Friday, February 8, 2019

626. පසුබිම් කතාවක් - ක්‍රිකට් ලෝක ශූරතාව, ෆීලියාස් ෆොග් සහ ඇලිස් අම්මා...

අපි කසාද බැඳල රජයේ නිල නිවාසයක පදිංචියට ආව. 

මම එදවස වැඩ කලේ මහවැලි අධිකාරියෙ. මුලින්ම බකමූණට කිලෝ මීටර් අටක් වගෙ ගිරිතලේ පැත්තට යනකොට හම්බවෙන අත්තනකඩවල පදිංචි වෙලා හිටිය අවුරුද්දකට කිට්ටු වෙන්ට. ඊට පස්සෙ ආව බකමූණෙ පදිංචියට. 96 අවුරුද්දෙ පෙබරවාරි මාර්තු මාසවල පැවැත්වුන ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය එහෙම මම බැලුවෙ බකමූණෙදි. ඉන්දියාව එක්ක ගහපු සෙමි ෆයිනල් එක බැලුවෙ අපෙ යාලුවෙකුගෙ ක්වාටර්ස් එකට කට්ටියම එකතුවෙලා. සෙමි ෆයිනල් එක ගැහැව්වෙ සතියෙ බදාද වගෙ දවසක. ඒත් එක්කම ඊලඟ ඉරිද ගහපු ෆයිනල් එක බැලුවෙ අපෙ ගෙදර ගිහිල්ල.


ගමරාළ තමයි ඒ කාලෙ මහවැලි ඇමති...හෙහ්..හෙහ්..අම්මප කවුද ඒ කාලෙ හිතුවෙ මේ කයිතාඩුවට මෙහෙම කලක් යාවිය කියල. එක අතකට ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ. මිනිස්සුන්ගෙ දෛවය කියන එක එහෙම තමයි...

හරි ගමය ගැන ඒ ඇති. ඉතිං අපි එහෙම ක්වාටර්ස් එකේ හිටිය අවුරුදු හතරකුත් මාස දෙකක් වගෙ කාලයක්. ඔහොම ඉන්දැද්දි හැම සති අන්තයකම ගෙදර ගියේ නම් නෑ. ගෙවල් දෙකකට යන්ට එපාය. එහේලගෙ ගෙදර සහ අපේ ගෙදර. සති තුනකට හතරකට වගෙ සැරයක් තමයි එහේලගෙ ගෙදර යැවෙන්නෙ. සතියක් කොහෙවත්ම නොගිහින් විවේක සුවයෙන් වැඩ වාසය කරල තව සතියක් අපේ ගෙදර ගිහිල්ල ආය ඊලඟ සතියෙ එහේලගෙ ගෙදර යන්ට යොදා ගත්තම රොටේෂන් එකේ අනු පිළිවෙල අනුව එහෙමයි දින වකවානු වැටෙන්නෙ.

ඔය ගැන එහේගෙ හිතේ යම් දුකක් කණගාටුවක් වගෙ තියනවයි කියල මට තේරුණා. ඒ හින්ද දවසක මම ඔය ගැන එහේගෙන් ඇහුව.

"ඔව් අනේ අම්ම ගැන මට දුකයි...අම්මට එච්චර සනීපෙකුත් නැහැනෙ.." උන්දැ කිව්ව මූණත් අටපට්ටම් කරගෙන. ඒ යෝදි එයාලගෙ අම්මට පණ ඇරල හිටියෙ. "සතියක් ගානෙ නොගියට නම් කමක් නෑ. කතා බහ කරල සැපදුක් බලාගන්ට විදියක් තිබ්බනම් ඒත් ඇති"

"ඉතිං කොහොමද කතා කරන්නෙ? ටෙලිෆෝන් ඒ අහලකටවත් තියන එකක්ය?" මම කිව්ව.

ඒ කාලෙ එයයිලගෙ ගෙවල්වලට හූ හත අටකට මෙහායින් වගෙ තමයි මාතලේ ඉඳල යන ටෙලිෆෝන් ලයින් එක නතර වෙලා තිබ්බෙ. චන්ද කාලෙට ඔය ටෙලිෆෝන් ලයින් එක ඇදල ටෙලිෆෝන් දෙන කතාව ඉස්ටේජ් එකක් ඉස්ටේජ් එකක් ගානෙ බෙරිහන් දීල කිව්වට චන්දෙ දිනුවට පස්සෙ එව්ව එච්චරම තමයි.

ඔය දවස්වල මොබයිල් ෆෝන් කියන එව්වත් අධි සුඛෝපභෝගී භාණ්ඩයක්. මොබයිල් කියන එව්ව ඇවිල්ලත් ඔන්නම් අවුරුදු හතර පහක් ඇති.සෙල්ටෙල් විතරමද කොහෙද තිබ්බෙත්. එව්වත් ඔය කොළඹ නුවර එහෙම විතරයි.

ඉතින් තිබ්බ එකම ප්‍රතිකර්මය ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙලා "Waiting list" එක නොහොත් පොරොත්තු ලේඛනයට නම දාගෙන බලා ඉන්න එක. ඉතිං කොහොමින් කොහොමින් හරි ඒ දවස්වලම ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙච්චි එක ටෙලිෆෝන් හම්බවෙනකොට මම මහවැලියෙන් අස්වෙලා අපි දෙන්න බකමූණෙං ඇවිල්ලත් එක්ක. 

එහෙම තමයි එව්වයෙ හැටි. ඉතිං ඇත්තම කියතොත් මම මේ කියන්ට යන්නෙ වෙනම කතාවක්. ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම තමයි මෙච්චර වෙලා මේ කලේ..හෙහ්..හෙහ්..දන්නවනෙ මයෙ පිටිය සකස් කිරීම කොහොමද කියල නේද?

ටෙලිෆෝන් එකත් ගත්තයි කියමුකො. මම කිව්ව අර හූ හත අටක දුර අපියි තව අහල පහල ගෙවල් තුන හතරක උදවියයි එකතුවෙලා හිට කණු හතකටද අටකටද කොහෙද ගානකට වියදම් දීල ලයින් එක ගත්ත. ටෙලිෆෝන් ගත්තම ඔන්න ඔය අහල ගං හතක ඉන්න ඈයො එන්ට ගත්ත හදිස්සියට කෝල් ගන්ට. ආහම බෑ කියන්ටත් බෑ. ගමක ඉන්නකොට එහෙම තමයි. යම් යම් කැපකිරීම් කරන්ට වෙනව. අපි දෙන්න තමයි දිගටම වගෙ බිල ගෙව්වෙ."අනේ ඔන්න ඔහෙ කමක් නෑ දුප්පත් මිනිස්සු නෙව..." කියල හිතල අපි දෙන්න බොහොම සද්බාවයෙන් යුතුව ඒ වැඩේ කරගෙන ආව.

ඔන්න මේ සිද්ධිය වුනේ අපි දෙන්න එහෙ හිටපු සති අන්තයක. එයයිලගෙ ගෙදර චිරාගත පුරුද්දක් තියනව අම්මල දුවල ඔක්කොමල උදේම නැඟිටල තේ එහෙම හදාගෙන බොන ගමන් කුස්සියට වෙලා මහා සාකච්චා සබාවක් පවත්වන එක. ඒ සාකච්චා සබාව පවත්වන්ට ගත්තට පස්සෙ ආය ගෙදර වෙන කිසි කෙනෙකුට නින්දක් එහෙම නෑ. ඒ දවස්වල එයයිලගෙ ගෙදර සිවිලිං ගහල තිබ්බෙ නෑ. ඒ හින්ද ගෙදර ඕනම තැනක කතා කරන දෙයක් වෙනත් ඕනම තැනක ඉන්න කෙනෙකුට කණ ගාව ඉඳගෙන කතා කලා වගෙ ඇහෙනව.

"අනේ දෙයියා...දැන් මාස තුනකට කිට්ටු වෙනව එක ටැලිපෝං එකක් මට දුන්නෙ නෑ...වෙනද එහෙම නෑ...කොහොමත් සිකුරාදට කතා කරන එක කතා කරනවමයි…"

කුස්සියෙං ඇහිච්චි නුපුරුදු කට හඬකට මට උදේම ඇහැරුනා. ඒ එක්කම ඇහුනෙ ඉකි ගහන අඬක්. මම ඇඳේ මුණිං අතට පෙරලිලා හිටපු එක උඩුබැලි අතට හැරිල ඔලුව හරවල බැලුව. එයයි නෑ ඇඳේ..කාමරේ අල්මාරියත් එක්කම ගහල තිබ්බ ඔර්ලෝසුවෙ වෙලාව හය හමාරයි.

"හරි හරි ඇලිස් අම්ම කලබල නැතුව ඉන්නකො. අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියල " ඒ එයයිගෙ කටහඬ…

"තව මොනව බලන්නද දෙයියා..මම දන්නව මොකක් හරි කරදරයක් කියල ..ආය ඒකෙ දෙකක් නෑ…." ආයම හෙමීට අඬනව ඇහුන.

මම එහෙම්මම අත්දෙක ඉහ පිටිපස්සෙ තියාගෙන ඇඳේ හොඳට දිගාවුනා. නිදියනකොට මගේ ප්‍රියතම ඉරියව්ව ඒක. හැබැයි ඇහැරෙන කොට අත්දෙක හිරිවැටිල කියන්නෙ ආය ලේ ගමනාගමනය යතා තත්වයට පත්වෙන්ට මිනිත්තු දෙක තුනක්වත් යනව. එතකල් දෙහිකටු අනින්නැහෙ දැනෙන්නෙ....හෙහ්..හෙහ්..

යන්තමට අයම ඇහැ පියවේගන ආව විතරයි දොර රෙද්ද මෑත් කරගෙන ඈ කාමරේට එබුන. 

"ආ..ඔයා ඇහැරියද? තේ එකක් හදන්නද?"

"එපා මම දත් මැදලනෙ බොන්නෙ....."

මම උදේ තේ එක බොන්නෙ දත් මැදල ඉවර වෙලා.  එහෙම පුරුදු වුනේ මට ඔය "George Washington" නොහොත් දිව මැදිල්ල කියන්නෙ හෙණම සිරා වැඩක්. කොටින්ම "Medium scale project" එකක්  නොහොත් මධ්‍යම පරිමාණ ව්‍යාපෘතියක්.

ඉතිං එහෙම ෆුල් සීරියස්ලි වොෂිංටං වැඩේ කරන්ට ගියාම වෙන්නෙ ඒ එක්කම වගෙ කෙටි කාලසීමාවක් තුල උදේ තේ එක එහෙම බීල හිටියොත් බඩුම තමයි ඔක්කොම ආයම කෙලිම්ම එලියට. ආය දෙකක් නෑ තේ කෝප්පෙම අජිත් නිවාඩ් කබ්රාල් තමයි...

"මේ ඒක නෙවෙයි කවුද අර ඇවිල්ල ඉන්නෙ? 

"කවුද?"

"අර අඬනව ඇහුනෙ...මාස ගානක් වෙනව එක ටෙලිෆෝන් කෝල් එකක් දුන්නෙ නෑ කියල කිව්වෙ.."

"ආ.. ඒ ඇලිස් අම්ම.."

"කවුද ඇලිස් අම්ම කියන්නෙ?"

"මේ අර කැකුලාවල පන්සල ගාවින් එගොඩ ගොඩේ ඉන්න අපි දන්න කෙනෙක්. අපි පොඩි කාලෙ අම්ම අසනීප උනහම එහෙම අපේ ගෙදර වැඩපල ඔක්කොම කලේ ඔය ඇලිස් අම්ම...."

"හරි...දැන් ඉතිං ඔය ඇවිල්ල ඇඬුවෙ මොකෝ?"

"එයාගෙ බාල දුව දැං අවුරුදු තුනකට වගෙ ඉස්සර අබු ඩාබිද කොහෙද ගියා රස්සාවකට.."

"ඉතිං?..."

"ඉතිං හැම සිකුරාදම වගෙ අනිවාර්යයෙන් එහෙ ඉඳල කෝල් එකක් දෙනවලු ඇලිස් අම්මට" 

"ඇලිස් අම්මලයි ගෙදරට ටෙලිෆෝන් තියනවද?" මම ෆුල් සීරියස් පිට ඇහුව. 

"විකාරද අනේ? මම කිව්වෙ පන්සල තියෙන්නෙ ඔය ඇලිස් අම්මලගෙ ගෙවල් කිට්ටුව. සිකුරාද කලින් කතා කරගත්ත වෙලාවකට පන්සලට එහෙ ඉඳල ඒ කෙල්ල කෝල් එකක් දෙනව. ඒ වෙලාවට මම හිතන්නෙ ඇලිස් අම්ම හරි එයයිගෙ මනුස්සය හරි ගිහිල්ල ඉන්නව...."

"ඉතිං දැං මොකද වෙලා තියෙන්නෙ?"

"දැං වෙලා තියෙන්නෙ මාස දෙකක වගෙ ඉඳල ඒ ළමය කතා කරල නෑ. ඇලිස් අම්ම හොඳටම බය වෙලා ඉන්නෙ..."

"ආ...එහෙමද?"

මම ඇඳෙන් නැඟිටල නිදාගන්ට ඇන්දපු මගෙ පරණ ෂර්ට් එක ගලවල අල්මාරිය මුල්ලෙ තිබ්බ කිලුටු ඇඳුම් දාන ප්ලාස්ටික් බාල්දියට දැම්ම. එයයිලගෙ ගෙවල් පැත්ත හරිම සීතලයි. රෑට කොහොමත් ෂර්ට් එකක් නෑඳ නිදියන්නම බෑ. කොහොමත් ඒ පැත්ත සීතලවට අමතරව මම ඔය කියන කාලෙ වහලට උළු හෙවිල්ලල සිවිලිං එහෙමත් නැතුව තිබ්බ හින්ද තවත් සීතලයි..පස්සෙ මේ පහුගිය කාලෙ උළු අයින් කරල ඇස්බැස්ටස් දාල සිවිලිනුත් ගැහැව්ව.

"ඔව්,...දැං ඔය ඇවිල්ල ඉන්නෙ ඒ ළමය වැඩකරන ගෙදරට මෙහෙං කෝල් එකක් අරංවත් බලන්ටෙයි කියල..කමක් නෑ නේද? ඉන්ටර්නැෂනල් හින්ද ගානනං ටිකක් වැඩි වෙයි..." ඈ මා දිහා බලල ඇහුව..

"හ්ම්ම්ම්..කමක් නෑ. අසරණ මිනිස්සුනෙ...අනික කරදරයක් වෙලා තියන වෙලාවක්නෙ.."

"ඔව් අනේ මමත් හිතුවෙ එහෙම තමයි.."

"ඒ උනාට මම හිතන්නෙ නෑ මේ වෙලාවෙ කෝල් එකක් ගත්තට වැඩක් වෙයි කියල.."

"ඇයි ඒ?"

"එහෙ වෙලාව මෙහෙට වඩා වෙනස්නෙ අනේ.."

"අප්පටසිරි එහෙමත් එකක් නේද?"

"ඔව්..දැං වෙලාව හතට කාලයිනෙ.." මම ඔරලෝසුව දිහා බලල කිව්ව. "මම හිතන්නෙ ඔය මිඩ්ල් ඊස්ට් රටවල්වල වෙලාව අපිට වඩා පැය තුනක් විතර පස්සෙං ඉන්නෙ.."

ලෝකෙ රටරටවල වෙලාව වෙනස් වෙන විදිහ ගැන අපිට හයේ පන්තියෙදි සමාජ අධ්‍යයනය විෂයට පණ පිහිටුවල වගෙ කියල දුන්නෙ ඒ විෂයය උගන්නපු ජයසේකර මහත්තය. අන්න නියම ගුරු දෙවිවරු. තමන් කරන රාජකාරියට අබංකව තමන් කරන්නෙ රාජකාරියක් නෙවෙයි දේව කාරියක්ය කියල හිතල ළමයින්ට උගන්නපු නියම මහත්වරු. 

(ඔය අබංක කතාව කියන්නෙ කාලෙකට ඉස්සෙල්ල ජනූගේ කතා කියල බ්ලොග් එකක් ලියපු අපේ ජානුස් ගොයිය. මීට ඔඹේ අබංක සෝමා...හෙහ්..හෙහ්.. ඒ යෝදි අපේ අර අන්දර මල්දමේත් සාමාජිකාවක්)

මම ඔය කියන ජයසේකර මහත්තය ඒ දවස්වල කියල දුන්න ලෝක ගෝලය අංශක 360 කට බෙදලයි තියෙන්නෙ ඒ එක අංශකයකට මිනිත්තු හතර ගානෙ තිබ්බම මිනිත්තු 1440ක් එනවය. ඒ මිනිත්තු 1440 / 60 = පැය 24 ක්ය. ඒ කියන්නෙ දවසක්ය. එතකොට සම්මතය හැටියට ලෝකෙ පුරා වෙලාව දක්වන්නෙ ග්‍රීනිච් මධ්‍යාහ්න රේඛාවෙ ඉඳලය. එතන තමයි 0 හැටියට ගණන් ගන්නෙය. GMT කියන්නෙ ඒකය. GMT එකට පොළවෙ අංශක 180 එහා පැත්තෙ තියන සිරස් රේඛාවට කියන්නෙ ජාත්‍යන්තර දින රේඛාව කියලය. ඒ රේඛාව ජාත්‍යන්තරව සම්මත කරගෙන තියෙන්නෙ රටක් උඩින් යන තැන් වලදි ඒ රටවල් මඟ ඇරෙන විදිහටය. ඒ එක්කම ජාත්‍යන්තර දින රේඛාව පහු කරල වමේ ඉඳල දකුණට යනවනම් දවසක් අඩුවෙනවය. ඒ වගේම දකුණෙ ඉඳල වමට යනවනම් දවසක් වැඩි වෙනවය. ඔන්න ඔය විස්තර ඔක්කොම එතුමා කියල දුන්න ආය නෑ පණ පිහිටෙව්ව වාගෙ.

ඔය ජාත්‍යන්තර දින රේඛාව ගැන ඇත්තම කිව්වොත් බොහොම දෙනෙකුට හරි අවබෝධයක් නෑ. එතනදි දවසක් එහාට මෙහාට පනින්නෙ කොහොමද? එතකොට එහෙම වෙන්නෙ කොහොමද? කියන එක බහුතරයක් උදවිය දන්නෙ නෑ. 

දැනට අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මෙහෙ තිබ්බ පොඩි සාදයකදි ඔය දින රේඛාවෙ කතාව ඇදිල ඇවිල්ල ඒකෙ තියරි එක එතන හිටපු එක පකිරින්තුවෙකුට පැහැදිලි කරන්ට ගිහිල්ල මගෙ ඔලුව නරක් උනා. කොහොමත් අපි දෙගොල්ලම දෙකක් දාලත්නෙ හිටියෙ. අන්තිමට අර හතර බීරි කතාව වගෙ වෙලා ගුටි ඇනගන්නෙ නැතුව ජාම බේරාගත්තෙ බොහොම අමාරුවෙන් ඔන්න කොටින්ම කිව්වොත්..

ආ....තව එකක් කියන්ට තියනව. ඔය ජාත්‍යන්තර දින රේඛාව ගැන අමතක වෙච්චි නිසා තව පොඩ්ඩෙන්නම් තමං අල්ලපු ඔට්ටුවකින් නිරපරාදෙ පරදින්න ගිය මනුස්සයෙක් ගැන දඔය අය දන්නවද? ඒ ඇවිල්ලා මිස්ටර් ෆීලියාස් ෆොග්. එතුමා ඉන්නෙ ජූල්ස් වර්න් නම් ප්‍රංශ ලේඛකයා ලියාපු "Around the world in 80 days" නම් වීර චාරිකා (Adventure) කතාවෙ.

ඒ කතාවෙ සිංහල පරිවර්තනයක් මම කියෙව්ව අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ තිබිල. කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකේ. ශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ල...බුද්ධදාස විතානාරච්චි එතකොට එඩ්වඩ් ජයකොඩි එහෙම අපේ ඉස්කෝලෙ කීර්තිමත් ආදි ශිෂ්‍යයො...

අර ලෝකය වටේ අසූ දවසකින් කතාව රූපවාහිනියෙ ප්‍රචාරය වුනා මට මතක විදිහට අසූව දශකයෙ අග භාගයෙ විතර. පස්පාටු කියල ප්‍රංශ ජාතික සහායකයෙක් හිටිය ෆීලියාස් ෆොග්ට. හෙණ විසාල උඩු රැවුලක් එහෙම තිබ්බ පස්පාටුට. අර "Handlebar mustache" කියන්නෙ. අන්න ඒ ජාතියෙ එකක්. සිංහලෙන් නම් බයිසිකල් හැන්ඩ්ල් උඩු රැවුල...

මේ..ළමයි..මෙහෙම කරමුද? මම මේ පසුබිම හදාගෙන හදාගෙන ආවෙ පහුගිය සතියෙ වෙච්චි ඉතාම වැදගත් සිදුවීමක් ගැන පොඩි සටහනක් ලියන්න. ඇත්තම කිව්වොත් ඉතාම වැදගත් සිද්ධියක් උනාම මම දැක්කෙ නෑ කිසිම මාධ්‍යයක ඒ ගැන එක අකුරක්වත් ලියවිලා තියෙනව. ඒක තමයි ඒකෙ අවයවය. කිසිම වැදගැම්මකට මල විකාර ගැන නම් පිටු ගනං ලියයි.පැය ගනං කියවයි. හෙහ්..හෙහ්..බලාගෙන යනකොට මම කරල තියෙන්නෙත් ඒ වගෙ එකක් නේ?..

හරි හරි ඒක මොකක් හරි..අද සිකුරාද...මට අද තියනව දිවා භෝජන සංග්‍රහයකට සබභාගි වෙන්ටත්. දිවා ආහාරය කුම් මධු සාදයක්..ඒ හින්ද මම මෙහෙම කරන්නද? අදට කතාව මේ ඇති. අනිවාර්යයෙන්ම දවස් දෙක තුනක් ඇතුලත ඇත්තටම මට ලියන්ට ඕන කරල තිබ්බ කතාව ලියල දාන්නම්ය. මොකෝ ඔහෙල කියන්නෙ? එහෙම හොඳයි නේද? හරි හරි හොඳයි හොඳයි..

පලි - පොඩි ඉඟි බිඟියක් නොහොත් "Clue"  එකක් දෙන්නං. මම ලියන්ට ආපු කතාව අර ඇලිස් අම්මගෙ කතාවට බොහොම සමානයි. ඒ කියන්නෙ බොහොම දුර බැහැරක ඉන්න ඉතාම කිට්ටු ඥාතියෙක්වගෙ කෙනෙක්ගෙන් or else හදවතට ඉතාම කිට්ටු කෙනෙක් ගෙන් දීර්ඝ කාලයක් තිස්සෙ කිසිම පණිවිඩයක් හෝ හෝඩුවාවක් නැති හින්ද උත්සාහය අතහැර දමීමක් ගැනයි මට ලියන්ට ඕමනා උනේ...

ලි මේකට දාන්ට කියල ජානුසාගෙ බ්ලොග් එකේ ලින්ක් එකක් හොයද්දි   පරණ ලියපු  බ්ලොග් පෝස්ට් එකකට මයෙ පාටකයො දාපු මරු කමෙන්ට්ස් ටිකක් හම්බ වුනා. මම අර මේ ලියන විකාර එකතු කරල පොතක් ගහන්ට හිතාගෙන ඉන්නවයි කියල කිව්වම ඒකට ආපු ප්‍රතිචාර..

Just could't resist re-posting  here ...:)

දුම දාල අරව මේව ඔක්කොම ඉවර උනාට පස්සෙ අන්තිම මොහොතෙ හරි සරෝජනී කන්ද නැග්ග මදැයි.

ඔය පොතේ අන්තර්ගතය පටං ගන්න ඉස්සෙල්ල මේකෙ කොමනේට් කරන කට්ටියගෙ අදහස් ටිකක් දාන්න වෝනිං එකක් විදියට. නැත්තං පොත කියෝන එකාටත් ICU එකේ තමයි නවතින්න වෙන්නෙ.
ReplyDelete
Replies
  1. ප්‍රසන්න,

    යස්, යස් දාන්න ඕන දැං අර සිගරට් පැකට් එකේ දානව වගේ..

    රජයේ අවවාදය - අධික රුධිර පීඩනයෙන්, ජලභීතිකාවෙන් සහ බාලක පක්ෂාඝාතයෙන් පෙලෙන්නන්ට අහිතකර විය හැක. Author's Warning - Read At Your Own Risk.
    Delete
  2. ඔහොම නෙවෙයි රවියො ඒවා දාන්ට ඕන.. දැන් ඔය paperback එකක් එහෙම ගත්තහම ඒකෙ මුල්ම පිටුවෙ දාලා තියෙන්නෙ මෙන්න මේ වගේ කෑලි..

    "The major fantasy of the decade... compulsively readable..
    -The Washington Post-

    "Such a splendid tale and such a fantostorical!"
    -Chicago Sun-Times-


    අපිත් දාමු ආන්න එහෙම කෑලි ටිකක්..

    "මූට පිස්සු නැත්තං අපට ෂෝක්!"
    -බින්දි-

    "කතාව පසෙක ලා මම නිදියෑමි. එතරම්ම උත්කෘෂ්ටය!"
    -හැලපෙ-

    "වාංපතුල දෙවන පොතේදීවත් ඒවියැයි මග බලා සිටිමු"
    -Dude-
    Delete
  3. මල් කඩන, කොස් කපන ගෑණු ළමයි ඊගාව ආත්මයේදිවත් නැවත හමුවේයැයි බලා සිටිමු.
    Delete
  4. Bura,

    " He has perfected the art of dancing around the maypole or shall I say dancing around the mulberry bush to a new height " - Bura

    " Unputdownable. I had to take it out & burn it to cinders. " - Pra Jay

    " Had to cry when I thought oh…what nonsense passes as memoirs these days" - Dude

    " I strongly recommend reading this book to anyone suffering from chronic constipation " - Thisara

    " When I reached the last page my only thought was thank God it's over" - Pathum
    Delete
  5. ප්‍රසන්න,

    ඊලඟට එන අටවෙනි ආත්මෙ ඉඳල තමයි බං ඒ කොස් කපන, මල්වලට වතුර දාන ගෑණු දරුවො ආස්සරේ කරන්න වෙන්නෙ. අපෙ උන්දැ මාව ඉසරහට එන ආත්ම හතකට බුක් කරලයි තියෙන්නෙ..:(

39 comments:

  1. පරණ කොමෙන්ට් නැවත පල කිරීම තරයේ හෙලා දකිමු. ඔවු හිටගෙන.
    සභාපති කො.ක.ස.

    කොස් කපන ගෑණු ලමයනං යන්තං බෙරල දැම්ම. ඒත් අර නිල් කට්රොල් කෑල්ල එහෙම මේ කපේදිවත් එයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නිල් කට් රොල් මල් යුවතිය නොහොත් අහල්‍යා පිලිබඳව ද නුදුරු අනාගතයේදීම ලියන්නට අදහස් කොට සිටින්නෙමි ගරු සභාපති තුමනි!

      Delete
  2. //ඉතිං කොහොමින් කොහොමින් හරි ඒ දවස්වලම ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙච්චි එක ටෙලිෆෝන් හම්බවෙනකොට මම මහවැලියෙන් අස්වෙලා අපි දෙන්න බකමූණෙං ඇවිල්ලත් එක්ක//
    ඕක මොකක්ද දැනට අවුරුදු දහයකට විතර කලින් රෙජිස්ටර් වෙච්ච අපේ ගෙදරට පාරෙ කේබල් 4 ක් විතර ගිහිල්ල තියෙද්දිත් කනෙක්ෂන් දෙන්න ටෙලිකොම් එකට ඕනකමක් නැති එකේ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අඩේ දැනුත් එහෙමද?

      Delete
    2. නෑ දැන්නං ඉල්ලපු ගමං දෙනව මං හිතන්නෙ. ඒත් අපි පස්සෙන් ගිහිල්ල මතක් කළේ නෑ. එකපාරක්නං ලියුමක් එවල තිබුන ලයින් එක ඕනනං කියන්න කියල.

      Delete
  3. මේ ඒක නෙමෙයි බොලාට හොඳටම ශුවර්ද වර්ල්ඩ් කප් එක ගත්තෙ ලංකාවෙ ටීම් එකක් කියල. වෙන පැරලල් විශ්වෙකිං ආපු සෙට් එකක් එහෙම නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මේ ටිකේ මැච් බලනකොට නම් එහෙම තමයි හිතෙන්නෙ..අන්න ගියා අප්‍රිකාවට..

      Tsamina mina eh eh
      Waka waka eh eh

      It's time to eat from Africa.....

      Delete
  4. එහේ යි ඇලිස් අම්මයි එකතුවෙලා ඔහේ ට හොඳ බිලක් දාන්න ඇති මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔව් ඔව්..සෑහෙන බිලක් ගෙව්ව ඒ දවස්වල.....

      Delete
  5. එතෝට ඔයැයි සෙම්මේරිස් ගියෑ? කොයි කාලෙද කිව්වොත් අපි අදුරන හිපාටුවන්ගෙනුත් අහල බැලියෑකි.

    ReplyDelete
    Replies
    1. බොට ලැජ්ජාවක් ඇතුව මේ මනුස්සය ගැන ඇහැව්වහැක්ද ලොකූ.

      Delete
    2. ඒකෙ උගන්නපු ටීචර් ලගෙන් ඇහුවොත් කියයි ඒකලෙ දුන්න ගෙදර වැඩ කරල ගේනකම් තවම ඒගොල්ලො බලාගෙන ඉන්නව කියල lol

      Delete
    3. ඇයි ඒ කාලෙ රවියට ලවු ලෙටර් දුන්න කෙල්ලො කියයි ඒවට උත්තර එනකල් එයැයිල තාම බලං ඉන්නවැයි කියල.

      Delete
    4. ලොක්කා,

      මම පළවෙනි ශ්‍රේණියට ඇතුලත් වුනේ 1969 අවුරුද්දෙ...ඉස්කෝලෙන් අයින් වුනේ 1976 අවුරුද්දෙ අන්තිමට..

      ඒ කාලෙ සේන්ට් මේරීස් ක්‍රිකට් ටීම් එක නොම්මර එකයි.අනුර ජයසිංහ, ඩෙනිස් පීරිස්, චාල්ස් තිරිමාන්න, කපිල ප්‍රනාන්දු ..අපේ ටීම් එකේ හිටපු දක්ෂ ක්‍රීඩකයො..

      Delete
    5. ඉයන් සහ ප්‍රසන්න,

      අඩෝව්..නිකං නෝන්ඩිය දාන්ට එපල්ල හරී?

      Delete
  6. Oya hiri wetena lede matat nan hari hariyatama tyei,

    ReplyDelete
    Replies
    1. ගීතිකා,

      ඔව්..ඔව්..සමහරවෙලාවට බොහොම වේදනාකාරියි...:(

      Delete
  7. හ්ම්.. මදැයි... දැන් ඉතින් තව දවස් දෙක තුනක් බලන් ඉන්න එපැයි... :(

    ReplyDelete
    Replies
    1. තුශානි,

      හරි හරි ඉවසපං ඉවසපං..අඟහරුවාද නොවැරදීම දානවා...;)

      Delete
  8. 97 ඉල්ලලා 99 තමයි අපිටත් ටැලිපෝන් හම්බුනේ.. එදා ඉඳල සැලකිය යුතු කාලයක් අපිටත් තිබ්බ ඔය වගේ කොන්ත්‍රාත්.. කොටිම්ම ඒ දවස්වල අපේ ගෙදෙට්ට කාඩ්ඩෙකකුත් වැදිලා තිබ්බ ටැලිපෝන් ගෙදර කියල.. අපේ අම්මටත් මොකෝ.. මම නේ බිල් ගෙවුවේ.. හෙහ්.. ඒ කාලේ රස්සාවක් කරන තනිකඩයෙක් නිසා හොඳයි.. කියන්ට ගිය එකේ උණුහුම යන්ට කලින් කියල හිටියනං ඔය බේබදු කම පස්සට දාල.. සේහ්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාන,

      මල්ලි උඹ ඒ වෙනකොට නේවි ගිහිල්ල නැද්ද? මොකද මම හිතන්නෙ ඒ කාලෙ ෆෝසස් වල උදවියට වේටිං ලිස්ට් එකට පිටින් ටෙලිෆෝන් දුන්න...

      Delete
    2. අනු හතේ පළවෙනි පඩිය ඇරියස් එක්කම අරගෙන තමයි සල්ලි බැඳලා ඉල්ලුම් කරේ.. අපි ට්‍රේනින් එවුන්ට මොන වරප්‍රසාද ද? පාස් අවුට් වෙන කාලේ වෙනකොට නෝමල් කෝස් එකේ වේටින් ලිස්ට් එකෙන්ම හම්බ වෙලා.. :)

      Delete
  9. //ඊලඟට එන අටවෙනි ආත්මෙ ඉඳල තමයි බං ඒ කොස් කපන, මල්වලට වතුර දාන ගෑණු දරුවො ආස්සරේ කරන්න වෙන්නෙ. අපෙ උන්දැ මාව ඉසරහට එන ආත්ම හතකට බුක් කරලයි තියෙන්නෙ..:(// මේක නම් හරිම කියුට් අනේ. :) අපිත් ප්‍රර්ථනා කරනවා ඔන්න, හැමදාම සෙනෙහෙන් ඉඳලා කවදාහරි එකටම නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියල.

    ඔය ආරංචියක් නැති උනාම දුක් වෙන එක, ඒක මේ දූලගේ ලෙඩක් මම නම් කියන්නෙ. මම හැමදාම කතා කරනවා අම්මට. මගේ වේලාවෙන් 5ට විතර තමයි අම්මා මට ගන්නේ, එතකොට අම්මට දහයාමාරයි, නිදියන්න ගිහින් තමයි මට රින්ග් කරලා මා එක්ක දොඩන්නෙ. ඒත් එක දවසක හරි නිදියන්න රෑ වෙලා, හය විතර වෙනකම් අම්ම මට කෝල් කලේ නැත්නම් ඉතින් මට හරි අප්සට්. අපේ අම්මට මා එක්ක කතා කරන එක එච්චරටම ගානක් නෑ, අක්කයි, අයියයි, පොඩි පුතයි එක්ක එයා බිසී. මට එහෙම නෙවෙයි නේ ඉතින්.

    මේක අමතක වෙන්න කලින් ඉතුරු ටිකත් ලියන්ට.

    ඔය නාවල බකමූණ පාරේ තියන කන්දෙපිටවල පාලම කියල එකකට තමයි අපි මුලින්ම ට්‍රේනින් යන්න හිටියේ. එහෙම හිතන් අපි හෙඩ් ඔෆිස් ගියාම, අපට පත්වීමේ ලිපි දුන්නා කල්ලඩි යන්න. පස්සෙ ආරංචි වුණු විදියට ඒ දවස් වල බකමූණ පාලමේ ඩිසයින් එක වත් ඉවර නෑ ලු. කල්ලඩි යවනවා කිවුවොත් අපි වෙන කම්පැනි එකකට යයි කියල හිතල තමයි අරම කියල තියෙන්නෙ. ට්‍රේනින් ගියාමත් මුල් මාසේ ඉවර වෙනකම් විතර ගෙදර යන්න ලැබුණේ නැහැ, එයාල හිතල තියෙන්නේ අපි ගෙදර ගියාම වෙන තැනක ට්‍රේනින් හදාගෙන නෑවිත් ඉඳීවි කියල. බකමූණ පාරේ ට්‍රේනින් හිටියත් ඉතින් රවී තුමාව හම්බෙන එකක් නෑ, ඒ වෙද්දී ඔබතුමා විප්‍රවාස වෙලා.

    ReplyDelete
    Replies
    1. ෂහ් ! අපරාදේ. එහෙම වුණානම් කොස් කපන හරි දෙල් කපන කථාවන් එමා ගැනත් ලියවෙන්න ඉඩ තිබ්බ.

      Delete
    2. මානවික්ස්,

      /අපිත් ප්‍රර්ථනා කරනවා ඔන්න, හැමදාම සෙනෙහෙන් ඉඳලා කවදාහරි එකටම නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියල./

      හප්පා..ඒක හරියන කෙලියක් නෙවෙයි බාං...එයයි එක්කම නිවන් දකින්ට හිටියොත් මට මේ මහා භද්‍ර කල්පෙදි ඔය වැඩේ කොරගන්ට වෙන්නෙ නෑ....."අය නිවං..ඔන්න ඔහෙ ඉන්නව විකාර නැතුව.." ඔන්න ඔහොම කියල මාව මේ සංසාරෙටම බැඳල තියාගනියි ඒ යෝදි..මම දන්නෙ නැතෑ උන්දැගෙ තරම..

      ඒ මොක වුනත් ඒ අපූරු ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි..

      විජේ මල්ලිගෙ අර ලස්සන ගීතයත් මතක් වුනෙමි.

      සැරයටියෙන් අපි යනෙන තුරා
      සංසාරේ අපි එකට ඉමූ
      සැරයටියෙන් අපි සමුගන්නාදා
      ඒ ගමනත් අපි එකට යමු

      ජීවන මං පෙත මලින් සැදී ගීය
      යුගයක නොව ඔබ හමු වූයේ
      කටු කොහොලින් පිරි කලල් වියේ මා
      තනිව මියෙද්දිය හමුවූයේ

      මින් මතු මංපෙත මලින් සදන්නෙමි
      ළතැවුල් සෝ ගී නෑසෙන සේ
      පමනක් නොව මේ සංසාරේ
      උපදින වුව මතු සංසාරේ

      මතු සංසාරේ මා හුරුබුහුටිව
      පෙම් කරන කල එලඹෙනදා
      කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
      පතනෙමි සසරින් නික්මෙනදා

      /ඔය නාවල බකමූණ පාරේ තියන කන්දෙපිටවල පාලම කියල එකකට තමයි අපි මුලින්ම ට්‍රේනින් යන්න හිටියේ. /

      නාවල නෙවෙයි බොල නාවුල නාවුල...

      මොරගහකන්ද ජලාශය නිසා ඉඩ කඩම් අහිමිවුනු අය පදිංචි කලේ ඔය කන්දපිටවල. මැදිරිගිරියෙ යන්ට කැමති වෙච්චි අය එහාට යැව්ව. අනික් අයට ඔතන කන්ද පිටවල ඉඩම් දුන්න.

      1997/98 විතර ඔය මොරගහ කන්ද ව්‍යාපෘතිය සැළසුම් කරන කාලෙ කොළඹ මොකක්ද ප්‍රයිවට් කන්සල්ටන්සි ෆර්ම් එකකට තමයි බාර දීල තිබ්බෙ ඔය අවතැන් වෙන අය ගැන ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදන්ට. පවුල් කීයක් අවතැන් වෙනවද? එයාලට වන්දි විදිහට කීයක් ගෙවනවද? එතකොට ඉඩම් දෙන්නෙ කොහෙන්ද? අන්න ඒ වගෙ විස්තර.

      මම හිතන්නෙ මහවැලි මිනිස්ට්‍රි එකේම වැඩකරල රිටයර් වෙච්චි ලොක්කො කීප දෙනෙක් ඔය වැඩේටම අටවගත්තු ෆර්ම් එකක් ඒක..හෙහ්,හෙහ්.. හරි ඒ කොහොම හරි ඒ ප්‍රොජෙක්ට් ටීම් එකත් එක්ක සම්බන්ධීකරණ කටයුතු වලට අපේ ඔෆිස් එකෙන් දාල හිටියෙ මම. ඒ දවස් ටිකේ ඔය අඹගස්වැව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ මින්නේරිය දියසෙන්පුර දිහා හැම තැනම ඇවිද්ද. ඒ චාරිකාවත් බොහොම අපූරු අත්දැකීමක්...

      /අපට පත්වීමේ ලිපි දුන්නා කල්ලඩි යන්න./

      කල්ලඩි හිටපු කාලෙ ඔය පෙට්රල් ඇදල විකුණපු සීන් එකක් ගැන ඔයා කලින් දවසක බ්ලොග් එකේ ලියල තිබ්බ නේද?

      /බකමූණ පාරේ ට්‍රේනින් හිටියත් ඉතින් රවී තුමාව හම්බෙන එකක් නෑ, ඒ වෙද්දී ඔබතුමා විප්‍රවාස වෙලා./

      විප්‍රවාස වෙලා ඇති මම හිතන්නෙ..විප්‍රවාස වුනේ 2008 අවුරුද්දෙනෙ. මම හිතන්නෙ ඔබතුමී ට්‍රේනිං යන්ට ඇත්තෙ ඊට පස්සෙ වෙන්ට ඕන. කොහොමත් මම බකමූනෙන් ආව 1999 අවුරුද්දෙ..

      Delete
    3. ඉයන්,

      දැන් උනත් අවුලක් නෑ..මානවිකා කන්දපිටවල ට්‍රේනිං ආවය එතන Co-ordination වලට මහවැලියෙන් මාව දැම්මය කියල උපකල්පනය කරල එහෙම කතන්දරයක් ලියන එක ඒ හැටි දෙයක්ය? :)

      Delete
    4. වට් අ බ්‍රිලියන්ට් අයිඩියා. මානවික්ස් අකමැති නැත්නම් නියම වැඩේ. අනික් කථාත් එක්ක ලියල ඉවර කරන කොට 2050 වත් වෙයි. ඒකට මොකද? අනික එයාගෙන් ඉන්පුට් අරගෙන ලිව්වොත් තවත් හොඳයි. ඒ කියන්නේ කොස් කපනවද? දෙල් කපනවද? එහෙම නැත්නම් මැල්ලුම් ලියනවද වගේ දේවල්. නැත්නම් අලියො ඉන්න එකද්ද පිඹුරො ඉන්න එකද්ද වගේ දේවල්.

      Delete
    5. මේ යන හැටියටනං බෙලි කපන්න තමයි වෙන්නෙ. හැක්..

      Delete
    6. රවී තුමා,

      //සැරයටියෙන් අපි සමුගන්නාදා
      ඒ ගමනත් අපි එකට යමු//

      සැරයටියෙන් නෙවෙයි අනේ සංසාරෙන් සංසාරෙන්. :)

      සංසිඳුවා සිත පහන් කරන්නෙමි
      මේ පෙම කුළුඳුල් පෙමය සිතා
      එන්නෙමි පසුපස සංසාරේ
      කැපවෙමි ඔබ සිත ගැනම සිතා

      ඔය සින්දුවට මමත් ආසයි, හැබැයි පොඩි පරහක් තියනවා නේද, ලියල තියෙන්නේ සන්සාරෙයි භවයයි පටලාගෙන වගේ.

      නාවුල තමයි නාවුල තමයි. :)

      //කල්ලඩි හිටපු කාලෙ ඔය පෙට්රල් ඇදල විකුණපු සීන් එකක් ගැන ඔයා කලින් දවසක බ්ලොග් එකේ ලියල තිබ්බ නේද?//

      ඔව් මම බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්ම මතකයි. බ්ලොග් එකේ ලියල ඇති ඒ ඉන්නකොට වෙච්චි ඇක්සිඩන්ට් එකක් ගැන. ඔබ තුමාත් කමෙන්ට් කරලා තියනවා ඒකෙ. ඉන්ටකො වෙලාවක් ලැබුණ එකේ ඇඩ් එකක් දාන්නම් මුදල් නොගෙවාම. කමක් නෑ නේ.

      http://minisunathara.blogspot.com/2014/01/blog-post_15.html

      //මම හිතන්නෙ ඔබතුමී ට්‍රේනිං යන්ට ඇත්තෙ ඊට පස්සෙ වෙන්ට ඕන. කොහොමත් මම බකමූනෙන් ආව 1999 අවුරුද්දෙ..//

      ට්‍රේනින් ගියේ 2012 නේ. 1999 තමයි අපි ශිෂ්‍යත්ව විභාගෙ ලිවුවෙ. :P

      Delete
    7. රවී තුමා, ඉයන් තුමා සහ ප්‍රසන්න තුමා,

      අර නවකතා තියෙන්නෙ, මුලින් කෙල්ල කියන විදියට කතාව යනව, පස්සේ පරිච්චේදයේ කොල්ල කියන විදියට කතාව යනව. (මේ ලඟක් වෙනකම් බ්ලොග් එකකත් එහෙම කතාවක් ගියා)

      එහෙම ලියත හැකි.

      රවී තුමා:

      හපොයි මේ අලුතින් ආපු ට්‍රේනීස් ල සෙට් එක නම් ගන්ට දෙයක් නැහැ, හෙහ් හෙහ්. වැඩ ඔක්කොම මුල ඉඳන් පුරුදු කරන්ට වෙල, වැඩ නම් පුරුදු කළා කියමු, ඒකටනේ ට්‍රේනින් එන්නෙ.

      අර කොල්ලො ටික කන්නෙ බොන්නෙත් නැහැ. අන්න ඒකට අපි ඔය වයසෙදි. හීන්වට අනුමත වෙලා, පාරේ ගල් කැට ටික වෙලට විසි කරගෙන තමයි ගෙදරත් ගියෙ. ඒ කතාව දන්නව නේද. මම ඕක කලින් දෙපාරක් විතර ලියලත් තියනව බ්ලොග් එකේ, කමක් නෑ ආයේ ලියන්නම් for the sake of completeness හෙහ් හෙහ්.

      දවසක මගෙ පරණ යාලුවෙක් අපෙ ගෙදර ආව මාව හම්බ වෙන්ට. ආගිය තොරතුරු කතාකරල මනුස්සය මට කිව්ව යමු බං එහෙනං හීන්වට මොනවහරි කරන්ට කාලෙකින්නෙ හම්බ වුනෙත් උඹව කියල. මාත් ඉතිං හාංය කියල ගියා කියමුකො.

      ......
      ......

      නකතං වෙන්ට දාල එකහමාරෙ මැටල් උඩිං රෑට රෑට රූට රූට එන එකෙත් මාරම ආතල් එකක් තියනව. ඒක පට්ට.....හෙහ්,හෙහ්

      දැන් ලිය ලිය හිටියේ මේ ට්‍රේනීස් ල ගැන නේ, හපොයි මදැයි ඒකත් අමතක වුණා. ඉතින් ඔය ආපු සෙට් එකේ කෙල්ලො දෙන්නෙකුත් ඉන්නවා, ඒ කෙල්ලො දෙන්නත් එහෙම තමයි, එවුන්ට අවුවෙ හිටගෙන ඉන්ට බෑ, කළු වෙනව කියල හෙවනට දුවනව. කෑ ගහල බසුන්නැහැ කෙනෙක් එක්ක කතා කරන්නෙ නෑ ලැජ්ජයි. ඒ මදිවට බාසුන්නැහැ ල ට නම කියල කතා කරන්න බෑ කියල අන්කල් කියල කතා කරන්නෙ, සිකේ.

      ඒකෙන් මේකෙන් ලියන්ට ආපු ටික ලියන්ට බැරි වුණානේ. ඒක ඊළඟ කොටසෙන් ලියන්නම්. බනින්න එපල්ල.

      මානවී:

      මේ සයිට් එකේ ඉන්න ගෙවලයෝ ටික මදිවට, මහවැලියෙන් Co-ordination වලට කියල එවල ඉන්නව එකෙක්, අලි මදිවට කොටි කියන්නැහේ. එවුන්දැත් ඊට හපන්. එහෙමට ලොකු වැඩක් කරන්නත් නැති එකේ, එවුන්දැගෙ වැඩේ බාසුන්නැහැ ල වට කරගෙන කතා කියන එක. හරියකට මුලක් මැදක් අගක් තියන කතා නම් තව ඉවසන්න හැකි. මේ ඉවරයක් නැති වැල්වටාරම් කියවන්නෙ. බාසුන්නැහැ ල ටත්, වැඩේ මගාරින්න නම් ඉතින් කතා බැරිනම් කවි උනත් අහවි. කොච්චර උනත් Co-ordination වලට ආපු මනුස්සය නිසා බාසුන්නැහැ ලට කතා අහන එක නවත්තල වැඩ කරන්ට කියල කියන්නත් බෑ මට. මෙහෙම ගියොත් මේ වැඩේ ඉවරයක් වෙන්නෙ නම් නෑ.

      ඒ මදිවට එවුන්දැ කියවන්නෙම කෙල්ලො ගැන කතා. අනේ මන්ද ඒ කාලේ හිටපු කෙල්ලන්ගේත් ඇස් පෙනීම බොහොම දුර්වල ඇති මම හිතන්නෙ.

      Delete
    8. කියෝලා දෙවෙනි සැරේටත් කියෙව්වා. මං මේ තාම හිනාවෙනවා! මේක මරු මානවී! :D :D :D

      Delete
    9. මානවී. 5 *. මරේ මරු. දෙන්නෙක් දෙපැත්ත ලියන කථා සිත්තමීල ලියල තියෙනවනෙ. බලාගෙන යනකොට රවී ගෙ ශෛලියට නියමෙට ලියන්න මානවීට පුලුවන්. රවීටත් ඔය බැරි එකක් නැහැනෙ. ඒ නිසා ඔයා රවී ගෙ වර්ශන් එක ලියන්න. රවී මානවීගෙ වර්ශන් එක ලියන්න.

      Delete
    10. //හරියකට මුලක් මැදක් අගක් තියන කතා නම් තව ඉවසන්න හැකි. මේ ඉවරයක් නැති වැල්වටාරම් කියවන්නෙ.//

      මේකටනම් රවීට ඇඬෙනව. පව් ඕයි

      Delete
    11. නියමයි මානවී… :D

      Delete
  10. හුරු ගතියක් දැනෙන පෝස්ට් එකක් කමෙන්ට්ස් ටිකක්..
    මරු..!

    ReplyDelete
  11. Unputdownable, have to carry the burden forever, like Atlas.

    ReplyDelete
  12. //අන්තිමට අර හතර බීරි කතාව වගෙ වෙලා ගුටි ඇනගන්නෙ නැතුව ජාම බේරාගත්තෙ බොහොම අමාරුවෙන් ඔන්න කොටින්ම කිව්වොත්..// බීපු උන්ට තියා හොඳ සිහි කල්පනාවෙන් ඉන්න එවුන්ටත් පැහැදිලි කරන්න අමාරු එකේ ඔයින් ගියා මදැයි… :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...