Tuesday, April 5, 2016

404. එෂැණිං පුවක් 12 - අයදුම්පත් භාරදීමේ නවතම ක්‍රමවේදය සහ මහා සංඝරත්නයේ මධ්‍යාංගුලික පාරමිතාව

මධ්‍යාංගුලික පාරමිතාව පුරන මහා ෂංඝරට්නේ

රජයේ ආයතනයකට අයදුම්පත්‍රයක් භාරදීමේ නවතම නොවරදින ක්‍රමවේදයක් හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්විණි.. එම මාධ්‍යය හමුවේදී කරුණු දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් පලකල අදහස් අනුව ඕනෑම අයදුම්පත්‍රයක් භාරදීමේදී පහත සඳහන් පියවර අනුගමනය කල යුතුය. 

1. අයදුම්පත්‍රය භාරදිය යුතු ආයතනය ඉදිරිපිට අයුතු ජන රාශියක් සංවිධානය කිරීම.

2. එම උද්ඝෝෂකයින් ලවා පළමුව සටන් පාඨ කියවීමෙන් එම ආයතනයෙහි සේවය ලබාගැන්මට පැමිණෙන සෙසු මහජනයා බියෙන් ත්‍රස්ත කොට පළවා හැරීම.

3. අයදුම්පත භාරදීමට අවම වශයෙන් දෙසියයකට නොඅඩු අයුතු ජනරාශී සාමාජිකයින් පිරිසක් ආයතනයට ඇතුලු වීම. 

4. ආයතනට හැකි පමණ අලාභහානි කිරීම. විශේෂයෙන් විශාල වීදුරු වැනි දේ ඇත්නම් ඒවා කඩාබිඳ දැමීම.

5. පොලීසියෙන් කෙසේ හෝ ගුටි අන්නවාගෙන ඒ ඡායාරූප හැකිපමණ ප්‍රසිද්ධ කොට අනුකම්පාව ලබා ගැනීමට උත්සාහ කිරීම.


ටං.....ටිං....ටුං...............


මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූයේ තම පෙරටුගාමී පක්ෂය මෙම පස් වැදෑරුම් අයදුම්පත් භාරදීමේ සේවාව ඉතා සුලු මුදලක් අයකොට රැකියා හෝ වෙනත් ඕනෑම අයදුම්පතක් රජයේ ආයතනකට භාරදීමට අපේක්ෂා කරනා අයෙකුට ලබාදීමට සූදානමින් සිටින බවයි. 

"දැන් මෙහෙම හිතන්න. ඔබේ නම ජොංකොලොස් කියල කියමු. ඔබට ඕනෙ රැකියා අයදුම්පතක් ඉදිරිපත් කරන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. අපිට ඒ බව දැනුම් දුන්නම අපි සංවිධානය කරනව අයුතු ජන රාශියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉස්සරහ, කාගෙද මේ බල වේගේ.......ජොංකොලොස්ගෙ...බලවේගේ..දියව්..දියව් දියව්..දියව්..රැකියාවක්.....ජොංකොලොස්ට..ඔහොම උද්ඝෝෂණය කරනව එතන ඉස්සරහ. ඊට පස්සෙ අයදුම්පත භාරදෙන්ට යනකොට අපි දෙසීයක් විතර ඔබත් එක්ක එනව වීදුරු එහෙම තියනවනම් එව්ව කඩාගෙන කාර්යාලය ඇතුලට.මෙහෙම කලාම රැකියාව ලැබෙන එක සහතිකයි. දැන් අපි මේ අනුගමනය කරපු ක්‍රියාමාර්ගය හින්ද අපේ අතිගරු නායක මහත්තයට පුරවැසි කම ලැබෙන එක සහතිකයි වගේම තමයි ඔබේ රැකියාවත් ලැබෙන එක සහතිකයි."


ටං.....ටිං....ටුං...............


මේ අතර මෙම පුරවැසි අයදුම්පත් භාරදීමේ මහෝත්සවය හා සමගාමීව පැවති උද්ඝෝෂණයේදී එක්තරා මහා ෂංඝරට්නේ කෙනෙක් මැදඟිල්ල ඔසවා පෙන්වීම පිළිබඳව කරුණු දක්වන පෙරටුගාමී චීවරදාරී සංගමය මෙසේ පවසයි. 

"මේ සිද්ධිය ගැන මේ හැටි ආන්දෝලනයක් ඇති කරන්නෙ ඇයි කියල අපිට තේරුම් ගන්න අමාරුයි. මේ හස්ත සංඥාව නැත්නම් ඉරියව්ව විනය විරෝධී එකක් නෙවෙයි. මේක ඇත්තටම කිව්වොත් පාරමිතාවක්. බුදු හාමුදුරුවො පවා මේ හස්ත සංඥාව දක්වල තියනව. නැත්නම් පාරමිතාව පුරල තියනව. දැන් අංගුලිමාල කතාවෙ තියෙන්නෙ මෙහෙමනෙ."

එකල ඒ අඟුල්මල් නම් මනුෂ්‍යඝාතක රාක්ෂස තෙමේ මිහිකත වෙවුල්වමින් සුරතෙහිවූ මහත් කගපත තම අවුල්වැ ගිය කෙසින් පිරි හිස වටා සිසාරවමින් මහණ ඔහි සිටුව තා නසන්නට ඔහි සිටුව යනුවෙන් මහත් හඬින් ඝර්ජනා කරමින් දිව එන කල්හි බුදුන් වහන්සේ නිර්භයවැ සිටි පියවර සිට නොබා උහු කෝපදීප්ත්‍ර නේත්‍ර යුග්මය දෙස එක එල්ලේ බලා මුව කෙළවරකින් මන්දස්මිතියක් නඟාලාපියා තම සුරතෙහි මධ්‍යාංගුලිකාව පමණක් ඔසවාලාපියා ඉතිරි අංගුලිකා සතර නවාලාපියා සුරත ඔසවා ඉහළ පහළ යවාලාපියා දැක්වූ සේක.

එසඳ බුදුන් වහන්සේගේ මේ සංඥාව දැක දෑස් අදහාගත නොහුණු අංගුලිමාලයෝ එතන්හිම හිටි පියවරම නතර වූවාහු බුදුන් වහන්සේ දෙස දෑස් හයා බලා සිටියෝය. එවිට මේ නම් මූ දමනය කීරිමට මහඟු අවස්ථාවෙකැයි හැඟුනු බුදුන් වහන්සේ අට ඉස්බක් අහසට පැණ අඟුල්මල්හුගේ දක්ෂිණාංශය අප්‍රාණිකවැ මිහිකත මත ඇද වැටෙන පරිදි වම් පාදයෙහි මහ පටැඟිල්ලෙන් අංගුලිමාලයාගේ ගෙලෙහි දකුණු පස වූ දක්ෂිණ පක්ෂඝාත නිලය තෙරපා ඒ ඝෝරතරවූ අංගුලිමාල තෙම දමනය කොට වදාළෝය.

62 comments:

  1. මෙව්වා ඉතින් එෂැණිං පුවක් ම තමයි...

    සුපරි එකෙහ්ට් උපරිම..

    ReplyDelete
    Replies
    1. හැමෝම ගොන් පාට් තමයි විභීෂණ.....:)

      Thanks....

      Delete
  2. සුරතෙහි මධ්‍යාංගුලිකාව //// ha ha ha

    ReplyDelete
    Replies
    1. Trans Sylvania,

      ඔය මධ්‍යාංගුලිකා කේස් එක ආවෙ මේ ඊයෙ පෙරෙයිදනෙ රුවන්...අපි දන්නෙ සුරතෙහි තර්ජනාංගුලිකාව සහ මහපටාංගුලිකාවෙහි තුඩු එකට ගැටුනු කල්හි නිර්මාණය වන වෘත්තය තුලින්.............හෙහ්,හෙහ්, එතෙකින් නතරවෙමි. සෙස්ස තොප උපකල්පනය කලහොත් යෙහෙකිය සබඳ...:)

      Delete
  3. නිල ඇඳුම කෙලෙසා දමමින් ඊට මුවා වෙලා අහිංසක ජනයා මුලා කරමින් ගෙන යන සෙල්ලම අලුත්ම ආරක ත්‍රස්තවාදයක් ජනති කරාවිදැයි බියක් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. එම්බා ගුණසිහ මහතුනි..

      තොප පෙරළා දිවයිනට පැමිණියෙහිද? ප්‍රීතියි….ප්‍රීතියි…. ප්‍රීතියි

      Delete
  4. පෙරටුගාමී එකේ නායකයාගේ මූණ තෙල් කූඹියෙකුගේ මූණ වගේමයි. උගේ මූණ දැක්ක ගමන් හිතෙන්නේ දමලා අනින්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කොහොම වුනත් කුමාර් ගුණරත්නම්ට තමන්ගෙ දේශපාලනය කරන්නට අයිතියක් තියෙන්න ඕන....:)

      Delete
  5. කෝ අනේ අර කොස් කතාව. අශෝකා වීදුරුව හෙම?

    ReplyDelete
    Replies
    1. රංගි,

      හරි හරි බං ඉඳහංකො සුට්ටක් මේ කාපු බත්තැට හරහ වැටෙනකල්වත් ( ඒ බත්තැට කතාව අපෙ අත්තම්මගෙ )

      Delete
  6. දැන් ඔය අංගුලිකා මොකද්ද එක කොරන්න වෙනවා මේ ඉන්න උදවිය විසින් අනේ.....

    ඔය පුවක් ලෙලිගැහිල්ල පැත්තක තියල නිර්මාණයක් කරහන් අය්යෝ. මුන් කෙලින පිස්සු වල වේගෙට ඔව්වම ලිය ලිය ඉඳල වලපල්ලට යයි. පිස්සු නැතුව වෙන දෙයක් ලියන්න රවියා

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      කොහෙද බං මට එක හැටියකට ඉන්න දෙනවය මුං?

      අන්න ඒ පාර අර නුහුගුණාපිත බබලතෙක් ගිහිල්ල රාවණ රජ්ජුරුවො ඇහැරවන්ට...ඒ අම්මණ්ඩි ගිහිල්ල රාවණ රජ්ජුරුවන්ගෙ අල්ලල හෙලෙව්වලු. පස්සාන් දහසකට බුදුවන්ට දේවයං වහංස..බුදිය ගත්ත ඇති. මේ ඔබට නැකිටින්ඩ කාලයයි කියල. දන්නවද රාවණ රජ්ජුරුවො එක ඇහැක් ඇරල එහෙම කිව්වෙ මොකක්ද කියල?

      Delete
  7. මේ අයියෙ. අර DD බෝතලේ අවුරුද්දටවත් කඩමුද?

    ReplyDelete
    Replies
    1. අරෙහෙ ඩොලිය තාම පඩිපෙල බහිනව...
      හයියෝ... මේ දාරාසිං කීනදේ අහන්නෑනෙ අම්මප....

      Delete
    2. ප්‍රසන්න සහ එක්ස්පෝටර්,

      හරි...හරි...හරි...ඉවසන්න මම චන්න ඇමති වෙමී....:)

      Delete
  8. බුදුරජාණන් වහන්සේ මේකට ඈඳා ගැනීම පිළිබඳව මාගේ විරෝධය . උන්වහන්සේ මේ කිසිම සේනාවකට හෝ බලකායකට සම්බන්ධව සිටියේ නැත.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      මම නෙවෙයි බං අර පෙරටුගාමී චීවරදාරී සංගොමේනෙ එහෙම කියන්නෙ...:)

      Delete
  9. මම හිතුව හරි, අර උපශාන්ත සිංහයගෙ බ්ලොග් පෝස්ට් එකේ මම දැම්ම කමෙන්ට් එක එහෙනම් හරි.
    ඔය හස්ත මුද්‍රා බුදු පිලිම වලත් තියනව මේකත් එහෙම එකක් තමයි කියල මම කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ආමර් වීදියෙ ප්‍රේමදාස ප්‍රතිමාවෙත් තියෙන්නෙ ඔය මුද්‍රාව....:)

      Delete
  10. රවියෝ මම මේ අපේ නෑයොයි, යාලුවොයි එක්කාසු කරනවා මේ දවස්වල ඔට්ටේලියාවේ ඉන්න නංගාට පුරවැසිකොම ගන්න පෝම් කොලයක් ගන්න පුංචි බොරැල්ලෙන්. එයාගේ හිතේ පුරවැසිකම ගන්න එක ලේසි වැඩක්ය කියලා.. උඹ ගාව නැද්ද දන්නේ නෑ මෙගා පෝන් එකක්.. පොඩි කතාවක් පවත්තන්න...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      අර අජිත් කුමාරට කතා කලානම් උඹට සපෝට් එකක් දෙයි. වැඩි ගාණක් ගන්න එකකුත් නෑ...:)

      Delete
  11. @රවි , මේ "up Yours මුද්‍රාව" ට මට "ඔබේ උට්ඨාන මුද්‍රාව" ට වඩා හොඳ එකක් හිතාගන්න බෑ. රවිට නම් පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. Pra,

      " තොපාපානුත්ථාන මුද්‍රාව " කියල කිව්වැහැකි නේද?

      ඒ වචනෙ හැදෙන්නෙ මෙහෙමයි.

      Up = උත්ථාන

      Your = තොපගේ

      Arse = අපාන

      තොපගේ + අපාන + උත්ථාන = තොපාපානුත්ථාන

      Delete
  12. මරුනෙ බං. ඔන්න නියම අඟුල්මල් දමනය අද තමා හරියටම කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      හෙහ් උඹ එහෙනං ආලවක දමනය කියවලම නෑ මට පේන්නෙ....හෙහ්,හෙහ්,

      Delete
  13. මරුනෙ බං. ඔන්න නියම අඟුල්මල් දමනය අද තමා හරියටම කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. සතුට ඩබොල් වෙලා තියෙන්නෙ...

      Delete
    2. ඩ්‍රැකී,

      ඩබල් හැපිනස් කියල චීන බියර් එකක් තියනව අප්පට සිරි, එව්ව තමයි බඩු..මම හිතන්නෙ හාල් වලින්ද කොහෙද පෙරන්නෙ...

      Delete
  14. අර අංගුලිමාල දමනය නං මරු ඈ...

    ඔය මධ්‍යාංගුලික පාරමිතාව වගේම තමයි, සමහර ෂංඝ රත්නෙ ගඩොල්, කට්ට ගල් ආදී දේ වලිං පොලිස් කාරයින්ට දෙසා වදාරණ හැටි, තාප්ප වැටවල් දිගේ වඩින හැටි, අමාත්‍යාංශ නිලධාරීන්ට බැණ වදාරන හැටි, උසාවි ඉස්සරහ වින්දිතයන්ට තග පාට් දමා වදාරන හැටි එහෙමත් දැකගන්ඩ පුළුවං උනානෙ.

    පරාක්‍රමබාහු රජ කාලෙ වගේ සංඝ සංශෝධනයක් තමයි අපට දැන් ඕනෙ. අඩුම ගානෙ ජෝන් කොතලාවල කිව්ව වගේ දුසිල් මහණුන්ගෙ සිවුරු ගළවා තාර ගාන්ටවත් ඕනෙ...

    ReplyDelete
    Replies
    1. සංසුං වන්න පිංවත.

      Delete
    2. ඩ්‍රැකී,

      ඔය ඔක්කොම දේවල් කොරල අපෙං දානෙත් බලාපොරොත්තුවෙන එකනෙ ඉවසන්ටම බැරි. මම නම් චීවර දාරීන්ට දානෙ දෙන එක නවත්තල ගොඩක් කල්...

      Delete
    3. Prasanna,

      / සංසුං වන්න පිංවත. /

      යාපනය දැන් සංසුං කතාව මට මතක් වුනේ ඔන්න,...:)

      Delete
    4. ප්‍රෙසා්,

      අල්ලගනිං මාව. ඉක්මණට අල්ලගනිං. මට දැං අම්මපා... උතුර දකුණ පේන්නෑ. (අල්ලගනිංකො විගහට...!!!)

      රවි,
      ඒත් අපේ පරම්පරාවෙ පුරුකක් ය කියල සුදික කිව්ව...

      Delete
  15. හික් හික් හික්

    මේවට හිනාවෙනවා හැර වෙන මොකවත් කියලා වැඩක් නෑ...
    මාත් මේ දවස් වල අයදුම්පත්‍ර පුරවනවා... මාත් දැම්ම ඉදලා කට්ටිය එක්හවු කරනවා... ඔයාලාත් එනවා නේද සපෝට් එකට..
    මගේ අයදුම් පත්‍ර බාර දෙන්න යන්න..
    “සිහි තබා ගන්න"
    කියල තියන පියවර 5 මතක තියාගෙන ක්‍රියාත්මක කරන්න බලං එන්න..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      එයි එයි කට්ටිය එයි බිය නොවනු මැන, කුකුස් නොගනු මැන...:)

      Delete
  16. අපේ වැනි පසුගාමී දේශපාලන සංස්කෘතියක් තියෙන රටක සටන් නොකොට අයිතිවාසිකම් හෝ ඉල්ලීම් දිනා ගත නොහැක.මා නම් අයිතිවාසිකම් ඉල්ලා කරන සටන් වලට හිනාවෙන්නේ නැහැ. මොකද දවසක තේරෙයි අපි හිනා වුණේ අපටමයි කියලා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      කුමාර් ගුණරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරිමේ අයිතිය තියනවා. ඒකෙ මතභේදයක් නෑ. ඒත් මෙතන ඒ පක්ෂයේ උදවිය කලේ නිකම් ගොන් පාට් එකක්. උද්ඝෝෂණයක් කරන්ට අයිතිය තියනව. ඒත් අයදුම්පත් භාරදෙන්ට සහපිරිවරින් ඇතුලට ගිහිල්ල මේ කලේ විකාරයක් කියන එකයි මම කියන්නෙ. මම උපහාසයට ලක් කලේ අර හිටපු මන්ත්‍රී වරයාගෙ බබා ටෝක් එක. එයාල ඔහොමමනෙ. ඒ කාලෙ ජෙප්පොත් එකයි දැං පෙරෙට්ටොත් එකයි.

      Delete
  17. හෙහේ අංගුලිමාල දමනයත් එක්ක මහසෝනාගේ බෙල්ල ගැලවෙන්න නන්දමිත්‍ර ගහන ෂොට් එකත් එකට දාලා තියෙන්නේ.

    ඔය කුමාර් ගුණරත්නම් සිදුවීමේ නම් මම කියන්නේ ආණ්ඩුව කුමාර්ගේ පුරවැසිබව පිළිගන්න ඕනේ කියලායි.කුමාර්ට රටින් යන්න වුනේ දේශපාලනය කිරීම නිසානේ.අනික් අතට ආණ්ඩුව කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් කටයුතු කරපු විදියෙන් පෙරටුගාමීන්ට වේදිකාවක් හදලා දුන්නා නොමිලේම තමන්ගේ මතවාද අනෙක් අය අතරට අරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. විජේවීරලා වගේ කරපු පව් ගෙවන්නත් එපාය.

      Delete
    2. මනෝජ්,

      ඔබ හරි. මේ කේස් එක දුරදිග ගියා වැඩියි.ඇත්තටම පෙරටුගාමීන්ට අනවශ්‍ය උත්තේජනයක් පිළිගැනීමක් ලැබුන මේ වැඩේ හින්ද.

      Delete
    3. Manoj,

      මහසෝන් කේස් එකට සම්බන්ධ නන්දිමිත්‍ර නෙවෙයි ගෝඨයිම්බර නේද?

      Delete
    4. ඔව්නේ රවීයියා,එකේ ඉන්නේ ගෝඨයිම්බරයා තමයි.මට වැරදුණා.

      Delete
  18. //එකල ඒ අඟුල්මල් නම් මනුෂ්‍යඝාතක රාක්ෂස තෙමේ// වැරදියට නේද මලේ ලියලා තියෙන්නේ රාක්ෂස නෙවේ රාජපක්ෂ නේද හරි

    ReplyDelete
  19. අනේ බං රවි අයියෙ. මේ පිස්සු කෙලින්නැතුව අර ඩී ඩී බෝතලේ ගන්නවද? නැත්නම් අර රන්දිකා නෝනට මේක බාර දෙනවද?

    ReplyDelete
    Replies
    1. කසුන්,

      රන්දිකා නෝනත් දැන් ආයම ඔය ලියන්නෙ වලිගෙ විකාගෙන....හෙහ්,හෙහ්,

      Delete
  20. රවී අයියේ වෙරිද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      වෙරි හැපී බං වෙරි වෙරි හැපී...:)

      Delete
  21. ඕක ඇවිත් අර නානසාර සාදුගේ අඹ සරණයි සළකුණ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      නානය අබ සරණයි කිව්වෙ ඔහොමද?...:)

      Delete
  22. අංගුලිමාල දමනය ෆීචරින් ගෝඨයිම්බර ඇන්ඩ් ජයසේන...අනේ මන්දා සරත්! සැක් මේ යක්කු අර කඩපු DD බෝතලේ අහවර කරන්න දෙන්නේ නැති හැටි විතරක්.

    ReplyDelete
  23. ඇඟිලි තියෙන්නේ පෙන්නන්න නෙමේ වෙන වැඩවලට කියලා පොර දන්නේ නැත්තේ තාම සිවුරේ නිසා වෙන්න ඇති බං.

    ඒ මොනවා වුනත්,KG ගේ ආගමන විගමන කේස් එකට දඬුවම් දුන්නත් එයාට තම දේශපාලනය කිරීමේ අයිතිය සතු විය යුතුය. ඩුඅල් සිටිසන් වරප්‍රසාදය මොහුට නොලැබෙන්නේ ආගමන නීති කඩ කරපු නිසාද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙම තමයි රජය පැත්තෙන් ගේන තර්කය. ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම ගැන සලකල බලන්ට කලින් වරදට දඬුවම් විඳල ඉන්න ඕනෙය කියල.

      Delete
  24. https://scontent-amt2-1.xx.fbcdn.net/hphotos-xtl1/v/t1.0-9/12814508_10153302068191400_5242658395955688490_n.jpg?oh=c27d721cd81c01855f83b706b2e98ed8&oe=57BCD492

    :)

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්..හෙහ්. යකෝ උනුත් දැං ඒක පුරුදු වෙලාද? Thanks for a very interesting Photo....:)

      Delete
  25. නියමයි. අනේ ඔබගේ අර "පුවක් එෂනින් " අපට දාන්න බැරි වුනානේ සම්මාන උළෙලට. බොහොම කණගාටුයි ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අයියෝ ඒක ගණං ගන්න එපා අජිත්...එව්ව මොනවද?

      Elephants dying with tails intact in big big jungles no?

      Delete
  26. උඩින්ම තියන පස්මහ පියවර හරිහැටියට පෙන්නා දුන්නාට රවිට පින් දෙන්ඩ ඕන

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...