Tuesday, June 9, 2015

324. විසිපස්විය සපිරි හබල් පිළිබඳ ආවර්ජනයක් - The Eye In The Sky - 25th Anniversary


Hubble Space Telescope - Google Images

ඒ 1990 අප්‍රේල් මාසෙ අන්තිම සතියට කලින් සතිය.....ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලයට අවුරුදු අවුරුද්දකුත් මාස හතරක් වගෙ ගෙවිල ගිහිල්ල. එතුමා කොටු වැටිච්ච කැප් තොප්පියක් එහෙම දාගෙන ( අර ඩිකී බර්ඩ් මතකයිනෙ, සුප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරු..අන්න මනුස්සයත් දාගෙන හිටියෙ ඒ වගෙ කැප් එකක් ) සුපුරුදු අත්කොට බුෂ් ෂර්ට් එකෙං සහ සුදු සරමෙං සැරසිල රටපුරා යන කාලෙ ගම් උදාවලුයි, ඇඟලුං කම්හලුයි හන්දියක් හන්දියක් ගානෙ ඔර්ලෝසු කණුයි විවෘත කරනව ඊට පස්සෙ කකුලෙ ඇඟිලි වලින් ඉස්සි ඉස්සි කතා පවත්වනව.

රොහාන් විජේවීර ( ජේ.ආර්. කිව්වෙ රෝහණ නෙවෙයි රොහාන් කියල විජේවීරට ) මැරිල ඒ වෙනකොට මාස පහක් වගෙ ගතවෙලා.ජේ.වී.පී. එක ආරම්භ කරපු සහ ආණ්ඩුව ඊටත් වඩා සාහසික ලෙස ඊට පිළිතුරු දුන්නු භීෂණයෙ අඳුරු හෙවණැලි සම්පූර්ණයෙන්ම පහව නොගියත් සෑහෙන දුරකට මැකිල ගිහිල්ල. සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබ්බ ජන ජීවිතය ඒ වෙනකොට ආපහු ප්‍රකෘති තත්වයට එන්ට පටන් ගනිමින් තිබ්බ.

මේ ඊයෙ පෙරෙයිද වගෙ අප අතරින් වෙන්ව ගිය ඩී.එෆ්. කාරියකරවන මහත්මයට පෙන්නන්නට බැරි යෙදුමක් තමයි ඔය පත්තරකාරයන්ගෙ සම්පූර්ණයෙන් අඩාල වෙන කතාව. යම් දෙයක් සම්පූර්ණයෙන් අඩාල වෙන්නෙ කොහොමද කියල දන්නෙ ඒ වගෙ අන්ඩර දෙමළ ලියන පත්තර කාරයොයි, එව්ව අනුමත කරන සංස්කාරකලයි විතරක්ම වෙන්නැති කියල එතුමා කීප දවසක කියල තිබ්බ මට මතකයි.

1990 අප්‍රේල් මාසෙ තිබ්බ රටේ තත්වය ඕකයි. ඒ වෙනකොට මම සේවය කලේ අර කැළේ මැද ව්‍යාපෘතියෙ. එතනින් ස්ථාන මාරුවක් ලබා ගොවි ජනපදයක සේවයට පැමිණීම තවත් වසර දෙකක් අනාගතයේ සහ අපෙ ප්‍රියම්බිකාස් මුණ ගැහීම ඊටත් වසරක් අනාගතයේ සිදුවීමට නියමිතව තිබූ ඒ සුපුරුදු වියළි අප්‍රියෙල් මාසෙ මුල් සතිය අවසානයෙ මම ගෙදර ආවෙ අලුත් අවුරුදු නිවාඩුව අල්ලල. ශත වර්ෂ කාලකට ඉස්සෙල්ල ඔය දවස්වල අලුත් අවුරුද්දට කඩ සාප්පු, කාර්යාල, පෞද්ගලික සමාගම් ඔව්ව මෙව්ව ඔක්කොම අඩුම ගානෙ සති දෙකක්වත් වහනව. බොහෝවිට අප්‍රේල් 10 වගෙ වහන එව්ව ආයම විවෘත වෙන්නෙ අප්‍රේල් 22, 24 වගෙ.

අවුරුදු කාලෙ මෙහෙම සති දෙකක් විතර මුලු රටේම නිෂ්පාදනය ඇණ හිටින එක එක අතකින් ජාතික අපරාධයක් කියල මට හිතුනෙ ඒ කාලෙමයි. කොටින්ම වෙන දෙයක් ඕන නෑ සහගින්දරට රෝස්පාං එකක් නැත්තං කිඹුළෙක් ගන්ට බේකරියක්, තිබහට කහට කෝප්පයක් ගන්ට තේ කඩයක් නැතිවෙනව. එව්ව ඔක්කොම වහල මුදලාලිල, ගෝලයො ඔක්කොම ගෙවල් වලට ගිහිල්ල අවුරුදු කන්ට.


එක පාරක් මම ඉසතෙල් ගාපු ගමන්ම අප්‍රේල් 17 නැත්තං 18 විතර ඔන්න ආපහු වැඩට ගියා. ඒ කාලෙ අපෙ ගෝලයගෙ ගෙවල් හිඟුරක්ගොඩ. වැඩි ඈතක් නෑනෙ. මිනිහත් පොරොන්දු වුනා මම ආපහු එන දවසටම වැඩට එන්ට. ( ගෝලයයි කිව්වෙ අපේ ක්වාටර්ස් එකේ උයන්ට හිටි කොලුව.)

" හරි මහත්තය ප්‍රශ්ණයක් නෑ..මමත් එන්නං ....මහත්තය එන දවසටම..." .එහෙමයි අවුරුද්දට කලින් ගෙදර යද්දි මිනිහ කිව්වෙ. 

" එහෙනං නොවැරදීම වරෙං හොඳද? මට මේකෙ තට්ට තනියම ඉන්ට බෑ." මම එහෙම කියල මනුස්සය හගිස්සව ගත්ත. 


පොළොන්නරුවෙන් මඩකළපු යන බස් එකක ඇවිල්ල මහ පාරෙ ඉඳල ලෑන්ඩ් මාස්ටරේක නැඟල ඇවිල්ල යන්තමට හවස පහ වගෙ වෙනකොට මම කෑම්ප් එකට ආව. අවුරුදු කාලෙ අපෙ වගකිවයුතු නිලධාරියෙක් කවුරුහරි නවතිනව කෑම්ප් එකේ. ජීප් එකක්, ඩීසල් සහ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව හදිස්සියකට. මම කියන ඔය කාලෙ අපේ එස්.කේ. ලොක්කා ( S.K. = Store Keeper ) අළුත විවාපත් වෙලා භාර්යාව එක්කලා ඇවිල්ල විවාහක නිල නිවාසෙක පදිංචි වෙලා මාසයක් වගෙ වෙලා තිබුනෙ. ඒ හින්ද සැකේ ( අපි එස්කේලට පොදුවෙ කිව්වෙ සැකේ කියල ) ඒ අවුරුදු කාලෙ කෑම්ප් එකේ නැවතුනා. බඳින්ට කලින් බිව්වට බැන්දයින් පස්සෙ අමද්‍යප සංගමේ යාවජීව සභාපති තනතුර මිනිහ ස්වේච්ඡාවෙන්ම භාරගත්ත. 

ගේට්ටුවෙ මුරකුටියෙ වොචර් හිටියෙ ස්ටැන්ලි. 

" ආ මහත්තය මොකද කලින්ම? "

" කලිං ආව බං ටිකක්. කෝ අමරේ ආවද? " අමරෙ කිව්වෙ අර කලින් එන්ට පොරොන්දු වෙච්චි අපෙ ගෝලය. 

" ඔහෙ නෑ මහත්තය. එස්කේ මහත්තයායි, සුමෙනෙයි මායි විතරයි ඉන්නෙ. " සුමනෙ කිව්වෙ ජීප් ඩ්‍රයිවර්.

" ඈහ්???? .........." මම මුරකුටියෙ මේසෙ උඩ මගෙ බෑග් මල්ල තියල එතනම තිබ්බ ලී පුටුවෙ ඉඳගත්ත. 

ස්ටැන්ලිය වතුර පුරවල තිබ්බ ගල් බෝතලයක් අතට ගත්ත මේසෙ යට තිබිල. " මහත්තයටත් ඕනද? "

" හරි දීපංකො එහෙනං උගුරක්...අර ලෑම්මාට්ටරේ ඇවිල්ල ගිණිගහන හුලඟටම උගුර කටත් වේලිල. " මම උඩ බලාගෙනම වතුර උගුරු හත අටක් හලාගත්ත. 


" මේ ***** පුතා මරන්ට එපාය බං..මූ මට දහ අතේ පොරොන්දු වුනා නෙව දහ අට එනවය කියල."

" ඔය කොල්ලොනෙ මහත්තය,..... ගෙවල් වලට ගිහාම දන්නෙ නැද්ද? "

" හරි..බලමුකො ඕකා සමහරවිට රෑ වෙලා හරි එයි. හිඟුරක්ගොඩ මහ දුරක් නෙවෙයිනෙ. මම බෑග් එකත් අරගෙන එළියට බැස්ස. 

" මහත්තය රෑට කෑම කොහොමද? බත් එකක් බෙදල මම ගේන්ටද? "

" ගේන්ට ඕන නෑ බං..... මම එන්නංකො නාගෙන කාරිය උඹලගෙ ඩෝමිටරි එක පැත්තෙ. "

නාගෙන ටිකක් නිදාගෙනත් ඉඳල මම ගිය උංගෙ කාමරේට. ඉතුරු වෙලා තිබ්බ කොටේකිං පොඩ්ඩක් වගෙත් ක්‍රියකරල එහෙං බතුත් කාල ඇවිල්ල නිදාගත්ත.

පහුවදත් දොළහ වගෙ වෙනකල් බලල අමරෙ ආපු නැතිකොට මම සුමනෙ එක්ක ජිප් එකේ කදුරුවෙලට ඇවිල්ල ගෙදර ආව. තට්ට තනියම ඕකෙ ඉන්ට පුලුවන් මොන යකාටද?

ඔය වගෙ 1990 අවුරුද්දෙත් මම සාමාන්‍යයෙන් අපේ කට්ටිය වැඩට එන දවස් වලට දවස් කීපයකට කලින් ආපහු ආව කෑම්ප් එකට. ඒ අවුරුද්දෙ හැබැයි පාලුව තනිකම ගැන කිසි අවුලක් නෑ. ඒ මොකද කියනවානම් අපේ සෝමෙ අයිය තමයි ඒ අලුත් අවුරුද්දෙ කෑම්ප් එක භාරව නැවතුනෙ. 

සෝමෙ අයිය මතකයි නේ?....අර ඕලු මලේ කතන්දරේ..අන්න පොර...

සෝමෙ උයන්ට පිහන්ට නොම්බර එකයි. ඒ නිසා අවුලක් නෑ. අපි දෙන්න ඉතිං ඔහෙ දඩ කයියක් ගහගෙන උයා පිහාගෙන හිටිය. ඒ දවස්වල ඔය අපේ කෑම්ප් එක මැද්දෑවෙ ටී.ටී. ගහන්ට එහෙම පොඩි ශාලාවක් වගෙ එකක් හදල, ඒකෙම පැත්තක ටෙලිවිෂන් එකකුත් ගෙනල්ල තිබ්බ. දවල්ට කාල මම ඔය පැයක් දෙකක් වගෙ ඇලට් එකකුත් ගහල හවස ආයෙම නාල තේ එකකුත් බීල යනව ක්ලබ් එක දිහාවෙ. අර ටි.වී. එක එහෙම තිබ්බ ශාලාවක් වගෙ ගොඩනැඟිල්ලට අපි කිව්වෙ ක්ලබ් එක කියල.ඕකෙම කාමරේක තමයි මම අර කලින් දවසක කියපු අපි සල්ලි එකතුකරල ෂෙයාර්ස් අරගෙන පවත්වාගෙන ගිය සිල්ලර වෙළඳසැළත් තිබ්බෙ. ඒකට පස්සෙ පස්සෙ අරක්කුත් ගෙනාව.


" සෝමෙ අයියා යමං ක්ලබ්බෙක දිහාවෙ.............ටී.වී. එකවත් පොඩ්ඩක් බලන්ට බැරිය...." මම සෝමෙයවත් ඇදගෙන ගියා තේ එහෙම බීල.


එදා රූපවාහිනී ප්‍රවෘත්තිවලට පෙන්නුව විශේෂ තොරතුරක්. ඈත විශ්වය ගැන ගවේෂණය කරන්නට පෘථිවියෙන් ඉහල අභ්‍යාවකාශයට දුරේක්ෂයක් කක්ෂගත කරන එකයි ඒ සුවිශේෂී ප්‍රවෘත්තිය.

ගවේෂණය ( Exploration ) කියන වචනෙ මූලාරම්භය දන්නවද? ඉස්සර කාලෙ මිනිස්සු බහුතරයක් හරක් ඇතිකලා. මිනිස්සුන්ගෙ ධනවත්භාවය මනින ප්‍රධානම ඒකකයක් වුනේ කුඹුරු, වතුපිටි වලට අමතරව හරක් කීදෙනෙක් ඉන්නවද කියන එක. උදේට ලිහල දැම්මම හරක් දවස පුරා ඔය තැන් තැන්වල ඇවිදල කාල හවසට ආපහු ගෙදර පිටිපස්සෙ තියන ගවගාලට එනව. ඔය ගව පාලනය නිසා හැදුනු තව වචනයක් ගොම්මං වෙලාව. සාමාන්‍යයෙන් හවස පහමාර , හය, හයාමාර තමයි ගොම්මං වෙලාව කියල හඳුන්වන්නෙ.දවල් තිස්සෙ කැළේ කොළේ ඇවිදල කාල, බීල හවස්වීගෙන එනකොට ගොන්නු මඟට බැහැල ආපහු තමංගෙ ගෙවල් වලට එන වෙලාවට තමයි ඔය ගොම්මං වෙලාව කියල නම වැටුනෙ.

ඒ ගොම්මං වෙලාව ගැන..එතකොට ගවේෂණය මෙහෙමයි. හිටපු ගමං හරත් හතර පස් දෙනෙක් කොහොමිං කොහොමිං හරි රැළෙන් වෙන්වෙලා අතරමං වෙනව. එතකොට ආපහු ගාලට නාපු හරක් හොයාගෙන රාත්තිරියෙම යන්ට වෙනව හුළු අත්තකුත් පත්තු කරාන. මොකද නැත්තං සතා සීපාවට උං ගොදුරු වෙන්ට පුලුවං. එහෙම හරක් හොයාගෙන යනවයි කියන තේරුමෙන් තමයි ගවේෂණය කියල භාවිතාකරන්ට ගත්තය කියන්නෙ. අන්වේෂණය කියන්නෙ සෙවීම. ඒ හින්ද ගවයින් ගැන සොයාබැලීම ගවේෂණය.

රයිට් ආපහු අර අභ්‍යාවකාශයට යවන දුරේක්ෂය ගැන.( ඒකෙ නම හබල් ). ඔය දිනය 1990 අප්‍රේල් 24 වෙනිදට දවස් හතර පහක් කලින් දිනයක් වෙන්න ඕන. මොකද මට මතකයි එදා ඒ ප්‍රවෘත්තියෙ කිව්ව නොබෝ දිනකින් හබල් දුරේක්ෂය අභ්‍යාවකාශ ගතකරනවයි කියල. හබල් අභ්‍යාවකාශගත කරපු ඒ ඓතිහාසික දිනය 1990 අප්‍රේල් 24 වෙනිදා.

හබල් දුරේක්ෂයේ සම්පූර්ණ මූලික පිරිවැය අමරිකන් ඩොලර් බිලියන 2.5ක්. නඩත්තු සහ වැඩිදියුණු කිරීම් එක්ක අද වෙනකොට වියදම ඩොලර් කෝටි බිලියන 10 වගෙ වෙනවා. මේවාගෙ අධික පිරිවැයක් දරමින් අභ්‍යාවකාශයට දුරේක්ෂයක් යවන්නට, එම දුරේක්ෂය නඩත්තු කරන්නට අමරිකාවෙ නාසා ආයතනය කල්පනා කලේ ඇයි?

අනාදිමත් කාලෙක ගල්ගුහාවක් ඉස්සරහ ගිණිමැලයක් වටේ ඉඳගෙන යන්තමට ඔලුව උස්සල තම ඝනව වැඩුනු දෙබැම යටින්, ගිලීගිය එහෙත් තීක්ෂණ නෙතින් රෑ අහස පුරා ඉහිරිච්ච තරු පොකුරු දෙස ඇසිපිය නොහෙලා බලා හිටපු දවසෙ ඉඳල අද මේ මොහොත වෙනකල්මත්, බොහෝවිට තවත් නොගිණිය හැකි කාල පරාසයක් ඉදිරියටත් මානව වර්ගයාගෙ නොසන්සිඳෙන ආශාව මේ තරු පොකුරු ඇතිවුණේ කවදාද? ඇතිවුණේ කොහොමද? සහ ඇතිවුණේ ඇයි? යන ගැටළු තුන විසඳාගැනීමයි.

සමහරවිට, සමහරවිට නෙවෙයි බොහෝවිට, මිනිස් වර්ගයාගෙ අවසානය තෙක් ඒ ගැටළුවලට පිළිතුරු සොයාගන්නට නොහැකිවේවි කියලත් මට වෙලාවකට හිතෙනව.

කාලෙකට ඉස්සර මම කියවපු විද්‍යා ප්‍රබන්ධයක කතාවෙ තේමාව මිනිස් වර්ගයාගේ අභිමතාර්ථය කුමක්ද? ( What's the purpose of humankind? ) ඒ කතාවෙ කියවෙන්නෙ මිනිස් සංහතිය පෘථිවිය මත උත්පාදනය කිරීමේ පරමාර්ථය ඉහත කී ගැටළු වලට පිළිතුරු සෙවීමට ඔවුන් දරණ උත්සාහය නීරීක්ෂණය කිරීමටයි යන්නයි. මිනිසුන් ඒ ගැටළු වලට පිළිතුරු සොයාගත් දින මිනිස් වර්ගයා නිර්මාණය කල පරමාර්ථය ඉටුවී ඔවුන් තව දුරටත් ප්‍රයෝජනයක් නොමැතිව එකෙණෙහිම අතුරුදන් වන බව ද ඒ කතාවේ සඳහන් වුනා මට මතකයි.

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් කෙරෙන ප්‍රධානම කාර්‍යය නම් ඒ විද්‍යා ප්‍රබන්ධය සත්‍යයක් වේවා අසත්‍යයක් වේවා මිනිස් සංහතියේ පැවැත්මේ අරමුණ, ඔවුන්ගේ පවැත්මේ පරමාර්ථය සාක්ෂාත් කරගැන්මෙහිලා මඟ හෙලිකිරීමයි. එනම් මම ඉහත පැවැසූ විශ්වයේ ආරම්භය කවදා සිදුවිණිද? කෙලෙස සිදුවිනිද? කුමක් උදෙසා සිදුවිනිද යන ගැටළු විසඳීමෙහිලා මනුෂ්‍ය වර්ගයාට සහයවීමයි.

ඈත චක්‍රවාටයන්හි සිට ආලෝක වර්ෂ මිලියන ගණනක් පසුකොට අප වෙත එන ආලෝක කිරණ අවසාන කිලෝමීටර 480 දී පෘථිවියේ වායුගෝලයේ ආකූලතා හේතුකොටගෙන බොහොසේ විකෘතිවේ. රාත්‍රි අහසෙහි තාරකාවන් දිදුලන්නාසේ අපට දිස්වන්නේ එනිසාවෙනි. " Twinkle, twinkle little star....." කියා කුඩා අවදියෙහි සමූහ වශයෙන් ගායනා කලද ඇත්ත වශයෙන්ම තාරකා දිදුලන්නේ නැත. වායුගෝලයෙහි කැළඹීම් නිසා එලෙස දිස්වනවා පමණකි. 


එලෙසම මිලියන කිහිපයක් මානවයින් වාසය කරන මහා පුරවරයන් ආලෝකමත් කරමින් රැය පහන් වන තෙක් දැල්වෙන විදුලි ආලෝකය හේතුකොටගෙන දුර බැහැර අනන්තයෙහි සිට අප කරා ලඟාවන කුඩා ආලෝක දහරාවන් වෙන්කොට හඳුනාගැන්ම ද ඉතා අසීරුය.


පෘථිවි තලය මතුපිට පිහිටුවා ඇති බොහෝ විශාල දුරේක්ෂ ස්ථාන ගතකොට අත්තේ හැකිපමණ මේ බාධාවන් මඟහරවාගැන්මට හැකි පරිදිය. එනම් මිනිස් වාසයන්ගෙන් දුර බැහැර කඳු මුදුන් හෝ කන්තාරවන් ස්ථානයන්හිය.එසේවුවද විශ්වයේ බොහෝ දුර බැහැර ආලෝක ප්‍රභවයන්ගෙන් නිකුත් වන්නාවූ දුබල ආලෝකය පැහැදිලිව ඡායාරූපයක් ගත හැකි පරිදි ග්‍රහණය කොට ගැනීමෙහිලා ඒ අපොහොසත්ය. හබල් වැනි අභ්‍යාවකාශයෙහි කක්ෂගත දුරේක්ෂ තාරකා විද්‍යාඥයින්ට මහෝපකාරී වන්නේ මෙහිදීය. අභ්‍යාවකාශයෙහි ස්ථාපිත දුරේක්ෂයකට වයුගෝලයෙන් හෝ විදුලි ආලෝකයෙන් කිසිදු බාධාවක් නොමැත. 

එබැවිනි මීටර 13.2 දිගකින්, මීටර 4.2 විෂ්කම්භයකින් සහ කිලෝග්‍රෑම් 11.110 ස්කන්ධයකින් යුතු, පෘථිවි මතුපිටින් කිලෝ මීටර 559 ඉහලින් කක්ෂගතව තත්පරයමට කිලෝ මීටර් 7.16 වේගයෙන් අප වටා භ්‍රමණය වන හබල් අපට ඈත විශ්වයේ මෙතෙක් අප නොදුටු සිහිනෙන් පවා නොසිතූ නොයෙක් ආශ්චර්යයන්ගේ ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයන් 7,00,000 අධික ප්‍රමාණයක් මේ පසුගිය විසිපස් වසර තුල අප වෙත එවීමට සමත්ව සිටිනුයේ.

හබල් දුරේක්ෂය එසේ නම් ලැබූයේ සුප්‍රකට අමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් ( 1889 - 1953 ) අනුස්මරණය උදෙසාය. ක්ෂීරපථය නොහොත් අප වසන චක්‍රවාටය හැරුනුකොට විශ්වයෙහි වෙනත් චක්‍රවාටයන් පවතින බව මුල් වරට සනාථ කලේ ඔහු විසිනි. විශ්වයේ සියළුම චක්‍රවාට එකිනෙකා කෙරෙන් ඉවත ඇදීයන බව ද හබල්ගේ සොයාගැනීමකි.චක්‍රවාටයන් අපගෙන් ඉවතට ඇදීයන ප්‍රවේගය චක්‍රවාටයට ඇති දුරට අනුලෝමව සමානුපාතික වන බවද ඔහු නිගමනය කලේය. හබල් නියතය යනුවෙන් අද තාරකා විද්‍යාඥයින් හඳුන්වන්නේ මේ නියමයයි.

අභ්‍යාවකාශයෙහි රැඳීසිටි වසර විසිපහ තුල හබල් දුරේක්ෂයේ ආධාරයෙන් විද්වතුන් කල අනුපමේය සොයාගැනීම් කිහිපයක් මෙසේය.

1. චක්‍රවාටයන් එකිනෙකින් ඉවත ඇදීයන ප්‍රවේගය නිවැරදිව ගණනය කිරීම.මේ සඳහා ඉතා දුරකින් පිහිටි චක්‍රවාටයන්ට දුර නිවැරදිව ගණනය කල යුතු අතර පෘථිවිය මත පිහිටි දුරේක්ෂයකින් එසේ නිවැරදි මිනුම් ගැනීම ඉතා අසීරුය.

2. චක්‍රවාටයන් එකිනෙකින් ඉවත ඇදීයන වේගය අනුව විශ්වයේ උපත මීට වසර බිලියන 13.82 පෙර සිදුවූ බව ගණනය කල හැකිවිය. හබල් දුරේක්ෂයේ නීරීක්ෂණයන්ට ප්‍රථම විශ්වයේ වයස වසර බිලියන 10 - 20 දක්වා අතර අගයක් ගන්නා බව අනුමාන කෙරිණි.

3. සෑම චක්‍රවාටයක් මධ්‍යයේම චක්‍රවාටයෙහි ස්කන්ධයට සමානුපාතික ස්කන්ධයකින් යුතු කළු කුහරයක් ( Black Hole ) පවතින බව නීරීක්ෂණය කරන ලදී.

4. තාරකාවක් වටා ඇති අන්තරීක්ෂ දූලි වලාවන් කැටි ගැසී ග්‍රහලෝක බිහිවන අයුරු හබල් දුරේක්ෂයෙන් ගත් ඡායාරූපයන්හි දක්නට ඇත.

5. වෙනත් තාරකාවන් වටා භ්‍රමණය වන ග්‍රහලෝක සහ එවන් ග්‍රහලෝකයක කාබනික අණු සොයාගැනීම ( මෙසේ සොයා ගන්නා ලද්දේ මීතේන් වායුවයි. )

6. විශ්වය සිග්‍රයෙන් ප්‍රසාරණය කරවන, එමෙන්ම ගුරුත්ව බලයට පරස්පරව ක්‍රියාකරන තාරකා විද්‍යාඥයින් විසින් න්‍යායානුකූලව පැවතිය යුතුයැයි සැකකල Dark Energy නම් ශක්ති විශේෂයක් විශ්වයෙහි පැතිර පවත්නා බව නීරීක්ෂණ මඟින් ස්ථිර වශයෙන්ම සනාථ කිරීම.


Pillars Of Creation - Where Stars Are Born

පසුගිය වසර විසිපහ තුල විනාඩි 96 වරක් පෘථිවිය වටා එක් වටයක් යමින් හබල් දුරේක්ෂය විසින් මානව වර්ගයාගේ බුද්ධිමය ක්ෂිතිජයෙහි සීමාවන් පුළුල් කිරීමෙහිලා ඉටුකල මෙහෙය අතිවිශාලය. මේ මොහොතේ පවා හබල් ඈත අභ්‍යාවකාශයෙහි කිසිදා නොපියවෙන තම නෙතු ඈත විශ්වයෙහි නිම් වළලු වෙත යොමු කොටගෙන සිටිනුයේ සමස්ත මානව වර්ගයාගේම යහපත වෙනුවෙනි.

93 comments:

  1. හබල් එහෙනම් මෙච්චර කාලයක් පොල් ගාල නැහැ වගේ... බලාපල්ලකෝ ඒකෙත් හැටි නේද? හබල් ගැන කියන්ට ගියත් පඳුරු නම් කී දුසිමක් තැලුවද නේ?

    ReplyDelete
    Replies
    1. Upeksha,

      / හබල් එහෙනම් මෙච්චර කාලයක් පොල් ගාල නැහැ වගේ... බලාපල්ලකෝ ඒකෙත් හැටි නේද?

      උඹ කාල තියනවද පොලුයි හබල පෙතියි?

      හාද වෙලා යමං පනේ සිරි සැප ‍දෙඤ්ඤයි
      උඹට රේන්ද රිදී පට කම්බා අදින්න දෙඤ්ඤයි...//

      ගාලු දුවඤ්ඤයි - මම ‍කොළඹ දුවඤ්ඤයි 
      උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි....//

      හාද වෙලා යමං පනේ සිරි සැප ‍දෙඤ්ඤයි
      උඹට රේන්ද රිදී පට කම්බා අදින්න දෙඤ්ඤයි...//

      ගාලට යඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි
      උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ල දෙඤ්ඤයි..//

      මේක අර සිංදු කියන හිටපු ආණ්ඩුකාරයගෙ ගීතයක්...:)

      / හබල් ගැන කියන්ට ගියත් පඳුරු නම් කී දුසිමක් තැලුවද නේ? /

      ඒ බං පරිසරය හදාගන්න එකයි කරන්නෙ. පඳුරු තලනව කියන ව්‍යාවහාරය ඇවිල්ල තියෙන්නෙ ඔය කුරුඳු කපන්ට ඉස්සෙල්ල කුරුඳුගස් වටේ තියන පඳුරු තලල සුද්ද කරල ඉන්ට ඕන. අන්න ඒ වැඩෙන් තමයි ඔය පඳුරු තලනවා කියන එක්ස්ප්‍රෙෂන් එක ආවෙ. ඉතිං බං මාත් කරන්නෙ ඒ වැඩේම තමයි.

      Delete
    2. මං පැඟිරි කාලෙ හිතං උන්නෙ හබල පෙති හදන්නෙ පරන හබල් පතුරු ගහල කියල.. හෙහ්...හෙහ්.....

      Delete
    3. සින්දු කියන ආන්ඩුකාරය කියනකොට මගෙ ඔලුවට එන්නෙම අර අතේ ගහන කුරුල්ලව.
      බලාපංකො එහෙත් හැටි.. හෙහ්..හෙහ්....

      Delete
    4. රවී: කාල තියෙනවා.. කාල තියෙනවා. මට නම් අල්ලන්නේ නැහැ. හරියට බතල පැටිස් වගේ. බතලත් නෑ , පැටිසුත් නෑ !

      දැන් රවියා කියන්නේ ඔබතුමා කුරුන්දුත් තැලුව කියලද? හා ඈ

      X - Porter : ඇයි එහෙම නෙවෙයිද හදල තියෙන්නේ? හෑ ? හික්...

      Delete
    5. X-Porter

      අම්මප, උඹටත් මතක් වෙන ජාති....:)

      Delete
  2. උඹේ බාගෙට කියපු කතා ටිකටත් විසිපහක් නැත්නං අඩුතරමින් දහයක්වත් පිරෙයි හෙට අනිද්දට.

    ReplyDelete
    Replies
    1. හැලප,

      දැන් ඔව්ව ඔක්කොම මතකත් නෑ බං..වෙලාවක මුල ඉඳල බලල ලැයිස්තුවක් හදන්ට ඕන පිළිවෙලකට...:)

      Delete
  3. //අන්වේෂණය කියන්නෙ සෙවීම. ඒ හින්ද ගවයින් ගැන සොයාබැලීම ගවේෂණය//

    අං තියන උන් විතරක් හොයනවනම් අන්ගවේශණයද?

    ReplyDelete
    Replies
    1. Pra,

      අං තියෙන උං විතරක් හොයනවට කියන්නෙ " Searching for Horny Bulls " කියලයි ප්‍රා...:)

      Delete
    2. Horny is not a condition exclusive to
      bulls. Cows too.......
      Try searching for hornsome lonesome of the opposite gender Ravi. It might prove more fruitful.

      Delete
    3. අඃ ලියන්නෙ මෙහෙම නේද ?

      Delete
    4. අඃ කියන එක ශබ්ද කරන්නෙ 'අහ්' කියල වගේ මට මතක.

      Delete
    5. / 'අහ්' / එහෙම සද්දෙයක් ආවෙ බොට පස්සට් හරම ඇන්නහම.

      Delete
    6. ප්‍රා,

      / Try searching for hornsome lonesome of the opposite gender Ravi. It might prove more fruitful. /

      Hornsome කොහොමවෙතත් Lonesome කෙල්ලො නං ඕන හැටිය හිටිය ඒ කාලෙ අපෙ ඔෆිස් එකේ." අනේ වීරෙ...ලබන සතියෙ පඩි අරගෙන නොවැරදීම දෙනකල් මට රුපියල් දෙදාහක් දෙන්ටකො හොඳ ළමය වගෙ."

      උනුත් දන්නව ඔහොම නලවල කිව්වම මම බඩේ තියන එක හරි අරං දෙනවයි කියල.මාත් ඉතිං මහා දානපති අනේපිඬු සිටුතුමා වගෙ " හා එහෙනං මතක ඇතුව පඩි ගත්තු ගමං දෙන්ට ඕන හොඳේ මෙයා? " එහෙම කියල අම්මට යවන්ට තියාගෙන හිටපු දෙදාහ එහෙම්මම දෙනව.

      Delete
    7. කම්මලයයි ප්‍රසා යි දෙන්නම සිංහල ෆේල්.. අඃ කියනෙක ශබ්ද කරන්නේ 'අක්' කියල බොලල්ලා.. සිංහල හෝඩියේ අන්තිම අකුර.. උදා:- මනඃකල්පිත උච්චාරනය කරන්නේ 'මනක්කල්පිත' ලෙස...
      රවිඅයිය අර 'ලෝන්සම්' බුවාලට අහු උනා කියන්නේ ඉතින් බොට ගලපෙනව යෙදුම 'හෝර්න්සම්' තමයි..හැක්..

      Delete
    8. Pra,

      Thanks..yes, it should be loansome...:)

      Delete
    9. කළ්‍යාණ,

      / කම්මලයයි ප්‍රසා යි දෙන්නම සිංහල ෆේල්.. අඃ කියනෙක ශබ්ද කරන්නේ 'අක්' කියල බොලල්ලා.. සිංහල හෝඩියේ අන්තිම අකුර.. උදා:- මනඃකල්පිත උච්චාරනය කරන්නේ 'මනක්කල්පිත' ලෙස…/

      එහෙම නෙවෙයි නේද මල්ලි ? …...අඃ = අහ් නේද වෙන්නෙ? තුඃ විතරක් ගෙරි බල්ල..කිව්වම ශබ්ද වෙන්නෙ තුහ් විතරක් ගෙරි බල්ල කියල නේද?

      මනඃකල්පිත = මනහ්කල්පිත

      Delete
  4. හබල් එකට වැඩිය සියක් ගුනයක් බලයක් තියෙන එකක් 2016 දී යවනවා ගොයියෝ. එතකොට හිතන් හිටිය ගොඩක් දේවල් වෙනස් වෙයි. මාත් මේ එතකං බලං ඉන්නේ.. ඒ උනාට හබල් ගැන ඇබින්දක් හරි තිබුන එක වටිනවා පනේ

    ReplyDelete
    Replies
    1. දේශක.

      ඔබ කියන්නෙ James Webb Space Telescope එක ගැන. මගෙ සටහනේ දෙවෙනි ලින්ක් එකේ ඒ ගැන විස්තර සඳහන් වෙනවා.

      එය අභ්‍යාවකාශගත කරන්නට අපේක්ෂා කරන්නේ 2018 ඔක්තෝබර් මාසයේදීයි. හබල් දුරේක්ෂය ප්‍රධාන වශයෙන් දෘශ්‍ය සහ පාරජම්බුල පරාසයේ ආලෝකය කෙරෙහි සංවේදී වූ අතර ජේම්ස් වෙබ් නිපදවා තිබෙන්නේ අධෝරක්ත පරාසයේ නීරික්ෂණ කටයුතුවල යෙදීමටයි. ඊට අමතරව හබල් දර්පණයේ විෂ්කම්භය මීටර් 2.4 වෙද්දි වෙබ් දර්පණය මීටර් 6.5 .

      හබල් කක්ෂගත කොට තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් 570 ඉහලින්.ඒත් ජේම්ස් වෙබ් ස්ථාන ගත කරන්නට හදන්නේ පොළවේ සිට කි.මී. මිලියන 1.5 දුරින්. ඇත්තටම JWST පෘථියත් සමඟ සූර්යයා වටා භ්‍රමණය වනවා මිස පෘථිවිය වටා භ්‍රමණය වන්නේ නෑ.

      Delete
    2. අම්මෝ මං මේවා කියන පැත්තකවත් ඉන්නෙ නෑ :D

      එකපාරක් කාපු ටිංකිරි මදෑ :D :D

      Delete
    3. දැන් නං මතක් උනේ David Webb ව... හැක්.

      Delete
    4. දේශකයා,

      අහ්හ්හ්..ඔය කියන්නෙ ඩේවිඩ් වෙබබ ගැන නේද? :)

      Delete
    5. පත්තරේ, හැබෑට කෝ උඹේ යාලුව?
      කාලෙකින් ඔලුව කුරුවල් වෙලා යන බොරු ටිකක් බලා ගන්න බැරිවුනා.. හෙහ් හෙහ්..

      Delete
  5. හබල් නෙවයි හබ්ල්
    අර තොප්පිය ගොල්ෆ් කැප්

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ස්තූතියි හබ්ල් තමයි නිවැරදි උච්ඡාරණය අපි අර ලේසියට හබල් කියල කිව්වට...:)

      ඩිකී බර්ඩ් ටයිප් තොප්පියට කියනෙන් ගොල්ෆ් කැප් කියලද?..ස්තූතියි...

      Delete
  6. අනේ මන්දා අර 'ගවේෂණය' නිර්වචනය කළ හැටි දැක්කාට පස්සේ මට නම් අර මහන්සි වෙලා ලිව්ව ඉතුරු ටික ඔක්කොමත් ඒ ගොඩටමයි වැටෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. මලිති,

      නියම කතාව ඒක...හෙහ්,හෙහ්,

      Delete
  7. ///එනම් මම ඉහත පැවැසූ විශ්වයේ ආරම්භය කවදා සිදුවිණිද? කෙලෙස සිදුවිනිද? කුමක් උදෙසා සිදුවිනිද යන ගැටළු විසඳීමෙහිලා මනුෂ්‍ය වර්ගයාට සහයවීමයි.///

    මමත් හිච්චි එකා සන්ධියේ ඔය වගේ විකාර ගැන නොසෑහෙන්න කල්පනා කරලා තියෙනවා ගේ ඉස්සරහ පඩියේ වාඩිවෙලා.
    මේ ඒ වෙලාවල මට හිතිච්ච දේවල් වලින් කොටහක්;
    01. කොහොමද මේ පෘථිවිය අපිත් එක්කම කොහේටවත් වැටෙන්නේ නැතුව තියෙන්නේ.
    02. මේ මොහොතේ මම ඉන්නේ ඔළුවෙන්ද දන්නෙත් නැහැ.
    03. ඉර, හඳ, ග්‍රහලෝක, තරු ඇති උනේ කොහොමද, ඒව ඇති වෙන්න හේතු වෙච්ච ද්‍රව්‍ය ඇති උනේ කොහොමද
    04. විශ්වයේ ජීවය ඇති උනේ කොහොමද

    ඕවා කප්පනා කරන්න ගිහින් ඔළුව විකාර වෙන්න වගේ එන නිසා මම ටික කාලෙකින් ඔය වැඩේ අත ඇරලා දැම්මා.
    ඔය හබල් කාරයොත් ඕක හොයා ගත්තා කියල අහවල් දෙයක් කරන්නද. ඔය අපරාද සල්ලි ටික මෙන්න මේ අපි වගේ එවුන්ට බෙදල දැම්මනම් මක් වෙනවද.
    මොකද උන් ඕක හොයා ගත්ත කියල තව ලෝක හදන්න කියලයැ. මේ අල බෝලයක් වගේ තියෙන ලෝක බෝලෙට වෙලා ඉන්නවා මිසක්...

    ඔන්න හබල් උඩට යැව්වේ ෆොටෝ අල්ලන්න කියල කවුරුහරි කියනවනම් පොඩි හරි සමාවක් දෙන්න ඇහැකි. හැබැයි ඉතින් කැමරාවේ ගාන තමයි ටිකක් සැර...

    ///අවුරුදු කාලෙ මෙහෙම සති දෙකක් විතර මුලු රටේම නිෂ්පාදනය ඇණ හිටින එක එක අතකින් ජාතික අපරාධයක් කියල මට හිතුනෙ ඒ කාලෙමයි.///

    රවී අයියේ උඹ ඕක හිතිලා විතරක් නිකං හිටිය කියල මමනම් පිළිගන්නේ නැහැ. උඹ ඕක රට වටේ කියෝ කියෝ යන්න ඇති ඒ දවස් වලම.

    ඊට පස්සේ ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න බොහොම කැමැත්තෙන් ඉන්න ආණ්ඩුවෙයි, ප්‍රයිවෙට් කොම්පැණි වලයි මළ පෙරේත ලොක්කෝ ටික එක්කාසුවෙලා අපි කාගේ කාගේත් අවුරුදු නිවාඩු ටිකට කෙලවලා දාල බං තියෙන්නේ... ;(

    දැන් බලපන් අයියේ ඉස්කෝලේ නිවාඩුවට වෙලා තියෙන්නේ, අපි පුංචි කාලේ මාසෙකට වඩා තිබ්බ අවුරුදු නිවාඩුව දැන් තියෙන්නේ දවස් කීයද.
    මට හිතෙනවා රවී ලොක්කෝ උඹ මේකටත් මොකක්හරි සම්බන්ධයක් ඇතිය කියලා...

    කොයිකටත් උඹව දීයා කෑවත් මදි මේ කරලා තියෙන අසමජ්ජාති වැඩේටනම්...

    ReplyDelete
    Replies
    1. //ඕවා කප්පනා කරන්න ගිහින් ඔළුව විකාර වෙන්න වගේ එන නිසා//
      ඕකට හොඳ ඔෟෂධයක් තියෙනව තණමල්විල පැත්තෙ. අපරාදෙ නාස කාරයො බිලියන ගණං ඩොලර් වියදං කරන්නෙ මේ වැඩ වලට. ඩිප්ලොමැටික් විසිට් එකක් දාල ලංකාවට ආවනං රියල් ඩබු වලින් අරන් ගිහිල්ල පාවිච්චි කරල විශ්වයේ, මන්දාකිනිවල අනන්තයටම ගිහිල්ල ඔය තොරතුරු හොයාගන්න තිබ්බ.

      Delete
    2. Lokka,

      / ඉර, හඳ, ග්‍රහලෝක, තරු ඇති උනේ කොහොමද, ඒව ඇති වෙන්න හේතු වෙච්ච ද්‍රව්‍ය ඇති උනේ කොහොමද? විශ්වයේ ජීවය ඇති උනේ කොහොමද? /

      අපෝ...ඔව්ව ඔලුව නරක්වෙන පුස්න ලොක්කා....හෙහ්,හෙහ්,

      ලෝකාරම්භය ගැන මම අහල තියන කතාවක් මේ.....

      Once there was an accident involving a bus & a car. Only an old man walking along the road saw what happened.

      So the Judge asked him " Ok. Tell us what happened there ? "

      " Your honor this car and the bus had a head-on collision..."

      The Judge stopped him. " No, I want the story from the beginning, "

      " Ok Your honor, this car came down the street... "

      The Judge stopped him again." No... start right from the beginning...."

      The old man looked up...." You want it right from the beginning , don't you? "

      " Yes I do...right from the beginning.."..

      " OK "..the old man cleared his throat  " In the beginning when God created the heavens and the earth, the earth was a formless void and darkness covered the face of the deep, while a wind from God swept over the face of the waters.Then God said, "Let there be light"; and there was light...................."

      මේ තව එකක්.............

      One day, Eve was walking in the garden with the Lord. She said, "Lord, the garden is wonderful, and the animals and birds provide such joy, but I am still lonely sometimes." 
             
      "No problem!" the Lord replied. "I will make you a man for a companion. He will desire to please you and to be with you. But I have to warn you, he won't be perfect. He'll have a difficult time understanding your feelings, will tend to think only of himself, and will stay out late with his bowling buddies."
             
      "What's bowling?" Eve asked. 
             
      "Oh... never mind. I was just getting ahead of myself, sorry."
             
      "That's OK. I think I can handle this 'man'," Eve replied. 
             
       "Great, I'll get right to it!" God said, and started grabbing some mud and shaping it. 
             
      Suddenly, the Lord stopped and said to Eve, "Oh, there's one other thing about this man I'm making for you."
             
       "What's that?" asked Eve. 
             
      "You'll have to tell him he was here first."

      / රවී අයියේ උඹ ඕක හිතිලා විතරක් නිකං හිටිය කියල මමනම් පිළිගන්නේ නැහැ. උඹ ඕක රට වටේ කියෝ කියෝ යන්න ඇති ඒ දවස් වලම. /

      කිව්ව කිව්ව...කන බොන තැන්වල ඔය මගෙ නැෂනල් ප්‍රඩක්ෂන් අවුට්පුට් එක වැඩිකරන විදිහ ගැන මහාර්ඝ අදහස් ප්‍රකාශ කරන්ට ගිහිල්ල ඔලුව බේරගත්තෙ බොහොම අමාරුවෙං.." අනේ මේ උඹ කටවහගෙන ඉඳහං..ආව මෙතන නිවාඩු අඩුකරන්ට යෝජනා කරන්ට"

      / මට හිතෙනවා රවී ලොක්කෝ උඹ මේකටත් මොකක්හරි සම්බන්ධයක් ඇතිය කියලා...කොයිකටත් උඹව දීයා කෑවත් මදි මේ කරලා තියෙන අසමජ්ජාති වැඩේටනම්.. /

      ඔන්න බලාපං ඉතිං...ඔක්කොම දහ මහ දෝස දැං යන්නෙ මරා ඇන්ඩ් ෆැමිලි එක පිටිං වගෙ ඒකත් මගෙ කරපිටම දාපං ඉතිං....:(

      Delete
  8. ඔය හබ්ල් දුරේක්ෂයෙන් මුලින්ම ලැබුණු පින්තුර බොඳ වෙලා. සම්පුර්ණ මිෂන් එකම ෆේලියර් එකක් වෙන්න ගිහින් තිබිල තියෙද්දී පස්සේ හයිකරපු ගැජට් එකක් නිසා තමයි ගොඩ ගිහින් තියෙන්නේ. ඒ පස්සේ හයි කරපු ගැජට් එකේ විසඳුම අදහස ආපු කෙනාගේ ඔළුවට ඇවිල්ල තියෙන්නේ නානකොට. ෂවර් එක දිහා බලාගෙන ඉඳල.. හෙහ් හෙහ් සෙල්ලං ද නානකාමරේ ඩොලර් බිලියන 1.5ක් බේරපු තැනක්

    රවී අයියා කවද හරි James Webb Space Telescope එකේ 25 වෙනි සංවත්සරේ ගැන වගේ ලියද්දි ඒ කතාව කොහොම පටන් අරන් කොහෙන් ඉවර කරයි ද කියල කල්පනා කරන එක ඔය විශ්වයේ මුල හොයනවට වඩා ඉන්ටරෙස්ටින් හෙහ් හෙහ්

    මෙන්න මේ වීඩියෝ එකේ මරු විස්තර ටිකක් තියෙනවා
    https://www.youtube.com/watch?v=P-k3kiJVO5c

    නෙළුන් අජිත් මාමා මේ පැත්තේ ආවනම් තව විස්තර ටිකක් දැන ගන්න තිබ්බා.


    ReplyDelete
    Replies
    1. Pathum,

      / ඔය හබ්ල් දුරේක්ෂයෙන් මුලින්ම ලැබුණු පින්තුර බොඳ වෙලා. සම්පුර්ණ මිෂන් එකම ෆේලියර් එකක් වෙන්න ගිහින් තිබිල තියෙද්දී පස්සේ හයිකරපු ගැජට් එකක් නිසා තමයි ගොඩ ගිහින් තියෙන්නේ.

      ඒක වෙලා තියෙන්නෙ මල්ලි ප්‍රධාන දර්පණයෙ ගෝලීය අපේරණයක් හින්ද.. Quote / The most serious and notorious of these was an optical defect called spherical aberration, which was caused by the malfunction of a measuring device used during the polishing of the mirror. As a result, Hubble could not achieve the best possible image quality, although still outperforming ground-based telescopes in many ways. /Unquote

      දර්පණයෙ කෙළවර ඔප දමද්දි බොහොම සූට්ටක් විතර පැතලි වෙලා වැඩියි. වක්‍රතාවය මනින උපකරණයෙ දෝෂයකින් එහෙම වෙලා තියෙන්නෙ.

      පස්සෙ එහෙම වුනේ මොකදැයි කියල පරීක්සනයක් තිබ්බනෙ. කංනාඩිය පොලිස් කරපු ගැටයා කියල තියෙන්නෙ ඊට අල්ලපූ කාමරේ වැඩ කරපු ඉටිකිරිස් ලලනාවක් ඌ වැඩ කරපු තැනිං බොහොම සූට්ටං බිකිනියක් වගෙ සෝටක් ගහගෙන එහෙ මෙහෙ ගියාය ඒ නිසා උගේ Professional Integrity එක සුනේ සුං වෙලා ගියාය එමනිසාය කංනාඩියෙ අග පැතලි උනේය කියල. පස්සෙ ඒ ලලනාවි රස්සාවෙං දොට්ට දාල අගරු කොට සේවයෙං පහ කලාය කියලයි කියන්නෙ.

      BTW අපේ අර කළ්‍යාණ ගොයියත් ඔය විදිහට අගරු කොට තමයි නේවි එකෙං දොට්ට දාල තියෙන්නෙ.

      අපේ මලයෙක් ඉන්නව නේවි එකේ. ඔය විස්තර හොයන්ට මම ඌට කියලයි තියෙන්නෙ. හරියට විස්තරේ දැනගත්තම මම හිතාගෙන ඉන්නෙ පෝස්ට් එකක්ම දාන්ට. " Dishonorably discharged from SLN - The true story of Kalahitha."

      / ඒ පස්සේ හයි කරපු ගැජට් එකේ විසඳුම අදහස ආපු කෙනාගේ ඔළුවට ඇවිල්ල තියෙන්නේ නානකොට. ෂවර් එක දිහා බලාගෙන ඉඳල.. හෙහ් හෙහ් සෙල්ලං ද නානකාමරේ ඩොලර් බිලියන 1.5ක් බේරපු තැනක් /

      ඒ ඉස්ටෝරි එක හරියටම මෙහෙමයි. ඔය කන්නාඩියෙ කේස් එකට විසඳුමක් හොයන්ට බාර වෙච්චි පොර රෑ දවල් නැතුව කල්පනා කරනවලු මොකද කරන්නෙ මේකට කියල. කොටිම්ම දවස් ගානක් මූනහේදුවෙ නෑවෙවත් නෑ කිව්වම. උන්දැගෙ බාරියාවට අන්තිමට යස්සය ආරූඩ වුනාලු. 

      " මොකක්ද මනුස්සයො මේකෙ තේරුම? මේ කන්නාඩි මඟුලක් හින්ද තමුසෙ නාන්නෙ නෑ මූන හෝදන්නෙ නෑ අහල පහල ඉන්ට බෑ නහයක් තියාගෙන. යනව යනව ගිහිල්ල නාගන්නව හොඳට. එහෙම නැතුව රෑ බුදියෙන්ට ඇඳට එහෙම එන්නෙ නෑ ඔන්න නොකිව්වයි කියන්ට එපා." 

      ඉතිං මොකද කරන්නෙ පොර ගිහිල්ල නාන ගමනුත් කම්පනා කරන්නෙ මේ කන්නාඩි මඟුල ගැනමයි.ඔන්න එක පාරට පොරට මතක් වුනා එක්තරා අවයවයක් ගැන. ඒ අවයවේ හැඩේට අලුත් කන්නාඩිය ග්‍රයින්ඩ් කලානම් ආය දෙකක් නෑ බඩුම තමයි.( ඕක උත්තල දර්පණයක් ) . " යුරේකා යුරේකා ...."කියල කෑගහගෙන මිනිහ එලියට පැන්න නාන කාමරෙන්.

      කරුමෙට යුරේකා කියන්නෙ අල්ලපු ගෙදර බබලතාගෙ නම..ආය මොනවද? දවස් තුනක් ඉස්පිරිතාලෙ ඉඳලයි මනුස්සය මිනිහගෙ අයිඩියා එක ගැන කියන්ට ආපහු වැඩට ගියේ. ඒ ගිහිල්ල ඉතින් අයිඩියා එක ආවෙ මේ විදිහටය කියල කියන්ටය. ඒ හින්ද කිව්ව ෂවර් එක දිහා බලාගෙන ඉන්නකොටය අයිඩියා එක පහල වුනේ කියල. ඔන්න බං ඇත්තම කතාව.

      / රවී අයියා කවද හරි James Webb Space Telescope එකේ 25 වෙනි සංවත්සරේ ගැන වගේ ලියද්දි ඒ කතාව කොහොම පටන් අරන් කොහෙන් ඉවර කරයි ද කියල කල්පනා කරන එක ඔය විශ්වයේ මුල හොයනවට වඩා ඉන්ටරෙස්ටින් හෙහ් හෙහ් /

      වෙබා අවුරුදු 25 ඉන්න එකක් නෑ බං...ඩිසයින් කරල තියෙන්නෙ අවුරුදු 5 කට. ටාගට් එක අවුරුදු 10.

      මිනිස්සු සමහරවිට ඒ වෙනකොට ශරීරයක් නැතුව හිත විතරක් තියෙන සත්ව කොට්ඨාශයක් වෙලා ඉන්නත් බැරිනෑ. " සිත මිස කය නැති බඹ ලොව සතරකි " කියල බණ පොත්වලත් ඔය තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      / මෙන්න මේ වීඩියෝ එකේ මරු විස්තර ටිකක් තියෙනවා. https://www.youtube.com/watch?v=P-k3kiJVO5c /

      වීඩියෝ එක සහ ඒ ආශ්‍රිත අනික් වීඩියෝ ගැන කියල වැඩක් නෑ...එල...තෑන්ක්ස් මල්ලි...:)

      Delete
    2. ඒ උඹලෑ මල්ලිට දෙන ගාන කීය උනත් කමක් නෑ ඒක මටම දියං රවී අයියේ.. මං බොට 'නිවැරදිව' ඔය ටික හොයල දෙන්නං.. නේවි එකේ Dishonorably Discharge කියල මඟුලක් නෑ බොල, නැවියෙක්නම් Dismiss with disgrace කියල නැත්තං කොමිෂන් වෙච්චි නිළධාරියෙක් නම් withdrawal of commission (withcom)කියල තමයි අපකීර්තිමත් ලෙස නාවික හමුදාවෙන් එළියට දාන්නේ.. දැන් බොලා මල්ලිට කියහං මං ඔයි දෙකෙන් කොයි විදියටද එළියට දැම්මේ කියල හොයන්ටෙයි කියල.. අර අදහසනම් මරු.. මං විඩෙන් විඩේ කතාව කියන්නම්.. තමුන්නහේ ලියනවනම්.. හැක්.

      Delete
    3. කළ්‍යාණ,

      හරි ..හරි..මල්ලි ඔව්ව ගණං ගන්න එපා.....:)

      Delete
    4. පැතුමෝ , මේ දේශපාලන දේවල් ලියන්න ගිහින් ටෙලස්කෝප් ගැන ඉතුරු ලිපිය අමතක වුණා. රවී මල්ලි හොඳ වෙලාවට අනර්ඝ ලිපියක් ලියල. වහාම වැඩේට බහින්න හොඳ තල්ලුවක්. මන් ලනග පොතක් තිබෙනවා හබල් එකෙන් ගත්ත චායාරුප දාපු. රවී මේකේ හොඳ සිංහල වචන ටිකක් දාල තියෙනවා. සැහෙන්න වට්‍රිනවා.

      Delete
    5. උඹ ඔය හදන්‍ෙනෙේ මලය‍ෙගෙත් සායං ගලවන්ඩ ,උබට කියන්ඩ රවි‍ෙයෙොං් ‍ෙමෙේ බ්‍ෙලෙොග් ලියන ගැනු ලම‍ෙයෙකු‍ෙගෙේ උවමනාවකට මං ඔය මනුස්සය ගැන ‍ෙමෙව්වා‍ෙහෙව්වා . විස්තර ‍ෙහෙොයයන්න්ඩ කතා කරපු පල‍ෙවෙනි එකාම කියපි ,,අප්‍ෙපෙොෝ ඌ උඹ‍ෙගෙේ යාලු‍ෙවෙක්ද ‍ෙපෙොරව අවමන් සහගතව නාවි‍ෙසෙේව‍ෙයෙන් පහකලා ‍ෙඩෙොෝරා එකකි් ‍ෙගෙදර ‍ෙගෙනිහිං කියල

      Delete
    6. Ajith,

      / රවී මල්ලි හොඳ වෙලාවට අනර්ඝ ලිපියක් ලියල…./

      හෙහ්..හෙහ්..මල්ලි ඈ?????....අයි ඩෝන්ට් තින්ක් සෝ..අජිත්....:)

      Delete
    7. සොරි වේවා. රවී මහත්මය මල්ලි කිව්වට එහෙනම්. රවී අයියා. මම ඊයේ පෙරේද හාෆ් සෙන්චරිය ගැහුවා නිසා හැමෝටම මලේ කියල තමයි කියන්නේ.

      Delete
    8. අජිත්,

      / මම ඊයේ පෙරේද හාෆ් සෙන්චරිය ගැහුවා නිසා හැමෝටම මලේ කියල තමයි කියන්නේ. /

      හෙහ්...ඒකනෙ කියන්නෙ….අජිත් මල්ලි..අර්ධ ශතකය මම සම්පූර්ණ කලේ වසර දෙකකට කලින්....;)

      Delete
  9. අසාධාරණයි රවී බොස් !! චැහ්

    රෝහිත මචං රූං ගාල ඇරිය අපේ රොකට් එක ගැනත් වචනෙකිං හරි සඳහනක් කරානං මොකෑ මං අහන්නෙ ?? ඇයි හත්තිලව්වෙ අපේ රොකට් කළුද ?? ඒව යන්නෙ බිමද ?? :D :D

    ReplyDelete
    Replies
    1. යකෝ රෝහිත බේබි ඇරියෙ රොකට් එකක්වත් රවියා කියන හබල් වගේ ටෙලස්කෝප් එකක්වත් නෙවී...චන්ද්‍රිකාවක්..හැබැයි ඇස් දෙකම තියෙන හොඳේ....
      හරිම අසාදාරනයි...

      Delete
    2. ඒක ගියා ගියාමයි නෙවැ .. :D බාගමුද ??

      Delete
    3. තව කොච්චර ඒවා ගියාද මලේ....ගනන් ගන්න එපා...

      Delete
    4. පත්තර මල්ලි and chef,

      / රෝහිත මචං රූං ගාල ඇරිය අපේ රොකට් එක ගැනත් වචනෙකිං හරි සඳහනක් කරානං මොකෑ මං අහන්නෙ ?? ඇයි හත්තිලව්වෙ අපේ රොකට් කළුද ?? ඒව යන්නෙ බිමද ?? :D :D /

      චිංචි බාල කොලුවගෙ ( Ex Third in Line to the Throne of Sri Lanka ) සැටලයිට් එක මේ දවස්වල රෙපයාර් මල්ලි...අබයාරාමෙ බන මඩුවෙ දාගෙන චයිනීස් ටිංකර් බාස්ල හත් අටදෙනෙක් වටවෙල රෑ දවල් නැතුව ගජරාමෙට වැඩ. ඇණ තද කරනව. මුරිච්චි ගලවනව. ගිරිස් ආලේප කොන්නව.මලකඩ කඩනව. එක විජ්ජුම්බරයයි.ඉඳහංකො ඒ ගැන සම්පූර්ණ විස්තරේ ලියන්නං වෙනම. Mara Family At Abayarama Temple, The Destiny of A King ...අන්න එහෙමයි මාත්තුරුකාව.......:)

      Delete
  10. ආං බලන්න මේ රවි මහත්තැං නිකමට අපේ රොකට් උක්කුං කුමාරය උඩ ඇරිය යංතරේ ගැන අහස් කූරක් තරං මායිං කොරල නෑ නොවැ. අර අහක යන හබලක්ද, කොල්ලෑවක්ද ගැන නං වයිවාරං ලියා තියෙනව.

    ඕකෙං පොටෝ ගන්ට මහ විසාල පිල්ම් රෝල් දාන්ට වෙන්නැති නෙහ්?

    ReplyDelete
    Replies
    1. අයිසෙ සුරං,
      චූටිමැනිකෙගෙ උපදෙස් අනුවද තමුසෙ ඇනෝ වහගෙන ඉන්නෙ.
      ඔන්නොහෙ ඇරල දානව අයිසෙ

      Delete
    2. surangamlr : ඒක තමයි. ඒ මදිවට ඒ පින්තුර ටික 'වොෂ්' කරන්න මෙහෙ ඉඳල වතුර බටයක් දාල තියෙන්ට ඇති නේද?

      Delete
    3. මොකක්දේ ඇනෝ වහන කතාව. මං දන්නෑනෙ. පොඩ්ඩක් කියන්නකො. ඒක වැරැද්දක්ද? කොහෙද වැරදිල තියෙන්නෙ? කොහොමෙයි ඒක හරිගස්සන්නෙ?

      Delete
    4. අයිසෙ සුරං කාගෙන්ද බොග ටියුෂන් ගත්තෙ?
      අර මාතලන් කියන හාදයගෙන් අහල බලනව

      Delete
    5. @ සුරං

      My blogs > Settings › Posts and comments
      Who can comment? කියන තැන තියෙන
      Anyone - includes Anonymous Users කියන එක සිලෙක්ට් කලානං අයිසෙ ඇනෝට ඒ පැත්තෙ එන්න පුලුවං.

      Delete
    6. ඇනෝ සහ ප්‍රසන්න,

      ශ්‍රංගයා ඇනෝ වහල තියෙන්නෙ ආච්චම්ම ඇනෝ ඇවිල්ල මුගෙ රෙද්ද හැලෙන්ට දෙකක් කතාකරයි කියල බයේද කොහෙද...:)

      Delete
    7. හරි හරි දැනුයි වැඩේ අහුඋනේ. තමුං අහවලාය කියල පෙන්නල යමක් කියන්න බැරි අපෘෂ්ඨවංශීන්ට හැංගිල ඉඳළ ටෝක් දෙන්න ඉඩ හදා දෙන්න කියලය් මේ කියන්නෙ.

      Delete
    8. Suranga,

      / හරි හරි දැනුයි වැඩේ අහුඋනේ. තමුං අහවලාය කියල පෙන්නල යමක් කියන්න බැරි අපෘෂ්ඨවංශීන්ට හැංගිල ඉඳළ ටෝක් දෙන්න ඉඩ හදා දෙන්න කියලය් මේ කියන්නෙ./

      එහමමත් කියන්න එපා මල්ලි, ප්‍රොෆයිල් එකක් නැතිඅයටත් නිර්නාමිකව ඇවිල්ල කමෙන්ට් කරන්න අවස්ථාව තියෙන්න ඕන කියලයි මගේනම් අදහස.ඒ වගේම සමහරු ප්‍රොෆයිල් තියෙන අය , ඒ වගේම කවුරුත් දන්න හඳුනන බ්ලොග් ලියන අයත් හිටපු ගමන් විවිධ හේතු නිසා ඇනෝ කමෙන්ට්ස් දානව. ඒක ඒ අයගෙ කැමැත්ත.

      ඊලඟට ප්‍රොෆයිල් එකක් වුනත් ඕනම නමකින් හදාගන්න පුලුවන්නේද? ඔය සයිබර් සැණකෙලි වලට එතනින් ගිහාම සම්මාන උත්සව වලට ඇවිල්ල ප්‍රසිද්ධ වුනු කීපදෙනෙක් ඇරෙන්න නමින් බ්ලොග් ලියන අය වුනත් කවුද කියල හරියටම කියන්න අපි දන්නවද? කොටින්ම දැන් මම රවි කියන නමින් ලිව්වට මහෙ ඇත්ත නම රවි නොවෙන්නත් පුලුවන් නේද?? හෙහ්,හෙහ්,

      රයිට් ඒ මගේ අදහස...ඊලඟට ඇනෝ ඇවිල්ල කමෙන්ට් කරන්න නිදහස තියෙන්න ඕන කියල මම හිතනව වගේම උඹේ බ්ලොග් එක උඹට ඕන හැටියට තියෙන්නෙ ඕන කියලත් මම පිළිගන්නව. ඇනෝ වහන්න හරි සම්පූර්ණයෙන්ම කමෙන්ට් වහන්න හරි පූර්ණ නිදහස උඹට තියෙන්න ඕන. කොන්ත නෝනගෙ අර මොකක්ද එක කොන්ත නෝනට ඕන හැටියට කියල කිව්වලු. ඒ නිසා අවසාන තීරණය ඔබ සතුයි...:)

      Delete
    9. ඒම කිව්වම මයෙ බොක්ක පත්තුවුනා. කොහොම උනත් ඔය කොහෙවත් තියෙන කෙහෙල්මලක ඕන කෙනෙක් ඕන එකක් කොටාගත්තාවෙ. ඕං හැදුව.

      Delete
    10. Suranga,

      ස්තූතියි මල්ලි....:)

      Delete
  11. ඔය අවුරුද්දට කඩවල් වහන එකේ සීන් එක කියන්නේ මචං, කොළඹ සහ අවට තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් ඔක්කොම වහලා චීන්නු ඔක්කොම අලුත් අවුරුද්දට (ගාලු පාර දිගේ) ගම් රවවලට වලට ගිහිල්ලා අවුරුදු කන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.
      නේරු කිව්වාම සරනේරුද කියලා අහනවා.
      හබල් කිව්වම හබල පෙතිද කියල අහනවා.
      වැඩල්ලෑ ඕයි.

      Delete
    2. Dude,

      /  චීන්නු ඔක්කොම අලුත් අවුරුද්දට (ගාලු පාර දිගේ) ගම් රවවලට වලට ගිහිල්ලා අවුරුදු කන්න./

      චීනෙ ඉන්න ඇත්තම චීන්නු නම් මචං හැම අවුරුද්දෙම ජනවාරි - පෙබරවාරි මාස දෙකේ යෙදෙන එයාලගෙ අළුත් අවුරුදු උදාව සමරන්න ගම් රටවල් බලා යනව. මිනිස්සු ගෑණු බිලියනයක් විතර එක පාරට පාරට බැස්සම කොහොමද සෙල්ලම? ඒක හඳුන්වන්නෙ World's Largest annual Human Migration කියල

      Delete
  12. ඔය 1990 කාලේ මම 1 වසරේ.ඒත් 8 වසරෙදි මට හම්බුනා 93 උසස්පෙල කරපු අයියා කෙනෙක්ගේ පරණ "විදුසර" පත්තර වගයක් අවුරුදු 3-4ක ඒවා.නිධානයක් හම්බුනා වගේ තමයි ඉතින්.ඒ කාලේ විදුසරේ වැඩිපුරම තිබුනේ හබ්ල් ගැනයි මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැනයි තොරතුරු තමයි.ඔය හබ්ල් හදපු ටීම් එක ඔය වැඩේට මුලපුරලා තියෙන්නේ ගේක ගරාජයක කියල තමයි අහලා තියෙන්නේ.පස්සේ කාලෙක හබ්ල් විස්‍රාම යවන්න හැදුවත් ආපහු අප්ග්‍රේඩ් කරලා තාමත් පාවිච්චි කරනවළු.
    මොනවා උනත් හබ්ල් කැලේ අර "ගවේශනය" ගැන කරපු විග්‍රහයට.

    ReplyDelete
    Replies
    1. කටුසු හදවත,

      මීර්ට කලින් නාසා එකෙන් යැව්ව 1973 විතර ලෝකෙ පළමුවන අභ්‍යාවකාශ පර්යේෂණාගාරය Sky Lab..ඒ දවස්වල නවයුගය පත්තරේ විශේෂ කලාපයක් නිකුත් කලා ඒ වෙනුවෙන්. ගෞතමදාස කියල මහත්මයෙක් තමයි නවයුගයෙ ප්‍රධාන චිත්‍ර ශිල්පියා. චිත්‍ර ආය නෑ නිකං පණ පිටිං ඉන්නව වගෙ. එතුමා ඇඳල තිබ්බ කවරයේ චිත්‍රය මට තාම මතකයි. පල්ලෙහායින් පෘථිවිය පේනව ලොකුවට නිල් පාටින්. ඒ ඉහළ අභ්‍යාවකාශයෙ පාවෙනව ස්කයිලැබ් එක. පැත්තක මුලින්ම ස්කයිලැබ් එකට ගිය අභ්‍යාවකාශගාමීන්ගේ පින්තූර.

      ඒ ස්කයිලැබ් එක හැබැයි වැඩි කලක් අභ්‍යාවකාශෙ තිබ්බෙ නෑ 1980 ගණන් වල ඕස්ට්‍රේලියාවෙ බටහිර ප්‍රදේශයෙ කාන්තාරෙකට කඩාගෙන වැටුන. කඩාගෙන වටුන කියන්නෙ මුලු ස්කයිලැබ් එකම නෙවෙයි. වායුගෝලයෙ පහළට එනකොට ඒක පිච්චිල ඉතුරුවෙච්චි සුට්ටි කෑලි වගයක් විතරයි පොළවට වැටුනෙ.

      Delete
    2. මේක නම් හැබෑව.. ඕස්ට්‍රේලියන් කාරයො නාසා එකට දඩේකුත් ගැහුව, කුනු ගොඩක් හැලුව කියල..
      When Skylab fell to earth

      "The skylab crash put Esperance on the map, but it didn't stop the shire council having a light hearted dig at NASA for scatter space junk over the town, sending them a $400 fine for littering, which they never paid."

      Delete
    3. ඒ කා‍ෙලෙේ කසුට්‍ෙටෙොෝ අපිට තිබ්බ එක දැනුම් සාගරයක් තමයි විදුසර.තව සගරා තිකිහිපයක්ම තිබුනා.‍ෙමෙි මැතක් ‍ෙවෙනකම්ම හැමසගඑාවක් සගරාවක්ම එකතු කරල තිබුනත් දිරල ගිය නිසයි තිතියන්න තැනක් නැති නිසයි විවිසිකර දැම්මා



      Delete
    4. අටම්,

      විදුසර මුලින්ම නිකුත් වෙච්චි දවස්වල මමත් බොහොම ආසාවෙන් කියෙව්ව..ඒත් පස්සෙ පස්සෙ විදුසරේ ලිපි බොහොම ඒකාකාරීවුනා...

      Delete
  13. මම ඒත් බැලුවා එක පාරම හබල් දුරේක්ශය ගැන මාතෘකාව දාලා ප්‍රේමදාස මහත්තයගේ ස්පීච් ගැන කියන්නේ මොකද කියලා.. අහ්, මේ රවී ස්ටයිල්නේ කියලා ඔළුවට ආවේ ඔන්න එතකොට තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      අන්න එහෙමයි මල්ලි අපි....:)

      Delete
  14. අහ් අද විද්‍යා පාඩමක්. ;)
    හොඳා හොඳා!!!

    ReplyDelete
    Replies
    1. අමා,

      එව්වත් තියෙන්න එපාය බොල...:)

      Delete
  15. "ගවයින් ගැන සොයාබැලීම ගවේෂණය"
    අයිසෙ මේකනම් බොරුවක්.
    එතකොට පර්යේෂන කියන්න පරයො හොයන එකද ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බොරුවක් වෙන්නත් පුලුවන්. ඒත් එහෙම තමයි තොරතුරු දැනගන්න තියෙන්නෙ. සමහරවිට වචනෙන් මූලාශ්‍රය හදාගත්ත වෙන්නත් ඇති. කවුරු දන්නවද? අර අපේ අහුබුදුතුමා මේ තුන්ලෝකෙ හැම වචනයකම මූලාරම්භය හෙළ භාෂාව කියල තර්ක කලා වගෙ...:)

      Delete
  16. http://www.spacetelescope.org/videos/archive/category/hubble/

    ReplyDelete
  17. ඔන්න බලහං රවීයියේ උඹ සුද්දන්ට කත් අඳිනවා කියලා ඔය එක එකා කියන කතාවලට වලංගු භාවයක් මේකෙන් ලැබෙනවානේ.අර උඩින් පත්තර මල්ලියා,සුරං ගොයියා කියලා තියෙනවා වගේ අපේ පොඩි බේබිගේ මෙව්වා එක ගැනත් පොඩ්ඩක් හරි කියන්න එපැයි.:D

    එක නෙමේ රවීයියේ ඔය වගේ ව්‍යපති වලට මිලියන ගණන් යොදවන එක දැන් නසා එකෙන් නතර කරලා නෙමේද තියෙන්නේ.ඔය දැන් සඳ ගමන් පවා නතර කරලා තියෙන්නේ ඒ හේතුව නිසා නෙමේයිද?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      නාසා වෙබ් සයිට් එකේ කියනව ඊළඟට ඔවුන් අඟහරු වෙත මිනිසුන් යැවීමට සූදානම් වෙනවය කියල.ඒ 2023 වසරෙදි. කොහොම උනත් හැටේ දශකයෙ මිනිසුන් හඳට යැවීමට තිබුණු උනන්දුව සහ කැපවීම ඊට පස්සෙ අභ්‍යාවකාශ තරණයට අමරිකාව දැක්වූයේ නැහැ කියලයි මට හිතෙන්නෙ. සෝවියට් දේශය සමඟ තිබ්බ තරඟකාරිත්වය කොමියුනිස්ට් ක්‍රමයේ බිඳවැටීමත් එක්ක නැතිවෙලා ගිය එකත් ප්‍රධාන හේතුවක් වෙන්න ඕන.ඒ අතර අමරිකාවෙ මූල්‍ය අර්බුදය සහ අභ්‍යාවකාශය ජය ගැනීම තව දුරත් අමරිකාවෙ මූලික අරමුණු වලින් එකක් නොවීමත් හේතුවෙන්න පුලුවන්.

      පළමුවන අභ්‍යාවකාශ යානය - 1957 ....පළමුවන අභ්‍යාවකාශගාමියා - 1961..... පළමුවන සඳ ගමන - 1969 .....මිනිසා අභ්‍යාවකාශය ජයගෙන යන්තම් වසර 12 ගත වෙද්දි සඳමත පාතැබුවා. ඒත් ඊට පස්සෙ වසර 46 ගතවෙලත් සැලකියයුතු ඉදිරි පියවරක් තබන්නට නාසා ආයතනය අසමත් වෙලා කියල තමයි පෙනෙන්නෙ.

      සඳ ගමන බොරුවක් කියල කියන අයගෙ ප්‍රධාන තර්කයක් තමයි ඔය කතාව. ඇත්තටම හඳට ගිඅයනම් කෝ ඊට පස්සෙ මෙච්චර කාලයක් මොනවද කලේ? කියල ප්‍රශ්නය.

      1969 හඳට ගිහාම ඇත්තටම අපි හිතුව උපරිම 1990 වගෙ වෙනකොටවත් අඟහරු ග්‍රහයට මිනිස්සු යයි කියල. මට මතකයි ඒ කාලෙම 1975 වගෙ ආතර් සී. ක්ලාක් මහත්තයත් පුවත්පත් සාකච්ඡාවක කියල තිබ්බ 2000 වෙනකොට අඟහරුමත ජනාවාස ඇතිවෙයි, 2020 වෙනකොට මිනිස්සු සෙනසුරු දක්වා ගමන් කරයි කියල. ඒත් අපිට තවම අඟහරු ආසන්නයට හෝ යන්නට බැරිවෙලා තියනව. මම කියන්නෙ මිනිසුන් සහිත යානාවකට. චැලෙන්ජර් සහ කොළම්බියා ඛේදවාචකත් මේ අභ්‍යාවකාශ ගවේෂණ පසුබැස්මට යම් තරමකට හේතු වෙන්න ඇති.

      මගේ ජීවිත කාලයෙදි අඩුගණනෙ මිනිසුන් අඟහරුමත පාතබනව හෝ දකින්නට මට වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

      Delete
  18. ඔය හබල උඩ යැවුවට පස්සෙ ඕකෙ දර්පනේ හදනකොට වෙච්ච මොකක්ද හුටප්පරයක් නිසා පැහැදිලි ඡායාරූප එන්නැතිව ගියැයින් පස්සෙ අලුත් එකක් ගෙනිහිල්ල හයි කොළා කියල මතකයක් තියේ.

    //මිනිසුන් ඒ ගැටළු වලට පිළිතුරු සොයාගත් දින මිනිස් වර්ගයා නිර්මාණය කල පරමාර්ථය ඉටුවී ඔවුන් තව දුරටත් ප්‍රයෝජනයක් නොමැතිව එකෙණෙහිම අතුරුදන් වන බව ද //
    හප්පද බොල, නාසා කාරයො හදන්නෙ මිනිස් ජාතිය සමූල ඝාතනයකට ලක්ක කරන්නනෙ. මේකනං බොහොම භයානක විජාතික කුමන්ත්‍රණයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / ඔය හබල උඩ යැවුවට පස්සෙ ඕකෙ දර්පනේ හදනකොට වෙච්ච මොකක්ද හුටප්පරයක් නිසා පැහැදිලි ඡායාරූප එන්නැතිව ගියැයින් පස්සෙ අලුත් එකක් ගෙනිහිල්ල හයි කොළා කියල මතකයක් තියේ. /

      උඩහදි පැතුම්ගෙ කමෙන්ට් එකට දුන්නු උත්තරේ මම ඔය දර්පණ කේස් එක ගැන ලිව්ව.

      / හප්පද බොල, නාසා කාරයො හදන්නෙ මිනිස් ජාතිය සමූල ඝාතනයකට ලක්ක කරන්නනෙ. මේකනං බොහොම භයානක විජාතික කුමන්ත්‍රණයක්. /

      අර මෝඩවන්සට පනිවිඩයක් ඇරහන් මෙන්න මෙහෙම ඇමරිකන් අදිරාජ්ජවාදීන්ගෙ කුමන්තරනයක් තියනවය කියල.ඕකා රැවුල පුම්බල, කොන්ඩෙ ජෙල් ගාල පස්සට පීරල, නාහෙං පිඹල එහෙම වැඩේට ඇන්ටර් වෙයි යටිගිරියෙං කෑගහගෙන..:)

      Delete
  19. ///අපෙ ප්‍රියම්බිකාස්///
    ඈ... අපේ...?

    මට මතක් උනේ කාලෙකට කලින් දැකපු කාටුන් එකක්. ඉන්නවා පෝළිමට සත්තු කීප දෙනෙක්: ඉස්සෙල්ලම මාළුවෙක්. ඌ හිතනවා, “Eat, Survive, Reproduce“ කියලා.
    ඊ ළඟට උභයජීවියෙක්. ඌත් හිතනවා, “Eat, Survive, Reproduce“ කියලා.
    ඊ ළඟට උරගයෙක්. ඌත් හිතනවා, “Eat, Survive, Reproduce“ කියලා.
    ඊ ළඟට මීයක් වගේ ක්ෂීරපායි සතෙක්, ඌත් හිතනවා, “Eat, Survive, Reproduce“ කියලා.
    ඊළඟට මිනිහෙක්. එයා හිතනවා, “What exactly we are here for?“ කියලා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඒ කාටූන් එකේ තියනව බං ලොකු අභ්‍යන්තරයක්. ඔය හිතන්ට පුලුවන් එක වෙලාවකට මහ වදයක්. සත්තු වගෙ කනව බොනව රෙනව වදනව ..ඔය ටික විතරක් කරගෙන ඉන්ට පුලුවන් නම් එක අතකට දාහෙන් සම්පතයි. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔය පෝලිමේ මුලට ඉන්න සත්තුවගෙ හිතන ඒ වගෙ වැඩකරන මිනිස්සුත් අනන්ත ඉන්නව..හෙහ්,හෙහ්,

      Delete
  20. හබල් දුරේක්ශෙට හොරෙන් කාලයක් අපේ රටට UFO ආව. මම හිතන්නෙ ගොංමං කළුවරේ ආව හින්ද ගවේශනය වෙන්න නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      හබලා බලාගෙන ඉන්නෙ ඈත ආලෝක වර්ස මිලියන ගානක් දුරනෙ බං. ඒ අස්සෙ හබලගෙ කකුල් දෙක යටිං ඔය UFO කාරයො හෙමීට රිංගනව ඇති.

      Delete
  21. හබල් දුරේක්ෂයක් කියුවම අම්මප මං හිතන් උන්නේ ඔය හඳ බලන්න කොහේ හරි හයි කොරපු කබල් දුරේක්ෂයක් කියලයි.. දැන් බැලුවම හබල් හෙන පොරක්නේ.. ප්‍රේමදාස ලොක්ක ඔය කිට් එකම ගහල 1990 අවුරුද්දේ එළදලුව කන්ද උඩ හදපු මිලියන් ගාමන්ට් එක විවෘත කරන්න ආපු වෙලාවේ මගේ ලඟටම ඇවිත් අපිත් එක්ක කතා කරා. මිලියන් ගාමන්ට් කියල ඒකට නම දැම්මේ රුපියල් දෙදාහ ගානේ පඩි දීල කෙල්ලෝ කොල්ලෝ පන්සීයකට රස්සවල් දෙන්න, එතකොට වතාවකට පඩි ගෙවන්න රුපියල් මිලියනයක් යනවලු.. කියලයි එදා ප්‍රේමදාස මහත්තයා කියුවේ. ආයි බොරු කියන්නේ මොකටද මටනම් මේ කියපු ඔක්කෝම අර ගවේශණය ගැන කියූ කතාව වගේම විශ්වාසවන්තයි.. හැක්.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

       / ආයි බොරු කියන්නේ මොකටද මටනම් මේ කියපු ඔක්කෝම අර ගවේශණය ගැන කියූ කතාව වගේම විශ්වාසවන්තයි.. හැක්. /

      අඩේ මම හදාපු කතාවක් නෙවෙයි බොල ඒ ගවේෂණ කතාව. බොරුය කියල හිතනව නම් සර්ච් පාරක් දාල බලපංකො...:)

      Delete
  22. අමතක වුණා: http://nelumyaya.com/?p=3010

    ReplyDelete
  23. නියම ලිපිය මතං... ඇත්තටම ඇමරිකාවෙ මේ වගේ ව්‍යාපෘති නම් අගය කරන්න ඕනි. හබල් නිසා ගොඩක අයට විශ්වය ගැන හොඳ අවබෝධයක් ලැබුනා.(නැත්තං ඉතිං රොකට් හදාගෙන යන්ට එපැයි..!)
    හබල් එවපු ෆොටෝ බලන්න පුලුවන් පොට් එකක් තියෙනවා ගූගල් දෙයියො ළඟ...
    http://www.google.com/sky/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොහාන්...:)

      Delete
  24. හැමදාමත් කියෙව්වට කොමෙන්ටුවක් කොටන්න හිතුනෙ අදයි. සුපුරුදු විදිහටම නියමයි. ඊලඟ පෝස්ටුව කියවන්න අපි මඟ බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හේමමාලි...:)

      Delete
  25. හබල්ට වඩා දේවල් ඕන්න සාස්තර කාරෙක් දැකල සැප්තැම්බරේ ග්‍රාහකයක ඇවිත් ලෝක විනාසයක් වෙනව කියල තියනව.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද ගුණසිංහ මහත්මයා?..ඒ ප්‍රවෘත්තිය මම දැක්කෙ නෑ..හොයල බලන්න ඕන...:)

      Delete
  26. ඔය දුරේක්ෂයෙන් පස්සෙ ජනප්‍රිය වුනේ මම හිතන්නෙ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය...ඒකත් දැන් න්ම ටික්ක අඩාලයි වගේ....ඒ කාලෙ තිබුන සීතල යුද සමයේදී අභ්‍යාවකාශය කෙරෙහි වැඩි අවධානයක් යොමුවානාට පසුකාලීනව ඒ අවධානය වෙනත් දේවල් වලට යොමු වුනා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...