Wednesday, September 10, 2014

279. සඳ සහ ඔබ…Moon & You….

Google Images
සඳවත යට හමුවුණු එදවස විල්දිය මත, 
නළලත සිප සමුගත්දින මතකයෙ තව ඇත,
හදවත ගැහෙනා තුරු හිඳ සිඳු රල පෙල මත,
නෙතුමත ඇඳි සුපුල් රුවක අරුමය නොමැකෙත,


Sorrow would slowly become a recurrent ache,
Heart suddenly becoming a whirling storm,
Memories would never ever go away,
What is forgotten is not worth remembering,

පිණිබිඳ වට සියපත් මත රැඳෙනු නොහැකි සඳ,
පිරිසිඳ මල්පෙති අග නිල්දියට පතිත වන,
විසිරිත තරුකැටවන් කණමැදිරි පුළිඟු දැක,
සිහිනෙක ගෑ සුවඳක් සේ ඔබ වත සිහිවෙත,

Shimmering halo of a waxing moon,
Ligting up those crags thro' haze,
With falling starlets streaking no end,
We parted never to meet again,

කඳුලක බර නෙතට දැනුනු කල ඉක්මුනු සඳ,
සුසුමක උණුසුම විඳගමි දෙනෙත් පියා හිඳ,
කඳු මුදුනක කලා සොලස සපිරුනු සඳ හිඳ,
සෙනෙහෙ මතක යලිදු ගෙනෙයි පුරුදුයි දුක විඳ,

විශේෂ ස්තූතිය - දිල්ට

9 comments:

  1. ෂා .....ලස්සන කවි ටික.................මං හිතුවේ බ්ලොග් 1 නිල් පාට උනේ රන්දිල් අක්කාගෙන් බ්ලොග් 1 තනි අයිතියට ගත්තු බව පෙන්නන්න කියල...........මොකද ඉතින් නිල් පාට ඉතින් පිරිමි අයගේ පාටනේ .............................

    ReplyDelete
    Replies
    1. සචිනි,

      ඔන්න තව එකක් ඒ පාර....අහවල් නිල්පාටක්.....හෙහ්,හෙහ්,

      Thanks Madam....:)

      Delete
  2. Replies
    1. මහේෂ්,

      ස්තූතියි මහේෂ්.....:)

      Delete
  3. සුපර් ෂොට්..

    ඉංගිරිස් කෑලි ටික වෙනම තිබ්බනම් හොඳඳ කියලත් හිතෙනවා...

    අවුලක් නැහැ...

    ReplyDelete
    Replies
    1. දෙවෙනි විභීෂණ,

      හෙහ්, හෙහ්, එහෙම හිතෙනවය?....ස්තූතියි විභීෂණ!!

      Delete
  4. ලස්සන කවි ටික..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      බොහොම ස්තූතියි මල්ලි...:)

      Delete
  5. සඳ තරමට හැඩ නැති මුත් තරු රෑ අහසට
    තනි තරුවක්වත් කම් නැහැ සඳ නැති දවසට
    සඳ තරමට හිත ගත්තේ නැති මුත් තරු කැට
    තනි මගේ ලග තනියට නැහැ සඳ නම් පෙර ලෙස

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...