Thursday, January 15, 2015

300. මොළේ කොළොප්පං මුදලිවරු,සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරු සහ යහ පාලනය

From Facebook

පර්සි මහේන්ද්‍ර ගොයියා ගේම අතාරින පාටක් කොහෙත්ම පේන්නට නම් නැත. .මට හිතෙන විදිහට වැඩේ වෙලා තියෙන්නේ මේකය.ඒ විස්තරේ කියන්ට කලින් පොඩි කතාවක් කියන්ට තියනවාය. අපි පොඩි කාලෙ හිටියෙ කෑගල්ලෙය කියල මම කලින් කියලා තියෙනවා ඔබ තමුන්නාන්සේලාට මතක ඇතය කියා සිතනවාය. ඒ කාලෙ අපි හිටපු රජයේ නිල නිවාස පහුකරල ඊට උඩහින් තිබ්බ රබර් වත්ත මැදින් ගියහම ඒ කඳුගැටේ අනික් පැත්තෙ බෑවුමේ පරණ වළව්වක් තිබ්බාය.මම ඔය කියන කාලෙවෙන කොටත් හොඳටම ජරාවාස වෙලා තිබ්බ ඒ වළව්වෙ හිටියේ වයසක මහත්තයෙක් සහ ඊටත් වඩා වයසක ඔහුගේ සේවකයා විතරය. 

බොහොම කාලෙකට ඉස්සෙල්ල හින්ද මට ඔය කාගෙවත් මූහුණු එහෙමනම් මතක නැත.වලව්වේ පදිංචිව සිටි මහත්මයා බෙල්ල ගාවට කොණ්ඩෙ වවාගෙන හිටිය කියල නම් මතකය. සුදුම සුදුයි උන්දැගෙ කොණ්ඩෙ. ඒ වළව්වේ අයිතිකාරයා බවත් දූ දරුවන් සියල්ල පිටරට පදිංචි බැවින් එකම සේවකයෙක් සමඟ තනිවම මේ වළව්වෙහි පදිංචිව සිටින බවත් අම්මාට කියා ඇත්තේ අවට වසන්නන් ගැන තොරතුරු සියල්ල හොඳින් දන්නා නැදුරන නෝනා මහත්මිය විසිනි. ඇය මේ ගමේ මුල් පදිංචිකාරියකි. 

වළව්ව අයිතිකාර මහත්මයා අපේ නෙත් සිත් පැහැරගත්තේ ඒ කිසිවක් නිසා නොව ඔහුගේ යම් විශේෂිත හැසිරීමක් නිසාය.සතියකට කීපවරක්  දණහිස දක්වා දිගු 
කලු පැහැති 
කබායක් සහ සුදු සරමක් හැඳ මනාසේ ඔප කල රිදී පැහැ විල්ලක් යෙදූ සැරයටියක් අතින් ගෙන හරියටම නාසය කෙලින් ඉදිරිය බලාගත්වනම ඔහු අප නිවෙස් ඉදිරිපිටින් කෑගල්ල නගරය දක්වා දිවෙන පාරේ ගමන් කරයි.කලු කබායේ ඉණවටා රතු පැහැ අඟල් හයක් පමණ පලළින් යුතු බඳ පටියක්ද එක උරහිසක් වටා ඊට වඩා පළලින් අඩු බඳ පටිය හා සම්බන්ධ වන සුදු පැහැ පටියක්ද පැළඳ සිටි ඔහු පාර දෙපස රැස්ව හුන් කුඩාවුන් දෙස කිසිම විටෙක නිකමට හෝ හැරී නොබැලූ බව ද මට මතකය. මුල් දින කීපයෙහි සියලු කෙලි සෙල්ලම් නවත්වා වැට ලඟට දිවගෙන විත් අයාගත් මුවින් ඒ දෙස බලාසිටි අපට පසුව ඒ එතරම් විශේෂිත කාරණයක් නොවූයේ වියයුතු ලෙසමය. 

"ඔය ඉස්සර මෙහෙ කච්චේරියෙ වැඩ කරපු මුදලි කෙනෙක්.සුද්දො දිසාපතිල වෙලා හිටපු කාලෙ ඔය විදිහට කළු කෝට් ඇඳගත්තු මුදලිවරු එයාල ගාව රාජකාරි කලාලු.අර රතුපාට පටියට කියන්නෙ බාපනේ කියල "  අම්ම දවසක් මට කියල දුන්න. 

" එතකොට මොකද ඒ මුදලිතුමා තාම ඒ ඇඳුම ඇඳගෙන පාරෙ යන්නෙ? "  

" අවුරුදු ගාණක් එයා ඔය රස්සාව කරල තියනව. සුද්දො ගියාට පස්සෙ මුදලි රස්සාවත් නැතිවුනානෙ. ඒත් එයා තාම හිතාගෙන ඉන්නවයි කියන්නෙ කච්චේරියෙ මුදලි රස්සාව කරනවයි කියල. ටිකක් සිහි කල්පනාව මදි කියලයි කියන්නෙ. "

" එහෙම වෙන්නෙ කොහොමද අම්මෙ? " මම ඇහුව..

" එහෙම තමයි ළමයො..මොනවහරි දෙයක් ගැන බොහොම ආසාවෙන් හිටියම පස්සෙ ඒක නැතිවුනාම හිතට දරන්ට අමාරුයි. යටිහිතෙන් හිතාගෙන ඉන්නෙ තමන් තාමත් පරණ විදිහටම පුරුදු රස්සාව කරගෙන ඉන්නවයි කියල. ඒකත් එක විදිහක පිස්සුවක් තමයි. " අපෙ අම්ම එහෙම කිව්ව. 

ඔය කච්චේරි මුදලිවරු ගැන අපූරු විස්තරයක් තියනව ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ අඹ යහළුවෝ පොතේ. ඒකෙ අර පොහොසත් ළමයා සුනිල්ගෙ තාත්තා ඇවිල්ල නුවර කච්චේරියෙ මුදලිතුමා. ඉංග්‍රීසියෙන් කිව්වෙ මුඩ්ලියර් කියල. 

" සිංහල බෞද්ධ ඡන්ද වැඩි ප්‍රමාණයක් මටයි ලැබුණෙ. ඒ නිසා මම තවමත් සිංහල බෞද්ධයින්ගෙ ජනාධිපති.." 

පර්සි මහේන්ද්‍ර ඔහොම කිව්වයි කියල අහපු වෙලාවෙ මට එක පාරටම මතක් උනේ අර පොඩි කාලෙ අපේ ගේ ඉස්සරහිං මෝල්ගහක් ගිල්ලවගෙ අංසක අනූවට 
කොන්දත් කෙලින් කරගෙන 
 කලු කෝට් බෑයකුත් දාගෙන 
පාර දිගේ 
ඇවිදගෙන ගිය මුදලිතුමා. එතුමාටයි මෙතුමාටයි දෙන්නටම තියෙන්නෙ එකම අසනීපෙ කියලයි මට හිතෙන්නෙ. යථාර්ථය පිළි ගැනීමට මැළි වීම නොහොත් ෆැන්ටසියක ජීවත්වීමට ඇති බලවත් ආශාව. 

හමුදා කුමන්ත්‍රණ වැඩේ අසාර්ථක උනාට පස්සෙ පර්සි මහේන්ද්‍ර මැද මුලනට පලාගියා. ඔය හමුදා කුමන්ත්‍රණ වැඩේ ඇත්තක්මද කියල අපි හරියට දන්නෙ නෑනෙ. නීති ක්ෂේත්‍රයෙ තියනව පරිවේෂණීය සාක්ෂි කියල එකක්. ( ඉංග්‍රීසියෙන් Circumstantial Evidence ) ඒ කියන්නෙ අපරාධයක් වගෙ දෙයක් ඇසින් දුටු සාක්ෂි නැතුවට වෙනත් අප දන්නා සාධක අනුව නිගමනයකට එළඹෙන්නට පුලුවන්. ඒ අනුව නම් කියන්ට තියෙන්නෙ පර්සි මහේන්ද්‍ර Guilty As Charged කියල තමයි. මෙතුමා අන්තිම මොහොතේ එහෙම දෙයක් ට්‍රයි නොකලනම් තමයි පුදුම වෙන්ට ඕන.මොකද මනුස්සය හිතාගෙන හිටියෙ මේ පාරත් විසිට්ට ජයග්ගරහනියක් ලබනවයි කියලනෙ. මම හිතන්නෙ රෑ දොළහ වගෙ වෙනකොට වැඩේ ජෝන් බාස්ට යන බව තේරුනම මිනිහට ඉහිලුම් නැතුව යන්ට ඇති. අර මම කලින් කිව්ව ෆැන්ටසිය බිඳ වැටීම එහෙම කෙනෙකුට දරාගන්ට බොහොම අමාරුයි. 

තව කාරණයක් තියනව ඔය කුමන්ත්‍රණ කතාව බොරුවක් වෙන්ට බෑ කියල හිතන්ට. ඕක මහ බරපතලම චෝදනාවක් කියල අමුතුවෙන් ආය කියන්ට දෙයක් එහෙම නෑනෙ. ජෙනරල්ව හතර ගාතෙං උස්සගෙන ගිහිල්ල වැලිකඩ කූඩු කලේ මේ චෝදනාවට අලගු තියන්ටවත් පුලුවන් තරමෙ චෝදනාවකට එහෙම නෙවෙයි.මේ ටෙන්ඩර් වංචාවක් කලාය කියල. එතකොට මේ වගෙ බරපතල චෝදනාවක් කලාම ඇත්තටම නිවැරදි මනුස්සයෙක්නම් මොකද කරන්ට ඕන වහාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල අවධාරණයෙන් ඉතාම දැඩිලෙස කියන්ට ඕන මේ චෝදනාව සම්පූර්ණ බොරුවක්ය. මට මඩ ගහන්ට මගෙ කීර්තිනාමෙට කැළැල් කරන්ට මගෙ දේශපාලන ජීවිතය අහවර කරන්ට හිතාගෙන කරන අමූලික අසත්‍ය චෝදනාවක්ය කියල. ඒ කරල දේයි දෙයි කියල පපුවට ගහ ගන්ට ඕන ටී.වී. එකෙන් බලා ඉන්න බබලත්තුංගෙ කොඳු නාරටි හීතල වෙලා යන්ට. ඒ එකක්වත් කලාද? කලාද? ඔහෙ නෑ..මියා වගෙ හිටිය සද්ද නැතුව. 

එතුමට තියන අසනීපෙට කියන්නෙ Megalomania කියල.. මධුර කිව්ව විදිහට සිංහල වචනෙ ඇවිල්ල හිට අහංකාරෝන්මාදය, ඇයි ඈම් ද පොර...නෝ මෝ පොරක් දෑන් මී ඉන් සිරිලංකා...නොට් නව්, නොට් ටුමෝරෝ ඇන්ඩ් නෙවර් විල් බී..අන්න එහෙමයි මහින්ද චින්තනය... 

ජනේලය උඩ නැඟ ජාතිය ඇමතීම එන්නෙත් ඒ වර්ගීකරණය යටතට තමයි. යේසුස් වහන්සෙගෙ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනයෙන් පස්සෙ මෙහෙම එකක් මම නම් ඇහුවමයි. 

එතුමා එහෙම සර්කස් වැඩ වලට ටිකක් විතර මනාපයි. 2005 චන්දෙදි එතුමාගෙ ඇඩ් එකක් ගියා මෙහෙම. ඔන්න ඈත තියනව ඉස්ටේජ් එකක් ගහල නිල් පාටින් සරසල එහෙම. මෙතුමා ඉන්නෙ මීටර් 50 විතර දුරින්. ඔන්න එතුමා උසේන් බෝල්ට් වගෙ දණිහක් එහෙම නමල ලෑස්ති වෙනව. ඔන් යුවර් මාක්ස්... ගෙට් සෙට්..ගෝ කිව්වම ඔන්න එතුමා දණිපණිගාල නැඟිටල හුරේ රන් එක දෙනව ඉස්ටේජ් එක දිහාවට. සුදු සරම වළාපොට ගහගෙන දුවන්නෙ. කුරහං සාටකේ සුළඟේ ලෙළ දෙනව හරියටම එතුමට ආශිර්වාද කරනව වගෙ. 

ඔන්න ඉස්ටේජ් එකට අඩි පහක් වගෙ තියෙද්දි එතුමා අත්දෙක උස්සල පනිනව ඉස්ටේජ් එක උඩට දබෝරියං කියල. එතන පඩිපෙළක් තියනව හදල ඉස්ටේජ් එකට නඟින්ට. එව්ව වැඩක් නෑ එතුමට. ඉස්ටේජ් එක උඩට එතුමාණෝ පතිත වෙන කොටම රැස්ව ඉන්න ජහමනයා ඔල්වරසං දෙනව. පිලී හිස් සිසාරවනව. පැළඳ සිටි හිස් වැසුම්,තලප්පා ගලවල අහසට වීසි කරනව. එක දෙව්ලාවයි. ඒ අස්සෙ පසුබිමිං ඇහෙනව අර උරහිස දක්වා කොණ්ඩෙ වවා ගත්තු ගායකයගෙ හඬ...පණ ඇති මිනිහෙක්...අපිට ඕන පණ ඇති මිනිහෙක්....ඔය ඉස්ටේජ් වලට පැනිල්ල නතර උනාය කියන්නෙ අකුරැස්සෙද කොහෙද ඉස්ටේජ් එකට පැන්න පාර ඒක කඩාගෙන පස්ස බිම ඇනුනට පස්සෙං පහුය කියල කියනව. 

අර පපුවට ගහ ගැනිල්ල දැකල තියනවද ඔහෙල? බලන්ට දුකේ බෑ. පළමුව මව් බිම... දෙවනුව මව් බිම... තෙවනුවත් මව් බිම. පපුවට දේයි දේයි ගාල ගහගන්න අතරෙ ඔහොම කෑගහනව ඉස්ටේජ් එක දෙක වෙන්ට. රැස්වීමට ආපු මිනිස්සු ආය නෑ මීක් කියන්නෙ නෑ. මයිල් කොයිල් වෙලා බලා ඉන්නව තුස්නිම්බූත වෙලා. ඔය පපුවට ගහ ගන්න කොට දබෝයි දබෝයි ගාල සද්දෙ එන්නෙ කමිසෙට යටිං තියනව රබර් කාපට් එකක් පපුවෙ බැඳගෙන. ඔය වැඩේ නවත්තල දැම්ම එකත් මරු කතාවක්. එක දවසක් එතුමාට රැස්වීමකට යන්ට හදිස්සියෙ ඔය කාපට් එක බැඳගන්ට අමතක උනා. අදනම් නිකම්ම මව්බිම කියල කෑගහනව මිසක පපුවට ගහගන්නෙ නෑ කියල හිතාගෙනම හිටියට කතාව නැඟල ගියපාර එතුමට ඒක අමතක උනාලු. ඉතිං වෙනද පුරුද්දට ගහ ගත්තෙ නැතැයි පපුවට. අපොයි ගහගත්ත තමයි. එහෙම්මම ටිකක් පාත්වෙලා හිටියලු පෝඩියම් එක බදාගෙන.එදයිං එදයි පපුවට ගහ ගැනිල්ලත් අතෑරලම දැම්මලු. 

අනික් එක පර්සි මහේන්ද්‍ර තුමාගෙ කටහඬ, එතුමට උපදෙස් දෙන කේවට්ටයො කියල තියෙන්නෙ පරණ මයිනර් එකක මළකඩ හූරනව වගෙ ගොරෝසු කටහඬක් තියන එක මනා පෞරුෂයෙ ලක්ෂණයක් කියල.ඒ නිසා එතුමා කොහෙගියත් දවල් කෑමට කොහිල කටු වෑංජනයක් තියනවමයි. කොහිල කටුවලට උගුර හීරුනහම තමයි අර ගොරෝසු කටහඬ එන්නෙ. 

කොහොම හරි අන්තිමට කටවුට් ගැහිලි, ජාතිවාදය ඇවිස්සිලි, සලමයි ජැකියි ගෙන්නිලි එව්ව ඔක්කොම ගඟට කපපු ඉණි වගෙ වෙලා අපේ ගරු කටයුතු පර්සි මහේන්ද්‍ර තුමා ඡන්ද ලක්ෂ හතරහමාරකින් පැරදුනා. අනේ කාලේ වනේ වාසේ... 

ඒත් වැඩේ කියන්නෙ එතුමා තවම පරාජය බාරගෙන නෑ. තවත් දත කන්නෙ මොන ජිල්මාට් එක දාල හරි බලය ගන්ට. මම අර කලින් කිව්වෙ මෙගලොමේනියැක්ල ගැන එයාලගෙ ටිපිකල් සිම්ප්ටම් එකක් නැත්නම් දර්ශීය ලක්ෂණයක් තමයි ඕක. යථාර්තය පිළිනොගැනීම. 

මම අර මුලින්ම කියපු මුදලිතුමාත් එහෙමයි. හැබැයි එතුමාගෙ ලෙඩෙයි මෙතුමාගෙ ලෙඩෙයි ලොකු වෙනසක් තියනව. ඒ මුඩ්ලියර්ගෙ අසනීපෙ හින්ද කාටවත්ම කිසිම කරදරයක් තිබුනෙ නෑ. ඒත් මෙතුමාගෙ මේ ලිවිං ඉන් අ ෆැන්ටසි හින්ද මේ මුලු රටම අනතුරේ කියන එක නම් නොකියාම බෑ.මොකද මේ ජාතිවාදය ඇවිස්සිල්ල බොහොමත්ම භයානකයි. අර නානසාර්ගෙ බල සේනාව ටිකක් මේ දවස්වල පහු බැහැල ඉන්නෙ. ඒ මඤ්ඤමාල ටිකත් මෙයාට එකතු උනොත් තත්වෙ බොහොම භයානක වෙන්ට ඉඩ තියනව. ඒ නිසා තවම සටන ඉවර නැතිබව විතරක් අමතක කරන්ට එපා!!! 

ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන! රජෙකු, ඔටුන්න හිමි කුමරකු හෝ රජ පරපුරක් අපට අවශ්‍ය නොවේ! කරුණාකර ඉතිහාසයේ ඔබට හිමිව ඇති ස්ථානය එළෙසම ආරක්ෂා කරගනිමින් පිටව යනු මැන!

62 comments:

  1. ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන! රජෙකු, ඔටුන්න හිමි කුමරකු හෝ රජ පරපුරක් අපට අවශ්‍ය නොවේ! කරුණාකර ඉතිහාසයේ ඔබට හිමිව ඇති ස්ථානය එළෙසම ආරක්ෂා කරගනිමින් පිටව යනු මැන!

    සපුරා එකඟයි.

    අනේ රවියෝ උඹ දන්නේ නෑ මේ දවස් වල ෆේස් බුක් එපා වෙලා ඉන්නේ හරියට මලගෙයක් වගේ. අර පහුගිය දවස් වල හිටිය දෙශප්‍රේමියෝ, ජාතිවාදියෝ දැන් මොකුත් නෑ. බෝරින් කියන්නේ _කින් බෝරින්.
    අන්න එහෙම වෙලාවට බොලාගේ මේ කටහ වල වටිනාකමට හරි නම් අපි බොලාට ගෙවන්න ඕනේ ඩොලර් නෙමෙයි ස්ටර්ලින් පවුන් ....
    ඩොලර් වලට වඩා පවුම් වටිනාකම වැඩියි හරි!

    ReplyDelete
    Replies
    1. රංගි,

      / මේ දවස් වල ෆේස් බුක් එපා වෙලා ඉන්නේ හරියට මලගෙයක් වගේ. ./

      හෙහ්, ආය මොනවද බං පිස්සුව හොඳ එක...අර දැක්කද පර්සි මැදමුලනට ගිහිල්ල හෙලිකොට්ටරෙං බහිනකොට මිනිස්සු අඬපු හැටි..අම්මාපල්ල....මොකටද ඉතිං?

      උඹ දන්නවද ලොක්ක පරදින්ට ඇත්තම හේතුව? අර වසීබෝලෙ ඉන්න දෙයියො තුන්දෙනා මෙදාපාර වැඩ වර්ජනය කරල. ඇයි බොලේ දෙයියො කියල උනුත් කැමති ඇතිනෙ පොඩ්ඩක් රිලැක්ස් එකේ නිවාඩුවක් කාරිය ගන්ට. මේ මනුස්සය එක්ක එව්ව කොහෙද? දැන් ඔය පලාත්සබා චන්ද බලාපං..ඔව්ව ඔක්කොම එක දවසෙ තිබ්බ නං දෙයියන්ටත් එක දවසයි වැඩ. ඊට පස්සෙ ආතල් එකේ හිටියෑකිනෙ හවසට හවසට අමුර්තෙ ෂොට් එකක් කාරිය දාගෙන. මේක එහෙමද? බස්නාහිරයි වයඹයි එක දවසක. උතුරුමැදයි, සබරගමුවයි ආය දවසක. ඊට මාසෙකට පස්සෙ දකුණයි ඌවයි...ඔය අස්සෙ විපක්සෙ එක එකා වසී කොරල දෙන්ටත් ඕන..එක දවසක් දයාසොරි, ඊලඟට ටිස්ස අත්තන යකා...

      බැරිම තැන දෙන්නං උඹට රංකිරි කටිං එන්ට කියල තමයි ඔය දෙයියො තුංදෙනා එදා අට වෙනිද දවසම ඉහේ ඉඳං පෙරෝගෙන බුදියල තියෙන්නෙ. ඕක තමයි ලොක්කට කෙලවෙන්ට හේතුව...නැතුව මේ අපි හිතාගෙන හිටියට පොදුජනයා ඥාති සංග්‍රහයට, අල්ලස හා දූෂණයට, විරුද්ද පාක්සිකයින්ට තඩි ගැහීමට විරුද්දව ඡන්දෙ දුන්නය කියල එහෙම කෙහෙල්මලක් නෙවෙයි වෙලා තියෙන්නෙ.

      Delete
    2. පස්සෙ කොහොමහරි ලොක්ක ආයම දෙයියො එක්ක ෂේප්මන්ට් එකක් දාගෙන.දෙයොයො කිව්වලු ලොක්කා කොහොමහරි පාර්ලිමේන්තුවට රිංග ගනිං..ඉතිරි හරිය අපි බලාගඤ්ඤම්ය කියල. ඒකනෙ පොර ඔය පාර්ලිමේන්තුවට රිංගන්ට මරු විකල්ලෙං වගෙ දඟලන්නෙ...තේරුණය?

      Delete
  2. මේක නං පරණ තරහකටත් එක්ක ලියපු එකක් වගෙ.... හි හි....

    ලොක්ක ගැන අපේ ගෙවල් පැත්තෙ අය කියන ඒවා තමයි අහන්න වටින්නෙ.... (අපේ තාත්තත් ඇතුලුව..) ගෙවල් වල වැඩක් නැතුව ඉන්න ගෑණු නඩේ නං ගියාලු බස් එකක් එහෙම අරගෙන.... හනේ අනිච්චෙ.. කතා කරපු තැන තිබ්බ ලයිට් එකට ලෑම්ප් ෂෙඩ් එකක්වත් තිබ්බෙ නෑ කියල කියන්නෙ කම්මුලේ අත ගහගෙන.... කාල්ටන් එකයි මැදමුලනයි පටලෝගෙන, ‌ඕව නං නිකං සංදර්ශන විතරයි කියල තව ටිකෙන් මං ගුටිත් කනව... හපොයි..... දවස් දෙකක් විතර ඡන්දෙන් පස්සෙ ගෙදර යන්න බයේ හිටියෙ කලින් කියපුවට මාව එලෝලම දායි කියල.... එකක් දෙකක් නෙවෙයි.... තුනක්ම ඉන්නව.... මහින්දටයි හෙන්චයියන්ටයි බැන බැන හිටියට මං නිකමට වත් හිතුවයැ මෛත්‍රි පප්ප දිනයි කියල..... එහෙනං කට වහගෙන ඉන්න තිබ්බ....

    ReplyDelete
    Replies
    1. හිරු,

      / මේක නං පරණ තරහකටත් එක්ක ලියපු එකක් වගෙ.... හි හි.... /

      කතාව ඇත්ත...හෙහ්,හෙහ්..2004 දෙසැම්බර් ඉඳං එන පරණ තරහක් ඕක..හෙල්පිං හම්බන්තොට වැඩෙන් තමයි පටං ගත්තෙ. වැඩේ කියන්නෙ මේ මනුස්සය අටවෙනිද පැරදුනාම මම හිතුව අනේ අප්පේ මටත් දැන් බැරිය ඔය කෝන්තර අමතක කරන්ට කියල. කොහෙද එතුමා ඒකට ඉඩ දෙන්නෙම නෑ නෙව...:)

      Delete
  3. උඹගේ පෝස්ට් වලට කොමෙන්ට් දාන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ උන්නට, මේකට නම් නොදා බෑ.. මොකෝ ඇඳි වතේ චූ ගියා.. හිනාවෙලා..

    අර දෙයි දෙයි ගාලා පපුවට ගැහිමේ පේටන්ට් එක හැලපයගේ..

    නානසාරගේ පීකරේ ටික දවසකට රෙපයාර් එකට දැම්මට. මම ගොනා පිල දෙනවා ඉස්කීපර් ගස් බැඳලා රබටි හැලෙන්න..

    ReplyDelete
    Replies
    1. මම ගොනයි රජගෙදර (හිටපු) රිලවයි දෙන්න ඊලඟට ගහගන්නෙ කවුද වඩා හොඳ ගැත්තා කියන එකට..

      Delete
    2. Mathalan,

      / උඹගේ පෝස්ට් වලට කොමෙන්ට් දාන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ උන්නට, මේකට නම් නොදා බෑ.. මොකෝ ඇඳි වතේ චූ ගියා.. හිනාවෙලා.. /

      ඔන්න බලාපං බං ඇවරි සිල්වර් ලයිනිං හෑස් අ බ්ලැක් ක්ලවුඩ් - සෑම රිදී රේඛාවකම කලු වළාකුලක් ඇත කිව්වැහෙ පර්සි ගොයිය මේ නටන නාඩගම හින්ද වෙච්චි එක හොඳක්. කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් තියරිය අනුව බැලුවොත් ලොක්කා මෙහූ නාඩගමක් නොනැටූයේනම් මම මෙවන් පෝස්ට් එකක් නොලියනු ඇත. මම මෙවන් පෝස්ට් එකක් නොලියූවේනම් උඹට ඇඳිවතේ චූ නොයනු ඇත. උඹට ඇඳිවතේ චූ නොගියේනම් උඹ මෙවන් කමෙන්ට් එකක් නොදමනු ඇත.

      Delete
    3. නැවතත් හුලිජ්ජා පහ විය..

      යහ පාළණයක්.. (සුබ අනාගතේ ඉවරයී)

      Delete
  4. නානයට නං එන්න දෙන්නම හොද නෑ
    ඕක නාගන්නව කොහෙ ගියත්
    ඕයේස්
    මරු පෝස්ටුව ඈ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      යස් Bloody Bull Shitල පිස්සු කෙලින එක වහාම නතර කරන්ට ඕමනයි....

      ස්තූතියි මල්ලි...:)

      Delete
  5. හම්මේ මෙහෙමත් මඩ ගැහිල්ලක්... හික්...හික්...

    ReplyDelete
    Replies
    1. මාධවී,

      මඩ?????..මෙව්ව මොන මඩද බං?....තව තියනව කතන්දර ගොඩක්...ඔය කුරහන් සාටකය රාජපක්ෂ පරම්පරාවෙ සංකේතය වෙච්චි හැටි..එතකොට විදුලි පුටුවෙ කතාව....බේබිල තුන්දෙනා රගර් ගහපු හැටි...අන්න ඒව තමයි නියම මඩ කියන්නෙ...පෞද්ගලික අපහාස ගණයේ ලා සැළකිය හැකි බැවින් ලියා ප්‍රසිද්ධ කීරිමෙන් වළකිමි. තේරුණේ බොට?

      Delete
    2. (විහිලුවක්වත් තේරෙන්නෑ :D)
      අනේ ඒ ටිකත් ගහමුකෝ.

      Delete
  6. පෝස්ටුව නියමයි........ කියන්න තියෙන ඔක්කෝම ඔක්කාරෙට ඒන්නම ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. රවී අද ලොක්කා ගිහිල්ලා.... රජ ගෙදරින් යන්න කලින් රනිල් ගෙනැල්ලා කතා කරලා ගියා.... දැන් මෙෙත්‍රී ගෙනැල්ලා කතා කරලා දේශපාලනයෙන් ම ගිහිල්ලාලු......... අැයි බං මෙහෙම කතා කරන්නේ????? කලින් අය කතා කරේ නැහැනේ... ජනරාල්වත් හිරේ දැම්මේ කතා නොකර නිසාද දන්නෑ....................

      Delete
    2. කුරුටු ගෑ ගී පවුර,

      හෙහ්,හෙහ්, සී.අයි.ඩී. එකටයි අල්ලස් කොමිසමටයි පැමිණිළි කරපු ගමං පොරගෙ ගෙම්බර් ඔක්කොම බැස්ස නේද? තව දුරටත් මේ අඩව්ව අල්ලන එකෙන් වෙන්නෙ නමල් බේබිටත් යන එන මං නැතිවෙන එකයි කියල පොරට තේරෙන්ඩ ඇති.අනික පළාත් සභා ඔක්කොම යූ.එන්.පී. එකට යනව මෙහෙම ගියොත් කියලත් හිතෙන්ඩ ඇති.මෛත්‍රී එක්ක සාකච්ඡාවෙදි ඉදිරිපත් කරපු කොන්දේසි මොනවද කියලයි දැනගන්ට ඕන.

      Delete
  7. ඇල්වතුරත් නිවලයි...ලියාල තියෙන්නෙ.
    හරියන්නෑ බං උන්නැහේට ඔහොම කිව්වට...ඕං මංගල උන්නැහේ නියම කෙමේට කියන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. වීයා,

      ඒකත් හරි තමයි..තේරෙන විදිහට එපාය යමක් කියන්ට....:)

      Delete
  8. Replies
    1. Praසන්ன,

      ස්තූතියි.............:)

      Delete
  9. බොහොම හොඳ ලියවිල්ලක් මිත්‍රයා..මහින්ද රාජපක්ෂ මහත්මයා බලය අතාරින්න බලාගෙන හිටපු කෙනෙක් නෙවෙයි නිසා එකපාරටම වෙච්ච පල්ලම් බැහිල්ල දරාගන්න බෑ. ඒ වගේම තාමත් ඒ පෞර්ශ්‍ය නිර්මාණවලට වශීකෘත වුණු, ඇබ්බැහිවුනු විශාල පිරිසක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. Janaranga,

      ස්තූතියි ඔබටත්...එකඟයි...කවදාවත්ම බලය අතෑරල යන්ට හිතාගෙන නොහිටපු මහින්දට මේ වෙච්චි දේ එක්ක නිකං පිස්සු හැදුන වගෙ වෙන්ට ඇති..ඒකට ඉතිං අපි මොනව කරන්ටද?...හෙහ්,හෙහ්,

      Delete
  10. රිදී කලේ රන් කොතලේ බිබී හිටපු මහෙන්ද්‍ර ගොයියට පිපාසෙකට බොන්න නිකං කලේකවත් දිය පොදක් නැතිවෙච්චි හැටි.. දැන් උන්දැ දැක්කම එළුවත් රැවුල පාන කාලේ.. අනිච්චේ දුක්ඛේ.. මඩ ගැහීමේ රසවත්ම කලාවේ පෙරගමන් කරු.. රවී ට අපේ අචාරය.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ,

      බලය ලබාගැනීම, බලය රැකගැනීම මෙන්ම බලය අතහැරීමත් පුරුදු පුහුණු කලයුතු ගුණාංග.....

      මඩ ගැහීමේ රසවත්ම කලාවේ පෙර ගමන් කරු...හෙහ්,හෙහ්, ඒකත් නරකමත් නෑ...

      Delete
  11. Ela postuwa,Ape "Huoo kiyana rilawa" gena poddak hoyala balala monawa hari liyanna.

    ReplyDelete
    Replies
    1. Ano,

      Thanks :)

      කවුද හූ කියන රිළවා?....පචායුධ කුමාරයාද?

      Delete
  12. "එතුමට තියන අසනීපෙට කියන්නෙ Megalomania කියල..............."

    මේ "අසනිපෙට" කියන තවත් හොඳ වචනයක් හමුවුනා,.... ...Kakorrhaphiophobia

    ReplyDelete
    Replies
    1. කුමාරයා,

      ස්තූතියි..අලුත් වචනයක් හොයල දුන්නට...;)

      Delete
  13. අර පරණ කතා ටික ඉවර කරන්න හිතුවොත් නරකද .. මයිත්‍රී පාලනයක් යටතේ පාටක ජනතාව අතරමං වෙන එකක් නෑ කියල අපි බලාපොරොත්තු වෙනවා .. පර්සි වගේ ලිස්සල ගිය කාලේ දැන් ඉවරයි ගොයියෝ ... :D

    ReplyDelete
    Replies
    1. Pathum,

      හරි ම්ල්ලි..ඒ ටික ඉවරයක් කරමු..දැං මේ හෙයියම්මාරුව ඉවරයි නෙව… :)

      Delete
  14. හෆ්ෆේ ඕන් වැඩේ..ලියපු විදිය නම් හරි රහයි...

    ReplyDelete
    Replies
    1. Dilini,

      ස්තූතියි.............:)

      Delete
  15. යකඩෝ අරහෙම ඉස්ටේජ් වලට කඩා පනින සින්කොන් එකක් තිබ්බා නේන්නම්.එතකොට ඒ වැඩේ නතර වුනේ ඉස්ටෙජ් එක කඩා වැටිලාද?

    කොච්චර ජඩ වැඩ කෙරුවත් පරදීවි කියලා ලොක්කා හිනෙකින්වත් හිතුවේ නැහැ.එහෙම හිතුවා නම් මරලා හරි ගන්නත් පොර පැකිලෙන්නේ නැති වෙන්න ඉඩ තිබ්බා.රටේ අයිතිකාරයා නෙමේ භාරකාරයා කිව්ව මනුස්සයා බලයට තණ්හාවේ කරපු වැඩ නම් අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / යකඩෝ අරහෙම ඉස්ටේජ් වලට කඩා පනින සින්කොන් එකක් තිබ්බා නේන්නම්.එතකොට ඒ වැඩේ නතර වුනේ ඉස්ටෙජ් එක කඩා වැටිලාද? /

      එහෙනං..එහෙනං..ඉස්ටේජ් එක කඩාගෙන වැටුනට පස්සෙ තමයි ඔය අර හනුමා හිමාල වනයෙ ඉඳල බේත් අවුසද කන්දත් කර තියාන ලංකාවට පැන්න වගෙ දුවගෙන ගිහිල්ල ඉස්ටේජ් එකට පැනිල්ල නතර කරාය කියන්නෙ. :)

      Delete
  16. මම ශ්‍රී ලාංකිකයෙක් මිස යුටෝපියානුවෙක් නොවේ. මේ බ්ලොග්වල දැනට වාද කරන ප්‍රධාන පිල් දෙකටම මා සිතන විදිහ අල්ලන්නේ නැතිවිය හැක. මා බ්ලොග්කරුවෙක් හෝ සෝශල් මීඩියාකරුවෙක් නොවේ, පක්ෂයක් නැති විවිධ අවස්ථාවල සිටින රජයට විරුද්ධව ප්‍රධාන පක්ෂදෙකට හෝ ඒවායින් කැඩී ආ පක්ෂවලට චන්දය දුන් දේශපාලනයට වඩා වෙනත් දේ ගැන ඉන්ටරෙස්ටඩ් සාමාන්ය පුද්ගලයෙකි.

    මං මේ චන්ද ප්‍රතිපලයට කැමතිය. දූශිත ගැලරියට පමණක් කතා කල රජෙකුට වඩා සාමාන්ය ජනාධිපති කෙනෙකුට මං වඩා කැමතිය. ඔහුගෙන් සර්ව සම්පූර්ණ යහ පාලනයක් මම බලාපොරොත්තු නොවෙමි. මන්ද මා ශ්‍රී ලාංකිකයෙක් බැවිනි. දූෂණ නැති කිරීමද බලාපොරොත්තු නොවෙමි. ටිකක් අඩුවීම මට ඇතිය. ඒවා වුවද දිගුකාලයක් බලාපොරොත්තු නොවෙමි. ටික කාලයකට හෝ එසේ වීම හොඳය.

    අවසන් වශයෙන් :- ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මා බලාපොරොත්තු වූයේත් මට හිතෙන විදිහට ලැබී ඇත්තේත් පොඩි හොඳ වෙනසකි. යුටෝපියානුවෙක් නොවන මට ඔය ඇති.

    ඊලඟ චන්දෙදි (මාස 4 කින් එන එක නෙමෙයි තව අවුරුදු 5 - 6 කින් එන ඒවා ) ජීවත්ව සිටියොත් හුඟක් දුරට මා තවත් වෙනසක් සඳහා ප්‍රධාන් විපෂයට චන්දය දීමට හැකි බවද මා දනිමි.
    දැනට මා යථාර්තවාදීව තෘප්තිමත්ය.

    P.S. හඳහන් පස්සේ යාමේ විපාක ගැන සිතනවිට නම් , (සාමාන්යයෙන් හාස්යයට වෙන මොනවටත් වඩා කැමති කෙනෙක් ලෙස), ලේ සෑහෙන්න පිරිසිඳූ වුනා මේ දවස්වල

    ReplyDelete
    Replies
    1. Pra,

      ස්තූතියි ප්‍රා, ඔබේ තමන් පිළිබඳ විවරණය බොහෝදුරට මම පිළිබඳ මගේ විවරණයට සමානයි...:)

      කේන්දරකාර පිස්සු හුටංලගෙ උපදෙස් අනුව අවුරුදු දෙකකට කලින් ඡන්දෙ ප්‍රකාශයට පත්කරල ලොක්ක ඇණගත්තු ඇණ ගැනිල්ල ගැනනම් මතක් වෙනකොටත් හිනායනව. ඔහොම එක අදූරදර්ශී තීරණයක් හින්ද අම්බානට කෙලවා ගන්නවට " මහින්ද ලොක්කා ඡන්දෙ අවුරුදු දෙකකට කලින් කැඳෙව්වා වාගෙ " කියල උපහැරණයකුත් හැදෙන්ට බැරි නෑ වැඩිකල් නොයාම...හෙහ්,හෙහ්,

      හැබැයි කොහොම හරි ඒ තීරණය හින්ද වාසියක් උනා අපි හැමෝටම... මුළු රටටම...

      ඔය කේන්දර කාරයා හෙට අනිද්ද මෙහෙම කියන්ටත් බැරිනෑ. " හිටපු ජනාධිපතිතුමා යටතේ රට අගාධයට යන බව හොඳින්ම තේරුනු නිසා එතුමාව පරාජය කරන්නට මම හිතලමයි අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියමුය, ඔබතුමා අනිවාර්යයෙන් දිනනවමය කියල උපදෙස් දුන්නෙ. හිටපු ජනාධිපතිතුමාට මගේ තිබ්බ ගෞරවයට වඩා මම රට ගැන හිතුවා. "

      Delete
  17. හරිම අපූරු භාෂා හැසිරවීමක්! 'දේයි දේයි' කියල පපුවට ගහගන්නවා කිව්වහම මට මතක් වෙන්නේ අපේ අත්තම්මව. උන්දැ විතරයි මේ වචනේ පාවිච්චි කරනවා මම අහල තියෙන්නේ. මම හිතුවේ මේ වගේ අපූරු සිංහල වචන අපේ අත්තමලාගේ පරම්පරාවත් එක්කම වැළලිලා ගිහින් කියලා. බොහොම සන්තෝසයි මේවා අපහු දකින්න ලැබීම. ඒ වගේම ලියල තියන කරුණු කාරණාත් උපරිමයි!

    ReplyDelete
    Replies
    1. පාර දිගේ,

      මගේ අත්තම්මා මගෙ ජීවිතයට ලොකු බලපෑමක් කරපු කෙනෙක්...ඇගේ වචනත් මම බොහෝවිට පාවිච්චි කරනව...ස්තූතියි ඔබටත්

      Delete
  18. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15360-2015-01-16-21-14-22

    ReplyDelete
  19. Replies
    1. අජිත්,

      අපරාදෙ කියන්ට බෑ..ලොක්ක අවවාදෙ පිළිගත්ත වගෙ පේන්ට තියනව. ඒත් ඔය ජනමූල නායකත්වය තමන්ගෙ දෛවයෙන් උරුමවුනයි කියල හිතාගෙන ඉන්න මේනියාකාරයො සත පහකට විස්වාස කරන්ට බෑ.කොහෙං කෙලියිද දන්නෙ නෑ සද්ද නැතුව ඉඳල....

      Delete
  20. ප්‍රබාකරන්‍ට තිබුනේත් මෙගලොමේනියාව කියලයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. රසික,

      යස් ප්‍රභාටත් තිබ්බයි කියන්නෙ ඒක තමයි. සූර්ය දෙවියො ( Sun God ) කියල තමන්ව හඳුන්වනවට මිනිහ බොහොම කැමැත්තෙන් හිටියයි කියල කියනව. එහෙව් මනුස්සය අන්තිමේ කළපුවක් අයිනෙ වෙඩිකාල මැරිල හිටිය. බලයේ අනියතබව ගැන පාඩමක් ඉගෙන ගන්නවනම් ඊට වඩා හොඳ නිදර්ශනයක් තවත් තියනවද?

      ඊළඟට ගඩාෆි......මහින්දට අන්තිම දවස්වල ගඩාෆි මතක් වෙන්ට ඇති රෑ දවල් නැතුව. අරාබි වසන්තයක් මෙහෙ එන්නෙ නෑ කියල මම දැක්ක දෙතුන් තැනකම මරු කියවල තිබ්බ.

      Delete
  21. මම කියන්නෙ මෙච්චරයි. තොගෙ දරුවන්ට හිටං සහ ගහනවා මේකට.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      ඇත්තටම හිතට වේදනයි තමයි.රටේ මිනිස්සු එදා වේල කන්ඩ නැතුව දුක් විඳිද්දි පර්සි ගොයියයි බේබිලයි නටල තියෙන නාඩගං දැක්කම මට උනත් ඔහොම හිතුන. දැක්කනෙ අරලිය ගහ මන්දිරේ කකුස්සිගෙ හිටං ඩිජිටල් ටී.වී. .....එතනිං ගියාම රත්තරං ආලේප කරපු කඩු. පර්සි ගොයියට විතරක් වාහන 1600 ක්. මූදුවතුර වෙනම මිරිදිය වෙනම සූමිං පුහුල් දෙකක්. එතකොට අර ඒ කාලෙ හොඳම ගෝලය මැරවියා කියන්නෙ ලොක්කයි ගොට්ටයි මිනිස්සු මරන්ට අණ දුන්නු හැටි.

      ඔව්ව මෙව්ව එකින් එක එලියට එනකොට මේ හීතල දුරුත්තෙත් ලේ රත්වෙනව තමයි. ඒත් ළමයින්ටත් හෙණ ගහන්ට කියල කියන එකනම් එච්චර සුදුසු නෑ මම හිතන විදිහට. මොනව කලත් එතුමා යුද්දෙ ඉවර කාලනෙ. පස්සෙ යකා නැටුව එක වෙනයි. අපි ඒ යුද්දෙ ඉවර කරපු එක අමතක කරන්ට නරකයි.

      Delete
  22. // ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන!//

    සම්පූර්ණ එකගයි.. ඒත් ඉතින් දැන් පරක්කු වැඩිද මන්දා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      එකඟයි මල්ලි.....ටූ ලිට්ල් ටූ ලේට් අයි තින්ක්...:)

      Delete
  23. ලිපි තුන්සීයේ (සැතපුම්) කණුව පසු කිරීම ගැන මගේ සුබ පැතුම්!

    ReplyDelete
  24. ලිපිය කොච්චර රසවත්ද කියනවා නම්, 300 දැකලා තියෙන්නේ රසික විතරයි. මාත් මේ කල්පහු වුණු 300 සුභ පතන්න ආවේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...තිසර....:)

      Delete
  25. හිනා ගිහින් මලා! සුපිරියි ඈ!

    ReplyDelete
    Replies
    1. නැහ්???...මලා නේද?.....ස්තූතියි බස්සි...:)

      Delete
  26. මට එහෙමට හිනා ගියෙ නෑනෙ බන්.
    ඒ වුනාට උඩ ඉන්න බබාලට වෙලා තියන නස්පැත්තියක්.සමහරු සිනාගිහින් සෙට්ටපොච්චි වෙලා,සමහරුන්ට චූ ගිහින්
    ලිවිල්ල මාරයි පට්ටයි සුපිරියි ඈ හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධ්‍යස්ථ...:)

      Delete
  27. රවි කිව්වත් වගේ මහරජාණෝ යුද්දෙ දිනුව නිසා, "දරුවන්ටත් හෙණ ගහන්ට ඕනෑය" කියල හිටං අර ඇනෝ මහතකු (AnonymousJanuary 17, 2015 at 10:53 PM) කියපු එකනම් හරිම වැරදිය. අනික ඔය හෙණ ගහන්ට කියනවා ඇත්තේ ‍නාමල්, යෝෂිත හා චිචී කියන පිංවන්ත කුමාරවරුන්ට වෙන්ටැ. මොන හිතකින් කියන කතාද අප්පා මෙවුවා? හරිනං හෙණ ගහංට ඕනෑ ඔය ඇනෝවට. නැද්ද මං ආන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මෙහෙමයි ඔතන වැඩේ..දැං අර බේබිල තුන්දෙනාට හෙණ ඉල්ලපු ඇනෝ එහෙම කියපු එක වැරදියි කියල අපි කිව්වට එයා එහෙම කියන්නෙ ඇයි කියල අපි දන්නෙ නෑනෙ.. දැන් ඔන්න බලන්න මෙහෙම වෙන්නත් පුලුවන්නෙ.

      1. ඒ ඇනෝ ලක්ෂ්මන් විජේසේකරගෙ හොඳම රසිකයෙක් වෙන්න පුලුවන්. ඒ අහිංසක මනුස්සය, කාටවත් වරදක් නොකරපු කලාකාරය ( අනුරාධපුරේ ඉන්න කාලෙ මම පෞද්ගලිකව ලක්ෂ්මන්ව අඳුනනව. ඒ නිසයි මට බය නැතුව එහෙම කියන්න පුලුවන්කම තියෙන්නෙ ) තමන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරල පට්ට හොරෙකුට ඡන්දෙ දෙන්න එපා කියල කිව්වහින්ද ඒ මනුස්සයගෙ යටි බඩට පයිං ගැහුවනෙ මේ මහරජාගෙ ගෝලයො. අන්න ඒ වේදනාව නිසා අපේ හිතවත් ඇනෝ බේබිලට හෙණ ඉල්ලනව වෙන්ට පුලුවන්. ඒත් මම ඒකට එකඟ නෑ. බට් අයි කැන් පර්ෆෙක්ට්ලි අන්ඩස්කර්ට් හව් හී ඊස් ෆීලිං...

      2. ඒ ඇනෝ අර කහවත්තෙ චොකා මල්ලි කියන නියෝජ්‍ය ඇමතිය වෙඩි තියල මරපු එක්සත් ජාතික පාක්ෂිකයගෙ ලඟම ඥාතියෙක් හෝ හිතවතෙක් වෙන්න පුලුවන්.අගේන් අයි ඩෝන්ට් ඇග්‍රී විත් හිම් බට් ඕල් ද සේම් අයි කැන් අන්ඩර්ස්ටෑන්ඩ් හිස් ෆීලිංග්ස්

      3. අර පිස්සු මැරවින් සිල්වා ගස් බැන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මය ඇවිල්ල මේ ඇනෝගෙ අසල් වාසියෙක් වෙන්න පුලුවන්. මනුස්සයෙක් ප්‍රසිද්ධියෙ ගස් බැන්දම විඳින්ට වෙන සිත්වේදනාව හොඳට දන්න නිසා ඒ ආවේගය පිට අපේ කථානායක ඇනෝ අර හෙණ ඉල්ලන කතාව කිව්ව වෙන්ට පුලුවනි. ආයෙමත් මම ඔබ හා එකඟ නොවෙමි. එහෙත් ඔබේ සිතෙහි පිරී ඉතිරීයන වේදනාව මට වටහා ගත හැක.

      4. අර හම්බන්තොට හෝටලයකදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරල ඔහුගේ පෙම්වතිය දූෂණය කරපු වෙලාවෙ අපේ මේ ඇනෝත් සම් ටයිම්ස් එතන ඉන්න ඇති. ඒ වගෙ ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවක නියැලුනු අපරාධකාරයො ආරක්ෂා කරගන්ට මරා අන්තිම මොහොත වෙනකල් උත්සාහ ගත්ත නිසා ඇතිවෙච්ච සාධාරණ කෝපය නිසා අපේ සත්ගුණවත් ඇනෝ මහත්මය බේබිලට හෙණ ඉල්ලුව වෙන්ටත් පුලුවන්. ආයෙමත් මම ඔබ හා එකඟ නොවෙමි. එහෙත් මට ඔබ තේරුම් ගත හැකියි සොහොයුර.

      ඔය වගෙ අපේ මේ එස්.ජී. ඇනෝ ( එස්.ජී. = සත් ගුණවත් ) සම්බන්ධව තවත් කතන්දර විස්සක් තිහක්වත් ලිව්වැහැකි. ඒත් එච්චර දුරට යන්ට ඕන නෑ. මම මතුකරන තර්කය ඔබතුමාට හෝ තුමියට තේරෙනවනෙ? අන්න එහෙමනම් ඒ ඇති...

      කොහොම උනත් අවසාන වශයෙන් අපේ එස්.ජී. ඇනෝට මගේ ස්තූතිය ප්‍රකාශ කරන්ට ඕන. බය නැතුව, වැරදිකරල තියෙන කවුරු උනත් කමක් නෑ බේබිල බැරිනං ඕන කෙනෙක්...හෙණ ගහපං කියල කියන්ට තරං කොන්ද පණ තිබ්බ එක ගැන. ඇත්තටම ඔබ වගෙ මිනිස්සු හින්ද තමයි අපිට මේ මරාගෙ දුර්දාන්ත ඒකාධිපති ආඥාදායක මැර පාලනය පෙරලාදමන්නට හැකියාව ලැබුනේ..ස්තූතියි ආයෙමත් ඇනෝ...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...