Wednesday, December 3, 2014

292. සුබ ගමන් ෆිලිප් හියුස්.. Good Bye Phil!!

Phillip Hughes

ඕස්ට්‍රේලියාවේ ෂෙෆීල්ඩ් පළිහ සඳහා පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත තරඟාවලියේ නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරඟය පසුගිය නොවැම්බර් 25 වෙනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹෙද්දී ඒ තරඟය සුවිශේෂී තරඟයක් වෙතැයි කිසිවකු නොසිතන්නට ඇති. දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා. ඔවුන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසියේ ෆිලිප් හියුස්. පස්වරු 2.23 වන විට ඔවුන්ගේ කඩුළු දෙකක් බිඳවැටී ලකුණු සංඛ්‍යාව 136 ලෙස සටහන් වෙද්දී බවුන්සර්  පන්දුවක් හිසේ වැදීමෙන් හියුස් තණතිල්ල මත සිහිසුන්ව ඇදවැටෙනවා. වහාම ඔහු රෝහල්ගතකොට සැත්කමකට භාජනය කලද දින දෙකක් සිහිසුන්ව ගතකල ෆිල් සිහිසන් නොලබාම මියයනවා.



මේ ඔහු අවසන් වරට සහභාගීවූ තරඟයේ ලකුණු සටහන එහි ෆිලිප් හියුස්ගේ නමට ඉදිරියෙන් සටහන් වනුයේ නොදැවී ලකුණු 63 යනුවෙනි.ලකුණු පුවරුවෙහි එසේ සටහන් වුවද ෆිල් හියුස් ක්‍රිකට් ලෝකයෙන් පමණක් නොව සමස්ත ලෝකයෙන්ම සමුගෙන අවසන්.

Sheffield Shield
New South Wales v South Australia
Match drawn
First-class match | 2014/15 season
Played at Sydney Cricket Ground
25,26,27,28 November 2014 (4-day match)
South Australia 1st innings  R B 4s 6s SR
PJ Hughes not out 63 161 9 0 39.13
MJ Cosgrove c O'Keefe b Lyon 32 68 6 0 47.05
CJ Ferguson c †Haddin b Bollinger 28 41 4 0 68.29
TLW Cooper not out 5 22 0 0 22.72
Extras http://i.imgci.com/spacer.gif
(lb 6, w 1, nb 1)
8
Total (2 wickets; 48.3 overs) 136

Did not bat TM Head, TP Ludeman†, J Botha*, JM Mennie, A Zampa, CJ Sayers, DJ Worrall
Fall of wickets 1-61 (Cosgrove, 23.4 ov), 2-122 (Ferguson, 40.1 ov)
Bowling M R W Econ
MA Starc 3 24 0 2.4 (1nb)
DE Bollinger 1 32 1 3.2 (1w)
NM Lyon 5 31 1 2.06
SA Abbott 3 29 0 3.05
SR Watson 1 5 0 1.66
SNJ O'Keefe 0 9 0 9


ඔහුගේ අවමංගල්‍ය උත්සවය අද ඔහුගේ උපන්ගම වන නිව් 
සවුත් වේල්ස් හි මැක්ස්විල් ප්‍රදෙශයේදී පැවැත්වෙනු ඇති.



ෆිලිප් මියගියේ ඔහුගේ 26වන උපන්දිනයට දින තුනක් තිබියදීයි.


Good Bye..Phil!!!!! May you have the chance to play a longer innings wherever you are….


ක්‍රිකට් පිටියේ සිදුවන අනතුරු වලින් මියයාම් එතරම් සුලභ නොවුනත් ඔබ සිතන තරම් දුලබද නැහැ. ෆිලිප් මියයාමෙන් දින තුනකට පසු පසුගිය නොවැම්බර් 30 වන දින ඊශ්‍රායලයේ පැවති අන්තර් සමාජ ක්‍රිකට් තරඟයකදී පන්දුව හිසේ වැදීමෙන් විනිසුරුවරයකු මියගියා. ඔහු Hilel Avasker. ඊශ්‍රායෙල් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්.


අසූවන දශකයෙ මුල් භාගයේදීත් මෙවන් මරාන්තික අනතුරක් සිදුවූවා ශ්‍රී ලංකාවෙදි.ඒ ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායමේ ක්‍රීඩකයකුවූ මලික් අලස් මියයාම... ඩී.එස්. සේනානායක විදුහලේ සහ ගේට්වේ අධ්‍යාපන ආයතනවල නිර්මාතෘ ආර්.අයි.ටී.අලස් මහතාගේ පුතෙකුවූ ඔහු අරවින්ද ද සිල්වාගේ සමකාලිකයෙක්. 

ඉන්දීය ක්‍රීඩක රමාන් ලම්බා බංග්ලාදේශයේ අන්තර් සමාජ තරඟයක පන්දු රකිද්දී පන්දුව හිසේ වැදීමෙන් මියගියා. ඒ 1998 පෙබරවාරි 23 වනදා. 

පකිස්තාන් ක්‍රීඩක වසීම් රාජා සහ එංගලන්ත ක්‍රීඩක විල්ෆ් ස්ලැක්...ඔවුන් මියගියේ ක්‍රිකට් පිටියේදීවුවත් ඒ මරන වලට සෘජුවම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයැයි කියන්නට අපහසුයි. වසීම් හෘදයාබාධයකිනුත් විල්ෆ් හඳුනානොගත් රෝගයකිනුත් මියගියායැයි කියලයි සඳහන් වන්නේ. 

ක්‍රිකට් පිටියේ සිදුවූ මෙවන් මාරාන්තික නොවූවද දරුණු ගණයේ ලා සැලකිය හැකි අනතුරු බොහෝයි. 1975 පෙබරවාරි මාසයේ නවසීලන්තයේ වෙලිංටන් නගරයේ පැවැත්වුනු එංගලන්ත- නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරඟයේදී නවසීලන්ත අවසන් පිතිකරු එවන් චැට්ෆීල්ඩ් එංගලන්ත පිලේ වේග පන්දු යවන පීටර් ලීවර් එවූ පන්දුවක් නලලේ වැදීමෙන් මරණාසන්න තත්වයට පත්වූවා. සිහිසුන්ව ක්‍රීඩාපිටියේ ඇදවැටුනු ඔහුගේ දිව ගිලී ස්වසන මාර්ගය අවහිරව මොහොතකට හෘදය ක්‍රියාකාරිත්වයද ඇනසිටි බව වාර්තා වෙනවා. වර්තමානයෙහි මෙන් එදවස ක්ෂණික වෛද්‍ය පහසුකම් විරලවූ අතර ඉවාන් ගේ ජීවිතය බේරී ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ භෞතවේදඥවරයා වහා ඔහුට කෘත්‍රිම ශ්වසනය ලබාදීම හේතුකොටගෙනයි. 

1975 වසරේ ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සනභාගීවූ දෙවන තරඟය ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. ඉලක්කයවූ ලකුණු 329 හඹායන ශ්‍රී ලංකාව තරඟට පරාජය වූයේ ලකුණු 52 කින්. එහෙම උනෙත් සුනිල් වෙත්තමුණි සහ දුලීප් මෙන්ඩිස් ජෙෆ් තොම්සන්ගේ පන්දු ප්‍රහාර හමුවේ තුවාල ලබා පිටියෙන් ඉවත්වූ නිසයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 60 තුලදී කඩුළු 4 දැවී ලකුණු 276 
ලබා ගන්නවා. 



වැදගත් - තොම්සන් යනු දැනට ලොව බිහිවූ වේගවත්ම පන්දු යවන්නා වන අතර 1975 වසරේ පර්ත් නගරයේ පැවති ඕස්ට්‍රෙලියා - බටහිර ඉන්දීය දෙවන ටෙස්ට් තරඟයේදී ඔහු පැයට සැතපුම් 100.6 වේගයකින් පන්දු යැවූ බවට ගණනය කොට තිබෙනවා. ( මෑත කාලීන වේග පන්දු යවන්නන්ගෙන් තොම්සන්ගේ වේගයට ආසන්නව පන්දු යැවූයේ පකිස්ථානයේ ෂොයේබ් අක්තාර් පමණි. එක් වරක් ඔහුගේ වේගට පැ. සැ. 100 ලෙස ගණනය කොට ඇත. ) 

Thomson
කඩුලු අතර දුර යාර 22 පමණක් වන විට ඔහුගේ අතින් ගිලිහෙන පන්දුව පිතිකරු කරා ළඟාවීමට ගතවන කාලය කොපමණ විය හැකිද? අසුරු සැණක් යනුවෙන් සඳහන් වන්නේ එවැන්නකට විය නොහැකිද? තොම්සන්ගේ පන්දුව පිතිකරු කරා ලඟාවීමට ගතවන්නේ තත්පර 0.45 පමණයි. ඒ කාලය ඇතුලත් පිතිකරු පන්දුව දර්ශනය කොට එය බවුන්සරයක්ද, යෝකරයක්ද,  යන්න උපකල්පනය කොට  ඊට සුදුසු පහරක් තීරණය කොට පන්දුවට පහරදිය යුතුයි. එදවස ආරක්ෂිත හිස් වැසුම්, Thigh Guard සහ Arm Guard නොතුබුනු අතර තම කඩුල්ල සහ ඒ හා සමඟම ජීවිතය බේරාගැන්මට පිතිකරුවා අත තිබූ එකම ආයුධය නම් අඟල් 4.25 පලලින් යුතු පිත්ත පමණකි.


Sri Lanka Innings ( target 329 runs from 60 overs )




R B 4s 6s SR
SRD Wettimuny Retired hurt 53 102 7 0 51.96
ER Fernando† bThomson 22 18 4 0 122.22
B Warnapura st†Marshb Mallett 31 39 5 0 79.48
LRD Mendis retired hurt 32 45 5 0 71.11
APB Tennekoon* bIM Chappell 48 71 6 0 67.6
MH Tissera cTurnerbIM Chappell 52 72 7 0 72.22
AN Ranasinghe not out 14 18 3 0 77.77
HSM Pieris not out 0 3 0 0 0
Extras (b 6, lb 8, w 8, nb 2) 24
http://i.imgci.com/spacer.gif

Total (4 wickets; 60 overs)   276

Did not bat ARM OpathaDS de SilvaLWS Kaluperuma

Fall of wickets 1-30 (Fernando), 2-84 (Warnapura), 2-150* (Mendis, retired not out), 2-164* (Wettimuny, retired not out),3-246 (Tennekoon), 4-268 (Tissera)
Bowling M R W Econ
DK Lillee 0 42 0 4.2
JR Thomson 5 22 1 1.83
AA Mallett 0 72 1 6
KD Walters 1 33 0 5.5
MHN Walker 1 44 0 3.66
GS Chappell 0 25 0 6.25
IM Chappell 0 14 2 3.5




ඒ දවස්වල ඔය මොකක් හරි විදේශීය සඟරාවක තිබිල මම කියවපු කතාවක් මේක.

සුනිල් වෙත්තමුනි රෝහලට ඇතුල් කරද්දි ඔහුගෙන් මෙහෙම ඇහුවලු වෛද්‍යවරයා. "What happened to you? "


" I was hit..."

"  By whom? "

" His name is Thomson "

මේක අහගෙන ඉඳල ඒ ලඟ හිටපු පොලිස් නිලධාරියෙක් එතනට එනවලු.. 

" Do you want to press charges? "

ලෝක ශූරතා තරඟාවලියට පෙරාතුව පැවැත්වුනු 1974-75 අළු බඳුන තරඟාවලියට කලින් පුවත්පතකට තොම්සන් මෙහෙම කියල තියනව. 

" I like hitting people with the ball. When the ball is in my hand and I am running up to bowl the ball in my hand becomes a weapon..a weapon to hit batsmen with. "

ඉතිං අර සඟරාවෙ අහල තිබ්බෙ මෙහෙමයි මට මතක විදිහට. 

When a bowler publicly admits that his aim is to hit batsmen and injure them and when eventually  he do just that can't an injured batsman press charges? After all causing grievous bodily harm with intention is a criminal offence even if it happens in Cricket... 

An interesting thought…don't you think so?

50 comments:

  1. තොම්සන් අමු වැද්දෙක්නේ.. ඌ නම් මං හිතන්නේ අනිවාර්යෙන්ම අර ඒ කාලේ අනිත් රටවල් වලින් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරනවයි කියපු ජාතියේ නහර කාරයෙක්ගෙ පරම්පරාවේ එකෙක් වෙන්නෝනෙ.. ඉතින් සුනිල් වෙත්තමුණි වන්දි ඉල්ලල නැද්ද? මෙතනදි නම් ශෝන් ඇබොට් පවු.. මටත් හරියට ශොක් උන සීන් එකක් තමයි මේක.. ආදරණීය ෆිල්.. මතු උපදින ආත්මයකදී ඔබට වඩා සාර්ථක දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ලැබේවා..!!!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර,

      / තොම්සන් අමු වැද්දෙක්නේ. /

      එහෙම තමයි මල්ලි මිනිස්සු ආවේග ශීලී උනහම මොනව කරනවද මොනව කියනවද කියල දන්නෙ නෑ. අනික ඒ දවස්වල ඔය ක්‍රිකටර්ස්ල ඔය වගේ කතා කියනව පත්තර වලට තවත් ප්‍රබල කණ්ඩායමක් එක්ක තරඟාවලියකට ඉස්සෙල්ල අනික් පැත්තෙ අය බය කරගන්ට. ඔහොම තග දාල ලොරි ටෝක් දුන්නම අනික් පැත්තෙ එවුන් බැට් කරන්ට එන්නෙම පරාණ බයෙන්. බෝලෙට ගහන්ට නෙවෙයි පණ බේරගන්න එකයි මූලික වැඩේ වෙන්නෙ....

      තොම්සන්ට තව චෝදනාවක් තිබ්බ දුලිප් මෙන්ඩිස් බෝලෙ ඔලුවෙ වැදිල බිම වැටිල ඉන්දැද්දි ඒ දිහා බලල හිනාඋනාය කියල. තොම්සන් පස්සෙ ක්‍රිකට් ගැහිල්ලෙන් අයින්වෙලා ඕස්ට්‍රේලියාවෙ චැනල් 9 එකේ විස්තර විචාරකයෙක් වෙලා හිටිය කාලෙදි ඔය සිද්ධිය ගැන ඇහුව තවත් විස්තර විචාරකයෙක්. තොම්සන් උත්තර දුන්නෙ මෙහෙම " yeah, I smiled... sure..but it was involuntary, I had to smile....and I was not smiling at that little fellow down there..you know what? he was kissing the cross hung on his neck and muttering Oh God I cant take any more of this..I have had enough...thats what made me smile "

      අපේ එවුන්ට කොච්චර ජාති දැම්මත් තොම්සන් සහ ලිලී තමයි ඒ කාලෙ අපේ වීරයො. ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ක්‍රිකට් ගහද්දි අපි එක එක්කෙනා එක එක චරිත ආරූඪ කරගන්නව. " මම අද ජෙෆ් තොම්සන " ඔන්න එක්කෙනෙක් කියනව. " බෑ ඔයා ඊයෙත් තොම්සන් වුනා..මමයි අද තොම්සන්. ඔයා වෙන කවුරුහරි වෙන්න " " හරි එහෙනං මම ලිලී."..එහෙම තොම්සන් වුන එක්කෙනා එදා තොම්සන් වගෙ දුවගෙන ඇවිල්ල ෆාස්ට් බෝල් කරන්ට ඕන. එහෙමයි අපේ නීතිය.මම ඉතිං ඔය ඇඟ තලාගන්ට බොහොම අකමැති මනුස්සයනෙ ..අදත් එහෙමයි..එදත් එහෙමයි..හෙහ්,හෙහ්, " රායිට් මම අද ප්‍රසන්නා." මම එහෙම කියනව...ඊ.ඒ.එස්. ප්‍රසන්නා කියල හිටිය ඒ කාලේ ඉන්දියාවෙ ඕෆ් ස්පිනර් කෙනෙක්. හෙමිහිට අඩි දෙක තුනක් ඇවිදගෙන වගෙ ඇවිල්ල බෝලෙ දාන එකනෙ තියෙන්නෙ. හෙහ්..හෙහ්...එහෙම නැත්තං මම බේඩි..නැත්තං ආය චන්ද්‍රසේකර්..එහෙමත් නැත්තං සහබන්දු..ඒ ඔක්කොම ස්පිනර්ස්ල...සොරි මල්ලි උඹට බෝරිං ඇති ක්‍රිකට් ගැන උනන්දුවක් නැත්තං..හරි එහෙනං දැනට මේ ඇති...:)

      Delete
    2. //මම බේඩි//
      රවීයියා මේ කියන්නේ අර ඉන්දියන් ස්පිනර් ගැනද ?පොර මුරලිට ලොරි ටෝක් එකක් දාලා කොර වෙලා ගියා නේද වතාවක් ?

      Delete
    3. @ රවි,

      "අද මම චන්ද්‍රසේකර්." කියාපු දවසට චන්ද්‍රසේකර් වගේ අත සොත්ති කරලද බෝල් කරන්නෙත්? :-D

      Delete
    4. මනෝජ්,

      යස් මල්ලි අන්න පොර..බිෂන් සිං බේඩි...75-78 කාලෙ ඉන්ඩියන් කැප්ටන්. පොර තමයි කිව්වෙ " Muralitharan may take 1000 wickets, but I would rather call them 1000 Run outs " කියල...:)

      අම්මට උඩු මුරලියගෙ මයිල් කොයිල් උනේ නැද්ද මේ නෝන්ඩි ටෝක් එකට. පොර යැව්ව බේඩිට එන්තරවාසියක් " වහාම කතාව ඉල්ලල අස්කරගනිං නැත්තං තොට ජටාවත් උගස් තියන්ට වෙයි මට වන්දි ගෙවන්ට" කියල. ( බේඩි ඇවිල්ල සික් කාරයෙක්නෙ..පාට පාට ජටා බැඳල එවුං ඉන්නෙ ) බේඩිය බය වෙච්චි පාර සමාව ඉල්ලල යන්තං ෂේප් උනා...හෙහ්,හෙහ්,

      මම මෙහෙ ආපු අලුතම එක අපාට්මන්ට් එකේ හිටිය ඔය සික් කාරයෙකුත්. ඒකත් පාට පාට ජටා බඳිනව. ජටාව අස්සෙ කොණ්ඩෙ තියනව අඩි දෙකක් විතර දිගට. සිකුරාදට මූ ජටා ඔක්කොම හෝදල වනල කොණ්ඩෙත් හෝදල පිට දිගට වනාගෙන ඉන්නව. හයියෝ කොණ්ඩ ගස් අපෙ කටේ හිටං..පිස්සු හැදෙනව..ඉඳහං ඒ කතාව ආයම දවසක කියන්නංකො.." සික් ජාතිකයාගේ කිවිදින කේශ ශෝධනය සහ ප්‍රථම නවාතැනේ තවත් කථා" කියල...:)

      Delete
    5. Bura,

      / "අද මම චන්ද්‍රසේකර්." කියාපු දවසට චන්ද්‍රසේකර් වගේ අත සොත්ති කරලද බෝල් කරන්නෙත්? /

      නෑ බං ඒ කාලෙ ඔය බෝලර්ලගෙ නම විතරයි දන්නෙ. ඊට අමතරව ඩේලි නිව්ස් අන්තිම පිටුව කියවල ඕෆ් ස්පිනර්ද ලෙග් ස්පිනර් ඇන්ඩ් ගූග්ලි ද කියල දන්නව එච්චරයි. බෝලිං ඇක්ෂන් එක කොහෙ කියල දකින්ඩද? චන්ද්‍රසේකර් බෝල් කරනව මම දැක්කෙ මේ ඊයෙ පෙරෙයිද, යූ ටියුබ් එකෙන්...අර මම කලින් කියාපු රජයේ චිත්‍රපට ඒකකයෙන් පෙන්නපු සුදු රෙද්දෙ චිත්තරපටිවල හිටපු ගමං ක්‍රිකට් මැච් එකක් දෙකක් පෙන්නුව. මට හිතෙන්නෙ ඔය බ්‍රිටිෂ් හරි ඕස්ට්‍රේලියන් හරි එම්බසි වලින් ලැබුනු ෆිල්ම්ස් වෙන්ට ඕන. 75 වර්ල්ඩ් කප් ෆයිනල් එක එහෙම පෙන්නුව. එතකොට 74-75 ඈෂස් සීරීස් එක පෙන්නුව. අර ලිලී සහ තොම්සන් දෙන්න එකතුවෙලා ඉංග්ලන්ඩ් ටීම් එකට දුන්නෙ රිඹ යන්ට අන්න ඒ සීරීස් එක.

      දැං කාලෙ එහෙමනං මං දිල්හාර කියන එකාට වැඩේ ලේසියි. දිගටම නෝ බෝල් දාගෙන යන්ටයි තියෙන්නෙ...:)

      Delete
    6. සහබන්ධු කිවුවෙ දයා සහබන්ධු ද? පොර ඩුවල් බෝලර් නේද? ෆාස්ට් බෝලිනුත් කලා, ස්පිනුත් කලා.. මට එහෙම මතකයක් තියෙනවා..

      Delete
    7. බුරා,

      යස් මටත් එහෙම මතකයි..මීඩියම් පේස් ඇන්ඩ් පස්සෙ දඟ පන්දු..... එහෙම අයට කියන්නෙ ඩුවල් පර්පස් බෝලර්ස්ල කියල. ඉන්දියාවෙ කාර්සන් ගාව්රි මතකද? එයත් එහෙමයි. 1978 හෝ 1979 අවුරුද්දෙ පී.සරා ට්‍රෝෆි ටූනමන්ට් එකට බ්ලූම්ෆීල්ඩ් ටීම් එකට ගාව්රි සෙල්ලං කලා.ගාව්රිගෙ වයිෆ් ලංකාවෙ කෙනෙක්.

      Delete
    8. බේඩි ද එහෙම නැත්නම් වෙස්ට් ඉන්ඩියන්කාරයෙක්ද කිව්වෙ මුරලි javelin thrower කෙනෙක් කියල?
      දැන් අජ්මාල් බෝල් කරනව දකින වෙලාවට මට මතක් වෙන්නෙ ඒක.
      මුරලි චක් කලා හෝ අතේ ප්‍රශ්නයක් නිසා එහෙම පෙනුන හෝ බය නැතුව අත් කොට ෂර්ට් ඇඳල බෝල් කලේ. අජ්මාල් හැම තිස්සෙම in long sleeves !

      Delete
    9. බේඩි තමා..

      ඇයි හර්බජන්.. බුවා බැට් කරද්දි ෂෝර්ට් ස්ලීව්ස්, බෝල් කරද්දි ලෝන්ග් ස්ලීව්ස්..

      @ රවි,

      ඇයි බං මේ ඊයෙ පෙරේදා ඔසියන්ට සෙල්ලං කරපු ඇන්ඩෘ සයිමන්ස්.. පොරත් ඩුවල් පර්පස්.. එතකොට මාර්ක් වෝත් මුලින් මීඩියම් පේසර්, පස්සෙ තමා ඕෆිවලට මාරු වුනේ.. හැබැයි ඒක නං බැක් ඉන්ජරීස් නිසයි..

      Delete
    10. @Bur, Senanayake :-D ?
      දැන් සස්පෙක්ට් කරන්න හොඳ විදිහක් ස්ලීව්ස් නේ? ;-D D D

      Delete
    11. Bura & Pra,

      / ඇයි හර්බජන්.. බුවා බැට් කරද්දි ෂෝර්ට් ස්ලීව්ස්, බෝල් කරද්දි ලෝන්ග් ස්ලීව්ස්../

      ඇයි බං උඹට මතක නැද්ද සංගත් එක්ක හර්බජන් හෙණ වලියක් ගියා මට මතක විදිහට අවුරුදු හත අටකට ඉස්සර කොල්කතාවල ගහපු ටෙස්ට් එකකදි. අත් කොටට ඇඳල බැට් කරල හර්බ අත් දිගට දාල බෝල් කරන්ඩ ලැඇස්ති වෙද්දි නන් ස්ට්‍රයිකර් හිටපු සංග කිව්වලු " You look very handsome in short sleeves, why don't you bowl also in them? " කියල. හර්බට නෝත් සවුත් චේන්ජ් උනාලු. හොඳ කුණුහරප ටිකක් කිව්වලු හින්දියෙන්. අම්පයර් තමයි ඔලුව එහෙම අතගාල පොරව කාම් ඩවුන් කරල තියෙන්නෙ. :)

      Sanga is very good at it... getting under the skin of the opponents without actually breaking the code of ethics...heh,heh, අර හර්බගෙ සීන් එක උනත් එහෙමනෙ. හොරෙන් නෙවෙයිනෙ අරම කිව්වෙ..අම්පයර්ටයි අහල පහල ඉන්න ෆීල්ඩර්ස්ලටයි ඔක්කොටෝම ඇහෙන්ටනෙ. හෙහ්,හෙහ්, අනික ඇනලයිස් කරල බැලුවොත් බොහොම සුහද ප්‍රකාශයක්නෙ කරල තියෙන්නෙ. සතුටු සාමීචියෙ යෙදෙනව වගෙ...

      වන්ඩේ මැච්වල අපි ෆීල්ඩ් කරද්දි මම බොහොම කැමති දෙයක් තමයි කීප් කරන ගමං සංගා කියන එව්ව අහන්ට. "ටෝගා මූ පනිනව ඉස්සරහට. අඩි දෙකක් ඉස්සරහිං පතිත කරල වමට කපපං.."ඒ එක පාරක් රංගන හේරත් බෝල් කරද්දි සංගගෙ උපදෙස්...තනිකර සිංහලෙන් කියන්නෙ බැට්ස්මන්ට තේරෙයි කියල.

      පලි - ඔතන වැඩේ අවුල් වෙන්නෙ පතිත කරනව කියන එක රංගන හේරත් දන්නෙ නැත්තං..හෙහ්,හෙහ්,

      ඔන්න ඊළඟ බෝලෙ ෆුල් ටොස් එකක්ලු රංගන දැම්මෙ. බැට්ස්මන් කෙලිනව හතරක් ඒකට. සංගට උපරිම මල. යනව රංගන ගාවට..

      " මොන මඟුලක් කරනවද බං? මොන කෙහෙල්මලකටද අර ෆුල්ටොස් එකක් දැම්මෙ? ""

      " ඇයි අයියමනෙ කිව්වෙ.."

      " මොකක්?...මම කිව්ව ෆුල් ටොස් එකක් දාන්ට කියල? "

      " ඔව්..අර කිව්වෙ පතිත කරන්ටෙයි කියල. පතිත කරනව කියන්නෙ ෆුල් ටොස් එකක් දාන්ට කියන එක නෙවෙයිද?"

      " උඹෙ අම්මට ******, ක්‍රිකට් ගහන්ට ඉස්සෙල්ල උඹට සිංහල කියල දෙන්ටයි වෙලා තියෙන්නෙ..පතිත කරනව කියන්නෙ ගොනෝ පිච් කරනව කියන එක."

      " අන්න එහෙම කියන්ට එපාය අයියා සිංහලෙන්....ෂික් අපරාදෙ අඩි දෙකක් ඉස්සරහ පිච් කරල බෝලෙ කැපුවනං අරූ ඉස්සරහට පනින වෙලාවෙ අයියට ස්ට්ම්ප් කරන්ට තිබ්බ. මම එහෙම කරන්ටයි හිටියෙ."

      " ඉතිං එහෙම නොකලෙ? "

      " අයිය ෆුල් ටොස් එකක් දාන්ට කියල කියපු හින්දනෙ...අපරාදෙ ..හතරකුත් කෙලිය.."

      " මේ මගෙං තව මොකවත් අහගන්නෙ නැතුව පලයං යන දිහාක...."

      " අයියට හරියට කේන්ති යනවනෙ....අනේ මන්ද මොකද කියල හ්ම්ම්ම්.."

      Delete
    12. \\\\සොරි මල්ලි උඹට බෝරිං ඇති ක්‍රිකට් ගැන උනන්දුවක් නැත්තං..හරි එහෙනං දැනට මේ ඇති...:)////

      රවි අයියේ.. නෝ වොරීස්.. මම ක්‍රිකට් පිස්සෙක්.. 85 ලංකාව පළවෙනි ටෙස්ට් මැච් එක දිනනව ටී.වී. එකේ ලයිව් බලනකොට මට අවුරුදු 9යි.. කොළඹ නොවන නිසා ග්‍රවුන්ඩ් වලට ගිහින් නම් මැච් බැලුවේ හුඟක් අඩුවෙන්.. ඒත් 83-84 කාලේ ඉඳලම ටී.වී එකේ මැච් බැලුවා බෝලයක් නෑර.. අදටත් මට ටෙස්ට් මැච් එකක් බලන්න පුළුවන් දවස් පහම කිසි ගේමක් නැතුව එක තැන ඉඳන්.. කරුමෙට හයිලයිට්ස් ටික වත් බලන්න වෙලාවක් එන්නේ නෑ සමහර විට.. ඒත් 2009 වෙනකම්ම නිදහසේ මැච් බැලුව.. ක්‍රිකට් ගැන ලියන කියන කතාවෙන ඕනේ තැනකට බය නැතුව සක්‍රීයව දායක වෙන්න පුළුවන්..

      T20 යක ඕවරේට හයේ ඒවා හයක් ගහනවට වඩා මටනම් රසවත් ටෙස්ට් මැච් එකක අන්තිම ඕවර් ටික සර්වයිව් වෙන්න අන්තිම බැටාල දෙන්න ලෑල්ල දානව බලන එක.. මතකද 2009 ඈශස් සීරීස් එකේ ඇන්ඩර්සන් එක්ක පනේසර් සර්වයිව් වුන විදිය.. එතකොට පහුගිය අපේ ඉන්ග්ලන්ඩ් ටුවර් එකේ ටෙස්ට් මැච් දෙක.. T20, වන් ඩේ මටනම් ඒ ලඟකින්වත් තියන්න බෑ..

      ලිලී, තොම්සන් විතරක් නොවෙයි.. සර් ඩොන් බ්‍රැඩ්මන් ගෙ ඉඳල ගත්තම 3Wස්ල, සෝබර්ස්, ගානර්, චැපල් බ්‍රදර්ස්, හැඩ්ලි, බොතම්, රිචර්ඩ්ස්, බෝඩර්, වෝ(ස්), වෝන්, පොන්ටින්, ලාරා, පොලොක්, කාලිස්, මියන්ඩාඩ්, ඉම් රාන් කාන්, අබ්දූල් කදීර් (කාදර් කිව්වම මල පනින ) වසීම්- වකාර්, ගවස්කාර්, වෙන්සාකර්, මන්ජ්‍රෙකාර්, ප්‍රබාකාර්, තන්ඩුල්කාර්, කම්බ්ලි, කුම්බ්ලෙ, ගන්ගුලි, ඩ්‍රාවිඩ්, ලක්ශ්මන් විතරක් නෙවෙයි කාටවත් පේන්න බැරි කෝලි කුට්ටුවත් මගේ වීරයෝ.. ලංකාවේ උන්ට අමතරව.. ඕස්ට්‍රෙලියා ටීම් එකේ හිටපු/ ඉන්න අලුත් උන්ගෙන් මං කැමතිම දෙන්නෙක් තමයි ෆිල් හ්‍යුස් සහ ස්ටීව් ස්මිත්.. හ්‍යුස් මැරුණු එක මට මෙච්චර ශොක් එකක් උනෙත් මෙතන කොමෙන්ට් කරෙත් ඒ නිසාමයි.. ජය ශ්‍රී!

      Delete
    13. කළ්‍යාණ,

      අන්න එහෙම වරෙං..Come that way....හෙහ්,හෙහ්, Welcome to the Club..Very Welcome..Very Very Welcome Indeed.....:)

      හයියෝ පොඩි කාලෙ මට තිබ්බ ක්‍රිකට් පිස්සුව නම් එසේ මෙසේ එකක් නෙවෙයි බං..වෙලාවක පෝස්ට් හත අටක්ම ලියන්ට ඕන ඒ ගැන. සැකෙවින් මෙහෙමයි.

      පත්තරවල ගිය ක්‍රිකට් තරඟවල පින්තූර මැච්වල ස්කෝකාඩ් එක්කම කපලා තඩි පොත් හදලා එව්වයෙ ඇලවීම.මගෙ ඒ වගෙ පොත් තිබ්බ හත අටක්ම.පළවෙනි පොතේ මුලින්ම අලවල තිබ්බෙ මොකක්ද දන්නවද? අනුර තෙන්නකෝන්ගෙ මඟුල් පින්තූරෙ...හෙහ්.හෙහ්...ඒ කාලෙ මගෙ ක්‍රිකට් වීරයො ලංකාවෙ අනුර තෙන්නකෝන් සහ පිටරට ග්‍රෙග් චැපල්...

      ඔය පින්තූර ආසාවට ඇලෙව්වට එව්වයෙ මේලෝකෙ දෙයක් පේන්නෙ නෑ. ඔක්කොමල වෙස්ට් ඉන්ඩීස් කාරයො වගෙ..හැත්තෑව දශකයෙ විදේශ විනිමට රෙගුලාසි බොහොම තද නිසා ඉතාම බාල මුද්‍රණ කඩදාසි සහ තීන්ත තමයි ලංකාවට ගෙන්නුවෙ. පත්තරේ කියවන්ට ඉස්සර බැරිවෙලාවත් තදින් අත එහෙම වැදුනොත් කියවල හමාරයි. පේසාලෙන් තෙල් හමුවේ. රටටම කිරි ඉතිරේ සිරස් තලේ ඊට පස්සෙ තියෙන්නෙ වම් අත දිගේ වැළමිටට යනකල්....හෙහ්,හෙහ්,

      අත්තම්මට හරි අම්මට හරි කියල තේ හෝ කෝපි හදාගෙන තර්මොස් උණුවතුර බෝතලේට පුරවගෙන පාන්දර තුනට එලාම් එක තියල නැඟිටල..අපෙ තිබ්බ අයිවා රේඩියෝ සෙට් එකක්..ස්පීකට් දෙකකුත් එක්ක. ස්පීකර් දෙක උඩින් වහල දෙපැත්තෙ තියන ලොක් දෙක තද කලාම හැන්ඩ්ල් එකක් තියනව ඒකෙන් රේඩියෝ එක සූට් කේස් එකක් වගෙ එල්ලගෙන ගිහෑකි.ඒ ස්පීකර් එකට කණ තියාගෙන ( අප්පච්චිට සද්දෙ ඇහිල ඇහැරුනොත් ක්‍රිකට් ඇහිල්ල ඉවරයි ) මෙල්බර්න්, බ්‍රිස්බේන්, සිඩ්නි වල ගහන ටෙස්ට් තරඟ වලට සවන් දීම. නිව් සීලන්ඩ් වල ගහනකොට ඊට එහා. පාන්දර දෙකට නැඟිටින්ට එපාය.

      වෙස්ට් ඉන්ඩීස් වල ගහනකොට ඒකෙ අනික් පැත්ත. මැච් පටන් ගන්නෙ රෑ අටට නමයට. ඉවර වෙන්නෙ පාන්දර තුනට හතරට. එහෙම නිදිමරාගෙන අහපු මැච් එකක් තමයි 1976 අවුරුද්දෙ ඉන්දියාව හතරවෙනි ඉණිමෙ ලකුණු 406 ගහල වෙස්ට් ඉන්ඩීස්ලව පරද්දපු මැච් එක. විශ්වනාත් සහ ගාවස්කර් ඒකෙ සෙන්චරීස් ගැහුව.ඒ වෙච්ච නෝන්ඩියෙන් පස්සෙ තමයි ක්ලයිව් ලොයිඩ් ඒ කියන්නෙ වෙස්ට් ඉන්ඩීස් කැප්ටන් ඉඳපං දෙඤ්ඤං උඹලට පුකෙං යන්ට ට කියල හෙණ ගහන්න වගෙ පේස් ඇටෑක් එක පටන් ගත්තෙ. ඊලඟට තිබ්බ ටෙස්ට් එකේ ඉන්දියාව දෙවෙනි ඉනිමෙ විකට් පහයි වැටුනෙ. ආය බැට් කරන්ඩ කට්ටිය නඇ. ඔක්කොම ඉස්පිරිතාලෙ. ඒ පාර ඩික්ලෙයාර්ඩ් කියල තමයි ස්කෝ බෝඩ් එකේ තිබ්බෙ.

      ඒ මගේ ක්‍රිකට් මතක ඉතිහාසයෙන් බොහොම ඇබිත්තක්...දිවි සයුරෙන් දිය දෝතක්....හෙහ්,හෙහ්,

      Delete
    14. //ඉඳහං ඒ කතාව ආයම දවසක කියන්නංකො.." සික් ජාතිකයාගේ කිවිදින කේශ ශෝධනය සහ ප්‍රථම නවාතැනේ තවත් කථා" කියල.//

      එළ,එළ තව අවුරුදු 10කින් හරි අපිට ඒ කතාව අහගන්න බැරිය එහෙනම් ...:D

      Delete
    15. Manoj,

      / එළ,එළ තව අවුරුදු 10කින් හරි අපිට ඒ කතාව අහගන්න බැරිය එහෙනම් ...:D /

      අනේ බං මේ..කෑනුගහ හිටියාම..බොලා තවම කජුකිරි කොල්ලොනෙ..අවුරුදු දහයක් කියන්නෙ මොකක්ද?...හෙහ්,හෙහ්,

      Delete
    16. ෆිල් හියුස්වත් අමතක වුනා, මේ කමෙන්ට්ස් කියවගෙන එනකොට. ඔය තොම්සන්ගේ (ඕකමද කියලා මතක නැහැ ) කේස් එක යනකොට අපි ඉස්කෝලේ. සර් කෙනෙක් හිටියා රේඩියෝ එකෙක් කණේ ගහගෙන. මට මතකයි ඒ සර් හිටියේ ලයිබ්‍රරි එකේ ඒ වෙලාවේ. අපිවත් ලයිබ්‍රරි එකට ගෙනිච්චා ඒ පීරියඩ් එකේ. ඔය සිද්ධිය වෙලාවේ...සර් රේඩියෝ එක පැත්තකින් තියලා...මේ තොම්සන් නම් මහා පරයෙක් කියලා හයියෙන් කිව්වා. එතන හිටපු ටීචර් කෙනෙක් කිව්වා...තොම්සන් පරයෙක් වුනාට කමක් නැහැ...ඔයා කේන්ති නොගෙන ඉන්න..මෙතන ළමයිත් ඉන්නවා කියලා.

      මට ඔය උඹලා කියන ක්‍රිකටර්ස්ලා සෑහෙන ප්‍රමානයක් හම්බවෙලා තියෙනවා. උන් එක්ක කතා කරන්නත් ලැබිලා තියෙනවා. ඔය ටීම්ස් නවතින්නේ අපි වැඩකරපු හෝටල්වල නිසා. ඒ කාලේ හෙණ කරදරේ බන් යාළුවන්ගෙන්...අත්සන් අරගෙන එන්න කියලා. ක්‍රිකටර්ස්ලාටත් මල පනිනවා කීයක් කියලා අත්සන් කරන්නද. ලංකාවේ පොෂ් ගෑණු දරුවෝ නම් උන්ගේ කාමරවලත් රිංගනවා. ඕවා ගැන නියම රසකතා තියෙනවා.

      Delete
    17. අරූ,

      ඔය ඕටොග්‍රාෆ්ස් එකතුකරන පිස්සුව මටත් තිබ්බ. මජීඩ් ඛාන්, ඉන්ටිකාබ් අලාම්, මුදාසර් නාසර්, අසිෆ් මසූඩ් ඒ පකිස්තාන් ක්‍රිකටර්ස්ල...එවුංගෙ අත්සන් මා ගාව තිබ්බ. ඔය අත්සන් එකතුකරන්ට ගිහිල්ල කොච්චියො සිකියුරිටි කාරයින්ගෙන් බැණුං අහල ඇති එලෝ කෝටියට....හෙහ්,හෙහ්,

      අපි ගිහිල්ල මැච් බලන්නෙ තියෙන අඩුම එව්වයෙ..බොහෝවිට ගිණි අව්වෙ..ඕපන් ටෙරස්...තණකොල ගොල්ලෙ වාඩිවෙලා. ඒකතමයි තිබ්බ අඩුම එක. ඉන්ටර්නැෂනල් මැච් එකක් උනත් මට මතක විදිහට රු. 5 /= වගෙ ඒ කාලෙ. ඉතිං ලන්ච් වෙලාවෙ අපි හෙමිහිට එහෙ ඉඳල පැවිලියන් එක දිහාට රිංගන්ට බලනව ඕටග්‍රාෆ් එකයි කාබන් පෑනයි අරගෙන.ප්ලේයර්ස්ල ඉන්නෙ ඩ්‍රෙසිං රූම් වලනෙ. එව්ව තියෙන්නෙ මේන් පැවිලියන් එකේ. ඔය වෙලාවෙ තමයි කොච්චියො අපිට කචල් එක දාන්නෙ. උං එක්ක ඇරගෙනත් බෑනෙ. අනේ මාමෙ, අන්කල්...සර් කියල කොහොම හරි ෂේප් වෙල රිංගනව පැවිලියන් එකට.

      සමහරවෙලාවට බවුන්ඩරි එක කිට්ටුව ෆීල්ඩ් කරන ක්‍රිකටර් කෙනෙක්ගෙ අත්සන ගන්ට චාන්ස් එක ලැබෙනව බෝල්ස් දෙකක් අතර කාල සීමාවෙදි වගෙ.

      1975 ක්ලයිව් ලොයිඩ් කැප්ටන් කරපු වෙස්ට් ඉන්ඩීස් ටීම් එකත් එක්ක දෙවන නිල නොවෙන ටෙස්ට් එක ගැහැව්වෙ පී. සරා එකේ. ඒ කාලෙ කලම්බෝ ඕවල්.ටෙස්ට් තත්වය 1981 දි හම්බවෙන්ට ඉස්සර ගහපු දවස් 3 මැචස් හැඳින්වුවෙ Unofficial Tests කියල. අර කියපු ඕවල් එකේ මැච් එක බලන්ට මම ආව කෑගල්ලෙ ඉඳල. අර උඹේ සහ මගේ Mutual Friend ඉන්නෙ. His father and my father were friends. so one day he had asked my father " Weere, I am taking my two kids this weekend to Colombo to watch those west Indians play. what about letting Ravi join us too? " That's how one of the most unforgettable experiences of my Childhood came about..I am eternally grateful to Sarath uncle for giving me that opportunity...:) ( Sarath Uncle was the father of our mutual friend )

      Delete
  2. කවදාවත් දැනගෙන හිටියේ නැති විස්තර ටිකක් .. ෆිල් ට යහපතක් ම වේවා කියල පතමු...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ජීවිතේ හැටි තමයි මල්ලි..වට් ටු ඩූ?...තණතිල්ලේ ඛේදවාචකය...

      Delete
  3. තැන්කූ රවී මේ පෝස්ට් එකට!

    පහුගිය දවස් ටිකේ මාව හොඳටම ෂොක් කරපු සීන් එකක්. අද අවමගුලෙදි මයිකල් ක්ලාක්ගෙ කතාව ඇහුවද? මගෙ ඇස් දෙකේ කඳුළු ආයෙම අලුත් වුනා. ජීවිතේ කියන්නෙ කොච්චර පුදුමාකාර දෙයක්ද? අපි නොහිතපු තැනකදි, නොහිතපු වෙලාවක, නොහිතපු විදියට ජීවිතේ අහවර වුනා කිවුවහම.........

    ReplyDelete
    Replies
    1. බූරා,

      කියල වැඩක් නෑ බං..පොර අනිවාර්යයෙන් මේ සුමානෙ ඉන්ඩියා ෆස්ට් ටෙස්ට් එකට සිලෙක්ට් වෙන්ඩ හිටියෙ..පව්..මටත් නිකං පොල්ලකිං ඔළුවට ගැහුව වගෙ...ෆියුනරල් එක බලන්ට තාම බැරිවුනා බං මම තාම ඔෆිස් එකේ..ගෙදර ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...

      Delete
  4. ඇයි ඇල්වින් කලිචරන් ලීඩ් කරගෙන ආපු වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ එස් එස් සී එකේ තිබ්බ මැච් එකේදී සිල්වෙස්ටර් ක්ලාක්ගේ බවුන්සර් එකක් ඔලුවෙ වැදිල සුනිල් වෙත්තිමුනි ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ.ඒ 1975දි වගේ මට මතක.එතකොට හෙල්මට් තිබ්බෙ නෑ.හැබැයි 1982 නං තිබුණා මතකයි.මොකද පළවෙනි වන්ඩේ මැච් එකේදී රෝයි ඩයස් හෙල්මට් එකේ පටි තදකරගන්නෙ නැතුව නිකං දාගෙන ඇවිත් හෙල්මට් එක විකට් එක උඩට වැටිල හිට් විකට් උනා බොට මතකද?

    ReplyDelete
    Replies
    1. ඇයි රුමේෂ් රත්නායක B&H match එකකදි ගස් ලෝගිගෙ දත් ගලෝපුවා...

      හෙල්මට් දාලා හිටියත් වදින්ට තියෙනවා නං වදිනවා.. එකපාරක් මට මතකයි S. Africa vs India match එකකදි ශ්‍රීනාත්ගෙ බවුන්සර් එකක් වැදුනා මෙරික් ප්‍රින්ගල්ට.. ග්‍රිල් එකට උඩින් තියෙන පොඩි ගැප් එක අස්සෙන් රිංගපු බෝලෙ කෙලින්ම ඇහේ වැදුනෙ..

      Delete
    2. Helapa,

      / ඇයි ඇල්වින් කලිචරන් ලීඩ් කරගෙන ආපු වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ එස් එස් සී එකේ තිබ්බ මැච් එකේදී සිල්වෙස්ටර් ක්ලාක්ගේ බවුන්සර් එකක් ඔලුවෙ වැදිල සුනිල් වෙත්තිමුනි ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ.ඒ 1975දි වගේ මට මතක /

      නෑ බං කලිචරන් කැප්ටන් කරපු ටීම් එක ආවෙ 1979 පෙබරවාරි. එතකොට ලොයිඩ්, රිචඩ්ස්, ෆ්‍රෙඩ්‍රික්ස්, ග්‍රීනිජ්, රොබට්ස්, ජුලියන්, මරේ, ගිබ්ස්, හෝල්ඩිං, ගානර්, ක්‍රොෆ්ට්, ඔක්කොමල පැකර් එක්ක එකතු වෙලානෙ.

      කලිචරන්ගෙ ටීම් එකේ හිටියෙ සිල්වෙස්ටර් ක්ලාක්, නෝබට් ෆිලිප්,ඩෙරික් පැරී, කලින් ටීම් එකෙන් ආය හිටිය වැන්බර්න් හෝල්ඩර්,තව හිටිය මැල්කම් මාෂල්,

      75 ත් වෙස්ට් ඉන්ඩීස් ටීම් එකක් ආව. ඒ ලොයිඩ් කැප්ටන් කරපු ටීම් එක.ඒකෙත් කලිචරන් ආව.

      79 උඹ ඔය කියන වන්ඩේ ගේම් එකේදි අපි 88 යි ගැහුවෙ. වෙස්ට් ඉන්ඩීස් විකට් 4 කටද කොහෙද ඒ ගාන ගැහුව. හවස 2 වෙනකොට මැච් එක ඉවරයි.පස්සෙ බෝඩ් එකෙන් කියල වෙස්ට් ඉන්ඩීස් දිගටම බැට් කලා 150 වගෙ ගහනකල්. ඒකෙ තමයි මිනිස්සු මල පැනල ටෙන්ට් වලට ගිණි තිබ්බෙ. මමත් ගියා ඔය මැච් එක බලන්ට. පොලීසියෙං පස්සෙ කඳුළු ගෑස් ගහල බැටන් චාජ් කරල තමයි මිනිස්සු එලෙව්වෙ. අපි කට්ටිය හුරේ රන් එකක් දීල තමයි බේරුනේ... මෙට්ලන්ඩ් ප්ලේස් එක දිගේ දිව්වෙ සෙරෙප්පු අතේ අරගෙන..හෙහ්,හෙහ්,

      අර බවුන්සර් සීන් එක මට හොඳට මතකයි. බෝලෙ ඔලුවෙ වැදිච්චි පාර වෙත්තමුණි බිම වැටුන. ආයම නැඟිටල එහෙම්මම දණ ගහගෙන පිස්සුවෙන් වගෙ එකාට මෙහාට ඔලුව පද්ද පද්ද ඉන්නවත් මතකයි. දෙයියංගෙ පිහිටෙං පොරගෙ ඔලු කට්ට හොඳ හයිය ඇති. මොකවත් අනතුරක් එහෙම වුනේ නෑ. සුනිල් පයිලට් කෙනෙක්. ඒ දවස්වල එයාර් සිලෝන් වැඩකලේ.

      / මොකද පළවෙනි වන්ඩේ මැච් එකේදී රෝයි ඩයස් හෙල්මට් එකේ පටි තදකරගන්නෙ නැතුව නිකං දාගෙන ඇවිත් හෙල්මට් එක විකට් එක උඩට වැටිල හිට් විකට් උනා බොට මතකද? /

      එහෙම උනේ දෙවෙනි වන්ඩේ එකේදි. ජෝන් ලීවර්ගෙ බවුන්සර් එකකට ඔලුව නැවුව පස්සට. නැවුව තමයි. හෙල්මට් එක කෙලිම්ම විකට් එක උඩ. ඩයස් ඒ එක්කම හෙල්මට් එකට පයිං ගැහුව. ඒත් ඒ වෙනකොට වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි. ෆස්ට් වන්ඩේ එක අපි ලකුනු පහකින් හෝ හයකින් වගෙ ගානකින් පැරදුනා. දෙවෙනි එක ලකුනු තුනකින්ද කොහෙද දිනුව. මම ඔය වන්ඩේ දෙක බැලුවෙ ටී.වී එකෙන්. ටෙස්ට් එක බලන්ට නම් කොළඹ ආව...:)

      Delete
    3. ස්‍රිනාත් ගෙද කොහෙද බොලයක් අපෙ ලන්කා ද සිල්වගෙ නම් නිකටෙ වැදුන මතකයි.මිනිහගෙ ක්‍රිකට් ඉවරවුනෙ එතනින්ද කොහෙද

      Delete
    4. දමිත්,

      එහෙම එකක් උනාද බං?....මතක නැත......:(

      Delete
  5. මරණයක් ගැන ලිව්ව උනත් රහ පෝස්ටුවක් රවී. මම දැක්ක ඉස්සර දවසක ඒකාලෙ බවුන්සර් වලින් වෙන අනතුරු ගැන වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. කොදෙව්වන් තමයි වැඩිපුර තුවාල කලේ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      ස්තූතියි රාජ්...1979 වගෙ පටන්ගෙන 1995 වගෙ වෙනකල් වෙස්ට් ඉන්ඩීස් ටීම් එකට සෙල්ලං කරපු යක්කු වගෙ ෆාස්ට් බෝලර්ස්ල ගැන හිතුවම බැට්ස්මන්ල හත් අට දෙනෙක් නොමැරිච්ච එක මට මහ පුදුමයක්. මම හිතන්නෙ පරාණ බය එක හේතුවක් වෙන්න ඇති. බවුන්සර් එකකට තුවාල වෙන්නෙ හුක් නැත්තං පුල් ෂොට් එකක් ගහන්න ගිහිල්ල ටයිමිං වැරදුනොත් හරි බැට් එකේ එජ් එකේ වැදිල ඔලුව මූණ දිහාට ආවොත් තමයි. බවුන්සර් එකට පාත්වෙලා යන්න දුන්නනම් අවුලක් නඇ. ඒත් මාෂල්, ඇම්බ්‍රෝස් වගෙ බෝලර්ස්ලගෙ බවුන්සර් වලින් එහෙම බේරෙන්නත් අමාරුයි. නැවෙන්නවත් වෙලාවක් නෑ.

      Delete
  6. //මෑත කාලීන වේග පන්දු යවන්නන්ගෙන් තොම්සන්ගේ වේගයට ආසන්නව පන්දු යැවූයේ පකිස්ථානයේ ෂොයේබ් අක්තාර් පමණි//

    Brett Lee? Tait?

    ReplyDelete
    Replies
    1. තව හිටියා ඉන්ග්ලිෂ් බෝලර් කෙනෙක් ක්‍රිස් සිල්වර්වුඩ් කියලා.. අනූව දශකයේ අග භාගයේ සෙල්ලං කලේ.. පොරත් 100mph ටච් කලා.. හැබැයි වැඩි කල් හිටියෙ නෑ, ඉන්ජරීස් නිසා අයින් වුනා..

      Delete
    2. Pra Jay,

      You are right Pra..I stand corrected.

      The 5 fastest deliveries ever bowled in a game of cricket is as follows it seems....

      1. Shoaib Akhtar = speed-161.3 kmph/100.2mph, in 2003 world cup against England at Durban.
      2. Brett lee = speed-160.8kmph in 2005 bileteral series against New zealand at Napier.
      3. Shaun Tait = speed-160.7kmph, in 2010t20 bileteral series against Pakistan at Melbourne.
      4. Jeffery Thompson = speed-160.4kmph, in 1975 against West indies at Perth.
      5. Andy Roberts = speed-159.5kmph, in 1975 against Australia at Perth.

      In case you need further re-searching

      Delete
    3. දැන් දැක්කෙ මාලිංගත් ඉන්නව ( 155.7 km/h)
      http://sporteology.com/top-10-fastest-bowlers-in-the-history-of-cricket/

      Delete
    4. රවී,
      ඔය ලිස්ට් එකේ නිවැරදියි කියන්න පුළුවන් මෑත කාලීන පන්දු යවන්නන්ගේ පමණයි. ඒ නිසා මේක විවාදිත කාරණාවක්. හේතුව ජෙෆ් තොම්සන්ලාගේ කාලයේ වේගය මැනීමට අද තරම් නිවැරදි තාක්ෂණයක් තිබුනෙ නෑ.

      Delete
    5. ආ තවත් එක්කෙනෙක් මතක් උනා.
      නෙදර්ලන්තයෙන් ආපු ඩර්ක් නෑන්ස් තමයි එයා. පස්සෙ ඕස්ට්‍රේලියාවට ගැහුව. අයිපීඑල් වලින් තමයි මතුවෙලා ආවෙ. ඒ වෙද්දි නෑන්ස්ගෙ වයස තිස් දෙකක් විතර. අයිපීඑල් වල මට මතකයි එකසිය පනස් ගනන් වලින් දැම්ම. මේ යෝදය වයස විස්සෙදි විතර කොච්චර වේගෙන් දාන්න ඇත්ද? කරුමෙට නෙදර්ලන්තෙ ඉපදුනේ.

      Delete
    6. රාජ්,

      / ඔය ලිස්ට් එකේ නිවැරදියි කියන්න පුළුවන් මෑත කාලීන පන්දු යවන්නන්ගේ පමණයි. ඒ නිසා මේක විවාදිත කාරණාවක්. හේතුව ජෙෆ් තොම්සන්ලාගේ කාලයේ වේගය මැනීමට අද තරම් නිවැරදි තාක්ෂණයක් තිබුනෙ නෑ. /

      එකඟයි එකහෙලාම..ඒ කාලෙ එහෙම වේගය මැන්නෙත් නෑ නිතරම. ඔය 1975 පර්ත් ටෙස්ට් එකේ එහෙම දෙයක් කලේ අත්හදා බැලීමක් හැටියට මට මතක විදිහට. අධිවේගී කැමරාවක ක්‍රියාකාරිත්වය සහ කාර්යක්ෂමතාවය පරීක්ෂා කරන්ට හොඳම විදිහ ඉතා වේගයෙන් පන්දු යවන්නන් කීප දෙනෙක්ගෙ වේගය මැනීම කියල හිතල තමයි ඔය තරඟය ඒකට තෝරගත්තය කියන්නෙ. මට එහෙම විස්තරයක් මතකයි කොහෙ හරි තිබ්බ.

      හැබැයි ලස්සන වැඩේ කියන්නෙ තොම්මා 100 MPH බෝල් කලාට ෆ්‍රෙඩ්‍රික්ස් 169 ගැහුව. ලොයිඩ් 149. වෙස්ට් ඉන්ඩීස් 505 වගෙ ගානක් ගහල Innings දිනුව. හැබැයි ඒ තරඟ හයක සීරීස් එකේ වෙස්ට් ඉන්ඩීස් දිනපු එකම මැච් එක. ඔසීල 5-1 විදිහට සීරීස් එක දිනුව.

      Delete
  7. ක්‍රිකට් භයානකයි.. ඒ්ත් මරු ෙසල්ලම. අර කිව්වත් වෙග් ෙතාම්සන්ට චාර්ජ් කරන්න තිබුනා Attempted crime විදියට. සමහර විට ඒ් දවස් වල Spirit of "ciriket" ෙවන්ටැති.. හැක්

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      ඒකනෙ බං කියන්නෙ...මරු සෙල්ලං බහුතරයක් භයානකයි...:)

      Delete
  8. මට විතරද මේ බ්ලොග් එක අද අමුතු විදියට පේන්නෙ.
    සමහර ලයින් මොනිටරේ දකුණු කෙරෝලෙනුත් හැතැක්මක් විතර එහා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      අඩේ බං කවදාවත් නැතුව ඒ මොකද? බොහෝවිට උඹ පාවිච්චි කරන බ්‍රවුසරේ එක්ස්ප්ලෝරර් වෙන්න ඇති.ඒක චෙක් කරන්න විදිහක් නෑ මගෙ ලැප් එකේ එක්ස්ප්ලෝරර් අක්‍රිය වෙලා..ගූගල් ක්‍රෝම් අවුලක් නෑ...ඒකෙන් බලපං තරහ නැතුව. ගෙහිමි උත්තමාවියට තමයි කියන්ට වෙන්නෙ. ඔය වගෙ තාක්සනික ගැටලු ගැන මගෙ දැනුම මල්ලි නිල්....

      Delete
    2. @ Praසන්ன

      ඇත්ත. මටත් ඔය විදියට තමයි පේන්නේ....

      මොන මංගල්ලයක් වෙලාද මන්ද....වින්ඩෝ එකේ ඒ කොනේ ඉඳන් මේ කොනට ස්ක්‍රෝල් කරගෙන එන්න ඕන...

      බ්‍රවුසරේ ෆයර්ෆොක්ස්. ලේටස්ට් ම අප්ඩේට් එක.

      Delete
    3. මාත් ගිනි නරිය තමයි. මැෂින් දෙකකම ලොග් වෙලා බැලුව දෙකේම පේන්නෙ ඒ විදියට තමයි.

      Delete
    4. Praසන්ன සහ දෙවෙනි විභීෂණ,

      අඩේ ඇත්ත නේන්නං ..ගිණි නරියගෙන ගිහිල්ල මාත් බැලුව..මුල ඡේද දෙකම දිගටම යනව දකුණු පැත්තට අකනිටා බ්‍රහ්මලෝකය දක්වා. ෆිල් හියුස්ගෙ ෆොටෝ එක තියෙන්නෙත් අම්පෙගම දිහාවෙ..අඩේ සමා වෙයල්ල..හැබැයි දැං ඕක හදන්ට යන එකේ තේරුමක් නෑ. අනික මම කලිනුත් කිව්වෙ ඔය අයි.ටී. තාක්සනේ අතින් මගෙ දැනුම නිල්...අපි ඇවිල්ල B.B.C. පරපුරේ උදවිය නෙව..( Born Before Computers ) දැං මම දන්නව ඉත්තේරුවෙම්ම ඕක හදන්ට ගියොත් මේ මුලු පෝස්ට් එකම අතුරුදහන් වෙලයි වැඩේ ඉවරයක් වෙන්නෙ. ආය ඒකෙ දෙකක් නෑ. " එකක් කඩතොලු මකා ගන්නට ගිහිං මට වුනු වියෝයා..දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා." ඒ කියපු එකේ අනික් එක තමයි මට වෙන්නෙ. අනික බොල කොහොමහරි මේක දැං කියෙව්වනෙ. ඒ නිසා ඔහොම තිබ්බාවෙ.

      මෙතන වෙන්න ඇත්තෙ මේකයි. අර මැච් එකේ ස්කෝකාඩ් එක මම දාන්න හැදුවෙ ස්ක්‍රීන් ෂොට් එකක් විදිහට. ඒක බ්ලොග් එකට ඒ විදිහට දාන්ට බෑ. පස්සෙ වර්ඩ් එකකට කොපි කරල දැම්මම ප්‍රීවීව් එකේ පේන්නෙ දහ විහිලි වෙලා. බොහොම අමාරුවෙන් එකින් එක හද හද ගියා. ගූගල් ක්‍රෝම් එකෙන් පෝස්ට් එක දැම්මම අගේට තිබ්බ. තාම උනත් ක්‍රෝම් එකේ අපූරුවට තියනව. ඔය අනික් බ්‍රවුසර් වල තමයි අවුල.

      Delete
  9. මීට කලිනුත් විණිසුරුවරයෙක් මියගියා කියන කතාවනම් මාත් අහලා තිබුනා.. කොහොමත් ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවත් වේගය එක්ක එකතු වෙද්දී අවදානම් තමයි.. ඉස්සරහට හොද ආරක්ෂක උපකරණ ඒවි කියලා විශ්වාස කරනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඔව් බං මේ විදිහට ක්‍රිකට් කියන්නෙත් මාරාන්තික ක්‍රීඩාවක් වෙලානෙ. හැබැයි දැන් ෆාස්ට් බෝලර්ස්ල බවුන්සර් දාන්ට ටිකක් විතර පසුබට වෙයි මට හිතෙන්නෙ. ඇයි බොලේ තමන් අතිං මනුස්සයෙක් ඊටත් උදේ හවස කතාබහ කරන හිතවතෙක් අත්වැරැද්දකින් හරි මැරෙනව කියන්නෙ සෙල්ලං කෙලියක්ය ආය.

      Delete
  10. මුළු ක්‍රිකට් ලෝකෙම හඬා වැටිච්ච දවසක්.
    '
    අපිට කියන්න තියෙන්නේ ඉතින් " සුබ ගමන් හියුස් " කියල තමයි...

    ReplyDelete
    Replies
    1. දෙවෙනි විභීෂණ,

      ඒක හරි....සී යූ අගේන් සම් ඩේ සම් වෙයා ඩියර් ෆිල්!

      Delete
  11. ෆිල් හියුස්ව සමහරු හැඳුන්වුයේ දවසක් ඩොන් බ්‍රැඩ්මන් කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක් හැටියට. අවුරුදු 12දීත් ඉස්කෝලේ අන්ඩර් 18 ගහලා තියෙනවාලු. අපරාදේ හොඳ ක්‍රීඩකයෙක් ලෝකෙට නැතිවුනා. ක්ලාක්ගේ කතාව අහගෙන ඉන්නකොට ඇඬුනා බං.

    උඹට මතකද ග්‍රවුන්ඩ් එකේදි ජැවලින් එකක් ඔළුවේ වැදිලා මැරුණා තේමියබන්දු කියලා නාලන්දේ කොල්ලෙක්. මට මතකයි ඒ ළමයා හිටියේ දෙමටගොඩ. අපිත් ඉස්කෝලේ යන කාලේ වගේ ඕක වුනේ.

    ReplyDelete
    Replies
    1. Aru,

      A really heart wrenching speech by Michael Clarke….

      HE’LL definitely be calling ... me a sook right now, that’s for sure.

      I’m deeply honoured to have been asked by Phillip’s family to speak today. I’m humble to be in the presence of you, his family, his friends and his community. He was so proud of Macksville and it’s easy to see why today.

      Taken from the game, his family and loved ones at the age of just 25, he left the mark on our game that needs no embellishment.

      I don’t know about you, but I keep looking for him. I know it’s crazy but I expect any minute to take a call from him. Or to see his face pop around the corner. Is this what we call the spirit? If so, then his spirit is still with me and I hope it never leaves.

      I walked in the middle of the SCG on Thursday night. Those same blades of grass beneath my feet where he and I and so many of his mates here today have built partnerships, taken chances and lived out the dreams we painted in our heads as boys.
      The same stands where the crowds rose to their feet to cheer him on and that same fence he sent the ball to time and time again. And it’s now forever the place where he fell.

      I stood there at the wicket I knelt down and touched the grass, I swear he was with me.

      Picking me up off my feet to check if I was OK, telling me we just needed to dig in and get through to tea. Telling me off for that loose shot I played, chatting about what movie we might watch that night and then passing on a useless fact about cows.

      And I could see him swagger back to the other end, grin at the bowler and call me through for a run with a booming voice. The heart of the man that lived his life for this wonderful game we played and whose soul enriched not just our sport but all of our lives.

      Is this what indigenous Australians believe in person’s spirit being connected to the land on what they walk? If so I know they are right about the SCG. His spirit has touched it and it will forever be a sacred ground for me. I can feel his presence there and I can see how he has touched so many people around the world.

      The tributes to him from cricket lovers kept me going. The photos, the words, the prayers and the sense of communion in this loss from people across the globe have shown me his spirit is in action. It has sustained me and overwhelmed me in equal measure and the love of my band of baggy green gold brothers and sisters have held me upright when I thought I could not proceed.

      His spirit has brought us closer together, something I know must be him at work because it’s so consistent with how he played and lived. He always wanted to bring people together and he always wanted to celebrate his love for the game and its people.

      Is this what we call the spirit of cricket? From the little girl in Karachi holding a candlelight tribute to masters of the game like Tendulka, Warne and Lara showing their grief to the world, the spirit of cricket binds us all together.

      We feel it in the thrill of a cover drive or the taking of a screamer at gully, whether by a 20-year-old boy in Worcester or Brendon McCullum in Dubai. Just as significant to the players in a western suburb club game as it is in a Test match.

      The bonds leading to cricketers around the world putting their bats out, who saw people who didn’t know Phillip lay flowers at the gates of Lord’s and every cricketing nation on Earth to make its tribute.

      Players old and new rushed to his bedside where from wherever they heard the news to say their prayers and farewells. This is what makes our game the greatest game in the world.

      Phillip’s spirit, which is now part of our game forever, will act as a custodian of the sport we all love. We must listen to it, we must cherish it, we must learn from it, we must dig in ... we must dig in and get through to tea. And we must play on. So rest in peace, my little brother, I’ll see you out in the middle.


      Delete
    2. Aru,

      / උඹට මතකද ග්‍රවුන්ඩ් එකේදි ජැවලින් එකක් ඔළුවේ වැදිලා මැරුණා තේමියබන්දු කියලා නාලන්දේ කොල්ලෙක්. මට මතකයි ඒ ළමයා හිටියේ දෙමටගොඩ. අපිත් ඉස්කෝලේ යන කාලේ වගේ ඕක වුනේ./

      මටත් නිකං උඹ දැන් කිව්වට පස් සෙ එහෙම සීන් එකක් මතකයි වගෙ. ඒත් ඒ මම නාලන්දෙට එන්ට කලින්....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...