Wednesday, December 31, 2014

297. අවසන මුවා මැරූ සලමන්ගේ පිහිට පැතීමට සිදුවූ ජාතිය බේරාගත් මහාවීර තෙමගේ දුක්ඛ දායක කථා වස්තුව සමඟ මෝහාන්ධකාර සහ තානාපතිවරුන්ගේ ගුටි කෙළි ගැන කථා


Daily Mirror - Cartoon by Awantha Artigala

මෝහාන්ධකාරගේ කථාව

ටන්න ටනා ටන ටන ටන්න ටනා ටන ටන ටන්න ටනන ටන්න ටනන ටන්න ටනා… 

" ආයුබෝවන්...අදත් අප ඔබ සමඟ ..හීතල උඳුවප් මහේ මේ ජඩාධිපතිවරණ උණුසුමේ අදත් ඔබට හටන ඉදිරිපත් කරමින් මම සඳුන් ඉරුගල්බණ්ඩාර....අද අපි මුලින්ම වේදිකාවට කැඳවන්නේ හන්තර්ජාතික කටයුතු පිළිබඳ ජඩාධිපති උපදේශක මෝහාන්ධකාර සරමනායක මහතා..." 

" ආයුබෝවන්..මෝහාන්ධකාර මහත්මයා." 

" ආයුබෝවන්.සඳුන්...." 

" පළමුවෙන්ම මම ඔබගෙන් අගන්ට කැමතියි මේ වර්තමාන ජඩාධිපති තුමාට බොහොම බරපතල චෝදනා තියනව..රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලය..එතුමා ඒ ගැන කිසිවක් කරන්නෙ නෑය කියල. මොකක්ද ඔබට ඒ ගැන කියන්ට තියෙන්නෙ? " 

" සඳුන් නීතියේ ආධිපත්‍යය බිඳවැටිලය කියන මාතෘකාව ගැන කතාකලොත් අපිට ඒ ගැන මෙහෙම කියන්ට පුලුවන්. බටහිර රටවල් අපේ රට අස්ථාවර කරන්ට දත කට මැදගෙන පිටපොට ගහගෙන ඉන්නෙ මෙතුමා බලයට පත්වුනු දවසෙ ඉඳලමයි." 

" මම ඇහුවෙ මෝහාන්ධකාර මහත්මයා ඒක නෙවෙයි...." 

" හරි හරි මම එතනට එනවා..සඳුන් පහලොස්වන ශතවර්ෂයෙ මෙක්සිකෝවේ තිබුනු ඉතාම දියුණු ඉන්කා ශිෂ්ඨාචාරය වසරක් ඇතුළත.... "

" මහත්මයා..මම ඇහුවෙ.. "

" හරි හරි සඳුන් මම එතනට එනව..මම එතනට එනව...ඒ ඉතාම දියුණු ඉන්කා ශිෂ්ඨාචාරය වසරක් ඇතුළත විනාශවෙලා ගියා...ඇයි එහෙම උනේ?....එහෙම උනේ ස්පාඤ්ඤ ආක්‍රමනිකයින් ඔවුන් සමූල ඝාතනය කල නිසයි. "

" හරි ඒක එහෙමයි කියමුකො...හරි මෝහාන්ධකාර මහත්මයා කරුණාකරල මගේ ප්‍රශ්නෙට.... "

" හරි සඳුන් මම එතනට තමයි එන්නෙ. ලෝක ඉතිහාසය පුරාම අමරිකන් අධිරාජ්‍යවාදය තිබුණ සඳුන්....1972 අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවෙ අගමැතිවරයා වශයෙන් පත්වුනා විට්ලම් කියල මහත්මයෙක්..ඔහු ඕස්ට්‍රේලියාවෙ අමරිකන් බලපෑම් ගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන්න. ඔහුව තනතුරෙන් පහ කලා. "

" හරි..හරි ..ඒකෙ ප්‍රශ්නයක් නෑ..ඒත් මම ඇහුවෙ…"

" අමරිකාව ඉරාකයට පහරදීල මිනිස්සු දහස්ගණනක් මියගියා. ඊට පස්සෙ ඒ දවස්වල හිටපු අමරිකන් රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඕල්බ්‍රයිට්ගෙන්...." 

" හරි මම කියන්නම් ඉතුරු හරිය..........වාර්තාකාරයෙක් ඇහුව ඔබ මේක සාධාරණීකරණය කරන්නෙ කොහොමද කියල? මැඩලින් ඕල්බ්‍රයිට් කිව්ව..ඉට් වෝස් අ හාඩ් ඩිසිෂන්........" 

" අහ්..සඳුන් ඔබත් දන්නව එතකොට ඒ කතාව." 

" ඔව් මෝහාන්ධකාර මහත්මය ඔය කතාව ඔය විදිහටම කියනව මම මීට කලින් හත් අට පාරක්ම අහල තියනව..මට දැන් කට පාඩම් මැඩලින්ගෙ කතාව.. "

" ඉතින් සඳුන් මම මේ කියාගෙන ආවෙ.. "

" හරි මෝහාන්ධකාර මහත්මයා අපි මොහොතකට පිළිගනිමු එහෙම බටහිර බලපෑමක් තියනවය කියල අපේ රට අස්ථාවර කරන්ට..ඒ ඇයි ? " 

" ඉතාම පැහැදිලියිනෙ සඳුන්..බටහිර ජාතීන් කැමති නෑ..උඩු රැවුලක් තියෙන ප්‍රතාපවත් නායකයින්ට..."



මුවා මැරූ සලමන්ගේ කථාව 

බටහිර මැදිහත්වීම් ගැන අප මෙතරම් බියවන්නේ කුමකටදැයි මට නොතේරේ.එලෙසම තුවාලය සුවකොට ගැනීමට මැළිවන්නා ඉහඳ පණුවන් ගැන බියවියයුතු බව ද ඒහා සමඟම මසිතට නැඟේ. 

පසුගිය දිනක මන්ත්‍රී වරයකුගේ පහරදීමකට ලක්ව තම පදවියෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් එම තනතුර දැරූ කාලයෙහි මේ දූෂිත රජය වෙනුවෙන් කිසිදු හිරිකිතයක් නොමැතිව සුදු හුණු ආලේප කිරීමේ කටයුත්තෙහි යෙදුනේය. 

"An ambassador is an honest gentleman sent to lie abroad for the good of his country." තානාපතිවරයකු යනු තම රටේ යහපත වෙනුවෙන් අසත්‍යය පවසනුවස් විදේශයකට පිටත්කොට හරිනු ලබන අවංක පුද්ගලයෙකි. 

ඒ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනකි. ඒ උද්ධෘතය වෛද්‍ය නෝනිස්ට අදාල නොවනුයේ ඔහු අසත්‍යය පැවසූයේ රටේ යහපත වෙනුවෙන් නොව එක් පුද්ගලයෙකුගේ යහපත වෙනුවෙන් බැවිනි.ඉතා ව්‍යක්තව ඉංගිරිසි බස හැසිරවීමෙහිලා තම නිපුණත්වය ඔහු යොදාගත්තේ පාලක පෙලැන්තියේ ආරක්ෂාව උදෙසා කටයුතු කිරීම වෙනුවෙනි. 

සති කිහිපයකට පෙර අන්තර්ජාලයෙහි මා කියවූ පුවතක් මෙසේය. පුවතෙහි සත්‍යාසත්‍යතාව පසෙක තිබියේවා ඉන් කියවෙන්න කෙරෙහි අපගේ අවධානය යොමු කල යුතු බැව් මගේ හැඟීමයි. නෝනිස් මහතා මහ කොමසාරිස් පදවියෙන් ඉල්ලා අස්වූ පසු යම් සාදයකදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් මහතා ඔහු අමතා මෙසේ පැවසූ බව එහි සඳහන් විය. " I hope at least now you got to know the real face of the regime you were defending so vigorously. And I also hope now you can understand why we were so insistant on implementing good governance in your country " 

වර්තමානයෙහි බහුතරයක් දේශප්‍රේමය නිවැරදිව නිර්වචනය කොටගැනීමේ සහ වටහා ගැනිමෙහිලා අසමත් වන්නෝය.ඔවුනගේ දේශප්‍රේමය වනාහී පාලකයාහට කොන්දේසි විරහිතව පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීම මෙන්ම එලෙසම කොන්දේසි විරහිතව පාලක තන්ත්‍රය ආරක්ෂා කිරීමය.දේශප්‍රේමය යනු කිසිසේත්ම පාලකයා ආරක්ෂා කිරීම නොව තමන් උපත ලද දේශයට ආදරය කීරිම බව ඔවුහු නොදනිති. නො එසේනම් දේශ ප්‍රේමය යනු හුදෙක් පවතින පාලන තන්ත්‍රය රැකගැනීම යන විකාරරූපී අදහස ඔවුන්ගේ හිස් තුලට සට කපට දේශපාලුවන් විසින් හුදෙක් තම වාසිය උදෙසා ඇතුළු කොට නොමැකෙන ලෙස හංවඩු ගසා ඇත. 

පාලකයාගේ අගතිගාමී දුර්දාන්ත පාලනය රට විනාශ මුඛය කරා ගෙන යන බව සක්සුදක්සේ ඇස් පනා පිට දිස්වන කල්හි දේශ ප්‍රේමය වනුයේ හැකි විගස ඔහු බලයෙන් පහකොට පළවා හැරීම බව නොදන්නෝ අඳබාලයෝ නොවන්නෝද? 

වර්තමාන පාලනය අවම වශයෙන් හෝ නොඑසේනම් නාමමාත්‍රිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යනුයේ විදේශ බලපෑම් හේතුකොටගෙන බව නොදන්නේ කවුරුද? ඔවුහු උතුරු-නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වූවෝ 2013 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඒ ත්‍රස්තවාදය පරාජයකොට වසර හතරකටත් අධික කාලයක් ගතවූ පසුවය. ඉන්දියාව සහ බටහිර රටවලින් පැමිණි බලපෑම් හමුවේ රජයට එම මැතිවරණය පැවැත්වීමට සිදුවිය. ඒ විදේශ බලපෑමෙන් වූයේ අනර්ථයක් යයි පවසන යමෙකු වේ නම් ඔහු උග්‍ර අන්තවාදියකු මිස අනෙකෙකු නොවේ. 

විදේශයක රැකියාව කිරීමෙහිදී අප බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටළුවක් නම් මව්බිමෙහි රාජ්‍යානුග්‍රහයෙන් සිදුවන ලොව කිසිදු යුක්ති ධර්මයකට හෝ සාධාරණත්වයකට එකඟ නොවන නොපනත්කම් පිළිබඳව අප හා එකට සේවය කරන සහෝදර විදේශිකයින් අසන පැණයන්ට පිළිතුරු දීමේ අපහසුවයි. භාග්‍යකටමෙන් බහුතරයක් මෙහි සේවය කරන විදේශිකයෝ අන්‍ය රටවල සිදුවන දෑ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වති. 

වසර හතරකට පමණ මම සේවය කල සමාගමෙහිදී මගේ සහෝදර නිලධාරියකු වූ පිලිපීනුවෙකුගේ ප්‍රශ්න කිරීම් ඉදිරියේ මම බොහෝ සේ අපහසුතාවයට ලක්වුනෙමි.ඔහුගේ ප්‍රශ්න කිරීම් කිසිසේත් මා අපහසුවට ලක්කිරීමේ අටියෙන් නොවූ බවද මෙහිලා පැවසිය යුතුය. අන්තර්ජාතික සබඳතා පිළිබඳව ශාස්ත්‍රපති මට්ටමේ උපාධියක් ලබා සිටි ඔහු තම විෂය පිළිබඳව වූ උනන්දුව නිසාම අන්තර්ජාතික කටයුතු පිළිබඳව නිතර අධ්‍යයනයෙහි යෙදුනෙකි. අප එකිනෙකාගේ රටවල දේශපාලන තත්වය පිළිබඳ අපේ අවංක අදහස් දැනගැන්මට ඔහුට අවශ්‍යය විය. 

ලංකාවේ දේශපාලනයෙහි කරුණු කාරණා සිදුවන ආකාරය ඔහු විපිලිසර කිරීමෙහිලා සමත්වූ බව වෙසෙසින් පැවසිය යුත්තක් නොවේ. ජන්මයෙන් පිලිපීනුවකු වුවද බ්‍රිතාන්‍යයෙහි බොහෝකලක සිට පදිංචිවසිටි ඔහු එහි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නොමද අත්දැකීම් ලබා සිටියේය. 2010 මහ මැතිවරණයෙන් පසු ලංකාවේ සිදුවූ කිසිදු හිරිකිතයක් නොමැති පිල් මාරුකිරීම් ඔහුගේ විශ්මයට ලක්වූ අතර ඒ පිලිබඳව ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ මම නිරුත්තර වීමි. 

වියයුතු පරිද්දෙන්ම මගේ රුධිර පීඩනය ඉහළනැඟ මා රෝගාතුර වීම හෝ විකල්පය ලෙස ඉවසීමේ සීමාවත් පැන්නා, වළහා කිඹුලගෙ හොම්බට ඇන්නා යනුවෙන් ළමා කතන්දර පොතක සඳහන් පරිදි මවිසින් බ්‍රිතාන්‍ය / පිලිපීනුවාගේ හොම්බට ඇනීමට පෙර මගේ ඉටු දෙවියන් පිහිටවූවාක් මෙන් ඔහු අප සමාගම ඇරඹූ නව වැඩ බිමට ස්ථාන මාරුකොට තිබිණි. 

ඒ මීට වසර හතරකට පමණ ආසන්න කාලයකට පෙරය. එදවස සේවය කල ආයතනයෙන් ඉවත්වූ මම පසුගිය වසරේ අලුතින් ඇරඹි ආයතනයක සේවයට බැඳුනෙමි.මාස තුනකට පමණ ඉහතදී මහජන සම්බන්ධතා නිලධාරීවරයකු වශයෙන් ඉන්දියානුවකු අප ආයතනයෙහි සේවයට බැඳුණේය. මේ රටේ මහජන සම්බන්ධතා නිලධාරී නොහොත් P.R.O. යනුවෙන් හැඳින්වෙනුයේ යම් ආයතනයක සේවකයින්ගේ වෛද්‍ය සහතික, නේවාසික අවසරපත්‍ර, වීසා සහ ගමන් බලපත්‍ර යනාදිය ඒ ඒ අදාල රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු කොට නිසි පරිදි නියමිත කලට යාවත්කාලීන කිරීමේ රාජකාරිය භාරව සිටින්නාය. 

ඉන්ෂාන් අලි නම්වූ ඔහු ඉන්දියාවේ බෙංගලූරු නගරයේ වැසියෙකි. ඔහු හා මා අතර හුවමාරුවුනු මුල්ම දෙබස මෙබඳුය. 

" I did knew another Inshan Ali…. but that was around 40 years ago…" 

" Oh is that so?.... who was he if I may ask ? " 

" He was a West Indian cricketer during middle seventies..an off spinner if I remember right..actually a West Indian of Indian origin…" 

එසේ ඇරඹි අපගේ ආශ්‍රය සීග්‍රයෙන් වර්ධනය වූයේ ඉන්ෂාන් දෙවරක් ශ්‍රී ලංකාවෙහි සංචාරය කොට තිබීම මෙන්ම මම වරක් බෙංගලූරු නගරයට ගොස් තිබීම හේතුකොටගෙනය.බෙංගලූරු සරසවියෙහි ඉංජිනේරු උපාධියක් හැදෑරූ ඉන්ෂාන්ගේ බාල සොයුරාගේ එහි හොඳම මිතුරා වූයේ පානදුර ප්‍රදේශයේ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකි. බෙංගලූරු නගරයෙහි බොහෝ ලාංකික තරුණ තරුණියන් උසස් අධ්‍යාපනය ලබන බව මම හොඳින් දැන සිටියෙමි. මගේ මිතුරන් දෙදෙනෙකුගේ දරුවෝ එහි අධ්‍යාපනය ලැබූහ. 

පසුගිය නොවැම්බර් මස ජනපතිවරණය ප්‍රකාශ කල ඉක්බිති වියයුතු ලෙසම දිවා ආහාර විවේකයෙහිදී අප ප්‍රධාන වශයෙන් කථා කලේ ඒ සම්බන්ධයෙනි.ශ්‍රී ලංකාවෙහි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ යම් අවබෝධයකින් පසුවූ ඉන්ෂාන් මා අපහසුතාවයට පත්කරන ප්‍රශ්ණ ඇසීමෙන් චේතනාන්විතවම වැළකුණු බව මට රහසක් නොවීය. 

එහෙත් ඊයේ දහවල අප දිවා ආහාරය ගනිද්දී ඉන්ෂාන් මා අමතා මෙසේ විමසුවේය. 

" Ravi..please forgive me if I am putting you into a difficult position..but I am curious and I have to ask this." 

" Ok Inshan, no problem..go ahead.. 

" It's about Salman Khan supporting your president in his election campaign..what do you think? Are your voters so foolish or stupid as to vote for Your President because Salman Khan says  that Mahinda is an amazing man? " 

" Inshan let me tell you this ..I totally agree with Salman on that point . MR is an amazing man definitely. Who else would stoop so low & be so foolish as to bring an actor from a neighboring country and hope it will win him the presidency? Anyway to answer your question may be Mahinda thinks so... that the voters are so foolish......." 

ඒ කෙසේ වුවද " Mahinda Rajapakse is an amazing man " යනුවෙන් සහතිකයක් පමණක් නිකුත් කළ මුවා මැරූ සලමන් එක් දිනක් ලංකාවේ ගතකොට යලි නික්ම ගියේය. 

වසර තිහක් මුළු දිවයිනම වෙලාගත් ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ඒ මහා ධීර වීර පුරුෂයාහට යන්තමට ඉන් වසර පහමාරක් ගතවුණු සඳ ඒ තමන් බේරාගත් මිනිසුන්ගේ කැමැත්ත ලබාගනු පිණිස ඉන්දීය චිත්‍රපට නළුවකුගේ පිහිට පැතීමට සිදුවීම දෛවයේ කුරිරු සරදමක් විනා අන් කවරක්ද? 

අද දෙසැම්බර් 31 වෙනිද. 2014 අවුරුද්දෙ අන්තිම දවස..හෙට අලුත් අවුරුද්දක්..ඒ 2015 නව වසර...2014 උදාවෙද්දි තිබුණට වඩා නැවුම් බලාපොරොත්තුවක් අනාගතය ගැන සුභවාදී අපේක්ෂාවක් දෝතින් අරගෙනයි 2015 අවුරුද්ද උදාවෙන්නෙ..එහෙනම් තව දවස් අටකින් උදාවෙන ඒ සුබ දවසෙ අපි අලුත් වෙනසක් කරමු .......ඔබ සැමට නව වෙනසක් සහිත සුබ නව වසරක්!!! 

25 comments:

  1. රවී,
    ගොඩක් දේවල් කියන්න හිතට ආවත් ඒ සියල්ල හිතේ තියාගෙන මෙහෙම කියන්නම්.
    ඔබටත් නව වෙනසක් සහිත සුබ වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. Helapa,

      එසේම වේවා හැලප!......ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක්!!!

      Delete
  2. වෙනසක් සමග හමුවෙමු.
    රවී අයියා ඇතුලු පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මධූ,

      යස්..වෙනසක් සහිත ලොවකට මා රැගෙන යන්න..උතුමාණනි!!!

      ඔබටත් ඥාති හිතමිත්‍රාදීන් සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  3. රවී අයියා ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  4. සුබ නව වසරක් වේවා රවි.

    අරවගේ වෙලාවල අපහසුතාවයට පත්වියයුතු නෑ. අපහසුතාවයට පත්වියයුත්තේ ඔබත් අර කියපු උදවිය වෙනුවෙන් පෙනී සිටිය නම් තමයි.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / අරවගේ වෙලාවල අපහසුතාවයට පත්වියයුතු නෑ. අපහසුතාවයට පත්වියයුත්තේ ඔබත් අර කියපු උදවිය වෙනුවෙන් පෙනී සිටිය නම් තමයි. /

      ඔබ කියන කතාව ඇත්ත. ඒත් සාමාන්‍යයෙන් යම් රටක පුරවැසියො උනහම ඒ රට ගැන තියන පිළිගැනීම සහ ආකල්ප මත තමයි පොදුවේ හැමෝම මැනෙන්නෙ. පොඩි උදාහරණයක් ගත්තොත් මා එක්ක කාලයක් වැඩ කලා සෝමාලියානු ඉංජිනේරුවෙක්...සෝමාලියාව ප්‍රසිද්ධයිනෙ නැව් මංකොල්ලකාරයො ගැන. ඉතිං අර මනුස්සයව පොදුවෙ හැඳින්වුනෙ කප්පල් කල්ලෙන් යන නමින්. දෙමලෙන් නැව් හොරා..ඒක ඇත්තටම විහිලුවට දාපු නමක්. ඒත් මම කියන්නෙ ඕනම මිනිහෙකුට තමන්ගෙ රට ගැන තියෙන පිළිගැනීමෙන් සම්පූර්ණයෙන්ම ඈත්වෙන්න බෑ කියලයි.

      ඉතිං අර පිලිපීනුවා ගැන කිව්වොත් ඌ අහන්නෙ " if you don't like what's happening in your country why don't you do something about that ? " කියල....ඉතිං ඒකට දෙන්ට සුදුසු උත්තරයක් මා ලඟ නෑ..අපහසුතාවයට පත්වෙනව කියල මම කිව්වෙ ඒකයි.

      සුබ නව වසරක් රාජ්..ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනාට!!!

      Delete
  5. මොන මගුලක් උණත් රවි අය්ය මේ බ්ලොග් ලෝකෙන් දේසපාලුවොයි දේසපාලනෙයි හැදි ගෑවිල යනව නං මං ඒ තරං සතුටුයි...
    පහුගිය දවස් ටිකේම බ්ලොග් පැත්ත පලාතෙ ආවෙ නෑ
    ඌෟෟෟෟෟෟ

    එළඹෙනා නව වසර කිරියන් පැණියෙන් උතුරන
    ගිනි ගින්දර පට්ට පට පට නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. Mahesh,

      / මොන මගුලක් උණත් රවි අය්ය මේ බ්ලොග් ලෝකෙන් දේසපාලුවොයි දේසපාලනෙයි හැදි ගෑවිල යනව නං මං ඒ තරං සතුටුයි…/

      ඒක කරන්නෙ කොහොමද ගොයියො? දේශපාලනේ අපෙ ජීවිතවල හැම අස්සක් මුල්ලක් නෑරම රිංගල තියනකොට ඒක කරන්ට බෑනෙ අපි කොච්චර එහෙම කැමති වුනත්...:)

      සුබ නව වසරක් මහේෂ්..ඔබටත් පවුලේ සියලු දෙනාටත්!!!

      Delete
  6. එල ද බ්‍ර..
    සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුබ නවවසරක් ඔබටත් පවුලේ සැමටත් සංජීව මල්ලි...:)

      Delete
  7. //බටහිර මැදිහත්වීම් ගැන අප මෙතරම් බියවන්නේ කුමකටදැයි මට නොතේරේ.//

    1 දැන් ඇත්තේ දේශපාලන හෝ යුධමය අදිරාජ්යවාදයක් නොව ආර්ථික වාසි ලබා ගැනීමේ තරඟයක් බව නොදන්නෝ හෝ නොතේරෙන්නෝ රටවල් භෞතිකව අල්ලාගැනීම යල් පැන ඇතිබව නොදනිති. ආර්ථික අදිරාජ්යවාදයට බටහිර නැගෙනහිර වෙනසක් නැත. ඔය බටහිර කතාව යටත් විජිතයක්ව සිටීමෙන් ඇතිවූ මානසික ප්‍රශ්නයකි.

    2.Having external enemies (either real or, more often than not, imaginary) is a surefire way of having internal support ! A time tested, fool proof ( proof of mass idiocy :-D) method to generate local support. Ask George Bush, Ask Mugabe !

    Happy New Year Ravi ( well, at least let's hope that it will be a bit happier than the last)

    ReplyDelete
    Replies
    1. Pra,

      ජේම්ස් හැඩ්ලි චේස්ගෙ පොත්වල නිතර කියවෙන වැකියක්මේ " There's a sucker born every minute "

      මනඃකල්පිත බාහිර සතුරකු පෙන්වා හර්තාල් දමන දරුවන් නිහඬ කරවීමේ උපක්‍රමය අපෙ අම්මල අත්තම්මලත් කලා යස අගේට.." බුදියගන්ට කෑනොගහ..අපි දන්නෙ නෑ ඔන්න අන්න අතන වැට එහාපැත්තෙ ඉන්නව ගෝනි බිල්ල..අල්ලගෙන ගියොත් අපි නෑ.."

      Happy new year Pra..to you & your family!!!

      Delete
  8. අරූ ෂූටින් වෙනුවට ෆයරින් කරන්න ගිහින්ද මුවා මැරිල තියෙන්නේ? හැක් හැක්.. 'සලමන්' ව ගෙන්නලා 'ශාරුක්' ට චියර් කරලා ලොක්ක තිබ්බ ලකුණු ටිකත් කපා ගත්තා.. උගේ මූණ දැක්කම මටනම් දුක හිතුනා.. ඌ උනත් එන්න ඇත්තෙ මෙච්චර මෝඩ චූන් එකක් කියල දන්නේ නැතුව වෙන්නැති..

    එව්වා වැඩක් නෑ.. ඕන් එහෙනම් රවී අයියා ඇතුළු පවුලේ හැමටම සුභම සුභ නව වසරක් වේවා! ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. සල්මාන් කාන් රෑ ම ගිහින් තියෙන්නේ , මිනිහාට හොටෙල් එකේදී කෙනෙක් කියලා ලංකාවේ උන්ගේ හැටි ," ඉන්දියාවේ අගමැති උන රාජීව් ගාන්දිට ත් තුවක්කු බැඳෙන් ගැහුවා , උබ එලියට බැස්සොත් මුනත් නැතිව යන්න වෙන්නේ කියලා " එක මතක් උන ගමන් ඌ රෑ ම පැනලා ගිහින්

      Delete
    2. කළ්‍යාණ,

      / අරූ ෂූටින් වෙනුවට ෆයරින් කරන්න ගිහින්ද මුවා මැරිල තියෙන්නේ? හැක් හැක්../

      සලමොං විතරක් නෙවෙයි ඔය මුවාගෙ කේස් එකට තව නිළියො දෙතුන් දෙනෙක්ම ගෑවිල ඉන්නව. වෙලාවට ඒ කාලෙ අපෙ රුපියල් දෙසීයෙ ආප්ප නෝනා සලමව අඳුනන්නෙ නෑ. නැත්තං ආය දෙකක් නෑ ඒ යෝදිත් ඕකට ගෑවෙනව.

      මුවාගෙ සීන් එක විතරක් නෙවෙයි..සලමට මිනීමැරුව කියලත් නඩුවක් තියනව. බොම්බායෙ ඩෝප් සීන් එකේ වාහනේ පාරෙන් පැනල පේව්මන්ට් එකේ නිදාගෙන හිටපු ගෙයක් දොරක් නැති අසරණයො කට්ටියක් යට කරගෙන ගිහිල්ල. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මැරුණ ඒ සීන් එකෙන්. ඔන්න... අපෙ පොර වෙනුවෙන් කැම්පේන් කරන්න එන්නෙත් මිනීමරුවො....

      / 'සලමන්' ව ගෙන්නලා 'ශාරුක්' ට චියර් කරලා ලොක්ක තිබ්බ ලකුණු ටිකත් කපා ගත්තා.. උගේ මූණ දැක්කම මටනම් දුක හිතුනා.. ඌ උනත් එන්න ඇත්තෙ මෙච්චර මෝඩ චූන් එකක් කියල දන්නේ නැතුව වෙන්නැති.. /

      සලම තකහනියක් එක දවසෙන්ම ගියාය කියන්නෙ ඉන්දියන් එම්බසි එකෙන් කිව්වලු වහාම යන්න කියල.රටේ වර්තමාන තත්ත්වය අනුව ආරක්ෂාව අවදානම් කියලයි අනතුරු අඟවල තියෙන්නෙ.

      Delete
    3. Fernando Surendra,

      හෙහ්..හෙහ්..හැබෑට ඒක කියන්ටත් බෑ තමයි...සලම බයවෙන්ට ඇති අම්බානක...අනික තකහනියක් ලංකාවට ගෙන්නල අර දෙනෝදාහක් මැද්දෑවෙ " සාරුක්කාංට ජයවේවා!!! " කිව්වල මල නොපනින්නෙ මොන යකාටද?

      Delete
  9. වාසනාවන්ත, ප්‍රීතිමත්, ධන ධාන්‍ය වලින් පිරි නව වසරක් වේවා රවී!

    ReplyDelete
    Replies
    1. රයිගම්,

      ඔබටත් එසේම පතමි රයිගම්!!!

      Delete
  10. නියමයි කියල තමා කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්...:)

      Delete
  11. http://sinhala.lankanewsweb.net/news/15152-kjhu

    ReplyDelete
  12. රවී අයියා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා ... !!! නිවාඩුවෙන් පස්සේ බැක් ටු නෝමල් වුනේ අද තමයි ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...