Friday, November 24, 2017

547. පුවක් එෂැණිං 36….Current Hot Topics - හොරු, සුනාමි හොරු සහ බැඳුංකර හොරු…..

බැඳුංකර නාඩගම ගැන මොකවත්ම නොලියන්නෙමිය කියා සපත කරගෙන උන්නෙමිය. ඒත් යූඇම්පී පිස්සු හුටංලා නටන නාඩගං දැක්කම නිකං අන්නසෝත්තරය දිගේ සුට්ටං මකුලු පැටව් රොත්තක් එහාට මෙහාට දුවනව වාගේ කැසිල්ලක් එනවාය. 

ඒ අස්සේ රනිලා කොමිසම ඉදිරියේ සාක්කි එහෙම දීල එහෙම්මම ආපහු ෆ්ලවර් රෝඩ් එකට ගොහිං ඇඟපතවත් හෝදා නොගෙන ගිනිකුන්දමේ දිව්වේ තිරුපතියටය. 

එහෙදි බඩ මැදිං පටල ගන්න සුදු සරම කොමිසමට එනකොටම සියරට පත්තරේක ඔතාන ඇවිල්ල සාක්කි දීල ඉවරවෙනකල් (සාක්කි දෙන්ටය කියල දහ අට පාලියම නටල ආවට ඒ කෝණංගියා කලේ අහන අහන පුරස්නෙට "අනේ මම දන්නෙ නෑ" "අප්පේ මාව නොමඟ යැව්වනෙ බලන්ටකෝ" කියල මූනේ ලේ පොදක් නැතුව නාහෙට කෙලිං ඉස්සරහ බලාගෙන කටේ තොලේ නොගෑවී කියාපු එකය. ඒක වෙනම කතාවක්ය. කොමිසමේදි රනිලා සාක්කි දුන්නු ආකාරයේ ආතල් එක ගැන ආයම ලියන්නම්ය) කොමිසම ඉස්සරහ මුර කුටියේ තියලා තිබුනාය. ආපහු යනගමං ඒක අරගෙන එහෙම්මම තිරුපති ගියාය.

"අර්ජුන් මහේන්ද්‍රන් මා නොමඟ යැව්වා"
බැඳුම්කර කොමිසම ඉදිරියේ රනිල් සාක්කි දෙයි....

අම්මාපල්ල මේ වගේ අඳබාලයො ජාතියක් අපේ නායකයො වෙලා ඉන්න එක අපේම කරුමයක්ය. අර නීලකාසයත් අවුරුද්දට තුං හතර පාරක්වත් තිරුපති දුවන්නේය. ඒ මනුස්සය උපංගෙයි බයිය හින්ද එක අතකට ඒකට කමක් නැතය. "මම බයියා..." කියල එටුමාම කියාගත් නිසා ඒ ගැන කාටවත් විචිකිච්චාවක් තියෙන්ටත් බැරිය. ඒ හින්ද නීලකාසයා එහෙම තිරුපති ගියාට රනිලා වාගෙ තීක්සන බුද්දිමත් අපේ රට නවීන තාක්සනයෙන් දියුනු කරන්ට හදන රටේ ලෝකෙ ඇවිදලා පුරුදු නායකයෙක් එහෙම තිරුපති දුවනව දැක්කම බඩ දඟලන එක වලක්වාගන්ටම බැරිය.

කතානායක කරුවල ජයසූරිය ඒ කාලෙ නිතර දෙවේලේ සායි බාබා බලන්ට ඉන්දියාවේ දිව්වේය. එහෙම දුවපු එකෙං කරුවල ලොක්කාට ඒ හැටි හොඳක් වෙච්චි පාටක්නම් පේන්ට නැතිය. ඔය කරුවලයා එක පාරක් නීලකාසයගෙ මොකක්ද එකක් සක්තිමත් කරන්ට කට්ටියකුත් එක්ක යූඇම්පිය කඩාගෙන එහාට ගිහිල්ල එහෙං කැපිල්ල දානකොට කට්ටිය නැතුව තනියම ආපහු ආවේය. එහෙම වෙච්චි එක හැබැයි රනිලාගෙත් වැරැද්දය.

අනුර බණ්ඩාරනායකත් බක්තිමත් සායිබාබා අනුගාමිකයෙකි. බාබාගේ පිහිට කොච්චර හොඳට අනුරට ලැබුණද කිව්වොත් මුලු ලෝකෙම්ම අගමැතිවරුන් දෙන්නෙක්ගේ පුතා සහ ඒ මදිවට ජනාදිපතිනියකගේ මල්ලී වන එකම මනුස්සයා හැටියට අනුරට කතානායක කමෙන් ඉහල තනතුරකට කවදාවත්ම එන්ට ලැබුනේ නැත. 

හැබැයි නීලකාසයා නම් අනුරව අන්දවාගෙන තමංගෙ වැඩ ටික ඉතාම අපූරුවට කරගත්තේය. "ඕයි නිතරම රෙද්ද උස්සගෙන මාව බලන්ට මෙහෙ දුවගෙන එන්ට එපා. තමුසෙගෙ පස්සෙම්ම වැටිල ඉන්න අර බුරුසුවාගෙං පෙරේසං වෙනවා" කියලාවත් සායි බබා අනුර දැක්කිං කිව්වාද කියල ආරංචියක් නම් නැත.

මෙතෙක් ලිව්වේ ඇත්තම කිව්වොත් පූර්විකාවය. නැත්තං පෙරවේසයය. ඔන්න කතන්දරේ හරිහැටියට පටම් ගන්නේ දැම් ඉඳලාය.

"There are three kinds of lies. Lies, damned lies, and statistics" (බොරු වර්ග තුනකි. ඒ වනාහී බොරු, පට්ටපල් බොරු සහ සංකියාලේකන වසයෙනි) එහෙම කිව්වෙ විට්ටෝරියා මහ රැජින යටතේ දෙවරක්ම මහා බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දැරූ බෙන්ජමින් ඩිස්රායෙලී බවට බොහෝදෙනා විශ්වාස කරන්නෝය. 

ඒ වගේම අපිට ඕනනං මෙහෙම පඬි වදනක් නිර්මානේ කරන්ටත් පුලුවනිය. "හොරු වර්ග තුනකි. ඒ වනාහී හොරු, සුනාමි හොරු සහ බැඳුංකර හොරු වසයෙනි" There are three kinds of thieves. Thieves, tsunami thieves and bond thieves.

බැඳුංකර හොරකම රනිල් හාමුගේ ගේමක් බවට මුල ඉඳලාම සැකයක් නොවීය. රනිලා පාර්ලිමේන්තු චන්දෙ කරන්නට සල්ලි හොයාගත්තේ ඔය බැඳුංකර මගඩියෙනි. කොහොමත් ලංකාවේ චන්දයක් කරන්නට එක් පක්සයකට අඩුම ගානේ කෝටි තුංහාරසීයකිං මෙහා බැරිය. 

මේ රටට මහම විනාසය කරපු ජේ.ආර්. පප්පා හවහට හවහට බැරැන්ඩි සුවල්පයකුත් අරගන්නා ගමං ලාවට බාවනා පාරකුත් දාගෙන ජීවිතේ සැඳෑ සමය සුවසේ ගත කොරලා පරලෝකප්පරාප්ත වුනේ එහෙම වෙන්ට වැඩ කටයුතු සලස්සලාය. "මට රකින්ට පරපුරක් නැත" කියල පොලවේ පස් කෑවාට යැංකි ඩිකී මතු උපදිනා පරම්පරා සීයක් හමාරක්ම ලේසියෙං ගොඩ එන්ට බැරි නරා වලක දැම්මේය.

රනිලා අගමැතිවෙලා යන්තමට මාස දෙකක් යන්නටත් කලිං බය නැතුව මෙහෙම පට්ට වංචාවකට අත ගැහුවේ මේකෙං බේරෙන්ට කෙරේමෙකුත් හිතාගෙනම වෙන්ට ඕනෑය. නලුවෙක් නෙවෙයි මොලයක් කියලා විරුදාවලිලත් එතුමා එහෙම නැතුව ඔය ආවට ගියාට මගඩිවලට සම්බන්ද වෙන්නේ නැතිය. 

මෙතන වුනේ මට හිතෙන විදිහට මේ සල්ලි කන්දරාව යටි මඩි ගහගෙන ඒකෙං මහ චන්දෙ කරල සෑහෙන බහුතර බලයක් හදාගත්තානං ඔය කොයි කොයි මගඩියත් යට ගැහුවැහැකියි කියල නලුවෙක් නොවන මොලේට හිතුන එක වෙන්ට ඕනෑය. "නීලකාසයා අර අච්චර සුනාමි සල්ලි කන්දරාවක් වංචා කරලත් ඔය කිසිම අවුලක් නැතුව ඉන්න එක මට බැරි මොකද?" කියල නලුවෙක් නොවන මොලේ හිතුවා වෙන්ටත් පුලුවනිය.

ඒ උනාට අන්තිමට සිද්ද උනේ නටපු තොයිලෙකුත් නැතිය බෙරේ පලුවකුත් නැතිය කිව්ව වගෙ යන්තමට පාරලිමේංතුවේ නම් ජාම බේරගත්තට නලුවෙක් නොවන මොලෙං හිතපු විදිහට බැඳුංකර වංචාව හෙමීට වලදාල සේප් වෙන්ට බැරිඋනාය. නීලකාසයා පරද්දන්ට චන්දෙ දීපු ලස්ස හැට දෙක අපේක්සා කලේ මෙහෙම හොර වන්චා දූසන ආයෙත් කෙරෙනව බලන්ට නෙමේය කියල පුරවැසි බලෙයි, අර බලෙයි, මේ බලෙයි ඔක්කොම එක ඕසෙට කෑගහන්ට ගතිපි නැද්ද? 

නීලකාස තෙමේ නං මුල ඉඳලම බැලුවෙ බැඳුංකරේ උඩ ද දා කෑගහන්ට නොව ඒකෙනුත් වාසියක් අරගෙන රනිලා පට්ට අමාරුවෙ වැටිච්චි වෙලාවෙ මොකක් කරි තමංට වාසි ඩීල් එකක් දමා ගන්ටය. "හරි මම බැඳුංකර වංචාව යට ගහල දෙන්නං අපෙ නාමෝල් කොලුවයි සිරිලිය නෝනයි හිරේ නොයවා බේරල දෙන්ට ඕන ඇහුනද? මොකද කියන්නෙ ඔහේ කැමතිය?" අන්න ඒ වගේ ඩීල් එකකටය.

නලුවෙක් නෙවෙන මොලේ හරිහැටි කම්පනා කොරල ඔය මගඩිය කරානං මේ කපේට ඕක අල්ලන්ට බැරිය. ඒ අතිං සුනාමි තක්කඩියා රජගහේ බඩුවක්ය. එහෙං මෙහෙං සුනාමි සීන් එක බදර් වෙනකොට ඒ බුරුසුවා කලේ කෙලිම්ම ඉහලම උසාවියෙ ඉහලම තැන අල්ලපු එකය. ඒ කිව්වෙ අගවිනිසොරාට වැඩේ බාර දුන්නේය. 

ඔය අගවිනිසොරා වනාහි බුරුසුවාගේ මංගල්ලේ දෙවෙනි මනමාලයාට පවා හිටි, බුරුසුවා කොලඹ විස්ස විද්දියාලෙ පුස්තකාලෙ වැඩකරන කාලෙ ඉඳලම බුරුස්ගේ අතීසාර මිත්තරයාය. එබැවින් නීලකාසගේ ඒ අතිජාත මිත්තරයා සුටුස් ගා නඩුව වීසි කර දැම්මේ එහෙ බලල මෙහෙ බලන්ටත් කලිංය.

ඒ කරපු දහපදුරා වංචාව තමම්ම පිලිඅරගෙන ඒ අගවිනිසොරා පස්සෙ කාලෙක ජාතියෙම්ම සමාවත් ඉල්ලුවේය. ඒත් ඒ වෙනකොට වෙන්ට ඕනෑ හරිය වෙලා අහවරය. ඒ කිව්වෙ රටේ ඉහලම උසාවියෙං සුනාමි හොරා නිර්දෝසයි කියලා තීංදුව ලැබිලා අහවරය. ඊට පස්සෙ ඉතිං කිසිම කෙනෙකුට කොරන්ට කිසිම දෙයක් නැත. අපිට තියෙන්නෙ අර කොහෙද මොකද්ද ගහගෙන බුදියෙන්ට විතරය.

ඉතිං සුනාමියාගේ ආදර්සෙ අරං නලුවෙක් නෙවෙන මොලේටත් තිබ්බෙ කෝකටත් කියලා ඔය වගෙ බාරදූර අවස්තාවක තමංට පක්ස තීන්දුවක් දීගන්ට අර හිටපු අගවිනිසොරා වගේම වලවෙට්ටුවෙක් පත්කොර ගන්න එකය. 

එහෙම අලුතෙං පත්කොරගන්ට උවමනාවක් තිබ්බේද නැත. යා පාලනේ එනකොට හිටියෙත් සුනාමියා පත් කරපු ඒ වගේම හොර දෙටුවෙකි. තමං අයිං කරන්නෙ නැත්තං ඕන ඕන විදිහට තීංදු උනත් දෙඤ්ඤම්ය කියල ඒ හොර දෙටුවා ඒ කාලෙ කණිපින්දම් කියූ බව නොදන්නා කෙනෙක් මේ රටේම නැත. අන්න ඒ වගෙ ටොප් ක්ලාස් බඩුවක් අගවිනිසොර පුටුවෙ ඈඳිගෙන හිටියානං නලුවෙක් නොවන මොලේට මේ පරිප්පුව කන්ට වෙන්නේ නැත. කොමිසං ගානේ සාක්කි දිදී ඇවිදින්ට වෙන්නේද නැත.

යූඇම්පියේ කට්ටියම එකතුවෙලා කතා කරල ගහපු ගැහිල්ල අතේ කෝට් උනාට පස්සෙ දැං බලලා ගලේ රුන්නා වාගෙ විරවපට්ටං ගහගෙන දෙයියෝ පිස්සු එලෙව්වා වාගේ කටට එන දෙයක් කියනවා ඇරෙන්නට වෙන කරන්ට දෙයක්ද නැත.

හැබැයි මොනව උනත් එකක් කියන්ට ඕමනාය. නලුවෙක් නොවන මොලේ කොයි වෙලාවෙත් පට්ට ගහන ලෙච්චමි පාලනයේ මූලදර්ම අනුවම බැඳුංකර මගඩිය සිද්ද වෙලා තියන බවත් කියන්ටම ඕනෑය. කට්ටියම රැස්වෙලා සාකච්චා කරලා වැඩි කැමැත්තෙං තීරනයකට ඇවිල්ලා එහෙමලුය ඔය වැඩේ කලාය කියන්නෙ. ලෙච්චමී රජ දරුවොත් එහෙමලුය.

මේ ඔක්කොමත් හරිය. මේ මගඩියෙං සුනාමි තක්කඩියාට යම් වාසියක් යනවානම්  ඉවසන්ටම බැරිය.

ඒ හින්ද මේ මගඩියෙං වෙන මොකක් උනත් fall out එකේ Advantage එක නීලකාසයාට යන්ට දෙන්ට නම් බැරිය. එහෙම තත්වයක් එනවා වගේ පේන්ට තියනවානම් කොයිමක් කරලා හරි වහාම ඒක වලක්වා ගත යුතුය. සිම්බාබ්වේ මිනිස්සුන්ට මුගාබේ එලව ගන්ට අවුරුදු තිස් හතක්ම ගියේය. මුගාබෙත් ඒ රට නිදහස් කරගත් ජාතික වීරයෙක් වෙලා හිටි මනුස්සයෙකි. අපේ මුගාබේ ආයෙම බලයට ආවොත් මේ සම්ම ජාතියෙ එලවනවා බොරුය.


බැඳුම්කර කොමිසමට සාක්කි දෙන්ට ගිය  අගමැති තුමා
අමරිකාවේ බකිංහැම් මාලිගාව තුලදී ගත් ඡායාරූපයකි
.

38 comments:

  1. ඕයි මහත්තයා. වට් ඩිඩ් යූ සෙඩ්? ඈ... ඔහේ පිට රටක හිටියා කියල නොහිත "මේං මේක පත්තර කරදහි කෑල්ලක ඔතල අර විරවපට්ටං වීරාට යවහං කෙලියේ" කියලා සම්මාන කොටෙයක් ඔහේට එවා වදාල ඉර පායවන්ටත් සුදුසු තරං හොඳ මහත්තෙක්ට නේද ඔහේ කරුවලයා කියල මෙතන අපහාස කොලේ. බලා ඉන්නොවා, හම්බෙයි ඔහෙට ඊළඟපාර සම්මාන නෙමෙයි සැනසිලි තෑග්ගට................ක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කරුවලම කිව්වනෙ බං එයාව විවේචනේ කලාට ගනං ගන්නෙ නෑ කියල. ඒකයි බය නැතුව ඒක මේක කිව්වෙ...හෙහ්,හෙහ්...

      ඇත්තම කියනවනම් කරූ කියන්නෙ මහත්මා දේශපාලකයෙක්. ඒත් මගේ අදහසේ හැටියට දර්ශනයක් ප්‍රතිපත්තියක් තියෙන ඒ වගේම මතු බලාපොරොත්තු තියෙන අර කියන්නෙ Ambitious කියල අන්න ඒ ජාතියෙ බුවෙක් නෙවෙයි.

      රටක අනාගතය තීරණය කෙරෙන්නෙ හොඳට හෝ නරකට ඔය Ambitious දේශපාලකයින් හින්දයි. හැබැයි ඉතිං හැම දේකටම වගෙ ඒකටත් සීමාවක් තියෙන්න ඕන...

      දැං නීලකාසය පේන්නෙ නැද්ද? He is so over ambitious that it has been a curse to the country... ඒ මනුස්සයගෙ මතු බලාපොරොත්තු රටට මහම කරදරයක් විනාසයක් හූණුයමක් වෙලා තියෙන්නෙ...නැද්ද?

      Delete
  2. අයියෙ ඔය රනිල් තුමා ඉන්දියාවෙ සයිබර් සමුලුවකට යන ගමන් නිකමට වගේ මග නවත්තල පඬුරක් දාන්නලු ඔය දේවාලෙට ගිහින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙමත් වෙන්ට පුලුවන් තමයි නේ....:)

      මට නියම කතාවක් මතක් වුනා...ලංකාවට ඉස්සෙල්ලම වගෙ ඩෙස්ක් ටොප් ආවෙ 1984 විතර...ඒ කාලෙ කොම්පියුටර් කිව්වම නිකං නාග මාණික්‍ය වගෙ තමයි.

      අනුරාධපුරේ ඒ අවුරුද්දෙ තිබ්බ ගම් උදාවෙ ආණ්ඩුවෙම ඔය මොකක්ද ආයතනයකින් තිබ්බ ප්‍රදර්ශන කුටියක් ..ඒකෙ කම්පියුටර්ස් තුන හතරකුත් තිබ්බ.

      එව්වයිං කරල පෙන්නුවෙ මොනවද දන්නවද? උපං වෙලාව දුන්නම පලාපල කිව්ව..ඔන්න නවීන තාක්ෂ්ණය අපේ රටට අඳුන්වල දුන්නු හැටි. බොහෝවිට එහෙම කරන්ට ඇත්තෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිතට වදින දෙයක් කරල ඒ ගැන යම් අවබෝධයක් ලබාදෙන එක කෝකටත් හොඳයි කියල හිතල වෙන්න පුලුවන්.

      ඒත් ඒ අතරෙ ඊට එහා ගිය දෙයක් කම්පියුටර්වලින් කරන්න පුලුවන්ය කියල එව්ව බලාගන්ට හිතාගෙන එතනට ගිය අපි වගෙ උදවිය එලියට ආවෙ හිත යටිං බැන බැන...අඩුගානෙ එක කම්පියුටර් එකක්වත් අපි වගෙ උදවිය වෙනුවෙන් වෙන්කරන්ට තිබ්බනෙ...:(

      Delete
    2. /// අඩුගානෙ එක කම්පියුටර් එකක්වත් අපි වගෙ උදවිය වෙනුවෙන් වෙන්කරන්ට තිබ්බනෙ...:( ///

      Monaa balannada bam...
      Hitahan mongal kelinne nathun...

      Delete
    3. /// අඩුගානෙ එක කම්පියුටර් එකක්වත් අපි වගෙ උදවිය වෙනුවෙන් වෙන්කරන්ට තිබ්බනෙ...:( ///

      Monaa balannada bam...
      Hitahan mongal kelinne nathun...

      Delete
  3. එකල සුපිපි කෙහෙල් මලෙක් මෙන් සුසැදී.....
    පුප්පං හිටපු ලිඛිතාගේ බසට ඇදී....
    මානවිකාවකගේ තරවටුව ලදී....
    රවියං අනන්‍යා ගැන පමණක් ලියපී...

    එකල් මෙලක අගමැති ගිජිඳුන් පවරා...
    රවියන් බේර ගන්නට සැරසෙමු කියලා...
    බැදුමක් හොඳින් පොල්තෙල් නැතුවම බැදලා...
    පුවතක් මවන්නට කටයුතු කර සිටියා...


    ආයිබේ.....................

    බැදුමක් තිබේ ඔබතුම ඇත කර කරලා...
    ඒ ගැන දන්නවාදැයි කොමිසම විමසා...
    බැදුමක් තබා මැල්ලුම ගැනවත් නොවසා...
    මම නොදනිමැයි එතැනදි පැවසිය එතුමා...


    ආයිබේ.......

    මේ රජ පුවත දුටු සඳ පෑයූ රවියා...
    මාතලන්ගෙ ආච්චි වැහිලා හිටියා...
    කොටමිය මේක හම යන්නට වූ හැටියා...
    එෂැනිං පුවක් ලියනට බ්ලොගයට වැඩියා...

    නියමයි ගුරුන්නාන්සේ කමෝං.....


    කොයිලෙස ලියත මැක්කව අමතක නැතුවා...
    හිජ කුග පාම මෙතැනට ඇදගෙන බැලුවා...
    උන්දැට වැඩියට ගිජිඳුට අඩුවෙන් තැලුවා...
    කරුවෙක් අරන් වෙනමම පතුරුද ගැහුවා...

    ර්රිංද ගතං ගත ගුජිතං...
    අන්න හරී. කඩල ගන්න කඩල කඩලා.....

    සිද්ද මෙලක මෙච්චර දෙවොලුත් ඇතුවා....
    රෙද්දක් ඇඳං එව්වයෙ යන්නට බැරුවා...
    වේටිය ඇඳං තිරුපති යන්නට සිතුවා....

    රිඳං රිඳං රිඳ දපිදං

    මේ පර හැත්ත ඒකත් බුකියට දැමුවා....


    රකට පටං...

    ලිඛිතයි මානවියි ගල් පොලු මුගුරු ගතී......
    රෙදි කර තියං මෙතැනදි සබයට පිවිසී.....
    මෙහෙවර රිවිඳ කෙරුවද අපි කියපු හැටී....
    කියමින් රිවිගෙ පොල්තෙල් තට්ටය පලපී...

    දැල් කඩේ සමණල මල් මල්ලී වන මා විසින් ගොඩකවෙල ප්‍රසන්න පින්ටස් හි අයියාට කියා අහක දමන කොලවල අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලදී. අතන මෙතන ඇලවීම තහනම්.

    ReplyDelete
    Replies
    1. හිහ..හොහැ.. හොහේ. හොහ්..හුහ්.. :)))))))))))))))

      Delete
    2. මේක නම් පට්ට.

      Delete
    3. ඇනෝ,

      හෙහ්..හෙහ්..මරු ඕයි..උඹ නං පිස්සු ලෝකයක්......

      /ලිඛිතයි මානවියි ගල් පොලු මුගුරු ගතී......
      රෙදි කර තියං මෙතැනදි සබයට පිවිසී.....
      මෙහෙවර රිවිඳ කෙරුවද අපි කියපු හැටී....
      කියමින් රිවිගෙ පොල්තෙල් තට්ටය පලපී.../

      අම්මප මුන්දල දෙන්න එහෙමත් කරන්ට බැරි අංගනාවියො දෙන්නෙක් එහෙම නෙවෙයි තමයි අර කිව්ව්වත් වාගෙ.....

      Thanks so much dear Ano...whoever you are...:)

      Delete
    4. Mewa tikak salakala kiyawahan adu thakseru nathuwa...

      Delete
  4. අද ලොකුපුතාගෙන් අහගන්නව ලුණු ඇඹුල් ඇතිවම.
    බැදුංකරේ ගැන ලියන්න,අරගෙන , මුව හමට තඩිගහන්නැහැ නීලකාසට තඩිබාල තියෙන්නෙ. ගමේ එකා වෙච්චි සුජී බබා ගැනත් ලියාපන්කො අයියෙ .

    ReplyDelete
    Replies
    1. කම්මලයා,

      /අද ලොකුපුතාගෙන් අහගන්නව ලුණු ඇඹුල් ඇතිවම./

      ඇත්ත...ඇත්ත....ලොක්ක නම් බණියි තමයි මට කං දෙකේ ඇඟිලි ගහගන්ට...හෙහ්..හෙහ්...

      /ගමේ එකා වෙච්චි සුජී බබා ගැනත් ලියාපන්කො අයියෙ ./

      සුජියා ගැන මරු කතාවක් තිබ්බ FB එකේ. මම ලින්ක් එක දාන්ට ඒ පෝස්ට් එක හොයාගන්ට බැලුව හරිගියේ නෑ...

      කොහොම හරි ඒකෙ තිබ්බෙ මෙහෙමයි. අර මතකද කාලෙකට ඉස්සෙල්ල "සුජී ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට"..කතාව...ඒ ගෑණු මනුස්සය ඒ වෙලාවෙ කතා කරල තියෙන්නෙ මේ අපේ බැඳුංකර සුජියට.

      සුජිය නිතරම ෆෝන් එක කනේ ගහං ඉඳල අමාරුවෙ වැටෙනව කියල දැනගෙනයි එහෙම කියල තියෙන්නෙ..කෝ සුජිය ඇහුවය? නෑනෙ...දැක්කනෙ වෙච්ච දේ...හෙහ්..හෙහ්..

      Delete
    2. අම්මප දැන්නෙ මතක් උනේ සුජියට ෆෝන් එක දෙන්න කියපු කතාව

      Delete
  5. කෙ‍ාරේ කොරේ බැදුංකොරේ.

    අර අලුතෙන් හයිකරපු කොන්ඩම් වෙන්ඩිං මැසිම ගැන ඔබතුමාගේ අදහස් දැක්වීමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. පොරසන්නයා,
      මම ඒ ගැන මේ දවස්සොල අද්දියනය කරගෙන යනව. බිරින්දෑ තොමෝට කිව්ව ගිහිල්ල එව්ව එහෙකිං කොංඩොං එකක් අරගෙන මට විස්තරේ කියන්ටෙයි කියල.ඒ අනුව මොනව හරි ලියන්ට බලමුකො...:)

      Delete
  6. මාතලන් හිටං වෙනස් උනා සිරාගෙන් හිත කැඩිලා හිටං.. රවියා කවදා වෙනස් වෙයිද හිජකුපාම එක්ක තියෙන ඇරියස් එකෙන් හිටං..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අනේ මන්ද බං මගෙම කරුමයක්ද කොහෙද මට ඔය මනුස්සය පෙන්නන්ටම බෑනෙ. මූන දැක්කත් මයෙ මයිල් කෙලිං වෙනව..පූරුවෙ ඉඳං පතාගෙන එන වයිරයක්ද කොහෙද..හෙහ්,හෙහ්

      Delete
  7. වැඩකට ඇති දෙයක් ලියපං බං රවී අයියේ.. අපිව ආදර්සෙට අරගෙන හැදෙන්න බලන්න දැන්වත්..

    ReplyDelete
    Replies
    1. Pathum,

      OK boss will do as advised...Thanks..:)

      Delete
  8. මහත්මයා ඔබතුමා ඇයි මේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරන්දර ශ්‍රීමත් රනිල් වික්‍රමසිංහ මැතිදුන්ට මඩ ගසන්නේ ?

    ReplyDelete
  9. “Man is certainly stark mad; he cannot make a worm, and yet he will be making gods by dozens.”
    ― Michel de Montaigne

    “Lies require commitment.”
    ― Veronica Roth

    ReplyDelete
  10. කෝ අර ලියන්නි එකී එහෙම. වෙන්දට බලන්න එපෑ මෙතන අපේ අතියුතුං රිවිසඳ මොකක් නමුත් රටට යහපතක් වෙන විනම්බෑසියක් ගැන ලියපු ගමං කෙහෙවල්ල විදහගෙන මෙතන දාන දඟර නැටුං. අද නෑ. උන්දැගෙ අත වැසි උන්දැත් නෑ.

    බයිද වේ. ලොක්කා අපිට බැයිද ඔය පැත්තෙං අඩුගාන්ට බොරතෙල් බැරල් පිටිං අරං මෙහෙ ගෙනැල්ලා තේ මඩියෙං පෙරලා බොර අයිං කරලා එක එක පාට ජාති දාලා ලාම්බුතෙල්, පැස්ටල්, ඩීසල් එහෙම කියල වෙංකරල ඇරං අතට ගානක් තියාගන්න වෙළඳාමක් එහෙම කරගන්න පොටක් පාදගන්න? දියුණු උනොතිං අපිට පොඩි පහේ තෙල් ලිඳක්ම උනත් ගන්ට පුළුවෙනි නේද?

    ReplyDelete
  11. බැදුම්කරය නාඩගමක් කර රටේ අනෙකුත් මූලික ප්‍රශ්න අමතක කරවන්ට බොහෝ පිරිසක් පොර කති. මෙහි ඇති පරම සත්‍ය නම් බැදුම්කර පසුගිය අවුරුදු 20 - 25 තුළ අලුතින් පත්වන සියලු රජයන් සිදුකරත් එලියට ආවේ මෙය පමණකි. රනිල් වික්‍රමසිංහ මහතා සතුව කුමන වැරදි තිබුණත් අනෙක් පරම සත්‍ය නම් ඔහු රුපියලකින්වත් වංචා කරන්නෙකු නොවෙයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබ ඇයි මෙතරම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන්නේ?

      Delete
    2. ///රනිල් වික්‍රමසිංහ මහතා සතුව කුමන වැරදි තිබුණත් අනෙක් පරම සත්‍ය නම් ඔහු රුපියලකින්වත් වංචා කරන්නෙකු නොවෙයි. ///

      මේවනේ යකෝ කමෙන්ට්, රනිල් වත් තමන් ගැන ඔය විදිහේ සහතික දෙන්නේ නැතුව ඇති...

      Delete
  12. /ඔය කරුවලයා එක පාරක් නීලකාසයගෙ මොකක්ද එකක් සක්තිමත් කරන්ට කට්ටියකුත් එක්ක යූඇම්පිය කඩාගෙන එහාට ගිහිල්ල එහෙං කැපිල්ල දානකොට කට්ටිය නැතුව තනියම ආපහු ආවේය./

    ඕකට අපේ තාත්ත කිව්ව - ඉක්කයි මායි ගාලු ගියා ඉක්කො ඉද්දි මං ආව - කියල...

    ReplyDelete
  13. අනන්‍යා මතක් කරගන්න කාලේ හරි නේද රවි මහත්තයෝ...

    ReplyDelete
  14. //ඒ හින්ද නීලකාසයා එහෙම තිරුපති ගියාට රනිලා වාගෙ තීක්සන බුද්දිමත් අපේ රට නවීන තාක්සනයෙන් දියුනු කරන්ට හදන රටේ ලෝකෙ ඇවිදලා පුරුදු නායකයෙක් එහෙම තිරුපති දුවනව දැක්කම බඩ දඟලන එක වලක්වාගන්ටම බැරිය// කාල ඉන්න පුලුවන්ද මෙහෙම වැඩ කරන කොට මම අහන්නේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...