Friday, September 28, 2012

137. අනේ ඔයා මට බණිනවා...පිස්සුද හලෝ?..කවුද දැං බැන්නෙ?

,.,
බැණිල්ල....බණිනව කියන එකේ නිර්වචනය මොකක්ද?....එහෙමත් නැත්නම් බණිනව කියල කියන්නෙ මොකක්ද?...දැන් සාමාන්‍යයෙන් බණිනව කියල කියන්නෙ යම් නුසුදුසු නැත්නම් වැරදි දෙයක් කලාම ඒ ගැන කියන එක නේද?...එතකොට ඒ කියන්නෙ යමක් පිලිබඳව කරුණු පැහැදිලි කරල දෙන එක...ඒකෙ වැරැද්දක් මොකවත්ම නෑනෙ...එහෙම කරන්ට හැමෝටම අයිතිය තියනව...මම අකමැති දෙයක් ඔයා කලොත් ඒ ගැන ඔයාට කියන්ට මට අයිතිය තියනව වගේම ඔයා අකමැති දෙයක් මම කලොත් ඒ ගන මට කියන්ට ඔයාටත් අයිතියක් තියනව.

එතකොට මේ කරුණු පැහැදිලි කිරීම බැණිල්ලක් බවට පත් වෙන්නෙ කොතනදිද?...නැත්නම් ඒ කොහොමද?...මේ දෙක වෙන්වන මායිම නැත්නම් සීමා ඉර කොතනද?...ඒ වගේම මෙහෙම කිව්වොත්.... ඒක බැණිල්ලක් ඒත් මෙහෙමනම් ඒක කරුණු පැහැදිලි කිරීමක් කියල නිර්වචනය වෙන්නෙ පාවිච්චි කරන වචන වලින්ද නැත්නම් ඒ වචන පාවිච්චි කරන ස්වරයෙන්ද?...නැත්නම් මේ දෙකෙන්මද?

ඔය මම බණිනව කියල නාහෙං අඬන එක අපෙ ලොක්කිගෙත් අතෑරගන්ට බැරිම පුරුද්දක්...කිසිම දෙයක් ...පැහැදිලි කිරීමක්...විග්‍රහ කිරීමක්...විශ්ලේෂණයක්...කරුණු ඉදිරිපත් කිරීමක් කොරන්ට බෑ...ඔන්න අරිනව ටැප් එක...කඳුලු කියන එව්ව අතේ අරං ඉන්නෙ....අනේ ඔන්න ඔයා මට බනිනව...ඕං ඉතිං මොකදෑ කොරන්නෙ...මම ඉතිං විදග්ද බුද්දිමය කරුනු සාරාංසකරනය පැත්තක තියල මයෙ රතු රෝස මල් ඉහිරුණු ලොකු බූල් තුවාය හොයනව...ඒ මොකටද?...මොකටවත් නෙවෙයි එයැයිගෙ කඳුලු පිහින්ට...

'' අනේ මම ඒ බැන්නද අනේ?....ඔයාට ආදරෙං කරුණු පැහැදිලි කලා නෙව..''


කඳුලු පිහින ගමං මම කියනව..


'' නෑ නෑ ඔයා මට බැන්න..''

එයා තාමත් ඉකි ගහනව...කාටද ඉතිං මේ අවනඩු කියන්නෙ හැබෑට..

'' මේ නවත්ත ගන්නවද නැද්ද ඔය චුරුචුරුව?...යකෝ මාර කෙලියක්නෙ මේක කිසි දෙයක් කියන්ට බෑ පටන් ගන්නව වැලහින්නි වගෙ... ''

( ඔන්න ඔහොම ටිකක් සද්දෙට කියවුනා නම් තමයි...ආය බොරුවක් කියන්නෙ අහවල් දේකටද?...ඒත් ඒක බැණිල්ලක්ද?...කරුනු පැහැදිලි කිරීමක් කියන වර්ගීකරනයට දාන්ට බැරිද ඒක? )

'' අනේ...ඔන්න ඒ පාර නම් හොඳටම බනිනව...''
චුරුචුරුව මහ වරුසාවක් වෙන්ටයි යන්නෙ...දැන් ඔය පාර පටන් ගත්තොත් මේක නවත්තන්න වෙන්නෙ නෑ වරුවකට...අම්මප මගෙත් නෑනෙ මේ ඉවසීම කියන එක මංචාඩි කාලක්වත්...

'' බැන්නද අනේ ඒ?.......අඬන්ට එපාය කියලනෙ කිව්වෙ...ඒ ඔයා අඬන කොට මට බලා ඉන්ට බැරි හින්දනෙ...''
'' එතකොට අර යකෝ කිව්වෙ? ''
'' අහ්...එහෙම කිව්වෙද?...ඒ ඔයා අඬනව බලා ඉන්ට බෑ මට යකෝ කියලනෙ කිව්වෙ...''
'' එතකොට වැලහින්නි කිව්වෙ?...''
'' හරි, හරි, වැලහින්නියක් වගෙ අඬනව කියල ඔය පොත්වල තියෙනවනෙ ...ඒකයි මම එහෙම කිව්වෙ...ඒක ගනන් ගන්ට එපා. ''
ඕන්න යාන්තමට එදා වැඩේ ගොඩින් ෂේප් කර ගත්තා...

මේ ආයෙම දවසක්....

ඔන්න දවසක් රෑට කන්ට ඉඳගත්ත කියමුකො..කටේ තියන්ට බෑ ලුණු...වෙලා තියෙන්නෙ මේකයි...අර යනවනෙ සුවර්නවාහිනියෙ හිටු මැදුර....මේ අම්මණ්ඩි ඕකට පන ඇරල...අර කවුද බං අර ජපං කෙල්ලෙක් වගෙ නිලියක් ඉන්නෙ..ආ...මේ බිහාරා ද කවුද?........ඉවුං පිහුං කොරන්නෙත් ඕකෙ සිහියෙං...එදා මොකද්ද ඕකෙ අනුවේදනීය සීන් එකක් ගිහින් ඒ සිහියෙං ලුණු බෝතලේම කෙලල ඇරල හොද්දට...

ඔය ටෙලි නාට්ටිය කියන අටමගල් තියනව නේද?....අම්මප මගෙ තියෙන්නෙ පුදුම තරහක්...අපි බැඳපු අලුත තමයි ගියේ අර යසෝදා හිටපු නාට්ටිය..මොකක්ද මේ?...හරි..... දූ දරුවෝ නේද?...නැත්නම් නෑදෑයෝ ද?...හරි මොකක් හරි...අර පස්සෙ සෙලින්කෝ එකෙන් ඇඩ් එකක් එහෙම ගියේ '' අහිංසා...... ඔයා'' කියල ...අන්න ඒක..

ඔය නාට්ටිය පටන් ගන්නෙ ප්‍රවෘත්ති එහෙම ඉවර වෙලා 8.40 ට විතර...මෙන්න.... මේකනෙව වැඩේ...මේ අම්මණ්ඩි මෙන්න අලුත් තුවායකුත් එහෙම අරගෙන ලෑස්තිය අටහමාර වෙනකොට. වෙන මොකටවත් නෙවෙයි..... අඬන්ට....අඬන්ට...

අටහමාරෙ ඉඳලයි පටන් ගන්නෙ ඇඬිල්ල.......අටහමාරෙ ඉඳල....අටහමාරෙ ඉඳල....

ඔය නාට්ටිය බලා ඉන්න ගමන් මෙයයිගෙ ඇඬිල්ල බලා ඉඳල එයයියෙ ලොකු අක්කගෙ දූ දවසක් මාර කතාවක් කිව්ව..

'' ඒ ගොල්ලො නම් අඬන්නෙ සල්ලි ගෙවන නිසා..ඒක බලා ඉඳල පුංචිඅම්ම නම් නොමිලෙම අඬනව ''

හෙහ්, හෙහ්, අපිට මැරෙන්ඩ හිනා...අපෙ ලොක්කිත් ඔන්න මම දැක්ක ඇස් දෙකේ කඳුලු පුරෝගෙනම.... ..ඒත් හිනා උනා...

හරි ආයෙම එමු ලුණු වැඩි වෙච්චි දවසට......

ඉතිං ඔන්න අහගනිල්ලකො වෙච්ච දේ...මුලිම්ම හොදි දීසිය පියාඹලා ගිහිල්ල වැටුන සිංක් එකට...ඊට පස්සෙ මයෙ පිඟාන එහෙම්මම වැඩම කලා මහ පොලවට..ඊට පස්සෙ ඔන්න මගෙ සුහද කරුණු ඉදිරිපත් කිරීම..

'' මල මඟුලක්නෙ මේක..... අවුරුදු දාහතක් වෙනව ...තාම බෑ හරියට හොද්දට ලුණු ටික දාගන්ට..මට නං මේ කෙරුවාව අපෝ වෙලයි තියෙන්නෙ...මේ කරුනා කරල හෙට උදේම මම ගිහිල්ල දාන්නං බස් එහෙකට ....යන්ට ගෙදර...මම කොහොම හරි පන ගැටගහ ගන්නං ''
ඕන්න අඬන්ට පටං ගත්තෙ නැතෑ ඉකි ගගහ...මොන තරම් කිව්වද බැන්නෙ නැත කියල ...කෝ ඇහුවෙම නෑ නෙව.. 


'' නෑ ඔයා මට බැන්න...ඔයා හරි නරකයි...අර හොදි දීසිය වීසි කලා සිංක් එකට ''
'' නෑනෙ ළමයා...ඒ හොද්දට ලුණු ෂුට්ටක් වැඩියි තමයි..ඒක ගානක් නෑ...අනික මම ඒ දීසිය සිංක් එකට දැම්ම විතරයි, හෝදල දාන්ට ලේසි වෙන්ට......වීසි කලේ නෑ......''
'' එතකොට පිඟාන පොලවෙ ගැහුවෙ? ''
'' ඒක මෙහෙමනෙ...මම කොහොමත් අලුත් පිඟානක් ගන්ටයි හිටියෙ...මට එකයි ඔයාට එකයි...අනික මට බලන්ට ඕන උනා මේ අලුත් ටයිල් එක ස්ක්‍රැච් පෲෆ් ද කියල...බර ගානක් ගත්තනෙ හාඩ් වෙයාර් කාරයා මේකට ස්ක්‍රැච් පෲෆ් කියල.......ඒක චෙක් කරන්ටයි මට ඕන උනේ...''

'' ආ, එතකොට හෙට උදේ බස් එකට දාන්නං කිව්වෙ මට ගෙදර යන්ට. ''

'' ඉතිං ඒක වැරැද්දක්ද?...ඔයා කාලෙකින් ගියේ නෑනෙ නේද ගෙදර...පුහුල් දෝසි පන්සීයකුත් අරගෙන අම්ම අප්පච්චි බලල එන්ට ගිහිල්ල. ''
'' ආ...එතකොට ඔයා කොහොම හරි පණ ගැටගහගන්නම්ද මොකක්ද කිව්වෙ? ''
'' ඉතිං බලන්ට එකෙං තේරෙන්නෙ ඔයාට තියන ආදරේ නෙවෙයිද?...ඔයා ගෙදර ගිහිල්ල ඉන්න දවස් දෙක තුනට මම බොහොම දුකසේ කොහොම හරි පණ ගැට ගහගන්නම් කියලනෙ ලමයො ඒ කිව්වෙ..''
ඔය මොනවා කිව්වත් පිළිගත්තෙම නෑ නෙව ...මම බැන්නයි කියලයි තාමත් කියන්නෙ...ඉතිං දැං කියාපල්ල බලන්ට උඹලගෙ තීරණය...ඒ බැණිල්ලක්ද නැද්ද?

52 comments:

  1. ගජබිංනාලංකාරේ කියැව්වා වගෙයි මයේ අම්මේ......... :)

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වාට මොකද, මෙම ලිපිය සමාජයේ පැතිකඩක් නොව හරස්කඩක්ම නියෝජනය කෙරෙන පරිද්දෙන්, මනා වූ සංයමයකින් යුතුව, විචාර බුද්ධිය පුළුල් පරාසයක් තුල යොමු කරවා, මධ්‍යස්ථ සිතුවිලි මාර්ගයෙන්, පාඨකයාගේ හද සන්තානයේ සැඟවී පැවතුනු සිතුවිලි මතු කරගනිමින්, ආනන්දගෙන් ප්‍රඥාට හසුනක් ගෙන යන ආකාරයෙන් ලියන ලද්දක් බව උදක් ම පැවසිය යුතු වන්නේමය. :)

      Delete
    2. ඔන්න ඉතින් බනින්ට පටන් ගත්තා....

      Delete
    3. @ Randil,

      ඉඳපං රන්,...ආයෙම සැරයක් මම ලියපු එක කියෝලම එඤ්ඤං....මට නං ෂුවර් නෑ උඹ මේ කියන්නෙ මම ලියපු එක ගැනමද කියල....උඹට ෂුවර් නේ?...:)

      Delete
    4. තිසර,

      හෙහ්, හෙහ්, අම්මප ඇත්ත තිසර, ඔය ඔවුන්දැලයෙ හැටියක්මනෙ...සමහර වෙලාවට අපෙ උන්නැහැත් එහෙමම තමයි...මුන්දැ මේ කලේ මට ප්‍රසංසාවක්ද අපහාසයක්ද කියල හරියකට හිතාගන්ට බැරුව අර ටෝච් එලියට ඇහැ දීපු කලවැද්දහෙ මම බලාගෙන ඉන්නව

      ඔන්න එක සීන් එකක්....

      එයාලයි ගමට යන්ට තියෙන්නෙ පොඩි තනි දොරේ බස්..ඔව්වයෙ සෙනඟ කියන්නෙ ආය නියං කාලෙ මඩ වලවල්වල ඉස්ගෙඩි පිරිල ඉන්නව වගෙ...

      ඔන්න අපි දෙන්න කලිම්ම ගිහිල්ල සීට් එකක් අල්ල ගත්තයි කියමු...මම ඉතිං ඔය හිටගෙන ඉන්න කාන්තාවියො ඉන්නව නේද?...පව්නෙ අප්පා...ඔය හැමෝගෙම බෑග් ද පොත් පත් ද පයිල් බයිල්ද එලෝලු මලුද බූංදි පාර්සල් ද ඔය ඔක්කොම ඉල්ලගෙන තියාගන්නව උඩැක්කිය උඩ ( හෙහ්, හෙහ්, ඒකත් මරු කතාවක්...ඔය එහෙ දුවන එක බට්ට වෑන් එහෙක කොන්ද හිටියෙ මුස්ලිම් කොලුවෙක්...අවුරුදු දාහතරක් විතර ඇති...ඕක මිනිස්සු පැක් කරන්නෙ මෙහෙමයි ...මේ....ඔය නෝන මොකද ඔය ෂීට් දෙකක් අල්ලගෙන...ගන්ට ගන්ට ඔය ලමය උඩැක්කියට ගන්ට....හිනා වෙලා මැරෙනව අපි දෙන්න )

      දෙතුං පාරක් ඔන්න අපෙ උන්දැ රබර් ඇහැ දානව...මම දැක්කෙ නෑ වගෙ ඉන්නව අහක බලාගෙන..

      ඔන්න එක පාරට මෙහෙම කියනව..

      '' අර අතන ගෑණු කෙනෙක් ඉන්නව එලෝලු මල්ලකුත් උස්සගෙන...ඉල්ලල දෙන්ටෙයි ඔයාට ඒකත්...''

      '' ඔන්න ඕකනෙ ඔයාත් එක්ක මොකවත් බැරි?....කරොත් කරන්නෙ මට අපහාසයක්මනෙ... ''

      '' අපහාසයක් ?...කොහෙද මම කියපු එකේ අපහාසයක් තිබුන?....ඔයා බොහොම සත් ගුණවත් පරාර්ථකාමී පුරුෂ රත්නයක් නිසානෙ මම ඒ මල්ලත් ඉල්ලල දෙන්ටද කියල ඇහුවෙ...ඒකෙ කොහෙද අනේ අපහාසයක්? ''

      අර මුවං පැලැස්සෙ කෝරලේ මහත්තය කියන්න වාගෙ ඈ...දීපල්ලකො පුලුවන්නං උත්තර.....හෙහ්, හෙහ්,

      Delete
  2. අනේ හැමදාම ඔහොම බැනලා මේ වගේ විස්තර කරලා දාපන් අයියේ.. උඹලට වලි අපිට ජොලි... :-) ලොක්කි කියන්නෙ කවුද ? ලොකු දුවද ? නැත්නම් ඇඹේනියද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ අහනව ලොක්කි කියන්නෙ කවුද කිය්ලා අයියේ...

      බොලාට අපිට වෙන ලොක්කියො ඉන්නවය නේද බන්?..:)

      Delete
    2. අනේ නොදන්න කමට ඇහුවෙ.. අපි ඉතින් අළුත් ඈයොනෙ..වරදක් වුනානම් සමාවන්න.

      Delete
    3. @ සෙන්නා,

      / ලොක්කි කියන්නෙ කවුද ? ලොකු දුවද ? නැත්නම් ඇඹේනියද ? /

      ලොකු දුව....හුහ්.....ලොකු දුව නෙවෙයි උන්දැ හිතාගෙන ඉන්නෙ ලොකු මිණිබිරී කියල...:) :)

      My bitter half Senna, my bitter half....:)

      Delete
    4. @ නිශ්,

      / බොලාට අපිට වෙන ලොක්කියො ඉන්නවය නේද බන්?..:) /

      හෙහ්, හෙහ්, මොනව කියනවද බං එච්චරම තමයි ඉන්නෙ ලොක්කියෙකුට කියල...

      ඔය පත්තරවල ගෑණු තුං හතර දෙනා ඉන්න පිරිමි ගැන විස්තර තියන එව්ව මම හිතන්නෙ පට්ට කෙබර කියල නිශ්, ඇයි දෙයියනේ මේ එකක් එක්ක ජාම බේරගන්නෙ කොහොමද කියල තුං තිස් පැයේ අහස පොලෝ ගැටගගන්ට අපි කල්පනා කොරනව...තුං හතර දෙනෙක් උනාම ...හප්පච්චියේ මේං බලාපං මයෙ මයිල් කෙලිං වෙන අපූරුව....

      Delete
    5. හුහ්.............. මයිල් කෙලින් වෙනවා ඈ........... අද රෑට ස්කයිප් එකෙන් ගෙවල් පැත්තේ එහෙම යනවා නෙමෙයි ඕං......... ඒ වෙලාවට කෙලිං වෙච්චා ගැලවිලා වැටෙයි. මං මේ පෝස්ට් එකයි ඔයැයිගේ කොමෙන්ට් ටිකයි මේ දැන් ගුරුතුමීට මේල් කලා........... :D

      Delete
    6. @ RanDil,

      / මං මේ පෝස්ට් එකයි ඔයැයිගේ කොමෙන්ට් ටිකයි මේ දැන් ගුරුතුමීට මේල් කලා........... :D /

      දෙයියෝ සාලෙ...මේ...පිස්සු කෙලින්න නම් එපාය..

      මම මේ කිසි බයක් හැකක් නැතුව ඩෙඟා නටන්නෙ මේ දවස් වල අපේ පැත්තෙ ඉන්ටනැට් ඔක්කොම අප්සැට් ගිහිල්ල හින්දයි.

      උඹ මේ මොකක්ද හැබෑටම කලේ?......:(

      Delete
    7. වැල් එහෙම ඕනෙයි ? :-)

      Delete
  3. අම්මේ ඔය සුහදව කරුනු ඉදිරිපත් කොලා වගේ නෙවෙයි...

    විශ්ලේෂනය කොරල පහදල දෙන්න ගියහම.
    අර කරුනු ඉදිරිපත් කිරීම නොකලානම් දාහෙන් සම්පතයි කියලා හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මට නං හිතෙන්නේ මහත්තයාගේ ආදරය නෝනාට දැනෙන ප්‍රමාණය අනුලෝම ව සමානුපාතිකයි සුට්ට බැරි වෙන කොට ඇරෙන ටැප් එකෙන් ගලා හැලෙන්න පටන් ගන්න ලුණු රස ඇති ජලයේ පරිමාවට........... :D

      Delete
    2. @ නිශ්,

      හප්පා..මතක් කරන්ට එපා බං..වෙලාවකට හිතෙනව මොකවත්ම නොකිය...අඳ ගොළු බිහිරි සමාපත්තියට සමවැදිල ඉන්න එක දාහෙං සම්පතයි කියල...අනෙ අම්මප ....

      Delete
    3. @ RanDil,

      ආන්න දැක්කද ආන්න දැක්කද...ඒකෙ වැරැද්දත් කාගෙද?..මේ අපේ...මේ අපේ...

      ඕකට තමයි කියන්නෙ වනිතා තර්කන විධි ක්‍රමය කියල ..Feminine Logic.....අනික් ඔක්කොම තර්කන විධි යටයි කියනවනෙ ඕකට ...

      Delete
  4. මාර ලොජික් එක.. හි හි

    හැබෑට කතාව ඇත්ත.. මටත් පොඩ්ඩ ඇත්තං ඇඩෙනවා.. ගෑණු ගතිය ඇර ගන්න බැරි හින්දද කොහෙද.. හැබැයි මට මල පනින්නේ තමුසේ කිව්වොත් තමයි.. හි හි...

    ඔන්න මේක ගෑණු මායමක් හරිද... හිටපු ගමන් තේක වතුර වගේ වෙන වෙලාවල් ඇත... හොද්දට ලුණු වැඩි වීම නම් මා අතින් සිදු වී නැත... ඒ වගේ වෙලාවට නම් බොහොම සුහදව... “ ඔව් නේ.. පොඩ්ඩක් ලුණු වැඩියි නේද... අයියො අද නං මේ තේක ගන්න දෙයක් නෑ.. මං මද මන්දා හැදුවේ ...“ කියාගෙන එයා කට අරින්නට පෙර මංම මටම හින්ට් එකක් ගසා ගෑනීමයි....

    ආයිත් නෝ කතා නෝ සිනා... ඔය මොකක් හරි කට කැඩිච්ච කතාවක් කිව්වත් කේන්තිය නිවිලා අහවරයි නෙවැ...

    ReplyDelete
    Replies
    1. / මාර ලොජික් එක.. හි හි /

      හෙහ්, හෙහ්, දන්නවය හිරු...ඉතාම සාර්ථක විවාහ ජීවිත ගත කරනවය කියන්නෙ තර්ක ශාස්ත්‍රය හදාරපු උදවිය....

      ඔය තර්කන විධි ක්‍රමයට කියන්නෙ මොකක්ද දන්නවය...සත්‍යාසත්‍ය ශීර්ෂ භ්‍රමණ තර්කන විධි ක්‍රමය...ඒ කියන්නෙ ඒ තර්කවල ඇත්ත නැත්ත ගැන කල්පනා කොරනකොට ඔලුව කරකැවෙන්ට ගන්නව...ඇත්ත වගෙත් තමයි...ඒත් අපිටම ෂුවර් නෑ ඇත්තමදෝහෝයි කියල...හෙහ්, හෙහ්,

      Delete
  5. කොහොම උනත් හොදි දීසිය විසික් කල එක අපරාදෙනෙ, මේ ජීවන බර උහුලගන්නත් බැරි කාලේ :D

    ReplyDelete
    Replies
    1. එතන mier මම යොදා ගත්තෙ හානි පූරක තර්කන ක්‍රමය..ඒ කිව්වෙ දැන් වෙච්ච හානිය උනා...ඒ කිව්වෙ පොල්, ලුණු ඔක්කොම අපතේ..ඒත් ලුණු අඩුකරන්න නම් එක්කො ඕකට තව කිරි ටිකක් දාන්න වෙනව..එහෙම නැත්නම් අල ගෙඩියක් පෙති ගහල දාන්න වෙනව..ඒ දෙකම තවත් අමතර වියදම් නෙව...ඒ නිසා අවම හානියක් වෙන ක්‍රමේ තමයි මම යොදා ගත්තෙ..:) :)

      Delete
  6. හොදි වලට ලුණු වැඩි උණාම මටත් නම් මල පනිනවා... ඒකි ඉතින් දවසම මහන්සිවෙලා ඇවිත් හොදිත් හදනවා තමයි... ඒත් හොදි වලට ලුණු වැඩි බව කිව්වේ නැත්නම් මට හරි මොකද්ද වගේ... "මොකද්ද අනේ... මේකට කීපාරක් ලුණු දැම්මද? අපෝ කටේ තියන්න බෑනේ... ඔය බටර් එකවත් ගේනවා ගාගෙන කන්න, මේක කැවොත් ඉතිං.... " ඔය වගේ කරණු පහදා දීමක් තමයි සිද්ධවෙන්නේ... පස්සේ දවසක ඕක මතක් කරලා ඤරු ඤුරු ගෑවොත් මම කියන්නේ, මම ඒ වගේ අවංකව කෙලින් අදහස් ප්‍රකාශ කරන්නේ එයාගෙම හොඳට කියලා. ඒයාගේ අතින් පොඩි අඩුපාඩුවක් වුනත් ඒක පේන්නේ, එයා හැම වෙලේම අනර්ඝ මට්ටමෙන් දේවල් කරන නිසා හැම වෙලේම මම බලාපොරොත්තු වෙන්නේ ඒ ඉහලම මට්ටමේ දේවල් කියලා.....

    අවංකවමයි මේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. / හොදි වලට ලුණු වැඩි උණාම මටත් නම් මල පනිනවා. /

      හීංවට දෙකක් දා ගත්තු දාට මට ඔය ලුණු මිරිස් ගොරක මොකවත් ඔනැන්නෙ නෑ ඇත්තම කිව්වොත්....

      '' ඒයි මේ කොහොමද ඊයෙ රෑ කෑම? ''

      ඔන්න උදේම මම නාල එහෙම එද්දි එයා අහනව..

      '' ම්ම්..නියමයි...නූඩ්ල්ස් එකට තව ලුණු චුට්ටක් තිබ්බනම් පංකාදු පහයි...ඒත් අවුලක්මත් නෑ... ''

      මම ඉතිං දීල අරිනව...උදේ පාන්දර මුන්දැ ෂේප් එකේ තියා ගන්ට එපාය..

      ඔන්න එයයිගෙ කටත් එක්ක ඇරෙනව...බලා ඉද්දි මූණ කලු වෙනව..

      '' මේ මොකෝ මේ? ''..........මම අහනව ළඟට ගිහිල්ල..

      '' ඊයෙ රෑට රොටීයි පොල් සම්බෝලයිනෙ මම හැදුවෙ.. ''

      ඉතිං මොකේදැයි දං වළඳන්නෙ කියල ඇහුවලු වජිරාරාමෙ නායක හාංදුරුවොත්...හෙහ්, හෙහ්,

      Delete
  7. ඕකෙ ප්‍රතිලෝමය තමයි මගෙ අත්දැකීම!!
    මොකුත් වැඩිය නොකිය කට පියාගන්න එක හොඳයි!!
    පැපරාසි වැහි වැහැල නෙව

    ReplyDelete
    Replies
    1. අඩේ අප්ප..ඒ කිව්වෙ බොලායෙ අහ හොදි දීසි ගුවං ගත කොරන්නෙ උඹයි එතකොට?.....හෙහ්, හෙහ්, එල එල...අන්න එහෙම නෙව ඉන්ට ඕන ...දාපං බලන්ට පහක්කාරිය.....

      Delete
  8. ඕක ගෑනුන්ට ආවේනික ලක්ෂණයක්. මං කිව්වෙ අඬනඑක. බැන්නත් නැතත් ටික දවසකට සැරයක් පොඩ්ඩක් ඇඬුවෙ නැත්තං අවුල්. ඒ වෙලාවට දන්න ශිල්ප දක්වල ෂේප් කරගන්න දැනගන්න ඕන. අනික ටිකක් ඇඬුවෙ නැත්තං ඕක වෙනත් පැත්තකින් පිට වෙනවම තමයි.

    කෑම බීම ගැනනං කියන්න තියෙන්නෙ දුන්දෙයක් කාල ඉන්න කියනඑක තමයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔව් රාජ්...එහෙම වෙන්නත් පුලුවන්...

      There is nothing a man won't do to wipe out the tears of the woman he loves

      Delete
    2. @රාජ් +++
      ඔයා නම් හොඳ සැමියෙක් වගේ !

      @Ravi ayya
      //There is nothing a man won't do to wipe out the tears of the woman he loves//
      wow..how romantic <3

      Delete
    3. @ Amas.

      Do you want some more?.... Will give you for a village...Heh, heh,

      To see you smiling I would gladly walk through parched deserts , swim in shark infested oceans , mm.what else..okay you can insert any similar situations here

      When I first saw you I thought I must be dreaming, I am sure of it now....I must have been sleeping..because how else can I explain the situation I got myself into that fateful day.

      I would gladly walk to the end of the world for you, if you promise not to follow me,

      There is no other like you in this whole world, anyway I like to think so because otherwise it would simply be intolerable.

      I fell in love the first day and am still trying my best to get up.....

      Delete
  9. mata thiyena lokuma banilla ape mahaththayagen mama nattiya balanne naalu kata wahagena eya kiyanawa ` balana hath ilawwak balanawa kata piyagena, me apita wadayak nowe kaamata lununan wadi wenne naha kaama okkma hadala eyala kaawama thama mama balanne you tube eken eka nisa karadarayak naha vivechanaya karana eka thamai eyata thyena lkuma amaruwa eya kiyanawa mokata balanawada oya magul thamuseta ona vidihata kathawa sidda wenne naththan kiya andena welawata puthala kiyanawa ane ammi owa aththa nowei kiya onna ape gedara hati habai eya bannama nam yanna hithenawa gedara.

    ReplyDelete
    Replies
    1. කතාවක් කියවද්දි එහෙම නැත්නම් බලද්දි ඇඬෙන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි..එහෙම වෙන්නෙ අනුන්ගෙ දුකේදි දුක්වෙන සංවේදී හිත් තියන අයට...අද වෙලා තියෙන්නෙ එහෙම අය හොයාගන්ට හරිම අමාරුයි..ඒක තමයි අද වෙලා තියෙන නස්පැත්තිය...

      බුදු හාමුදුරුවන්ගෙත් එක මුද්‍රාවක් තමයි පර දුක්ඛ දුක්ඛ මුද්‍රාව ..ඒ කියන්නෙ අනුන්ගෙ දුකේදි දුක් වීම...කිසිම විදිහකින් ඒක ලැජ්ජාවට කාරණයක් නම් නෙවෙයි.

      Count of Monte Christo කතාවෙ මුල් ඉංග්‍රීසි පොත කියවන්ට මට සෑහෙන දවසක් ගියා...ඒකෙ තමන් අවුරුදු ගනනක් ප්‍රේම කල පෙම්වතිය එක්ක විවාහ වෙන්ට නියමිත දවසෙ නිරපරාදෙ බොරු චෝදනාවකට එඩ්මන් දාන්තේ අවුරුදු දහ හතරකට හිරේට යවනව...ඒ වෙලාවෙ එයාගෙ හිතේ හැඟුම් මොන තරම් අපූරුවට Alexander Dumas විග්‍රහ කරල තියනවද කිව්වොත් මට ඇඬුන....:) :)

      Delete
    2. // Count of Monte Christo කතාවෙ මුල් ඉංග්‍රීසි පොත කියවන්ට මට සෑහෙන දවසක් ගියා...ඒකෙ තමන් අවුරුදු ගනනක් ප්‍රේම කල පෙම්වතිය එක්ක විවාහ වෙන්ට නියමිත දවසෙ නිරපරාදෙ බොරු චෝදනාවකට එඩ්මන් දාන්තේ අවුරුදු දහ හතරකට හිරේට යවනව...ඒ වෙලාවෙ එයාගෙ හිතේ හැඟුම් මොන තරම් අපූරුවට Alexander Dumas විග්‍රහ කරල තියනවද කිව්වොත් මට ඇඬුන....:) :) //

      +++++++++++

      මමත් සෑහෙන් වාරයක් කියවපු පොතක්.. තව සෑහෙන වාරයක් කියවන්ඩ නියමිතයි..දියුමා අතිවිශිෂ්ඨයි.

      Delete
  10. Replies
    1. ඔන්න දැක්කද සිත්තමියෙ, බැණිල්ලක් ගිය දුර.....හෙහ්, හෙහ්,

      Delete
  11. සුහදව කරුණු කියා දීල ඔයින් ගියා මදැයි..

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඇත්ත චේජනා නඟේ...කොහොමද මයෙ සුහද කරුණු පැහැදිලි කිරීම ඔහොමනම් තද උන දවසට කොහොම වෙයිද?....ඒත් ඇස් වහක් කටවහක් නෑ මේ දීර්ඝ කාලය තුල කවදාවත් තද වෙලා නම් නෑ....අවුරුදු දාහතක් තද උනේ නෑ කියන්නෙ ආයෙ කවමදාකවත් තද වෙන එකකුත් නෑ...හෙහ්, හෙහ්,

      Delete
  12. ඈෆූ... මේ මැටි හැසිරීම පල කර පිරිමියාව දඩු කඳේ ගසන්න ඕනෙ .... :) :)

    ReplyDelete
    Replies
    1. දඬු කඳේ ගහල මදි බොල දිලෝ ..දඬු කඳේ ගහල මදි ඔය වගෙ මැට්ටො...හෙහ්, හෙහ්, ඇත්තම ඇත්ත...කට ඇරහං චොකොලොට් අයිස් ක්‍රීම් හැංදක් ඔබන්ට ....

      Delete
  13. අම්මෝ ඔබතුමාගේ රෙප්ලිකා එකක් කොහොමද අපේ දිහාට ආවේ. ඒ ගොල්ල බැන්නම කරුණු පැහැදිලි කිරීම් . අපි මොකක් හරි කිව්වම ''කොයි වෙලෙත් චුරු චුරුව '' අසාධාරණයි ඈ. රෝස මල් තියෙන බුල් බුල් තුවාය . අපිත් එකක් ගන්න ඕන .

    ReplyDelete
    Replies
    1. එම්බා බින්දියනි, මෙපවත් අසනු මැන......මේ හුදෙක් පසුගිය දඩයක්කාරයා කථාංගයට ලැබුණු ටීකාවෙක් කරණ කොටගෙන මසිත ජනනය වූ හැඟුම් සමුදාය අක්ෂර බවට හැරවීමෙක් පමණකි.

      වළාමයෙකි!....මෙහි නිරූපිත පුරුෂ තෙම කිසිදු අයුරකින් මා නොවන බවට හැකි විගස ලොක්කීගෙන්මැ ලබාගත් සහතික පත්‍රයක් මෙහි පළකිරීමට සටහන් කොට ගත් බවට මෙයින් දන්වා සිටුම්හ!....සිද්ධි රස්තු!!!

      Delete
  14. “ඔයැයි ඔය කියන්නෙ හොද්දට ලුණු වැඩියි කියලද? මම කී පාරක් නම් ඔය හොද්දෙ ලුණු බලලද මේසෙට ඇරියෙ.බොරු කියන්න එපා අනේ...මම නොදන්නවැයි ඔයාගෙ හැටි..

    ඔය කියන්නෙ ආදරේටනේ..මම දන්නවා..අද මං මහන්සි වෙලා ගෙදර එන්න රෑ වුන එක ගැන ඔයාට දුකයි නේද? ඊට පස්සෙ කෑම ටිකත් පැය බාගෙන් හදලා ගත්තනේ..ඔයා ගනන් ගන්න එපා අනේ මම ඒවා හරි කැමැත්තෙන් කරන්නේ..බත් එක නම් ටිකක් අඩිය ඇල්ලුවෙ ටීවි එකේ එක පාරට මොකද්ද සද්දයක් එනවට මම ඒක බලන්න ගියපු නිසා..
    ඔයා අඩියේ බත් ටික කන්න එපා ඔන්න..“

    ඔන්න ඔහොම දේවල් අපේ දිහා නම් සිද්ද වුනේ නෑ ඔන්න..

    ReplyDelete
    Replies
    1. / මම කී පාරක් නම් ඔය හොද්දෙ ලුණු බලලද මේසෙට ඇරියෙ./

      ආ...ඔය තියෙන්නෙ...ඉතිං අහන්ටත් දෙයක් ද ලුණු එහෙ මෙහෙ වෙන එක...ඔයහැටි මොනවද අනේ හොද්දෙ ලුණු බලන්ට තියෙන්නෙ...උපරිම දෙපාරයි....

      / ඔය කියන්නෙ ආදරේටනේ..මම දන්නවා..අද මං මහන්සි වෙලා ගෙදර එන්න රෑ වුන එක ගැන ඔයාට දුකයි නේද? ඊට පස්සෙ කෑම ටිකත් පැය බාගෙන් හදලා ගත්තනේ../

      එහෙමද අනේ ආදරේ පෙන්නන්නෙ...

      '' එක්කොත් ඉන්නකො ඔයා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම උයන්නං අද ''...

      ඒ එක විදිහක්....හැමෝටම එහෙම බෑනෙ....මේ හැමෝටම පුලුවන් විකල්ප අංක දෙක....

      '' අද මහන්සිනෙ ඔයාට..උයන්ට ඕන නෑ..ඔයා වොෂ් එකක් දාගන්න මම හංදියෙන් මොනව හරි ගේන්නං...මොනවද හොඳ?...පරාට? නැත්නම් ඉඳිආප්පයි කිරි හොදියි? දැන් එතන මනි පිට්ටුත් තියනවලු...කියන්න මොනවැයි හොඳ? ''

      Delete
  15. හේ හේ.. මේ බැනලද.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙව දිනේශ්.....කාටද මෙව්ව ඉතිං කියන්නෙ? :( :(

      Delete
  16. අපෝ මෙයා නම් මහා නපුරෙක්. ඔය බැනල නේන්නම් .. පව් අනේ සඳා අක්ක...

    හි හි
    ඇත්තම කියන්න රවී අයියේ...ගෑනු අපට ඔය ඉඳල හිටලා සුටි කඳුලක් දෙකක් හෙළුවේ නැත්නං අස්පට් වගේ. හි හි ඒ කඳුළු පිහල නළවන්ට පිරිමි අතකුත් ඕනෙමයි. ඕක ඉතින් ලෝකේ හැටි!!!

    ReplyDelete
    Replies
    1. / අපෝ මෙයා නම් මහා නපුරෙක්. ඔය බැනල නේන්නම් .. පව් අනේ සඳා අක්ක... /

      මේ අමාරිස්..පිස්සු නොකෙල ඉන්නවද පැත්තකට වෙලා...ආව සඳා වෙනුවෙන් කඳුලු හෙලන්ට......ඊහෙම මොකවත් උනේ නෑ බොල...ඒ සෙල්ලං හරි යන්නෙ නෑ ලොක්කි එක්කල...මම මෙහෙම ලියනව තියා හිතන්නෙ වත් නෑ වෙලාවට මේ දවස්වල අපෙ ගෙවල් පැත්තෙ නෙට් කචල්....ඒකයි මේ චණ්ඩිය වගෙ ලිව්වෙ....

      / ඇත්තම කියන්න රවී අයියේ...ගෑනු අපට ඔය ඉඳල හිටලා සුටි කඳුලක් දෙකක් හෙළුවේ නැත්නං අස්පට් වගේ. හි හි ඒ කඳුළු පිහල නළවන්ට පිරිමි අතකුත් ඕනෙමයි. ඕක ඉතින් ලෝකේ හැටි!!! /

      හෙහ්, හෙහ්, මට කියන්ට ඕන නෑ බං...මමත් දැං සෑහෙන කාලයක් ඔය ජාතියෙ දර්ශිය ( Typical ) වනිතා රත්නයක් එක්ක එක වහලක් යට ඉන්නව නෙව...ඇත්තම ඇත්ත...උඹ කියන්නෙ....

      Delete
  17. අර පළවෙනි කමෙන්ට් එකෙන් රන්දිල් කිව්වා වගේ මේක ගජබින්නාලංකාරයක් බව අපි දන්නවා.උඹ මේක ඇත්තටම කලොත් කතාව කියන්න රවියෙක් ඉතුරු නොවෙන බවත් දන්නවා. ඒ නැතත් උම මේ පෝස්ට් එක අප්‍රේල් කිට්‍ටු කරලා දැම්මොත් සොරි ඩොට් කොම් කියලත් දන්නවා.

    මම මේක කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න බැරිතරම් කාර්‍යබහුල වෙලා හිටියා බං පහුගිය ටිකේ. අද තමයි පොඩ්ඩක් ඔලුව ඉස්සුවෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. / අර පළවෙනි කමෙන්ට් එකෙන් රන්දිල් කිව්වා වගේ මේක ගජබින්නාලංකාරයක් බව අපි දන්නවා.උඹ මේක ඇත්තටම කලොත් කතාව කියන්න රවියෙක් ඉතුරු නොවෙන බවත් දන්නවා. /

      අන්න නියම මිත්තරයො...කොහොම මොනව කිව්වත් හෙන්රි උඹ දන්නව මොකක්ද සීන් එක , මොකාද සතා කියල ...හෙහ්,හෙහ්,

      හප්පා... අපෙ උන්දැ එක්ක ඔහොම නෙවෙයි යන්තං වචනයක්.....මොකටද ඉතිං එව්ව...අනික කෝකටත් කට පරිස්සං කරගන්න එක හොඳයි...අද හෝ හෙට අපේ පැත්තෙ නෙට් කනෙක්ෂන් යථා තත්වයට පත් කරනවයි කියල කියල තියෙන්නෙ..හප්පේ දැනටම හරිද දන්නෙ නෑ වැඩේ....

      / ඒ නැතත් උම මේ පෝස්ට් එක අප්‍රේල් කිට්‍ටු කරලා දැම්මොත් සොරි ඩොට් කොම් කියලත් දන්නවා. /

      ඒ කිව්වෙ අවුරුදු අල්ලල මම ගෙදර යනවයි කියල උපකල්පනය කරලද?...නෑ බං මයෙ නිවාඩුව තියෙන්නෙ සාමාන්‍යයෙන් ජූනි, ජූලි වගෙ කාලෙ...

      / මම මේක කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න බැරිතරම් කාර්‍යබහුල වෙලා හිටියා බං පහුගිය ටිකේ. අද තමයි පොඩ්ඩක් ඔලුව ඉස්සුවෙ. /

      සේම් හියර් හෙන්රි....රාජකාරිත් එහෙමයි ඒ අස්සෙ අර කතාව ලියන්නත් ඕන...තව බ්ලොග් එහෙකුත් පටන් ගත්ත ...අලි මදිවට හරක්...ඒත් මදිවට හරක් කිණිතුල්ලො කිව්ව වගෙ...උඹේ ඩෙනිමෙ පෝස්ට් දෙකක් විතරම ආව මේල් එකේ...කියවන එක නම් කියෙව්ව..ඉඳපන් නිවාඩුව එඤ්ඤං ඉඳගෙන කයියක් ගහල යන්ට....හෙහ්, හෙහ්,

      Delete
  18. හිතට වැදුන පෝස්ට් එකක්.ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරුහිමාවී,

      කොහොමෙයි හිතට වැදුනෙ?...අර පිඟාන පොලවෙ ගැහැව්ව වගේවත්ද?...:) :)

      Delete
  19. සිරාවට මේ ගෑනු ළමයි තේරුං ගන්නෙම නෑනේ අප්පා....

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං අබේ...කොහොමවත්ම බෑ නෙව..

      හැබැයි මට වෙලාවකට මෙහෙම දේකුත් හිතෙනව...ඔය ඔක්කොම නියම විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහටම කිසිම අඩුපාඩුවක් නැතුව තේරුම් ගත්තොත් එයාල ගෑණු ළමයිමද කියල...හෙහ්, හෙහ්,

      අනික ජීවිතේ රසේ කියන්නෙත් මේකම තමයි....අවිනිශ්චිතභාවය සහ අනාගතය පුරෝකථනය කිරීමේ නොහැකියාව....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...