Thursday, April 7, 2016

124. ඔබ සිතට අරක්ගන්නට පුළුවනි මේ විදිහටත්...


දරුවකුගේ සෙනෙහස සිහින් කෙඳුරුමක් වගේ...
නෙක නෙක විදිහට පෑවත් අපට නොඇසෙන
පරිස්සමෙන් සවන් දුන්නා නම් හොඳින් පැහැදිලි වන

සෙනෙහෙ සිත නිරතුරු හඬ නගා නොපෑවත්
ඔබ සිතට අරක්ගන්නට පුළුවනි මේ විදිහටත්
‘සෙල්ලම් කරමුද තාත්තේ දැන් අපි දෙන්නා?’
‘අම්මා මට මේ ලේස් එක ගැට ගහලා දෙන්නා?’

දින දින ඔබට පවසනු ඇති මුවින් සිනාසුණු
දිවි මගේ නොයෙකුත් හැරවුම් සළකුණු
“තාත්තේ, අද අපි දින්නා!...”
“අම්මේ, මං මේ දැන් යන්නා!...”

“තාත්තේ, ඕනෑ මට සල්ලි ටිකක්...
ඔයා දන්නවානේ...
අර මං කීව ගැහැණු ළමයා ඉස්කොලේ...”
“අම්මේ, අද මට පිරිමි ළමයෙකු මුණ ගැහුණා
අනේ එයා හරිම හොඳ කෙනෙක්”

“තාත්තේ, ඔබට පවසන්න යමක් මට තියෙනවා...
මා වෙනුවෙන් උපන් ඇය තමයි ඒ මට හිතෙනවා”
“අම්මේ, මා එක්ක විවාහ වන්නට ඔහු කැමැත්තෙන් ඉන්නවා
ඔබේ ම පුතුට සේ සෙනෙහේ පාන බව මං හොඳින් දන්නවා”

“තාත්තේ, සුභ ආරංචියක්
අපට ලැබෙන්න යන්නේ කොලු පැටියෙක්!”
“අම්මේ, අනේ මට හරි බයයි,
ඒ අතරේ මට කියන්න බැරි තරම් සතුටුයි!”

දරුවෙකුගේ සෙනෙහස සිහින් කෙඳුරුමක් වගේ...
නෙක නෙක විදිහට පෑවත් අපට නොඇසෙන
පරිස්සමෙන් සවන් දුන්නා නම් හොඳින් පැහැදිලි වන

සෙනෙහෙ සිත නිරතුරු හඬ නගා නොපෑවත්
ඔබ සිතට අරක්ගන්නට පුළුවනි මේ විදිහටත්
‘සෙල්ලම් කරමුද සීයේ දැන් අපි දෙන්නා?’
‘අත්තම්මා මට මේ ලේස් එක ගැට ගහලා දෙන්නා?’

කිසිදා නිමාවක් නම් නැති...

සිහින් කෙඳුරුමක් ව ඔබට ලංවන
දරුවකුගේ සෙනෙහසේ රාවයට
සවන් දෙන්න හොඳින්
ඔබේ මුලු හදවතින් ම!...





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කවි පංතිය සහ පිංතූර:
අන්තර්ජාලයෙනි (කතෘ අඥාතයි)





******************************************



A child's love is like a whisper,
given in little ways we do not hear
but if you listen closely it will be very clear.

They often do not say it loud but in how they come to you...
Daddy, will you play with me?
Mommy, tie my shoe?

...the many ways they tell you changes as they grow
Dad, I made the team today!
Mom, I've Got to go!

Pop, I need some money
You see there's...this girl at school...
Mama, I met a boy today and wow he is so cool...!

Dad, I've got something to tell you... I think she is the one.
Mom, He asked me to marry him. Would you love him as your son?

Dad, I've got some news for you...
It's gonna be a boy!
Mom, I'm kind of scared of this, yet I'm filled with joy!

A child's love is like a whisper,
given in little ways we do not hear
but if you listen closely it will be very clear.

They often do not say it loud but in how they come to you...
Grandpa, will you play with me?Grandma, tie my shoe...

It is never ending
A blessing from above
Listen to the whispers of a child's love.



Author Unk.

30 comments:

  1. මේකනම් අපූරුම නිර්මාණයක්..සරලයි ඒ වගේම හෘදයාංගමයි.

    මගෙත් ඉන්නව ඔය වගෙ පුංචි යාලුවෙක්. මෙහෙ මම අපාර්ට්මන්ට් එක ෂෙයාර් කරගෙන ඉන්න යාලුවගෙ පොඩිපුතා. වයස හතයි.මාත් එක්ක හරි එකතුයි.

    මම ඔන්න පොතක් බල බල ඉන්නවයි කියමුකො. ඔන්න එනව කාමරේට. මැනර්ස් එහෙම දන්නව හොඳට. ඉස්කෝලෙ කියල දීල. දොරට ගහල එන්න කිව්වොත් විතරයි එන්නෙ.

    ඇවිල්ල අහනව එකත්පස්ව ඉඳගෙන " රවි අංකල්. කැන් යූ මේක් මී අ ඔම්ලට්? අයෑම් සෝ හන්ග්‍රි." ඉතිං මොකද කරන්නෙ? ඔක්කොම වැඩ අතෑරල ගිහිල්ල ඔම්ලට් දාල දෙනව. මිනිහ මම ඔම්ලට් එක දානකල් එතන ඉඳගෙන මට උපදෙස් දෙනව. " පුට් සම් මෝ සෝල්ට්. ටූ මච් ටූ මච්..ඔයිල් ඊස් ටූ මච්.." ඔන්න ඔහොම.

    මම හිටපු ගමං විකාර කරනව මිනිහව කෑගැස්සවන්ට ලෙට්ස් පුට් සම් ස්පයිස් "'...." නෝ නෝ ඩෝන්ට් ඩෝන්ට් යූ ඩෝන්ට් පුට් ස්පයිස් ඉන් අ ඔම්ලට්" මිනිහ කුස්සිය දෙකක් වෙන්ට කෑගහනව.

    මේ ඊයෙ පෙරෙයිද එයාගෙ අම්ම එක්ක කියනව මම අහගෙන " රවි අංකල් නෝස් හව් ටු මේක් අ ඔම්ලට් නව්..අයි ටෝට් හිම් "

    මම කලිනුත් මිනිහ ගැන පෝස්ට් එකක් ලිව්ව. ආයම එකක් ලියන්න ඕන කියල හිතුන ඔයාගෙ මේ පරිවර්තනය කියෙව්වම...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකත් එලයැ.

      Delete
    2. මේ තියෙන්නෙ මගෙ පුංචි යාලුව ගැන මම අවුරුදු තුනකට කලින් ලියාපු සටහන....හෙහ්,හෙහ්,

      ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන ඉස්කෝලේ යාම

      Delete
    3. ‍සෝ නව් රවී අංකල් නෝස් හව් ටු මේක් ඇන් ඔම්ලට්... ගුඩ්... ටීචර් විල් ලව් ටු නෝ ඉට්... :)

      Delete
  2. ෆුල් සයිකල් එකක් ගහලා ආවා ජීවිතේ නේ? මේක අර සන්නාලියනේ සින්දුව වගේ තමයි. වෙනස මේක ශෝකාන්තයක් නොවීමයි.
    Nicely translated.

    ReplyDelete
    Replies
    1. සංසාර චක්කරේ,සංසාර චක්කරේ...:)

      Delete
    2. සයිකල් එකේ ක්ලයිමැක්ස් එක විදිහට මට දැනුණේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස් එන්ටර් වන තැන!

      Thanks Dude.

      Delete
  3. හිතට දැනෙන්න පරිවර්තනය කරලා තියෙනවා. රවීගේ පුංචි යාලුවාගේ කතාවත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය

      Delete
  4. අපූරුයි....කවි කියවන්න කම්මැලි හින්දා අතෑරලා දාලා තිබුනේ.. පස්සේ රවීගේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ හිත හදාගන හරි අමාරුවෙන් කියව ගත්තා...

    පොඩි උන් ඔහොම්මයි...

    ReplyDelete
    Replies
    1. අපූරුයි... පොඩ්ඩක් පැහැදිලි කරනවද අමාරුවෙන් හිත හදාගෙන කියෙව්වද? නැත්නම් හිත හදාගෙන අමාරුවෙන් කියව ගත්තා ද?

      වචනේ තැන මාරු වුණා කියලා කියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි :D

      Delete
    2. හෙහ් හෙහ්.. නෑ නෑ හිත හදාගෙන අමාරුවෙන් කියවගත්තා තමා..

      ඔය කවි පද මගේ ඔලුව අස්සෙන් යන්නේ හරි අමාරුවෙන්...

      Delete
    3. ඇත්තට ම කිව්වොත් මටත් එහෙමයි. කිව්වට විශ්වාස කරන්න‍ේ නැහැ කවුරුත් මට ඒක වුණේ කවි කියවලාමයි. :D

      Delete
  5. අපූරුයි අපූරුයි

    ReplyDelete
  6. හදවත පත්ලටම දැනුණා. අපූරු නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙතූ

      මං මුතු, අපේ බල්ලා මිතු, පුතා මෙතූ (සදෙව් මෙත්නුක) :)

      Delete
  7. ජීවිතේ ලස්සනයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතයි ගස්... :)

      Delete
  8. Replies
    1. තැන්කුයි තැන්කුයි :)

      Delete
  9. හිතට තදින්ම දැනෙන විදිහේ දෙයක් කියවනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා, මූණට ලේ උනනවා, උගුරේ රබර් බෝලයක් හිර වෙනවා, පපුව ඇතුලේ හදවත තියන තැන උඩ පනින හැටි දැනෙන්න ගන්නවා - මේ වගේ අත්දැකීම් ඔයාලට ලැබිලා තියෙනවද. මට ඉඳහිට ලස්සන දෙයක් කියවද්දි ඔය වාගෙ මොකක් හරි වෙනවා. ඊයේ මේක ඉස්සල්ලාම කියවපු වෙලාවේ මට ඔය ඔක්කොම ටික එක සැරේ වුනා. හපෝ. ඔයාගේ මේ කවිය මගේ ඇස් දෙකෙන් නෙවෙයි කියෙව්වේ අක්කේ, හදවතින්. දාලා පිච්චිලා ගියා වගේ. මුල් කවිය තරමටම ඔයාගේ පරිවර්තනය කියන්න බැරි තරම් ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. මේ කියන සේරම දේවල් මටත් වුණා මුල් කවි පෙළ කියවද්දි.

      බොහොම ස්තුතියි නංගී අදහස් දැක්වීමට :)

      Delete
  10. ජීවිතය.. ,
    ලස්සනයි !

    ReplyDelete
  11. ලස්සන පරිවර්තන රන්දිල්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියා

      Delete
  12. මගෙත් හිතට හරිම ලඟ මතක් වෙද්දි ඇඟේ හිරිඟඩු පිපෙන අත්දැකිම් තියන දෙයක් මේ දරුවන් ගැන දෙමාපිය වැඩිහිටි අවධානය නිසි අයුරින් ලැබෙනවාද කියන දේ විශේෂයෙන් විශේෂ අවශ්ය්‍යතා ඇති දරුවන්... හරිම ලස්සනට ලියලා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතූ... :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...