Thursday, October 22, 2015

361. The Story Of My Marriage - 10 - From biscuits to brides, if there is anything their children really want, parents have a problem.


IIMA  දොරටුව අසල රම්භායිගේ කුඩා ආපන ශාලාව www.burrp.com

මම සිටි බැංකුවේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කුටියෙන් පිටතට පැමිණියෙමි. ඒ අසලම කොරිඩෝවේ බිත්තියක සවිකොට තිබූ දැන්වීම් පුවරුවෙහි ඉදිරියෙහිදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තුවන අනෙකුත් සමාගම් සහ බැංකුවල නම් ලැයිස්තුවක් ප්‍රදර්ශණය කොට තිබිණි. ඒ සෑම සමාගමකින්ම සහ සෑම බැංකුවකින්ම වැටුප් වශයෙන් බලාපොරොත්තු වියහැක්කේ සිටි බැංකුව ගෙවන වැටුපින් අඩක් බව මම හොඳහැටි දැනසිටියෙමි. දැන්වීම් පුවරුව අසලමවූ අසුනකට බරදුන් මම දෑස් වසාගෙන යාඥා කළෙමි. මගේ යාඥාවට පිළිතුරු ලෙසින්දෝ එකෙණෙහිම දෙවියෝ මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූහ.

"ආයුබෝවන් දෙවියනි!මගේ ආයාචනය ඇහිලයි ඔබතුමා ආවෙ කියල මම හිතනවා." මම ගෞරව පූර්වක අයුරින් පැවසුවෙමි.

"ඔව්..අපි එහෙම හිතමු." 

"ඉන්ටවීව් එකේදි මම කිව්ව තරමක් කිව්වෙ අල්ලෙ පැලවෙන බොරු. මම ඒක පිළිගන්නවා. ඒත් දෙවියනි, මට මේ රස්සාව අත්‍යාවශ්‍යයයි. කරුණාකරල මට මේක ලබාදෙන්න. " 

" ඉන්ටවීව් එකේදි බොරු කියපු එකේ ප්‍රශ්නයක් නෑ. කොහොමත් එතන ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්න අය ඇත්ත බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි" දෙවියෝ පැවසූහ.

"වෙන මොකක්ද එහෙනම්?" 

"තමුන් අවුරුදු දෙකක් ගෑණු ළමයෙක් එක්ක එක කාමරේ ජීවත් වුනා. ජීවත් වුනා නෙවෙයි ඇත්තටම... ජීවත් වෙනවා. එහෙම නේද?" 

"දෙවියනි මේක අහන්න…. මම එයාට ආදරෙයි" 

"එහෙම ආදරෙයි කියල කිව්වට වැඩක් නෑ. මම හිතන්නෙ තමා දන්නව තමා කලයුත්තෙ මොකක්ද කියල." 

" එහෙමයි, එහෙමයි..මම දන්නව. ඒත් මට තව ටිකක් කල් අවශ්‍යයයි. " 

"ඒ කතාව නිදහසට කාරණයක් විදිහට කොහෙත්ම පිළිගන්ට බෑ.තමුන්ට තීරණයක් ගන්ට ඕන තරම් කල් තිබ්බ කියලයි මම හිතන්නෙ. දැන් තමුන්ට ලබාදුන් කාලය ගෙවිල අවසානයි. තමුන් දන්නව මම හිතන්නෙ තව මිනිත්තු පහකින් නැත්නම් උපරිම මිනිත්තු දහයකින් මට පුලුවන් තමුන්ට මේ රස්සාවත් නොලැබෙන තැනට වැඩ කටයුතු කරන්න." 

"එහෙම කරන්න එපා. මට සිටි බැංකුවෙ මේ රස්සාව අත්‍යාවශ්‍යයයි." මම දෙවියන්ට ආයාචනා කළෙමි.

"තමුන්ට මේ රස්සාව ඕනම නම් ඉස්සෙල්ල කලයුතු නිවැරදි දේ කරල ඉන්න" 

"ඒ කොහොමද? දැන් පරක්කු වැඩියි දෙවියනි." 

දෑස් විවරකොට මම H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණ පවැත්වෙන කුටිය දෙස හිස ඔසවා බැලූයෙමි.අනන්‍යා කුටිය පිටත දක්නට නොවූවාය. නිසැකවම ඇය කුටිය තුල තම අවසාන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙමින් සිටිනු විය යුතුය. මම යලි දෑස් පියාගතිමි.

"කොහොමද මම එහෙම කරන්නෙ? ඇය මේ වෙලාවෙ ඉන්නෙ කුටිය ඇතුලෙ ඇගේ අවසාන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙමිනුයි. මේ වෙලාවෙ ඒක කරන්න බෑ. ඔබ මට සිටි බැංකුවෙ රස්සාව ලබා දෙන්න. මම පොරොන්දු වෙනවා ඊට පස්සෙ මම ඔබ බලාපොරොත්තු වනදේ කරනවයි කියලා." 

"ඇත්තම කිව්වොත් මට තමුන් ගැන කිසිම විශ්වාසයක් නෑ.හරි ඒ කොහොම හරි තීරණය තියෙන්නෙ තමුන්ගෙ අතේ.තමුන් මම ඉල්ලනදේ ඉෂ්ඨ කරන්න සූදානම් නැත්නම් මමත් තමුන් ඉල්ලන දේ ඉෂ්ඨ කරන්න සූදානම් නෑ." දෙවියෝ පැවසූහ.

මම දෙනෙත් විවර කළෙමි. මට උපරිම වශයෙන් ඉතිරිව තිබූයේ මිනිත්තු තුනක් හෝ හතරක පමණ කාලයකි. මේ මොහොතේ ඇය අවසාන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අවස්ථාවෙහි අවිචාරාත්මකව එම කුටියට කඩා වැදුනහොත් අනන්‍යා මට කිසිදු අයුරකින් සමාවක් නොදෙන බව මම පැහැදිලිව දැන සිටියෙමි.එහෙත් මසිත මට කොඳුරා පැවසූයේ මේ මොහොතේ මම ඇය හමුවී කලයුතු නිවැරදි දේ නොකලහොත් රහූල් අහුජා හෝ දේවේෂ් ෂර්මා හෝ ඔවුන් ගේ මහා කළමනාකාර තැන හෝ මා සිටි බැංකුවට බඳවාගැනීමට එරෙහිවනු නියත බවයි. 

ඇත්තෙන්ම මගේ හේතුවාදී , තාර්කික මනස ඒ එසේ නොවන බව මේ සිදුවීම් අතර එකිනෙකට සම්බන්ධතාවයක් කිසිසේත්ම නොමැතිබව කොතෙක් මුරගා පැවසූවද මම මගේ බුද්ධියට නොව හැඟීම්වලට ඉඩ දුනිමි. අප ජීවිතයෙහි යම් යම් සිදුවීම් සහ කර්මය හෝ දෛවය අතර මසැසට ගෝචර නොවන වටහා ගත නොහෙන සබඳතාවයක් තිබිය හැකි බවද මට සිහිවිය. අසුනින් වහා නැඟී සිටි මම මැද මිදුල හරහා H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කුටිය වෙත දිව ගියෙමි. 

"ඇතුලෙ ඉන්ටවීව් එකක් කෙරෙනවා. මේ වෙලාවෙ ඇතුලට යන්ට දෙන්න බෑ." ස්වේච්ඡා සේවක පළමු වසර සිසුවා කුටියේ දොරටුව අසළ හිඳ මා වැළැක්වීමට තැත් කලේය.

"මට ඇතුළට යන්ට ඕන" මම පැවසුවෙමි. "මේක හදිස්සියක්. අත්‍යාවශ්‍ය කාරණයක්." 

"බෑ..බෑ..යන්ට දෙන්ට නම් බෑ..මම කිව්වනෙ එක පාරක්...." 

මම ඔහු පසෙකට තල්ලු කොට දොර විවරකොටගෙන කුටියට ඇතුළු වූයෙමි.ඒ වනාහී සාමාන්‍ය පංති කාමරයකි. H.L.L. සමාගමෙන් පැමිණ හුන් නියෝජිතයෝ පංති කාමරයේ පළමු පෙලේ අසුන්ගෙන සිටි අතර රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ගුරුවරයාගේ අසුනෙහි හිඳ තම ඉදිරිපත් කිරීම ( Presentation ) කල යුතුය.

මම අනවසරයෙන් කුටියට ඇතුල්වද්දී අනන්‍යා පලමු පෙළෙහි එකිනෙකට ආසන්නව හිඳහුන් තරමක වයස්ගත පුද්ගලයින් පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂක මණ්ඩලයක් ඉදිරියේ යම් කරුණු දැක්වීමක නිරතව හුන්නාය.

"ග්‍රාමීය වෙළඳපොලට ඇත්තටම අවශ්‍ය වෙන්නෙ විවිධ භාණ්ඩ වර්ග මහත් රාශියක් නෙවෙයි. වැදගත්ම කාරණය ග්‍රාමීය ප්‍රජාවට මිළදී ගතහැකි........" 

 දෑත් උපයෝගී කොටගෙන අභිනයන් පාමින්, මුහුණින් හැඟීම් පලකරමින් කරගෙන ගිය ඇගේ දේශණය මා දුටු වහා ක්ෂණයකින් ඇණ සිටියේය. ඒ හා සමඟම විශ්මයට පත්වූ ඇගේ ඇහි බැම එක්වරම නළල මධ්‍යය දක්වා ඉහළ ගියේය.

"ඔව්..මොකද මේ?...." 

සැට හැවිරිදි වියේ පමණවූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා යයි උපකල්පනය කල හැකි පැසුණු හිසින් යුතුවූවෙක් මදෙස හැරී බලා විමසීය. අනන්‍යාගේ මුහුණ පළමුව ලජ්ජාව හේතුකොටගෙන ලා රත් පැහැයටද අනතුරුව කෝපය හේතුකොටගෙන තද රත් පැහැයටද හැරුනි. 

"මට එයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෑ…." පරික්ෂක මණ්ඩලයේ සියළු දෙනාගේ මුහුණු දෙස පිළිවෙලින් බලමින් මම පැවසූයෙමි. 

"ඒක පස්සෙ කරගන්න බැරිද? මේ මෙයාගෙ අන්තිම ඉන්ටර්වීව් එක. අපේ සීනියර් මැනේජ්මන්ට් එකේ ඔක්කොමල වගෙ මෙතන ඉන්නව.ඒ හින්ද මම හිතන්නෙ...." පරීක්ෂක මණ්ඩල ප්‍රධානියා වියහැකියයි මා සිතූ තැනැත්තා යලිත් පැවසීය.

"සමාවෙන්න. ඒත් මට දැන්ම කතාකරන්න ඕන. මේක හදිස්සියක්" 

"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?" එසේ විමසූයේ පරීක්ෂණ මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකි. 

"ඔව් මෝඩයෝ තේරෙන්නෙ නැද්ද? මිනිත්තු පහයි මට දෙයියො දුන්නෙ නිවැරදි දේ කරන්න.එහෙම නැත්නම් මගේ අනාගතය ඉවරෙටම ඉවරයි" මම එසේ නොපැවසූබව ඔබට විශේෂයෙන් කිවයුතු නොවේ.

"නෑ..නෑ ප්‍රශ්ණයක් නෙවෙයි. මට එක මිනිත්තුවක් විතරයි ඕනෙ" මම එසේ පවසමින් අනන්‍යාට කුටියෙන් පිටතට එන ලෙස සංඥා කළෙමි.

"එළියට යන්න ඕන නෑ. ඔයාට කියන්න තියෙන දෙයක් මෙතනම කියන්න." ඇය මදෙස නොපහන් බැල්මක් හෙලමින් පැවසූයේ යටිතොලද සපාගනිමිනි.

පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ එකිනෙකා දෙස වික්ෂිප්තවූ බැලුම් හෙලමින් ඔවුනොවුන් අතර තොලමතුරාගන්නට වූහ. මම සෙමින් අනන්‍යා වෙත ගියෙමි.

"මොකක්ද ක්‍රිෂ් මේකෙ තේරුම? ඔයාට පිස්සුවක්වත් හැදීගෙන එනවද ඇත්තටම?" ඇය දත්මිටි කමින් කෙඳුරුවාය.

මම ඇගේ අසුන අසල දණ ගසා ඇගේ කණට මගේ මුව කිට්ටු කළෙමි. " සමාවෙන්න, කොහොමද ඉන්ටර්වීව් වැඩේ හොඳට යනවද? " මම හැකි තරම් පහත් හඬින් ව්මසූයෙමි. 

"මිස්ටර් ක්‍රිෂ් මල්හෝත්‍රා, ඔයා මේ කියන්න යන කාරණය ඇත්තටම වැදගත් එකක් නෙවෙයි නම් එහෙම ඒකත් මම බලාගන්නම්. හරි…. දැන්වත් කරුණා කරල කියනවද ඔයාගෙ ඔය වැදගත් කාරණය මොකක්ද කියල." ඇය ඇසූයේ මුලු පරීක්ෂක මණ්ඩලයටම ඇසෙන තරමට පහත් හඬිනි.

"අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවියනි , ඔබ ඉදිරියේ දණ ගසා මෙහි සිටින ක්‍රිෂ් මල්හෝත්‍රා නම් වන මම ඔබට දැඩි ලෙස ආදරය කරන්නෙමි. මගේ ඉදිරි මුළු දිවියම ඔබ හා සමඟ ගතකිරීම මගේ එකම අභිප්‍රායයයි. මා සදාදරණීය මෙනෙවියනි, ඔබ මා හා විවාහ වීමට කැමැත්තේද?" 

අනන්‍යාගේ මුව එසැණින් විවර විය.ඇය දෙතුන් වරක් පරීක්ෂක මණ්ඩලය දෙසත් මා දෙසත් විසල් කොටගත් දෙනෙතින් මාරුවෙන් මාරුවට බැලුවාය. 

"ක්‍රිෂ්………" ඉන්පසු ඇය පහත් හඬින් මා ඇමතුවාය. වළක්වා ගැන්මට කෙතෙක් උත්සාහ කලද එක් කඳුලු බිඳුවක් ඇගේ ඇසිපිය අතරින් ගිලිහී කොපුල් තල මතට පතිත විය.

"මේ...ඇයි?.....මොකක් හරි ප්‍රශ්නයක්ද?" පරීක්ෂක මණ්ඩල සාමාජිකයෙක් වහා විමසූයේ අනන්‍යා කඳුළු සඟවා ගැන්මට වෙර දරනු දුටු හෙයින් වියයුතුය. " නරක ආරංචියක් එහෙම නෙවෙයි කියල මම හිතනවා. " 

දෑස් පියාගෙන හිස වරක් දෙවරක් සෙලවූ අනන්‍යා ඇය ඉදිරියේ මේසය මතවූ වතුර වීදුරුව එක හුස්මට පානය කලාය. "නෑ..නෑ...නරක ආරංචියක් නෙවෙයි, බොහොම හොඳ ආරංචියක්." 

මේ වනවිට රළු පොළව හේතුකොටගෙන මගේ දෙදණ රිදුම් දෙන්නට පටන්ගෙන තිබිණි. "සික්..මෙච්චර වෙලා දණ ගහගෙන ඉන්න වෙයි කියල දන්නවනම් කොට්ටයක් වත් අරං එනවනෙ...." මම එළෙස ද නොපැවසූ බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.

"අනන්‍යා…." මම යලිත් කෙඳිරීමි. 

 "ඒ පාර මොකද?" 

"කෝ මගේ ප්‍රශ්ණෙට කෙලින් උත්තරයක් දුන්නෙ නෑනෙ. ඔයා මුලු ජීවිත කාලෙම මා එක්ක මගෙ හෙවණැල්ල වගේ ඉන්නව නේද?" 

මුවගින් පුපුරා යන්නට ඉතා ආසන්නවූ සිනහවක් වලක්වා ගැන්මට ඇය දෙතොල් තදින් පියාගත්තාය. 

"ඔව්..ඔව්..ඔව්..මෝඩයෝ..ඔව්...මම ඔහේ එක්ක මගෙ මුලු ජීවිත කාලෙම ඉන්ට කැමතියි….කැමතියි...කැමතියි….ඒත් මේ වෙලාවෙ මම මෙතන වැදගත් වැඩක්. ඒ හින්ද දැන් කරුණාකරල නැඟිටල දණිස් පිහදාගෙන මෙතනින් යනවද යන්ට..." 

*********************************

"මට මේක කොච්චර බැලුවත් ඇතිවෙන එකක් නෑ" අනන්‍යා ඉතා සතුටින් පැවසූයේ රම්භායිගේ කුඩා ආපන ශාලාවෙහිදී තුන්වන වරටත් H.L.L. සමාගමෙන් ඇය වෙත නිකුත් කල පත්වීම් ලිපිය දිගහරිමිනි.

සිටි බැංකුව මවෙත නිකුත් කල පත්වීම් ලිපිය ලැබුනේ පෙරදිනය. මා අපේක්ෂා කල වැටුප නිවැරදිව එහි සඳහන් බව ස්ථිර කොටගත් වහාම මම එය මගේ මේස ලාච්චුවට දමා ලාච්චුව වසා ඒ පිළිබඳව අමතක කළෙමි.

"ඔය පත්වීම් ලිපියක් කියන්නෙ වහලෙක් වගෙ වැඩ කරන්ට ලැබුණු ආරාධනාවක්. ඒ ගැන ඔය හැටි සතූටු වෙන්ට ඕන කමක් නෑ" සමෝසා ගෙන එන ලෙස වේටර් කොලුවාට සංඥා කරමින් මම පැවසුවෙමි.

"මොකද අනේ?... ඔච්චරම සර්ව අශුභවාදී වෙන්ටත් එපා. H.L.L. එක බොහොම කැමතිවුනා මාව බඳවගන්ට. අනික ඒ ගොල්ලන්ගෙ ඉදිරි සැළැස්මෙ තියනව දකුණු ඉන්දියාව පුරාම සමාගම ව්‍යාප්ත කරන්ට අදහසක්." 

රම්භායිගේ ලාබාල වයසැති සේවකයෙක් සමෝසා සහ තේ රැගෙන විත් අප ඉදිරියෙහි තැබීය.අවසාන වසරේ විභාගයෙන් අනතුරුව සිසුන් සහ සිසුවියන් රැකියා සඳහා බඳවා ගන්න මේ කාල සීමාවෙහි අනිවාර්යයෙන් රම්භායි යටතේ සේවය කරන්නෝ සන්තෝසම් ලෙස සැළකිය යුතු මුදලක් උපයා ගනිති. 

"ඔයා ඉස්කෝලෙ යනවද?" අප ඉදිරියේ සමෝසා සහ තේ අඩංගු තැටිය තබා ඉවත්ව යාමට හැරුනු තුදුස් වියැති පමණවූ කොලුවාගෙන් අනන්‍යා විමසුවාය.

"ඔව්, රම්භායි මාව ඉස්කෝලෙ යවනවා." කොලුවා පැවසුවේය.

"ආ.. එහෙමනම් හොඳයි. ඔයාලව ඉස්කෝලෙ යවන්නෙ නැත්නම් පොලීසියට ගිහිල්ල කියන්න." අනන්‍යා එසේ පැවසූයේ කොලුවාට රුපියල් පණහේ නෝට්ටුවක් දිගු කරමිනි.

"H.L.L. එක ඔයාව දායි දකුණු ඉන්දියාවෙ කොහෙ හරි මුල්ලකට. ඔය තියෙන්නෙ නම කියන්ට ගියාම දිව ගැටගැහෙන තැන්. ඩිරෙක්ට් ඩයලිං ටෙලිෆෝන්වත් නැති. එහෙම තැනකට දායි..ආය කතා දෙකක් නෑ." මම මුහුණ ඇඹුල්කොටගතිමි.

"නෑ, නෑ, එයාල එහෙම කරන එකක් නෑ. අනික එයාල එහෙම කලත් මගෙ ඉන්නවනෙ ශූර වීර කුමාරයෙක් සුදු අසු පිටින් ඇවිල්ල මාව බේරගෙන යන්ට" ඇය ඉඟිමරමින් පැවසුවාය.

"අනන්‍යා ඔයාට මේක තේරෙන්නෙ නෑ. දැන් අපි දෙන්න කසාද බඳිනවයි කියල තීරණය කරල ඉවරයි.ඒත් අපේ දෙමව්පියො තවම ඒ ගැන දන්නෙවත් නෑ." මම ඇයට පැහැදිලි කලෙමි. 

"ඉතිං මොකද? මම හිතන්නෙ නෑ එතන ප්‍රශ්නයක් තියෙයි කියල. මගෙ අම්මයි තාත්තයි ටිකක් සම්ප්‍රදායික, පරණ තාලෙට හිතන අය නම් තමයි. ඒත් අපි ඒ ගොල්ලන්ගෙ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ඨ කරල නේද තියෙන්නෙ? ඉන්දීය මධ්‍යම පාංතිකයින් තම දරුවන් වෙනුවෙන් දකින සදාතනික සිහිනය..... අපි දෙන්නම ඒ සිහිනය එයාල වෙනුවෙන් සැබෑ කරල තියෙන්නෙ. ඉතිං මම හිතන්නෙ නෑ එයාල අපිට බාධා කරයි කියල....මොකක්ද කියන්න බලන්න එයාලට අපිට විරුද්ධ වෙන්න තියන හේතුව?" 

"එයාල විරුද්ධ වෙන්නෙ එයාල දෙමව්පියො හින්ද. ඒ හේතුව ඇති එයාලට. ෆ්‍රොම් බිස්කට්ස් ටු බ්‍රයිඩ්ස් තමන්ගෙ දරුවන් මොනවහරි දේකට කැමතිනම් දෙමව්පියන්ට ඒ ගැන තියනව මොකක් හරිම ප්‍රශ්නයක්." 

"ඔයා හිතනවද ඔයාගෙ දෙමව්පියන්ට මට අකමැතිවෙන්ට හේතුවක් මොකක් හරි තියනවයි කියල." අනන්‍යා ඇගේ කෙස් කළඹ හිස පිටුපසට කොට ලිහිල්ව බැඳගන්නා අතර විමසුවාය.ඈ ඉදිරි දත් අතර කොණ්ඩ කටු දෙකක් සිරකොටගෙන සිටියාය.

"විශේෂයෙන් ඔයා ගැනම කියල නෙවෙයි මම තෝරගන්න ඕනම කෙල්ලෙක් ගැන එයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි.එතකොට අපි ඔයා ගැන සළකල බැලුවොත් ඔයා දකුණු ඉන්දියානු.ඒක ප්‍රශ්නයක් වෙයි. වෙන ආගමක කෙනෙක් එක්ක විවාහ වෙනව තරම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නෙ. ඒ කොහොම උනත් ටිකක් බරපතල ප්‍රශ්නයක් වෙනව නොවැරදීම." 

"ඒත් මට විශ්ව විද්‍යාලෙ ඉහලම මට්ටමේ උපාධියක් තියනව. I.I.M.A. එකෙන් M.B.A. එකක් තියනව.මම රැකියාව කරන්නෙ H.L.L. එකේ. එතකොට තව..ම්ම්ම්ම්..සමාවෙන්න මම කැමති නෑ මම ගැන පාරට්ටු කරන්ට. ඒත් ඔයාලගෙ අම්මලට උනත් පෙනෙයි මම අවලස්සන නැතිබව. එයාලගෙ පුතාට පෝර උරයක් ඔලුවට නොදා මාව පාරෙ එක්කයන්ට බැරි කමක් නැතිබව එයාලට පේන්ට ඕන." ඇය නොනවත්වා කියවාගෙන ගියාය. 

"ඒ ඔක්කොම හරි අනන්‍යා. ඒත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ ඒ සියල්ල අදාල නොවේ කියල තමයි." 

"එතකොට මොකක්ද අදාල වෙන්නෙ?" ඇය රත්පැහැ ගැන්වෙන මුහුණින් යුතුව විමසුවාය.

"ඔයා දමිළ,මම පන්ජාබ්...අපි දෙන්නගෙ අන්න ඒ වෙනස තමයි අදාල වෙන්නෙ." 

77 comments:

  1. //මම එසේ නොපැවසූබව ඔබට විශේෂයෙන් කිවයුතු නොවේ.// ඇයි අප්ප ඒව කියල දැම්මෙ නැත්තෙ.
    //ෆ්‍රොම් බිස්කට්ස් ටු බ්‍රයිඩ්ස් තමන්ගෙ දරුවන් මොනවහරි දේකට කැමතිනම් දෙමව්පියන්ට ඒ ගැන තියනව මොකක් හරිම ප්‍රශ්නයක්.// මේකනං 90% ක් විතර ඇත්ත තත්වයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / ෆ්‍රොම් බිස්කට්ස් ටු බ්‍රයිඩ්ස් ………/

      / මේකනං 90% ක් විතර ඇත්ත තත්වයක් තමයි. /

      මල්ලි බොක්ක ඇතුලෙම්මයි කිව්වෙ නේද? මට හිතාගත්තෑකි උඹට බ්‍රයිඩ්ස් කොහොමවෙතත් බිස්කට්ස් සම්බන්ධයෙන් නම් එහෙම අත්දැකීම් ඇති. කඩේට එන පොඩි එවුං බිස්කට් ඉල්ලල මරහඬ තියද්දි අම්මල තාත්තල ඇහුනෙ නෑ වගෙ ඉන්නකොට මල පනිනව ඇති නේ?

      Delete
    2. බිස්කට් ඉල්ලනවං මොකද, දැං ඉන්න උං ඉල්ලන්නෙ 50 න් එහා තියෙන ටික්ටැක්, කින්ඩජෝයි වගේ ඒවනෙ. ඉතිං අම්මල තාත්තල පුල් නන්නත්තාර්.

      Delete
  2. ලස්සනයි.... සුන්දරයි.... වෙනදා වගේමයි..... ඉවර වුනා ඉක්මන් වැඩියි....
    මොනාද රවී..... කියවන්න හදන කොට ඉවරයිනේ......

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      ඔන්න ඉතිං ඒ පාර මදිලු..බොලං මේ පෝස්ට් එකේ වචන 1790ක් තියනව. A4 ෂීට්ස් 5ක්. සාමාන්‍යයෙන් වචන 1400-1500 අතර තමයි මම හිතන විදිහට බ්ලොග් පෝස්ට් එකක ප්‍රශස්ත වචන ගණන. මම කිව්වෙ උපරිමය. ඊට එහා ලිව්වොත් ඒක දිග වැඩියි. එහෙම කිව්වට මමත් ලියල තියනව වචන 2800 වගෙ පෝස්ට්...හෙහ්,හෙහ්,

      ස්තූතියි ඉන්දික....:)

      Delete
  3. දෙයියන්ට පොරොන්දු වෙලා ,විශ්වාසෙ කඩ කලොත් ප්‍රතිපල දරුණුයි කියල ක්‍රිෂ් දන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      නෑ..නෑ..ඕකා දෙයියන්ට පණ බයයි....

      සන්තෝසයි මල්ලි..ලෙඩේ හොඳයි නේද? මගේ සුබ පැතුම්!

      Delete
  4. ඔය පොතේ මම අකමැතිම කෑල්ල තමා මේක...

    ReplyDelete
    Replies
    1. ඇයි බං මේක නියම පිස්සු කෑල්ලක්නෙ. මට නම් එහෙම ප්‍රශ්ණයක් නැහැ. ඊට වඩා අර අන්තිම හරියේ තියෙන අදින කෑලි ඊට හපන්නේ. අර උපෙක්ශා අර කෙල්ලට සිසිරගෙ දෙමව්පියො හිරි හැර කරනවයි කියල පාඨකයාට 'ඒත්තුගන්නන්න' කොටස් විස්සක්ද කොහෙද ගත්ත වගේ හරියක් තියෙනවා මේකෙත්.

      Delete
    2. මම කිව්වේ ලොවෙත් නොවෙන ඉන්විව් මැද්දට පැනිලල ගැන.. ඒක කියවල හීක් නැතිව හි්ටියට මේ වගේ අවස්ථාවකදි දෙසල අරින එක මගේ පුරුද්ද නෙව ඉයන්.. හැක්

      Delete
    3. Ian,

      / අර උපෙක්ශා අර කෙල්ලට සිසිරගෙ දෙමව්පියො හිරි හැර කරනවයි කියල පාඨකයාට 'ඒත්තුගන්නන්න' කොටස් විස්සක්ද කොහෙද ගත්ත වගේ හරියක් තියෙනවා මේකෙත්. /

      අපි දාමු ඒ කතා වර්ගයට හොඳ නමක් …" අඬෝවැඩියා ෂානරය " .කොහොමද ඒක?

      Delete
    4. දේශකයා,

      / ඒක කියවල හීක් නැතිව හිටියට /

      පොතේ ඒ කෑල්ල කියවන එකයි මේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එකයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද බං?

      Delete
    5. මං එහෙම එකක් කිව්වද බං... ?? පොතේ ඒක කියවල බගටට බනින්නයැ.. ඔන්න උඹ ඒක ලිව්වට පස්සෙ මාධයයක් ලැබුනා දෙකක් කියන්න. නැතිව බොට ලියන්න එපා කියන්න මං කව්ද? හා පුලුවන්නං මේ ලියන බහුබූත නවත්තහං.. හැක්..

      Delete
    6. දේශකයා,

      ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ ටෝටලි මිස් අන්ඩර්ස්කර්ට්, ටෝටලි මිස් අන්ඩර්ස්කර්ට්, මම කිව්වෙ මට ලියන්ට එපාය කියන බූතයක් නෙවෙයි බොල. මම හිතුවෙ අතන අර හික් නැතුව හිටියට කියල උඹ ලියල තිබ්බෙ. ඒක ස්පෙලිං මිස්ටේක් එකක්ය උඹ අදහස් කලේ වෙන දෙයක්ය කියලනෙ. හික් කිව්වම ඒකට ලඟින් යන තව එකක් තියෙන්නෙ බොල අන්න ඒක...හෙහ්,හෙහ්,

      පලි - මේ වැඩේ කියල කිව්වෙ මේ පරිවර්තනය ගැන නෙවෙයි. අර හික් එකට ලඟින් යන වැඩේ...:)

      Delete
    7. මලා දේශකයා මේ කෑල්ල කියවලා අර වැඩේ අතෑරලා දාලද? හුටා දැන් මෙන්ඩ දේශකයගෙ ඇඳ යටටත් රිංඟයි.

      Delete
    8. හැක් හැක්.. හුහ් හුක්.. මගේ ඉප්පෙලින් සෑහෙන්න මිස් වෙනවා නං තමා. තේරුනාද මන්දා...

      Delete
    9. චටස්.. පටස්.... භහුව.. භහුව... ඩිශුම්.. ඩෝන් පට පට....

      අම්මටසිරි මාර නෙලිල්ලක් ඒක ඈ !! වැදුන කියන්නේ බුරියටම!!

      මෙන්න lan අනිත් කම්මුල...

      Delete
    10. Upeksha,

      "/ චටස්.. පටස්.... භහුව.. භහුව... ඩිශුම්.. ඩෝන් පට පට.... /
      "

      අනේ බං උඹේ ඔය බහුවා ..බහුවා..සීන් එකට මම මැරුන හිනා වෙලා..කලින් දවසකුත් ඕක කිව්වෙ..මතකෙයි?....ඇත්තටම පරණ ෆිල්ම්ස් වල නැව් ගුටි දෙනකොට සද්දෙ එන්නෙ බහුවා..බහුවා කියල තමයි නේද?

      ගාමිණීගෙ පරණ ෆිල්ම්ස් වල තිබ්බ ඔය බහුවා..බහුවා..සීන් එක. ඔන්න ගාමිණියි කෙල්ලයි පුල් ලව් සීන් එකක් දාගෙන සිංදුවක් කාරිය කියාගෙන ඉන්නවයි කියමුකො...ඔන්න එනව දුස්ටයගෙ මැරයො සේනාව. ගාමිනීයට ගහනව රිඹ යන්ට.. බහුවා...බහුවා..බහුවා...ඩිෂා...ඩිෂා...ඩිෂාම්....( ආයෙමත් ) බහුවා...බහුවා...බහුවා..

      ඔන්න ගාමිණී වැටෙනව හතර ගාතෙ දාල....ප්ලැකෑස්...මැරයො කෙල්ල ඇදගෙන යනව...ටිකක් දුරගියාම කෙල්ල ආපහු හැරිල කෑගහනව යටි ගිරියෙං ගාමිණී ඊ...ඊ...ඊ...ඊ !!!

      අප්පට සෝරු අර මැරිල වගෙ වැටිල ඉන්න එකාට හීනෙං වගෙ ඇහෙනව ඒ කෑගැහිල්ල.. පොර නැඟිටිනව දනි පනිගාල... කණ් දෙකටම දබරැඟිලි දාල වැලි එහෙම අයිං කරනව.ආය මොනවද? කඟවේනා වගෙ දුවල ගිහිල්ල මැරයො ඔක්කෝටම දෙනව අම්මගෙං බීපු කිරි සිහිවෙන්ට…

      බහුවා...බහුවා..බහුවා...ඩිෂා...ඩිෂා...ඩිෂාම්....( ආයෙමත් ) බහුවා...බහුවා...බහුවා..

      Delete
    11. බහුවා නෙවෙයි බන්ස්... 'භ'හුවා.... නිකන් බයන්න නෙවෙයි මාප්‍රාන්න බයන්න. සද්දෙක උනත් තියෙනවා ස්පෙලින්ග් එකක් හරිද?

      ඔය පිලුම් තමයි හලෝ පිලුම්.
      ඔන්න ගාමිණි එනවා, දුෂ්ටයා එනවා... ගාමිණි අතේ තුවක්කුව, අරූ අතේ කිණිස්ස. අර යස අගේට 'ඩෝන්' කියල තියල අහවරක් කරන්නේ නැතුව ගාමිණි දුෂ්ටයා කිනිස්සට පොරකනවා. උගේ අතින් කිණිස්ස ගත්තය කියමු, ආයේ ඒකත් විසික්ක කරලා ඔන්න යනවා ඒ පාර අතින් පයින් වැඩවලට! ගොඩින් බේරගන්න දන්නේ නැති හැටි? මම කිව්වේ තිර රචකයාට දෙකක් ඇන්න නම්....

      Delete
  5. දේශකයා හරි. මමත් මේ කෑල්ලට එච්චරම කැමති නෑ.

    දණ ගහගෙන හිටපු එක නම් හොඳයි. අන්න එහෙම තමා කොල්ලෝ ඉන්ට ඕනි. කොට්ට තියාගෙන හරි නැතුව හරි...:P

    ReplyDelete
    Replies
    1. Poddi,

      / දේශකයා හරි. මමත් මේ කෑල්ලට එච්චරම කැමති නෑ. /

      හෙහ්..මම හිතුවෙ ඔහේ මේ කොටසට බොහොම මනාපවෙයි කියල. භගට් මේ පරිච්ඡේදෙ තනිකරම ලියල තියෙන්නෙ ක්‍රිෂ්ව දෙකේ කොළේට දාල. මිනිහගෙ රෙදි ගලවල. මම මේ කියන්නෙ අනන්‍යා ගාව දණගහපු එක ගැන එහෙම නෙවෙයි. මම කැමතියි ඇත්තටම ඒ සීන් එකට. ඒකෙ තියනව පොඩි රොමෑන්ටික් ගතියක් ( I like that gallant chivalrous gesture )

      මම කියන්නෙ ක්‍රිෂ් තනි තීරණයක් ගන්ට බැරි, මඩේ හිටවපු ඉන්නක් වගෙ වැනෙන, කිසිම ආත්ම විශ්වාසයක් නැති මනුස්සයෙක් විදිහට හඳුන්වල දීල තියන එක ගැන. මම හිතනව භගට් මේ කොටස ලියන්ට ඇත්තෙ ස්ත්‍රීවාදී පාඨකයින් ඉලක්ක කරගෙන වෙන්න ඕන. He is a good market analyst & strategist. He knows what to include if you want your book to be a best seller.

      Delete
    2. පොඩ්ඩිගේ හස්බන්ඩ්ට පොඩ්ඩි කැමති වුනේ පොඩ්ඩිට ප්‍රොපෝස් කරන්න කිලෝ මීටර දෙක තුනක් විතර මිනිහ දණ ගහගෙනම ආපු නිසාලු. කට්ටිය හිතල තියෙන්නේ මිනිහ කතරගමට භාරයක් ඔප්පුකරන්න දණගහනවා කියලලු.

      Delete
    3. Ian,

      / පොඩ්ඩිගේ හස්බන්ඩ්ට පොඩ්ඩි කැමති වුනේ පොඩ්ඩිට ප්‍රොපෝස් කරන්න කිලෝ මීටර දෙක තුනක් විතර මිනිහ දණ ගහගෙනම ආපු නිසාලු. /

      මොන සමයංද ඉයන්? ඒ මෝල් වහන්සෙ දණ පොල්කටු දෙකත් ලෙලි ගහගෙන කිලෝ මීටර් තුනක් දණගාගෙන ආහම මේ අම්මණ්ඩි කිව්වලු ඔහොම නෙවෙයි කකුල් දෙක කරට අරගෙන අත් දෙකෙං වරෙංය එතකොට සලකා බලන්නම්ය කියල....හෙහ්,හෙහ්,

      Delete
    4. පොඩ්ඩිගෙ පොඩ්ඩ කකුල් කරේ දාගෙන අත්දෙකෙන් එනවා මැවිල පේනවා.

      Delete
  6. ඉන්ටර්විව් එක මැද්දට පැනල දනගහගෙන ඕවා අහන එක ටිකක් විකාරයි වගේ නේද... මොන මෝඩ ආතල් එකක් ද ඒක.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      දැන් මල්ලි මෙහෙමනෙ සීන් එක. කතන්දර කියන ෂානර ( Genre ) කීපයක් තියනව. යථාර්තවාදී ෂානරය අනුව උඹ කියන එක හරි.සාමාන්‍යයෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඒත් සුවිශේෂී අවස්ථාවක එහෙම දෙයක් වෙන්නත් පුලුවන් නේද?

      ඊලඟට අනික් ප්‍රශ්නය.....කතාවක් ලියන මනුස්සය ලියන්න ඕන සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් දේ විතරමද? අසාමාන්‍ය දෙයක් ලිව්වොත් ඒක නිර්මාණයක් වෙන්නෙ නැද්ද?

      Delete
    2. රවිතුමා, මම ඒ සිද්දිය ගැනයි කිව්වේ.. ඇත්තටම එහෙම එකක් වීම මට පෙන්නේ හෙන විකාර වැඩක් විදියට.... කතාවේ ඒක තිබීම අවුලක් නෙවෙයි... කතා වල එහෙම ඒවා තිබීම අවුලකුත් නෙවෙයි..

      අර ශ්‍රංග යටින් කියල තියෙන විදියේ මාඤ්ඤමික ගතියක් ගැනයි මම කිව්වේ.. හෙහ් හෙහ්

      ඔය ෂානර ( Genre ) කියන එක ඔයිට වඩා පැහැදිලි කරන්න වචනයක් නැද්ද.. ෂානර නිකන් වානර වගේ මට හිතෙන්නේ..

      Delete
    3. මේ කතාවේ බගටා අරුම පුදුම යථාවෙන් ඈත්ව ගිය පැන්ටසි සෑහෙන්න කියනවා.ඒත් මේ කොටස නං උඹ ඔය කියන අසාමාන්‍ය ගොඩට දාන්න බැහැ බං.

      Delete
    4. @ පැතුම්,

      ෂානර = ප්‍රභේද, වර්ග

      Delete
    5. @ Buratheno

      ෂානර = ප්‍රභේද, ප්‍රවර්ග

      Delete
    6. Pathum,

      / ඔය ෂානර ( Genre ) කියන එක ඔයිට වඩා පැහැදිලි කරන්න වචනයක් නැද්ද.. ෂානර නිකන් වානර වගේ මට හිතෙන්නේ../

      කසුන් කියල තියෙන ප්‍රවර්ග කියන වචනෙ හොඳයි මම හිතන්නෙ ෂානර වෙනුවට…

      So what is a NA book? Well, it’s aimed at readers aged 18-24 and its characters are usually of that age range as well.

      That’s all.

      Notice that I missed something?

      I didn’t say anything about what these books are about.

      That’s because NA is a category of books, not a genre.

      Categories of books include NA, YA, novels, and nonfiction, because they don’t communicate anything about the book’s content other than whether it’s true or not, and sometimes the age range it’s meant for.

      Genres of books say something about what the book is about. Sci-fi/fantasy, romance, memoir, biography, history, and mysteries are all designations that tell you on a basic level what a book is about.

      Wise ink Blog

      Delete
    7. Bura & Kasun,

      Thanks....:)

      Delete
    8. බුරා , කසුන්, පැහැදිලි කිරීමට ස්තුතියි... මට හිතා ගන්න බැරි ප්‍රවර්ග වගේ පැහැදිලිව තේරෙන වචනයක් තියෙද්දී ෂානර වගේ වචනයක් යොදා ගන්නේ ඇයි කියන එක.. කොහොම උනත් දැන් දැනගත්තා..

      රවී තුමා NA/YA කියන්නේ මොකක් ද

      Delete
    9. Pathum,

      Over the last couple of years, a new type of book has emerged. Not a traditional adult book and definitely not a YA (young adult) book, these books, deemed “NA” (New Adult) are taking the publishing world by storm across both the traditional and indie landscapes.

      Wise Ink Blog

      Delete
  7. "ඔව්..ඔව්..ඔව්..රවී..ඔව්...මම මෙතෙක් පරිවර්ථනය මේ කථාවේ කල හැම කොටසක් වගේම මේකටත් කැමතියි….කැමතියි...කැමතියි….අර ජැක් ලන්ඩන්ගේ කථාවත් හොඳයි....... . ඒ හින්ඳ සුමානයකට කථා දෙකෙන්ම එක එපිසෝඩ් එකගානවත් දානවද.........

    ReplyDelete
    Replies
    1. Ian,

      ස්තූතියි ඉයන්...ලන්ඩන් සම්බන්ධ කතාවෙ නම් තව එක කොටසයි. වැඩේ කලාස් ( කලාස් = Finished in Arabic )

      තව තියනව ලියන්ට අර කොස් කටිං ග්‍රිල්ගෙ කතාව.....එතකොට වාංපතුල් කතා මහ ගොඩක්...එතනිං ගිහාම ගුරුවරියක සමඟ මගේ ජීවිතය...තව කුමරියකට පෙම් කළෙමි....

      Delete
  8. අර හු.පූ තුමා ඔතන ගිහිං අර සබං කොම්පැනියෙ ලොක්කල ඉස්සරහපිට දනගහගෙන අර කෙල්ලගෙං ඕම ඇහූ එක හරිම මාඤ්ඤමිකයි.

    ඕං බලන්න අග ඉඳං මුලට කරගෙන ගියාම වරදින හැටි. දැං ඉතිං එකම ආගංවල එවුං හොයාල්ලකො.

    මට නියමෙට අල්ලපු තැන තමයි අර පෝර කවරෙයක් ඔලුවට දාල අරං යන සීන්නෙක. ඇත්තටම ඒ අතිං මුසල්මාං ගෑනු සේරම දරහැවවල් වගේ වෙන්නැති නේද?

    කතාව නිකං මදියි වගේ. තව ඩිංගක් දිග්කරන්න බැලුවනං හරි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියානු සරුවපිත්තල දෙමල හින්දි සිනමාව එහෙන් පිටින්ම කතාවලට ඔබන්න ගියාම එහෙම තමයි ශ්‍රංග. මේ මාඤ්ඤමික ගතිය පෙන්නන තරමට තමා පොත් විකිනෙන්නෙ. ෆිල්ම්ස් මාකට් වෙන්නෙ. සුජීව ප්‍රසන්නආරච්චිගෙ සන්නස්ගලගෙ පොත්වල තියෙන්නෙ ඔය ඕන තරං මෙහෙම මාඤ්ඤමික අවස්තා. අර චාමරයත් කිව්වේ "කොල්ලෙක්ගෙ ඇහෙන් කඳුලු බින්දුවක් වැටෙනව කියන්නෙ..." අන්න ඒ වගේ පොත් කියවපු කස්ටිය. බගට් ගොයියගෙ පොත් උනුකැවුම් වගේ විකිනෙන්නෙත් ඒවා බුකර් ප්‍රයිස් වගේ උසස් සම්මාන දිනන ඔය වගේ කෘතිවලට සමීප නොවෙන්නෙත් මේ හේතුව නිසාම තමා.

      Delete
    2. Suranga,

      / අර හු.පූ තුමා ඔතන ගිහිං අර සබං කොම්පැනියෙ ලොක්කල ඉස්සරහපිට දනගහගෙන අර කෙල්ලගෙං ඕම ඇහූ එක හරිම මාඤ්ඤමිකයි.

      1. හූ.පූ කිව්වෙ මොකක්ද බං?

      2. මාඤ්ඤමිකයි තමයි. ඒත් කතාවක ඇත්තම තියෙන්න ඕන නෑනෙ. අනික එහෙම පිස්සු යක්කු ඉන්ටත් පුලුවන් නේද මේ ලෝකෙ කෝටියකිං එකෙක් හරි?

      මම පොඩි කාලෙ කෑගල්ලෙ අපෙ ගෙවල් කිට්ටුව හිටිය අවුරුදු හතක වගෙ පොඩි එකෙක් . ඒකා කන්නෙ පානුයි, පරිප්පුයි, බිත්තරයි විතරයි. ඉතිං මම දැන් ඕකා ගැන කතාවක් ලිව්වොත් ඒක මාඤ්ඤමිකයි කියන්ට පුලුවන්ද? මොකද ඇත්තටම එහෙම එකෙක් ඉන්නව....ඉන්නවමත් නෙවෙයි හිටිය. මොකද තාම ඒකා කන්නෙ ඒවමද කියන්න අයි ඩෝන්ට් නෝ...:)

      Delete
    3. ඇනෝ,

      ජනප්‍රිය සහ සම්භාව්‍ය කියල කලා නිර්මාණ දෙකොටසකට බෙදනව බොහෝ විචාරකයො. ( High or classic culture & Low or popular culture ) ඒත් මගේ අදහස අනුව මේ බෙදෙන සීමා ඉර පැහැදිලි නෑ.අනික බොහෝ වෙලාවට සම්භාව්‍ය කලාව පවත්වාගෙන යන්ට ජනප්‍රිය කලාවෙ සහාය ඕන වෙනව.

      රසිකත්වය කියන්නෙ මම හිතන්නෙ ඔය දෙකම රසවිඳින්ට පුලුවන් වෙන්න ඕන. Someone who can enjoy a seven course meal as well as a hamburger, french fries and a coke….:)

      Delete
    4. රවි මහත්තයගෙ කියවීම නං ටිකක් වැරදියි. සම්භාව්‍ය සංස්කෘතිය ජනප්‍රිය නෑ කියන අදහස ඒකෙන් එනව. එක්කො යමක් ජනප්‍රිය නං ඒක සම්භාව්‍ය නෑ කියන එක. රසිකත්වය කියන එකත් කෙනාගෙන් කෙනාටත් වෙනස් නොවැ. චැටර්ලි නෝනා වැල කතාවක් කියවන්නැහෙ කියවලා ආතල් ගන්ටත් ගැඹුරු මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලලා රස විඳින්ටත් පුලුවන් නිසා. (හැබැයි හැම්බර්ගරේ රහ කොයි ලොක්කා සොක්කා කෑවත් එකමයි නෙවද?) සාහිත්‍ය කෘතියක නං වෛෂයික වටිනාකමට පයින් ගහන්ට බෑ. නැත්තං ඉතිං කොයි හෑල්ලත් කියවන්නා අනුව සම්භාව්‍ය හෝ කසිකබල් වෙන්ට එපායැ.

      * මම වෙන ඇනෝ කෙනෙක්

      Delete
  9. චැහ්ඃ මම මේ ඉඳල ඉඳල ඇවිත් පෙරහරේ මැදටනේ එකතු වෙලා තියෙන්නෙ. පළවෙනි පේලි දෙක කියවන කොට දැනුනා යකඩො මම මේක කලින් කියවල තියෙනවනේ කියල. ඉතිං මේ චේටන් ගොයියගෙ කතන්දරයක් මේ බ්ලොග අස්සෙ මොකක් කරනවද කියල බලන්න මම ගියා පළවෙනිම කොටසට, එතකොටනේ මට වැඩේ හරියටම මීටර් උනේ. මම මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ගත්තා චේටන්ගෙ සිංහලට පරිවර්තනය වෙල තිබුනු පොත් හයක්ම. සති දෙකකින් ඔක්කොම ටික කියවල දැම්මා. දැන් ඉතිං මුල ඉඳන් මේකත් කියවල බලන්න ඕන පරිවර්තන දෙකේ වෙනස බලන්නත් එක්ක. කොහොම උනත් ලස්සන කතාව, මේකෙ ෆිල්ම් එකත් ටොරන්ට් එකකින් බාගෙනවත් බලන්ට ඕන කියල හිතන් හිටියට තාම ඒක කරගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. උම ඉතිං දණුනේ චිරප්‍රසිද්ධ බලිතොවිල් පරම්පරාවක හුනියං බුවෙක් නේ. මැදිං පැනිල්ල අවුලක් නැහැ.. හැක්...

      වලකම් බැක් කිව්වා මදුරු නාසකයට

      Delete
    2. අහ්ඃ උඹලත් තවම ඉන්නව නේ ......

      මොකක්ද බං ‘දණුනේ‘ කියන්නෙ, හැක්...

      Delete
    3. DDT,

      දනූන කියන්නෙ නං වෙල් විදානෙගෙ බෑනා. ...:)

      Delete
    4. DDT,

      / කොහොම උනත් ලස්සන කතාව, /

      Thanks Malli .....:)

      Delete
  10. අනේ රවි අයියෙ තරහ අවසර. මට මේ කතාවෙ කොටස් කිහිපයක්ම මිස් වෙල. දැන් මොනව කරන්නද? දිගටම කියවන්නත් බෑ. පස්සෙ වෙලාව තියෙනකොට ඇවිත් කියවනව.

    ReplyDelete
    Replies
    1. Kasun,

      No problem ....Thanks Kasun...:)

      Delete
  11. ඉන්දියාව කියන්නෙ ප්‍රාන්ත ගණනාවක් නෙවෙයි. රටවල් ගණනාවක්. පන්ජාබ් එකෙකුට දකුණු ප්‍රාන්තයක එකෙක් පරදේශක්කාරයෙක් තමයි. උන්ට තමන් දෙගොල්ලම ඉන්දියානුවන් බව මතක් වෙන්නෙත් පොදු සතුරෙක් මුණ ගැසුනාම විතරයි.

    ඒ වගේම උන් අතර තමන් ගැන හීනමානෙකුත් තදේට තියෙනවා. උදාහරණයක් හැටියට තමිල්නාඩු එකා තමන් තමිල්නාඩු එකෙක් කියනවට වඩා තමන් කේරළ මලයාලියෙක් කියන්න හරිම කැමතියි. ඔය බෝඩර් එකේ උන්ට ඕක තදේට තියෙනවා.

    "දැන් උඹ කොහෙන්ද?"

    "මම බෝඩර් එකෙන්"

    "යකෝ බෝඩර් එකේ කිව්වට උඹලා මොකක් හරි පරිපාලන ප්‍රදේශයකට අයිතියිනේ."

    "ඔව්. තාත්තා වැඩ කරන්නේ තමිල්නාඩුවේ. අපි පොඩි කාලේ ඉස්කෝලෙ ගියේ කේරළ."

    "හරි උඹලෑ ගෙදර බදු ගෙවන්නේ තමිල්නාඩුවටද කේරළේටද?"

    (අකමැත්තෙන්) "තමිල්නාඩුවට. ඒ වුනාට අපිට මළයාලම් හොඳට කතාකරන්න පුලුවන්. මොකද බෝඩර් එකේනේ."

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      උඹ මෙතන වැටවල් ගගහ ඉඳහං..අන්න අරෙහෙ උඩ ඉයනා උඹට දීල රෙදි හැලෙන්ට...හෙහ්,හෙහ්,

      Delete
    2. හෙන්රි,

      එහෙම එවුං උඹට හම්බවෙලා තියනවද? මම කිව්වෙ තමං තමිල්නාඩුවෙන්ය කියල කියන්ට අකමැති එවුං? ..ඒ අතර තමං තමිල් නාඩුවෙන්ය කියල බොහොම ආඩම්බරෙං කියන එවුනුත් මට හම්බවෙලා තියනව. සීයට අසූවක් මෙහෙ ඉන්න ඉන්දියානුවන් කේරළයෙන් හින්ද " I am from India " කිව්වම අනිවාර්යයෙන්ම ඊලඟ ප්‍රශ්නෙ වෙන්නෙ" From Kerala I presume? " කියලයි. සමහර ටැමිල් එවුංට ඕකට මල පනිනව. " No I am from Tamilnadu and we are totally different from Kerala " එහෙම කියන එවුනුත් ඉන්නව.

      Delete
    3. අත් දෙකේම ඇඟිලියි කකුල් දෙකේම ඇඟිලියි වලට වැඩි ගානක්. ඒ ඔක්කොම බෝඩරේ උන්. චොයිස් එකක් තියෙනවනම් උන් කැමති කේරළ වෙන්න. ඒකට හේතුව මට පේන විදියට කේරළේ වැඩි සාක්ෂරතාවයක් තිබීම සාපේක්ෂව.

      Delete
    4. රවී: ඒකනේ බන්ස්.. වෙලා ගියේ වස්තරේ හොයාගන්න නැතුව... ඊයාව් මගේ හදමල...

      Delete
  12. I love your translation Ravi. No complain about that. But every time I read, I cannot help thinking about the stupidity, arrogance and super-ego of Indians he he.

    ReplyDelete
    Replies
    1. Anonymous,

      Thank you so much……:)

      / But every time I read, I cannot help thinking about the stupidity, arrogance and super-ego of Indians he he. /

      Do not I repeat do not judge an entire nation relying on some incidents written by someone who is an expert in marketing.

      I think he is exaggerating every thing making everyday incidents larger than life. That’s how you write stories …heh..heh…

      having said that let me tell you something more...considering the behavior of some Indians I have met , May be what Bhagat is telling totally true....:)

      Delete
  13. Ravi,

    Any plans to translate thriller/adventure/humour types too? Especially, humour !!!
    I have never been a fan of love stories ( I mean I don't like reading them; enacting is a different matter altogether heh heh ).

    It is a tribute to your skill that a philistine like me reads this. I'm sure the others enjoy this no end, but please forgive me for being selfish and wishing you'd do humour too.( maybe Dude type of translations, hmm?).

    You are too versatile to stick only to sweet, soppy or heart achy breaky stuff. Go for nasty, sarci, tongue in cheek translations too.

    ReplyDelete
    Replies
    1. Pra,

      Thank you so much Pra……thanks for your appreciation.

      Well I am thinking of translating something other than a love story. May be a horror story. Henry the Ninth is doing humour stories so very well and as far as I know horror stories are an unpublished genre in Sinhala blogging. I would love to do something written by Stephen king. I know you are a fan of him too....:)

      Presently I am re-reading Cujo. That was the very first book of King I read and was the starting point of my obsession with his writing. I am considering translating ( If you can call translating what I am doing…heh..heh…) one or two chapters of Cujo and see where it would be going.

      Delete
    2. Actually i am not so much in to being frightened. I generally don't watch horror films. But, i like reading some King books for their tight tension. I loved Dome. But that Tower nonsense went over my head. Maybe if i had made an effort i might have made some sense outta those. But i have too many books to to read to bother with those heh. Yes, translate classic King by all means. With ur talent u can bring in humour to it and be better than the original !
      pra jay

      Delete
  14. රවි, මෙහෙම දේවල් වෙනවද?...... කතාවෙ හොඳ හරිය එනකොට ඒක ඉවරයි. මේ කොල්ල අපේ මල්ලි වගෙ. ඒකත් හදිස්සි වෙලා මේ වාගෙ දෙයක් කලා. හැබයි උන් දෙන්නා තාමත් හොඳින් පවුල් කනව. ....P;

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      / රවි, මෙහෙම දේවල් වෙනවද?.. /

      මෙහෙමයි චාන්දි වැඩේ...රචකයෙකුට නිදහස තියෙන්නෙ ඕන තමන් කැමති දෙයක් ලියන්න. ඒක මේ ලෝකෙ වෙන්න පුලුවන්ද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්.

      චේටන් භගට්ගෙන් ඔයා ඇහුවොත් " මේ හලෝ..මෙහෙම එව්ව මේ ලෝකෙ වෙන්න පුලුවන්ද?..මේක ටිකක් අස්වාභාවිකයි නේද? " කියල මිනිහ කියාවි සමහර විට " ඔයා කොහොමද එහෙම කියන්නෙ? මගෙ යාලුවෙක් හිටියෙ මෙහෙම දෙයක් කරපු.." කියල. අනික අතට මේක කතාවක්නෙ. ඒ හින්ද මෙහෙම දේවල් ඇත්තටම උනාද නැද්ද කියල වැඩිය හිතන්න යන්න එපා. කතාව රසවිඳින්න එච්චරයි.

      දැන් වෙනමොකවත් ඕන නෑ චාන්දි,මගේ ජීවිතයෙ සමහර සිදුවීම් තියනව කිසිම කෙනෙක් විස්වාස නොකරන. ඒත් මටම වෙච්චි හින්ද මම දන්නව එව්ව ඇත්ත කියල....හෙහ්,හෙහ්,

      / මේ කොල්ල අපේ මල්ලි වගෙ. ඒකත් හදිස්සි වෙලා මේ වාගෙ දෙයක් කලා. හැබයි උන් දෙන්නා තාමත් හොඳින් පවුල් කනව. ....P; /

      හෙහ්..හෙහ්..මල්ලිට කියන්න " අන්න උඹ වගෙ පිස්සෙක් තවත් ඉන්නව කියල මම දැනගත්ත. ඒත් ඒ කතාවක.... " කියල…:)

      Delete
  15. Good that I missed the previous; to read these two together :)

    ReplyDelete
  16. Good that I missed the previous; to read these two together :)

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අප්පට සෝරු..කම්මලය උඹට ලෙඩේ බෝ කරල වගේ නේද? හෙහ්...එහෙම කරල තමයි ඒකා ලෙඩේ හොඳ කරගෙන තියෙන්නෙ..අම්මාපල්ල...මෙහෙමත් එවුං...:)

      Delete
  17. ආසාවෙන් කියෙව්වා රවී . පරිවර්තනය රහට කරලා තියෙනවා. මුල් කතාවේ මේ කොටසේ අඩු පාඩු ගතියක් ඇතැයි මටත් හිතෙනවා. ඊළඟ කොටස් වලින් ඒක හරි යාවි .

    ReplyDelete
    Replies
    1. තිලක්,

      ස්තූතියි තිලක්.....:)

      Delete
  18. ලස්සන කතාවක්..මෙහෙට වඩා ඉන්දියාවේ බේධ වැඩියි නේද?මේ ආදරයයි කතාවෙ වගේ ගොඩදාගන්න පුළුවන් වුනොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඩබ්.කේ.,.

      " මේ ආදරයයි " එහෙමත් කතාවක් තියනවද බං? ඔන්න ඉතිං උඹ තව එකක් කිව්ව..දැනට බලන ටෙලි නාට්ටි දොලහ බලන්නෙත් මම පාන්දර දෙක වෙනකල් ඇහැරල ඉඳල. ඒක අස්සෙ උඹ මේ තව එකක් කියනව...:)

      පලි - මේ හෙමීට කියහං මොන චැනල් එකේද අර මේ ආදරයයි නාට්ටිය යන්නෙ?

      Delete
    2. "මේ ආදරයයි" කියල බලන්ට ඔය ටීවී බලන්න ඕනෙද අප්පේ?

      රවී: මටත් හිතාගන්න බෑ, යන තරමක් යන්නේ ටින් ටොන් ආදර කතන්දර. ඒ උනාට ඒවගේ ආදරෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි, ප්‍රශ්න වලදී ආදරයෙන් උත්තරේ හොයාගන්න හැටි වගේ දේවල් නෙවෙයිනේ පෙන්නන්නේ! කපල් එක පැත්තක, වෙන උන්ගේ ගේම් තමයි පෙන්නන්නේ.
      මම එක පාරක් යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල ඉන්නකොට උන් ජෝදා අක්බර් බලනවා. ස්ලෝගන් එක 'වන්දනීය ප්‍රේමය' ද මොකද්ද මගුලක්. ඒකෙ තියෙන්නෙම කුමන්ත්‍රණ කරන හැටි, ගේම් ගහන හැටි. මරන්න හදන හැටි. එව්වා අහු වෙන්න ගිහින් බේරෙන හැටි. මම දැක්ක ආදරයක් නම් නැහැ. තිබ්බෙම කඩප්පුලි වැඩ.
      අර කොරියන් මගුල් ඊට හපන්!

      Delete
    3. හික්ස්! සිරා කතාව උපයා. මෙන්න මගෙන් වැටක් ++++++++++++++++++

      Delete
  19. හරිම අපූරුයි . අනන්‍යාව ආලියාගෙ රූපෙන් ගලවගන්න බැරි වුණත් ක්‍රිෂ් නම් අලුත් විදිහකට කියවන්න පුළුවන් වුණා . ඇත්තටම ගොඩක් රසවත්.

    ReplyDelete
    Replies
    1. මෙතූ ඇත්තම අනන්‍යාගේ පින්තූර වෙබ් එකේ තියෙනවා. ආලියා ගෙන් චිත්ත පින්තූරෙ ගලව ගන්න න්ම් අනූශා සූර්යනාරායන් සර්ච් කරල බලන්න. ඒදෙන්නගෙ කථාව කෙටියෙන් බගට් ගේ කථාව බලන්න

      Delete
    2. මටත් පුදුමයි රවි බගට් මහතා තාම අනූශා සූර්යනාරයන් ගේ පින්තූරයක් මේ කතාවට පාවිච්චි නොකරපු එක ගැන.

      Delete
    3. ගොඩක් ස්තූතියි Ian . අලුත් පෝස්ට් එකේ පින්තූරය දැක්කා . අනූශාගේ සුන්දරත්වය ආලියා පරාද කරවනවනෙ.

      මේ අපේ රවී මාමාටත් තියෙනවද මේ වගේම කතාවක්.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...