Thursday, July 5, 2018

594. The Story Of My Marriage - 74 - Veerappan, Malgudi Days & Auroville….

"අප්පට සිරි....කොහෙන්ද හලෝ බයික් එක?"

අනන්‍යා කට කණේ තියාගෙන එහෙම ඇහුවෙ මම ඈව පොන්ඩිචෙරී එක්ක යන්න බයික් එකක ගිය වෙලාවෙ. මතකනෙ අපි කලින් කතාවුනා දෙන්න එක්ක එකට පොන්ඩිචෙරී යමු කියල. මම ගියේ කළුපාට යමහා RX 100 එකක.

බයික් එක බාලගෙ....බාලගෙ කිව්වට ඇත්තටම නම් බාලගෙ ලොකු පුතාගෙ. අපරාදෙ කියන්න බෑ මම "මේ ගමනට බයික් එකක් තිබ්බනම් හොඳයි" කියල  කියපු ගමං බාල කිව්ව "කිසි ප්‍රශ්නයක් නෑ ක්‍රිෂ් බයික් එක අරගෙන යන්ට...පුතා දැන් වැඩිය ඕක පදින්නෙත් නෑ" කියල. බොස්ලව ෂේප් එකේ තියාගත්තම අන්න එහෙම වාසි තියනව අනන්තවත්...

"කාගෙද ක්‍රිෂ් බයික් එක?" අනන්‍යා මගේ උරහිසට අතක් තියල බයික් එකට ගොඩවෙන අතරෙ ඇහුව. 

"මේක මේ අපේ බාලගෙ…." මම බයික් එක රේස් කරන ගමන් කිව්ව.

අනන්‍යා ඇඳල හිටියෙ මෙරූන් පාර සල්වාර් එකක්. තද අව්ව හින්ද ඈ මූණෙන් බාගයක් විතර වැහෙන්ට අව් කණ්නාඩියක් දාගෙන සුදු පාට දුපාදා එකකින් ඔලුව ඔක්කොම වහගෙන හිටියෙ. 

"ඔයා හරියට වීරප්පන්ගෙ මංකොල්ල කණ්ඩායමේ සාමාජිකාවක් වගේ.." මම ඈ දිහා හැරිල බලල හිනාවුනා. 

(පරිවර්තකගේ සටහන - වීරප්පන් කියන්නෙ ඉන්දියාවෙ කර්නාටක, කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල මහ වනයේ ජීවත්වෙමින් ඒ ප්‍රදේශ භීතියෙන් ඇළලවූ සංවිධානාත්මක මංකොල්ල කාරයෙක්. ඔහුගෙ ප්‍රධාන ආදායම් මාර්ග වුනේ මුලින්ම සඳුන් දැව ජාවාරම සහ ඇත්දළ ජාවාරම. 

පසුව ඔහු ධනවතුන්, රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් පවා පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීමට කප්පම් ගැනීමට හුරු වුනා. මේ ප්‍රාන්ත කීපයේම බලධාරීන්ට බලවත් හිසරදයක් වූ වීරප්පන් අවසානයේදී 2004 වර්ෂයේදී වෙඩි තබා ඝාතනය කෙරුනා.)


ඉහත ඡායාරූපයෙහි දැක්වෙනුයේ වීරප්පන්ය.

"හ්ම්ම්...එහෙමද පේන්නෙ? ඔව් මම එහෙම තමයි. මට ඕනනම් මිනිහෙක් මරන එකත් ඒ හැටි දෙයක් නෙවේ...." ඈ දෑතින්ම මගේ බෙල්ල මිරිකුවා. 

"….අම්මෝ" මම කෑගැහුව. අහල පහල හිටපු දෙතුන් දෙනෙක් ඒ සද්දෙට හැරිල බැලුව. 

"මොකද්ද මනුස්සයො ඒ කලේ?" අනන්‍යා රතුවූ මුහුණින් යුතුව කසුකුසුවෙන් මට බැණ වැදුන. 

"ඇයි එහෙනං මගෙ බෙල්ල මිරිකුවෙ? බෙල්ල මිරිකන කොට ඕනම පිරිමියෙකුට මතක් වෙන්නෙ තමන්ගෙ අම්ම…"

"හරි හරි...මම දන්නව..අම්ම තමයි මතක් වෙන්නෙ..ඒක නෙවෙයි දැං වත් යමුද මෙතනිං?" ඈ හොරැහින් වටපිට බලන අතරෙ ඇහුව.

"හ්ම්ම්ම් යමුකො එහෙනං" මම බ්‍රේක් එක අතෑරල බයික් එක පාරට දාගත්ත...

පොන්ඩිචෙරී තියෙන්නෙ චෙන්නයි වල ඉඳල කිලෝ මීටර් එකසිය හතළිහක් වගෙ එහායින්. පොන්ඩිචෙරී යන්න චෙන්නයි ඉඳල දකුණට බෙංගාල බොක්ක වෙරළ තීරය ඔස්සේ දිවෙන නැගෙනහිර වෙරළ පාරෙ යන්න ඕන. ඔය නැඟෙනහිර වෙරළ පාර හැමෝම හැඳින්නුවෙ E.C.R. Road කියල ඒ කියන්නෙ East Coast Road. අපේ සංගීත උළෙල පැවැත්වෙන Fisherman's Cove Resort එක තියෙන්නෙ ඔන්න ඔය E.C.R. පාර දිගේම චෙන්නයි වල ඉඳල කිලෝමීටර් විස්සක් වගෙ එහායින්.

අපි දෙන්න අන්නසාලේ වල තියන අනන්‍යාගෙ ඔෆිස් එකෙන් පිටත් වුනේ උදේ අටහමාරට විතර. අනන්‍යා මගෙ පිටිපස්සෙ ඉඳගෙන බයික් එකේ සයිඩ් බාර් දෙක තදින් අල්ලගෙන උන්න. ලැටිස්බ්‍රිජ් පාරෙන් ගිහිල්ල චෙන්නයි නාගරික සීමාව පහුවෙනකොට ඈ සයිඩ් බාර් අත ඇරල මගෙ උරහිස බදාගත්ත. පරණ මහබලිපුරම් පාරෙන් ගිහිල්ල අපි E.C. Road එකට වැටුන.

"හප්පා මාරම ලස්සනයිනෙ." E.C. පාරෙ ටික දුරක් යනකොට එක පාරටම ඈතින් තද නිල් පාටින් බැබළෙන මහ සයුර පේන්න ගන්න කොටම මට එහෙම කියවුනේ ඉබේටම වගෙ. 

"ඒකනෙ හලෝ මම කිව්වේ….." අනන්‍යා මගෙ බෙල්ල පිටිපස්ස ඉඹින ගමන් කිව්ව. 

ෆිෂර්මන්ස් කෝව් රෙසෝට් එකේ බයික් එක නවත්තල අපි දෙන්න ඇතුලට ගියා. ඉවෙන්ට් මැනේජර් හම්බවෙලා මම අපේ උත්සවේ ගැන විස්තර විමසුවා. 

"කිසි දේකට බය වෙන්න ඕනකමක් නෑ මිස්ට ක්‍රිෂ්. අපි මේ වගෙ දේවල් පුරුදු වෙන්න කරනව නෙවෙයිනෙ. අනික අපේ රෙසෝට් එකේ කීර්ති නාමයටත් ලොකුම කැළලක් මොකක් හරි පොඩි අප්සෙට් එකක් හරි සිද්ද උනොත්. ඒ හින්ද අපි හැම දෙයක් ගැනම ඉතාම පරීක්ෂාකාරීව හොයල බලනව. You don't have to worry about anything from our end. I can assure you that the event will be a roaring success "

එවෙන්ට් මැනේජර් එහෙම කියල මගෙ පිටට සුහද තට්ටුවක් දැම්ම.

"හරි එහෙනම් අපි යනව.."

මම එහෙම කියල දෙන්නත් එක්ක රෙසෝර්ට් එකෙන් පිටත්වුනා. පැයකට විතර වගෙ පස්සෙ අපි මහාබලිපුරම් පහුකලා. මහාබලිපුරම් වල මූද අයිනෙම වගෙ තියෙන ගලින් කරපු දේවාල හරිම අපූරුයි. ඒත් අපි මහාබලිපුරම්වල නතර වුනේ නෑ. කාලවේලාව මදි හින්ද අපි දිගටම ගියා. මහාබලිපුරම් පහුකරල පැයකට විතර පස්සෙ එක පාරටම E.C. Road එක ඩෝං ගාල ඉවරවුනා කියපල්ලකො.

පාර එකපාරටම හුඟක්ම පටුවුනා. යන්තම් වාහන දෙකකට එහා මෙහා මාරුවෙන්න පුලුවන් බැරි ගානට වගෙ. පාරදෙපැත්තෙ කඩ දහයක් විස්සක් වගෙ තියන කඩ මණ්ඩියකින් විතරක් සැදුම්ලත් කුඩා නගර පහුකරල අපි ගමන් කලා. ඒ නගර හැම එකටම වගෙ අඩුම ගණනෙ අකුරු පහළවක් වත් තියන මහ දිග නම් තිබ්බ.

හැම නගර දෙකක් අතරම තිබ්බෙ ඇසට අසුවන මානය තෙක් පැතුරුණු කොළපාට කුඹුරු යායවල්. හත් අට පොළකදිම මට බයික් එක නවත්තල බලා ඉන්න උනා පාර දිගේ අපි ඉස්සරහට එන එක්කො බර කරත්තයක් නැත්නම් එළු රංචුවක් අපිව පහු කරල යනකල්. එක තැනකදි ඒත් අපිට ඉන්න වුනා පාර පුරා හිනාවෙමින් කෑගහමින් දුව පැන ඇවිදින පාසල් ළමයි නඩයක් හින්ද.

කොහොම කොහොම හරි දවල් දොළහ වගෙ වෙනකොට අපි පොන්ඩිචෙරියට ආවයි කියමුකො. මම කලින් පොන්ඩිචෙරිය ගැන අහල තිබ්බ විදිහට මම බලාපොරොත්තු වුනේ බොහොම ලස්සන ජනාකීර්ණ නගරයක්. ඒත් පොන්ඩිචෙරිය ඉස්සෙල්ලම දැක්ක ගමං මගෙ ඒ බලාපොරොත්තු එහෙම්මම බිඳ වැටුන. "Shit... Is this that exotic Pondicherry I have heard so much about?" මම මටම කියාගත්ත.

"දැං මේකද මේ ඔයාලගෙ මහ ලොකු පොන්ඩිචෙරිය?" 

මම ඔලුව හරවල අනන්‍යාගෙන් ඇහුවෙ නගරය මැද ප්‍රධාන වටරවුමට අපි ලඟාවෙනකොට. 

"මට නම් කිසිම වෙනසක් පේන්නෙ නෑ...ඉන්දියාවෙ අස්සක් මුල්ලක් නෑර තියෙන අනික් පොඩි පොඩි නගර වගේම තමයි."

"හරි හරි ඉන්නකො ඉවසල...ලස්සන හරිය තව ඉස්සරහට..ෆ්‍රෙන්ච් ක්වාටර් සහ ඖරෝබින්දෝ ආශ්‍රමය දැක්කම ඔයා ඔහොම කියන එකක් නෑ…" අනන්‍යා මගෙ නාහෙ මිරිකුවා.

(පරිවර්තකගේ සටහන - 18වන සියවසේදී ප්‍රංශ ජාතිකයින් උත්සාහ කරල තියනව බ්‍රිතාන්‍යයන් පළවා හැරල ඉන්දියාවෙ වෙළඳ ආධිපත්‍යය තමන්ට නතුකර ගන්ට. ඒ තනිකරම ඉන්දියාවෙ නිපදවෙන කුළුබඩු යුරෝපයට අපනයනය කිරීමේ ඉතා අධිකව ලාභ ඉපයිය හැකි වෙළඳාම තමන් අතට ගැනීමේ පරමාර්ථයෙන්. 

ඒත් ප්‍රංශුවන්ගේ ඒ අභිප්‍රාය සාර්ථක වෙලා නැහැ. ඒත් විසිවන සියවසේ මැද භාගයෙ ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන කොටත් ප්‍රංශයට පරිපාලනමය වශයෙන් අයත්වූ කුඩා ප්‍රදේශ කීපයක් ඉන්දියාවෙ තිබිල තියනව. පොන්ඩිචෙරිය එයින් ප්‍රධානයි. 1954 අවුරුද්දෙ අවසාන වශයෙන් ඒ සියළුම ප්‍රදේශ ඉන්දීය ආණ්ඩුවට භාර දීල තියනව. ඒ භාර දුන්නු ප්‍රදේශ කලින් හඳුන්වල තියෙන්නෙ French India නොහොත් ප්‍රංශ ඉන්දියාව යන නමින්.)

ඉහිං කණිං මිනිස්සු පුරවගත්තු ත්‍රී වීලර් අඩුම තරමෙ පණහක් හෝ එහෙම නැත්නම් හැටක් වගෙ ගාණකුයි ඒ මදිවට වැලි ද පස්ද මොනවද පුරව ගත්තු මහ විසාල ට්‍රක් හත අටකුයි අස්සෙං ඔලුවයි කඳයි බේරගෙන, අනන්‍යාටත් අතුරු අන්තරාවක් වෙන්නට නොදී මම කොහොම හරි පොන්ඩිචෙරී ටවුම මැද වටරවුමෙන් එහාට පැනගත්ත. 

ප්‍රන්ස ප්‍රන්ස කියල මැරෙන්න හැදුවට මෙතෙක් ඔන්න මම එහෙම ප්‍රන්සෙට සම්බන්ද දෙයක් කියල දැක්කෙ වට රවුමත් එක්කම තිබ්බ විසාල බිල් බෝඩ් එක විතරයි. ඒක මේ ෆ්‍රෙන්චී කියන ඉන්දියාවෙ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම යටඇඳුම් නිර්මාණය කරන සුප්‍රසිද්ධ සමාගමේ ප්‍රචාරක පුවරුවක්...


"Frenchie"  යට ඇඳුම් ප්‍රචාරක දැන්වීමක් 

"හෝව් හෝව් මාව ඔය ඉස්සරහින් බස්සවන්න…" 

කඩලෝර් පාර කියල වම් පැත්තට ඊතලයක් ඇඳල තියන තරමක බෝඩ් එකක් හිටවල තිබ්බ හන්දියක් ගාවට එද්දි අනන්‍යා මගෙ පිටට පාරක් ගහල කිව්ව.

"අපේ එච්.එල්.එල් ඔෆිස් එක තියෙන්නෙ ඔය පාරෙ මීටර් සීයක් වගෙ එහායින්. මම ඔය ටික හෙමිහිට පයින් යන්නං. මතකනෙ මගෙ මීටිං එක ඉවරවෙනකොට තව පැය තුනක් වත් යයි. දවල්ට කන්න මෙහෙ ලෑස්ති කරල තියෙන්නෙ. ඔයත් ඔය එහෙ මෙහෙ ඇවිදල දවල්ට කොහෙන් හරි කාල හතර වගෙ වෙනකොට ල'ඔරියන්ට් හෝටලේට එන්න. තැන මතකනෙ..අර මම එද්දි පෙන්නුවෙ..."

මම ඔලුව වැනුව....

"හරි හරි හරියට හතරට මම එන්නම්...බායි මැඩම්.." 

මම එහෙම කියල බයික් එක රේස් කරල අරමුණකින් තොරව ඉස්සරහට පැදගෙන ගියා.

"මේ මල්ගුඩි ටවුවෙ පැය තුනක් විතර කාලෙ මරන එක තමයි වැඩේ.." 

මම හෙමිහිට මටම තොල් මතුරා ගනිමින් ඔලුව දෙපැත්තට හෙල්ලුව.....

(පරිවර්තකගේ සටහන - මල්ගුඩි ටවුම කියල භගට් මෙතන අදහස් කලේ ඉන්දියාව පුරාම අස්සක් මුල්ලක් නෑර විසිරිල තියෙන ප්‍රත්‍යන්ත සහ දර්ශීය කුඩා නගරයක් කියන එක වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඒ වචනෙ නිර්මාපකයා සුප්‍රසිද්ධ ඉන්දියානු ලේඛකයෙක් වන ආර්.කේ නාරායන්. මෙවන්  නිදිබර, ගමක් සහ නගරයක් අතර ස්ථානයක් ගන්නා කුඩා ඉන්දියානු නගර අමරණීයත්වයට පත් කලේ ඔහුගේ Malgudi Days කථා මාලාවෙන්. ඔබට මතක ඇති මම හිතන්නෙ 80 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ ටයි මහත්තයගෙ හඬ කැවීම් ඒකකයෙන් හඬ කවල ඒ කථා මාලාව ජාතික රූපවාහිනියෙන් විකාශය වුනා ඉරිදා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව.)


සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් මහතා
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

මල්ගුඩියටම සම්බන්ධ පොඩි අතුරු කතාවකුත් තියනව. මේ එක්කම ඒකත් කියල ඉන්නංකො එහෙනං…

මම ඒ කාලෙ වැඩ කලේ බකමූණෙ. සරණාගත වෙලා එහෙම නෑ. ඉතිං සති අන්තයට ගෙදර ඇවිල්ල සඳුද කුකුලත් මල්ලෙ දමාගෙන යනව මාතලෙන් ඇළහැර බකමූණ හරහා ගිරිතලේ යන පාන්දර C.T.B. මේල් බස් එක අල්ලන්ට. කරුමෙටවත් ඒක මිස් උනොත් ඊලඟට තියෙන්නෙ මාතලෙන් හතට පිටත්වෙන ගුණදාස මුදලාලිගෙ බස් එකක්... 

ගුණදාස මුදලාලි කිවෙ බකමූණ පැත්තෙ මැණික් ව්‍යාපාරිකයෙක්. මනුස්සයට තිබ්බ මාතලේ ගිරිතලේ වැඩ කරපු බස් හත අටක්ම. හැබැයි ඒ ඔක්කොම අර ලෝ රූෆ් ඉසුසු ජර්නි බස්. ඔව්වයෙ මිනිස්සු පටවන්නෙ ආය නෑ මහ නියං කාලෙට මහ ඇලේ වතුර හිඳිච්චහම ඉස්ගෙඩි රොත්ත පිටිං දඟලනව වගෙ. 

ලෝ රූෆ් හින්ද සීට් එකක් හම්බවුනේ නැත්තං සොරිම ඩොට් කොම් තමයි. නමයට විතර බකමූණෙං බැහැල කෙලින්ම යන්නෙ ඔෆිස් එකට නෙවෙයි ඉස්පිරිතාලෙට කොන්දට ගාන්න නීලමන් ඩප්පියක් ඉල්ල ගන්ට. නීලමන් කිව්වෙ ලිනිමන්ට් වලට. අපෙ අත්තම්ම එහෙමයි කිව්වෙ.ඒ කාලෙ ඔය වාත කැක්කුං අත පය වේදනා ඕනම එකකට නොවරදින අවුසදේ තමයි නීලමන්.

ලිනමන්ට් බෝතලයක් ඉහත
ඡායාරූපයෙහි දැක්වේ.

ඉතිං අපි ඔය ගුණදාස ලෝ රූෆ් බස් වලට කිව්වෙ මල්ගුඩි බස් කියල. මොකද ඒ දවස්වල පෙන්නපු මල්ගුඩි දවසැ (මල්ගුඩි ඩේස් කියන නම ටයි මහත්තය පරිවර්තනය කලේ එහෙමයි. මල් ගුඩි දවසැ) වැඩසටහන් කීපයකම ඔය වගෙ ඉහිං කනිං මිනිස්සු එල්ලගෙන ලවක් දෙවක් නැතුව පාර පුරා දුවන පොඩි පාං ගෙඩි වගෙ බස් පෙන්නුව.

රායිට් ඒ සුලු De-tour එකෙන් ඉක්බිති යලි පොන්ඩිචෙරියට සහ එහි සිටින අපේ කතානායක ක්‍රිෂ් මල්හෝත්‍රා වෙතට…

ජීවිතේ බොහෝ වෙලාවට අපි ක්ෂණිකව ගන්න තීරණ අපෙ ජීවිතේට දැඩිව බලපෑම් කරනව. මම උදේ එද්දි හිතාගෙන හිටියෙ අනන්‍යා එයාගෙ රැස්වීමට සහභාගි වෙන අතරෙ මම මට ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පොන්ඩිචෙරී වල සුප්‍රසිද්ධ ප්‍රංශ අවන්හලකින් දිවා ආහාරයට ප්‍රංශ කෑම කන්නම්ය කියල. 

ඒත් අරමුණකින් තොරව ඉස්සරහට යද්දි එක පාරටම මම දැක්ක පාර අයිනෙ පොඩි දැන්වීම් පුවරුවක් "ඖරෝබින්දෝ ආශ්‍රමය කිලෝ මීටර් හතරයි" කියල. 

ඒ ලඟම වැවිල තිබ්බ මහ විසාල ගහක කොළ අතුවලින් වැහිල ඒ දැන්වීම් පුවරුව පාරෙ යන කෙනෙකුට මඟ ඇරෙන්න තියන ඉඩකඩ බොහෝම වැඩියි. ඒත් මගෙ දෛවය අනුවද මන්ද මම ඒ දැන්වීම් පුවරුව දැක්ක. දැක්ක විතරක් නෙවෙයි ක්ෂණිකව මට හිතුන ප්‍රංස කෑම කන එක යකාට ගියාවෙ කියල ආශ්‍රමයට ගියානම් හොඳයි නේද කියල..

මම දෙපාරක් හිතන්නෙ නැතුව බයික් එක ආශ්‍රමයට යන පාරට හරව ගත්ත.


ඖරෝබින්දෝ ආශ්‍රමය පිහිටි ප්‍රදේශය
හැඳින්වෙනුයේ ඖරෝවිල් යන නමිනි.


"Malgudi Days" කතාමාලාවේ ඉතාම ජනප්‍රියවූ "Swami & Friends" පළමු කථාංගය නැරඹීමට ඔබ කැමැත්තේනම් එය පහතින් ඇත.




42 comments:

  1. මල්ගුඩි දවස EP1 - යටගියාව
    https://www.youtube.com/watch?v=Ow56OtTD5CE

    මල්ගුඩි දවස EP2 - මුලාව
    https://www.youtube.com/watch?v=fLG1gGJ4zzM&t=20s

    මල්ගුඩි දවස EP3 - කුම්මැහියා
    https://www.youtube.com/watch?v=I82OwDbx1TI

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අඥාත මහතාණනි..බොහොමත්ම ස්තූතියි..

      මල්ගුඩි දවසැ තේමා වාදනය බොහොම කාලෙකින් ඇහැව්වෙ..ටාරා රං ටාර රාර රම්...ටාරා රං ටාර රාර රම්......:)

      පළවෙනි කතාව යටගියාවට පොඩ්ඩක් විතර නාරායන්ගෙ කතාවක් මම කියෙව්ව බොහොම කාලෙකට ඉස්සෙල්ල නවයුගය සඟරාවෙ තිබිල....



      The story takes place in Kritam, one of the smallest of India’s seven hundred thousand villages. Despite its small size, the village has a grandiose name: Kritam means “crown” or “coronet” in the Indian language of Tamil. There are only thirty houses in the village, most of them simple thatched huts. The only sophisticated residence in the village is the Big House, a brick and cement building from whose well the local villagers get their water. Muni, an old goat herder, lives with his wife in one of the huts. He is the poorest resident of the village. Every day, he herds his flock of forty goats and sheep to the highway on the outskirts of the village and lets them graze as he sits and watches them.

      One day, Muni picks some “drumsticks,” or seed pods, from the tree in front of his home and asks his wife to cook them in a sauce for him to eat. Because of the couple’s poverty, Muni’s daily meals usually consist of only millet and an onion at lunch. Muni’s wife agrees to make the sauce if he can get all of the necessary ingredients from the village shop: dhal, chili, curry leaves, mustard, coriander, gingelly oil, and a potato. Muni has no money to pay for the items, but tries to convince the shop owner to give them to him on credit by engaging in conversation and laughing at his jokes. However, the shop owner shows Muni a ledger of past debts that he owes, and says he must pay them off before he can apply for credit. Muni tells him that his daughter will give him some money for his fiftieth birthday, although he does not actually have a daughter. The shop owner does not believe him and says that he looks at least seventy.

      Muni goes home and tells his wife to sell the drumsticks, since he could not get the ingredients for the sauce. He then takes his flock of goats and goes to the highway to let them graze as usual. While he is there, he sits on a pedestal at the base of a clay statue depicting a majestic horse and warrior. The statue had been there since Muni was a young child, and his grandfather had explained to him that the horse in the statue was a reference to the mythical horse Kalki, who according to Tamil legend will come to life when the world ends and trample all bad men. While Muni is sitting there, he sees a yellow station wagon coming towards him down the highway.

      Delete
    2. The car runs out of gas and comes to a stop on the road in front of the statue. A white foreigner gets out of the car and asks Muni in English whether there is a gas station nearby. However, Muni cannot communicate with him because he does not speak English and the foreigner does not speak Tamil. The foreigner, who tells Muni he is a coffee trader from New York, takes an interest in the statue and wants to buy it. He offers to pay Muni for the statue, thinking that it belongs to him. Muni does not understand what the foreigner wants, and initially mistakes him for a police officer, because he is dressed in khaki. Muni believes the man had arrived to investigate a dead body that was found on the border between Kritam and a neighboring village a few weeks before. He tells him that he does not know anything about the incident and that the murderer probably lives in the other village.

      The foreigner does not understand. He offers Muni some cigarettes, and explains that he and his wife, Ruth, decided to travel to India on vacation after a power failure in the Empire State Building forced him to work four hours without air conditioning on a hot summer day. Muni eventually realizes that the foreigner is interested in the statue, and starts explaining the statue’s history and the legend of Kalki to him. He talks about the Hindi religion and asks the foreigner about his family while the latter tries to negotiate a price for the statue and says that it would look good in his living room. The conversation continues for a while before the foreigner gives Muni a hundred-rupee note and asks him to help move the statue to his car. Muni believes at first that the foreigner is asking him for change, and suggests that he go to the village money-lender. When the foreigner stoops down to pet some of his goats, however, Muni mistakenly believes that the man is giving him a hundred rupees to buy his flock. Elated, Muni accepts the man’s money and leaves the goats behind for him.

      Thinking Muni had agreed to sell him the statue, the foreigner flags down a passing truck and pays the men to help him detach the statue from the pedestal and move it to his car. He also pays to siphon off some of their gas so he can restart his engine. Muni goes home and shows his wife the hundred-rupee note, telling her that he received it from a foreign man who stopped to buy his goats. At that moment, however, the couple hears bleating outside their door and discover two of Muni’s goats standing there. Muni is confused, while his wife suspects him of stealing the money, and says she will go to her parents’ home because she does not want to be there when the police apprehend him.

      The main themes of the story are culture clash, miscommunication, money, wealth, and poverty. Narayan contrasts Muni’s impoverished but culturally rich lifestyle with the foreigner’s materialistic worldview, in which everything may be bought and paid for. While the horse statue carries great cultural and religious importance for Muni’s village, to the foreigner it is just a decorative item to serve as a talking piece during house parties.

      ඒ කතාව සිංහල දෙබස් කවලත් විකාශනය වුනා. ඒත්මට ඒ ක්ලිප් එක හොයාගන්න බැරිවුනා.මුල් ඉන්දියන් කතාව නම් පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිල්ල බැලුවැහැකි.

      A Horse & Two Goats

      Delete
    3. හරියටම ඔන්න ඔය කතාව නවයුගයෙ පළ වෙලා තියෙනව දැකපු අපේ තාත්ත මට කිව්ව, "අන්න අහවල් තැන තියෙනව නවයුගය, ඒකෙ නාරායන්ගෙ කතාවක් පළ වෙල තියෙනව ගිහිං කියවන්ඩ" කියල... මට අදවගේ මතකයි ඒක...

      Delete
    4. එතෙන්ට යනකොටම අන්තිම පත්තරේ ගත්තු කෙනා කඩෙන් එලියට බහිනවා...ඉතිං මම ඊගාව ටවුමට ගියා. එතනත් ඉවරයි. එතනින් ඊගාව ටවුමට...ඔහොම ඔහොම ගිහිං ලේක් හවුස් එකටම ඇවිල්ලා තමයි පත්තරේ බැලුවේ ඕං

      Delete
  2. Nice writing, is this fiction or autobiography? or mix of both?

    ReplyDelete
    Replies
    1. Ano,

      I think it's a mix of both. Life story of Chetan Bhagat somewhat embellished for the sake of popularity...:)

      Delete
  3. මල්ගුඩි එකේ මියුසික් එකට , නිකන් කියන්න තේරෙන්නෙ නැති අමුතුම මෙව්ව එකක් එනව මට ඉස්සර ඉඳන්ම

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      මටත් එහෙමයි බං.. ටාරා රම් ටාර රාර රම්...ටාරා රම් ටාර රාර රම්..

      නිකම් මේ අමුතු දුක හිතෙන සීන් එකක් හිතට දැනෙනව නේද ඒ සංගීතය ඇහෙනකොට..අනේ මන්ද මටනම් එහෙමයි...

      ඔයවගෙ ඉතාම සිත් ඇදගන්නාසුළු තේමා වාදන බොහොමයක් ඒ කාලෙ ප්‍රචාරය වුනු වැඩසටහන් වල තිබ්බ.

      රොබින් හුඩ්, හවායි ෆයිව් ඕ, බ්ලේක්ස් සවන්,බිග් වැලී, ස්පෙල් බයින්ඩර්.....ස්ටාර් ට්‍රෙක්.....

      Delete
  4. මමත් සිත්තරා එක්ක බයිසිකලේ යන්ඩ පටංගත්තු මුලම දවස්වල එයාගෙ බෙල්ල මිරිකගෙන තමයි ගියෙ. හැබැයි මේ අනන්‍යා වගේ චණ්ඩි පාට් දාන්න නෙවෙයි, බයට. :D

    අයියා ඔය බකමූණෙ කතා කියන අතරෙදි දවසක් කිව්වා 'බකමූණ අමතන්න' කියලා ආපු කෝල් එකකට 'හ්ම් හ්ම්' කියපු කෙනෙක් ගැන. ඒක කියවලා දවස් ගාණක් යනකල් මට සැරෙන් සැරේට ඒක මතක් වෙලා හිනා යනවා. ඒ කතාව දැන් හරියට මතක නෑනේ. අයියට පුළුවන්නං ආයෙ කියන්නකො.

    මල්ගුඩි දවස් - මහා නොස්ටැල්ජියාවක් හිතට ගේන පුංචි කාලේ අපේ ජීවිතේම කොටසක් වගේ දැනිච්ච කතා මාලාවක්.

    ක්‍රිෂ්ගේ මේ ආශ්‍රම ගමන සෑහෙන ලොකු කතාවක් වගේ. අපිනං කැමතියි ඉතිං තමුන්නැහෙ වෙන දේසපාලන කතන්දර නොලියා මේක එක දිගට ලියනවනං. කොහෙද ඉතිං, මේකට කියන කට හොඳයි ගලක උලාගන්නවා. ලියන දාක ලියන්නකෝ, අපි ඉතිං කියවන්ඩ මග බලං ඉන්නවා. :P

    ReplyDelete
    Replies
    1. මෙන්න මිනිත්තු දෙකක් ගියේ නෑ. මුගෙ කරුම වෙලාවටද කොහෙද ඔන්න මෙසේජ් එකක් එනව.." බකමූණ අමතන්න, බකමූණ අමතන්න " කියල. කොල්ලට දාඩියත් දාගෙන ආව. මොකද දැං කරන්නෙ. සීට් එකෙං ටිකක් ඉස්සිල එහෙම බැලුව හතර අත අර සිගරට් එකක් ගහන්ට ගිය මනුස්සය පේන්ටවත් ඉන්නවදැයි කියල ම්හු ඒ මනුස්සය නෑ අහල ගං හතකවත්. ඔන්න ආයම සෙට් එකෙන් එනව සද්දෙ. " බකමූණ අමතන්න...බකමූණ අමතන්න..."

      ආයම සැරයක් කොල්ලා බාගෙට නැඟිටල බැලුව. මොන? අර මනුස්සයගෙ සේයාවක්වත් නෑ..මළ සේක..දැං මොකෝ කොරන්නෙ? මේකට උත්තර දෙන්නත් එපාය..ඔන්න ආයමත්.." බකමූණ අමතන්න,බකමූණ අමතන්න, " කොළුව හොඳට පුටුවෙ හරිබරි ගැහිල ඉඳගෙන මයික් එකට කට ලංකලා..ස්විච් එක ඔන් කරල මෙහෙම කිව්ව " හූම්ම්ම්ම්, ....හූම්ම්ම්ම්ම්...හූම්ම්ම්ම්ම් "

      http://ranrandil.blogspot.com/2014/02/244-12.html

      Delete
    2. Thanks Prasanna. ඒ ලින්ක් එකට ගිහිල්ල කථාව කියෙව්ව. මරු කෑලි තියෙනව පෝස්ට් එකෙයි කමෙන්ට් වලයි. මේ ඒකේ රවී දීල තිබ්බ පිළිතුටු කමෙන්ට් කක්.
      //
      හෙහ්,හෙහ්, එහෙම තමයි මගෙ කට ඇරියැකි අප්පල්ලයක් වගෙ. මේ ඊයෙ පෙරෙයිද දතක් පුරවගන්ට ගිහිල්ල මම කට ඇරියම දත් දොස්තර කියාපි" ඔච්චර කට අරින්න ඕන නෑ හලෝ..මම දත පුරවන්නෙ පිට ඉඳගෙන " කියල. හතර විළි ලැජ්ජාවයි අප්පා.

      Delete
    3. සිත්තමී,

      /ඒ කතාව දැන් හරියට මතක නෑනේ. අයියට පුළුවන්නං ආයෙ කියන්නකො./

      අන්න මැඩම් වැඩේ හරිනෙ..අපේ කොකස ගරු සබාපතිතුමා ඒ හූම් හූම් කතන්දරේ විස්තරේ හොයල දාල තියනව...

      /අපිනං කැමතියි ඉතිං තමුන්නැහෙ වෙන දේසපාලන කතන්දර නොලියා මේක එක දිගට ලියනවනං.../

      හරි හරි බං එහෙම ලියමුකො ..එහෙම ලියමුකො...හෙහ්,හෙහ්

      Delete
    4. Prasanna,

      Thanks Malli...:)

      Delete
  5. https://www.colonialvoyage.com/trincomalee-french-attempt/

    ReplyDelete
    Replies
    1. Thanks Pra, A very interesting web site...:)

      Delete
  6. මෙව්වා දැක්කම මායි චූටි මැණිකෙයි දෙන්නා අපේ නැන්දම්මාත් උන්දැට පුවත් සපයන වාර්තාකාර වර්ගයාත් සේරම එක පෙලට තියල සේරගෙම කනෙං එකවර රිංගලා අනෙක් පැත්තෙන් පිටවෙලා රස්තියාදුවෙ ගිය කාලෙ මතක්වුනා. අවුරුදු දහයක් පරණ මතක අලුත් වුනා. ඒ බයිසිකලෙත් තවම මං ලඟ. මුන්දැත් තාම මං ලඟ.

    ReplyDelete
    Replies
    1. ඔය දෙකේම අළුත් මොඩල්ස් ඇවිල්ල තියෙනවා. හැක්

      Delete
    2. මොකද කියන්නෙ දෙකම මාරු කරල අලුතෙන් ගමුද?

      Delete
    3. Suranga,

      /මායි චූටි මැණිකෙයි දෙන්නා අපේ නැන්දම්මාත් උන්දැට පුවත් සපයන වාර්තාකාර වර්ගයාත් සේරම එක පෙලට තියල සේරගෙම කනෙං එකවර රිංගලා අනෙක් පැත්තෙන් පිටවෙලා රස්තියාදුවෙ ගිය කාලෙ මතක්වුනා. /

      ඔය බොරු බං..නැන්දම්මලගෙ ඔය කිසිම විරෝදයක් නෑ..

      එහෙම නැතුව ආය වැට කඩුලු ගහල රැකල කෙල්ලො ආය ගෙවල්වලට නාකි වෙන්ට අරින්ටයැ..නැන්දම්මල ඔහොම උදැල්ල දානවයි කියල බොරුවට පෙන්නනව. සමහර දුවලත් ඒක දැනගෙනම කොල්ලව අන්දනව.

      හැබැයි අපරාදෙ කියන්න බෑ අබංකෙම්ම අම්ම වලියි කියල හිතාගෙන ඉන්න කෙල්ලොත් ඉන්නව. බොගෙ චූටි මැණිකෙ ඉතිං මාම් ඔය කියපු කැටගරි ටූ ලලනාවක් වෙන්න ඇති බොහෝ විට...

      Delete
    4. Ian & Prasanna,

      /ඔය දෙකේම අළුත් මොඩල්ස් ඇවිල්ල තියෙනවා. හැක්/

      /මොකද කියන්නෙ දෙකම මාරු කරල අලුතෙන් ගමුද?/

      මේ ඔය දෙන්න සුරාගෙ ඔලුවට ඔය එක එක විලම්බීත දාන්නෙ නැතුව පාඩුවෙ ඉන්නවද කරුණා කරල?

      Delete
    5. සුරා මල්ලි ගත්තු දෙයක් රිටන් කරන්ඩ මතක තියා ගන්ඩ. ඒක හොද පුරුද්දක්. නැත්තන් දඩ ගහනවා. අන්තිමට බඩුවේ ගානට වඩා ලොකු දඩයක් වැදිලා නවතින්නේ...ඔන්න මං නොකිව්වා කියන්ඩ එපා..

      Delete
  7. ඔය ලබ්බ බලන්න ගියාට පස්සෙ බොලාට හිතෙයි ප්‍රංශ කෑම කෑවනං හොඳයි කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්...කිව්වත් වාගෙ එහෙම වෙන්නත් ඇහැකි තමයි...:)

      Delete
  8. මල්ගුඩි දවස් ටී වී එකේ ගියේ අසූ නවයේ අන්තිම අනූවේ මුල නම්, මම එතකොට ගොඩක් ගොඩාක් පොඩි. හැබැයි අර තේමා සංගීතය නම් කොහෙන්ද මන්ද හොඳට මතකයි, ළමා කාලේ (අපේ ආච්චි, සීයා, තාත්තා හැමෝම ජීවතුන් අතර හිටපු කාලේ) ගැන හරිම සුන්දර නොස්ටැල්ජික් මතකයක් එනවා ඒ සින්දුව අහනකොට.

    ආශ්‍රමයට ගියාම ක්‍රිෂ් ට මොකද වෙන්නේ හැබෑටම?

    මේක කියවල මම ඔය නගරේ ගූගල් කරලා ෆොටෝ ටිකක් බැලුව. ලස්සනයි. බොහොම ස්තුතියි රවී තුමා, කතාව විඳිනවා වගේම දැනුමටත් යමක් එකතු වෙන විදියට මේක ලියනවා.

    ReplyDelete
    Replies
    1. Maanaviks,

      /මල්ගුඩි දවස් ටී වී එකේ ගියේ අසූ නවයේ අන්තිම අනූවේ මුල නම්,/

      මුලින්ම රූපවාහිනියෙ ගියෙ මට මතක විදිහට අනූව දශකයෙ මුල වගෙ. ඒ කියන්නෙ මම බකමූණට ගියේ 91 ඔක්තෝබර්.. ඒ කියන්නෙ 92/93 කාලෙ වගෙ වෙන්න ඇති මල්ගුඩි ඩේස් මුලින්ම ප්‍රචාරය වුනේ..ඔයාට මතක ඇත්තෙ ඊට පස්සෙ හතර පස් පාරක්ම Re-telecast ගියා මල්ගුඩි ඩේස්...

      /ආශ්‍රමයට ගියාම ක්‍රිෂ් ට මොකද වෙන්නේ හැබෑටම?/

      ඇයි බොල උඹ පොත ගත්තයි කිව්ව නේ?

      /බොහොම ස්තුතියි රවී තුමා, කතාව විඳිනවා වගේම දැනුමටත් යමක් එකතු වෙන විදියට මේක ලියනවා./

      Thanks Madam...

      Delete
    2. පොත ගත්තෙ නෑ අනේ. ෆිල්ම් එක බැලුවේ. ඒ උනාට මේ කිසිම දෙයක් ෆිල්ම් එකේ තිබුණු බවක් මතක නෑ. ඒ මගුලෙ (මම බලපු එකේ) සබ් ටයිටල් තිබුනෙත් නෑ.

      Delete
  9. ඔහෙගෙ පරන පෝස්කටුවක් බලනකොට මේක අහුඋනේ. මොකද කියන්නෙ වැඩේ පටංගමුද?

    //බීල වෙච්චි අලකලංචි තියනව බං ගෝණියක් විතර. මටත් එහෙමයි මගෙ ඔය හිත මිතුරන්ටත් එහෙමයි..ලියන්ට ඕන කතා මාලාවක්." මධු පානයෙන් ඉක්බිති........"...ඒක හොඳයි නේද මාතෘකාවට?..දේසකයගෙං කලින් අනුමත කරවගෙන ඉන්න ඕන මේ පාර. ඔබගේ ආවරණ අනුමැතියට යටත්ව ලියමි...හෙහ්,හෙහ්,//

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අප්පටසිරි එහෙම එකකුත් තියනව නේද?

      අන්න බං උඹෙ ලොකු අයියත් ඒකෙ කොණකට ගෑවිල ඉන්නව...හෙහ්,හෙහ්,

      Delete
  10. ප්‍රංශ කෑම කන්න නම් නම් ඉතින් හා මස්,ගෙඹි මස් හරි ගොළු බෙල්ලෝ හරි තමයි කන්න වෙන්නේ. ක්‍රිශා අශ්රමයෙන් වෙජි පාරක් දාන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ප්‍රන්ස කාරයො ගෙම්බො ගොළුබෙල්ලො එහෙමත් කනවද? මම එහෙම අහල තිබ්බෙ නෑ....

      BTW අපි නෝන්ඩිය දැම්මට බොලේ එංගලන්තෙ කොහොම හරි ක්වාටර් ෆයිනල්ස් වෙනකල් ආව නේ?

      Delete
    2. මේ දවස් වල වෙන වැඩක් වෙන්නේ නැහැ බං ෆුට්බෝල් බලනවා ඇරෙන්න

      Delete
    3. ගෙම්බෝ උන්ගේ ප්‍රියතම ආහාරයක් බං ඒ කියන්නේ ගෙඹි කකුල් සුදුලූනු එක්ක බැදලා
      https://behind-the-french-menu.blogspot.com/2014/11/frogs-legs-cuisses-de-grenouilles-on.html

      Delete
  11. සෙහ්.. ඔය Auroville පැත්තට හැරෙන්නේ නැතුව ආපහු පොඩ්ඩක් පොන්ඩිචෙරි පැත්ත බැලුවනම් කිලෝමීටරයක් නෑ සෝක් පොට් එකක් තියෙනවා.. අපිටත් ඇඩම්ස් ඔන්ලි කෑල්ලක් කියෝ ගන්න තිබ්බ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අම්මට උඩු උඹ එහෙ ගිහිල්ල තියනවද? හෙහ්...හෙහ්...

      එකත් එකටම උඹල කොටි බෝට්ටු පස්සෙ පන්නගෙන ගිය පාර පොන්ඩිචෙරියටත් ගොඩ බැහැල පොඩි ආතල් එකක් ගන්න ඇති...:) :)

      Delete
  12. ඔය ඖරොබින්දාශ්‍රම් නං මෙලෝ රහක් නෑ බං බලන්න දේකුත් නෑ. එහේ යන්නෙ නැතුව කෙළින් පාරෙ ආපහු ටවුමට පලයන්. රෑ වෙද්දී ක්ලබ් එකකට රිංගුවා නං නැටුම් බලන්නත් තිබුණා.

    ReplyDelete
  13. ඖරබින්දා ආශ්‍රමය ගැන නීල් විජේරත්න ලියපු පොතක අපූරු විස්තරයක් තිබුණා. ඒකෙ හැටියට නං පරිසරයට සමීපව ජීවත් වෙන සරල මිනිස්සු ඉන්න තැනක් හැටියටයි තිබුණෙ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...