Wednesday, June 3, 2015

323. ෂිරිලිය නාඩගම හෙවත් 222222222 V හෙවත් සංශෝධිත මරා චින්තනය හෙවත් පොලීසියට ගල් ගසා මරා දැමීම.


Google images

ෂිරිලිය නාඩගම රංගාවතරණය...බම්මන්නා අහිගුණ්ඨිකයකු විසින් නටවන රිලවකු මෙන් බඩ පිනුම්, හිටි පිනුම් ගසමින් වේදිකාවට පිවිසෙයි. ( මුහුණ පුරා රැවුල වවා හිස මුළුමනින්ම බූගා ඇති ඔහුගේ ඇස් දොඹගෙඩි මෙන් නෙරා ඇත. කලක් අතිදක්ෂ රංගධරයකුව සිටි මොහු රංගධර ජීවිතයට සමුදී වර්තමානයෙහි පූර්ණ කාලීනව සට්ටඹි / බම්මන්නා චරිතයට ප්‍රවිෂ්ඨව සිටී. )

ජවනිකාව අංක එක බම්මන්නාගේ පූර්විකාව - 

ෂිරිලිය රැජින්දා,
දෙක දෙක අංක යොදලා,
අයිඩෙන්ටියක් හදලා,
කෝටි ගාණක් සල්ලි දැම්මා,

නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නෝනා, නොනා නොනා නේන්න නෝනා,

පවුලේ ඔක්කොම නානව ඇදගෙන,
නෝනත් නාගමු ඔලුවෙම හනිකට,

නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නෝනා, නොනා නොනා නේන්න නෝනා,

නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නෝනා, නොනා නොනා නේන්න නෝනා,

රුංද ගජිජි ගත කුඳ කුඳ, 
තාග් ගජිත් තක් කුංදත්, 
රුංද ගජත් ගත කුන්දත් තා,
ජිං ජිංත ගත දොංත, ජිං ජිංත ගත දොංත,


ජවනිකාව අංක දෙක - " මරාගෙ වහල්ලු " ගායක කණ්ඩායම ගයන ව්‍යාජ හැඳුනුම්පතේ ගීතය -

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා.. කැරකිල දෙකට නැවිල..//

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා...කැරකිල දෙකට නැවිල....//

එතුමිය රූ රැජිනකි ඒ කාලේ, 
මරාට හම්බුනෙ දුවද්දි පාරේ,
" ගෙදර යන ගමං " සරතත් එක්කයි, 
ඉස්සෙල්ලම ගියෙ බලන්ට රූපේ,

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා.. කැරකිල දෙකට නැවිල..//

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා...කැරකිල දෙකට නැවිල....//

First Son හැඬුවා කඳුලු පෙරාලා,
අනෙ මගෙ අම්මයි මල්ලිල දෙන්නයි,
අහිංසකයිනේ කිසි වරදක් නෑ,
අප්පයි මාවයි නම් කමකුත් නෑ.

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා.. කැරකිල දෙකට නැවිල..//

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා...කැරකිල දෙකට නැවිල....//

මේකද මේ යහ පාලනෙ ඔහෙලගෙ,
අනූ තුනක් වයසයි අපෙ අම්මට,
ඒ වගෙ වයසක ආච්චි කෙනෙකුට,
දෙන මේ වද... හෙණ ගහනව ඔහෙලට,

ඉහි, ඉහි, ඉහි, ඉහි, 
ඉහි, ඉහි, ඉහි, ඉහි, 

දෙක, දෙක, දෙක..වී
දෙක, දෙක, දෙක..වී

වරෙව් කොල්ලනේ ගල් අරගල්ලා,
නිල් බලකායම මෙහෙට වරෙල්ලා,
පොලිස්සියට ගල් ගහලා මරපිය,
මහින්ද චින්තනයේ එහෙමත් ඇත.

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා.. කැරකිල දෙකට නැවිල..//

දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී
හා, හා...කැරකිල දෙකට නැවිල....//

සියළු පාත්‍ර වර්ගයා වේදිකාවට පිවිස ප්‍රේක්ෂකාගාරයට හිස නමා ආචාර කරති. තිරය කෙමෙන් වැසීයයි.

46 comments:

  1. //අනූ තුනක් වයසයි අපෙ අම්මට// ශාක්ෂි සහිතවම ඔප්පුවෙලා.

    ReplyDelete
    Replies
    1. Madhavi,

      ඒකනෙ බොලේ..ඔන්න බලාපං එතනම ගිනෙස් වාර්තා නං කීයක්ද?

      1. ලෝකයේ වයස්ගතම මව - ගිනෙස් පොතේ තියෙන්නෙ නාකිම අම්මට වයස 66 කියල.. අර චිංචි ද කවුද කියන්නෙ...බාල කොලුව..රොකට් පුතාට දැං වයස 23 කියල මම කොහෙ හරි දැක්ක. ඒ කියන්නෙ රොකට් ඉපදෙන කොට මැඩම්ට 70 යි. ගිනෙස් පොතට යන්ට ඕන අනිවා. සිරි ලංකාවටම සුවල්ප ගහුරවයක්ද අම්මපා?

      2. පිරිමියකු රටක රාජ්‍ය නායකයෙකුගේ බිරිඳ ලෙස කටයුතු කල ප්‍රථම අවස්ථාව. ( මැඩංගෙ අයිඩෙන්ටිටි කාඩ්ඩෙකේ නොම්මරේ අනුව උන්දැ පිරිමියෙක්. )

      3. පිරිමියකුට දරුවන් ඉපදීම. මම හිතන්නෙ නිල වශයෙන් ලෝකෙ පූර්ණ පිරිමියෙකුට දරුවො ඉපදුන පලවෙනි අවස්ථාව වෙන්න ඕන.

      පලි - හැබැයි මෙතන අපේ මෝඩවංස ගොයියනං අර කූඤ්ඤෙ ගලෝපු වඳුර වගෙ අලි මාරුවක වැටෙනව. මතකනෙ දවස් කීපෙකට ඉස්සෙල්ල මිනිහ මහ ගෝසාවක් කලා ලංකාව එක්සත් ජාතීන්ගෙ සංවිධානෙදි සමලිංගික විවාහ වලට අනුමැතිය දීලද මොකක්ද කියල. දැං ඉතිං මෝඩවංසගෙ උත්තරීතර නායක මරා තුමාත් මෙච්චර කල් කොරගෙන ඉඳල තියෙන්නෙ සමලිංගික විවාහයක් නේද? මළ කෙලියයි...ජූලි හතයි..මගේ පුතා ඔක්කොම කයි.

      Delete
    2. ලගදී සංශෝධිත දවසෙ කුළිය 2000/= මඩකරියෙකුගේ තවත් වැඩක්

      Delete
    3. ඇනෝ,

      අනේ නෑ බොලේ සත පහක් වත් ගන්නෙ නෑ. ප්‍රජා සත්කාර්‍යයක් ( As a community service ) විදිහටයි මේක කරන්නෙ.පිස්සු බල්ලො, වෘකයො ගෙවලයො, කුම්භාණ්ඩයො ආයෙම ගම් වදින්ට දත කන කොට කොයිමක් කරල හරි උං දුරීබූත කරල දාන්ට අපි උදව් කරනව නොමිලේ...

      Delete
    4. මාධ්‍ය එකකයෙ මඩකරි කියයි යැ . අනේ අපි දවසෙ කුලියට මඩ ගහන්නෙ කියල.

      Delete
    5. Ano,

      / මාධ්‍ය එකකයෙ මඩකරි කියයි යැ . අනේ අපි දවසෙ කුලියට මඩ ගහන්නෙ කියල. /

      ඇත්ත නෙවෙන්නං .............ඒ වගේම කොටින්ට සල්ලි දීල ජනධිපතිවරණය දිනාගත්තු මනුස්සය කියයිද මම දින්නෙ මෙහෙමයි කියල?..සබ්බ සකලමනාවම අහිමි වෙච්චි අසරණ මිනිස්සුන්ට ලැබිච්ච සුනාමි ආධාර තමංගෙ පෞද්ගලික ගිණුමට දාගත්ත මනුස්සය කියයිද මම මෙහෙම වංචාවක් කලාය කියල?...ඔබ හා එකඟයි නිර්නාමික මහත්මයා...:)

      Delete
    6. ///මළ කෙලියයි...ජූලි හතයි..මගේ පුතා ඔක්කොම කයි.///

      Delete
  2. 'ගෙරි ලිය' ගේ සවිය නැතුව බර ගානක් මැරිලලු දැන්. මල කෙලියකි. මෙච්චරකල් මේ රටේ දුප්පත් මිනිස්සු ඔක්කොම බෙහෙත් අරන් තියෙන්නේ ඔය අවුරුදු සීයකට ආසන්න වයසක් ඇති ප්ලාස්ටික් මූණු නෝනාගෙන්ද?

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඒකනෙ බොලේ..මිනිස්සු ගෑණු මැරෙන්නෙ බල්ලො බළල්ලු ගානටලු ෂිරිලිය ෂල්ලි නැතුව. අනේ බුදු නෝනේ...කෝ මේ දෙනව කිව්ව සල්ලි? කියකිය ගෑණු මිනිස්සු රෑ එළිවෙනකොට කාල්ටොං බංගලාව වටේ පොදි කනවලු ඊස් මීස් නැතුව. ඔය කට උත්තර දෙනටත් එන්ට පමා වුනාය කියන්නෙ වටේ පිරිල ඉන්න මිනිස්සුංගෙං බේරිල එන්ට බැරුව. අනේ අපේ අම්මා..අපිට දාල යන්ට එපෝ..කිය කිය සාරි පොටේ හැට්ටෙ හිටං එල්ලෙනවලු.

      අනික ඔය පොලීසියට නෑවිත් ලොකු මස්සිනාගෙ ගෙදෙට්ට ගියේ මොකද දන්නවද කට උත්තර දෙන්ට? පොලීසියට යන්ට ගියානං පරක්කු වෙනව ආපහු යන්ට. අර අහිංසක මිනිස්සුංගෙ ලෙඩ දුක බලන්ට යන්ට තියෙන හදිස්සීය නිසයි එහෙම කලේ. නැතුව ලැජ්ජාවකට, බයකට එහෙම නෙවෙයි. මරා විදුලි පුටුවට උනත් යන්ට ලෑස්ති වෙලා ඉන්න එක එතුමිත් ඒ වගේම තමයි.

      Delete
  3. මොකද්ද හලෝ මේ දෙක දෙක දෙක වී???

    ReplyDelete
    Replies
    1. ගිණුම හදන්ට, හදල ඉක්මනට සේවය කොරන්ට කියල දෙක දෙක දෙක දාගෙන ගියහම මක්ක වෙනවද ඈ ... නිකන් ඒ දැරිවිට ඉරිසියාකාරකම් කරලා දේශද්‍රෝහියෙක් වෙන්ට එපා අය්යන්ඩි

      Delete
    2. උපේක්ෂා,

      අම්මාපල්ල ඔතන වෙන්ට ඇත්තෙ මෙහෙමයි..ඔන්න මැඩං ගියාලු එකවුන්ට් එක ඕපන් කරල සල්ලි ට්‍රාන්ස්ෆර් කරල සල්ලි ගන්ට කියල හිතාගෙන.

      " Yes Madam, Can you wait sometime please. We have to enter your personal details into our data base prior to opening the account. "කවුන්ටරේ හිටපු ඉටි කිරිස් ලඳ කිව්වලු නැඟිටල ඔලුව පාත් කරල එහෙම. අප්පට සිරි මැඩම්ට මල පැන්නෙ නැද්ද?

      " මේ ළමයා..මට බල බල ඉන්ට බෑ ඔයා මෙතන අරව මෙව්ව එන්ටර් කරනකල්. ඒ නිසා ඔයාට කැමතිඔ දෙයක් එන්ටර් කරල ඩේටා බැරිනං ඕන මඟුලක් කරල මට විජහට සල්ලි අරං දෙන්ට. මේ පේනවනෙ..මේ කට්ටියටම පාචනය. මෙයාලට බෙහෙත් අරන් දෙන්නයි මට සල්ලි ඕන. ඔයා සල්ලි දෙන එක පරක්කු කරල මෙයාලට මෙතනම පහ වුනොත් එහෙම මම නෑ ඔන්න. "

      ඉටි කිරිස් ලඳ නැඟිටල කවුන්ටරේ වීදුරුවෙං එබිල බැලුව. බලනකොට වැඩේ ඇත්ත. නිල් බලකාය කියල ගහපු කැප් දාගත්තු අටේ දහයෙ පොරවල් හත් අට දෙනෙක් ඉන්නව ලොබි එකේ ඉඳගෙන ඇඹරි ඇඹටි. ඉටි කිරිස්ට හීං දාඩිය බෙල්ලෙං උඩහටයි මහ දාඩිය බෙල්ලෙං පහලටයි දැම්ම.

      " මළ කෙලියයි. මුං කට්ටියට මෙතන බඩු ගියොත් එහෙම කාපට් සෝෆා ඔක්කොම ඉවරයි. අලුත් එව්ව ගන්ට යන කොස්ට් එක මැනේජර් අනිවාර්යයෙන් මගේ පඩියෙං කපයි. ඒ නිසා ඕන මඟුලක්. අයිඩී නම්බර් එකට දෙකේ එව්ව දාගෙන දාගෙන යනව. "

      ඔන්න ඔහොම වෙන්ට ඇති සම් ටයිම්ස් වැඩේ සිද්ද වෙන්ට ඇත්තෙ...හෙහ්,හෙහ්,.... හූ නෝස්...

      Delete
  4. දෙක, දෙක, දෙක..... දෙක, දෙක, දෙක.... දෙක, දෙක, දෙක....වී

    අනූ තුනක් වයස, ජුලයි මාසේ උපන්න සීය කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මනුස්සය පිට ගිය එක අහන්නැත් දෙයක්ද?

      Delete
    2. Ano,

      / අනූ තුනක් වයස, ජුලයි මාසේ උපන්න සීය කෙනෙක්. /

      ෂිරිලිය ලොකු මැඩම් නොහොත් ජාතියේ අම්මා ඉපදිල තියෙන්නෙ 1922 අගෝස්තු 10 .....අගෝස්තු 10 වෙනිදා අවුරුද්දෙ 222 වන දිනය. අධික අවුරුද්දකනම් 223 වන දිනය. 1922 අධික අවුරුද්දක් නෙවෙයි. ඒ නිසා 1922 අවුරුද්දෙ 222 වන දිනය අගෝස්තු 10.

      පලි - අවුරුදු 93 ක් වයස කිව්වම ජාතියෙ අම්ම නෙවෙයි කියන්න ඕන ජාතියේ මුත්තම්ම කියල.

      Delete
  5. ඔය සිරිලිය ගිණුම් අත්හිටවපු හින්දා ඔය ගිණුමේ මුදල් වලින් ප්‍රතිකාර ගත්තු රෝගීන් තුන්දෙනෙක් මිය ගිහින් කියලාත් කියන්නේ.මේ ගැන පැරා දමපු ලිපියක ඇනෝ කෙනෙක් සිරිලිය ගිණුමෙන් ප්‍රතිකාර ගත්තු රෝගීන්ගේ නම් ලැයිස්තුව දාලා තිබ්බේ.

    මේ දවස්වල මරා වැඩියෙන්ම කියන වචනේ තමයි "පළිගැනීම"ඔන්න ඊයේ පෙරේදාක කියනවා තමන්ගේන්.පවුලේ අයගෙන් විතරක් නෙමේ මුළු රටෙන්ම යහපාලන ආණ්ඩුව පළිගන්නවා කියලා.අනේ අම්මපල්ල මුන් කතා කරන්නේ කටින්ද නැතිනම් අහවල් එකින්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      තවත් ඉන්නවනෙ බං බම්මන්නො මේ නීල කාස හොරා පස්සෙ යන... :)

      Delete
  6. ඔන්න මේ අප්ඩේට් එක අහලා මං පුක හපාගෙන ඉන්නෙ. තාම මැරුනෙ නෑනෙ බං.
    http://www.gossiplankanews.com/2015/06/shiranthis-fake-id-number-is-mistake-of.html

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ගලේ රීපු බළල් ගෙඩියංගෙ එක්ස්ප්ලනේෂන්ස් අහල පුක විකාගන්න එක තමයි තියෙන්නෙ..හෙහ්,හෙහ්,

      Delete
    2. මෙන්න නැවතත් මට පුක හපාගන්නට හේතුවක්. එක පිට එක හේතු. පුසි (පුකෙන් සිනා)

      ගෝඨා දේශමාමකයන්ගේ ඉල්ලීම පිළිගනී..රට හැරයාමේ අදහස අත්හරී
      http://helabima.lk/read.php?as=6970&locationid=1433253812

      Delete
    3. Ano,

      / මෙන්න නැවතත් මට පුක හපාගන්නට හේතුවක්. එක පිට එක හේතු. පුසි (පුකෙන් සිනා) /

      යකෝ මරාගෙ ගොං බයියො ආතල් දෙන දෙන පාර ඔහොම පු** හපාගන්ට ගියොත් තොට පු**ක් ඉතුරුවෙන එකක් නෑ හෙට අනිද්ද වෙනකොට. මම කියන්ටද රබර් පු****වත් ගෙනත් තියාගනිං ඒ වෙලාවට හපන්ට.

      / ගෝඨා දේශමාමකයන්ගේ ඉල්ලීම පිළිගනී..රට හැරයාමේ අදහස අත්හරී /

      මාත් අස්සං කලා ගොට්ටා රට අතෑරල යන්ට එකට විරුද්ද පෙස්සමට. එහෙම කොහොමද මනුස්සයට රට යන්ට දීල?....ලසන්ත..රවිරාජ්...එව්වට උත්තර දෙන්ට මිනිහ ලංකාවෙ ඉන්ට ඕන.

      Delete
    4. ඇනෝට අර ගුලියක් දෙමු, උඩදාලා, "ඕනෙ පුකක්" ඉල්ලන්න...

      Delete
  7. මේක ගොසිප් ලංකා එකේ දාල තිබ්බ කොමෙන්ට් එකක්.. මොන හේතුවකටද මංදා මෙතන එල්ලන්න හිතුනා.. අනේ මෙහෙමත් උන් තාම ඉන්නවනේ වගේ හැඟීමකින්.. හැක්.
    ////ඇත්තනේ.. අර ජනාධිපතිගේ බිරිඳ හෙවත් හිටපු පළමුවන පුරවැසියාගේ බිරිඳ " ෆස්ට් ලේඩි".. ඉතින් මෙතුමීයගේ හදුනා ගැනීම ගැන මේ ලංකාවේ කිසිම ගැටළුවක් නෑ.. ඉතින් ඒ දක්ත ඇතුලත් කරන්නා මොකක් හෝ අංකයකින් එම හිඩස පිරවිය යුතුයි.. නැත්නම් "සිස්ටම් එරර්" එකක් එන නිසා එම ක්‍රියාවලිය සම්පූර්ණ කළ නොහැක..
    පේනවානේ.. මුන් සිරස ප්‍රමුඛ මාධ්‍ය කල්ලියටත්, සයිබ හමුදාව හරහා කියපු වංචා මුන්ටම ඔප්පු කර ගැන්න බැරිව වෙන දේ..
    දැන් බලන් ගියාම, බැංකු ගිණුමට දා ඇති 222222222V අංකය තමයි මේ රටේ කරලා තියෙන මූල්‍ය අපරාධය. ලැජ්ජයි...
    ආ.. ඔන්න බලන්න.. මේක දැක්කාම "ටොයියෝ" නොහොත් රනිල්ගේ "සයිබර් හමුදාව" කලබල වෙන විදිය..//////

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඔය කමෙන්ට් කරල තියෙන්නෙ මරාගෙ නොම්මර එකේ ගොං බයියෙක්..අර රොහාන් වැලිවිට කියන වාහෙ ( මරාගෙ ප්‍රවෘත්ති ලේකම්ලු ) කියනව සිරන්ති නෝනා ගිණුම පටන් ගන්න ගමන් බලපත්‍රයෙ පිටපතක් දුන්නය කියල බැංකුවට. ගමන් බලපත්‍රයෙ අනිවාර්යයෙන් ජාතික හැඳුනුම්පත් අංකය තියෙන්න එපාය. ඉතිං එහෙම සිස්ටම් එරර් එන හින්දය කියල මොකක් හරි අංකයක් එන්ටර් කරන්න වෙන්නෙ නෑනෙ.

      අනික අර කුමාරිද කවුද කියන අනික් බබලතාගෙ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක 111111111 V. හෙහ්..කොහොමද වැඩේ?

      Delete
    2. ශිරන්ති අදුරනවම කියමුකෝ එතකොට අර කුමාරිත් ඔය විදියට ම අඳුන ගන ඉස්තිර කර ගන්ඩ ඕනේ නැති කෙනෙක් උනේ කොහොමද..අම්මපා මේ බැංකුව

      Delete
    3. ඇනෝ,

      එතන වෙන්ට ඇත්තෙ මෙහෙමයි මම හිතන්නෙ.....සිරංතිව බැංකුවෙ කස්ටිය අඳුනනවනෙ. එතකොට සිරංති අඳුනනව ඔය කියන කුමාරිව. එතකොට ඒ අනුසාරයෙන් බැංකුවෙ කස්ටිය කුමාරිත් අඳුනනව කියල ව්‍යුත්පන්න කර ගත්තෑකි මෙහෙම සරළ ගණිත සූත්‍රයකින්

      B = බැංකුවෙ උදවිය

      S = සිරංති

      K = කුමාරි

      B = S සහ S = K

      එතකොට ඊලඟට B = K වෙනව අනිවාර්යයෙන්ම....

      Delete
    4. මාර ලොජික් නේහ්?

      Delete
  8. එහෙම කියන්න එපා අපේ මැඩම්ට. බැංකුවටලුනේ වැරදිලා තියෙන්නේ. මැඩම් පවු අප්පා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒකනෙ මල්ලි..පෞම පෞ ..පෞ..පෞ...බැංකුව කියනවනෙ වැරැද්ද කරල තියෙන්නෙ....හෙහ්,හෙහ්,

      මේ බැංකු කාරයො හිටවල පස් ගහන්ට තියෙන්නෙ ගෙනල්ල අබයාරාමෙ ඉස්සරහ...:)

      Delete
  9. අප්පට බොල, වයස 93 මදිවට ගෑනියෙකුත් නෙවේ මිනිහෙක්.
    දැන් බලනකොට මරාත් සමරිසියෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔන්න සීන් එක..කොහොමද දීල තියන ගේම? කවුරුවත්ම දැනගෙන හිටියද මරා සමරිසියෙක්ය කියල?.....හෙහ්,හෙහ්,

      නඩු දාන්ටත් බැරිකමක් නෑ මම හිතන්නෙ මරාස්ට විරුද්දව සමලිංගික විවාහයක් කරගත්තයි කියල...

      Delete
  10. අගමැති අපේක්ෂකකම එතුමියට දීල මේ මොකක්ද අනතුරක තියනවයි කියන රට බේරගත්තොත් මොකද? එතකොට දිනුවොත් ලෝකෙ වයස්ගතම සහ ප්‍රථම ලිංගික වෙනස්වූ අගමැති රෙකෝඩ් එකත් අපිට. වාසුදේවට ආරක්ෂක ඇමතිකම දීල වයස්ගතම ඒකෙ රෙකෝඩ් එකත් ගත්ත හැකි.
    MRට පස්සෙ බැරියැ. තව හුඟක්කල් තියනවනෙ. තාම 70නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඇත්තටම එහෙම බැරිකමකුත් නෑ මට හිතෙන්නෙ...දැං මරාට අගමැති අපේක්සක කම දෙන්නෙ නෑ කියල මෛත්‍රී හොම්බට ඇන්න වගෙ කියලත් තියන එකේ සිරංතිව දැම්මැහැකි තමයි අගමැති අපේක්සක විදිහට.

      මරාට නං අගමැති අපේක්සක කම නෙවෙයි මැදමුලන ප්‍රාදේසීය සබාවෙ සබාපතිකමට ඉල්ලන්ට කියල කිව්වොත් ඒකටත් හාංය කියාවි එක පයින්...බලේ කියන එකට එහූ කෑදර කමක් තියෙන්නෙ...මොනව කරන්ටද? ලැජ්ජ නැතිකම ශ්‍රී රෝහණ ජනරංජන පට්ටමටත් වැඩිය ලොකුයි කියනවනෙ.

      " අපෙ හාංදුන්නේ..මගෙ නෑ ඔය බල තන්හාවක්..." හෙහ්,හෙහ්, ....අනේ **කේ,

      Delete
  11. මචං ඔය වගේම මහ බැංකුවේ බැඳුම්කර නාඩගමත් ලියපන්කෝ.

    හරින් කාරයා විමල්ගෙන් ඇණ ගත්ත එකත් ලියපන්.
    ඌ. ඇම්පී. පී. එකට කඩේ ගිහිල්ලා රස්සාව ගත්තු එකා මෙතන පොර ටෝක් දෙනවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      / මචං ඔය වගේම මහ බැංකුවේ බැඳුම්කර නාඩගමත් ලියපන්කෝ /

      ලියන්ට ඕන..ලියන්ට ඕන...ලියන්ට ඕන..කෝ බං ඒත් මේ මරා, ඔහුගේ පවුලේ උදවිය සහ ගෝල බාල සට්ටඹියො ඒකට ඉඩ දෙන්නෙ නෑනෙව. මොකක් හරි ලෝකෙ හිනස්සන ගොං කතාවක් කියනව කටේ තොලේ නොගෑවී..ඉතිං මයෙ අවධානය යොමු වෙනව ඒ පැත්තට.

      ඔන්න ඉස්සෙල්ලම අර කවුද නිලියක් කිව්ව ඇයි සෑර් ගහලවත් ගන්නෙ නැත්තෙ කියල..ඒ පාර ඒ ගැන අවදානය යොමු වුනා. ඊට පස්සෙ ටිකක් හිත එකලාසයක් වීගන එනකොට අර දියවන්නාවෙ ඉන්න මරාගෙ වහල්ලු ටික ඒකෙ බුදියල පිස්සුවක් කෙලියා. ඊට පස්සෙ අපෙ හාන්දුන්නේ..මගෙ බල තන්හාවක් නෑ කියල මරා කියනව දැක්ක දෙකට නැමිල...ඒකට හිනාවෙලා මහෙ ඉල ඇටේමට බේත් බඳින්ටත් වුනා කිව්වම.

      නාමල් ලොකු බබා ෆේස් බුක් එකේ අඬනව දැක්ක ඒ එක්කම... අනේ මගෙ අම්මා..අනේ මගෙ අම්මා..අම්මට පොලීසි එන්ට කියල තියනව...අපෙ අම්මා හරීම හොඳයි...ඇගේ මූණ හඳක් වාගෙයි..ඈ කවදාවත් කිසි වරදක් කරල නෑ..ඔන්න අපෙ අප්පයි මායි නං කමක් නෑ...ඔහොම කිය කිය ජාතියේ ලොකු පුතා ෆේස් බුක් එකේ කඳුලු ගැහැව්ව....ඊගාවට ගොට්ට කියාපි දේස මාමකයොද දේස බක්සකයොද කවුද ඉල්ලිං කලාය කියල එතුමා රට අතඇරල යන්නෙ නෑය කියල.ආ.. ඒ අව් අස්සෙ අර මරාගෙ ගෝලයෙක් වෙච්චි පලාත්සබා ඇමතියෙකි කියාපි පොලිසියට ගල් ගහල මරන්ට ඕනය කියල. ඉතිං දෙයියෝ සාක්කි ඇනෝ මහත්තයෝ ඔහෙම කල්පනා කරල බලන්ට මහ බැංකු බැඳුංකර ගැන ලියන්ට කොහෙද වෙලාවක් තියෙන්නෙ කියාලා ?

      ඒ හින්ද මෙහෙම කරමු. ඔබ තුමා ඔය හැංගිල ඉඳගෙන මට අරක ලියපං මේක ලියපං කියල උපදෙස් දෙන වෙලාවෙ නරකද ඔබ තුමාම ඔය ගැන ලිව්වොත්? මොකෝ කියන්නෙ? ලියමු නේද?

      Delete
    2. ඔච්චර ලියන්න දෙයක් නැහැ රවී, එකැස් කණාට පේන්නේ එක පැත්තයි.
      ඌ බලෙන් වගේ හරි හැරිලා අනිත් පැත්ත බැලුවේ නැත්නම් සදාකල්ම ඌ දකින්නේ එක පැත්තයි.
      වෙන වෙන වැල් බයිලා ලිව්වට දේශපාලනයේදී ඔහෙත් එකැස් කණෙක් වගේ.

      Delete
    3. රවීට පේන එක ඇහැවත් ඔහේට පේන්නෙ නැති එකනෙ අප්පා කරුමෙ... ඇහේ බබා බය්ය බබා උනාම ඔහොම වෙනව !

      Delete
    4. බැඳුම්කර කේස් එක මෙහෙම සරළව ලියන්න පුළ්වං එකක් නෙවෙයි. ඒකයි ලොකුම හේතුව. ඇනොලට ඒක ගැන කියවන්න ආසයි නම් රාවය බලන්න.

      Delete
  12. අනේ අම්මපා ඔය වගේ වැරදි අපේ බැංකු ගිනුමෙ ශේෂයට වෙන්නෙ නෑනේ........

    ReplyDelete
    Replies
    1. Isuru,

      මෙතන ගිණුමෙ ශේෂයෙ වැරැද්දක් ගැන නෙවෙයි ඉසුරු කියන්නෙ...:)

      Delete
    2. ඇත්ත... ඇත්ත...... මෙයාල ගිනුමෙ හැඳුනුම්පත් අංකය operator error එකක් කියලනෙ කියන්නෙ..... අපි සල්ලි දානකොටත් ඔහොම වැරදි වෙලා..... එක බිංදුවක් වත් වැඩිය වැටෙන්නෙ නෑනෙ....

      Delete
  13. 22 222 ගැන මට ඔය දේ හිතුනෙ නෑනෙ අම්මප...! සමහරවිට 1922 නෙවෙයි ශිරිලිය ඉපදිලා ඇත්තෙ, 2022 වෙන්න බැරිද? දෙන බබා ටෝක් වල හැටියට එහෙමත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මට තවත් දෙයක් කල්පනා වුනා මල්ලි උඹේ කමෙන්ට් එකෙන්. දැන් මේ අවුරුද්දෙ ජනවාරි 30 උපදින පිරිමි දරුවෙක්ගෙ හැඳුනුම්පතේ මුල් අංක පහ වෙන්නෙ 15030 නෙ. එතකොට 1915 ජනවාරි 30 උපන් පිරිමි කෙනෙක්ගෙ හැඳුනුම්පත් අංකයයි මේ අවුරුද්දෙ ජනවාරි 30 උපන්න පිරිමිළමයගෙ හැඳුනුම්පත් අංකයයි එක සමාන වෙන්න බැරිද? අන්තිම අංක 4 මට මතක විදිහට උපන්න දිස්තික්කය වගෙ විස්තර වලට අදාලව වෙන් කරන්නෙ. එව්වයින් එකකින් සමහරවිට 1915 උපන්න පුද්ගලයයි 2015 උපන්න පුද්ගලයයි වෙන් කරගන්නව ඇතිද දන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්ට ඕන ඒ ගැන...:)

      Delete
    2. එතකොට.... 2000 උපන්න කෙනෙක්ගෙ පටන්ගන්නෙ 00න් ද ? මෙදා පාර OL කරන කෙනෙක්ගෙ එක බැලුවනම් හරි.....

      Delete
  14. අනේද කියන්නේ... අර කවුද ලේකම් ඩයල් එකක් කියල තීන්නේ එතුමීගේ පාස් පෝට් එකය බැංකුවට දුන්නේ - පාස් පෝට් එක දුන්න හන්දා හැඳුනුම්පත් අංකෙ නිකම් හිතල දාල කියලා. මෙව්වාත් පිළිගන්ට ලේස්ති වෙච්චි ගොන් වහන්සේලා ඉන්නවනේ. අනේ අපේ පාස්පෝට් වල නම් හැඳුනුම්පත් අංකෙ ගහල තීන්නේ. එතුමිගේ රාජ ඌස්නෙ වැඩි කමට වැදිලා නැතිව ඇති. හුහ් !!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...