙන්නෙ අමාගෙ කමෙන්ට් එක...ඊට පස්සෙ තියෙන්නෙ ඒ ඔස්සේ හිත මෙහෙයවපු මගෙ විකාර කල්පනාවල්...

/ ඔව් ඔව්..මාත් කැමති ඒ ඔප්ෂන් එකට. මොකද ඒකෙ හොඳම කෑල්ල එන්නේ පස්සේ. ඒ කිව්වේ... එම රූබර යුවතිය රැගෙන ආ පිටි උරය ගන්නා දඩයක්කාර තෙමේ, එහි ඇති පිටි වලින් ඒ සුරතල් යුවතියට රොටි, පරාටා, නාන්, කේක්, ඉස්පන්චි, ඥාන කතා, උළුඳු වඩේ, කොත්තු, ප්රෙට්zසල්ස්, පේස්ට්‍රි, පැටිස්, බේගල්ස්, බනිස් යනාදී රසමවුළු, ඔහුගේ අතින්ම පිළියෙළ කොට, ඒවා යථෝක්ත සුරතලියට සියතින්ම කැවීමයැ. /

අම්මට වූඩු...සුපටි පටි පණ්ණෝ...මුගටි ගෙට පැන්නෝ කිව්වලු කලුකොඳයාවේ නායක හාංදුරුවො...සික්..උඹේ පරිබ්‍රාජක සක්තිය තමයි ( වචනෙ හරි නෙවද?...ඉමැජිනේසං කියන තේරුමෙං දැම්මෙ ඔතනට ) අමෝ සක්තිය...එල ද බ්‍රා...නියමයි...මල් හතයි...පහන් දා හතරයි...

රොටි, පරාටා, නාන්, කේක්, ඉස්පන්චි, ඥාන කතා, උළුඳු වඩේ, කොත්තු, ප්රෙට්zසල්ස්, පේස්ට්‍රි, පැටිස්, බේගල්ස්, බනිස් රසමසවුළු වැඩේ නම් නියමයි බං හෙහ්, හෙහ්,....නැඟල යයි වැඩේ....

අම්මප මට හිතෙනව නව නැම්මක් ඇතුව කතාව මේං මෙහෙම ගොතන්ට....බලාපං කෝමද කියල....හෙහ්, හෙහ්,

ඔන්න පිටි උරේත් කර ගහගෙන අර සුකුමලී එනවනෙ ගල් තලාවට...ඇවිල්ල දඩයක්කාරයගෙ පිටි උරේට පිටි උරේ හේත්තු කරල ඒකි හේත්තුවෙනව පිටි උරේට...( දැං ඔය හේත්තු උනේ කොයි පිටි උරේටද කියල මගෙං අහන්ට ලැහැස්ති වෙනව එහෙම නෙවෙයි හොඳද?...ඔය ඔක්කොම කොටල පොවනව වගෙ අකුරක් ඉස්පිල්ලක් නෑර කියාල දුන්නම කතාවෙං ඇති වැඩක් තියේයැ...මම කතන්දර කියන්නෙ එහෙම නෙවෙයි...පා ටකයට හිතා ගන්ටත් කෑල්ලක් ඉතුරු කරනව...)

ඔන්න ඉතිං හේත්තු වෙලා හිට ඇහිපිය දෙතුං පාරක් ගහල කාරිය ඇස් යටිං බැල්මක් දානව දඩයක්කාරයට...දඩයක්කාරය දඩයක්කාරය කියල කොයි වෙලෙත් කිව්වම කිසිම ගතියක් නැතිනිසා මෙතනින් එහාට ඔන්න මම දඩයක්කාරය හඳුන්වන්නෙ දඩ් කියලයි...මතක තියාගන්ටෝන හොඳද?

අපේ දඩ්ට අනුංගෙ හිත් කියවීමේ බලයක් තියනව කියල මතකනෙ, ඉතිං දඩ් සුකූගෙ ( සුකුමලී කියන නමේ සංක්සිප්තය ) හිතට එකාත්මික වෙලා බලනව.....හප්පච්චියේ ඔය ඒ මනුස්සය ගෑණු හිතකට ඒකාත්මික උනාමයි...මහ විනාසයක්නෙව සිද්ද වෙන්නෙ හපොයි ...දඩ් ගල්තලාව මතම කලංතෙ දාල වැටෙනව දේයි ගාල...

හොඳ වෙලාවට අර සුකූ ගෙනාපු පිටි උරේ උඩට තමයි දඩයක්කාරයගෙ පිටි උරේ පතිත වෙන්නෙ..ඒ නිසා වැඩි කරදරයක් නොවී වැඩේ ගොඩිං බේරෙනව...

ඔන්න සුකූ හොඳටම බය වෙනව...එයාගෙ තද නිල්පාට සහ ලානිල් පාට මිස්ර ඇස් දෙකෙන් ලොකු කඳුළු ගුලි දෙකක් කඩා හැලෙනව...කඳුළු මේ මේ...නිකම් ලා දම් පාටින් වගෙ දිස්න ගහනව...නොඉවසිල්ලෙං ඒ කඳුලු ගුලි පිටි අල්ලෙං පිහදා ගෙන සුකූ දූවල දූවල දූවල ගිහිල්ල හීං ඇලෙං අරං එනව ලා කහ සහ තද කොල මිස්‍ර පාටකින් යුතු කැන්ද කොලේකිං හදා ගත්තු සුට්ටි ගොටුවකට නිල්වන් දිය බිඳක්...මේ වැඩේට ටිකක් වෙලා යනව...මොකද සුකූ ගෙදර ඉන්දැද්දි පොත් කියවන්ට රුසිය....විසේසයෙම්ම Ms. Amanda Floursack කියන Teenagers අතර බොහෝම සුප්‍රසිද්ධ ලේකිකාවගෙ පොත් වලට තමයි එයා වහ වැටිල හිටියෙ...දැං ඔය ගංවතුරෙ ගහගෙන ආවෙත් ඇල හරහා දාල තියන ඒ දණ්ඩක උඩුබැලි අතට දිගාවෙලා Ms. Floursack ගෙ රසබර ආදර අන්දරයක් කියෝ කියෝ ඉන්දැද්දි එක පාරටම ආපු වතුර පාරකට අහුවෙලා තමයි.

එයාගෙ පොතක තිබ්බ ඔය වගේම සීන්ස් එකක් සුකූට මතක් වෙනව..ඒකෙත් කොල්ල ඔය මොකක් හරි හින්ද කලන්තෙ දාපුවම ( අපි හිතමු කෙල්ල අපි බඳිමු අනේ කියල කිව්වම කියල ) කෙල්ල දුවල ගිහිල්ල ඒ ලඟම තියෙන කැන්ද ගහෙං තමයි කොලයක් කඩාගෙන ගොටුවක් හදාගෙන වතුර ටිකක් ඇරගෙන එන්නෙ..ඕක මතක් වෙලා සුකූ වටපිට බලනව..වටේ වෙන ගස් තිබුනට කැන්ද ගහක් නෑ...අය කොල වලින් හදාපු ගොටු ඕන නෑ..දෝතට වතුර ටිකක් අරගෙන ගිහිල්ල දඩ්ගෙ මූණට ඉහින්ට යස අගේට පුළුවන්..ඒත් සුකූ ඒ වගෙ දෙකයි පනහෙ බාල වැඩ කරන ජාතියෙ කෙල්ලක් නෙවෙයි...

ඒ නිසා කඳුළු පිරි දෑසින් යුතුව ( ඇහැ ඇතුලෙ නිසා මේ පාරනම් කඳුලුවල පාට හරියටම කියන්ට අමාරුයි..එළියට ආපු ගමම්ම කියන්නං හොඳද?...කමක් නෑනෙ ? ) එයා යනව දඩ් ගාවට..දඩ් ගාව දණ ගහල අත් දෙකින්ම දඩ්ගෙ මූණ බොහොම සුමුදුව අත ගාන ගමන් හෙමිහිට මෙහෙම කියනව

" කිසි දේකට බට වෙන්ට එපා දඩ්...මම පුළුවන් ඉක්මනට කැන්ද ගහකින් කොලයක් කඩාගෙන වතුර ටිකක් ගෙනෙන්නං...අර පොතේ තිබ්බ විදිහට එහෙමයි කෙරෙන්න ඕන...නිකම් වෙන කොලේකිං වතුර ගෙනාවොත් හරි දෝතට වතුර ගෙනාවොත් හරි ඒ ආදරේ නිර්මල නෑ...මම ඒක දන්නව හොඳාකාරවම...( මේ වෙලාවෙ සුකූගෙ කඳුලු බිංදු දෙකක් වැටෙනව දඩ්ගෙ පපුවට...එයා පිටි උරේට අත දාල ගත්තු පිටි ටිකක් ඒ කඳුලු බිඳු වැටිල හැදුනු කැලලෙ තවරනව..ඒ මොකටද කියල ඇහුව?....මොකද ළමයි මෝඩ ප්‍රස්න අහන්නෙ..එහෙම තමයි උත්කුරුස්ට අනබිබවනීය ආදරයේ මූලික අවයවය...එව්ව එහෙම්මම වෙන්ට ඕන...Heh, Do you want to know why?...because I say so, that's why..) එතකල් ඔයා කොහේවත් යන්නෙ නැතුව මෙතනම ඉන්න...හොඳේ මයෙ රත්තරං ''

ඔන්න ඔහොම කියල අර ගල්තලාව උඩ තිබ්බ පිටිඋරේ අරගෙන දඩ්ගෙ බඩ උඩිං තියනව...

ඒ මොකටද දන්නවය පිටි උරේ බඩ උඩිං තියන්නෙ? ...මම එනකල් කොහෙවත් යන්න එපා කියල කිව්වට සුකූට විස්වාස නෑ දඩ් නැඟිට කොහෙ හරි යාවිද කියල...ඒකටයි තවත් හේතුවකුත් තියනව...හයියෙං හුළඟක් හමල දඩ් ගල්තලාවෙං පහලට පෙරලිල හීං ඇලට වැටුනොත් හෙම...ඔන්න ඔය කාර්ණා දෙකම නිසයි සුකූ පිටිඋරේ දඩ්ගෙ බණ්ඩිය උඩිං තියන්නෙ...

ඉතිං කැළේ බොහොම දුරක් ඇවිදගෙන ගිහිල්ල අන්තිමට සුකූට කැන්ද ගහක් හම්බවෙනව...ඉතිං එයා තංතෝසෙ වැඩිකමට කැන්ද ගහ යට වාඩිවෙලා ඉස්සෙල්ලාම පැය බාගයක් විතර අඬනව ඊට පස්සෙ සියලු දෙවියන්ට පිං දීල වැඩි වෙලාවක් නෙවෙයි පැයක් හමාරක් විතර නිදාගන්නව කැන්ද කොල දෙකකින් මූණත් වහගෙන...ඊට පස්සෙ ඇහැරල පේම ගීතයක් කියනව වනාන්තරේ එකනින්නාද වෙන්ට...

කැන්ධා ඛොලයඨා මම ගෙන එමි ජලයා,
දඩ් මා සිහ රධුනි මම ඔභ භේරා ගනිමිනා,

ඔය ටීටර් සින්දුව කිය කිය සුකූ නටනව කැන්ද ගහ වටේ...

ඊට පස්සෙ තමයි කැන්ද ගොටුවක් හදාගෙන වතුර ටිකකුත් අරගෙන ඇවිල්ල දඩ්ගෙ මූණට ඉහින්නෙ...හැබැයි මේ අතරෙ දඩ්ගෙ තත්වය බොහොම බයානක වෙලයි තියෙන්නෙ...කලින් දඩ්ට ඇල්ලුවෙ මේ පොඩි කලන්තයක්නෙ...සුකූ කැන්ද කොල හොයන්ට ගිය අතරෙ දඩ්ට සිහිය එනව...සිහිය ආවට මොන ඩම් දැම්මත් බෑ නෙව නැගිටින්ට...නෝ හෙල්ලුම්, පොල් මැල්ලුම්...ඇයි දෙයියෝ සාක්කි පිටි මෝලි තුන හතරක් අල්ලන්ට තරම් පිටි තියෙන පිටි උරයක් බඩ උඩ තියල තියෙද්දි මොන සැක්කරයටද නැඟිටින්ඩ පුලුවන්?

පිටි උරේ පෙරලන්ට දහිරි දාන අස්සෙ දඩ් ආයෙම කලන්තෙ දානව...ඇයි අප්පා මේ බඩ උඩ පටවාපු පිටි උරේ නිසා හුස්ම ගන්න එකත් අඩාල වෙලා නෙව තියෙන්නෙ...ඔහොම දෙතුන් පාරක් වෙනව...ඔන්න අන්තිමට සුකූ ඇවිල්ල මූණට වතුර ඉහිද්දි දඩ් ඇස් අරිනව...
'' අනේ මයෙ දඩ්...ඔයා මාව දාල ගියේ නෑ...මම ඔයාව බේරාගත්තා...''

සුකූට හරිම සතුටුයි එයා දඩ් වටේ ඔහොම කිය කිය ඩාන්ස් එකක් දානව...දඩ් බොහොම අමාරුවෙන් වචනයක් දෙකක් කියාගන්ට තටමනව......සුකූ දනගහගෙන දඩ්ගෙ මූණට මූණ ලන්කරල අහගෙන ඉන්නව දඩ් මොනවද කියන්නෙ කියල...

'' තො...තො....තො...''

ඔන්න ඔච්චරයි සුකූට ඇහෙන්නෙ..එයාගෙ මුණ රතුවෙනව ලැජ්ජාවෙන්....

'' අනේ ඔයා හරි නරකයි...කියන එව්ව...මගෙ තොල් ඉඹින්ට ඔච්චරම ආසද?...මම කවදක්කවත් හිතුවෙ නෑ ඔයයි මට ඔහෑටි ආදරේය කියල ''

ඔහොම කිය කිය සුකූ තොඳොල් වෙනව...දඩ්ට මාරාවේස වෙලයි තියෙන්නෙ...තො... තො... තො කියල බැරි මරගාතෙ දඩ් කියන්ට හැදුවෙ තොල් ගැන කෙහෙල්මලක් නෙවෙයි...'' තොගෙ ******* ***** ඉස්සරවෙලා ගෑණියේ මේ මඟුල් පිටි උරේ අයින් කරපන් මයෙ බඩ උඩින් නැත්නම් තව ටිකකින් මම මැරිලා යාවි '' කියලයි...

'' ඉන්නකො එහෙනම් බඩ උඩ මේ පිටි උරෙත් තියාගෙන පුලුවන්ය ඔය වැඩේ කොරන්ට ඉන්න මම මේක අයින් කරන්නම්...''

ඔන්න සුකූ පිටි උරේ අයින් කලා ....

පපුව පිරෙන්ට ලොකු හුස්මක් එහෙම අරගෙන දඩ් නැඟිටල ඉඳගත්ත...

'' ඉතින් අනේ කෝ අර තො..තො...කිය කිය කියපු එව්ව ''

ඔන්න සුකූ ඒ පාර පිටි උරේ දැවටිල මුමුණන්ට තියාගත්ත...දඩ් ආපහු හැරිල රවල බැලුව බැලිල්ලක් සුකූ එහෙම්මම පස්සට විසි උනා..

'' මේ පිරිමි නම් මහ පුදුම ජාතියක්..දැන් ටිකකට ඉස්සරවෙලා මාව ඉඹින්ට ඕන කියල දැඟලුව අර පිටි උරෙත් බඩ උඩ තියාගෙන...දැන් ඔන්න පිටි උරේ අයින් කලාම මා දිහාවෙ යකා වගෙ රවනව...''

සුකූ ඔහොම තනියම කියව කියව හිටිය...

ටිකකින් හුස්ම එහෙම යතා තත්වෙට පත් උනාට පස්සෙ දඩ් ආයෙම හෙමීට සුකූගෙ හිතට රිංගුව...කලින් වෙච්ච දරුනු අත්දැකීම නිසා මේ වතාවෙ නම් බොහොම ප්‍රවේසමෙන් තමයි ඒ වැඩේ කලේ...හප්පා..කියල වැඩක් නෑ...ගෑණු හිත්වලට රිංගනවට වඩා හොඳයි...මොකක්ද?....හෙහ්, හෙහ්, ඔය ඕනෑම එකක්...රජ කාලෙ තිබ්බෙ දෙතිස් වද කියාල..ඒ වද තිස් දෙකම නෙවෙයි හැට හතරක් තියේනම් ඒ හැටහතරම එක පාරට විඳින එක සැපයි ඊට...

හරි...එව්ව පැත්තකට දාමු..ගෑණු හිත් ගැන කියන්ට පටන් ගත්තොත් අද මේ දඩ් සහ සුකූගෙ කතාව අහවරක් කරන්ට වෙන්නෙ නෑ....

සුකූගෙ හිතේ දඩ් දැක්කෙ අර කලින් කියපු පරාටා, නාන්....ඔන්න ඔව්ව මෙව්ව කන්ට තිබ්බ බලවත් ආසාවක්... දඩ්ට පව් කියල හිතුන සුකූ ගැන...

පිටිඋරෙන් පිටි ඇරගෙන එතනම ගල් තලාව පිරිසුදු කරල හදාගත්තු මට්ටම් ගල් ලෑල්ලක් වගෙ තැනක එයා මෝලිය අල්ලන්ට පටන් ගත්ත...සුකූත් ලා නිල් සහ තද නිල මිස්‍රිත පාටකින් දිලිසෙන කඳුළු එහෙම පිටි අල්ලෙන් පිහ පිහ ඇවිල්ල ( ආ, හොටු ටිකකුත් හූරල දැම්ම නම් තමයි...පාට කියන්ට ඕනද?...ආයෙ මොකටද හැම එකේම පාට කියාපු එක මේක විතරක් අතාරින්නෙ?...හරි කහ කොල පැහැයෙන් බැබලෙන හොටු ස්වල්පයක්ද සූරා ඉවත විසිකල ඇය.... ) දඩ්ට උදව් උනා...

සුකූගෙ තාත්ත නමගිය බක්කරේ කෙනෙක්...සුකූ පවුලෙ එකම දරුව නිසා ඒ සිල්පය සුකූටත් තාත්ත කියල දීලයි තිබ්බෙ...ඒ නිසා ඔය ආන්, නාන්, රොටී බොටී, පරාට බරාට කොව්වත් හදාගන්න එක ඒ හැටි අමාරු උනේ නෑ...

පිටි උරේ ඉවර වෙනකල් දඩ් මෝලිය අල්ලල ඔන්න හැදුව මහ ගොඩක් කෑම ජාති...ඒ හදාපු ජාති මහ හුඟක් සුකූ කෑව...ඔන්න අන්තිමට දඩ්ට සිහියට ආව සුකූ ඇවිල්ල එයාගෙ පිටිඋරේට හේත්තුවෙලා උකුළු මුකුළු කරපු හැටි...ඔන්න දඩ්ටත් කවදාවත් පහල නොවිච්චි හැඟුම් සමුදායක් පහල වෙන්ට පටන් ගත්ත.

දඩ් ගිහිල්ල ගල් තලාව උඩ වැතිරිල ඉන්න සුකූගෙ මූණ ආදරෙන් අතගෑව...

'' අනේ මට නම් බෑ අයියො...පරාටම කෑව විස්සක්..එතකොට නාන් දොලහයි...ගෝදම්බර අටයි...මගෙ බඩේ ගල් දැම්ම වගේ...අද නම් බෑ මයෙ දෙයියො....''

සුකූ අනික් පැත්ත හැරිල ගොරෝ ගොරෝ නිදාගත්ත...දඩ් දිග සුසුමකුත් හෙලල ඉතිරිවෙලා තිබ්බ කිඹුල් බාගෙකුත් හප හප හඳ එළිය වැටිල ඥාණ කතා දිලිසෙන දිහා බලාගෙන හිටිය.

ඊට පහුවදා උනේ ඕකෙම අනික් පැත්ත..ඒ කිව්වෙ සුකූ එදා බඩ පැලෙන කල් බූසෙ කෙටුවෙ නෑ...ගානට කෑවෙ...ඒ කරල සුකූ ගිහිල්ල දඩ් ගෙ ඇඟේ දැවටෙන්ඩ පටන් ගත්ත...

'' අද නම් බෑ බොලේ.... දවස් දෙකක් එක දිහට මෝලිය අල්ලල මගෙ අතපය වනේ දාල කෙටුව වගේ...''

දඩ් මුනින් අතට හැරුන...සුකූ උඩු බැල්ලෙන් හඳ දිහා බලාන හිටිය.

දිගටම ඔය වැඩේ ඔහොමම උනා....දෙන්නම ඒ ගැන වැඩිය කරදර උනේ නෑ..

'' ආ, ඕක කවදා බැරිද?...මොකෝ ඔව්ව කොහෙවත් යන එකක්ය...''

දෙන්නම එකිනෙකා දිහාවෙ බලල හිනා උනා..

ඔය අතරෙ තව නොහිතපු වැඩක් උනා...මේ ආරංචිය ඉස්සෙල්ල කැලේ පුරා ඊට පස්සෙ අහල ගං රටවල් පුරා පැතිරිල ගියේ හරියට බට කැලේට ගිනිගත්තැහෙ...ඉම්පස්සෙ ඔන්න වෙච්චි වැඩේ අහල ගම් වලින් විතරක් නෙවෙයි නැගෙනහිර වෙරල කිට්ටුව තිබ්බ සිදාදියෙනුත් මිනිස්සු එන්ට පටන් ගත්ත රොටී, පරාටා, නාන්, අරව මෙව්ව ඇරන් යන්ට...

වැඩේ නැඟල ගිහිල්ල ගල් තලාව හෙවණ කරපු කොහොඹ ගහේ බෝඩ් එකකුත් ගහන්ට උනා '' දඩ් ඇන්ඩ් සුකූ - ටේක් අවේ '' කියල

මෙහෙම අවුරුදු ගානක් ගත උනා...වාලිඹේ ගල මුදුනෙන් පුන්සඳවල් මම හිතන්නෙ සිය ගනනක් මතු වෙන්ට ඇති..දඩ්ට සල්ලි ගලාගෙන ආවෙ හීන් ඇලේ ඉල් වැහි කෝඩ කාලෙට බොර වතුර දෙගොඩ තලා ගලන්නැහෙ...දඩ් ගල්තලාව සහ ගෙපැල ඇතුලුවෙන්ට අක්කර පහක් ගත්ත ආණ්ඩුවෙ ඉඩම් කච්චේරියෙං එල්.ඩී ඕ. බලපත්‍ර යටතේ...ගල් තලාව මැදිවෙන්ට ගැහුව තට්ටු දෙකට ගෙයක්...

ඇත්තම කියනව නම් ඒ ඔප්පුවලට අත්සන් කලේ දඩ් නෙවෙයි...එහෙනම් දඩයක්කාරයද?...නෑ..නෑ...එයත් නෙවෙයි...එව්වට අත්සන් කලේ ඩී.එම්. වනබූටෑව මහත්මයා...දඩයක්කාර මුදියන්සේලාගේ වනබූටෑව මයා...ඒ තමයි දඩයක්කාරයගෙ අලුත් නම...

නිකිණි පුරා හඳ පායල කොහොඹ ගහේ අතු අස්සෙන් එබුන...දෙවෙනි තට්ටුවෙ සඳලු තලයටත් ඒ සඳ එලිය නිරායාසයෙන්ම ගැලුව...ඒ සඳ දිහා බලාගෙන සඳළු තලයේ කවිච්චියේ දිගාවෙලා හිටපු වනබූටෑව මහත්මය ඔලුව හරවල බැලුවෙ පිටිපස්සෙන් හමාගෙන ආපු අපූරු විලවුන් සුවඳක් නිසයි.සද්ද නොනැගෙන්ට හෙමිහිට පා ඇඟිලි මතින් පියවර තබමින් ආපු සුකුමලී වනබූටෑව නෝනා, මහත්මයගෙ ගෙල වටා අත් යවල ඔහුගේ පිටි උරයට හේත්තු උනා...අර කලින් දවසෙ වාගෙම....

සමාපතයි ( හෙහ්, හෙහ්, සමාපතයි කියල කතාවක අගට ලිව්වෙ සෑහෙන කාලෙකිං....ඒකෙත් අම්මාපල්ල තියනව අමුතු ආතල් එකක්...)

43 comments:

  1. ඇයි මට දැයෙන්නේ හරියට ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ් කියැව්වා වගේ....... :)

    ඒකෙත් කොල්ල ඔය මොකක් හරි හින්ද කලන්තෙ දාපුවම ( අපි හිතමු කෙල්ල අපි බඳිමු අනේ කියල කිව්වම කියල )

    කලන්තේ දාන්නම වැඩේ............ :)

    ReplyDelete
    Replies
    1. / ඇයි මට දැයෙන්නේ හරියට ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ් කියැව්වා වගේ....... :) /

      ඇලිසුත් පිටි මෝලිය ඇල්ලුවය?...මට මතක නෑනෙ....රැජිනගෙ උපන්දින සාදයට ඉඟුරු දෝසි හැදුව නම් මතකයි...

      හාරත රැජින හැදුවා දෝසි රස ඇතී.
      කම්මැලි බූරු වැඩකරු එය සොරා ගතී...

      පොඩි කාලෙ මගෙ ඉතාම රසවත් මතකයක් තමයි ගෙදර දොරකඩ තිබ්බ අනෝදා ගහක්..ඕකෙ දෙබලක මම හදාගෙන තිබ්බ අපූරුවට නිදාගන්න පුළුවන් තැනක්...පොත් කියවන්නෙ මම ඔතනට ගිහිල්ල...හෙමීට එහෙමත් නෙවෙයි...උගුරෙ රැල් බුරුල් එහෙම ඇරල ඔය කවි එහෙම ගායනා කොරනව අහල පහල හැමෝටම ඇහෙන්න...:)

      ඇලිස් දුටු විස්මලන්තය....ඔය ගහ උඩට වෙලා කියවනව මගෙ හිතේ කවදාවත් මැකිල නොයන සොඳුරු මතක සටහනක්..

      හොකී ක්‍රීඩාව මතකද? පිත්තට ගන්නෙ කොක්කු, බෝලෙ ඉත්තෑවෙක්, බෝලෙට ගැහුවට වැඩක් නෑ..ඉත්තෑව ඌට ඕන විදිහට තමයි දුවන්නෙ...හෙහ්, හෙහ්, හිටපු ගමන් ගුලිවෙලා එහෙම්මම ඉන්නව...පිත්තට පාවිච්චි කරන කොකාත් එහෙමයි...ඌ හිටපු ගමන් ඇකිලෙනව...එතකොට බෝලෙට ලෙ ගහල ඉවරයි...:)

      Mad hatter ගෙ සිංහල නම නම් මතක නෑ..ඒත් බක් හාවා සහ ඌරු මීයාගෙ තේ පැන් සාදය නම් මතක් වෙනකොට තාමත් හිනා...

      ඕකෙ මම කැමතිම කෑල්ල මේකයි...

      අර නඩු විභාගය මතකද?...ඒකෙදි ඌරෙක් හයියෙන් හිනා වෙනව...උසාවියෙ ආරක්සක නිලදාරීන් ඇවිල්ල ඌව මැඩ පවත්වනව...

      උසාවියට බාධා කරමින් සිනා සුනු ඌරා ආරක්ෂක නිලධාරීන් පැමිණ මැඩ පැවැත්වූහ.මැඩ පවත්වනවා යන වචනය මිස ඒ කෙසේ කරන්නේද යන්න නොදැන සිටි අලිස් බොහෝ උනන්දුවෙන් ඒ දෙස බලා සිටියාය.

      ආරක්ෂක නිලධාරීහු පලමුව විශාල ගෝනියක් ගෙන ආවෝය. ඌරාගේ හිස පලමුව සිටිනසේ එයට ඇතුළුකල ඔවුහු එහි කට තදින් බැඳ ගෝනිය හරහට දමා ඒ මත වාඩි වූවෝය.

      '' ආහ්, ඒකයි එහෙනම් මැඩ පවත්වනව කියන්නෙ?...අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුනු එක කොච්චර දෙයක්ද? '' ඇලිස් තමාටම කියා ගත්තාය.

      ඔය කෑල්ල කියවල මම ගහ උඩ ඉඳගෙනම කොච්චර හිනා උනාද කිව්වොත් දිමියො නොකා බේරුනෙ පූරුවෙ වාසනාවට...

      අල්ලපු ගෙදර හිටිය මගෙ වයසට කිට්ටු කොල්ලො දෙන්නෙක්...උන් දෙන්නත් එක්ක උංගෙ ගෙදර බල්ල මැඩ පවත්වන්ට ගිහිල්ල ඒක නොමැරි බේරුනෙ පූරුවෙ වාසනාවකට....හෙහ්, හෙහ්,

      පොඩි කාලෙ කියවපු පරිවර්තන වල English පොත හොයාගෙන කියවන එක මම හරිම ආස වැඩක්..ආයෙම අතීතයට යන්ට ඊට වඩා නොවරදින ක්‍රමයක් නැහැ..එ වගේම ඒ දවස්වල කියවද්දි මතක හිටිය වචන වල Original එක මොකක්ද කියල දැන ගන්ට ලැබෙන එකක් මට හරි වැදගත්...ඒත් Alice In Wonderland නම් මට තවම කියවන්ට ලැබුනෙ නෑ...මැඩ පවත්වනවා කියන වචනෙ ඉංග්‍රීසි වචනෙ මොකක්ද කියල දැන ගන්ට මම හරි ආසාවෙන් ඉන්නෙ..

      / කලන්තේ දාන්නම වැඩේ............ :) /

      හෙහ්, හෙහ්, කතාව ඇත්ත...බොහොම වෙලාවට ඔහොම ඇහුවට කලන්තෙ දාන්නෙ නෑ...පස්වනක් ප්‍රීතියෙං ඉපිලී යනව මිසක,.....මොන මරාලයක්ද මේ පාත් වෙන්නෙ කියල ඒ කාලෙ දන්නෙ නෑ නෙව...මේක තමයි තවුතිසාව මේක තමයි උතුරුකුරු දිවයින මේක තමයි කේතුමතිය කියලයි ඒ දවස් වල හිතාගෙන ඉන්නෙ...

      Delete
  2. හත් දෙයියනේ මට මේ මුකුත් තේරෙන්නේ නැතෝ ....

    ReplyDelete
    Replies
    1. මොනවද රොබින් නොතේරෙන්නෙ?....දුක දිනා ජයගත් හපන්නු....ඉතා කුඩා පරිමාණයෙන් ආරම්භ කල බේකරි කර්මාන්තයක් තම අප්‍රතිහත ධෛර්යයෙන් සහ නොපසුබට උත්සාහයෙන් දියුණු කොටගෙන අවසන ජීවිතය ජයගත් අඹු සැමි යුවලකගේ ආදර්ශමත් වෘත්තානතයක්........අන්න එහෙම එකක්නෙ බොලේ මේක...:)

      Delete
  3. "සද්ද නොනැගෙන්ට හෙමිහිට පා ඇඟිලි මතින් පියවර තබමින් ආපු සුකුමලී වනබූටෑව නෝනා, මහත්මයගෙ ගෙල වටා අත් යවල ඔහුගේ පිටි උරයට හේත්තු උනා...අර කලින් දවසෙ වාගෙම...."
    ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්....
    '' ආ, ඕක කවදා බැරිද?...මොකෝ ඔව්ව කොහෙවත් යන එකක්ය...''

    මෙන්න මේ ටික දැක්කම මට හිතුනෙ ඒ දෙන්න හැමදාම එහෙම්ම උන්නද කියල....

    ReplyDelete
    Replies
    1. ඒක නෙව මටත් හිතුනේ. සික්.
      මේ රවී අයියේ කෝ අර දෙනවය කීව සොෆ්ට් පෝන්? ආ ?

      Delete
    2. @ Dimuthu,

      / ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්..../

      පුළුවන්, පුළුවන් ....හෙහ්, හෙහ්, ඒත් හැමදේටම කාලයක් තියනවනෙ දිමුතු...හෙහ්, හෙහ්,

      Keep your faith in God but never stop trying

      / මෙන්න මේ ටික දැක්කම මට හිතුනෙ ඒ දෙන්න හැමදාම එහෙම්ම උන්නද කියල.... /

      හෙහ්, හෙහ්, එහෙම වෙන්නත් පුළුවන් දිමුතු එහෙම වෙන්නත් පුළුවන්...ඔය අමා කියන්නැහෙ දෙන්නත් එක්ක මෝලිය අල්ලල රොටි, පරාට ආන් එහෙම හදල එකිනෙකාට කවා ගන්න එක මාරම සෙක්සි කියල උං දෙන්නටත් හිතුනද කියල කවුද අනේ දන්නෙ?

      Delete
    3. @ අමා,

      වචනයක් කතාකරන්න එපා උඹ...එක වචනයක් වත් ....හුහ්...

      අම්මප මට එන කේන්තියක්....අර පිටි උරේකුයි...පරාට, රොටී, ආන් හැදිල්ලකුයි ගැන බහුබූත වගයක් මෙතන දොඩවල මගෙ සිහි කල්පනාව එහෙම පිටිම්ම විනාස කරල දාල අහක වෙල දැං එනව දෙකට ගනින්ට බෑ වගෙ " කෝ අයියෙ අරක?...කෝ මේක? " කියල අහගෙන...

      සොප්ට් පෝන්...මම කිව්වය කියල හිතාගං උඹට...

      Delete
  4. හම්මේ හම්මේ!!!
    මේ මොකද්ද බොල අයියෙ මේ???
    මට අගක් මුලක් හිතාගන්ඩ බෑ නෙව මේ පතරංග ජාතකේ??

    /' අනේ මට නම් බෑ අයියො...පරාටම කෑව විස්සක්..එතකොට නාන් දොලහයි...ගෝදම්බර අටයි...මගෙ බඩේ ගල් දැම්ම වගේ...අද නම් බෑ මයෙ දෙයියො....''/
    /'' අද නම් බෑ බොලේ.... දවස් දෙකක් එක දිහට මෝලිය අල්ලල මගෙ අතපය වනේ දාල කෙටුව වගේ...''/
    මං මේ තේරුන්නැති හන්ද අහන්නෙ අයියෙ....
    මේ මුන් දෙන්නට දෙන්න අද නං බෑ කියන්නෙ පිටි මොලිය අල්ලන්ඩ වෙන්ඩැති නේද බං??
    ඒ වුණාට මුං දෙන්න බෑ කිය කියා කොහොම හරි කරල බේකරියකුත් දාගත්ත එහෙනං??

    සුකුමලී වනබූටෑව!!!
    යකෝ අයියෙ.. උඹ මට කිව්වට මමයැ නං දාන්ඩ සූරි?? මෙන්න නං!!
    මයෙ මහා ප්‍රාචීරෙ ඇදුං කනව බොල මේක කියවල හිනහ වෙලා!!
    මං කල්පනා කරන්නෙ මෙට්ටපොලිස්ට මොනව වෙයිද කියල මේක කියවල...

    ReplyDelete
    Replies
    1. //මං කල්පනා කරන්නෙ මෙට්ටපොලිස්ට මොනව වෙයිද කියල මේක කියවල...//
      මෙට්ට පොලිස්? grrr ??#$!!!#?!
      මෙට්‍රෝ අනේ මෙට්‍රෝ!

      මට හිතුනේ මොකද්ද දන්නවද?
      මට හිතුනෙම ඔය දඩ් වගේ සෙක්සි හාදයෙක් මටත් සෙට් කර ගන්ට. එතකොට කෝමද සැප!

      Delete
    2. සැප.....??? කාලයක් යද්දි මෙට් රොපොලි සොෆ්ලව් ඉඳියි කිලෝ 100 පිටි මෝලියක් වගේ............ :D :D :D

      Delete
    3. හි හි....නියමයි බනිස්,පිට්ටු,නාන් පරාට ගෝදම්බ කාල අමාත් එයි නිකං ආරල ආයෙ නෑ එතකොට දඩ් වගේ එක්කෙනාට පිටි මුට්ට දෙකයි!!

      Delete
    4. @ hansakinkini,

      / මං මේ තේරුන්නැති හන්ද අහන්නෙ අයියෙ.... /

      අරං වරෙං කොලේකුයි පැංසලකුයි කොනක ඉඳල කියල දෙන්ට...තොත්ත පූලෙ......මොනවද ආයෙ එහෙනං.... :)

      / මේ මුන් දෙන්නට දෙන්න අද නං බෑ කියන්නෙ පිටි මොලිය අල්ලන්ඩ වෙන්ඩැති නේද බං?? /

      ඔව් නඟේ ඒක තමයි ආය වෙන අහවල් එකක්ද?......මොකද ඒකමද කියල උඹට විචිකිච්චාවක් පහල උනේ?...වෙන මොකවත් අදරුමිස්ට , දුස්ට, අසීලාචාර, අසෝබන සිතුවිල්ලක්වත් පහල උනාද උඹේ හිතේ නිකමට වාගෙවත්...සික් අපෝ..උඹලා වගෙ ජාතියක්...බොලා ආස්සරේ කරනවට අපිට ගහන්ට ඕන අර මොනවයිංදෝ....

      / මයෙ මහා ප්‍රාචීරෙ ඇදුං කනව බොල මේක කියවල හිනහ වෙලා!! /

      ඕක ඇදුං කන්නෙ බොල ගොඩක්ම හිනාවෙලා ඇකිලුනාම...කියන්ටද පෙරෙතිකර්මෙ?...හෙමීට ඕක ගං එළියට...කොහෙන්ද කියල ඇහුවා?...ම්ම්..ඉඳපං බලන්ට කාම සූත්‍රයෙද කොහෙද ඔය ගැන තිබ්බ වගෙ මතකයි....අහ්, නෑනෙව ඔන්න මයෙත් සිහිය....කාම සුත්‍රයෙ තියෙන්නෙ කුරුසිකර්මය ගැනනෙ...ඕක තියෙන්නෙ බොහොම පැරණි ආයුර්වේද ග්‍රන්තයක් වන චරක සංහිතාවෙ ඉඳපන් පොඩ්ඩක් පෙරලල බලන්ට...

      ආ, මේ තියෙන්නෙ බඩු...සංස්කුරුත සොලෝකෙකිං තියෙන්නෙ..

      මහා ප්‍රාචීරං ඇදුං කනං,
      රුචි ස්ථානං බැහැරට ගනිං,
      ඩෙටෝල් ජුංඩං උදක මිශ්‍රනං,
      මනාව ශෝධං ඊස්තිරික්කං,
      මඳ පවනං වේලාගනියං,
      වෙනත් ස්තානං යලිදු බහාලං..


      බොලා දන්න සංස්කුරුත....., මම ඉන්න හින්දම හොඳයි ඉතිං...ඉඳහං තෝරල දෙන්ට...

      මේකෙ කියන්නෙ මහා ප්‍රාචීරය ඇදුං කනව නං කැමති තැනකිං එලියට ගනිං හිමීට....ඩෙටෝල් ටිකක් මිස්‍ර කරපු වතුරෙං හෝදහං පරිස්සමට...හොඳද? ඉම්පස්සෙ මඳ උනුසුං ඉස්තිරික්කෙකිං මැදගනිං ...හරිනෙ මෙතෙක් කලයුතු ආකාරය තේරුනා නේද ?...ප්‍රස්නයක් එහෙම නැහැනෙ?...හරි එහෙනං ඊලඟට මඳ පවනෙ වේලා ගනිං....අන්තිමට අර එලියට ගත්තු තැන නෙවෙයි වෙන තැනකිං ඇතුලට දාපං...එහෙම වෙන තැනකිං දාන්ට කියන්නෙ මොකද කියල නම් මේ පොතේ කියවෙන්නෙ නෑ...ඒකෙ අවුලක් නෑ...එව්ව අපිට වැඩක් නෑ...

      ඔන්න ඔය විදිහට කරපං අද ගෙදර ගිය ගමන්ම...ඔෆිස් එකේ ඕක කරන්ට පුළුවන...හෙහ්, හෙහ්, ...ප්‍රාචීරෙ මඳ පවනෙ වේලෙන්ට ඉස්සරහ ගඟ වැරැල්ල වටේ වනල තියනව දැකල බොසා ඇහුවොත් අර මොකක්ද අරක ?..කියල හතර විලි ලැජ්ජාවයි නෙව... හෙහ්, හෙහ්, එහෙනං කියන්ට වෙන්නෙ..'' නෑ සෑර් ඕක අර ජනනි මිස්ගෙ මහා ප්‍රාචීරෙනෙ ..ඔය වේලෙන්ට වනලයි තියෙන්නෙ '' කියලනෙ..සිකේ වහ කන එක හොඳයි ඊට වැඩිය...:) :)

      Delete
    5. ඔය ඉතිං බලාපං අයියෙ අපේ පූරුවෙ වාසනාවකට නෙව උඹ වගේ ඇසූ පිරූ ඇත්තෙක් අපිට අයිය වුණේ ඇත්තට??
      උඹට කියන්ඩ ඔය කාම සූත්තරේ පොතේ.. එළවලු ජාති, මල් එහෙම වවන හැටි එහෙම විස්තර කොරල තියෙනව පණ පිහිටුවල.. පින්තූර හිට දාල!!

      ඔහෙප්පලයං ඒ පාර මුන්දැ හදන්නෙ මගෙ මහා ප්‍රාචීරෙ වේලල කරවල කරන්ඩද කොහෙද??

      Delete
    6. උඹලා අනාගෙනනෙ. කාම සූත්‍රය නෙවෙයි බං කෑම සූත්‍රය. ඕක රෙසිපි පොතක්!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    7. මෙට්ට පොලිස්!!!!!!!!!!!! බිපෙහි! LOL! ROFL!!LM(beep)AO!
      අනේ මම ගියානෙ අමාගෙ බ්ලොග හොයාගෙන. දෙයියනේ හෙන මෙගාවක් ඒකෙ යන්නෙ නේද? මම බයවෙලා ආපහු ආවා. අනේ ඉඳ හිට වන්ඩේ ඉන්ටර්නැෂනල් එකකුත් දාන්නකො අපි වගේ බ්ලොග් එකට අමුත්තො වෙනුවෙන්!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  5. හික් හික් අමාවතීගෙ පිටි උරේ ගිය දුරක්.........

    බලහන් බන් අයියේ මෙ උන්දැලගෙ දුස්ට චේතනා.
    ඕක මුලිනම අර හේවායා සම්බන්ධෙන් කියපු වෙලාවෙම මට හිතුනා.
    මොකඛරි යටිකූට්ටු අදහසක් හිතේ තියාන තමා කිවුවෙ කියලා.
    ඔය එළි උනේ යස රඟේට:)

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං මලේ මේ බබලත්තු කවුරුත් එකයි..ඔහෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මොනව හරි කටට ආ පලියට දෙසා බානව..උඹල අපි තමයි එව්වයෙ වන්දි ගෙවන්ට ඕන...උඹ කිව්වත් වාගෙ මේ අමා කෙල්ල මොකටද අර හේවායාගෙ පිටි උරයක් ගැන කියැව්වෙ...වෙන මොකවත් නෙවෙයි තියෙන මගෝඩි කම නෙව...හේවායො කඩු කිණිසි දුනු ඊතල නැත්තං අඩුම ගනනෙ කැටිපෝලයක් වත් අරං යනව මිසක පිටි උර අරං යන හේවායො ගැන සම්ම ජාතියක අහලවත් තියද?

      දැං පොඩ්ඩක් කල්පනා කරහං මලේ මේ අම්මණ්ඩි සුවල්ප විනාසයක්ද මේ කරේ?...අර ගහක් ගලක් වාගෙ හිටපු හරි හතර රියං දේහදාරී මහා පුරුසය දඩයක්කාර තෙමේ...මේ දෙකයි පනහෙ හොටු කෙල්ලන්ට පරාට හදල දෙන්ට මෝලිය අල්ලන බක්කරේ කෙනෙක් කොරලයි මේ මානවිකාව පස්ස බැලුවෙ...අම්මප හිතනකොටත් පපුව කීං ගාල යනව සෝකෙට..:( :(

      දුස්ට චේතනා..දුස්ට චේතනා...ආය වෙන මොනවද?.....ඔවුන්දැ එදා ඉඳලම පැලෑං කලේ මයෙ දඩයක්කාරය දෙකේ කොලේට දාල උගෙ ගහුරවේ නැති කොටල දාන්ට...අන්තිමට කොහොමිං කොහොමිං හරි ඒකත් කොරගත්ත යස අගේට..:(

      Delete
  6. අනේ මන්ද රවියො. උඹ වෙනදට කමෙන්ට් වලට පෝස්ට් ලියනවා. අද පෝස්ට් එකට කමෙන්ට් එකක් ලියලා. මෙහෙමත් හොඳයි. මම ආසයි!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසක් තියෙන්ටත් එපාය හෙන්රි...හෙහ්, හෙහ්,

      Delete
  7. අනේ මට නම් ලැජ්ජයිත් වගේ අනේ...මගේ නමත් දාල මාතෘකාවේ! කවද කෑව ටකරන්ද අප්පා!!!

    //පිටි උරේ ඉවර වෙනකල් දඩ් මෝලිය අල්ලල ඔන්න හැදුව මහ ගොඩක් කෑම ජාති...ඒ හදාපු ජාති මහ හුඟක් සුකූ කෑව//
    මේ තමා මම ආආආසම කෑල්ල. අනේ හරිම ශ්රුන්ගාරාත්මකයි අනේ. දඩ් සුකුට කෑම හදන කෑල්ල. මාර සෙක්සි.

    ReplyDelete
    Replies
    1. / අනේ මට නම් ලැජ්ජයිත් වගේ අනේ...මගේ නමත් දාල මාතෘකාවේ! කවද කෑව ටකරන්ද අප්පා!!! /

      අය ලැජ්ජාවක්....ඔන්න ඔහෙ ඉඳහං බං ...ලැජ්ජාව පැත්තක තියාල හෙහ්, හෙහ්,

      අපි එහෙම තමා දන්නවද?.....ගෞරවය දිය යුත්තාට දෙනව ගෞරවය ලෝස් නැතුව...:) :)

      / මේ තමා මම ආආආසම කෑල්ල. අනේ හරිම ශ්රුන්ගාරාත්මකයි අනේ. දඩ් සුකුට කෑම හදන කෑල්ල. මාර සෙක්සි. /

      දෙයියෝ සාක්කි බොල අමෝ...උඹට මේ කන බොන එකෙන් තොර ලෝකයක් නැහැ වගේනෙ මට පේන්නෙ...අර අහිංසකය තුම්මුනිං දාඩිය මුගුරු හලාගෙන මෝලිය අල්ලනව පාං කියාගන්ට බැරුව...උඹට ඒක තමයි මාර සුරුංගාරාත්මක සහ සෙක්සි..අනෙ අම්මප ...බක්කරේ කෙනෙක්ම තමයි උඹට නං හරි යන්නෙ...

      Delete
  8. /මේ මේ අපේ රවී අයියට අනම් මනම් කියන්ට එපා ඕන්.!!##$$!@%#

    බලන්ට අපේ මේ සියුමැලි කාන්තා රත්න වෙනුවෙන් පෙනී හිටින්නේ උන්ද විතර නෙව. ඉතින් උන්ද රැක ගන්ට අපි නැතුව වෙන කවුරු හිටින්ටද?/

    මේ තියෙන්නෙ ගෙඩි පිටිං හේතුව.... ආයෙ පොඩ්ඩක් මුරුංග අත්තෙ තිබ්බ නං ඇති අමෝ!!!

    (අමාට රහසෙං: මං ඔය උන්දැව අවුස්සන්ඩ කියන කතා නෙව.. ගණං ගන්ඩ එපා)

    ReplyDelete
    Replies
    1. / මේ තියෙන්නෙ ගෙඩි පිටිං හේතුව.... ආයෙ පොඩ්ඩක් මුරුංග අත්තෙ තිබ්බ නං ඇති අමෝ!!! /

      හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ බං ඒක නං ඇත්තෝම ඇත්ත...අපි ඔය දැනට අවුරුදු දහයකට විතර ඉස්සර හීරැස්සගල හිටිය ඇනෙක්ස් එකක් අරගෙන..අපෙ ඇනෙක්ස් එකට හැරෙන තැනම ගෙයක් අරගෙන හිටිය ඒ ලඟම තිබ්බ එන්.ජී. ඕ. එහෙම වැඩ කරපු ගැටිස්සියො දහ දොළොස් දෙනෙක්...මම ඔතනිං යනකොට ( ලොක්කි රහිතව හොඳද? ) ඔවුං එක්ක සැට් උනා තෙලට...පස්සෙ එවුං ඔක්කොම මයෙ සහෝදරියො වාගෙ උනා ඔන්න...

      මම හවහට යනව ඔතනිං පාං ගේන්ට...අනේ එවුං දුවගෙන ඇවිල්ල අයියෙ මටත් රෝස් පාන් හතරක්...මට ඩබල් බනිස් තුනක්...මට විස්කිරිඤ්ඤ පැකට් එකක්...මට එයාර් බිස්කට් දෙසීය පනහක් ඔන්න ඔහොම මට ඕඩර් බාර දෙනව..

      මමත් ඉතිං ගෙදරිං යනකොට පොතකුයි පෑනකුයි සෝට් බෑයෙ හංගාගෙන යන්නෙ..ඒ කරල අර කෙල්ලංගෙ සාලෙ ඉඳගෙන උං එක්ක පොඩි තෙලකට එහෙම සැට් වෙලා උංගෙ ඕඩර් අර පොතේ ලියාගන්නව පිලිවෙලට මේං මෙහෙම...

      1 තරුශි - රෝස් පාන් තුනයි
      2. චන්ද කින්නරී - විස්කිරිඤ්ඤ පැකට් එකයි ( පොඩි )
      3. විශාඛ්‍යා - තැටි පාන් එකහමාරයි
      4. මාධවී - මාළු පාන් හතරයි
      5. අහල්‍යා - අච්චු පාන් එකයි
      6. .................
      7. ....................

      ඒ කරල ආපහු ඇවිල්ල කෙල්ලියො එකා එකා ඕඩර් කරපුව පිළිවෙලට බෙදා දීල එහෙම තවත් පොඩ්ඩක් තෙලට සැට් වෙල ඉඳල මොනවහරි ඔය පොඩි දෙයක් කාල තේකක් එහෙම බීල ඔන්න එනව ගෙදර..අන්න බලාපං උඹේ නෝන්ඩි හිනාව...මේ හොඳට හිතේ තියාගනිං මොකවත් නරක අදහසකිං එහෙම නෙවෙයි ඔන්න......තනිකරම මනුස්සකකම වෙනුවෙන්..අර මොකක්ද කියන්නෙ එහෙම...මනුෂ්‍යත්වය උදෙසා පිදෙන මනුෂ්‍යත්වයේ උත්තරීතර සංග්‍රහය අන්න එහෙම එකක්..අනෙ අම්මප ඇත්ත ජනූ...ඔන්න උඹ ඔය කැත හිනාව වහාම අයිං කරගත්තෙ නැත්නම් මම කතාව කියන්නෙ නෑ ආයෙ හොඳද?

      මම ඉතිං තුම්මුනින් දාඩිය දාගෙන පාං කියාගන්ට බැරුව එන්නෙ ගෙදර..එතන මීටර් දෙසීයක් විතර මානෙ බේකරියක් තිබ්බට ඒකෙ අර අංගනාවියො ගේන්ට කියන සමහර දේවල් නෑ...මට ඉතිං යන්ට වෙනව කිලෝ මීටර් දෙකක් විතර එහා තියෙන සමුපකාර බේකරියට...බෑ කියන්නෙ කොහොමෙයි බොල..පව්නෙ අහිංසක කෙල්ලො...හෙහ්, හෙහ්,

      අපෙ ලොක්කිට මේක හෙණ ප්‍රශ්නයක්...මොකද අනේ මෙච්චර වෙලා...මේ විනාඩි දහයනෙ යන්නෙ බේකරියට ගිහිල්ල එන්ට..ඊටත් මොකෝ මෙ හති දාගෙන ..පාන් රාත්තලක් ඔච්චර බරද?

      මම ඉතිං මොකද කියන්නෙ?...පාන් රාත්තල...හොඳ පාන් රාත්තල...මෙන්න බලන්ට බඩු ලයිස්තුව...රෝස් පාන් තුනයි.....මාලු බනිස් පහයි...බ්ලා..බ්ලා...බ්ලා...කියල පොතේ ලිස්ට් එක පෙන්නන්ටය?....හෙහ්, හෙහ්, හොඳට තියෙයි...තුංවන ලෝක මහා සංග්‍රාමය එහෙනං ඇරඹෙන්නෙ එදා ලංකාවෙ මහනුවර දිස්ත්‍රික්කයෙ හීරැස්සගල..අනෙ අම්මප...

      ඔය ආතල් ඔක්කොම කෙල වෙලා ගියා බං දවසක් මයෙ පොත උන්දැට අහුවෙලා...හපොයි දෙයියනේ මතක් වෙනකොටත් තවම කකුල් දෙක වෙව්ලනව..මේං බලාපං බොරුවක් කියනවයි කියල හිතනවනං....:( :(

      Delete
    2. මට ඉතා තදින් සිනා.. පුටුවෙන් පෙරලී සිනා!!!

      Delete
    3. රවී අයියා,
      බොගෙත් එක්ක බොරු රණ්ඩු හදාගත්තට මොකද කියන්ඩ තියෙන දේ කියන්ඩ එපැයි උඹේ ලියවිල්ල ගැන...

      මං ආසම කතාවකට පස්සෙ අපි දාන කමෙන්ට්වලට උඹ තව කතා ලියන විදියට...
      අනික තමා උඹ කථන බස සහුරුවන විදිය... උඹටම ආවේණික වචන පාවිච්චි කරන විදිය... අර පුන පුනා කියල ලියන දේට සජීවීබව මුසු කරන එකට... මට නං මැවිල පේනව ඔය ලියන දේවල් ඇත්තටම අපි ඉස්සරහ කටින් කිව්වොත් උඹේ මූණෙ ඇති වෙන්ඩ පුලුවන් ඉරියව් පවා!!
      ඒ වෙලාවට කොහෙමෙද බන් උඹේ මූණ මැවිල පෙනෙද්දි හානා නොවී ඉන්නෙ... මේ සම්මජ්ජාතියෙ මනුස්ස දුවෙකුට කොරන්ඩ පුලුවං වැඩක්ද උඹ ඔය මට කියන්නෙ
      ආයෙ ඇස්වහක් කටවහක් හෝ වහක් නෑ අයියෙ අති උත්කෘෂ්ටයි!!!!!

      (මං කවද හරි දවසක පුටුවක් උඩ හිනහ වෙලා වැඩි වෙලා මැරුණොත් එහෙම වගකියන්ඩ ඕනෙ බ්ලොග් කාරයො කීප දෙනෙක් ඉන්නව කියල පෙම්බරයට ලියල තියන්ඩ ඕනෙ)

      Delete
    4. @ janu,

      ස්තූතියි ජනූ...අම්මප මයෙ ඇස් දෙකට කඳුළු ආව...

      මම මේ කතාව කලිනුත් කියල ඇති ආයෙම කියන්නම්....සිංහල වියුණු කියවද්දි අඩේ මටත් මෙහෙම ලියන්ට පුළුවන් නම් කියල සුට්ටං ඉරිසියාවක් වගෙ දේකුත් ලාවට වගෙ මුහු වෙච්චි ගෞරවනීය හැඟීමක් මගෙ හිතේ ඇති කරවන්ට සමත් වියුනු තියෙන්නෙ ඇත්තටම අතක ඇඟිලි ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන්...ඒක සතුටු වෙන්න ඕන කාරනයක්ද දුක් වෙන්න ඕන කාරනයක්ද කියන එකට මට තවම හරි උත්තරයක් නෑ.

      ජනූගේ සටහන් සහ ජනූ ළමයගෙ කතා ඒ අතර ඉහළින්ම තියෙනව කියල මම කියන්නෙ මූණිච්චාවට එහෙම නෙවෙයි...පපුවෙන්ම...බොක්කෙන්ම..

      අන්න ඒ නිසයි උඹේ ප්‍රසංසාව මට මහ මෙරක් තරං වටින්නෙ...අපි අගය කරන අපි ගරු කරන කෙනෙක් අපිට අගය කරනව විතර වෙන මොනම අගය කිරීමක්වත් වටින්නෙ නෑ කියන එකයි මගේ අදහස...

      / මං ආසම කතාවකට පස්සෙ අපි දාන කමෙන්ට්වලට උඹ තව කතා ලියන විදියට.../

      ජීවිතේ හැමදවසකම අපිට අලුත් අත් දැකීමක් නංගි...ඒ වගේම මම තරම් කාලයක් ජීවත් උනහම ඒ අත්දැකීම් ප්‍රමානය අනන්තයි, අප්‍රමානයි...ඒ වගේම විවිධ පුද්ගලයො ආශ්‍රය කරල විවිධ සිදුවීම් වලට මුහුණ දීල මම ලබල තියෙන මගෙ හිතේ හැංගිල තියෙන සහසක් මතක සටහන් අතරෙ ඔය හැම අවස්ථාවකටම සුදුසු කතාන්දරයක් අනිවාර්යයෙන්ම තියෙනව..එහෙම නැතිවෙන බොහොම අල්ප අවස්ථාවලදි මම අහපු කතාවක් තියනව ඒ හා සම්බන්ධ...එහෙමත් නැත්නම් කතාවක් හදන එකත් ඒ හැටි දෙයක් නෙවෙයි..හෙහ්, හෙහ්,

      / මට නං මැවිල පේනව ඔය ලියන දේවල් ඇත්තටම අපි ඉස්සරහ කටින් කිව්වොත් උඹේ මූණෙ ඇති වෙන්ඩ පුලුවන් ඉරියව් පවා!! /

      ඔන්න බලාපං අඩුම ගනනෙ ඔයිට සමාන කතාවක් මම අහල හරි තියනව කියල කට ගන්ට හමබ උනේ නෑ....මෙන්න උඹේ මේ කතාවට මම අහල තියන සමාන කතාව...හෙහ්, හෙහ්,

      කොල්වින් ගැන අහල තියනව නේද? කොල්වින් පස්සෙ කාලෙකදි ගොඩක් වෙලාවට විත්ති පක්ෂය වෙනුවෙන් පෙනී හිටියට මුලින්ම රජයේ නීතීඥ වරයෙක් විදිහට පැමිණිල්ල වෙනුවෙන් තමයි කතා කරල තියෙන්නෙ..

      එදා අහල තියෙන්නෙ මිනීමැරුමක් නඩුවක්....ඉතිං කොල්වින් කියන්නෙ ඇත්තටම සම්මාන දිනපු නළුවෙක් යුනිවසිටි යන කාලෙ..මනුස්සය විත්තිකාරය ගෙට ඇතුල් උන විදිහ, හෙමිහිට වට පිට බලන විදිහ...කවුරුවත් ඇහැරලද කියල ඇහුංකං දෙන විදිහ ඔය ඔක්කොම රඟපාල පෙන්නුව...ඊට පස්සෙ හෙමීට කාමරේ දොර ඇරල නිදාගෙන ඉන්න මනුස්සය ලඟට ගිහිල්ල පිහියෙන් අනින විදිහ පවා පෙන්නුව පිහිය වෙනුවට නඩුකාරයගෙ මේසෙ උඩ තිබ්බ ලෙටර් ඕපනර් එකක් දකුනු අතට අරගෙන හිට...හෙහ්, හෙහ්,

      ආ, ඊට කලින් උසාවියෙ තෝල්ක මුදලි ගත්ත මැරිච්ච මනුස්සය විදිහට රඟ පාන්ට..මිනිහ මේසයක් උඩ නිදිකරවල මිනිහගෙ පපුවට පිහියෙන් අනින විදිහට තමයි රඟ පෑවෙ...කොහොම හරි බය වෙච්ච පාර ඒ මනුස්සය එදා හවස නිඩාඩු දාල ගෙදරම ගියාලු.

      මුලු උසාවියම නඩුකාරයත් ඇතුලුව තූස්නිම්බූත වෙලා බලා හිටියලු කටවලුත් ඇරගෙන කොල්වින්ගෙ රඟ පෑම ගැන....

      අන්තිමට පිහියෙන් ඇනල එහෙම කොල්වින් ඇහුවලු නඩුකාරයගෙං '' ස්වාමීනී, මම කැමතියි ඔබ තුමාගෙ අදහස් දැන ගන්ට මේ ගැන " කියල

      නඩු කාරය ටික වෙලාවක් කම්මුලේ අතකුත් තියාගෙන කොල්වින් දිහාවෙ බලා ඉඳල මෙහෙම කිව්වලු.

      '' මේ, කොල්වින් නොකිව්වයි කියන්න එපා...ලබන සුමානෙ තියන දූෂණ නඩුවෙත් පැමිණිල්ලට පෙනී ඉන්නෙ තමා......මේ වගෙ අපරාධය සිද්ද වෙච්ච විදිහ එදාටත් ප්‍රදර්ශනය කරනව නම් ඒකට අවශ්‍ය කාන්තාවකුත් තමාම එක්කරගෙන එන්න..මට මගෙ ස්ටාෆ් එකේ ගෑණු ළමයි නම් එදාට දෙන්න බෑ..බොහොම කණගාටුයි '' කියල...හෙහ්, හෙහ්,

      Delete
    5. /අන්න ඒ නිසයි උඹේ ප්‍රසංසාව මට මහ මෙරක් තරං වටින්නෙ...අපි අගය කරන අපි ගරු කරන කෙනෙක් අපිට අගය කරනව විතර වෙන මොනම අගය කිරීමක්වත් වටින්නෙ නෑ කියන එකයි මගේ අදහස.../

      අනේ බං අයියෙ.. මං මොන ඇටිකිච්චියෙක්ද උඹේ ජීවන අත්දැකීම් එක්ක බැලුවාම... මගෙ මේ දෙකට දෙවාරමට නැතුව ලියන බ්ලොග් දෙක උඹ වගේ මනුස්සයෙක් අගය කරනව කිව්වාම ආයෙ මට ඊට වැඩිය දෙයක් ඕනෙ නෑ...සමහර වෙලාවට උඹේ බ්ලොග් පෝස්ට්වලට නෙවෙයි මට ඉරිසිය හිතෙන්නෙ..( ඔය මගුල් දඩයක්කාරය ගැන උඹ ලියන බාසාව ගැන නං කිසිම ඉරිසියාවක් නෑ මට)උඹේ කමෙන්ට් ගැනයි. උඹ ඒව ලොවෙත් මවල දෙන විදිය ගැනයි!!!

      /ජීවිතේ හැමදවසකම අපිට අලුත් අත් දැකීමක් නංගි...ඒ වගේම මම තරම් කාලයක් ජීවත් උනහම ඒ අත්දැකීම් ප්‍රමානය අනන්තයි, අප්‍රමානයි...ඒ වගේම විවිධ පුද්ගලයො ආශ්‍රය කරල විවිධ සිදුවීම් වලට මුහුණ දීල මම ලබල තියෙන මගෙ හිතේ හැංගිල තියෙන සහසක් මතක සටහන් අතරෙ ඔය හැම අවස්ථාවකටම සුදුසු කතාන්දරයක් අනිවාර්යයෙන්ම තියෙනව..එහෙම නැතිවෙන බොහොම අල්ප අවස්ථාවලදි මම අහපු කතාවක් තියනව ඒ හා සම්බන්ධ...එහෙමත් නැත්නම් කතාවක් හදන එකත් ඒ හැටි දෙයක් නෙවෙයි..හෙහ්, හෙහ්,/

      ඒක තමයි බොලං අයියෙ කිව්වෙ.. අපිටත් එහෙම සිද්ධීන් මතකෙ තියෙනව තමයි.. ඒත් අවස්ථාවෝචිත ලෙස ඒව ගලපන්ඩ හැකියාව එන්ඩ ඕනෙනෙව...ඒක එක්ඩ ඕනෙ උණ්ඩුක පුච්ඡෙ ඉඳලම... ඒක තමයි උඹේ විශේෂතාව!!

      මගේ කතාව ඇහුවම උඹට මතක් වෙච්ච කොල්වින්ගෙ කතාව තමයි කතාව!!
      කිව්වත් වගේ උඹත් ආයෙ ඒ වගේම තමා!!
      මේ මං දැං නවත්තනව.. නැත්තං මේ ක අපි දෙන්නගෙ කතා බහ විතරක් තියෙන පිටුවක් වෙයි...!!!


      Delete
    6. ඇත්ත බං ඇත්ත..උඹයි මායි දෙන්නෙගෙ මේ ඩෑෂ් ගැහිල්ල නවත්තල දාමු..නිකම් මේ විලි ලැජ්ජාවකට සමාන හැඟීමක් මයෙ හිත පතුලෙ මෝදු වීගෙන එනව එනව වගෙ....ඇයි උඹ බෝලෙ උස්සල දෙනව ගානට " ඕං අයියෙ " කියල. '' හරි නඟේ. දෙඤ්ඤාං බෝලෙ පලු යන්ට '' කියල මම දෙනව අට ඉස්බක් උඩු ගුවනට පැන දණ නවා කන් ලෙලවා පවන සිසාරා...

      ඊට පස්සෙ මම උස්සල දෙනව උඹට බෝලෙ...හෙහ්, හෙහ්, උඹත් දෙනව කැරකිල දෙකට නැමිල...හෙහ්, හෙහ්,

      ඒ නිසා මේ වැඩේ නවත්තල දාමු...ඒක හොඳයි තමයි....

      ප. ලි. - අර අට ඉස්බක් උඩු ගුවනට පැන නැඟ කියල කතාවට කිව්වට දැං ඔය කෙලි බෑ බං....ඔන්න කතාවක් මතක් උනා...ඉතිං මොකද කොරන්නෙ?....ආයෙම ගිලින්ටයැ..ඒක විතරක්ම කියල නවත්තමු හොඳේ....මේ පාර නිවාඩුවට ගෙදර ගිහාම අපෙ නංගිගෙ පොඩි එකා ( ඒකට වයස තුනයි ) එක්ක ක්‍රිකට් ගැහුව..ඒකගෙං බේරෙන්ට බැරි කමටම..කිව්වට විස්වාස කරපන් නඟේ...මම බෝල තුනයි දැම්මෙ..අත උලුක් උනා නෙව.....සති දෙකක් තෙල් පත්තු ගාලයි යන්තං එක විදිහක් උනේ...ලස්සනම කතාව ඒක නෙවෙයි...මම දාපු බෝල තුනම මඟ හිටිය බොල....කොල්ල බක බක ගගා හිනාවෙවී දුවගෙන ඇවිල්ල ගැහුවෙ බෝලෙට....විලි ලැජ්ජාව කියන්නෙ ආයෙ කැපිටල් විලි..සික් විතරක්...:( :(

      Delete
  9. හැබෑට අය්යෙ... මෙච්චර කාලෙකට උඹ මේ උත්කෘෂ්ට, උත්තුංග දේහධාරී, ශක්තිවන්ත, තේජෝබලපරාක්‍රමාන්විත දඩයක්කාරයව වර්ණනා කොරල කොරල එකපාරටම උන්දැව පිටි මෝලි අල්ලන බක්කරේ කෙනෙක් කළේ මොන හිතකින්ද බොල??

    ReplyDelete
    Replies
    1. අඩේ, පිස්සුද බොල..මයෙ උත්තුංග දේහධාරී, නිශ්චල, තෙජෝබල පරාක්‍රමාන්විත දඩයක්කාරය ඉන්නව ජනූ එහෙම්මම..මේක උනේ මේ අමා මහගෙගෙ කමෙන්ට් එක කියවල වෙච්චි හෙයියම්මාරුවනෙ...මේ නිකම් පොඩි ආතල් එකකට ලියාපු එකක්..මේක අයිති නෑ දඩයක්කාරය සීරීස් එකෙට...ඇයි බොල බලාපංකො මාත්තුරුකාව...දඩයක්කාරය සීරීස් එකේ පහුගිය සිකුරාද මම ලිව්වෙ 18 වෙනි කොටසනෙ...එහෙනම් මේක 19 වෙන්න එපාය..එහෙම නෙවෙයි...අනික මාතෘකාවෙ තියෙනව මෙහෙම...නුහුගුන විකල්පයක්...ඒ කියන්නෙ An Eccentric Alternative...එච්චරයි...දඩයක්කරයගෙ කතාවෙ ඊලඟ කොටස දාන්නම් හෙට අනිද්ද දිහාට...හෙහ්, හෙහ්,

      Delete
  10. මේ මොන ප්‍රේම කතාවක්ද අනේ. මේ බක්කරේ කෙනෙක්ගේ කතාවක්නේ. අපරාදේ කියන්ට බෑ වර්ණනා කරලා තියනවා වර්ණ ටික නියමෙට.

    හපොයි මට ඒක කියවලා තාම කලන්තේ වගේ. පොඩ්ඩක් ඇලවෙන්ට ඕනි. කාගෙවත් පිටි උර එහෙම එපා ....:D

    ReplyDelete
    Replies
    1. මොකො පොඩ්ඩි බක්කරේලට ප්‍රේම කතා තියෙන්න බැරිද?

      Delete
    2. @ Poddi

      ප්‍රේම කතා..ප්‍රේම කතා..මොකද බං වෙලා තියෙන්නෙ...හැමදාම ඔය ප්‍රේම කතා ලියලයි කියවලයි මට නං තිත්ත වෙලයි තියෙන්නෙ..

      ඒ වගේද බලාපංකො..මේකෙ තියනවනෙව අමුතුම ගතියක්...

      ඔහු ඈ වෙනුවෙන් අල්ලන අල්ලන මෝලියක් පාසා ඇයට දැනුනේ අගේ හද ඔහු වෙනුවෙන් විවර වන්නා සේය,

      ඔහු ඈ වෙනුවෙන් පුළුස්සන පරාටාවක් පරාටාවක් පාසා ඇගේ හද මඬල විකසිතවූයේ හොඳින් පිපී එන නාන් එකක් පරිදිය.

      ඈ වෙනුවෙන්ම පෝරණුවෙන් මේ දැන් බාගත් කිඹුලෙකුට ඔහු දැඩි සැලකිල්ලෙන් යුතුව සීනි තවරනු දැක ඇයට හැඟී ගියේ ඔහු ඒ සීනි තවරනුයේ තම හදවත මතුපිට ලෙසය.

      හෙහ්, හෙහ්, කොහොමද ........බක්කරේගේ ප්‍රේමය......The Baker's Love

      Delete
    3. මට මතක් වුනා පාන් , ආදරේ සහ සිහින [Bread ,Love and Dreams ] කියන කොරියන් ටෙලිය . ඒකෙත් ආදරේට වඩා පෙන්නුවේ පාන්. ආයේ මේ දවස්වල පෙන්වනවා කතාවක් ඒකෙත් කෙල්ල කරන්නේ පාන් හදන එක . කොච්චරවත් කොල්ලට පානුයි කේකුයි ගිල්ලනවා .

      Delete
    4. @ Bindi,

      හපොයි බින්දි ඔහොම ඉන්නව කෙල්ලො...The way to a man's heart is through his stomach කියලත් කතාවක් තියනව තමයි ...ඒකෙ පොඩි ඇත්තකුත් නැත්තෙමත් නෑ...ඒත් ඔය කතාව ෆුල් සීරියස් ගත්තු කෙල්ලො එක්ක සැට් උනාම මහම වදයක්...:) :)

      ඉස්සර ඔහොම වැඩක් මටත් උනා..වීක් එන්ඩ් එකේ ඒ ලමය ගෙදර ගිහිල්ල එනකොට උස්සං එනව මට වෙනම අලි බත් ගෙඩියක්...මාර රහක් ඇත්තම කිව්වොත්...එයානම් නෙවෙයි අම්ම උයන්නෙ...

      පව් එක අතකට...මම කැමති ජාති ඔක්කොම උයං එනව...කීරමින් බැදල...පරිප්පු කැට කපන්ඩ පුළුවන් විදිහට හින්දවල...පොල් සම්බෝල කරපිංච යහමින් දාල මලෝල....මුකුණුවැන්න මැල්ලුං...තිබ්බටු මැල්ලුම...මම කියන්නෙ මොකක්ද ඊලඟ පාර උයාගෙන එනව...ඒ කරල එයත් එක්කම මම කන්නත් ඕන...දවසක් දෙකක් ඕක කලෑකි...හැමදාම බෑනෙ අප්ප...

      අපෙ චමරියෙ අනික් යාලුවො ඉන්නව...උං ගෙවල් වලට ගිහිල්ල එනකොට බත් මුල් අරගෙන එන්නෙ හැමෝටම සෑහෙන්ට..සඳුද දවල්ට පොඩ්ඩක් සන්තර්පනය වෙලා ආගිය විස්තර කතා කරමින් අර බත් ගෙඩි ඔක්කොම එක මේසෙ ලිහල කන එක අපේ සිරිත,

      මේ කෙල්ල සැට් උනාම ඔන්න ඔව්ව ඔක්කොම ඇණ හිටිය...මම බොහොම ආදරෙන් කිව්ව මම බත් එකත් අරගෙන චමරියට ගිහිල්ල කන්නම් කියල...සඳුදට විතරයිනෙ එහෙම කෙරෙන්නෙ...කොහෙද මූණ දෙකක් කර ගත්ත...මම ඉතින් හරි අමරුවක වැටුනෙ..ඇත්තටම හරිම හොඳ ගතිගුණ තියන ලමයෙක්...පව්...

      මම ඉතින් මොකදකරන්නෙ කියල දහ අතේ කල්පනා කරකර ඉන්දැද්දි ඔන්න මට ට්‍රේනිං එකක් ආව කොලඹ මාස තුනකට...ඒ අතර මේ ළමය අලුතෙන් ඔෆිස් එකට පත්වීමක් අරගෙන ආපු කොල්ලෙක් එක්ක සැට් උනා..අනේ අපරාදෙ කියන්න බෑ..මුල ඉඳලම මට සම්පූර්ණ විස්තරේ කිව්ව ලියුම් වලින්...අන්තිමට බොහොම සුහදව අපි සමුගත්ත..මම වෙඩිං එකටත් ගියා...ඒ මගෙ එක කතාවක්... :) :)

      Delete
    5. ඇත්ත නේන්නම්...කොහොමද නිකං ඇඟිල්ලත් හපාගෙනම ඒ සීනි කිඹුලා ඩැහැ ගත්තානම්? බක්කරේගේ හදවත පෝරනුවේ ගින්න වැඩිවෙන්නා වගේ ගින්නෙන් දැවෙයිනේ.:D

      Delete
  11. මේක ලියද්දි වෙලාව කීයද...මෙහෙ නම් තාම දවල් ..නෑ මේ මන් බැලුවේ මහා දවල් ඔහොම බොන්න හොඳද කියල හිතුන හින්ද . මේක නම් ටෙලියකට තමා හොඳ . ඉස්කෝලෙට ගිහින් ආයේ එන්නන් මේකට මෙහම වචනයක් දෙකක් කියල මදි .

    ReplyDelete
    Replies
    1. අනේ නැතෝ...අපි මේ රාජකාරි අප්පා...මොන බීමක්ද?.....හෙහ්, හෙහ්,...හීන්වට දෙකක් දාගන්ට තිබ්බ නම් අදහස් ගලාගෙන ඒවි දියලුමෙන් වතුර ගලන්නැහෙ...ඒත් කොහෙද අප්පා එහෙම වාසනාවක්....:( :(

      Delete
  12. හරිම කලර්ෆුල් විදියට ලියල තියෙනවා
    මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිහෙකුට අඩයක් / බරක් තැබීම.
    මට මතක් වුනේ අර ලෙඩාගෙ ඔක්සිජන් බටේ උඩ හිටගෙන සුවදුක් අහනකොට කරන කොට ලෙඩා මොකක්දෝ කියන්න ට්‍රයි කරලා මැරිලා ගිය එක.:D
    අර පාං ගේන්න ගිහින් තෙල බෙදපු එකනම් ලෙසටම ලියලා තියෙනවා අප්පා. ඒකත් බ්ලොග් කරන්න තිබ්බ එකක්, අපරාදෙ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / මට මතක් වුනේ අර ලෙඩාගෙ ඔක්සිජන් බටේ උඩ හිටගෙන සුවදුක් අහනකොට කරන කොට ලෙඩා මොකක්දෝ කියන්න ට්‍රයි කරලා මැරිලා ගිය එක.:D /

      ඒ ලෙඩාගෙ අන්තිම වචන මෙහෙමයිනෙ බං,

      අ...අ...අ....හු...හු...හු...බ...බ..බ....උ..උ...උ...උ...

      ලෙඩා කියන්නෙ මොනවද කියල අහගන්ට ඒ පොර තවත් නැමුන ලෙඩාගෙ මූණ දිහාට. එතකොට වෙන්නෙ දකුණු කකුලට තව බර වැටෙනව...බටේ තිබ්බෙ දකුනු කකුලට පෑගිල...හෙහ්, හෙහ්, හෙහ්,

      / අර පාං ගේන්න ගිහින් තෙල බෙදපු එකනම් ලෙසටම ලියලා තියෙනවා අප්පා. ඒකත් බ්ලොග් කරන්න තිබ්බ එකක්, අපරාදෙ /

      අප්පා, ඒ පාං ගේන ආතල් එකෙන් මම ඔය බොහොම සාරාංසයක් කිව්වෙ...තව තියනව මරු සීන් දෙක තුනක්...බ්ලොග් පෝස්ට් එකක් නෙවෙයි බොල ලීයැකි හත අටක් ඇහැ පියාන....

      ඔය එක කෙල්ලෙක් සැට් වෙලා හිටිය ඒ පැත්තෙ මරු මුස් බුවෙක් එක්ක...කෙල්ලට මේ වැඩේ නවත්තන්න ඕන වෙලා තිබුණෙ..ඒත් අර යකා මේ කෙල්ලට ආදරෙයි...ඉතිං ඔන්න දවසක් හවස මම පාං ගේන්ට යනකොට ඕකි විතරයි හිටියෙ...මතක නෑ බං මේ සෝක් නමක්...ඔන්න ඔය බවුද්ද කතාවල එන නමක්.....දේවස්මිතා ද කොහෙද?...අහ්..නෑ, නෑ...ඔන්න මතක් උනා...අමිත්තතාපා...අන්න හරි,

      ඉතිං කෙල්ල මට අඬ අඬා කියන්ට පටන් ගත්ත විස්තරේ...මටත් මදැයි ඕක..මයෙ පිත්තාසයෙ ඉඳල උනු වෙල වැගිරෙන්ට ගත්ත...Damsel In Distress.... මම ඉතිං ඇන්ද Knight In Shining Armour පාර්ට් එකට...හරි නංගි කිසි දේකට බයවෙන්ට එපා, අපි මෙහෙම කරමු අරම කරමු, පැලෑං කෝටියයි...අප්පට සිරි දැක්කෙම නෑ ඔය අව් අස්සෙ අර මගෝඩිය ආපි එතනට....හොඳ වෙලාවට මම දුන්නු පොර ටෝක් ඇහිල නෑ...ඇවිල්ල.... කවුද මෙයා?....කියල රැව්ව රැවිල්ලක්...මම මොනවද ආයෙ මාරු උනා සිං සිං ගාල..අමීට යන්නං කියල කියන්ටවත් හිටියෙ නෑ ඔන්න...

      අඩේ හෙන්රි, ඔන්න දැන් මතක් උනේ...එදා ඒ කෙල්ල මට කියල ගෙන්න ගත්ත කිඹුලො දෙන්නට සල්ලි දුන්නෙත් නෑ...ඔන්න බලාපං ඒකෙත් හැටි..මතක ඇතුව මේ පාර නිවාඩුවට ගියාම යන්ට ඕන බලන්ට...එක කිඹුලෙක්ගෙ වත් සල්ලි ඉල්ල ගන්ට...:) :)

      Delete
    2. //අ...අ...අ....හු...හු...හු...බ...බ..බ....උ..උ...උ...උ...//
      අනේ මචං ගූගල් ට්‍රන්ස්ලේටරේට දාලා යන්තම් ඩිසයිෆර් කර ගත්තා.:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  13. හිනා වෙලා හිනා වෙලා කඳුළුත් ආව මට මේක කියෝලා. දැං අර සම්භාව්‍ය වර්ශන් එකේ ඉතිරි ටික ලියාන්ට ගියහම අයියට මේ ඉන්න දඩ් උන්නැහෙත් එක්ක ඒ දඩයක්කාරයව පැටලෙයිද දන් නෑ. කොහොමද මේං මෙහෙම ලියවුනොත් එහෙම.

    ඇසි පිය නොහෙලා ගලා යන සැඩ පහර දෙසම නෙතු යොමාගෙන අතීතාවර්ජනයක යෙදී සිටි දඩයක්කාර තෙමගේ දැහැන සුනු විසුණුව ගියේ නාස්පුඩු විනිවිද ගිය සුගන්ධයක් ආඝ්‍රාණය වීමෙනි. ඒ සමගම නිරායාසයෙන්ම තම සිතුවිලි අන් සිතකින් ගලා එන සිතුවිලි ධාරාවක් හා ඒකාත්මික වන බව දැනුණද, ඔහුගේ හිසද ඒ වෙත හැරුණේ සිතද, නාසයද මෙන් දෙනෙතද එම සොඳුරු දසුනෙන් පුරවා ගැනීමට ඇවැසි වූ බැවිනි.

    මඳ පවන් රැල්ලට හසු වී ඒ මේ අත දිවෙනා දඟකාර කෙස් කළඹ... නිල් කැට යුග්මයක් ලෙසින් බැබළෙන දිගු සිහින් නෙතු යුග... උපමාවකට සම කළ නොහෙනා ඍජු නාසය... රත් පියුම් පෙති යුග්මයක් ලෙසින් පොපියනා දෙතොල... මේ සැම පරයමින් - එසේය සහෘදයිනි, මේ සැම පරයමින් ඔහුගේ දෙනෙත් හඹා ගියේ ඇගේ දෑතේ වූ දුම් දමන, සුවඳ හමන ගෝදම්බ රොටිය වෙතටය.

    කොහොමද වැඩේ? :D :D :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...