Monday, August 6, 2018

600. පුවක් එෂැණිං 50 - Ahoy There ..Now Rise & Shine Will You? Sir Tiraj.....



The Announcement of Sir Tiraj
ශ්‍රීමත් ටිරාජ්ගේ නිවේදනය



"Rise Sir Tiraj..." The Queen Confers the Knighthood  on Hon. Tiraj,
"නැඟී සිටිනු සර් ටිරාජ්....." මහ රැජින එතුමාට නයිට් පදවියක්
ප්‍රදානය කල ඒ අසිරිමත් මොහොත...

Official Announcement 

The Buckingham Palace announces that The Queen has been most pleased to confer a Knighthood of the order of Knight Commander of The "Polleli Balakaya" (K.C.P.B.) on Mr. Tiraj Piyaratna  in recognizance of his most distinguished achievement of upholding democracy in Sri Lanka by grabbing the power of Maharagama Urban Council by hook or by crook after  his whole team was  disqualified on the nomination day itself.


In addition Sir Tiraj will be conferred the Dukedom of Marmite "Janapadaya".

Furthermore Her Majesty hereby proclaims that all officers and other minor staff of Maharagama Urban Council including the General Public should address Him  as Sir Tiraj at all times and grants Sir Tiraj the absolute right to order aforesaid hoi polloi to address him strictly as such and also the right to act as deaf if addressed in any other way such as "Pol Lella", "Bayi Moola" or "Marmite Sabhaapathi" or such like.

By Order of  Elizabeth II, Queen of The United Kingdom

********************************************

බකිංහැම් මාළිගයෙන් නිකුත් කල නිවේදනයෙහි සිංහල පරිවර්තනය

නිල නිවේදනයයි

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම නාම යෝජනාව ප්‍රතික්ෂේප වුවද මාමයිට් ජනපද වාසීන්ගෙ බයිසිකල් කණ්ඩායම ජයග්‍රහණය කල ඉක්බිති ඔවුන්ගේ කුලල මිරිකා තර්ජනය කොට පසුව අත්ලස් දී ඉල්ලා අස්වීමට සලස්වා මහරගම නගර සභාවේ පාලන බලය ඩැහැගෙන එහි සභාපති පදවියට කෙසේ හෝ පත්වීමෙන් ප්‍රදර්ශණය කල ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග කරණ කොටගෙන ටිරාජ් පියරත්න මහතාට පොල්ලෙලි බලකායේ නයිට් පදවියක් (K.C.P.B.) ප්‍රදානය කිරීමට මහ රැජිණ තීරණය කොට ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කොට සිටී.

ඊට අමතරව ඔහුට මාමයිට් ජනපදයේ ආදිපාද පදවියද ප්‍රදානය කෙරෙනු ඇත.

ඒ සමඟම මහරගම නගර සභාවේ සියළු නිලධාරීන් සහ සේවක මහත්ම  මහත්මීන්ද, එලෙසම පොදු මහජනයාද ඔහුට සර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කල යුතු බවද, එසේ තමන්ට සර් යනුවෙන් ඇමතිය යුතු බවට නියෝගයක් නිකුත් කිරීමේ බලය ශ්‍රීමත් ටිරාජ් වෙත පවරා ඇති බවද, පොල් ලෙල්ලා, බයි මෝලා හෝ මාමයිට් සභාපති යනුවෙන් කිසිවකු ඔහු ඇමතුවහොත් බිහිරකු මෙන් ඒ නෑසුණු සේ පසුවීමට ඔහුට මෙයින් බලය දුන් බවද  අතිඋතුම් මහ රැජින ආඥාකර සිටී.

දෙවන එළිසබත්, එක්සත් රාජධානියේ මහ රැජිණගෙ අණ පරිදි

22 comments:

  1. Ane mung wage ambaruwo, munta chande dunna ewun eeta wediya ambaruwo

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බයියො කියන්නෙ අමුම අමු හරක් කියල කියන්න මීට වඩා ආය මොන සාක්කිද?

      මෙහෙම නෝටිස් එකක් තමන්ගෙ ඔෆිස් එක ඉස්සරහ එල්ලගන්ට තරම් මේ යකා අමුම අමු මැට්ටෙක්ද නැත්නම් ඒ තරමට ඔලුව ඉදිමවාගත්ත පුබ්බඩයෙක්ද?

      Delete
  2. එහෙමයි පොල්ලෙ... සොරි, සර්.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      සමාධිය භජනය කලෙමි....:)

      Delete
  3. Knight of the Order of Bushwhacking Bloggers, Sir Solar Heroic-Lion, OBB.

    ReplyDelete
  4. ඇයි මනුස්සයො පෝස්ට් 600ක් ලියපු සතුට ට මෙහෙමද ලියන්නෙ ඈ? හොඳවැං දෙකක් දාගෙන පොඩි මෙව්වා එකක් තියෙන පෝස්ට් එකක් ලියන්ට එපැයි.

    ReplyDelete
    Replies
    1. කෂුණා,

      අඩේ බං හයසීයට සෝක් කතාවක් ලිය ලිය හිටියෙ..ඔන්න හොඳ විස්වාසෙට ගනිං...

      කොහෙද ඉතිං මේ මෝල් බයියො කොරන රට හරක් වැඩ හින්ද අපිට හිත එකලාසයකිං කතාවක්වත් ලියාගන්ට තියනවය? අර ඇඹිලිපිටිය දිහා මෝල්ලු දෙන්නෙක් නීලකාසය එන්නෙ නෑ කියල ගස් නැග්ග..ඊට පස්සෙ මෙතන මේ මෝඩ වහන්සෙ මට සේර් කියාපල්ල කියල නෝටිස් දානව..

      මෙව්ව දැක්කහම මගෙ උන්ඩුකපුච්චෙ ගිහිල්ල ගල නාලෙ හැපෙනව.ක්සුද්‍රාන්ත්‍රය ප්ලීහාව වටා වලලු හතක් එතෙනව. ඌර්න රෝන දාතුව ඉර්ජු වෙලා ආයමත් දඟර ගැහෙනව. අන්න ඒකනෙ..ඒ හින්ද බයියො ගැන ලියන්ටම වෙනව..ලියන්ටම වෙනව..

      ඔන්න බොරුවක් නං ඉඳහං මම ලියන්ට ගත්තු කතන්දරේ කොටසක් ඔන්න පල්ලෙහායිං දාන්නංකො...

      "උක්කු බණ්ඩා…. මයෙ පුතේ....."

      අපුච්චාගේ අපැහැදිලි කෙඳිරිල්ල ඔහුට ඇසුණේ සිහිනයකින් මෙනි. පිල්කඩෙහි වැතිර අපුච්චා පෙරළා පැමිණෙන තෙක් කඩුල්ල සහ ඉන් එපිට වැටමායිමෙන් ඇරඹී කුරුළු පාලුවේ ඉම නියර අසබඩ හාත්පස වසා පැතිරගිය මහ නුගය යටින් දිවෙන සුදු වැලි පාර දක්වා දෑස් දල්වා බලාසිටි ඔහුගේ දෑස් පියවී තිබියේ ඔහුටද නොදැනීමය.

      එහෙත් අපුච්චාගේ කෙඳිරිල්ල ඔහු වහා නිදිලොවින් මුදා අඩ අඳුරින් වැසුණු පිල්කඩ මතට ප්‍රවේශ කරවීමට සමත්වූයේ සැණෙකිනි. "අප්පුච්චා….." හඬගාමින්ම ඔහු වහා පිල්කඩෙන් මිදුල පැන්නේ ඉණ රැඳි සරම් කඩමාල්ල රූරා වැටෙන්නට ඉඩ නොදී දෑතින්ම තරකොට ගනිමිනි.

      කඩුල්ල එපිට ගම්මානය මධ්‍යයේ සිට ගෙපැල දක්වා වැටුණු කාලාන්තරයක් තිස්සෙ ඔහුගේ සහ අප්පුච්චාගේ පයට පෑගී දැඩිවූ මංපෙත පසෙක වූ හිඹුටුගාල දෙසින් විටින්විට ඇසෙනා කෙඳිරිල්ල උක්කු බණ්ඩාගේ දෙපා එදෙසට මෙහෙයවූයේ නිරායාසයෙනි.. හාත්පස වසා පැතිරගත් අඩ අඳුරෙහි හරිහැටි මුහුණ කට හඳුනාගත නොහැකි වුවද හිඹුටු ගාල අසල තණ බිස්සෙහි වැතිර සිටිනුයේ අපුච්චා බව ඔහු එක්පැහැර හැඳින ගත්තේ සවනේන්ද්‍රියකින් මෙනි.

      "මයෙ අපුච්චේ..මොකද මේ වුනේ උඹැහෙට? "

      උක්කු බණ්ඩා අප්පුච්චා අසල රළු බොරළු පිරි පොළවෙහි දණ ඔබා ගත්තේ දෙදණෙහි බොරළු ඇනී නැඟුනු ඉස්මොළ සිසාරායන වේදනාව පවා නොතකමිනි.

      "හරි හරි කොලුවො එව්වයෙ වග විස්තර බැරිය පස්සෙං පහු..මාව කෙලිං හිටවහං බං …"

      "ඉඳහං මං උඹව කරට ගන්ට "

      අපුච්චාගේ සුරත තන දකුණු උරමතට ගත් ඔහු දෙපයට හොඳින් වැරදී එක්වරම සිටගත්තේ අපුච්චාගෙ මුළු බර තම පිටිඋරයට මතට වාරුවන පරිදිය.

      "උඹට ඇහැක්ද මයෙ දෙයියෝ?..." එසේ විමසමින් අපුච්චා දෑතම ඔහුගේ ගෙල වටා යවා තරව වැළඳ ගත්තේ දෙපය ද ඉණ වටා යවමිනි.

      "මට පුළුවනි අපුච්චෙ ඔහොම ඉඳින් අතාරින්න එහෙම එපා…."

      Delete
  5. හොඳමයි සෑර් ! 600 ට සුබපැතුම්!!!

    ReplyDelete
  6. සර් හයසීයයි සර් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      කොහොමද කොල්ලො?

      විශිෂ්ඨයි සර්..

      ඉඳුම් හිටුම්?

      විශිෂ්ඨයි සර්..

      කොහොමද කෑම?

      අති විශිෂ්ඨයි සර්


      Delete
  7. මම සුභ පතන්නේ 666 වෙච්ඡ දවසට. අර ස්සර් රෝයල් ගිය එකෙක්ලු බං . මම රෝයල් එකෙන් ඉල්ලා අස්වුණා. ලැජ්ජාවේ බෑ. කොහෙන්ද මුන්ව හොයාගන්නේ හරියටම් චන්ද ඉල්ලන්නේ.

    ReplyDelete
  8. අර තව එකෙක් මෙගාපොලිස් කියන්නේ විශාල පොලිසියකි කියල තියෙන්නේ. ඕක චම්පිකගේ වැරැද්ද හරියට නම් මෙගලපොලිස් හරි මෙට්‍රොපොලිස් හරි කියල පටන්ගත්ත නම් කට්ටිය ඇන ගන්නේ නැහැනේ. :)

    ReplyDelete
  9. එයාගෙ ඉගෙනීමේ තරම පේනවා නොවැ. මේ සමාජ ක්‍රමය යටතේ පත්වෙන්නෙත් මේ වගේ අයම තමයි. විශාල පරිවර්තනයක් අත්‍යන්තයෙන් උවමනා වේ අපේ රටට .

    ReplyDelete
  10. එයාගෙ ඉගෙනීමේ තරම පේනවා නොවැ. මේ සමාජ ක්‍රමය යටතේ පත්වෙන්නෙත් මේ වගේ අයම තමයි. විශාල පරිවර්තනයක් අත්‍යන්තයෙන් උවමනා වේ අපේ රටට .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...