ලියුම ලියල පහුවදාම දැම්ම තැපෑලට.ඕක කල් දැම්මොත් ආය මොන මොනව හිතෙයිද දන්නෙ කවුද? හිත කියන එක එහෙම තමයි.ලියුම තැපැල් කලාම වැඩේ ඉවරයිනෙ. ඊට පස්සෙ ඔන්න වෙන දෙයක් වෙයිනෙ.ඔව්ව ගැන ඕනවට වඩා හිතන්ට ගියොත් මොළ ගෙඩියත් එක්ක නරක් වෙලයි පස්ස බලන්නෙ.
ඇත්තම කිව්වොත් මගෙ කේන්දරෙත් කියල තියනව සිහිය ජුංඩක් විතර එහා මෙහා වෙන්ට ඉඩ තියනවයි කියල. ඔය කේන්දර කියන එව්ව ගැන මයෙ විස්වාසයක් නෑ ඇත්තම කිව්වොත්. මෙහෙම කිව්වොත් වඩාත්ම හරියි කියලයි මට හිතෙන්නෙ. කේන්දර කියන එව්ව විස්වාස කරන්ට මම අයනු ආයනු ඉයනු ඊයනු කියපු දවසෙ ඉඳල ඉගෙන ගත්තු සාස්තරේ අනුව මට බොහොම අමාරුයි. ඒත් මම ඇවිල්ල ඕපන් ඉකොනොමි. එහෙමත් නැත්තං ඕපන් හාට් සර්ජරි පොරක්. ඒ කියන්නෙ විවෘත මනසකින් ඉන්නෙ. අනික මගෙ කේන්දරේ කියල තිබ්බ සමහර කාරණා ඇත්තම ඇත්ත වෙලා තියනව.
ඔය කේන්දරවල කියනදේවල් පස්සෙ ඇත්ත වෙන්ට තමන්ගෙම මනසත් බලපාන්ට පුලුවන්ය කියලත් මට වෙලාවකට හිතෙනව. ඒ කියන්නෙ දැන් කේන්දරේ කියල තිබ්බොත් විවාහය අසාර්තක වෙනවයි කියල ඒ මනුස්සය කොයි වෙලාවෙත් ඒ මූඩ් එකෙම්මනෙ ඉන්නෙ.සර්ව අසුබවාදී විදිහට විවාහය දිහා බලනකොට ඕනම විවාහයක් අසාර්තක වෙන්න තියන ඉඩ කඩ වැඩියි. කේන්දර අනාවැකි සැබෑවීම ගැන මෙහෙම කතාවක් අහල තියනවද?
එක තරුණයෙක් හිටිය ඔන්න මිනිහ ඇවිල්ල සාර්ථක වෙළඳ ව්‍යපාරයක් කරගෙන ගිය පාරම්පරික ධනවතෙක්. කසාදයක් කරගන්ට හිතිල මිනිග ගියා කේන්දරෙත් අරගෙන රටේ සුප්‍රසිද්ධ දෛවඥයෙක් ගාවට..කේන්දරේ බලල දෛවඥ තෙමේ නළලෙ අත ගහගත්ත.
" මහත්තය මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. ඒත් නොකියම බැරිනිසයි මම මේ කියන්නෙ මේ කේන්දරේ හැටියට ඔය මහත්තය ජීවත් වෙන්නෙ හරියටම තව මාසයයි. "
එහෙම කියල දෛවඥ තෙමේ ඔන්න දුන්න දිනයක් මේ මනුස්සය එදාට අනිවාර්යයෙන් මැරෙනවයි කියල. ඔන්න කියමු ජූනි 18 කියල
තරුණයා මොකද කලේ දැං ඉතිං මොනව කරන්නද? මැරෙන්න තියන එකේ මේ අන්තිම මාසෙ ෆුල් ජොලියෙ ඉන්ට ඕනය කියල විකුණල දැම්ම මුළු සේසතම. යාලුවන්ට නෑයින්ට දුන්න බාගෙට බාගයක්. ඉතිරි සල්ලි වලින් ගත්ත රටේම තියන හොඳම හෝටලේ උඩම තට්ටුවෙ හොඳම කාමරේ.උඩම තට්ටුව කිව්වෙ හතළිස් වෙනි තට්ටුව හොඳේ?......මාසෙම කලේ කෑව බිව්ව නැටුව..වෙන ඔය අනික් අනම්මනම් කලා. ෆුල් ජොලියෙ හිටිය. ඔන්න මැරෙන දිනෙත් උදා උනා. මිනිහ ඉතිං ෆුල් සූට් එකක් එහෙම ගහගෙන ඇඳ උඩ ඉන්නව දිගාවෙල මැරෙන කල්.
ඔන්න දවස ටිකින් ටික ගෙවිල ගියා.අප්පටසිරි මැරෙනව තියා මැරෙන සේයාවක්වත් නෑ.දොළහ එක දෙක තුන ඔහොම ගෙවිල ගිහිල්ල රෑ දොළහටත් කිට්ටු උනා..මළ කෙළියක්නෙ මළේ නෑනෙ. මාරම අප්සට් එක..දැන් මොකද කරන්නෙ? තිබ්බ සබ්බ සකල මනාවමත් ඉවරයි. අතේ සත පහක් නෑ. කොටින්ම හෝටලේ බිල ගෙවාගන්ටවත් විදිහක් නෑ. අන්තිමට රෑ දොළහ ගෙවෙන කොටම මිනිහ කලේ බැල්කනියට ගිහිල්ල ටිකක් වෙලා කල්පනා කලා. ම්හු කරන්නම දෙයක් නෑ..එක දෙයයි කරන්න තියෙන්නෙ..පැන්න බැල්කනියෙන් පහළට.
ඉතිං කේන්දර ගැන කතාව ඔන්න ඔහොමයි. මගෙ කේන්දරේ අර කියල තිබ්බනෙ ටිකක් සිහිය එහෙ මෙහෙ වෙන ළකුණු තියනවයි කියල. මේ පහුගිය නිවාඩුවට ගිය වෙලේ ඔන්න අපි දෙන්න හවසක එලියෙ පුටු දෙකක් එහෙම තියාගෙන ඔය රටේ නැති වල් පල් කතාකර කර ඉන්නව. ඔය අතරෙ කේන්දර ගැනත් කතාව ඇදිල ආපි. මම ඒ පාර අර කතාව කිව්ව.
" ඔන්න බලන්ටකො අනේ..මගෙ කේන්දරේ බලල ඒ දවස්වල කිව්වලු මගෙ සිහිය ටිකක් එහෙ මෙහෙ වෙන්ඩ ඉඩ තියනවයි කියල.."
දන්නවද මුන්දැ ගත්කටටම කියාපු එක..
" ඔව් අනේ මට නම් හිතාගන්ටවත් බෑ ඒ වගෙ කිරිගහට ඇන්නැහෙ අනාගතය කියන ඉරිසින්නාන්සෙල වගෙ අය දැනුත් ඉඳල හිටල ඉන්නව තමයි."
" ඈ???? …"
විවරවූ මුවින් යුතුව මම එයයි දිහා බැලුව. මොන... යන්තමටවත් හිනාවක් නෑ මූණෙ.ෆුල්ම සීරියස්..දෙයියෝ සාක්කි මේ මහගෙ ඇත්තටම වත්ද මන්ද එහෙම කිව්වෙ? මොකෝ එහෙම අහන්ටය ඉතිං ආය ? නැද්ද හා?
අර පඳුරු තලනව වැඩිය කියල මගෙ ඇඟට ගොඩවෙන මානවිකාවටයි මේ කියන්නෙ..හොඳද?...මේ කේන්දර කතා ඇවිල්ල පඳුරු තැලිල්ලක්මත්ම නෙවෙයි ..කතාවට අදාලයි හරි? රයිට් අනාවැකි කීම ගැන තව එක පොඩි කතාවක් විතරක්ම කියල අපේ කතාවට ආයෙම එමු..
ඔන්න යාලුවො කට්ටියක් කතාවෙනව ඔය මැරෙන වෙලාව හරියටම කියන ඉරිසිවරු ගැන.
" හිමාල වනේ ඉන්නවලු මචං ඉරිසින්නාන්සෙල මැරෙන දවස හරියටම කියනවලු. ආය නෑ හරියටම හරිලු…" එකෙක් කිව්ව.
තව එකෙක් මෙහෙම කිව්වලු. " හිහ්..දවස විතරද බං ඉරිසින්නාන්සෙල කියන්නෙ? අපෙ ලොකු මාම, අම්මගෙ ලොකු අයිය, මැරෙන දවස විතරක් නෙවෙයි හරියටම වෙලාවයි මැරෙන තැනයි මැරෙන විදිහයි සියලු විස්තර ඊට මාසෙකට විතර කලින් කිව්වනෙ. "
" නෑ? කවුද බං එහෙම කිව්වෙ?...ඉරිසින්නාන්සෙ කෙනෙක් වෙන්න ඇති ෂුවර් එකටම.."
" නෑ බං එහෙම කිව්වෙ නඩුකාරය…"
හරි කේන්දර කතා ඉවරයි ආපහු සුජාගෙ කතාවට...
ලියුම තැපැල් කලා කියල මම කිව්වනෙ..ජීවිතේ ආයෙම සුපුරුදු හැල්මේ ගලායන ගංගාවක් වගෙ දැහැමෙන් සෙමෙන් ගලායන්ට පටන් ගත්ත. විජිත කිව්වත් වාගෙම හෙඩ් ඔෆිස් එකට මාරුවක් හදාගෙන ගියා. ඊට පස්සෙ මනුස්සය ගැන කිසිම ආරංචියක් නැතුව ගියා. උවමනාවක් තිබ්බනම් මට ඔය හෙඩ් ඔෆිස් ඉන්න යාලුවන්ගෙන් විජිත ගැන විස්තර දැනගන්න එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි. ඒත් මොකටද ඔව්ව හොයන්නෙ කියලයි මම හිතුවෙ.
ජීවිතේ එක කාල පරිච්ඡේදයක් එතනින් අහවරයි කියල ඒ මතකයන් වළදාන්නයි මට ඕන උනේ.විජිතත් එක්කම සුජාගෙත් මතකයන්.....මගෙ යාලුවො ආයෙම ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ. උංගෙ හැමෝගෙම තියන එක හොඳ ගතියක් ඒක. අනුන්ගෙ දේවල් හාර අවුස්සන්ට යන්නෙ නෑ. අපි ඔක්කොමලා අනෙකාගෙ පෞද්ගලිකත්වයට උපරිමව ගරු කලා. තවම අපි අතර ආශ්‍රය එදා වගේම පවතින්නෙත් මම හිතන්නෙ අන්න ඒ හින්දමයි.
දවසක් විමලෙයි මායි විතරක් චමරියෙ හිටපු හැන්දෑවක විජිතය ගැන මොකක්ද කතාවකදි ඇදිල ආව…
" විමලෙ අයියෙ..සුජාට මගෙ හිතේ කැමැත්තක් තිබිලත් මම ඒ වැඩේ අතෑරියෙ මොකද දන්නවද?"…..මම ඇහුව.
" විජිතය හින්ද නේද? "
" ඔව් ඇත්තම කිව්වොත් අයියෙ මට බය හිතුන.."
" ඈ? බය හිතුනය කිව්වෙ? "
" එදා මතකද අර දවසෙ රෑ විජිතය මෙතන ඇවිල්ල යකා නටපු හැටි..පහුවදා ඌ මාව හම්බ වෙන්ට සයිට් එකට ඇවිල්ල බොහොම හොඳට කතා කරල මගෙං සමාවත් ඉල්ලුව තමයි. ඒත් මට මිනිහව සත පහකට විස්වාස නෑ. එහෙම මූඩ් වෙනස් වෙන එක ආපහු අර කලින් මරු මුස් මූඩ් එකට යන්ටත් මහ වෙලාවක් යන්නෙ නෑ. අනික විජිත එදා මගෙං සමාව ඉල්ලුවෙ අවංකවමද කියලත් මට සැකයක් තියනව. සමහර විට උගෙ වැඩේ කරගන්ට දාපු මොත්තයක්ද කවුද දන්නෙ? "
" ඇත්ත බං උඹ කියන එක හරි, මිනිස්සු කියන ජාතිය ආය කාල බලන්ටය…" විමලෙ හිනාවෙලා එකඟ උනා.
" ඒ ඔක්කෝටමත් වැඩිය අයියෙ මට බය හිතුනෙ සුජා එක්ක මම සම්බන්ධයක් පටන් ගත්තොත් විජිත වහ බොයිවත්ද කියල..කියන්ට බෑනෙ ඔය වගෙ මිනිස්සු..බොහොම ආවේගශීලීයි. හිතට වේගයක් ආහම තමන් කරන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල අඳෝ සංසාරයක තේරුමක් නෑ. එහෙම මිනිහෙකුට වහ ටිකක් බීල ජීවිතේ නැතිකරගන්න එකත් ඒ හැටි දෙයක් නෙවෙයි. බැරි වෙලාවත් එහෙම එකක් උනානං අයියෙ ඒක මගෙ මුලු ජීවිතේටම මට අමතක කරන්ට බැරිවෙයි. අවදියෙන් ඉන්න මොහොතක් මොහොතක් ගානෙ අවදියෙන් විතරක් නෙවෙයි නිදාගත්තම හීනෙං පවා මට විජිතයගෙ මූණුවර මැවිල පෙනෙයි.එහෙම අවදානමක් ගන්න මට කැමැත්තක්වත් හැකියාවක්වත් තිබ්බෙ නෑ. අන්න ඒ නිසයි මම ඔය වැඩේ අතෑරලම දැම්මෙ....."
විමලෙට ඒ කිව්ව කතාව බොරුවක් නෙවෙයි. ඇත්තටම මට හිතුන අර පිස්සු යකා වහවත් බිව්වොත් මොන දෙයියන්ට කියන්ටද කියල...ඒ එක්කම මගෙ පරිකල්පන ශක්තියත් වැඩ කරන්ට ගත්ත ඕවර් ඩ්‍රයිව් මෝඩ් එකේ. ඔන්න මෙහෙමයි සීන් එක.
ඔන්න මමයි සුජායි ඒ මංගල්ල චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ඉවරවෙලා මදුසමයට යන්ට එලියට බහිනවනෙ සුබ මොහොතින්...අපෙ වෙඩිම ගත්තු හෝටලේ ඉස්සරහ තියනව දාර නුග ගහක්..මිදුලට පය තිබ්බ විතරයි..." අනේ රවී .." සුජා කෑගහගෙන මගෙ බෙල්ලෙ එල්ලෙනව.. නුග ගහේ පාතම අත්තෙ ගැටගහපු ලණුවකින් එල්ලිල යන්තමට පැද්දි පැද්දි ඉන්නෙ ..විජිත.....
එහෙම නැත්තං අපි යන කාරෙක හෝටලේ ගේට්ටුවෙං මහ පාරට දානකොටම .....දඩීං " මහත්තය කවුද කාරෙකට පැන්න නේද?..." ඩ්‍රයිවර් කෑගහනව..මම බැහැල බලනව..කාරෙක ඉස්සරහ වැටිල ලේ පෙරාගෙන ඉන්නෙ විජිත…
එහෙමත් නැත්තං මමයි සුජායි පෝරුවෙන් බහිනකොටම අර පොලේට කොටනවනෙ..දඩෝං ....ඒ එක්කම ඩීං ගාල සද්දෙකුත් ඇහෙනව. මගෙ පපුවට මොකක්ද මහ හයියෙං වදිනව..දෙයියෝ සාක්කි ලේ නේද? " ඒයි අල්ලපල්ල ඕකව..." කට්ටිය විජිත පස්සෙ පන්නනව..මගෙ දෙපතුලේ ඉඳල ඉස් මුදුනට හෙමීට හීතල වීගෙන එනව. හත් පණේ කිරිහාමි මට මතක් වෙනව.." අනේ රවී..." සුජා මගේ ළඟ දණ ගහගෙන මගෙ ඔලුව අත ගානව.
බොලාට කියන්ට ඔය සීන් රෑ හීනෙනුත් පේන්ට ගත්තම මම රෑ දෙගොඩහරියෙ යටිගිරියෙං කෑ මොර ගහගෙන ඇඳෙං බිමට පනින්නෙ..
" මේ යස්සය දවල් තිස්සෙ මල් ගහනව. ඒ කරල රෑට දෙයියනේ කියල අපිට එක ඩිංගක් ඇහැ පියාගන්ට දෙනවද? ගිරිය යටින්නෙව බෑඟිරි ගහන්නෙ.."
මයෙ රූමා කුමාරය අපෙ මෑණියන් වහන්සෙට පින්දිදී නැඟිටල ලයිට් එක දාල මට සාලෙ මේසෙ උඩ තියන ගුරුලේත්තුවෙං හීතල වතුර එකක් ගෙනැත් දෙනව." මේක බීල බුදියගං පංසිල් ඇරගෙන…"
ඔහොම ගියා මාසයක් තරම මයෙ හිතේ..සුජා මට ආයම ලියුමක් එව්ව..වැඩි විස්තරයක් තිබ්බෙ නෑ. බොහොම කෙටි ලියුමක්...ආයම හිතවත් වීරසිංහ මහතා වෙත කියලයි ආමන්ත්‍රණය කරල තිබ්බෙ...මාව හම්බවෙන්ට ඕනය කියලයි තිබ්බෙ...මම ඒ ලියුමට උත්තරයක් යැව්වෙ නෑ..මොකටද යන්තමට සමහං වේගන එන හිත් ආයම ඔද්දල් කරවා ගන්නෙ..එහෙම හිතල මම උත්තරයක් නොයවා කරබාගෙන උන්න.
සති ඔන්නම් දෙකක් යන්න ඇති ආයම ආව ලියුමක්..ප්ලීස් මීට් මී ඇට් ලීස්ට් ෆො වන්ස් කියල..හිත තද කරගෙන මම ඒ ලියුමටත් කිසිම උත්තරයක් නොයව නිකං හිටිය.
ඔය අතරෙ අපෙ ඔෆිස් එකට ඔන්න ටෙලිෆෝන් ආව. මම මේ කියන්නෙ ලංකාවට ඉස්සොරෝම ජංගම දුරකථන ගෙන්නපු කාල වකවානුව ගැන. සෙල්ටෙල් තමයි මට මතක විදිහට මුලින්ම ආවෙ.අපි හිටපු හරියට ගස් උඩ නැඟල හරි කතා කරන්න සිග්නල් තිබ්බෙ නෑ.
ගෙදරට කතා කරන්ට හදිස්සියකට, මලක් දෙකක් කඩන්ට එකම පිහිට ලෑන්ඩ් ටෙලිෆෝන්ස් තමයි. ඒකටත් යන්ට ඕන කිලෝ මීටර් හත අටක් එහා තිබ්බ පෝස්ට් ඔෆිස් එකට. අම්මපා ඔය හින්දම අපේ ඔෆිස් එකට ටෙලිෆෝන් එකක් ගත්තය කියන්නෙ අපිට ආය නෑ රජ මඟුල් වගෙ.හැමෝටම ඕන උනා ඕකෙං කතා කරන්ට. කසාද බැඳපු එවුන්ට අල්ලපු ගෙදර බබලතාට, නොබැඳපු සිංගල් එවුන්ට අම්ම තාත්තට, සීයට ආච්චිට...ඩබල් එවුන්ට නැචුරලි ඉතිං මල් කඩන්ට.
මේ වැඩේ කොච්චර දුර දිග ගියාද කිව්වොත් ලොක්කට අන්තිමට සිද්ද උනා ලී පෙට්ටියක් හදල ටෙලිපෝං රාජයා ඒකට දාල වහල තියන්ට.වහල තිබ්බය කිව්වට කෝල් එකක් ගන්ට නොම්මර ඔබන හරිය විතරයි පෙට්ටි පියනෙං වැහිල තිබ්බෙ. ඉන්කමිං කෝල් එකක් ගන්ට පුලුවනි... අවුලක් නෑ
යතුර ලොක්ක ගාව. වැරි ඒජන්ට් කොහොල්ස් එකක් නම් පොතක් තිබ්බ ඕකෙ විස්තරේ ලියල ලොක්කගෙං අනුමැතිය ගත්තට පස්සෙ තමයි ඔන්න යතුරු රාජයා අතට ලැබෙන්නෙ..ඔය වෙනකොට අපෙ හිටිය කලාක් යුවතියක්. නම අපි කියමුකො අනෝමා කියල..හරි.... අනෝමා හොඳයි..අනෝමා ආවෙ වසන්තිට පස්සෙ..මතකනෙ වසන්ති නේද?.
දවසක් හවස මම වැඩ ඇරිල ඇවිත් ජීප්පෙකෙං බහිනකොටම සැමිය ආව එතනට.
" මහත්තය ..මහත්තයට ආපු ගමම්ම ඔෆිස් එකට එන්ට කිව්ව…"
" කවුද බං ලොක්කද? "
" නෑ අනෝමා මිසී... "
හෙහ් ඒ මොකද බොලේ ඒ?..ලොක්ක ආයම ලියුමක් වත් ගහලද?..ම්ම්... බලමු ලඟපාතක මත්පැන් පානයෙන් අනතුරුව උස් හඬින් අසභ්‍ය ගීතා ගායනා කලෙත් නෑ.එතකොට මුදල් නොමැතිව මත්පැන් ලබාදෙන ලෙස ඉල්ලා සමාජශාලා භාරකරුට තර්ජනය කලෙත් නම් නෑ...එතකොට මොකක්ද මේ කේස් එක?
මම යනකොට ඔෆිස් එකේ හිටියෙ අනෝමා විතරයි.
" මොකද බං උඹේ මේ මල වදේ? මම මේ ආව විතරයි ..පාං කියාගන්ට බැරුව ඉන්නෙ...අද මැරුන උදේ ඉඳලම.." මම ඔෆිස් එකට ගොඩ උනේම කෑගහගෙන
අනෝමා හරිම හොඳ කෙල්ල..මාත් එක්ක උඹ, බං බොලං මට්ටමෙං තමයි ආස්සරේ කලේ...ඒ සුහද මිතුරු ඇසුර ඊලඟ පියවර දක්වා වර්ධනය වෙන්ට හොඳටම ඉඩකඩ තිබ්බ. ඒ වගේම අපි දෙන්නගෙම කැමැත්තකුත් නොතිබ්බ නෙවෙයි. ඒත් අපි ආස්සරේ කරපු විදිහට එහෙම පියවරක් ගන්ට මගෙ හිතේ නිකං විචිකිච්චාවක් වගෙ දෙයක් තිබ්බ. අනෝමටත් ඒ තත්වය එහෙමමයි කියල එයාගෙ කතාබහෙන් මට තේරුනා යස අගේට. මොනව කරන්නද? එව්වයෙ හැටි සුබාව එහෙම තමයි..
" පේනව පේනව..හොහ්,…. පේනව නෙවෙයි දැනෙනව,,උඹ ගාව දාඩියගඳ බං හරියට ගස් ගෙඩි කඩන එවුං ගාව වගෙ.. .." ඒකි හක හක ගාල හිනා උනා..
" මම කිව්වයි කියල හිතාගං..යකෝ අපි මේ උඹල වගෙ උදේ ඉඳල පෑං යටට වෙලා පයිල් එකක් දිගෑරගෙන කරන ජොබ් එකක් නෙවෙයි කරන්නෙ..දවසක වරෙංකො මම එක්කං ගිහිල්ල පෙන්නන්ට "
" හා ඒක බැරිය..කෝකටත් ටිකක් එහාට වෙලා කතා කරපං…" ඒ යෝදි නහයත් මිරික ගත්ත.
" අම්මපා ඉඳපං මම උඹට …"
මම වටපිට බලල අනෝමව බදාගන්ට වගෙ ගියා.කෙල්ල හිකි හිකි ගාගෙනම පුටුවෙං නැඟිටල ඔෆිස් එකේ පිටිපස්සට දිව්ව..
" මේ මෙහෙ වරෙං මම උඹව බදාගන්න එකක් නෑ..මහන්සියි බං.ගිහිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නාගන්ට ඕන..කියාපං මට ඇයි එන්ට කිව්වෙ? ලොක්ක ආයම ලියුමක් වත් ගහලද?..මේ පාර මොකක්ද කේස් එක? "
" ලියුමක් නෙවෙයි අනේ..අද දවල් දෙකට විතර ඔයාට කෝල් එකක් ආව…"
" ඈ..කාගෙන්ද?." ඔය ටෙලිපෝන් ගත්තත් හරි මට කෝල් එකක් ආවමයි..
" ගෑණු ළමේක්….." අනෝමා යන්තමට හිනාවෙලා මාදිහා බැලුව.." කවුද බං ඒ? "
" මම දන්නෙ කොහොමද? උඹනෙ කෝල් එක ගත්තෙ..නම අහගත්තෙ නැද්ද? "
" මම ඇහුව නම කිව්වෙ නෑ...පහ මාරට ආයම කතාකරනව කියල උඹට කියන්ට කිව්ව ඇවිල්ල ඉන්ටය කියල...මම මේ මෙච්චර වෙලා ඔෆිස් එකේ හිටියෙත් ඒක හින්දමයි "
මම වෙලාව බැලුවා. පහයි දහයයි..ඇත්ත තමයි පහට ඔෆිස් වහනවනෙ…
" මේ හොඳ කෙල්ල වගෙ කියාපං මම තාම ආවෙ නෑ කියල වැඩ ඇරිල..එක්කොත් උඹ ඔෆිස් එක වහල දාල පලයං..වැඩේ ඉවරනෙ.."
" බෑනෙ මම පොරොන්දු උනා පහමාර වෙනකල් ඉන්නවය කියල..ඇත්තටම කවුද බං ඒ?..." සුජාගෙ කේස් එක අපි හත් අටදෙනෙක් ඇරෙන්ට වෙන කවුරුවත් දන්නෙ නෑ.
" ඔය ඉතිං ආයම අහනව..මට දිවියඥානෙ තියනවද බොල..මම දන්නෙ කොහොමද? "
" එහෙනං උඹ මොකද කෝල් එක ගන්නෙ නැත්තෙ?."
" නම් ගම් දන්නෙ නැති ඒ වගේම නම් ගම් කියන්ට අකමැති ගෑණු ලමයිගෙ ඇමතුම් වලට මම බයයි නංගියේ..මම බයයි නංගියේ…"
" හිහ්, හිහ්, ඒකත් හරි තමයි.." අනෝමා ආයෙම හිකි හිකි ගෑවා..
" අනික උඹ දන්නවනෙ නාඳුනන තුවක්කුකරුවො කියන කස්ටිය..බොහොම බයානකයි..වෙරි ඩේන්ජරස්..නාඳුනන ගෑණු ළමයින්ගෙන් එන කෝල් ඇවිල්ල ඊටත් වඩා බොහොම බයානකයි."
සති ඔන්නම් දෙකක් යන්න ඇති ආයම ආව ලියුමක්..ප්ලීස් මීට් මී ඇට් ලීස්ට් ෆො වන්ස් කියල..හිත තද කරගෙන මම ඒ ලියුමටත් කිසිම උත්තරයක් නොයව නිකං හිටිය.
ඔය අතරෙ අපෙ ඔෆිස් එකට ඔන්න ටෙලිෆෝන් ආව. මම මේ කියන්නෙ ලංකාවට ඉස්සොරෝම ජංගම දුරකථන ගෙන්නපු කාල වකවානුව ගැන. සෙල්ටෙල් තමයි මට මතක විදිහට මුලින්ම ආවෙ.අපි හිටපු හරියට ගස් උඩ නැඟල හරි කතා කරන්න සිග්නල් තිබ්බෙ නෑ.
ගෙදරට කතා කරන්ට හදිස්සියකට, මලක් දෙකක් කඩන්ට එකම පිහිට ලෑන්ඩ් ටෙලිෆෝන්ස් තමයි. ඒකටත් යන්ට ඕන කිලෝ මීටර් හත අටක් එහා තිබ්බ පෝස්ට් ඔෆිස් එකට. අම්මපා ඔය හින්දම අපේ ඔෆිස් එකට ටෙලිෆෝන් එකක් ගත්තය කියන්නෙ අපිට ආය නෑ රජ මඟුල් වගෙ.හැමෝටම ඕන උනා ඕකෙං කතා කරන්ට. කසාද බැඳපු එවුන්ට අල්ලපු ගෙදර බබලතාට, නොබැඳපු සිංගල් එවුන්ට අම්ම තාත්තට, සීයට ආච්චිට...ඩබල් එවුන්ට නැචුරලි ඉතිං මල් කඩන්ට.
මේ වැඩේ කොච්චර දුර දිග ගියාද කිව්වොත් ලොක්කට අන්තිමට සිද්ද උනා ලී පෙට්ටියක් හදල ටෙලිපෝං රාජයා ඒකට දාල වහල තියන්ට.වහල තිබ්බය කිව්වට කෝල් එකක් ගන්ට නොම්මර ඔබන හරිය විතරයි පෙට්ටි පියනෙං වැහිල තිබ්බෙ. ඉන්කමිං කෝල් එකක් ගන්ට පුලුවනි... අවුලක් නෑ
යතුර ලොක්ක ගාව. වැරි ඒජන්ට් කොහොල්ස් එකක් නම් පොතක් තිබ්බ ඕකෙ විස්තරේ ලියල ලොක්කගෙං අනුමැතිය ගත්තට පස්සෙ තමයි ඔන්න යතුරු රාජයා අතට ලැබෙන්නෙ..ඔය වෙනකොට අපෙ හිටිය කලාක් යුවතියක්. නම අපි කියමුකො අනෝමා කියල..හරි.... අනෝමා හොඳයි..අනෝමා ආවෙ වසන්තිට පස්සෙ..මතකනෙ වසන්ති නේද?.
දවසක් හවස මම වැඩ ඇරිල ඇවිත් ජීප්පෙකෙං බහිනකොටම සැමිය ආව එතනට.
" මහත්තය ..මහත්තයට ආපු ගමම්ම ඔෆිස් එකට එන්ට කිව්ව…"
" කවුද බං ලොක්කද? "
" නෑ අනෝමා මිසී... "
හෙහ් ඒ මොකද බොලේ ඒ?..ලොක්ක ආයම ලියුමක් වත් ගහලද?..ම්ම්... බලමු ලඟපාතක මත්පැන් පානයෙන් අනතුරුව උස් හඬින් අසභ්‍ය ගීතා ගායනා කලෙත් නෑ.එතකොට මුදල් නොමැතිව මත්පැන් ලබාදෙන ලෙස ඉල්ලා සමාජශාලා භාරකරුට තර්ජනය කලෙත් නම් නෑ...එතකොට මොකක්ද මේ කේස් එක?
මම යනකොට ඔෆිස් එකේ හිටියෙ අනෝමා විතරයි.
" මොකද බං උඹේ මේ මල වදේ? මම මේ ආව විතරයි ..පාං කියාගන්ට බැරුව ඉන්නෙ...අද මැරුන උදේ ඉඳලම.." මම ඔෆිස් එකට ගොඩ උනේම කෑගහගෙන
අනෝමා හරිම හොඳ කෙල්ල..මාත් එක්ක උඹ, බං බොලං මට්ටමෙං තමයි ආස්සරේ කලේ...ඒ සුහද මිතුරු ඇසුර ඊලඟ පියවර දක්වා වර්ධනය වෙන්ට හොඳටම ඉඩකඩ තිබ්බ. ඒ වගේම අපි දෙන්නගෙම කැමැත්තකුත් නොතිබ්බ නෙවෙයි. ඒත් අපි ආස්සරේ කරපු විදිහට එහෙම පියවරක් ගන්ට මගෙ හිතේ නිකං විචිකිච්චාවක් වගෙ දෙයක් තිබ්බ. අනෝමටත් ඒ තත්වය එහෙමමයි කියල එයාගෙ කතාබහෙන් මට තේරුනා යස අගේට. මොනව කරන්නද? එව්වයෙ හැටි සුබාව එහෙම තමයි..
" පේනව පේනව..හොහ්,…. පේනව නෙවෙයි දැනෙනව,,උඹ ගාව දාඩියගඳ බං හරියට ගස් ගෙඩි කඩන එවුං ගාව වගෙ.. .." ඒකි හක හක ගාල හිනා උනා..
" මම කිව්වයි කියල හිතාගං..යකෝ අපි මේ උඹල වගෙ උදේ ඉඳල පෑං යටට වෙලා පයිල් එකක් දිගෑරගෙන කරන ජොබ් එකක් නෙවෙයි කරන්නෙ..දවසක වරෙංකො මම එක්කං ගිහිල්ල පෙන්නන්ට "
" හා ඒක බැරිය..කෝකටත් ටිකක් එහාට වෙලා කතා කරපං…" ඒ යෝදි නහයත් මිරික ගත්ත.
" අම්මපා ඉඳපං මම උඹට …"
මම වටපිට බලල අනෝමව බදාගන්ට වගෙ ගියා.කෙල්ල හිකි හිකි ගාගෙනම පුටුවෙං නැඟිටල ඔෆිස් එකේ පිටිපස්සට දිව්ව..
" මේ මෙහෙ වරෙං මම උඹව බදාගන්න එකක් නෑ..මහන්සියි බං.ගිහිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නාගන්ට ඕන..කියාපං මට ඇයි එන්ට කිව්වෙ? ලොක්ක ආයම ලියුමක් වත් ගහලද?..මේ පාර මොකක්ද කේස් එක? "
" ලියුමක් නෙවෙයි අනේ..අද දවල් දෙකට විතර ඔයාට කෝල් එකක් ආව…"
" ඈ..කාගෙන්ද?." ඔය ටෙලිපෝන් ගත්තත් හරි මට කෝල් එකක් ආවමයි..
" ගෑණු ළමේක්….." අනෝමා යන්තමට හිනාවෙලා මාදිහා බැලුව.." කවුද බං ඒ? "
" මම දන්නෙ කොහොමද? උඹනෙ කෝල් එක ගත්තෙ..නම අහගත්තෙ නැද්ද? "
" මම ඇහුව නම කිව්වෙ නෑ...පහ මාරට ආයම කතාකරනව කියල උඹට කියන්ට කිව්ව ඇවිල්ල ඉන්ටය කියල...මම මේ මෙච්චර වෙලා ඔෆිස් එකේ හිටියෙත් ඒක හින්දමයි "
මම වෙලාව බැලුවා. පහයි දහයයි..ඇත්ත තමයි පහට ඔෆිස් වහනවනෙ…
" මේ හොඳ කෙල්ල වගෙ කියාපං මම තාම ආවෙ නෑ කියල වැඩ ඇරිල..එක්කොත් උඹ ඔෆිස් එක වහල දාල පලයං..වැඩේ ඉවරනෙ.."
" බෑනෙ මම පොරොන්දු උනා පහමාර වෙනකල් ඉන්නවය කියල..ඇත්තටම කවුද බං ඒ?..." සුජාගෙ කේස් එක අපි හත් අටදෙනෙක් ඇරෙන්ට වෙන කවුරුවත් දන්නෙ නෑ.
" ඔය ඉතිං ආයම අහනව..මට දිවියඥානෙ තියනවද බොල..මම දන්නෙ කොහොමද? "
" එහෙනං උඹ මොකද කෝල් එක ගන්නෙ නැත්තෙ?."
" නම් ගම් දන්නෙ නැති ඒ වගේම නම් ගම් කියන්ට අකමැති ගෑණු ලමයිගෙ ඇමතුම් වලට මම බයයි නංගියේ..මම බයයි නංගියේ…"
" හිහ්, හිහ්, ඒකත් හරි තමයි.." අනෝමා ආයෙම හිකි හිකි ගෑවා..
" අනික උඹ දන්නවනෙ නාඳුනන තුවක්කුකරුවො කියන කස්ටිය..බොහොම බයානකයි..වෙරි ඩේන්ජරස්..නාඳුනන ගෑණු ළමයින්ගෙන් එන කෝල් ඇවිල්ල ඊටත් වඩා බොහොම බයානකයි."
ඒ ඇවිල්ල නාඳුනන තුවක්කු කරුවන්ගේ යුගය..විජය කුමාරණතුංග ඝාතනය කරල ඒ වෙනකොට මාස දෙකක් වත් ගිහිල්ල තිබ්බෙ නැති තරං..
" හරි නෝන මහත්තුරු..එහෙනං උඹට ඕන එකක් කරපං...හැබැයි මම එන්නෙ නෑ කෝල් එකට ආන්සර් කරන්න එච්චරයි.."
මම අනෝමගෙ උරහිසට පාරක් ගහල හිනාවෙලා ඔෆිස් එකෙං එළියට බැස්ස.
මතු සම්බන්ධයි..
" අම්මට උඩු..මේකා දීයාම කාපිය..අදත් මතු සම්බන්දයි නේද?..."
" හරි හරි බං ඉඳිං තව දවස් තුන හතරක් ඉවසල..යකෝ අල බහිනකල් ඉන්ට පුලුවන් බොලාට අල තැම්බෙනකල්නෙ ඉවසන්ට බැරි.."
" හරි නෝන මහත්තුරු..එහෙනං උඹට ඕන එකක් කරපං...හැබැයි මම එන්නෙ නෑ කෝල් එකට ආන්සර් කරන්න එච්චරයි.."
මම අනෝමගෙ උරහිසට පාරක් ගහල හිනාවෙලා ඔෆිස් එකෙං එළියට බැස්ස.
මතු සම්බන්ධයි..
" අම්මට උඩු..මේකා දීයාම කාපිය..අදත් මතු සම්බන්දයි නේද?..."
" හරි හරි බං ඉඳිං තව දවස් තුන හතරක් ඉවසල..යකෝ අල බහිනකල් ඉන්ට පුලුවන් බොලාට අල තැම්බෙනකල්නෙ ඉවසන්ට බැරි.."
රවී මලේ අද තමයි ඔබගේ පෝස්ටුවකට ගොඩ වුනේ. කේනදර ගැන කියපු කථා රස වින්දා. කථාව මුල් ඒවා බලලා නැති නිසා තේරැනේ නෑ. නැවත එන්නම්. උඹට ජය!!
ReplyDeleteචන්දන,
Deleteඅඩේ බං මම උඹේ මල්ලි නම් වෙන්ට බෑ කොහෙත්ම...උඹ අනුරාදපුරේ කියල දැක්ක මම හිතන්නෙ උඹේ බ්ලොග් එකේ වෙන්න ඕන..මත් හිටිය ඒ අහ සෑහෙන කාලයක්...හෙහ්, හෙහ්
@sandunsevana - මුල ඒවා බලලා තියන අයටත් දැන් මතක නෑ.. ඒ හින්දා අවුලක් නෑ..
DeleteThisara,
Deleteමොකක්ද බං උඹලගෙ මේ අමතක විල්ල? යකෝ අපි වගෙ වයසක එවුන් නම් තව කමක් නෑ..උඹල මේ තරුණ ගැටව් නෙවද? ( එහෙම නෙවෙයිනං ඉතිං කරන්ට දෙයක් නෑ ) ඔහොම අමතක වෙලා පුලුවන්ද?
මහාවංසය අවුරුදු පන්සීයක් ගෙනාවෙ මුඛ පරම්පරාගතව, වණපොත් කරගෙන, එහූ මතකයක් තියෙන ජාතියක උපං එවුං නෙවද උඹලා?....අම්මප හතර විලි ලැජ්ජාවයි.ප්‍රභා කිව්වෙ සහතික ඇත්ත. සිංහලයට ඕනම දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි....
මොලේ මතක වැඩිකරන්ට මෙමරි චිප් එකක් හදල තියනව Brain Memory Capacity Enhancer කියල. ඔපරේෂන් එහෙකින් මොලේ මෙමරි ස්ටෝරේජ් කොටසට ඒ චිප් එක කනෙක්ට් කරන්නයි තියෙන්නෙ. අම්මපල්ල මාකට් එකට දාපු ගමං තොපි ඔක්කෝටම එක එක අරං දෙනම මගෙ ගාණෙ..ඇයි යකෝ මේක පුදුම කෙලියන් නෙව..නැත්තං අර වීරවංසය කිව්ව විදිහට තුංවේලටම කෙලල ඇරපිය බලමාලු...
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅයියෝ සුජා තමයි කෝල් කලේ ඇයි ගියේ ඔයා අපරාදේ ,, ඔයා ඒ කාලේ හොද කුකුලා වෙන්න ඇති ,,,ඇත්තටම අනෝමා දිවුවේ නැත්තම් එයාව බදාගන්නවද ඈ :)
Deleteඅපූ සංසාර්,
Delete/ අයියෝ සුජා තමයි කෝල් කලේ ඇයි ගියේ ඔයා අපරාදේ ,, /
සුජා කියල දන්න හින්ද තමයි බොලේ යන්ට ගියේ..ඔව්වට ආන්සර් කරල අර පිස්සු හුටං ඇවිල්ල මගෙ ******* තලල දාල ගිහාම උඹද මට පත්තු බඳින්නෙ, තෙල් ගාන්නෙ ඈ???
/ ඔයා ඒ කාලේ හොද කුකුලා වෙන්න ඇති ,,, /
එහෙනං එහෙනං..ඒ කාලෙ බ්‍රොයිලර්..දැං නං බං කරි චිකන් :(
/ ඇත්තටම අනෝමා දිවුවේ නැත්තම් එයාව බදාගන්නවද ඈ :) /
එව්ව කියන්ට බෑ...ඒ වෙලාවට හිතිච්ච එක තමයි…. ඒක හොඳටම දන්න නිසාම තමයි ඒකි හිකි හිකි ගගා දිව්වෙ යන්ට ...:)
ඇත්තටම රවී මම මේ කියන්නේ බ්‍රොයිලර් වලට වඩා කොච්චර රසද කරි චිකන්....ගං කීකිලියෝ.....මම කියන්නේ කුකින්ග් වලට අදාලව....
Deleteමචං සමාවෙයං....බ්ලොගර් එකෙන් උඩ කමෙන්ට් එක වැටුනේ,
Deleteහි හි ඊලග එක ලියන්න කෝ මං බලන් ඉන්නේ ඉදගෙන ... බ්‍රොයිලර් සහ කරි චිකන් වල තියෙන වෙනස හයිය නෙමේ හොඳේ ..ඊට එහා ගියපු මෙවුවා එකක් :)
Deleteරවියයිය කේන්දර ගැන කියපු කතාවම තමයි මාත් හිතන්නෙ.. ඔය වෙන දෙයක් වෙද්දෙන් කියලා ඉන්නවා මිසක්.. වැඩිම උනොත් මැරෙයි.. ඊට පස්සෙ ඉතිං මොනා උනාම මොකෝ... නැත්තං ඕවා ඔලුවෙ තියාගෙන පිස්සු කෙලින්න තමයි වෙන්නෙ...
ReplyDeleteඅයියෝ.. අරක මහ ඇණයක් වෙලානෙ..
කෙල්ලො කොහොමත් මල ඇණ තමා අප්පා.. ;)
DeleteHirus,
Delete/ අයියෝ.. අරක මහ ඇණයක් වෙලානෙ../
කෙල්ලො ඇණ වෙනවට මං ආසයි බං හෙහ්, හෙහ්...
උන් ඇණ වෙන තරමට තමයි මචං...පස්සේ පණ වෙන්නේ..ඇණ වෙන තරමට මරු රවී ...විදින්න ලේසියි...පහසුයි.
Deleteමක්කා කියලා කොරන්ඩද ඉතිං.. රවී කතාව කියනකන් ඉන්න වෙනවනේ ඉතිං ..:(
ReplyDeleteඅනේ මන්දා.. කේන්දර කියන ඒවා විශ්වාස කරලත් බෑ නොකරත් බෑ නේද.. පුදුම විකාරයක් එක..
කේන්දර කතා ටික මරු ..:)
මේ රවී.., "මොත්තයක්" කියන එකේ හරියටම තේරුම මොකක්ද..??
සඳා,
Delete/ මේ රවී.., "මොත්තයක්" කියන එකේ හරියටම තේරුම මොකක්ද..?? /
මොත්තෙ කියන්නෙ බොරුව දානවයි කියන එකට..
" අඩෝව් නිකං බොරු මොත්තෙ එපා අරී.....ඒම් මේං සුකුරුත්තං දාගෙන ආවොත් දන්නවනෙ ..පිස්සු පීකුදු තමයි... සයින් ද පීස් සකබෝනා...."
ආන්න සඳා ඉගෙන ගන්න..පොඩි එකීටත් කියල දෙන්න..ඕන ලාන්තරස් සිටුඒසන් එහෙකින් සේප් උනෑකි ඔය ටික හරියට පුල් වොලියුං ඉස්ටීරියෝ ඩොල්බි සවුන්ඩ් එහෙකින් කිව්වම..අද්දුටුවයි..සත්තයි ..ප්‍රත්තියාක්සයි….හරි නොගියොත් හැරෙන තැපෑලෙං මුදල් ආපසු
රවි අයියෙ උබගැන කෙන්දරෙට කියපුඑක දැක්ක ගමන් මටත් ඔය හාමිනෙට හිතුන එකම හිතුන නෙ.දැන්නම් කතාවෙ අන්කොමන් හරිය යන්නෙ .එකනිසා අනාවැකි කිවනොහැක මට්ටමෙ.
ReplyDelete// මොන... යන්තමටවත් හිනාවක් නෑ මූණෙ.ෆුල්ම සීරියස්..දෙයියෝ සාක්කි//
Deleteයකාගෙ හැටියටලු විමානෙ
දමිත්,
Deleteඇත්තම තමයි බං. ඒ මහගෙත් දැං මටම හරියන්ට හැඩ ගැහිල..නැත්තං බෑ නෙව අටළොස් වසක් කියන්නෙ සෙල්ලමක්ද? එහෙම බැරිඋනාං ඉතිං අටළොස් වසක් කොහ්ම වෙතා අටළොස් මසක් යන්ට කලින් දමල ගහල යන්ට තමයි වෙන්නෙ…
මයෙ වෙලාවට ඒ කෝකටත් ඔට්ටු මානවිකාවක් මුණගැහුනයිං හොඳා.." විවාහය යනු ජීවිතය පරදුවට තබා කරන සූදුවකි." කියල කියල තියෙන්නෙ නිකමට නෙවෙයි නෙව...
සුජාටයි, විජිතයටයි, මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ...
ReplyDeleteරවී....උඹේ උකුළු මුකුළු වැඩියි අර අනෝමාත් එක්ක...යකෝ ඔෆිස් එකට කෙල්ලෙකුට වැඩට එන්න බැහැනේ මුගේ මල සමයම්.....
ඔය මැරෙන දවස හරියටම දැණගන්න පුළුවන්..රටේ හරිහමන් දේශපාලුවෙකුට කට ඇරලා හොඳ කුණුහරුප දෙක තුනක් කියපන් මූණට..කොයි අස්සක හිටියත් කියපු දවසට වැඩේ සිද්ධ වෙයි.
මම ටෙලෙෆෝන් ගැන සැහැල්ලුව බ්ලොගේ ඊයේ දාපු කමෙන්ට් එකක් මේ බලපන්....
//////November 28, 2013 at 6:40 PM
මම ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එකකට හලෝ කිව්වේ 1978 දී. ඒ කොල්ලුපිටියේ වාලුකාරාමය පන්සලේදී. ඒක ලෑන්ඩ් ලයින් එකක්. නොම්බරේ ඉලක්කම් පහයි මගේ හිතේ. හාමුදුරුවරු කාටවත් කෝල්ස් ගන්න වෙන ටෙලිෆෝන් තියෙන තැන් වැඩිපුර නොතිබ්බ නිසා ඕක නිදහසේ තිබුනා. කෝල්ස් එන්නෙත් ගන්නෙත් නායක හාමුදුරුවෝ විතරයි. එයාට සමාජයේ බලගතු සම්බන්ධකම් තිබුනා. 1977න් පස්සේ ඔය ටෙලිෆෝන් ටිකක් පැතිරුනා. පන්සලේ ටෙලිෆෝන් එකේ කතාකරන කෑල්ල විතරක් උස්සන්න පුළුවන් විදිහට පෙට්ටියක් හදලා ඉබ්බෙක් දැම්මා.
පන්සලේ මම මහණ වෙලා නෙමේ හිටියේ...මහණ වෙලා හිටියා නම් බං ,මේ කටු කන්න ඕන නැහැ, දැන් මහානායකයෙක්...පින නෑ යකෝ...පින නැහැ./////
අරූස්,
Delete/ රවී....උඹේ උකුළු මුකුළු වැඩියි අර අනෝමාත් එක්ක...යකෝ ඔෆිස් එකට කෙල්ලෙකුට වැඩට එන්න බැහැනේ මුගේ මල සමයම්...../
මොකදෑ බං කොරන්නෙ ඉතිං?....බලු වලිගේ උණ පුරුකේ දාලා තිබ්බත් නෑ ඇදේ ඇරෙන්නේ......සකිසඳ එළියස් ටෙලි ෆිල්ම් එකේ ඔය සිංදුව කියන්නෙ මේ ළඟදි මියගිය ඇන්ටන් ජූඩ්......
/ මම ටෙලෙෆෝන් ගැන සැහැල්ලුව බ්ලොගේ ඊයේ දාපු කමෙන්ට් එකක් මේ බලපන් /
1973 දි විතර අපිට ලැබුන ටෙලිෆෝන් එකක්. අප්පච්චි කච්චේරියෙ වැඩ කරපු නිසා ලැබුනු රාජකාරි දුරකතනයක් ඒ. කලු පාට රවුමට අංක ඩයල් කරන එකක්.විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විතරයි එතකොට තිබ්බෙ. කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුලත විතරයි කෙලින්ම අංක කරකවල කතාකරන්න පුලුවන්. පිටට ඔපරේටර්ට කතාකරල අංකය කියල බලාඉන්න වෙනව..එව්වට කියන්නෙ ට්‍රන්ක් කෝල්ස්...
ටෙලිෆෝන් එක රිං වෙනවයි කියන්නෙත් කියන්නෙ අම්මටසිරි අපි පොඩි එව්වංට හෙන මැජික් එකක්....වත්ත පිටියෙ කොහෙ හිටියත් ට්‍රීං ..ට්‍රීං කියාගෙන අපි ඔක්කොම කඩාගෙන බිඳගෙන එනව ටෙලිෆෝන් එක ලඟට...අහල ගං හතටම ඇහෙනව ඒකෙ සද්දෙ..රිසීවරේ උස්සන්ට අපි ගහගන්නෙ නැතුව විතරයි.
හැමදාම උදේ නමයට විතර එක්ස්චේන්ජ් එහෙන් කෝල් එකක් එනව ලයින් එක වැඩද බලන්න.ගෙදර ඉන්න දවසට නමය කිට්ටු වෙනකොට මම ටෙලිෆෝන් එක ලඟින් හෙල්ලෙන්නෙ නෑ…
" ට්‍රීං රීං ට්‍රීං රීං …"
ඔන්න මම ගන්නව ටෙලිෆෝන් එක..
" හෙ..ල්..ලෝ..ව්ව්ව්ව්!!! "
බොහොම බරසාර විදිහට කියනව දෑතිම්ම රිසීවරේ දකුණු කණට තද කරගෙන .
" හෙලෝ 315 ද? "
එහා පැත්තෙං අහනෝ…
" ඔව්..මේ 315 තමයි"
මම නංගිලාට අතින් කියනව...සද්ද කරන්න එපා හලෝ...
" හරි අපි ලයින් එක චෙක් කලා…"
" හෙලෝ ….හා හොඳයි "
මම ආයෙම ගාම්බීර විදිහට කියල දෑතිම්ම රිසීවරේ ආපහු තියනව...
ඊට පස්සෙ බොහොම ගාම්බීර විදිහට බරට අඩි තියමින් මිදුලට බහිනව නංගිල දිහා බලන්නෙවත් නැතුව. උං මගෙ පස්සෙං එනව වැටීගෙන...
" මොකද බං උඹ පරක්කු? අපි පිල් බෙදිලත් ඉවරයි.."
ඒ මගෙ යාලුවො...උං මම පරක්කු නිසා ක්‍රිකට් ඝහන්න පිල් බෙදාගෙනත් ඉවරයි..
" ටෙලිෆෝන් කෝල් එක එනකල් හිටිය."
මම කියනව බොහොම ආඩම්බර තාලෙට….හුහ්....
සකිසඳ එළියස් කියන්නේ මචෝ අපි අපිටම හිනාවුනු නාට්ටියක්....මනෝගේ ඇක්ටිං කියලා වැඩක් නැහැ. ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි.....ආපහු බලන්න ඕන බං.
Deleteකේන්දර ගැන උඹ ඉන්න මතයෙම තමයි මමත් උන්නේ. ඒත් ඒක වෙනස් උනේ අපේ මාමන්ඩි නිසා. පොර ඇස්ට්‍රොලොජර්. ඒ උනාට කලින් තේ වත්තක සුපිරිටැන්ඩන් මහත්තයෙක්. පොර ඒකේන් විශ්‍රාම ගියයින් පස්සේ, ඉන්දියාවේ ගිහින් වැඩේ ඉගෙනගෙන තියෙන්නේ. පොරගේ චාජස් අස්ප ගනන්. උන්දැ මැරෙණ දවස වෙලාව පවා හරියටම කියනවා. පොරත් මලේ හරියටම කියාපු දවසේ. වෙලාවෙ නම් පැයක විතර වෙනසක් තිබුනා.
ReplyDeleteපොර ලංකාවේ ප්‍රසිද්ධම පුද්ගලයන්ගේ හඳහන් බැලුවා. ඒ කියන් ඔක්කෝම ඇත්තත් උනා. ඉතින් පොර මලාට ප්ස්සේ පොරගේ පොත් වලින් මමත් ඉගෙන ගත්තා. පස්සේ ඔය ටියුෂන් පන්තියකටත් ගියා. හාමුදුරු නමකගෙනුත් ඉගෙන ගත්තා. ඒකත් මචෝ එක විශයයක්. හැබයි මාමන්ඩිට වගේ මට නම් මැරෙණ දවස තවම කියන්න බෑ. ඒකේ කැල්කියුලේෂන් පට්ට අමාරුයි.
මාතලන්, උඹේ ඔය සෑස්තරෙන් බලලා කියහන්කො මේ පතරන්ගෙ ඉවර වෙන දවස ! :D
Deleteමාතලන් බොගෙ ඔය මාම නේද ප්‍රේමදාස මහත්තයගෙත් කේන්දරේ බැලුවේ.
Deleteඑයාගේ විතරක් නෙමෙයි.. පොලිට්‍රික් කාරයෝ ඔක්කොමන්ගේ වගේ බැලුවා. ඒ නිසා තමයි පොර හෙන ගනන්. හැලපෙට මතකයි වගේ මම මේ ගැන ලිව්වා.
Delete@ සෙන්නා
Deleteමටත් මේ මළදානේ නම් ඇති වෙලා තියෙන්නේ. මෙහෙමත් ලව් කරන්න පුළුවන්ද බන්.. වෙන වැඩක් නෑ නේ. මම ඒත් කල්පනා කරනවා. ගෝල්පේස් එකේ උදේ ඉඳන් හවස් වෙනකන් මක්කද මුන් දොඩන්නේ කියලා. නොකා නොබී. අන්න ඒ මළ පෙරේතයෝ, දියවන්නාවේ බංකුත් අයිති කරගෙන. ගෝඨා මාමා දැක්කනම් හෙම, ලව් ඉලව් වෙලා තමයි නවතින්නේ. කෑළි කීපයක් මාව දාලා ගිහින් තියෙනවා ලව් කරන්න දන්නේ නෑ කියලා. උන් කියන්නේ පාරේ යනකොට අතින් අල්ලගෙන යන්න කියලා. ඒතකොට දකින් උන් හිතයි, මම අන්ධ බඩුවක්ය දාගෙන ඉන්නේ කියලා. ඕන් පිටරටක නම් අවුලක් නෑ. මේ අවුරුදු 2500 (මේකත් අවුල් වෙයි වගේ අර ඉන්දියාවේ ලෑලී කෑල්ල නිසා) සබ්බත්තයක්ද මක්කද එකක් තියෙන රටේ ඕවා කරන පුළුවන්ද ආයිබෝවන්ඩ. මම මේ ආවේ පඳුරු තැලිල්ල උඩිනම් තිබුන නිසා.
මාතලන්,
Delete/ ඒත් ඒක වෙනස් උනේ අපේ මාමන්ඩි නිසා. පොර ඇස්ට්‍රොලොජර්. ඒ උනාට කලින් තේ වත්තක සුපිරිටැන්ඩන් මහත්තයෙක්. පොර ඒකේන් විශ්‍රාම ගියයින් පස්සේ, ඉන්දියාවේ ගිහින් වැඩේ ඉගෙනගෙන තියෙන්නේ. පොරගේ චාජස් අස්ප ගනන් /
මාතලන් -" මොකද ඔයා මාව හදිස්සියෙම හම්බවෙන්න ඕනය කිව්වෙ? "
පියම්බිකාවිය - " නෑ මෙයා අපි දැන් ආස්සරේ කරන්ටත් අරගෙන සෑහෙන කාලයක් උනානෙ. ඔයා ඇවිල්ල අපෙ තාත්ති එක්ක කතා කරන්ටකො මේ ගැන.මතක ඇතුව කේන්දරෙත් අරං එන්ට හොඳේ…"
මාතලන් - " හරි හරි මම හෙටම එන්නංකො…"
පසුදින පාන්දරම කුකුලාද අතින්ගෙන මාතලන් තරුණ තෙමේ තම අනාගත මාමණ්ඩිය බැහැදකිනු පිණිස පිටත් වෙයි.
හිමාල වනයේ ඉරිසිවරුන්ගෙන වරං ලැබූ මහා ජෝතිස ආද්යාත්ම වේදියාණෝ….හන්දියෙ තියනව බෝඩ් ලෑල්ලක් එල්ලල. ඊතලයක් යටිං ….මීටර් 400
මාතලං හෙමිහිට කිට්ටු කලා ජෝතිස අසපුවට..අප්පටසිරි සෙනඟ....." ආ. මොකද මොකද මේ ළමය?...නොම්මරයක් තියනවද? "ඔන්න මරුමුස් බුවෙක් කඩා පැනපි.
මාත -" නෑ නෑ මං මං මං...."
ම.මු.බු - " නෑ..නෑ..මං ..මං වැඩක් නෑ..නොම්මරයක් නැතුව ආද්දියාත්මික තුමා හම්බ වෙන්ට බෑ.."
මාත - ( තතනයි, බිය රැඳි දෙනෙතින් වටපිට බලයි..කෝ මේ මනුස්සය නෑනෙ පැත්ත පලාතක...තමාටම මුමුණා ගනියි )
ම.මු.බු. - " මොනවද සුටු පුටු ගාන්නෙ ? මේ මට තව වැඩ තියනව නොම්මරයක් නැත්තං ගිහිල්ල රුපියල් පන්සීයක් දීල නොම්මරයක් ගන්නව ඉස්සොරෝම "
මාත - " නෑ මම මේ කේන්දරයක් බලව ගන්ට කියල"
එම්.එම්.බී - " හරි හරි ඒ මොකටහරි රුපියල් පන්සීයක් දීල නොම්මරයක් නම් ගන්ටම ඕන.."
මාත - " මම මේ ආද්දියාත්මික තුමාගෙ දුව බඳින්ට... "
එම්.එම්.බී - " මම දැන් එක පාරක් කිව්වනෙ... ඉස්සෙල්ල රුපියල් පන්සීයක් දීල නොම්මරයක් ගන්ට ..කේන්දරේ බලන්ට ඉස්සර ඉතුරු රුපියල් දාහ ගෙවන්ට ..නැත්තං ආද්දියාත්මික තුමා කේන්දරේ දිග අරින්නෙවත් නෑ "
මාත - ( කෝපාවිෂ්ඨව ) " මේ මට තමුසෙ එක්ක කතාවක් නෑ. එන්ට කියනව ආද්දියාත්මික තුමාට.."
අවට පොදිකමින් හුන් ජනතාව විස්මයෙන් මේ උස් හඬින් කෙරෙන වාදය දෙස බලා හිඳියි..
එම්.එම්.බී - " මේ තමුසෙ මෙතනිං යනවද නැත්තං …"
මාත - කමිස අත් නවා ගනිමින් ඉදිරියට එයි ඔහු හැඳ සිටින්නේ අත් කොට කමිසයකි -" ඔව් ගියෙ නැත්තං තමුසෙ මට මොනව කරන්නද?"
මෙවිට අසපුව තුල සිට උස් දේහධාරී පැසුණු රැවුලකින් හෙබි පුද්ගලයෙක් පිටතට පැමිණෙයි..
" මොකද මොකද මේ සද්දෙ මෙතන? මට නිසංසලේ වැඩක් කරගන්න දෙන්නෙ නැද්ද? "
එම්.එම්.බී. ගෞරව සම්ප්‍රයුක්තව පසෙකට වෙයි..
එම්.එම්.බී - " නෑ ආද්දියාත්මික තුමා..මෙයා මෙතන ඇවිල්ල කියනව…"
ආද්දි.තු - " ආ..මේ ළමයද? " මාතලන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා දෙතුන් වරක් බලයි.." හ්ම්ම්ම්..හ්ම්ම්ම්…" ( තමාටම මොනවා හෝ මුමුණා ගනියි )
ආද්දි.තු - " හ්ම්ම්. දැං කියමු බලන්ට...මොකද මේ ළමයගෙ ප්‍රශ්නෙ? "
මාත - බැගෑපත්ව වචන පටලැවෙමින් කතාකරයි " ම..ම...මම මේ ඔබ තුමාගෙ දුව එක්ක ආශ්‍රයක් තියනව...."
ආද්දි.තු - " හ්ම්ම්ම්. ඉතිං? .."
මාත - " මම මේ ආවෙ මගෙ කේන්දරෙත් අරගෙන ඔබ තුමාට දීල …"
ආද්දි.තු - " ළමයා මේ වැඩේ කෙරෙන්න ඕන පිළිවෙලක් තියනව..ඉස්සෙල්ලාම රුපියල් පන්සීයක් ගෙවල නොම්මරයක් ගන්න. මේ වෙනකොට මාස දෙකකට නොම්මර දීල නං ඉවරයි..මාස දෙහෙකට පස්සෙ රුපියල් දාහක් සහ බුලත් අතක් අරගෙන එන්න.මම කේන්දෙරේ බලල දෙන්නම්.."
මාත - " ඒත් මම…. ඔබ තුමාගෙ දුව එක්ක.."
ආද්දි.තු - මහ හඬින් සිනාසෙමින්..." අපෝ ළමය.... ඔය මගෙ දුව එක්ක ආස්සරේ කරපු පිරිමි ළමයිං ඔක්කොගෙම හඳහං මම නොමිලේ බැලුවනං එහෙම මෙලහට මම බංකොලොත් වෙලා.... ඒක කරන්න බෑ. තරහ වෙන්න එපා...වැඩේ කෙරෙන විදිහයි මම අර කිව්වෙ...කේන්දර ගැලපිලා කොහොමින් කොහොමින් හරි මේ වැඩේ කෙරුනොත් මංගල්ලෙ දවසට මම අය කරපු ගාස්තුවෙං බාගයක් ඒ කියන්නෙ රුපියල් හත්සිය පණහක් ආපහු ඔය ළමයට ගෙවනව...එච්චර තමයි මට දෙන්ට පුලුවන් සහනය....එහෙම කරනවද නැත්තං දමල ගහල නිකං ඉන්නවද කියන එක ඔය ළමයගෙ තීරණය.."
මාතලන්ගේ තීරණය කුමක් විනිදැයි අපි හොඳාකාරව දන්නෙමු.
බි: පෙ: සි:
Deleteඋඹ හිතුවද යකෝ 1500 ටයි මාමන්ඩි බැලුවේ කියලා. පොර මලේ 1992. ඒ කාළෙත් උඩින් පල්ලෙන් බලන්න 5000 ක් ගත්තා. හිතා ගන්න පුළුවන් නේ පොරගෙ තරම.
ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වෙයං..කරන රස්සාවට වඩා වැඩක් සිදුවෙයි ලෝකයාට.
Deleteඑම්.එම්.බී සහ ආද්දි. තු. හරිම සිත කුල්මත් කරන චරිත නාම...දොස්තර හොඳ හිත වගේ...ඕවා හැමෝටම බැහැ....සීරියස් ටෝකින් මි.
හා එහෙනං ඒ කාලෙ තමා වේරලියද්ද අර සිංහයගෙ සිංදුව කියල තියෙන්නෙ නේද,යකෝ ඒ සිංදුවටත් මාර අතීතයක් තියෙන්නෙ නේද බං.
ReplyDeleteහැලප,
Deleteඔන්න බොලේ උඹ කිව්වහමයි මතක් උනේ..අර අනෝමා..ඕකි කහටගස්දිගිලියෙ..අම්මප..නමත් ඩී.ආර්.අනෝමා කුමාරිහාමි ද කොහෙද? දෙයියම්පල්ල උඹ කියනකල් මට මීටර් උනේ නැති හැටියක්...
//නුග ගහේ පාතම අත්තෙ ගැටගහපු ලණුවකින් එල්ලිල යන්තමට පැද්දි පැද්දි ඉන්නෙ ..විජිත.....//
ReplyDeleteඊට කාලෙකට පස්සෙ වෙඩිං ඇනුවසරි දවසක කෑලි කැපෙන කළුවර තියන අමාවක රෑක හෙණ ගගහා මොර සූරන වැස්සක් වහිනව. දුර ගමනක් ගිහිං නන්නත්තාර වෙලා ඉක්මනට ගෙදරට එන්න බලාගෙන ඇරලා තියල එන රවීගෙ කාර් එක ඔතනදිම කැඩෙනව. එතන දැන් වෙඩිං හෝල් එකක් නෑ. විජිතගෙ සිද්දියෙන් පස්සෙ ඒක පාලුවට ගහින්... නුග ගහේ කොල, අතු හැම තැනම වැටිල හරිම මූසල අමනුස්ස පෙනුමක් තියෙන්නෙ.
එලියට බහින්න හිතන්නවත් බෑ, ළඟ පාත මනුස්සයෙක් වත්... (පිස්සුද මේ රෑ 12 ට විතර මොරසුරන වැස්සෙ???)
ඔන්න මීදුම බැඳුන වින්ඩ්ස්ක්රින් එක හරහ රවීට පේනවා අර නුග ගහේ ඔන්චිල්ලාවක් බැඳලා... ඒක හිමීට පැද්දෙනවා එතකොට ඇහෙන ක්‍රීක් ක්රික් සද්දෙ කාර් එක ඇතුලට ඇහෙන්නෙ කොහොමද කියල රවී මොහොතකට හිතනව... "කවුද යකෝ මේ නුග ගහේ ඔන්චිල්ලාවක් බැඳපු එකා" රවී අපහු හිතනව.
කාර් එකේ හැම වීදුරුවක්ම වැහිල තිබුනත් මූසල හිරිකඩ හුළං පාරක් ඇඟට දැනෙන්නේ කොහොමද කියල රවිට හරි පුදුමයි...
හීතල යන්නත් එක්ක සිගරට් එකක් පත්තු කරගන්න රවීට හිතෙනව. සිගරට් එක තොල් දෙකේ රඳවගෙන ලයිටර් එක පත්තු කරන්න යනකොටම ගහන අකුණෙන් ඇස් දෙක නිලංකාර වෙලා කන් දෙක කීං ගානව, එත් එක්කම සිගරට් එක බිමට වැටෙනව...යංතන් බිම අතපත ගාල සිගරට් එක හොයාගෙන ඔලුව උස්සන රවී දකින දෙයින් පස්සෙ රවීගෙ කටින් පිටවෙන්නෙ වචන කිහිපයක් විතරයි... "අර කැඩුණු බෙල්ලත් එක්ක ඔන්චිල්ලාව පදින්නෙ......... "
ඒ කෑල්ලත් නරකම නෑ ඇනෝ..
Deleteහැබැයි මට හිතට අල්ලලාම ගියේ අර රවියට වෙඩි තියන කෑල්ල තමා.. අනේ ඉතිං මේ යන විදියට ඕකට විජිතයම ඕනැන්නෙ නෑ, මේ බ්ලොග් එක කියවන පාඨකයෙක් හරි පාඨිකාවක් හරි ඔය වැඩේ ළඟදිම කොරනවා.. :D
ඇනෝ....උඹ රවීයගේ කතා රසය අතට අරන් පාඨකයාගේ කටේ තියෙනවා...මේක තමයි වෙන්න ඕන...මේ තමයි පොතක් කියවනවාට වඩා, බ්ලොගය තුල ලියන්නා සහා පාඨකයා එකතු කරන තැන...මේකනේ යකෝ වෙන්න ඕන...ඇනෝ ඩබල් සැලුට් උඹට!!
Delete@Ano ++++++++++++++++++++++++=
Deleteඋඹට කියන්න බුරා... රබර් බුලට් එකක් හම්බ උනානං මං මෙලාට මූට වෙඩි තියලා... නිකං බුලට් වලින් තියලා හරියන්නේ නැහැ... මූට තියන්න ඕන රබර් වලින්මයි... මැරෙන එකත් ඇදීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊලා මැරෙන්න... මේක ඇද ඇද අපිට දෙන වදේ හැටියට
Delete:D
ඇනෝනිමස්,
Delete/ ...යංතන් බිම අතපත ගාල සිගරට් එක හොයාගෙන ඔලුව උස්සන රවී දකින දෙයින් පස්සෙ රවීගෙ කටින් පිටවෙන්නෙ වචන කිහිපයක් විතරයි... "අර කැඩුණු බෙල්ලත් එක්ක ඔන්චිල්ලාව පදින්නෙ......... " /
යංතන් බිම අතපත ගාල සිගරට් එක හොයාගෙන ඔලුව උස්සන රවී දකින දෙයින් පස්සෙ රවීගෙ කටින් පිටවෙන්නෙ වචන කිහිපයක් විතරයි... "අර කැඩුණු බෙල්ලත් එක්ක ඔන්චිල්ලාව පදින්නෙ දෙයියෝ සාක්කි විජිත නේද? "
ඒ එක්කම නුගගහේ අතු රිකිලිත් එක්ක බොහොම පැහැදිලිව පේන තරමට ඇස් ගිණිකන වට්ටන එළියක් විහිදුවගෙන අකුණක් පාත්වෙනව පාලුවට ගිය වෙඩිං හෝල් එකේ එහා පැත්තට. ඒ එළිය වින්ඩ්ස්ක්‍රීන් එක විනිවිදගෙන ඇවිල්ල රවීගෙ ඇස් නිලංකාර කරවනවත් එක්කම ස්ටියරිං වීල් එක උඩ ඔලුව ගහගෙනම එයාට සිහිය නැතිවෙනව.
එහෙම කොච්චර වෙලා සිහිනැතුව හිටියද කියල නං හරියටම කියන්ට බෑ, ඒත් රවීට ආයම සිහිය එනකොට වැස්ස එහෙම තුරල් වෙලා..ඒත් ආකහේ විටිං විට තාම විදුලි කොටනව.
ඔලුව පුපුරන තරමට ඉසරුදාව හින්ද නළල දෙපැත්ත හෙමිහිට පිරිමදිමින් රවී ඔලුව උස්සල බලනව..නුග ගහ එහෙම්මම තියනව..කෝ එතකොට අර නුග ගහේ බැඳල තිබ්බ ඔංචිල්ලාව..එහෙම එකක් ඇත්තටම තිබ්බෙ නැද්ද?..මගෙ මනෝ විකාරයක්ද? එහෙම වෙන්ටත් බෑ..,මම හොඳටම පැහැදිලිව දැක්කනෙ.. තොල මතුරමින් රවී කාර් එක ස්ටාට් කරන්න හදනව. ඒත් එන්ජිම දෙතුන් පාරක් කැරකෙනව විතරයි ස්ටාට් වෙන්නෙ නෑ. ඒ එක්කම මොකක්දෝ අමුතුම සුවඳක් කාර් එක ඇතුලෙ පිරෙන්ට ගන්නව.
ඉස්සරෝම ඒ මොකක්ද කියල අඳුනගන්ට බැරි උනත් තව මොහොතකින් රවී ඒ සුවඳ අඳුනගන්නව. ඒ එක්කම එයාගෙ සරීරය පුරාම හීගඩු පිපෙනව එයාට දැනෙනව. ඒ තමයි මලමිනීවලට ඉහින විලවුන් සුවඳ..මිනී සෙන්ට් කියල කවුරුත් ඔය කියන්නෙ..ඒ එක්කම පිටිපස්සෙ සීට් එකෙන් නඟෙන්නෙ ඇහෙන්නෙ වියරු හිනා හඬක්......ඉතිපිසෝ භගවා...තොල මතුරමින් රවී පස්ස හැරිල බලනව හෙමීට. ඇත්තටම තමන්ට කිසිම ඕන කමක් නැතිඋනත් කවුරු හරි තමන්ගෙ බෙල්ලෙන් අල්ලල මූණ පස්සට හරවනව වගෙයි රවීට තේරෙන්නෙ.
පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන රවී දිහා බලාඉන්නෙ විජිත..බෙල්ල පැත්තකට කඩා වැටිල..ඇස් බාගෙට පියවිලා..රතු තොල් විවර වෙලා..ඒ තොල් අතරින් රතුපාට දිව බාගෙට එළියට පැනල...
" විජිත...විජිත…" රවීගෙ කටහඬ ඇත්තටම තොල් අතරින් පිට උනාද නැත්තං හිතේ හෝදිසියට කතාකලා කියල හිතුනද රවී අදටත් දන්නෙ නෑ. ඒත් ඊට පස්සෙ විජිත,... ඒ වෙලාවෙ පිටිපස්සෙ සීට් එකේ හිටියෙ විජිත නම්...කතාකරපු වචන ටික නම් තවමත් රවීගෙ කණ් දෙකේ දෝංකාර දෙනව…
" උඹට පණ බේරගෙන යන්ට ඕනද කියාපං…"විජිතගෙ කටහඬ කාරෙක ඇතුලෙ දෝංකාර දුන්න..
" අනේ ඔව් විජිත මාව මරන්ට එපා. ."රවී වෙව්ලන හඬින් කියාගත්ත. " මම කියන ඕනම දෙයක් කරන්නං…"
" හහ්...හහ්...හහ්..හා.."විජිත ආයම හිනාඋනා..
ඒ අමනුස්ස සද්දෙ අහන්ට බැරුව රවී කංදෙක දෑතිම්ම වහගත්තා.
" අත්දෙක ගනිං අහකට.මම කියන එක කරන්ට නම් උඹ මම කියන්නෙ මොකක්ද කියල මුනින්ම අහගෙන ඉන්ට ඕන.."
Delete" එහෙමයි එහෙමයි" රවී අත්දෙක අහකට ගත්ත.
" උඹ කරන්ට ඕන මෙච්චරයි..දැං මේ බහුබූතයක් උඹ ලියාගෙන යනවනෙ කවිකාරිගෙ පෙරේමෙද මොකද්ද කියල? ඒ මඟුල උඹ අදිනව වැඩියි. උඹට එදා ඉඳලම තියන ලෙඩක්නෙ ඕක. සෝට් ඇන්ඩ් සුවීට් කියන්නෙ උඹේ සද්ද කෝසෙ නැති වචන දෙකක්නෙ.අනික මට දැනගන්ට ලැබිල තියනව උඹේ ඔය අබූත කතාවෙදි උඹ මගෙ නම අන්තිමටම සවුත්තු කරල මාව දෙකේ කොලේට දාලයි කතාව ලියන්නෙ කියල. උඹ අහගෙනද ඉන්නෙ? "
" එහෙමයි..එහෙමයි "
" ඒ වගේම එතන බබලත්තු ටිකක් ලෑස්තිවෙලා ඉන්නවලු මට එක එක පජාත කතා කියල බැණල කොමෙන්ට් දාන්ට..හිරූ ද කවුද..අර බිංදි...මැකුවි කියල අර තවත් එකියක්..එතනිං ගිහාම සඳා. ඒ අනික් මහගෙ...අනික් අම්මණ්ඩි අර රූ...මම ඔවුං ඔක්කොම අල්ල ගන්නං වෙලාවක..තව ඇති කට්ටිය.... වෙලාවක මුල ඉඳල කියවන්ට ඕන උඹේ මේ හෑල්ල. වෙලා තියෙන්නෙ අමනුස්ස ලෝකෙ අපිටවත් වෙලාවක් නෑ උඹේ මේ පතරංග ජාතක කියවන්ට. ඉතිං බොල මේ දාහක් වැඩ රාජකාරි තියෙන මිනිස්සුන්ට වෙලා තියෙයිද? අන්න ඒ නිසා මම උඹට තව සතියක් කල් දෙනව..තව එකෝම එක කොටසයි . මේ කෙහෙම්මල ඉවරයක් කරපං..මම නොකිව්වයි කියන්ට එපා. එහෙම නොවුනොත් ලබන හෙනහුරාද මම එන්නෙ උඹේ බෙල්ලත් මේ මගේ වගේ වෙන්ට කරකවන්ට බලාගෙන..තේරුණාද? "
ඒ අමනුස්සයා රවීගෙ නළලට දබරැඟිල්ල තියක තද කලා. ඒ දබරැඟිල්ලෙ හීතලට රවීගෙ මුලු සරුවාංගෙම එක මොහොතකට අයිස් වගෙ හීතල උනා.
" එහෙනං හරිනෙ…..මතකනෙ තවත් ජීවත් වෙන්ට ඕනනම්...හාහ්...හහ්.හහ්.හහ්.හා.."
ආයෙම ඒ අමනුස්ස හිනාව කාර් එක ඇතුලෙ දෝංකාර දුන්න. ඒ එක්කම හෙණ ගෙඩියක් ආයම වෙඩිං හෝල් එක එහා පැත්තට පාත් උනා.ගෙන්දගම් සැරට හුරු ගඳක් කාරෙක ඇතුලෙ එහාට මෙහාට කැරකිල හෙමිහිට මැකිල ගියා. ඒ ඔක්කොම ඉවර වෙනකොට අමනුස්සය පස්සෙ සීට් එකේ හිටියෙ නෑ වැස්සත් පායල…
රවී කාර් එකේ යතුර කැරකුවා. එක පාරින්ම කාරෙක ස්ටාට් උනා. " හප්පච්චියේ...මදැයි ඔයින් ගියා.."රවී එහෙමම කාරෙකේ එන්ජිමේ සද්දෙට ඇහුංකන් දීගෙන තමන්ටම කියා ගත්තා..." මාර වැඩක් නෙව මේක..මට පේන්නෙ කතා අදිනවට අමනුස්සයො කැමති නෑ වගේ. එතකොට ඔය සෙන්නා, මාතලන්, බූරා, මාරයා වගෙ එවුං?... උනුත් වැටෙන්නෙ අමනුස්සයො ගණයටද? "ඇස් තදින් පියාගෙන රවී දෙතුං පාරක් ඔලුව හෙලෙව්ව. " හප්පේ එව්වයිං මට වැඩක් නෑ. උං අමනුස්සයො වෙච්චි. මනුස්සයො වෙච්චි..ඕනෑ කෙහෙල්මලක්...ලබන සුමානෙ මේ කෙහෙල්මල ඉවරයක් කරල දාන්ට ඕන...එතකොට මම නිදහස් නෙව.."රවී කාර් එක ස්ටාට් කරල පාරට ගත්තා.
******************************
බොහොම ස්තූතියි ඇනෝ....හෙහ්, හෙහ්,
මේ වෙලාවෙ කතාවෙ ඉතුරු කොටස ලියලා දැම්මා නම් උඹට නරකයි?
Deleteමුගේ ආච්චිට හාල් ගරන්න... :D
Deleteඅමනුස්ස.. ඒ කියන්නෙ මනුස්සයො නොවන ඕනම කෙනෙක් මේ ගණයට දාන්ට පුළුවන්.. දෙවියන් පවා අයිති වෙන්නෙ අමනුස්ස කියන කොට්ඨාසෙට තමා.. එහෙම බැලුවහම රවියා ඔය කියලා තියෙන කතාවෙ වැරැද්දක් කියන්ටත් බෑ.. ;)
Deleteඅම්මපා...
Deleteපලි...
බුරා... උඹනං කවදාවත් මට හම්බ වෙන්න එපා.. එහෙම උනොත් මං මේ උඹ කියන මසුරං වටින කතාවලට උඹේ කටේ දාන්න කියලා වෙන්කරලා තියෙන දෙකේ කාසි කැටේ උගුරේ හිර වෙලා මැරිලා යයි... :D
@ බූරා,
Deleteමුව සිරස නැකත හැදුන හැටි අහල තියද? ඒ වගේම සක්කරයට ඇස් දාහ ලැබිච්චි හැටිත් අහල ඇතිනෙ....හෙහ්, හෙහ්, එහූ දෙයියංගෙ කැරැට්ටුව එක්ක බලනකොට උඹ දෙය්යෙක් කියල කියන්ටත් පුලුවනි. හරි පිළිගතිමි මල්ලි උඹ දෙය්යෙක් :)
හොල්මනක් වෙලා විජිතයට මොලේ පෑදිලා .
Deleteහිනාවෙලා පන යනවා කමෙන්ට් ටික කියෝලා.. කොහොමද වැරදිලා හරි විජිත මේ බ්ලොග් එක කියෝනවනම්..
Deleteහත් දෙයියනේ මගෙ පොඩි ඉමැජිනේෂන් කෑල්ල ගිහින් තියන දුර....
Deleteයකෝ දීයම කාපිය.... හිනා වෙලාම බඩත් කොර වෙලා :) Thanks Ravi
හි හි...
Deleteකවුද දෙයියනේ මෙතන විජිතට බැන්නෙ.. බැනුං අහන තරමක් ඇහුවෙ රවීයි සුජාතයි නේ.. විජිතට මොකටද ඩෝං යන්නෙ... හි හි...
පෝස්ට් එකට වඩිය සිය දහස් ගුණයක් ජොලි මේ කමෙන්ට් ටික... තෑන්ක්ස් ඇනෝ....
මෙකුවි,
Delete/ කොහොමද වැරදිලා හරි විජිත මේ බ්ලොග් එක කියෝනවනම්../
පිස්සුද බං? මගෙ ඔය යාලුවො එකෙක්වත් දන්නෙ නෑ මම මෙහෙම එවුං ගැන ලියනවයි කියල..හෙහ්,හෙහ්, දන්නවනං එහෙම බොලාට ඉස්සර එවුං මයෙ කුලල කරකොවන්නෙ....
මේ පහුගිය විඩේ නිවාඩුවට ගිය වෙලාවෙ අපෙ ගෙදර ආපු එක යාලුවෙක් ඔය කතාකරකර ඉන්න ගමං..( අපි කතාකලේ සංනිවේදනයෙ දියුණුව ගැන...)
" මචං ඔය ඉන්ටනෙට් එකේ කවි, කතා ….ඒවගේම තමන්ගෙ ජීවන අත්දැකීම ඔය වගෙ ඕනම එකක් ලියන්ට පුලුවන් බ්ලොග්ය කියල ජාතියක් තියනව නේද? "කියල අහපි.
අපෙ උන්දැ මම දැක්ක කට හදනව මොනවද කියනට..මොකද නැත්තෙ? මේ මනුස්සයත් ඔය එකක් බදාගෙන ලියන්නෙ රෑ දාවල් නැතුව.... ඔන්න ඔහොම මොකක් හරි වෙන්ට ඇති එකත් එකටම..මම වහාම උගුර පෑදුව..උන්දැ දැන් මා එක්ක වසලම දන්නව දැන් දන්නව මයෙ සිගනැල්....ඒ පාර වහාම මගෙ මූණ බැලුව..මම හෙමිහිට ඔලුව දෙපැත්තට හොල්ලල සිගනැල් එකක් දුන්න..කට හොල්ලන්ට එපාය කියල…
" ආ, එහෙම තියනවද? දන්නෙ නෑ මචං" මම යාලුවට කිව්ව…
" පුදුමයි උඹ දන්නෙ නෑ කිව්වම.."ඒකා කියපි
ඌ ගියාට පස්සෙ ලොක්කි මගෙන් අහනව.." මොකද අනේ ඔයා අර කුමාරට ඔයා ලියන බ්ලොග් එක ගැන කිව්වෙ නැත්තෙ? අනික මම කියන්ට හදනකොටත් එපා කිව්වනෙ..ඔයාගෙ හොඳම යාලුවනෙ ඒ කාලෙ ඉඳල.."
" හ්ම්ම්ම්. ඒ යාලුකම දිගටම තියාගන්ට ඕන නිසා තමයි මම කිව්වෙ කට හොල්ලන්ට එපා කියල…"
" හිහ්..හිහ්..ඒකත් ඇත්ත තමයි…" ලොක්කි මා දිහා බලල හිනාඋනා.
නිර්නාමික,
Delete/ හත් දෙයියනේ මගෙ පොඩි ඉමැජිනේෂන් කෑල්ල ගිහින් තියන දුර.... /
හෙහ්, හෙහ්, අන්න එහෙම තමයි අපි…. වතුර මෝටර් වගෙ තමයි…. යන්තං පැට්‍රෝල් ටිකක් දාල ඉස්ටාට් කරල දුන්නද ඊට පස්සෙ යස අගේට ඔය දුවන්නෙ බූමිතෙල් වලිං...
/ යකෝ දීයම කාපිය.... /
අපෙ අත්තම්ම නිතරම කියන කතාවක් ඕක…….දියා කාපිය නැත්තං කොටියාම කාපිය..මට ඕක අමතක වෙලයි තිබ්බෙ..ස්තූතියි මතක් කලාට..මම ඔය කෑල්ල මේ පාර පෝස්ට් එකේ ප.ලි. කෑල්ලටත් දැම්ම..ස්තූතියි නිනා.....:)
හිරූ,
Delete/ කවුද දෙයියනේ මෙතන විජිතට බැන්නෙ.. /
හෙහ්, හෙහ්, විජිතයගෙ බෙල්ල කැඩිල ඉන්න විදිහයි, රතු පාට තොල අතරිං බාගෙට එලියට පැන්න දිවයි ගැන කියවපු ගමං උඹෙත් ඇඟ හීතල වෙලා ගියා නේද? ඒක තමයි විජිතයව ෂේප් කරගන්ට හදන්නෙ තකහනියක්..එව්ව හරියන්නෙ නෑ හොඳද? උඹ බහින්ට එපා රෑ පානෙ දොට්ට පිලට යන්ට වත් තනියම එලියට...ඔන්න නොකිව්වයි කියන්ට එහෙම එපා ..හරී?
/ පෝස්ට් එකට වඩිය සිය දහස් ගුණයක් ජොලි මේ කමෙන්ට් ටික... තෑන්ක්ස් ඇනෝ..../
අන්න එහෙම තමයි මාස්ටර් චෙෆ්ලා තේරුණය?....කෑම අවුල් උනත් ඩෙසර්ට් එකෙන් හරි වැඩේ ගොඩ දාගන්නව :)
අපෝ කේන්දර ගැනනම් මතක් කරන්න එපා රවී අයියේ.. ඔවුවයි කියන දේවල් හිතුවොත් ඉවරයි.. මගෙත් සිහියනම් එහෙ මෙහෙ වෙනවා.. හැබැයි ඒක කේන්දරේ නම් කියලා නෑ..
ReplyDeleteඅල තැම්බෙනකන් ඉන්න බෑ තමයි.. බලමු ඉතුරු ටිකත්..
දිනේෂ්,
Deleteඇත්ත බොලේ..ඔව්ව ඇතුවත් බෑ නැතුවත් බෑ...:)
''කේන්දරෙත් කියල තියනව සිහිය ජුංඩක් විතර එහා මෙහා වෙන්ට ඉඩ තියනවයි කියල. ''
ReplyDeleteමම කේන්දර ගැන තිබ්බ අවිස්සාසේ අහක් කර ගත්තා අද ඔන්න .:D
බින්දි,
Deleteමම දන්න අපූරු මහත්තයෙක් ඉන්නව නානායක්කාර කියල..එයානං කියන්නෙම කේන්දර කියන එව්ව පට්ට බොරුයි කියල..මම ඉතිං ඇහුව " මොකෝ ඔහේ එහෙම කියන්නෙ? " කියල.." අනේ බොලේ මයෙ කේන්දරේ තිබ්බෙ බෝම ගුණයහපත් රූපස්රීයෙන් අගතැන්පත් සිරියාකාන්තාවක් වගෙ කුල කුමරියක් ලැබෙනවය කියලනෙ.." ඒ මහත්තැන් කියාපි....ඔන්න බලාපං ඒකෙත් හැටි...හෙහ්, හෙහ්,
ආන්න කේන්දර විශ්වාස කරන්නම ඕනේ අවස්තාවක් ..
Deleteබින්දි,
Delete/ ආන්න කේන්දර විශ්වාස කරන්නම ඕනේ අවස්තාවක් .. /
ඇත්තෙයි? අඩේ ඔය කියනකල් මම දන්නෙ නෑ ඒ මහත්තැං ආයම කසාදයක් කරගත්තය කියල..හම්බෙච්ච වෙලාවක විස් කොරන්නෝන ....
//ඔය කේන්දරවල කියනදේවල් පස්සෙ ඇත්ත වෙන්ට තමන්ගෙම මනසත් බලපාන්ට පුලුවන්ය කියලත් මට වෙලාවකට හිතෙනව.//ඕක මටත් වෙලාවකට හිතෙනවග හැබැයි කේන්දරේ මෙන්න මෙහෙම තියනව කියල කවුරු හරි කිව්වොත් මට ඕනෙකම තියෙන්නෙ කොහොම හරි ඒ දේ බොරු කරල පෙන්නන්න.
ReplyDeleteදිලිනි,
Deleteඑහෙම උත්සාහ කරන එකේ අවුලකුත් නෑ. ඒත් කේන්දර බොරු කරන්න ඔයාගෙ මුළු උත්සාහයම යොදවනව කියන්නෙ එතන කේන්දරේ ඔයාගෙ ජීවිතයට කෙලින්ම බලපාලයි කියල හිතෙන්නෙ නැද්ද?
උදාහරණයක් කිව්වොත්..දැන් මගෙ ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටෙනවයි කියල හිතමු. මම හිතනව මෙහෙම..මට එයාව සම්පූර්ණයෙන් අමතක කරල දානව..මම කවදක හරි එයාට වඩා ලස්සන, උගත්, ගුණයහපත් කෙනෙක් බඳිනව.එහෙම හිතනවයි කියන්නෙම මම අර ගෑණු ළමය අමතක කරල නෑ. ගෑණු ළමයෙක් මනින මගෙ මිම්ම මගෙ බෙන්ච් මාක් එක තවම ඒ ලමය.මම කියන්නෙ අමතක කරනවනම් නිරපේක්ෂව අමතක කරන්න ඕන කියලයි.
අර තරුණියක් කරේ තියාගෙන දිය කඩිත්තකින් එගොඩ කරපු හාමුදුරුවො ගැන කියවෙන සෙන් කතාව අහල ඇති නේද? ඒකෙත් කියවෙන්නෙ මේකමයි කියලයි මට හිතෙන්නෙ.
අය්යෝ මේ කමෙන්ට් වලට ලයික් දාන්න විදියක් නෑනෙ බ්ලොග් වල.. නැත්තන් මම මේ කමෙන්ට් දෙකට ෆුල් ලයික්...
ReplyDelete-සෙන්නා-, උඹේ ඔය සෑස්තරෙන් බලලා කියහන්කො මේ පතරන්ගෙ ඉවර වෙන දවස ! :D
-බූරා-හැබැයි මට හිතට අල්ලලාම ගියේ අර රවියට වෙඩි තියන කෑල්ල තමා.. අනේ ඉතිං මේ යන විදියට ඕකට විජිතයම ඕනැන්නෙ නෑ, මේ බ්ලොග් එක කියවන පාඨකයෙක් හරි පාඨිකාවක් හරි ඔය වැඩේ ළඟදිම කොරනවා.. :D
අනිත් එක මේ කෑල්ලේ පොඩි අභව්ය ගතියක් තියනවා..
//.හැබැයි මම එන්නෙ නෑ කෝල් එකට ආන්සර් කරන්න එච්චරයි.."// ගෑල්ලමයෙක්ගෙ කෝල් එකක් මග අරින්න මේ රවි අය්යා? :O
මෙකුවීස්,
Delete/ අනිත් එක මේ කෑල්ලේ පොඩි අභව්ය ගතියක් තියනවා.. /
මට එච්චරම පිස්සු නෑ බොල..ඔය කොයි කෙල්ලටත් වැඩිය මට මගෙ අත පය හතර වටිනව..අන්න ඒ නිසයි මම මඟ ඇරල ගියේ...:) :)
රවී.......උඹ මේවාට උත්තරා දීපන් වහාම.....සුජා හරි විජිතයා හරි උත්තර දෙන්න ඉස්සෙල්ලා!!!
ReplyDeleteඅරූ,
Deleteඊයෙ හවස් වරුවම සහ අද උදෙත් ගෙදර හිටියෙ නෑ බං.. ඒකයි උත්තර පරක්කුව..:)
හෑ... මොකක්ද බොලේ මේ කතා ස්ටයිල් එක...
ReplyDeleteයසිත්,
Deleteමේකට කියන්නෙ මල්ලි... අතුණුබහන්, ඔට්ටපාල් නොහොත් මහා පතරංග ජාතක ඉස්ටැයිල් එක කියල...:)
කොහොම වුනත් රවී මේ කතාවේ මේන් ස්ටෝරිය අමතක නොකර දිගටම ලියන එක ගොඩාාාාක් අගය කරනවා..(නැත්තං කවිකාරිගේ ප්‍රේමය මේ පෝස්ටුවල කොහෙද තියේනේ කියලා ඇත්තු දාලාවත් හොයන්න බැරිවෙනවා ඇත්තමයි..)
ReplyDeleteටෙලිපෝං ලොක් කරන කේස් එක නම් කාලයක් අපේ ගෙදරත් තිබුනා..ඒත් කී පෑඩ් එක වටේට අලවලා තිබ්බ ඒ ලොක් එක හීං සැරේ ගලවලා කෝල් එක අරන් ආපහු අලවලා තියනවා..ඒත් ඒක ගොඩ දවසක් කරන්න වුනේ නෑ.. පස්සේ අම්මයි අප්පච්චියි දෙන්නම අපිට ඇති තරං කෝල් ගන්න කියලා ඕක ගලවලා දැම්මා..අපිත් මාසයක් දෙකක් ඇති පදං කෝල් අරං යාළුවන්ට නෑදෑයොන්ට කෝල් කලා..පස්සේ පස්සේ අපිටත් ඒක අපෝ වෙලා ගියා..!!
සුජාතා මෙච්චර මොනවද කියන්න තනන්නේ කියලා දැනගන්ට නම් මටත් කුතුහලයක් තියනවා.
රූ,
Delete/ (නැත්තං කවිකාරිගේ ප්‍රේමය මේ පෝස්ටුවල කොහෙද තියේනේ කියලා ඇත්තු දාලාවත් හොයන්න බැරිවෙනවා ඇත්තමයි..) /
ඔන්න ඕකනෙ වෙලා තියෙන්නෙ..බොලා මෙව්ව නිකං අර පොඩි කාලෙ හාවයි ඉබ්බයි ලබුකිරිබත් ඉව්ව කතාව..එහෙම නැත්තං නරිය මිදිවැල දිගේ දිවිය ලෝකෙට ගිය කතාව වගෙ කියල හිතන්ට එපල්ල..මේ ඇවිල්ල Postmortem කතා කලාව ආබාසයෙං ලියාපුව.
මෙව්ව තේරුං ගන්ට බාත, ෆූකෝ,ඩෙරීඩා, ලකාන්, ජීජැක් එහෙම කියවල එන්ට ඕන තේරුණේ?...කවිකාරිගෙ පේමෙ පේන්ට නෑය කියල උඹැහෙ නාහෙං ඇඬුවට බොල මේකෙ Subtext එක එහෙම නැත්තං යටි වගාව තනිකරම ඒක තමයි.. මුතු පොටක් අමුණා ඇත්තාවූ රිදී හුයක් මෙන් දිව යනව යටි වගාව තේරුණය?
අම්මාපල්ල නිවාඩුවක් හම්බුනාම බොලා ඔක්කෝටම දාන්ට ඕන නොමිලේ පංතියක් " පෝස්ට් මෝටම් කතා කලාවෙන් ලියවුනු කෘතීන් රස විඳීම සහ එහි යටි වගාව වටහා ගැනීම" කියල නැත්තං හරි යන්නෙ නෑ මේ සෙල්ලම...
රවීට කියන්ට මේ වගේ උත්තරවලට මොකවත් කියලත් බෑ නොකියත් බෑ..!!
Deleteඔය කියන නොමිලේ පංති දැමිල්ල නම් මං තඹ සතේකට විස්වාස කරන්නෑ..රවීගේ දෙන්නම් කාසි වලින් හෙම්බත් වෙලා දියබත්වෙලා පත්තියං වෙලයි ඉන්නේ..
වී වගාව ඔය පෝස්ට් මොටම් කලාව ගැන නම් ඉගෙන ගතයුතුයි කියලා හිතෙනවා..ඒක නිසා රවී පංති දාන්ට සති දෙක තුනකට කලින් කියන්ට මම පෝස්ටර් ගහලා සෙනඟ ගෙන්නලා දෙන්නං...
රූස්,
Deleteඅඩේ අන්න මරු..ඕගනයිස් කරපං ක්ලාස් එක..බොට නොමිලේ..හෙහ්, හෙහ්, අන්න එහෙමයි අපි..
මාතලේ ටවුන් හෝල් එක ගන්ට බැරිවෙයිද? මයෙ සරන මංගල්ලෙ ගත්තෙත් ඕකෙ..හෙහ්, හෙහ්, අර නුග ගහක් ගැන මම කිව්ව නේද? විජිතය එල්ලෙනව කියල..ඔය ඒ ඉස්සරහ තිබ්බ නුග ගහ ගැන තමයි මම ඒ කිව්වෙ. දැන්නම් ඒක තියනවදත් මන්ද...
අනේ යන්න රවී ය්න්න..බොලාගේ සරණ මංගල්ලේ වේදිකා නාට්ටියක් යැයි ටවුන් හෝල් එකේ තියන්ට..(මේ විදියට යනකොටම එහෙම වෙන්නත් බැරි නෑ හැබැයි..සඳා අක්කගෙන්ම තමයි අහලා බලන්න ඕනෑ)
Deleteඊටත් ටවුන් හෝල් එක ඉස්සරහ තියේනේ බෝගහක්...ඔය කියන්නේ තානායම වෙන්න ඕනෑ..ඕක ඉස්සරහ නම් නුග ගස් පේලියක්ම තියනවා විජය කොලීජිය ළඟට යනකම්ම..
ක්ලාස් එක තියන්ට න මාතලේ හෝල් එකක් මදිවේවි..නුවර තරුණ බෞද්ධ මන්දිරේ වත් වෙන්කරන්න වෙයි වගේ..!!
රූ,
Delete/ අනේ යන්න රවී ය්න්න..බොලාගේ සරණ මංගල්ලේ වේදිකා නාට්ටියක් යැයි ටවුන් හෝල් එකේ තියන්ට../
ඕන්න ඉතිං ඕකනෙව කියන්නෙ..ඇත්තමයි බොල..වෙඩිම තිබ්බෙ ටවුන් හෝල් එකේ තමයි…
/ ඊටත් ටවුන් හෝල් එක ඉස්සරහ තියේනේ බෝගහක්...ඔය කියන්නේ තානායම වෙන්න ඕනෑ /
අඩේ එහෙනං නුගේ කපල දාල එතනෙ බෝ ගහක් හිටවන්ඩ ඇති ඊට පස්සෙ.
ඔය කේන්දර කතාව කියනකොට මටත් පුංචි අත්දැකිමක් තියෙනවා. හැබැයි මමත් ඕක එච්චර ගනන්ගත්තෙ නැතිවුණත් ඇත්තක් තියෙනවා.
ReplyDeleteමම අපේ උන්දැත් එක්ක එය වගේ පළාතෙ ප්‍රසිද්ධ දෛවඥයෙක් හම්බ වෙන්න ගියා මනුස්සයා ඔය අනං මනං කතාබහට බොහොම කැමතියි. ඊට පස්සේ මම ආ කාරයි පැත්තක තියා ඔය නක්ශාස්ත්‍රය ගැන ඒව මේව ගැන කතාකරන ගමන් මම නිකමට වගේ පර්ස් කොලෙකෑල්ක ලියල තිබුණ උපන්දිනේකුත් එක්ක උපන් වෙලාවක් දුන්නා.
මේ මනුස්සයා වියපත් උගත් කෙනෙක් නිසා ටිකක් වෙලා ඒ උපන් වෙලාව දිහා බලාගෙන ඉඳල ඒක අදාල පුද්ගයගෙ විස්තර දෑහින් දැක්ක වගේ කියන්න ගත්තා. ඔක්කොම කියල කියල අන්තිමේදි කිව්වා මේ ජීවතුන් අතර ඉන්නවනම් සක්විති රජෙක් වගේ බැබලෙනවා රටේ ඉාතම ප්‍රසිද්ධ කලාවට සංගිතයට ආදරේ කරන රූපයක් තියෙන කෙනෙක් විය යුතුමයි කියලා.
ඔය තාබහ අන්තිමේදි මට අදාල නොවුනත් කියපු සියලු දේවල් හරි.. ඊන්පස්සේ ඔහු මගෙන් ඇහුවේ කාගෙද ඒක කියල. ඒ වෙනින් කවුරත් නොවයි වික්ටර් රත්නායකගේ උපන් වෙලාව. ඔහුගේ පොතක තිබිල හම්බ වුනේ. ඔන්න ඔහොමයි ඒ සිද්දිය.
රවීගෙ නිදහස් සිතුවිලි කියනකොට කතා ඇතුලෙ කතා තියන තරමට තමයි රසය දැනෙන්නෙ.
දයා,
Deleteඑකඟයි ඔබ හා සමඟ, අපි විස්වාස නොකලට මේ ලෝකෙ අපි නොදන්න දේවල් බොහොම තියනව.ඊයෙ අපිට කොහොමවත්ම තේරුම් ගන්ට බැරිවෙච්චි දේවල් හෙට සාමාන්‍ය දේවල් පොඩි දරුවෙකුටත් තේරෙන. එහෙම තමයි ඒකෙ හැටි.
ඒ නිසා කේන්දර සම්බන්ධයෙන් මගේ අද ස්ථාවරය මේකයි.
ඇත්ත... මගෙ කේන්දරේ අනුව කියාපු පලාපල කීපයක් හරියටම හරි. ඒත් ඒ වගේම පට්ට බොරු වෙච්ච එව්වත් තියනව. ඒ නිසා මම ඉගෙන ගත්තු සාස්තරේ අනුව අර හරිගිය එව්ව හුදෙක් අහම්බෙන් හරිගිය අනාවැකි කියල මම උපකල්පනය කරනව. ඒ මගේ මතය අසත්‍යයයි කියල ඔප්පුවෙන්ට තරම් සාධක මට ලැබෙනතුරු ඒ තමයි මගේ ස්ථාවරය.....එතෙක් ඒ පිළිබඳව විවෘත මනසකින් යුතුව හිඳිනෙමි. :)
aiyo kauda hituwe Ravi aiya ochchara bayai kiyala......lajjawe ba.....apo man hituwe Ravi aiya gahai kiyala vijitayata nikan gemba thalanawa wage...............monada ane.......mata nam kalin kotas kiyawala hitan hitiye ara kiwwa wage oyai sujagei wedding 1 dawase ra vijitaya enawa loku marayo godak 1ka.....awilla Ravita pitipassen oluwata gahala....sujawa paharagena gihin badala dala wate gini tiyanawa...Ravi le perana gihin ethana inna marayo 200kta witara gahala Sujawa beran enna puluwan kenek kiyala.......
ReplyDeletenattan onna wedi thiyanna yanakota 1 aten gahai kiyala ate tiyana tuwakkuwa wisi wenna nattan nuga gahe ellenna yanakotama wedding1 cake kapana
pihiyen gahi kiyala atha idalama niyama ilakketa lanuwa kapila Vijitaya nomari berenna....anna ehemai api Ravi aiya gana hitan hitiye.....
Sacheers,
Deleteහුහ්..බය???? කව්ද බොල බය?? මයෙ සද්දකෝසෙ නෑ ඔය බය කියන වචනෙ තේන්නාද?....බයට නෙවෙයි බොල ඒ ඇවිල්ල මගෙ මහා කරුණාගුණෝපේත උපේක්ෂාව..හරිය?...මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා....ආන්න එහෙමයි තේරුණය?
උඹේ පරිකල්පන සක්තිය නම් උපරිමයි හරි? මරේ මරු...කලිනුත් මට මතකයි අර විජිතයගෙ පස්චාත් බාගයට පා පහරක් එල්ල කිරීම සම්බන්දයෙන් උඹ අපූරු කමෙන්ට් එකක් ලිව්ව...හෙහ්,හෙහ්,
පිහියෙ කේස් එක මෙහෙමලු ඔන්න ...
උඩරට චාරිත්‍රානුකූලව මුළු ඇඳුමින් සැරසී පෝරුවට නැඟි මම නලල් පට සත්මාල පැළඳ සුන්දර සිනහවකින් මුව සරසාගෙන හුන් සුජා දෙස බලා සිනාසුනෙමි. ඇගේ සුන්දරත්වය මා දෙනෙතට කඳුලක් ගෙන ආවේය. ඒ සඳහාම පැමිණ සිටි වැඩිහිටියාගේ විධානයෙන් සියළු චාරිත්‍ර අවසන් කල ඉක්බිති නියමිත නැකත් නොඉක්මවා අප දෙදෙන පෝරුවෙන් බැස්සෙමු.
" දැන් මොකක්ද?" මම ඇගේ කණට කෙඳිරීමි.
" කේක් කපන්ටයි තියෙන්නෙ.."සුජා හෙමිහිට කිව්ව...පිහියත් දකුණු අතට අරගෙන ඔන්න මම ලෑස්ති උනා වැඩේට....
එතකොටම වටේ පිරිල හිටිය සෙනඟ එක පාරට කෑගහන්ට ගත්ත. සුජාත් " අනේ රවී..." කියල කෑගැහුව සද්දෙ මයෙ කන් විනිවිද ගියා. මම ඔලුව උස්සල බැලුව. මම කලින් කිව්වද මන්ද අපෙ මංගලෝත්සවේ පවත්තපු සාලාව ඉස්සරහ රූස්ස නුග ගහක් තිබ්බය කියල..හරි කොහොම හරි එහෙම එකක් තිබ්බ. තිබ්බයි කියන්නෙ දැනුත් තියනව. සාලාවෙ මහ දොර පලු දෙකම හෑයි ගාල ඇරල දාල හින්ද කෙලින්ම බැලුහම එක එල්ලෙ පේන්නෙ ඔය මම කිව්ව වනස්පතිය.
මඟුලට ආපු යාලු මිත්‍රයො ඔක්කොම ඒ දිහා බලාගෙන කැක් ගහන්ට ගත්ත. නුහේ පාතම අත්තෙ ගැට ගහපු ලණු පටක එල්ලිල හෙමිහිට පැද්දි පැද්දි හිටියෙ විජිත. මූණ නිල් පාටවෙලා දිව එහෙම තාම දොට්ට පැනල නෑ. ඒ කියන්නෙ මේ මොහොතකට ඉස්සෙල්ලයි මේ යස්සය බෙල්ලෙ වැල දාගෙන තියෙන්නෙ.
මම ඔය අතන මෙතන නොකිව්වට අපෙ අත්තම්ම ඇවිල්ල සුදලිය පරම්පරාවෙං කෙලිම්ම පැවත එන ඇත්තියක්. දන්නවනෙ සුදලිය පරම්පරාව නේද? සුදලිය සහ මරුවල්ලිය..ඒ කියන්නෙ කන්ද උඩරට නරේන්ද්‍රසිංහ රජ්ජුරුවංගෙ කාලෙ හිටපු සුප්‍රසිද්ධ අංගම් පොර ශිල්පී පරම්පරා දෙක. අත්තම්ම මම කිරෙං ඇරිච්ච කාලෙ ඉඳලම මට ඔය සාස්තරේ කියල දුන්න අකුරක් නෑර. ඒ හින්ද ඔය කාලත්‍රයේ තීර්ථ යාත්‍රණය, අදිසි වෙස් ගැනීම. චිත්ත ගාමනය වගෙ එව්ව මට බොහොම සුලු දේවල්.
Deleteකෙලිම්ම අතේ තිබ්බ කේක් කපන්ට ගත්තු පිහිය දමල ගහල විජිතය එල්ලිල හිටපු ලණ්ණ කපා දාන එක මට බොහොම සුළු දෙයක්. නිකම්ම දමල ගහන්ට නෙවෙයි මට ඕන නම් පුළුවන් ආපහු හැරිල පිටුපාල ඉඳල දෙපරැන්ද අස්සෙං පිහිය දමල ගහල ඒ වැඩේ කරන්ට..ඇසුත් පියාගෙන...හෙහ්, හෙහ්,
ඒත් මම කැමති උනේ නෑ ඒ වගෙ ප්‍රදර්ශනාත්මක වැඩක් කරන්ට. එහෙම කරන එක අංගම් පොර සාස්තරේටත් කරන අගවුරවයක්. ඒ ලඟම තිබ්බ මේසෙ උඩ තිබ්බ මල් පෝච්චියෙං මම හෙමිහිට ගත්ත සුදු රෝස මලක්. අපෙ අත්තම්මව සිහිකරල උන්දැට පිං දීල උන්දැ කියාදුන්නු විදිහට ඇස් පියාන එතනම ධ්‍යානයට සමවැදිල වැදුන. එහෙම ධ්‍යානයට සම වැදුනම ඕනම අජීවී වස්තුවක් තමට ඕන විදිහට හසුරුවන්න පුලුවනි. අර කලින් කියාපු රෝස මල මම හෙමිහිට ඉහලට වීසි කලා. සුජා ඇරෙන්න කවුරුත් දැක්කෙ නෑ මම කරපු දේ. ඔක්කොමල ඉස්සරහ දොර ගාව පොඩි කනව කෑගගහ. සුජා ඇස් ලොකු කරගෙන මා දිහා බලා උන්න.
මගෙ ආධ්‍යාත්මික බලයෙන් ඔන්න රෝස මල පාවෙලා ගියා කෑගහන දඟලන මිනිස්සුන්ගෙ ඔලු වලට උඩින් .කවුරුවත්ම දැක්කෙ නෑ . පාවෙලා පාවෙලා ගිහිල්ල නුග ගහේ උඩ කොල අතර හැංගිලා හිටපු කටුසු තඩියෙක් ගාවට ගියා. ගිහිල්ල ඌට එහෙං මෙහෙං අනින්ට පටන් ගත්ත. නටුවෙ කටු තියනවනෙ..එව්වයිං ඇන්න..ඌව හීරුව..කටුස්සට මේ මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරුව එහාට මෙහාට දිව්ව. ඒත් රෝස මල ඇරියෙ නෑ. කටුස්ස පස්සෙම ආව.
අන්තිමට මල පැනල කටුස්ස විජිතය එල්ලිල හිටපු අත්ත දිගේ දිව්ව. ඒත් ඔන්න රෝස මල පස්සෙං එනව. ඒ ගමන කටුස්ස බේරෙන්ටම බැරි තැන විජිත එල්ලිල හිටපු ළණුව දිගේ ඇවිල්ල කලිසම අස්සට රිංගුව. මූට බුදු මලනෙ දැං...අප්පටසිරි විජිතයගෙ නරක තැනම කාපි මූ. විජිතයට ඔය වෙනකොට බාගෙට පන ගිහිල්ල තිබ්බෙ. එඋත් ඔය නරක තැන කටුස්සෙක් හැපුවම බාගෙට පන ගිය එවුන්ට උනත් ආයම පන එනව. විජිතය දුන්නක් වගෙ නැමිල මරු විකල්ලෙං දැඟලුව. ඒ දැඟලිල්ලට ඔන්න ලණුව කැඩිල මේකා ඇදගෙන වැටිච්චි පල්ලෙහා තිබ්බ බෝගන්විලා පඳුරක් උඩට දේයි ගාල.
ඒ වැටිච්චි පාරට කටුස්ස යට උනා විජිතයගෙ පුකට. ඌට තවත් මල පැන්න. පැනපු ගමං පුකෙං කෑල්ලක් කඩල ගත්ත. විජිතය " මයෙ කිරි බුදු අම්මෝයි " කියල කැක් ගහපු පාර මයෙ හිතේ වෙඩිං හෝල් එකේ උළු අටක් බිමට වැටුන. බෝගන්විලා පඳුරෙං නැඟිට්ට විජිතය බෙල්ලෙ ලණුවත් එහෙම්මම තියෙද්දි ගේට්ටුව උඩිං පැන්නෙ ඩේරන් රොබ්ලේස් ලන්ඩන් ඔලිම්පික් එකේ කඩුලු පැන්න වගෙ.ඊට පස්සෙ ඌ දිව්ව දිවිල්ලක් ඈත ක්සිතිජයෙ දූවිලි වලාවක් විතරයි පේන්ට තිබ්බෙ.
උසේන් බෝල්ට් ගොයිය එහෙම ඒ වෙලාවෙ එතන උන්නනං කටත් ඇරගෙන විජිතය දුවන බලා ඉන්නෙ...අම්මාපල්ල..
ප.ලි - මඟුලෙම් පස්සෙ මට ගෙවන්ට උනු බිලේ අන්තිම අයිටම් දෙක ඇවිල්ල බංගදෙණිය උළු කැට අටක කොස්ට් එක සහ දම්පාට බෝගන්විලා පඳුරක කොස්ට් එක. ඒත් කමක් නෑ උළුයි බෝගන්විලායි වගෙද ජීවිතයක්...
wow...mal hataine aiye......maka kiyawaddi maha haiyeen hina wela thawa podden job1nuth eliyata danawa......Pissu kiyala................hoda welawata Kassak awa wage boruwak dala hinawa nawatta gatte.....Niyamama Niyamai meka...........
DeleteSacheera,
Delete/ .maka kiyawaddi maha haiyeen hina wela thawa podden job1nuth eliyata danawa...../
හරි බං ඒක ඇත්ත නෙව..මිනී පෙට්ටි සාප්පුවක වැඩ කරද්දි බක බක ගාල හිනාවෙන එක හරි නැහැ..
මොකද ඔතනට මිනිස්සු එන්නෙ තමංගෙ කවුරුහරි කිට්ටුම ඥාතියෙක් නැත්තං හිතවතෙක් අන්තරාවෙලා බොහොම දුක්බරව. ඒ වෙලාවෙ බොලා එතන කැකිරි පලමිං ඉන්නව දැක්කම එවුංට අප්සෙට්..ඒ හින්ද රාජකාරියෙ යෙදිල ඉන්දැද්දි හිනහ වෙන්ට එපල්ල...
//. මගෙ කේන්දරේ අර කියල තිබ්බනෙ ටිකක් සිහිය එහෙ මෙහෙ වෙන ළකුණු තියනවයි කියල. //එහෙම කෙනෙක් විතරයි මං හිතන්නෙ බ්ලොග් නොලියන්නෙ..දැං ඒකත් හරි ..... හික් හික් (ආපු මුල්ම දවසේ මෙහෙම කියන එක හරිද මංදා ) :D :D
ReplyDeleteඔය කේන්දර ගැන කියනව නම් අපි අඳුරන අක්කා කෙනෙක්ගේ අම්මලා කොල්ලට කැමති නැතුව ඒ දෙන්නගේ සම්බන්ධේ කඩන්න බැරිම තැන මොකද කලේ? හැදුවා කේන්දරකාරයට කියලා බොරු ලොට් එකක්. ඒ දෙන්නා බැන්දොත් අනිවාර්යෙන්ම කෙල්ල මැරෙනවා කියලා.ඒක අහපු කොල්ලා කීවා එහෙනම් බඳින්න බෑ කියලා.
ටික දවසකින් දෙන්නා හොරෙන් වෙන කෙනෙක් ලව්වා වෙලාවල් දෙක බැලෙව්වා...බොරු ටික නිකම්ම අහු උනා....දැං දෙන්නා බැඳලා නියමෙට ඉන්නෙ ඔය..
රෙහාන්ස්,
Delete/ එහෙම කෙනෙක් විතරයි මං හිතන්නෙ බ්ලොග් නොලියන්නෙ..දැං ඒකත් හරි ..... /
පිස්සුද බොල? මේකෙ මේ බොලොග් ලියන එවුංගෙං සීයට අනූනමයකගෙ සිහිය එහෙ මෙහෙ වෙලයි තියෙන්නෙ..හෙහ්,හෙහ්. එකම වෙනස උං දන්නෙ නෑ එහෙම වෙලයි කියල..මම අඩුගානෙ ඒ කාරණේ දන්නව සහ ඒක නිහතමානීව එකහෙලා පිළිගන්නව.....
/ හික් හික් (ආපු මුල්ම දවසේ මෙහෙම කියන එක හරිද මංදා ) :D :D /
අයියෝ ඒකෙ නොමැතිය කිසිදු අවුලක්..ඉස්සෙල්ලම ආපු දවසෙම කියන්ට තියනදේ කියන එක බෝම හොඳ ගතිලක්සනයක්...වෙරි ගූඌඌඌඩ්ඩ්ඩ්ඩ් වෙරි ගූඌඌඌඩ්ඩ්ඩ්ඩ්
අනේ මට බෑ මේකට කමෙන්ට් කරන්න
ReplyDeleteසයුරීස්,
Deleteහෙහ්, හෙහ්..මොකෝ බොල එහෙම කියන්නෙ? කොමෙන්ට්ස් කියෝල මොලේ මඤ්ඥ්ඤ්ඥ්ඤං උනාය?...එහෙමත් නැත්තං විජිතයගෙ හොල්මනට බය උනාය?
රවි අයියේ.. මොකෝ බං පරක්කු...
ReplyDeleteThisara,
Deleteඅනේ සමාවෙන්ටෝන බුදු මලේ, ආයම ඔලුව උස්සන්ට බැරි වෙන්ට වැඩ බං..ඒත් ඇරියෙ නෑ..මිඩ් නයිට් ඔවිල් බේනිං කොහොමහරි ලියාගෙන ලියාගෙන ගියා. මේක ඇවිල්ල අන්තිම , පයිනල් ලාස්ට් එපිසෝඩ්ඩෙක නෙව. කියන්ට තියන එව්ව ඔක්කොම කියන්ටත් එපාය. කලයිමැක්ස්සෙක...හුදී ජනෙයාට තේරෙන බාසාවෙං කිව්වොත් සුරතාංතෙ..ඒ නිසා ලියන්ට එපාය මවිල් කොවිල් වෙන්ට..
ඕන්න ඔහොම වික පුකාගෙන හව දිපාගෙන ලියාන ලියාන යද්දි අප්පටසිරි ගජ නැන්දට කජුමද...ඉතාම වැදගත් සිදුවීමක් උනානෙ. අන්තර්ජාතික එකක්. ඒ ගැන නම් මලේ නොලියාම නොහැක්කෙමි. ඒ නිසා කයිකාරිගෙ පේමෙ සුට්ටකට කොට්ටෙ යට තියල ඒක ගැන ලියන්ට ගත්ත. හරි නෝ ප්‍රොබ්ලම්..මේ සතියෙ අනිවා ඩෙෆා බඩු දෙනව..අම්ම්මපල්ල..කිව්වොත් අම්මාපල්ලම තමයි.
>>ඇත්තම කිව්වොත් මගෙ කේන්දරෙත් කියල තියනව සිහිය ජුංඩක් විතර එහා මෙහා වෙන්ට ඉඩ තියනවයි කියල. <<
ReplyDeleteඇත්තම කිව්වොත් අපි කේන්දර බලලා නෙවෙයි කසාද බැන්දෙත්. ඒත් මම ඉහත කී වාක්‍යය කියවපු සැනින්ම, මම කේදර විශ්වාස කරන්න ගත්තා.
කේදර පට්ටපල් ඇත්තනේ ඕයි!
ස්තූතියි හෙන්රි, දාහක් වැඩ අස්සෙ අපිවත් මතක් වෙන එකට..:)
Delete