Tuesday, February 12, 2019

627. Good Bye Opportunity….Until We Meet Again!!!

Artist's Impression of Opportunity On Mars

පහුගිය සිකුරාද මම අර කියන්ට ආපු කතාව කියල අහවරක් කොරන්ට බැරි වුනානෙ.

වටේට පඳුරු තලල පසුබිම සකස් කරල ඉවර වෙනකොට වචන 1500 විතර වෙන්ටත් ආව. එතකොට ඒ අල්ල පනල්ලෙ මට ඉතා වැදගත් නොහොත් වැරි වැරි ඉම්පෝටඩ් ගමනකුත් යෙදිල තිබ්බ හින්ද මම ඒ ලියපු ටික එහෙම්මම පබිලිස් කරල නිකා හිටිය.

ගෙපල කපල බවුංඩේසන් දාල ඉවර වෙනකොට ගේ හදන්ට තියාගෙන හිටපු සල්ලි ටික ඉවර වුනා වගෙ වැඩක් මටත් උනේ..

ඔය කොළඹ නිදහස් මන්දිරේට පොඩ්ඩක් විතර එහා පැත්තෙ ශ්‍රී ලංකා පදනම් ආයතනය කියල එකක් තියනව දන්නව නේද? SriLanka Foundation Institute කියලයි ඉංග්‍රීසියෙං කියන්නෙ. ඕක හැදුවෙ ඔය හැත්තෑව දසකයෙ මැද බාගෙ වගෙ. ඕකට පදනං ආයතනය කියල නම වැටුනෙත් ඔය මේ පහුගිය සිකුරාද මට උනා වගෙ සීන් එකක් හින්ද. 

ඒ කිවෙ ඕකෙ බවුන්ඩේසම දාල ඉවර වෙනකොට බිල්ඩිම හදන්ට වෙන් කරල තිබ්බ සල්ලි අහවර උනා. ඒ පාර ආයෙම සල්ලි හොයාගන්න කල් ඔතන බවුන්ඩේසම විතරක් කැළෑ වැදිල තිබ්බ අවුරුදු ගානක්ම. ඇඹුල් පේර, මාදං, වල් ඇඹිල්ල එහෙම ඔය බවුන්ඩේසම වහගෙන හැදිල තිබ්බ හොඳ සාර සුබාවට. අපි ඒ කාලෙ සෙනසුරාද ඉරිද නැත්නං පෝය දවසට නාවල ඉඳල 173 තොටළඟ බස් එකේ නැඟල ඇවිල්ල ඔතන බැහැල ඔය ගඩා ගෙඩි කඩාගෙන කාල තව මහ හුඟක් පෝර මල්ලක එහෙම දාගෙන ඇරගෙනත් යනව. ඒ කාලෙ ඔය සොපින් මලු එහෙම තිබ්බෙ නෑ. 

ඉතිං ආයම සල්ලි හොයාගෙන බිල්ඩිම අහවරක් කරන කල් ඔතන තිබ්බෙ බවුන්ඩේසම විතරක් හින්ද ඒ සිද්දිය සිහිවෙන්ට තමයි ඕකට සිරි ලන්කා පදනං ආයතනය කියල නම දැම්මයි කියන්නෙ.

හරි හරි දැං එමුකො කතන්දරේට..ඉතිං ඇලිස් අම්ම ඇවිල්ල දුවගෙන් කිසිම ආරංචියක් නැති විස්තරේ කියල ඇඬුව දෙඩුව කියල මම කලින් කිව්වනෙ.

"ඔව්,...දැං ඔය ඇවිල්ල ඉන්නෙ ඒ ළමය වැඩකරන ගෙදරට මෙහෙං කෝල් එකක් අරංවත් බලන්ටෙයි කියල..කමක් නෑ නේද? ඉන්ටර්නැෂනල් හින්ද ගානනං ටිකක් වැඩි වෙයි... " ඈ මා දිහා බලල ඇහුව..

"හ්ම්ම්ම්..කමක් නෑ...අසරණ මිනිස්සුනෙ...අනික කරදරයක් වෙලා තියන වෙලාවක්නෙ.."

"ඔව් අනේ මමත් හිතුවෙ එහෙම තමයි.."

"ඒ උනාට මම හිතන්නෙ නෑ මේ වෙලාවෙ කෝල් එකක් ගත්තට වැඩක් වෙයි කියල.."

"ඇයි ඒ?"

"එහෙ වෙලාව මෙහෙට වඩා වෙනස්නෙ අනේ.."

"අප්පටසිරි එහෙමත් එකක් නේද?"

"ඔව්..දැං වෙලාව හතට කාලයිනෙ" මම ඔරලෝසුව දිහා බලල කිව්ව."මම හිතන්නෙ ඔය මිඩ්ල් ඊස්ට් රටවල්වල වෙලාව අපිට වඩා පැය තුනක් විතර පස්සෙං ඉන්නෙ.."

එංගලන්තෙ අපිට වඩා පැය පහමාරක් පස්සෙං ඉන්නෙ කියල නම් මම ඒ කාලෙ ඉඳලම දන්නව. ඇයි ඉතිං ක්‍රිකට් තරඟ විස්තර ප්‍රචාර වෙලාවට අහන්ට නම් ඒ ඒ රටවල්වල වෙලාවෙ වෙනස්කම් ගැන මනා අවබෝදයකින් ඉන්නම වෙනව. 

ඕස්ට්‍රේලියාවෙ බටහිර වෙරළෙ ඔය පර්ත් එහෙම ගත්තම අපිට වඩා පැය 3 1/2 වගෙ ගානක් ඉස්සරහින් ඉන්නෙ. එතකොට නැගෙනහිර වෙරලෙ නගර නම් මට මතක විදිහට පැය පහමාරක් ඉස්සරහින්. මෙල්බර්න්, සිඩ්නි ඇඩිලේඩ් සහ බ්‍රිස්බේන්... නවසීලන්තය ගත්තොත් පැය හයාමාරක් හෝ හතක්. ඒ එක්කම ලෝකෙ අනික් පැත්තෙ වෙස්ට් ඉන්ඩීස් ගත්තොත් එහේ වෙලාව පැය 10 හෝ 10 1/2 අපිට වඩා පස්සෙන්. කිංග්ස්ටන්, බාබඩෝස්, පෝට් ඔෆ් ස්පේන්, ජෝජ්ටවුන්..

හරි හරි ඒ කාලෙ එක්කො මහ රෑවෙනකල් හෝ උදේ පාන්දර එලාම් එක තියල නැඟිටල හෝ පට්ට සීතලේ ඉහිං කනිං හද්ද පරණ බුලංකේට්ටුවකුත් පොරවගෙන මැච් අහපු විස්තර ආයම දවසක සවිස්තරව කියන්නං. අද ඒකට කාලය නෙවෙයි. කාලෝ නහී අයංතේ...

"එතකොට කීයට විතරද ඇලිස් අම්මගෙ කෝල් එක ගන්ට හොඳ?" ඈ ඇහුව. 

"ම්ම්ම්ම්..මෙහෙම කරමු මට හිතෙන විදිහට පැය තුනක් වගෙ ඇති ඔය මිඩ්ල් ඊස්ට් වලයි මෙහෙයි වෙලාවෙ වෙනස. අනික අද සිකුරාදනෙ..මම දන්න විදිහට එහෙ අද නිවාඩු දවසක්. එතකොට ඔය මිනිස්සු උදෙම්ම නැඟිටින එකක් නෑ. අපි හිතමු එහෙ වෙලාව උදේ දහයට වගෙ. ඒ කියන්නෙ මෙහෙ වෙලාව එකට වගෙ. ඇලිස් අම්මට කියන්ට ඒ වගෙ වෙලාවට එන්ටෙයි කියල"

"හරි එහෙම හොඳයි මම කියන්නම්කො.." ඈ නැඟිටල කාමරෙන් එලියට ගියා. 

කොහොම හරි ඒ කිව්ව විදිහට එදා දවල් වෙලා ඇලිස් අම්ම දුව කලින් දවසක දීල තිබ්බ නොම්මරේට කෝල් එකක් ගත්ත. පැය දෙකක් වගෙ ඇතුලත විනාඩි පහලවෙන් පහලවට වගෙ කෝල් ගත්තත් එහෙ රිං වෙනව විතරයි ඇහෙන්නෙ..කිසිම ප්‍රතිචාරයක් නොමැත.

අන්තිමට කොහොම හරි ඇලිස් අම්ම ඉකි ගගහම යන්ට ගියා..

"අනේ දෙයියා මට තේරෙන්නෙ නෑ මොනව කරන්නදෙයි කියල. මම ඉතිං මේ දේස දීපංකරේකට එහා ඉන්න ඒ ළමයට මොකක් උනාදැයි කියල කිසිම හෝඩුවාවක්වත් නැතුව කොහොමද දෙයියනේ හුස්මක් කටක් අරගෙන සැනසිල්ලෙ ඉන්නෙ?"

යන්ට කලින් අම්මගෙ අත්දෙක අල්ලගෙන අඬලයි ඒ අසරණ මනුස්සය යන්ට ගියේ. 

"පව් නේද?" ඇලිස් අම්ම විමලෙගෙ කඩේ ගාවින් එහා පැත්තෙ දෙවට දිගේ නොපෙනී යනකල් බලා ඉඳල ඈ දිග සුසුමකුත් හෙලල ආපහු ගෙට ගොඩ වුනා. 

"පව් නේන්නම්.. ඒත් ඉතිං මොනවයි කියල කරන්නද?" මම එහෙම කිව්ව....."එකම දේ ඉතිං කොහොම හරි පණිවිඩයක් දීගන්ට බලන එක තමයි. නැතුව ආය ඉතිං මොකෝ මොකද උනේ කියල බලන්ට එහෙ යන්ට කියලය?" 


It could be time to say goodbye to a beloved rover.

Opportunity and Spirit arrived on Mars within days of each other, at different locations along the planet’s equator, in January 2004, equipped with instruments to study the rust-colored soil. During the Martian winter, engineers directed the rovers to north-facing slopes, so that their solar panels could soak up as much sunlight as possible each day. When one of Spirit’s wheels stopped working, it kept going by driving backwards, dragging the defunct wheel behind it.

අමරිකාවෙ නාසා ආයතනය අඟහරු ග්‍රහයා ගවේෂණය කරන්නට Opportunity සහ Spirit යන නම් වලින් හැඳින්වුනු ජංගම රථ දෙක (මෙව්වා මේ රෝද හයක් තියෙන පොඩි මෝටර් රථ වගෙ එව්ව. ගොල්ෆ් ගහද්දි ගොල්ෆ් පිට්ටනියෙ එහා මෙහා යන්ට පාවිච්චි කරන්නෙ අර ගොල්ෆ් කාර්ට් කියල වාහන ජාතියක්. අන්න ඒ සයිස් කියල තමයි කියන්නෙ) එහෙට පිටත් කරල ඇරියෙ 2003 අවුරුද්දෙ අන්තිම කාලෙ. 2004 ජනවාරියෙ ඒ රථ දෙක අඟහරුගෙ සමකය ආසන්න ස්ථාන දෙකකට සාර්ථකව ගොඩ බැස්ස.


මේ රෝවර් යැවීමේ ප්‍රධාන පරමාර්ථය වුනේ අඟහරුගේ රත් පැහැති පස් පරීක්ෂා කිරීම සහ ඒ පිබඳව අධ්‍යයනය කිරීම. මේ රථ ක්‍රියා කරන්නෙ සූර්ය කෝෂ වලින් ලබාගන්නා විදුලියෙන්. 

අඟහරු පෘථිවියට වඩා සූර්යයාට දුරින් පිහිටීම නිසා ලැබෙන හිරු එළිය අඩුයි. අඟහරුගෙ ශිශිරකාලෙදි කොහොමත් බොහොම සීමා සහිත හිරු එළිය ප්‍රමාණයක් තමයි ලැබෙන්නෙ. ඉතිං නාසා ආයතනයෙ විද්‍යාඥයො කලේ අඟහරුගෙ ශිශිරයෙදි මේ රථ අඟහරුගෙ කඳුකර ප්‍රදේශ වලට යොමු කලා මොකද එතකොට ඒවට පුලුවන් ලැබෙන දුර්වල හිරු එළිය උපරිම ප්‍රමාණයක් උරාගන්ට. 

කොහොම හරි මේ අතර ස්පිරිට් රථයෙ දකුණුපස ඉදිරි රෝදය අක්‍රිය වුනා. ඒ 2006 අවුරුද්දෙ. ඊට පස්සෙ නාසා ආයතනයෙ ඉඳල ඒ රථ මෙහෙයවන උදවිය කලේ ස්පිරිට් රථය පසුපසට ධාවනය කරවීමයි. දැන් ඒ අක්‍රිය රෝදය නිකම්ම පස්සෙන් ඇදීගෙන එනව විතරයි. ඒත් ඒ වගෙ දුෂ්කරතා මධ්‍යයෙ උනත් අමාරුවෙන් හරි ස්පිරිට් ඉස්සරහටම ගියා.

මේ රථ මුලින්ම නිෂ්පාදනය කරද්දි අපේක්ෂා කලේ උපරිම දවස් 90 වගෙ කාලයක් ක්‍රියා කරයි කියලයි. ඒත් 2006 වෙනකොට ස්පිරිට් රෝවරය අවුරුදු දෙකක් අඟහරු ගවේෂණයෙ යෙදිල තියනව. ඒ නිසා දුෂ්කර පරිසරයක ඒ සා දීර්ඝ කාලයක් කිසිදු විවේකයක් නොමැතිව ගවේෂණයෙහි යෙදීම තමයි අර රෝදය අක්‍රිය වීමට හේතු වෙන්ට ඇති කියල නාසා එකේ කට්ටිය කියන්නෙ.

හැබැයි ඉතිං එහෙම බැලුවම අනික් රෝද පහත් ඒ විදිහටම වැඩ කලානෙ. 

"එතකොට හා මොකද එව්වට ආබාධයක් නැත්තෙ?" 

දෙයියම්ප නාසා එකේ ලොක්කො ඔය කතාව කියපු පුවත්පත් සාකච්ඡාවට මම ගියානම් මම අත උස්සල උඩපැනල නැඟිටල එහෙම අහන එකත් අහනව. නෑ මං අහන්නෙ එහෙම ගැටලුවක් මතු වෙන්නෙ නැද්ද තර්කානුකූලව හිතනකොට...හෙහ්..හෙහ්..එව්ව කොහෙද අපිත් එක්ක? නාසා එකේ ලුණු ගොරක මදි අපිව තම්බන්ට..අන්න එහෙමයි අපි...

"දොස්තර මහත්තයො මගෙ මේ දනිහෙ හිටපු ගමන් එනවනෙ ඉවසන්ට බැරි කැක්කුමක්…"

"කොයි දණිහෙද සීයෙ?"

"මෙන්න මේ වම් දණිහෙ මහත්තයො.."

"හ්ම්ම්ම්..ඉන්ට අපි බලමුකො..දැං සීයගෙ වයස කීයක් වෙනවද? "

"මට මේ ලබන පොසොන් මහට අවුරුදු අසූ හතක් මහත්තයො.."

"ආ...හරි හරි..මම හිතන්නෙ ඔය දණිහෙ කැක්කුම ඇවිල්ල වයස හින්ද එන එකක්.. ඒක එච්චර ගණං ගන්ට එපා හොඳද?"

"හුහ්..එහෙම වෙන්නෙ කොහොමද මහත්තයො?..මගෙ දකුණු දණිහටත් ඒ වයසමනෙ..කෝ ඒකෙ නැහැනෙ එහෙම කිසිම අමාරුවක්.."

"ඈ???..."

හැබැයි ඉතිං එක රෝදෙකුත් අද්දගෙන පස්සෙං පස්සට යමිං ගමං හරි තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කරපු ස්පිරිට් මල්ලිට 2009 අවුරුද්දෙ හරිම ඇබැද්දියක් වුනා. කොරේ පිටට මරේ කිව්වැහෙ අඟහරු මතුපිට හයියට වගෙ පෙනුන පස් තට්ටුවක් කඩාගෙන ස්පිරිට් මල්ලි ඊට යටින් තිබ්බ වැලි වගෙ සිනිඳු පාෂාණමය ද්‍රව්‍යයකින් පිරිල තිබ්බ වලක් වගෙ එකකට වැටිල එරුන.

ඉතිං මොකේදැයි දං වළඳන්නෙ? සයින්ද පීස් සකබෝනා කිව්වලු. ලොකු හමුදුරුවනේ හරි වැඩක් උනානේ පාත්තරෙ හිලක් උනානෙ..

ස්පිරිට් මල්ලිට මේ ජංජාලෙ වෙලා තියනවයි කියන්නෙ 2009 අප්‍රේල් 23 වෙනිද...ඊලඟ අවුරුද්දෙ ඒ කිව්වෙ 2010 මුල් මාස දෙක තුන වෙනකනුත් නාසා එකේ කට්ටිය ෆුල් භක්තිය දීල දහිරි දාල තියනව කොහොම හරි ස්පිරිට් මල්ලිව ගොඩ ගන්ට. ඒත් අර එක රෝදයක් අක්‍රිය වෙලා හින්ද වැඩේ සාර්ථක වෙලා නැහැ.

"අපි කොහොමත් දැනගෙන හිටිය ශිශිරෙ උදාවෙන්ට කලින් ස්පිරිට් ගොඩ අරගෙන හොඳට ඉර එළිය ලැබෙන කඳුකර ප්‍රදේශයකට අරගෙන යන්ට බැරි උනොත් ඔක්කොම හබක් තමයි කියල...." නාසා එකේ ස්පිරිට් සහ ඔපචුනිටි රෝවර් ව්‍යාපෘතියෙ ප්‍රධානියා එහෙම කිව්ව. "ඒ කියන්නෙ ඔය එරිල තියෙන තැනම ශිශිරය ගත කරන්ට සිද්ද වුනොත් ඒ තමයි ස්පිරිට්ගෙ අන්තිම ශිශිරය..."

කොහොම හරි නාසා කට්ටිය 2011 මැයි මාසෙ වෙනකල් උත්සාහ කරල තියනව ස්පිරිට් මල්ලිව අවදි කරවන්ට. ප්‍රමාණවත් හිරු එළිය ප්‍රමාණයක් නොලැබුනාම ස්වංක්‍රීයව දැඩි නිද්‍රාවකට පිවිසෙන්ට (Hibernate) තමයි ස්පිරිට් සහ ඔපචුනිටි දෙකම ප්‍රෝග්‍රම් කරල තියෙන්නෙ. 

ඒ හින්ද නාසා කට්ටිය හිතුවෙ ශිශිරයෙන් පස්සෙ එළඹෙන වසන්තයෙදි ආයමත් හිරු එළියෙන් Solar panels නැහැවුනහම ස්පිරිට් ඇඟමැලි කඩල අවදි වෙලා "හලෝ අයියලා කොහොමද?... ඔන්න මම නැඟිට්ටා ඉතිං මොකද මම දැං කරන්ට ඕන? මොනවද මගෙ අලුත් රාජකාරි?" කියල අහල නාසා එකට පණිවිඩයක් එවයි කියල.

NASA has sent its last plea to the silent rover Spirit, mired in a sand trap on the surface of Mars.

"Please phone home…."

With that, the space agency ended its efforts Wednesday to contact the workhorse robot geologist, which has been unresponsive for more than a year. Rather than spend time and money hanging onto faint hope, mission managers decided to turn their focus on Spirit's healthy twin Opportunity and prepare for the upcoming launch of the next Mars mega-rover.

ඒත් අවුරුද්දකටත් වැඩි කාලයක් ස්පිරිට් මල්ලිගෙන් හාවක් හූවක් නැති හින්ද 2011 මැයි මාසෙ නිල වශයෙන් ආයම ස්පිරිට් එක්ක සම්බන්ධ වෙන්න ගන්න උත්සාහයක් නසා ආයතනය අතෑරල දාල. දුකයි තමයි. ඒත් දෙයියනේ මොකද ඉතිං වෙන කරන්නෙ? 

"මොනවයි කියල කරන්නද මහත්තය? දැං මාස තුනකටත් කිට්ටු වෙන්ට ආව. මේ ළමයගෙන් කිසිම කිසි පණිවිඩයක් නැහැනෙ. ආයම මෙහෙට ඇවිල්ල මහත්තයලට කරදර කරන එකේ තේරුමකුත් නෑනෙ. මම ඔන්න ඔහෙ පන්සලට මලක් පහනක් පූජ කරල හාමුදුරුවන්ට දානයක් දීල හිත හදාගන්නව. මේක ඒ ළමයගෙයි මගෙයි දෙන්නගෙ පූරුවෙ කරුමයක් වෙන්න ඇති...."

"එහෙමම කියන්නත් එපා ඇලිස් අම්ම..අපි තව ටිකක් උත්සාහ කරල බලමු…" මම ඒ විදිහට කිව්ව උනාට ඒ ඒ හැටි විස්වාසෙකින් කියපු වචන කීපයක් නම් නෙවෙයි.

ස්පිරිට් මල්ලි වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කරනවනම් මරණයට හේතුව කියල ලියන්න වෙන්නෙ "ශිශිරයේදී දැඩි නිද්‍රාවට එළඹ යලි අවදි නොවීම මිය ගියේය" කියල තමයි.

එතකොට 2011 අවුරුද්දෙ ඉඳල ස්පිරිට් මල්ලි නිල වශයෙන් මිය ගියා කියලයි සැලකෙන්නෙ. ඒත් ස්පිරිට්ගෙ නිවුන් සහෝදරිය ඔපචුනිටි මේ පහුගිය අවුරුද්දෙ ජූනි වෙනකල් බොහොම හොඳට අඟහරු ලෝකෙ ජීවත් වුනා. සෙල්ෆි ගත්ත. උපන් දිනේට තමන්ටම හැපි බර්ත්ඩේ කියල කියාගත්ත. ඔපීගෙ උපන්දිනේ කියල සැලකෙන්නෙ එයා අඟහරු ලෝකෙට ගොඩ බැහැපු දිනේ. ඒ වගේම බොහොම අපූරු අඟහරු ඡායාරූප දහස් ගාණක් අරගෙන පෘථිවියට එව්ව. පස් සහ පාෂාණ සාම්පල මහ ගොඩක් අරගත්ත.

ඒත් All good things must come to an end eventually ....කිව්ව වගෙ 2018 ජූනි මාසෙ මුළු අඟහරු ග්‍රහයම වහගෙන මහ විසාල දූවිලි කුණාටුවක් ඇතිවුනා. ඔය මහා කුණාටුව හින්ද වියයුතු ලෙසම ඔපීගෙ බැටරි බැහැල ඒ යෝදි  ප්‍රෝග්‍රම් කරල තිබ්බ විදිහට හයිබර්නේට් මෝඩ් එකට ඇන්ටර් ද ඩ්‍රැගන් වුනා. අර "බට්ටි ලව්" කියන්නෙ අන්න ඒක...

චණ්ඩ මාරුතය සැප්තැම්බර් මාසෙ වෙනකල්ම පැවතුනා. සැප්තැම්බර් මාසෙ අග වෙනකොට තමයි යම්තමට ඉරු එළිය ඩිංගක් අඟහරු මතට වැටෙන්ට ගත්තෙ.

නාසා විද්‍යාඥයො හිතුවෙ ඉර එළිය වැටෙනකොට ඔපීගෙ බැටරි චාජ්වෙලා ඒ අම්මණ්ඩි ඇඟ මැලි කඩල නැඟිටල එහෙම "හලෝ ආයුබෝවන් ඔබ සැමට..." කියල නාසා එකට පණිවිඩයක් එවයි කියල. 

ඒත් කුණාටුව පහවෙලා ගිහිල්ල මාසයක් දෙකක් යනකනුත් ඔපීගෙන් හාවක් හූවක් නෑ.. ඒ පාර එයාල හිතුව සූර්ය කෝෂවල මතුපිට දූවිලි තට්ටු තට්ටු බැඳිල ඇතිය ඒ හින්දය බැටරි චාජ් නොවෙන්නෙ. මේ කාලෙ අඟහරු මතුපිට තද සුළං තියෙන හින්ද ඒ වගෙ සුළඟකින් දූවිලි ගහගෙන ගියාම ආයම ඔපී අවදි වෙයි කියල.

ම්හු ඒත් එහෙම උනේ නැහැ. ඒ හින්ද නාසා ආයතනයෙ විද්‍යාඥයො මේ පහුගිය සතියෙ අවසාන උපදෙස් නිකුත් කලා ඔපචුනිටිට. 

"Please call home..." 

බොහෝවිට ඔපචුනිටිට ඒ පණිවිඩ ලැබෙනව ඇති ඒත් ආපහු උත්තරයක් දීගන්ට බැරුව ඇති වගෙ කියලයි කියන්නෙ. අර කියන්නෙ පූර්ණ අකර්මණ්‍යත්වයට පත්වුනාය කියල. අන්න එහෙම. 

මොනව කරන්නද ඉතිං නැද්ද? ජීවිතේ එහෙම තමයි. මිනිස්සුන්ටත් පොදුයි. සත්තුන්ටත් පොදුයි. ගහකොළ වලටත් පොදුයි. ඒ වගේම රෝබෝ රෝවර් රථවලටත් අනිත්‍යය කියන ධර්මතාවය ඒ විදිහටම පොදුයි.

2024 අවුරුද්දෙ වගෙ අර ඊලන් මස්ක් ගොයියගෙ ස්පේස් එක්ස් ආයතනය ලෑස්ති වෙනවලු අඟහරුවල ජනාවාසයක් පිහිටුවන්ට. අද මම දැක්ක මනුස්සය කියල තිබ්බ දැනට ඇස්තමේන්තු කරල තියන විදිහට එක්කෙනෙකුට Earth to Mars රිටර්න් ටිකට් එකක් ඩොලර් ලක්ෂ පහක් වගෙ වෙයි කියල. 

මට කියන්න ඕන වුනේ කොහොමද ඔය ගිය ගවේෂක කණ්ඩායමක් ස්පිරිට් මල්ලියි ඔපචුනිටි නංගියි හොයාගෙන ගිහිල්ල එයාලගෙ බැටරි එහෙම චාජ් කරල අඩුපාඩු රෙපයාර් කරල නැඟිට්ටවල ගත්තනම් එහෙම කියල. "මේ මොක්කුද බොලේ මේ?..." කියල අහයිද දන්නෙ නෑ ස්පිරිට් මල්ලි ඇහැරිය ගමන්ම ..හෙහ්..හෙහ්..

Well I hope one of the explorers meeting opportunity for the first time would say "Ms. Opportunity I presume…" as Herbert Stanley said famously "Dr. Livingstone I presume…"

PS - අර අඟහරු ගඩොල් හොයාගත්තෙ මේ දෙන්නම නෙවෙයි. ඒක වෙනම රෝවර් එකක් නම කියුරියෝසිටි. ඒක අඟහරු ලෝකෙට ගියේ මෙයාලට පස්සෙ 2012 අවුරුද්දෙ. කියුරියෝසිටි ගොයියට ඉර එළිය තිබ්බත් එකයි නැතත් එකයි. උන්දැ වැඩ කරන්නෙ න්‍යාෂ්ඨික බලයෙන්.

PPS - මම මේ කතාව ලියද්දි මට මතක් වුනා අඩේ ඇලිස් අම්මගෙ දුවට මොකක් උනාද කියල මට ඊට පස්සෙ හොයල බලන්ටත් බැරි වුනානෙව. අපෙ උන්දැ දන්නවද දන්නෙ නෑ අහල බලන්ට ඕන කියල. පෙරෙයිද රෑ කතා කරද්දි ඔය වල්පල් කියවල අහක වෙලා මම ඔය ගැන ඇහුව.

"මේ ඒයි මතකද අර ඇලිස් අම්ම? ඔයගොල්ලන්ගෙ ගමේ…."

"ඔව් ඔව්..ඉතිං?"

"මතකද අර අවුරුදු ගානකට ඉස්සෙල්ල අපි ගෙදරට ටෙලිෆෝන් ගත්තු අලුත ඔය මනුස්සය ආව දුව ඩුබායිද කොහෙද ගිහිල්ල ආරංචියක් නෑ කියල කෝල් ගන්ට.."

"හැබෑටම ඔව් නේන්නං…"

"මොකද ඒකට උනේ? දුව ආපහු ආවද මොකද? ඔයා දන්නෙ නැද්ද ඒ ගැන මොකවත් ආරංචියක්.."

"මතකනම් නෑ ඒයි ..දැනගන්ට වෙන්නෙ චූටි අක්කගෙන් තමයි…"

ඈගෙ අම්මයි අප්පච්චියි දෙන්නම මිය පරලොව ගිහිල්ලනෙ. එයයිලගෙ මහ ගෙදර දැන් ඉන්නෙ එයයිගෙ චූටි අක්කයි එයාගෙ මහත්තය සහ දරු මල්ලො..

"හරි එහෙනම් අහල කියන්නකො.."

"මොකෝ මේ හදිස්සියෙ ඕක මතක් වුනේ? "

"නෑ මේ නිකමට වගේ මතක් වුනා.."

"හිහ්..හිහ්..නිකමට නම් වෙන්ට බෑ පුතෝ..මම කියන්ටද? අර ඔයයිගෙ බ්ලොග් එකේ මොකක් හරි රාජකාරියකට නේද ඔය අහන්නෙ? "

"ඔව්..ඔව්..ඔව්...එහෙම එකකට තමයි..දෙයියම්ප ඔහෙත් එක්ක බෑ නෙව කිසි දෙයක් කරන්ට…" මම හිනාවෙලා ටෙලිෆෝන් එක කට් කලා.

"ආ..මේ අර ඇලිස් අම්මගෙ දුවගෙ විස්තරේ මම අක්කගෙන් ඇහුව.." ඊයෙ කතාකරද්දි ඈ ඉස්සෙල්ලම කිව්වෙ එහෙමයි.

"ආ..ඇත්තද ? මොකද වෙලා තියෙන්නෙ?"

"ඒ දවස්වලම ඊට මාස හතර පහකට පස්සෙ ඒ කෙල්ල ගෙදර ඇවිල්ල.."

"මොකද වෙලා තියෙන්නෙ?"

"කොහොම හරි ඒ ගියපු ගෙදර ඉන්ට බෑ කරදරයි කියල මෙයා එතනින් හොරෙන්ම ගිහිල්ල... අන්තිමට එම්බසියෙ තමයි නතර වෙලා තියෙන්නෙ. ඊට පස්සෙ එතනින් ලංකාවට එවල…."

"ඉතිං දැං ගමේ ඉන්නවද? "

"නෑ කසාද බැඳල ගිහිල්ල ඔය අලවතුගොඩ දිහාවෙලු ඉන්නෙ…"

"ආ..එහෙනම් ඒකත් ලොකු දෙයක්..කරදරයක් නැතුව හොඳින් ඉන්නවනම් ඒ ඇති මම කිව්ව.."

"ඔව් අනේ ඒක තමයි.."

ඉතිං මට හිතෙන්නෙ ඒක සුබ ලකුණක්. ඇලිස් අම්මගෙ දුවත් කරදරයක් නැතුව ආවනම් ඔපචුනිටිටත් කරදරයක් නැතුව ඇති. අඩු ගනනෙ අපි එහෙම ප්‍රාර්ථනා කරමු හා ද?

PPPS -  Opportunity එකට වුනේ මොකක්ද කියල මගෙ තියනව වෙනම තියරි එකක්..ඒ ගැන හෙට අනිද්දම ලියන්නම්කො හොඳේ?...:)

20 comments:

  1. මට හිතෙන විදියට ඔය ඩුබායි ගිය ඇලිස් අම්මගේ දුවයි, අඟහරු ලෝකයට ගොඩ බස්සවපු 'ඔපොචුනිටි' නංගි සහ'ස්පිරිට්' මලයයි අතර වැඩි වෙනසක් නැහැ.
    ඒ දෙන්නා රොබෝලා වගේ නිසා සුර්ය කෝෂ හරහා අවශ්‍ය ශක්තිය ලබාගෙන පෘථිවියට පණිවුඩ එවනවා. ඇලිස් දුවලට සුරිය හෝ වෙනත් කිසිම කෝෂයක් නැති නිසා ශක්තිය අඩු උනහම පණිවුඩ එවන්නට බැරි වෙනවා. සමහර විට සුරිය කෝෂ චාර්ජ් වෙනවා වගේ වෙන ප්‍රභවයකින් චාර්ජ් වෙලා ශක්තිය ලැබුණු පසු පණිවුඩයක් ලැබියහැකි බව ඇලිස් අම්මට කියන ලෙස, 'අපේ උන්දැට' පණිවුඩයක් යැව්වොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      මම කියන්නංකො "අපේ උන්දැ"ට...හෙහ්..හෙහ්

      Delete
  2. Ravi Just forget about the joke cracked above. Watched the video afterwards. It is excellent and there is lot of suspense when watching!

    ReplyDelete
    Replies
    1. Mr. Daya,

      My eyes becomes moist when watching these video clips about Mars rovers thinking how advanced we are as humankind...I am so proud of being a human. just imagine sending a Robotic vehicle to Mars landing it safely and driving it on Mars surface from Earth for nearly 15 years. What an achievement...

      Then I feel like crying when think that in spite of all this scientific advances we have failed to eradicate poverty, more than half of our fellow humans are living without adequate food and water and thousandfold more money than the cost of Mars rovers is spent on building weapons to kill ourselves.

      " We spent billions searching for life in other planets and trillions trying to destroy already existing life on our planet"

      Delete
  3. වචන 1500ක් වුණා කියලා ලිව්වා ඇතිය කියලා හිතන්ඩ මොකෝ අයියෙ මේක රචනා විභාගයක් ය? අර වාගේ ඉම්පොර්ටඩ් වැඩක් හන්දා මිසක ඔන්න වචන ගාණ ඇතිය කියලා ලියමන්වලට බලෙං බ්‍රේක් ගහන්ඩ එපා. අර මං කළිං දවසක කිව්වා වාගේ ලියන උන්දැට කොහොම වෙතත් කියවන අපිට බාගෙට වමනෙ දැම්මා වාගේ මහා අමාරුවකින් ඉන්ඩ වෙන්නෙ ඉතිරි ටික කියවගන්නකල්.

    අයියා වාගෙ අඟහරු ලෝකෙ පිටසක්වලයෙක්ම එන්ඩ ඕනෙ අපිට ඔය කතන්දර කියලා දෙන්ඩ. ටැන්කිව් ඈ. රොබෝ කෙනෙක්ගෙන් වුණත් ඔය හැටි අමානුෂික විදිහට වැඩ ගත්තාම ඔහොම වෙනවා. අන්තිමට ඉතිං 'ප්ලීස් කෝල් හෝම්...' කිව්වාට වැඩක් වෙන්නෙ නෑ.

    අයියා බලලා තියෙනවද 'The Martian'? ඒකෙ යස පොතකුත් තියෙනවාලු. මරු කතාන්දරේ.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      හෙහ්..එතන මම වචන 1500 කතාව කිව්වෙ නිකමට වගෙ..හේතුවක් හදාගන්ට..ඇත්තටම උනේ අර පාටියට යන්ට තිබ්බ හදිස්සිය.. ඒ අතරෙ සිකුරාදට අනිවාර්යයෙනම් පෝස්ට් එකක් දානටම ඔනය කියලත් හිතේ තිබ්බනෙ. ඒ හින්ද එහෙම කලේ පොඩි කොම්ප්‍රොමයිස් එකක් හැටියට. :)

      The Martian මම බලල නැහැ අනේ..බලන්ට ඕන වෙලාවක..

      Delete
  4. හප්පේ ඇති යංතං අද කතාව ඉවර කරල.

    අපි ප්‍රාර්ථනා කරමු කවුරු හරි අඟහරු වලට ගිහිල්ල ඔපී සහ ස්පිරිට් දෙක ආපහු අලුත්වැඩියා කරල ගන්නකල් ඒවට කරදරයක් නොවී තියෙන්න කියල.

    එහෙම උනාට පස්සෙ 2010 කතාවෙදි තියෙන විදියට ඩේවිඩ් බෝමන් විසින් අක්‍රීය කරපු හල් 2000 පරිගණකය ආචාර්ය චන්ද්‍රා විසින් නැවත පණගැන්නුව වගේ තියෙයි.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /ඩේවිඩ් බෝමන් විසින් අක්‍රීය කරපු හල් 2000 පරිගණකය ආචාර්ය චන්ද්‍රා විසින් නැවත පණගැන්නුව වගේ තියෙයි./

      Dr. චන්ද්‍රා හැල් 9000 ආයෙම පණ ගන්වන්නෙ 2010 පොතේද? 2061 පොතේද? මම ඔය පොත් හතරම කියවල තිබ්බට දැන් මතක නැහැනෙ.

      හැල්ටත් වෙන්නෙ මාර සීන් එක නේද? ඒක තමයි කියන්නෙ මිනිස්සුන්ගෙ කපටිකං, කොලේ වහල ගැහිලි අවංකව වැඩ කරන්ට ප්‍රෝග්‍රම් කරපු කම්පියුටර් එකකට තේරුම් ගන්ට අමාරුයි...

      එහෙම තමන්ව ප්‍රොග්‍රම් කරපු ආචාර ධර්ම (Ethics) වලට විරුද්ධ උපදෙස් දුන්නම කම්පියුටරේ කොන්ෆියුසියස් වෙනව. හැල්ටත් උනේ ඒක. ඒ හින්ද හැල් කලේ ආචාර ධර්මයි වැරදි උපදෙසුයි දෙකම බැලන්ස් කරගන්ට පුලුවන් එකම ක්‍රමය (හැල්ට හිතුන විදිහට) තෝරගත්ත.

      Delete
    2. //Dr. චන්ද්‍රා හැල් 9000 ආයෙම පණ ගන්වන්නෙ 2010 පොතේද? 2061 පොතේද?//

      2010 වෙන්න ඕන. මොකද 2010 අන්තිමට බ්‍රහස්පති පුපුරල ඩිස්කවරි එක විනාශ වෙනව.

      Delete
  5. There's a silly notion that failure's not an option at NASA. Failure is an option here. If things are not failing, you are not innovating enough.
    - Elon Musk

    ReplyDelete
    Replies
    1. Pra,

      We are the first species capable of self-annihilation - Elon Musk

      Delete
  6. ඇයි බං ඔච්චර වියදම් කරල ඕක අරින වෙලාවෙ, බයිසිකල් පොම්පෙකුයි වින්කල් බාස් කෙනෙකුයි දාල අරින්න තිබ්බනෙ. අඩුම ගානෙ දෙවෙනිය ගිය එකේ වත්. හෙහ් හෙහ්.

    අර ඉස්සෙල්ල පෝස්ට් එකේ එමා අම්මන්ඩි උඹට හොඳ චරිත සහතිකයක් දීල තියෙනව දැක්කද? ඒකිට මම එෆ්බී රික්වෙස්ට් එකක් දැම්ම. අක්සෙප්ට් කලේ නැහැ තාම.

    ReplyDelete
    Replies
    1. ෂුවර් ද මටමයි එව්වේ කියල? කෝ නෑනේ ආයේ එවන්න තරහ නැතුව.

      Delete
  7. පර්ත්නුයි ලංකාවෙයි වෙලාවෙ වෙනස පැය දෙකහමාරයි, රවී. අනිත් ප්‍රාන්තවල වගේ නෙවේ, අපට ඩේ ලයිට් සේවිං කතන්දරේ නැති නිසා මුළු අවුරුද්දෙම ඔහොමයි.

    ඇලිස් අම්මගෙ දූට මොකක් උනාද කියලා කවදා කියයිද කියලයි මාත් බලන් හිටියෙ. ඇති යන්තම් ඒක ඉවරයක් කරල තියෙනවා.

    ReplyDelete
  8. අද අහම්බෙන් වගේ දැක්කේ රවි ගොයියා ඔපි ගැන ලියල තියෙන විත්තිය. ඕං අද තමා නිල වසයෙන් වැඩේ හබක්ය නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න හදන්නේ.
    https://www.facebook.com/deshaka.ya.75/posts/251735325737123

    ReplyDelete
  9. කතන්දර දෙක එකෙක්ට එකක් ගැටගහපු විදිය පට්ට.. තව පොඩ්ඩෙන් ඇලිස් අම්ම අඟහරු ලෝකේ හිරවෙලා එයයිගේ දුව ස්පිරිට් එක්ක හාද වෙලා ඔපොව වලට තල්ලු කරනවා.. :))))))))))))

    ReplyDelete
  10. රවී තුමා, බොහොම ස්තුතියි මේක බෙදා ගත්තට.

    ඒ වගේම, ඇලිස් අම්මගේ දුවට කරදරයක් නෑ කියන එක ගැනත් සතුටුයි. :)

    ReplyDelete
  11. උඹ සකස් කරලා අත් ඇරලා දාපු භූමි ටික අර ඉඩං වෙන්දේසිකාරයෙකුට අහු වුණා නම් ඌ මේ වෙනකොට ලෝකෙ ලොකුම ධනවතෙක් වෙලා....

    කවදාහරි ස්පිරිට් ට හරි ඔපචුනිටි ට හරි ඇහැරිලා 'හලෝ' කිව්වොත් ඒක අපිට ඇහෙයි ද දන්නෙ නෑ නේද?

    ReplyDelete
  12. ඒ එක්කම මට මතක් වුණේ... ඔය වගේ තමන්ගෙ දරුවට, සහෝදරයට, සහෝදරියට, සැමියාට, බිරිඳට, අම්මට, තාත්තට මොකද වුණේ කියල දන්නෙ නැති... කවදා හරි එයාලගෙන් මොනව හරි ආරංචියක් ලැබෙනකම් බලන් ඉන්න කීදෙනෙක් නම් අපේ රටේ විතරක් ඉන්නවද කියලා. ඒ සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට විරුද්ධව ජාතිය ආගම ඉස්සරහට දාගෙන උද්ඝෝෂණ කරන මිනිස්සු ගැන මට නම් තියෙන්නේ හරිම පිළිකුලක්...

    ReplyDelete
  13. Ravi,
    Bad news has just recd. from NASA.

    "NASA's Opportunity Rover has died on Mars. The little solar-paneled robot apparently ran out of battery power during the Red Planet's awesome 2018 dust storm, and after one last attempt to contact it, NASA concluded yesterday (Feb. 13) that the far-off explorer is no more."
    Which raises the question: What's going to happen to its body?

    What Will Happen to the Opportunity Rover's Dead Body on Mars? No attempts will be made to bring it back to Earth. it will be a so called "fossil" on Mars.
    By Rafi Letzter, Staff Writer to LIVE SCIENCE | February 14, 2019 06:38am ET0

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...