Thursday, March 28, 2019

630. රබරෝසි මල් පලස........2 - ගම්පෙරළිය, නිළියක් යයි කියාගන්නා චාන්දනී සහ සිංහලේ අත්තා…



"කවද වගේද දැං සිංහලේ යන්ට හිතාගෙන ඉන්නෙ?" 
ජිනදාස තමන් වෙළඳාමක් කිරීමට සිංහලේ යාමට අදහස් කරන
බව පැවසූවිට නන්දා කණස්සළු මුහුණින් යුතුව විමසුවාය. 

"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."

වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......

ඔය ජී.ඒ. මහත්තය හරිම හිත හොඳ මනුස්සය. තමන් යටතෙ ඉන්න සේවකයින්ට හරිම හොඳ ස්වාමියෙක්. ඒ වගේම  කච්චේරියට වැඩක් කරවගන්ට එන සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ සේවකයෙක්. 

"මනුස්සයො අපි මෙතන්ට ඇවිල්ල ඉන්නෙ ඒ අහිංසක මිනිස්සුන්ට වැඩ කරන්ට. ඒ මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ඉස්ට සිද්ද කරල දෙන්ට. තමුන් ගැනනම් මම කියන්ට දන්නෙ නෑ. ඒත් මම නම් දෙණියායටත් එහා හද්ද පිටිසර ගමක ඉපදුනු මිනිහෙක්. මේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙනගෙන මගේ හැකියාව හින්ද මෙතනට ආපු මිනිහෙක්. එහෙම එකේ මට පුලුවන් මට්ටමින් ඒ මිනිස්සුන්ට වැඩක් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය. මම එක්ක මෙතන තව දුරටත් වැඩ කරන්ට උවමනාවක් තියනවනම් තමන්ටත් අන්න ඒ විදිහට හිතන්ට වෙනව තේරුණාද? ආය මම නරක මිනිහයි කියල කියන්ට එහෙම එපා..මම හොඳට බොහොම හොඳයි වගේම තමයි යකා වැහුනම මම බොහොම දරුණුයි.."

වගාව ආරක්සා කරගන්ට ගිණිඅවි බලපත්‍රයක් ගන්ට ආපු අඹගහවැව මනුස්සයෙක්ගෙන් සුංගමක් ඉල්ලපු කලින් හිටපු සී.සී. මහත්තයට ජී.ඒ. මහත්තය එහෙම ගෝරනාඩු කලාය කියල මට දවසක් කිව්වෙ අපේ ලැම්බට් අයිය.

ජී.ඒ. මහත්තය කොච්චර ගුණ යහපත් මනුස්සයෙක්ද කියනවනම් ඔහොම සී.සී. මහත්තයගෙ ඇඟට ගොඩ වුනෙත් කච්චේරියෙදි එහෙම නෙවෙයි.  හවස නිල නිවාසෙට ගෙන්නල. කච්චේරියෙ ඔය විදිහට ගෝරනාඩු කලාම ආය ඒ මනුස්සයට රෙද්දක් ඇඳන් රාජකාරියට එන්ට බැරිවෙන විත්තිය දන්න හින්දයි ජී.ඒ. මහත්තය එහෙම කරල තියෙන්නෙ. අර මනුස්සයට තමංගෙ වැරදි හදාගන්ට අවස්තාවක් දෙන්ට ඕන කියල තමයි එතුමා හිතල තියෙන්නෙ. 

ඒත් ආය මොනවද එතුමාගෙ ගෝරනාඩුව ඊට පහුවදා දවල් කෑම පැය වෙනකොට කච්චේරියෙ මුලු වසක්කං පැතිරිල ගියා කිවුවම. ඒක උනේ ඔය නිල නිවාසෙ තිබ්බෙත් කච්චේරිය පේන මානෙ. ජී.ඒ මහත්තය ඒකෙ හිටියෙ තනියම. නෝනයි දරුවොයි ගාල්ලෙ. ගෙදර වැඩට හිටියෙ ජේමිස් කියල වයසක මනුස්සයෙක්. ඒ මනුස්සය අපෙ ඔය තේනබදු අයියලගෙ එහෙම හොඳ කූටාලිය. ඉතිං ආය අහන්ටත් දෙයක්ය පහුවදා උදේ සී.සී. මහත්තය වැඩට එන්ටත් ඉස්සර වෙලා ගෝරනාඩු ආරංචිය සේවයට වාර්තා කලා..හෙහ්..හෙහ්..සති දෙකක් ගියේ නෑ සී.සී. මහත්තය අනුරාදපුරේට මාරුවක් හදාගෙන ගියා.

"ජයසේන දන්නවත් ඇති මයෙ හිතේ මොකක් ගැනද මම කියන්නෙ කියල.." ජී.ඒ. මහත්තය යම්තමට හිනාවෙලා කිව්ව.

විස්තරේ සහසුද්දෙන් දන්නව උනාට එහෙම කියන එක හරි නැති හින්ද මම ඒ බවක් කියන්ට ගියේ නෑ.

"නෑ සර් මම දන්නෙ නෑ…" මම බිම බලාගෙන කිව්ව.

"මේ නිර්නාමික පෙත්සමේ තියෙන්නෙ ඔය ඉළන්දාරිය අර පලුගස්දමන පැත්තෙ කොහෙද තැනකට නිතරම යනව එනවය, දැං එහෙ ස්ථිරවම පදිංචි වෙලා වගෙ ඉන්නෙ කියල"

මම උත්තරයක් නොදී එක එල්ලේ ජී.ඒ. මහත්තයගෙ මූණ දිහා බලාගෙනම හිටිය. 

"ලොකු පුතේ..කවදාවත් උඹ වරදක් කරල නැත්නම්..මම මේ කියන්නෙ රටේ ලෝකෙ නීතිය අනුව නෙවෙයි උඹේ හර්ද සාක්ෂිය අනුව..හර්ද සාක්ෂිය අනුව උඹ වරදක් කරල නැත්නම් මහ රජ්ජුරුවන්ගෙ උනත් කමක් නෑ කෙලින්ම ඇස් දෙක දිහා බලාගෙන කතා කරපන්.."

අපෙ අප්පච්චි දවසක් එහෙම කිව්වෙ මම හතේ පන්තියෙ ඉන්න කාලෙ  හතේද අටේද කියල මට හරියට මතකයක් නම් නෑ ඉස්කෝලෙ හවස වොලිබෝල් පුහුණුවක් තියනවයි කියල අම්මට බොරුවක් කියල යාලුවො දෙන්නෙකුත් එක්ක නුවර වේල්ස් හෝල් එකේ "කස්තුරි සුවඳ" චිත්‍රපටය බලන්ට ගිහිල්ල ඒ සිද්ධිය අප්පච්චිට දවස් දෙක තුනකට පස්සෙ ආරංචි උනහම ඒක හගිස්සවද්දි.

"උඹ අම්මට බොරු කියල නුවර ගියයි කියල කියන්නෙ ඇත්තද ලොකු පුතේ?"

එදා රෑට කෑම කාල ඉස්තෝප්පුවෙ උන්දැගෙ ඇඳි පුටුවෙ දිග ඇදිල ඉන්න ගමන් අප්පච්චි මගෙන් ඇහුවෙ එක එල්ලේම මගෙ ඇස් දෙක දිහා බලාගෙන. මගෙ හිතේ තියෙන පහුතැවිලි චිත්තෙ හින්ද මට කොහොමවත් උන්දැගෙ මූණ දිහා බලාගෙන කතාකරන්ට පුලුවං කමක් තිබ්බෙ නෑ. 

ඇත්තම කියනවනං ඔය ගමන යන්ට මයෙ හිතේ කොයියම්ම විදියකවත් කැමැත්තක් තිබ්බෙ නම් නෑ. ඕවිටේ ගෙදර රන්බණ්ඩගෙයි සමූපෙ ගෙදර වික්‍රමසිංහගෙයි වදේ බැරුවමයි මම උං දෙන්න එක්කලා ගියේ. එවුං දෙන්න පළවෙනි කැලෑසියෙ ඉඳල මයෙ අඹ යාලුවො නෙව. ඉතිං අන්තිමට අන්තිමට කොහොමිං කොහොමිං  හරි මට  මඟාරින්ටම බැරි වුනා.

මම හොර බළල වගෙ බිම බලාගෙන එහාට මෙහාට ඇඹරෙද්දි තමයි අපෙ අප්පච්චි මට අරෙහෙම දැනමුතුකං දුන්නෙ. කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කෙලිං කතා කරන්ටෙයි කියල. 

අපෙ අප්පච්චි කෙලිං වැඩ කරන කෙලිං මනුස්සය..උන්දැ පාතයෙක්. ඒ කිව්වෙ පාතරට මනුස්සයෙක්..අකුරැස්සෙ ඉඳල දෙණියාය පාරෙ හැතැම්ම හත අටක් වගෙ යන්ට ඕන උන්දැගෙ මහගෙදරට. ඒ හරියට කියන්නෙ මලිදුව.

අපේ ගමට හැතැක්ම බාගෙකට වගෙ එහා තියන පොඩි කඩමණ්ඩියෙ හාල් සිල්ලර තුනපහ කඩයක් දාගෙන ඉඳල තියනව ඒ දවස්වල අපෙ අප්පච්චිගෙ බාප්පොච්චි කෙනෙක්. ඒ බාප්පොච්චිට අප්පච්චි කිවෙ සිංහලේ බාප්ප කියල. එහෙම නම වැටුනෙ ඒ කාලෙ පාතරට මිනිස්සු උඩරට හැඳින්නුවෙ සිංහලේ කියල. 

(මගේ සටහන - මතකයි නේද ගම්පෙරළිය? ගම් පෙරළියෙ ජිනදාස ගමේ ඉඳල කරන කිසිම දෙයක් හරි යන්නෙ නැතිකොට අන්තිමට දවසක් රාත්තිරියෙ නිදාගන්ට ගිහිල්ල කියන්නෙ "නන්දා.... මම හිතුවෙ සිංහලේ පැත්තෙවත් ගිහිල්ල වෙළඳාමක් කරන්නෙයි කියල..."

එදා දවල් කෑමට තිබ්බ මාලු පිණි හරි නැතිය කියල නන්දා අනුලට (අනුලා මතකයිනේද? නන්දගෙ අක්ක..ගම් පෙරළිය ටෙලි චිත්‍රපටයෙ අනුලට රඟ පෑවෙ මේ පහුගිය සතියෙ හොඳම රූපවාහිණී නිළිය විදිහට සම්මාන ලබපු චාන්දනී සෙනෙවිරත්න..ඔව්..ඔව්...අර සිරස නැති සිරසට අනුව තමන් නිළියක් යයි කියාගන්න චාන්දනී සෙනෙවිරත්න ගැන තමයි මම මේ කියන්නෙ...හෙහ්..හෙහ්) දොස් කිව්වම අනුලටත් තරහ ගිහිල්ල ජිනදාසට බණිනව හරි හමං රස්සාවක් කරන්නෙ නෑය කියල. අනුලගෙ ඒ කතාවට හිත අමාරුවෙලා තමයි ජිනදාස අරෙහෙම කියන්නෙ...

එහෙම කියල තමයි නන්දගෙන් සල්ලි වගේකුත් ඉල්ලගෙන වෙල්ලස්ස දිහාවෙ යන්නෙ. ඒ ගියා ගියාමයි ජිනදාසට ආපහු ගමට එන්ට බැරිවෙනව. රත්නපුරේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ කාත් කවුරුවත් නැති අසරණයෙක් වගෙ ජිනදාස ළමාහේවාගෙ පණ යනව.

ඔය සිංහලේ කතාවට මම හිතන්නෙ අවුරුදු දෙතුන් සීයක අතීතයක් තියනව. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඊටත් පස්සෙ ඉංග්‍රීසීන් පහතරට ප්‍රදේශ අත්පත් කරගෙන පාලනය කරද්දි උඩරට සිංහලයො කොහොමින් කොහොමින් හරි පරදේසක්කාරයින්ට උඩරට යටත් කරගන්ට නොදී 1815 වෙනකල්ම උඩරට නිදහස් සිංහල රාජ්‍යය ආරක්ෂා කරගෙන ආව. ජෝන් ඩොයිලිගෙ සටකපට ඥාණය නැත්නම් බොහෝවිට 1815 උනත් කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත් නොවෙන්ට තිබ්බ.

සති අන්තයෙ ප්‍රචාරය වෙන සිරස ලක්ෂපති වැඩ සටහන ඔබ තමුන්නාන්සෙලා බලනවද? මේ සතියකට  දෙකකට වගෙ කලින් ජෝන් ඩොයිලි කියන්නෙ  ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ය කියල ඒ වැඩසටහනෙදි කිව්වය කියල මම දැක්ක අපේ ලක්ෂ්මන් ඉලංගකෝන් මහත්මය කියල තිබ්බ මුහුණු පොතේ. 

මිනිස්සුන්ට වැරදීම් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් සිරසෙ ඉන්න බක පණ්ඩිතයින්ට නම් ඔහොම වෙච්චි එක ගැන මට නම් ඉතාම සතුටුයි. මතකනෙ අර මාස දෙක තුනකට ඉස්සෙල්ල රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය භාවිතය ගැන තමන්ගෙ විරෝධය පලකරන්ට ලිපියක් භාරදෙන්ට ආපු කලා ශිල්පීන් කණ්ඩායමක් ආපු වෙලාවෙ  සිරසෙ ඉන්න මෝඩ යක්කු  හැසිරුණු විදිහ. 

"තමන් නිළියක්යැයි හඳුන්වාගන්නා චාන්දනී සෙනෙවිරත්න නමැත්තිය" කියලයි චාන්දනීව හැඳින්නුවෙ. චාන්දනී සෙනෙවිරත්න කියන්නෙ මම හිතන්නෙ දහ වතාවකට වැඩිය ලංකාවෙ හොඳම ටෙලි නාට්‍ය රංග ශිල්පිනිය සම්මානෙ දිනපු ඉතාම දක්ෂ නිළියක්. මේ පහුගිය සතියෙත් ආයම පාරක් 2018 වර්ෂයෙත් හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනුවෙ ඇය. ඒ සහෝදරයා ටෙලි චිත්‍රපටයෙ ඇගේ රඟ පෑම් වෙනුවෙන්. 

ඉතිං සිරසෙ ගොන් පාට් අතෑරල දාල ආයම අර සිංහලේ කතාවට ගියොත් පාතරට මිනිස්සු පරදේසක්කාරයින්ට යටත් වෙලා උංගෙ නම් ගම්, පට්ටම් තානාන්තර අරගෙන ආගම අදහගෙන හිටියට  මොනව උනත් යටිහිතෙං තියෙන්ට ඇති උඩරට මිනිස්සු නිදහස්ව නිවහල්ව ඉන්න එක ගැන සුට්ටං ආඩම්බරයක් වගේ මොකක්ද එකකුත්. 

ඒ හින්දනෙ ඔය උඩරටට සිංහලේ කියල කටපුරා ගෞරව පුරස්පරව කිව්වෙ. ඒ කාලෙ එහෙම උනාට දැන්නං පාතරට එවුවො කියන්නෙ "යකෝ සුද්ද ගල විදල උඩහට ඇවිල්ල බොලාගෙ නැටි කපල ගත්තෙ නැත්තං එහෙම බොලා තාමත් අමුඩ ගහගෙන පොලු අරගෙන මීමින්නො පස්සෙ එළවනව..." කියල. ඒ තනිකරම අපහාස මුඛයෙන්...

ඔය මම මහවැලියෙ එහෙම ඉන්න කාලෙ අපේ චමරියෙත් හිටපු ගමං ඔය උඩරට පාතරට වාද විවාද ඇතිවෙලා කොල්ලො මරාගන්ට යනව. මම එහෙම වෙලාවට අර වවුල වගෙ තමයි වැඩ කරන්නෙ. අපෙ අප්පච්චි පාතරට හින්ද මම පාතරට පැත්තටත් කතා කරනව. අම්ම උඩරට සහ පදිංචි උඩරට හින්ද උඩරටත් සපෝට් එක දෙනව..හෙහ්..හෙහ්..අන්න එහෙමයි අපි...)

දකුණෙ මිනිස්සු උඩරට පැත්තෙ වෙළඳාමට හරි රැකී රක්සා වලට හරි එනවට ඒ කාලෙ කියල තියෙන්නෙ සිංහලේ යනව කියල. එහෙම ගිය අය අඳුන්වල තියෙන්නෙ සිංහලේ මල්ලි, සිංහලේ බාප්ප, සිංහලේ මාම අන්න ඒ විදිහට. අන්න ඒ විදිහටයි අපෙ අප්පච්චිගෙ දෙවෙනි බාප්ප අප්පච්චිට සිංහලේ බාප්ප සහ මට සිංහලේ අත්ත වුනේ...

ඉතිං ඔය සිංහලේ අත්තව මට  හරියකට මතකයක් එහෙම නෑ. මම ඉපදෙනකොට උන්දැ ආපහු අකුරැහි යන්ට ගිහිල්ල හාල් සිල්ලර කඩේ අප්පච්චිට බාර දීල.මට අවුරුදු හතර පහක් වගෙ කාලෙදි උන්දැට මරණාසන්නයි කියල අප්පච්චිගෙ ගමෙන් පණිවිඩයක් ඇවිල්ල අප්පච්චියි අම්මයි මා යි තුන්දෙනා ගියා ඒ අත්තගෙ ගෙදර. උන්දැ පදිංචි වෙලා හිටියෙ ඒත් අකුරැස්සට කිට්ටුව දියලපේ කියන ගමේ.

අපෙ අප්පච්චි අටේ කැලෑසියෙං ඉස්කෝලෙ ගමන නවත්තල ගමේ එහෙම මෙහෙ කොල්ලො තලේට වැටිල නඩලං ගගහ ඉන්නකොට තමයි ඔය සිංහලේ අත්ත "වරෙං කොල්ලො මා එක්ක සිංහලේ යන්ට..."  කියල එක සිංහල අවුරුද්දකට ගමේ ගිහිල්ල ආපහු එද්දි අප්පච්චිව එක්කං ඇවිල්ල තියෙන්නෙ. ඒ වෙනකොට අප්පච්චිට වයස දාහතක් අහ අටක් වගෙ ඇතිය කියල පස්සෙ දවසක අප්පච්චිම මා දැක්ක කිව්ව.. 

"ඉතිං අප්පච්චි කැමැත්තෙංම ආවද සිංහලේ අත්ත එක්ක?"  ඔය විස්තරේ කියනකොට මම ඇහුව. 

අපෙ අම්මත් මට මතකයි ඒ වෙලාවෙ බිත්ති කොණේ ලොයි බංකුව උඩ ඉඳගෙන යම්තමට හිනාවීගෙන අහගෙන උන්න. අපෙ අම්මට මතක් වෙන්ට ඇති ඒ සොඳුරු අතීතෙ  ආයමත් පාරක්...

"ආය මොනවද බං?...මටත් ඒ කාලෙ ගමේ ඔය නඩලං ගැහිල්ල අපෝ වෙලයි තිබ්බෙ...අනික ගමේම ඉන්ටය කියල එහෙමට හේතුවකුත් මට තිබ්බෙ නැතිකොට රටේ ලෝකෙ ටිකක් ඇවිදල කරල බලාගත්තොත් ඒත් නරකක් වෙන්නෙ නෑනෙව කියල හිතල මම සිංහලේ බාප්ප එක්ක මෙහෙ ආව..." 

අප්පච්චි එහෙම කියල හක හක ගාල හිනාවුනා...

අප්පච්චි කියන විදිහට උන්දැ ඔහොම ගමෙං ඇවිල්ල තියෙන්නෙ 1957 අවුරුද්දෙ සිංහල අවුරුදු පහුවෙලා....

36 comments:

  1. Replies
    1. nihal,

      Thanks Nihal....:)

      Still writing "Yathaarthavaadiya"?

      Delete
  2. තවත් ඉඩම් නඩුවක් වගේ.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      නෑ..නෑ..මේ ඉඩම් නඩුව නම් කැඳවන්නෙ උපරිම නඩුවාර තව තුනයි නැත්නම් හතරයි..

      යහ පාලනේ කොරා වගෙ විශේෂ උසාවි පිහිටුවල හරි ගොඩ ගැහිල තියන නඩු ටික ඉවරයක් කරල දාන්ට ඕමනයි...:)

      Delete
    2. යහ පාලනේන් විශේෂ උසාවි පිහිටුවල නඩු ටික ඉවරකරලා දැම්මද යකෝ දන්නෙත් නැ

      Delete
    3. ඔය ගල විද්ද එක ගැන මෙහෙම කතාවක් මං අහලා තියෙනවා.කැප්ටන් ඩෝසන් ගල් විදගෙන ගිහින් අන්තිම ටික විදලා ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියනකොට අනිත් පැත්තෙ හිටපු උඩරට කට්ටිය අන්තිම ටික තල්ලු කරලා කඩලා. ඒකට යටවෙලාලු කැප්ටන් ඩෝසන් මැරුනේ.නැතුව අසනීප වෙලා නෙමෙයි.

      Delete
    4. ලක්මාල්,

      නෑ..නෑ..නඩු ඉවර කලා කියල නෙවෙයි බං මම කිව්වෙ..විශේෂ උසාවි පිහිටෙව්ව කියල...

      Delete
    5. කුමාර,

      ඉතිං බලපං ඒ කතාව හදල තියෙන්නෙත් උඩරට එවුංට අපහාස කරන්ට නෙව...ෂික්

      Delete
    6. කුමාර,

      ඔය උමඟක් දෙපැත්තෙන් හාරගෙන හාරගෙන ගිහිල්ල අන්තිම කොටස කඩල දෙපැත්ත සම්බන්ධ කරන එකට කියන්නෙ Blast through එක කියල.

      කුකුළේගඟ මම වැඩ කරද්දි ඒකෙ Tailrace Tunnel එකේ බ්ලාස්ට් තෲ එක වෙන වෙලාව අනුමාන කරන්ට අපි වැඩ කරපු කට්ටිය අතර තරඟයක් පැවැත්තුව. තරඟයට ඉදිරිපත් වෙන අය මට මතක විදිහට රුපියල් සීයක් ගෙවන්න ඕන. අන්තිමට Blast through time එක ආසන්නයටම අනුමාන කරපු කෙනාට ඒ තෑග්ග හම්බ වෙනව.

      කොහොමහරි අන්තිමට ඒ තෑග්ග හම්බ වුනේ මට..:)

      Delete
  3. When I was schooling (in Galle) people said Punya Heendeniya is living in a big house down the road (Elliot Rd). I had no idea who that was for long time. Aaaa good old days.

    ReplyDelete
    Replies
    1. Wijebahu,

      You should have gone there and meet her...:)

      Delete
  4. පලුගස්දමන ගිහින් පලු දැම්මේ එහෙම නෑනෙ? :D

    ReplyDelete
    Replies
    1. තිසර,

      නෑ..නෑ..එහෙම දෙයක් උනේ නෑ...බොහොම සෞඛ්‍යසම්පන්න නිරෝගී මධ්‍යස්ථානයක් එතන තිබ්බෙ...:)

      Delete
  5. එහෙම ආව අප්පච්චිව අම්ම නතර කොරාගන්න ඇති ආපහු පාත රටට නොයන විදියට.
    චාන්දනී සෙනෙවිරත්න මේ අවුරුද්දෙ හොඳම නිළිය වෙච්ච එක ඔවුන්ගෙම නිව්ස් වලිනුත් රිපෝට් කරන්න ඇති. ගොන් පාට්ම තමා.

    ReplyDelete
    Replies
    1. Miyuru,

      /එහෙම ආව අප්පච්චිව අම්ම නතර කොරාගන්න ඇති ආපහු පාත රටට නොයන විදියට./

      ඔව්..ඔව්..උඩරට මැල්ලුම කෑවොත් ආය බින්න බැහැලමයි නවතින්නෙ කියල කතාවකුත් තියෙන්නෙ..අපෙ අත්තම්ම ඒ කාලෙ ඔය ගැන අපූරු කවියක් කියනව..මට දැන් හරියකට මතක නෑ..ඉන්නකො මතක් උනහම කියන්නං..

      ඔය අමතක වෙලා තියන පරණ සීන් මම මද පමණට මොකවත් කර්මාන්තයක් කරල මගෙ සයනයේ දිගාවෙලා තට්ටෙ අත ගගා ඉන්නකොට එකපාරටම මතක් වෙන සංසිද්ධියක් (Phenomenon) තියනව. එහෙම උනොත් කියඤ්ඤංකො...

      මේ ඊයෙ පෙරෙයිද එහෙම මතක් උන එකක් තමයි ඒ කාලෙ තිබ්බ අර ටූ ඉන් වන් සහ ත්‍රී ඉන් වන්...මතකෙයි ඔහෙට?

      /චාන්දනී සෙනෙවිරත්න මේ අවුරුද්දෙ හොඳම නිළිය වෙච්ච එක ඔවුන්ගෙම නිව්ස් වලිනුත් රිපෝට් කරන්න ඇති. ගොන් පාට්ම තමා./

      සිරසෙ ඒ ප්‍රවෘත්තිය කිවෙ මෙහෙමලු....

      "නිළියක් යනුවෙන් තමන්ම හඳුන්වාගන්නා චාන්දනී සෙනෙවිරත්න නමැත්තිය මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත්තාය...."

      "ටං ටිං ටුං...වී රීබෝට්..යූ ඩිසයිං..සත්තියෙ සටාන බුජ්ජියේ විමසුමට..චිරස..."

      Delete
    2. උඩරට මැල්ලුම් කතාව කියන කොට ඒ වගේ කතාවක් මතක් වුනා නෙළුව පැත්තෙ රස්සාවට යන ටීචර් නෝනලාට කියන. ඒ පැත්තෙ උගන්වන්න ගියාම ආපහු එන්න ලැබෙන්නෙ නෑලු, එහේම පදිංචි වෙන්නලු වෙන්නෙ. ඇත්තටම ඒක එහෙමම වුනා මං දන්න කීප දෙනෙකුටම. නෙළුවත් ඒ කාලෙ ඔහෙලගෙ උඩහ පැත්ත වගේ සීතල පළාතක්. පැත්ත පළාතම වගේ තේ යායවල් වලින් පිරිලා තියෙන. හරිම ලස්සනයි. තවමත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා.

      ඔය ටූ ඉන් වන්, ත්‍රී ඉන් වන් කියනකොටම මට මතක් වෙන්නෙ ඒ කාලෙ දැක්ක කාටූන් එකක්. රට ගියපු නෝනා කෙනෙක් තමුන්ගෙ අම්මට රට බ්‍රෙසියර් එකක් ගෙනත් දීලා කියනවා, මෙන්න අම්මට මගෙන් ටූ ඉන් වන් එකක් කියලා. මහත්තයට අන්ඩියක් දීලා කියනවා මෙන්න ඔයාට ත්‍රී ඉන් වන් එකක් කියලා. :D :D

      Delete
    3. මියුරු,

      ඇයි බං අර පොලේ වෙළෙන්දගෙ කතාව අහල නැද්ද?

      ඒ මනුස්සය ඔන්න බ්‍රසියර් ගොඩෙන් එකක් උඩ දාන ගමං කෑගහනවලු "ආ..නෝනලා එන්න ගන්න එන්න ගන්න ..උක්කුංට තොප්පි උක්කුංට තොප්පි.." කියල..

      ඊට පස්සෙ ජොක්කු ගොඩෙං එකක් අරං උඩ දාල කෑ ගහනවලු "ආ මහත්තුරු එන්න ගන්න එන්න ගන්න මීයංට කූඩු මීයංට කූඩු.." කියල...:)

      Delete
  6. ජයසේන ඉලන්දාරියා ගැන පොඩ්ඩයි, වටේ පඳුරු ගොඩයි,ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      උඹ මල්ලි ඇවිල්ල මයෙ යාවජීව රසිකයෙක් නෙව..මේ වෙනකොට උඹට සක්සුදක්සේ පැහැදිලි වෙලා තියෙන්න ඕන මෙතනට ආවනම් මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල...හෙහ්..හෙහ්..

      මම ඇවිල්ල පඳුරු තැලීම ෂානරයක් විදිහට අඳුන්වා දුන්නු මනුස්සය වෙච්චි..පඳුරු තැලීම කලාවක් නම් එහි පිකාසෝ වනාහී අතිගරු මම්ම වේදැයි පවසා පූර්වාපර සන්ධි ගලපා වදාළෝය..

      ඔය සන්ධි ගැලපුවයි කියන්නෙ හොරිවිල වෙද මහත්තය එහෙම නෙවෙයි හොඳද?..හොරිවිල වෙද මහත්තය ගාවට අපේ උරෙස්ස පැන්න එකෙක් එක්කං ගිහිල්ල වෙච්චි ආතල් සීන් එකක් තියනව..වෙලාවක ලියන්ට ඕමනයි..

      වෙලා තියෙන්නෙ බං මට මතක නෑ ඒ කතාව කලිං ලිව්වදැයි කියල..පොඩ්ඩක් බ්ලොග් එකේ සර්ච් පාරක් දාල බලන්ට වෙනව.

      Delete
  7. Panduru thelilla kyala wenamama kathawak liuwa nn mak wenawei Ravi mahaththyo,

    ReplyDelete
    Replies
    1. ගීතිකා,

      ආය වෙනම කතාවක් මක්කටෙයි බාං..කතාව ඇතුලෙම පඳුරු තලනකොට තමයි ඒකෙ ආතල් එක...:)

      Delete
  8. Replies
    1. ස්තූතියි නිදි...:)

      Delete
  9. කියවන්න ආස හිතෙනවා මේවා නම් ...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අන්න ඒකනෙ මලේ.. මම මේ ඉට්ටැයිල් එකටම ලියන්නෙ...හෙහ්..හෙහ්..

      Delete
  10. දැං මේකෙ 'මම' කියන්නේ රවි අයියාද, ජයසේන ඉලන්දාරියාද? කතන්දරේ කියන ගමං කතන්දරේත් ඇදගෙන පඳුරු තල තල දහ අතේ දුවන්නේ මුන් දෙන්නාගෙං කොයි එකාද? ඒ දෙන්නාව වෙං කරගන්ඩ බැරි තරමට බොහොම නැචුරල් විදිහට කතාව ගලාගෙන යනවා අයියෙ, කියවන්ඩ හරි ආසයි. ඒත් ඔය පුරස්නෙට උත්තර හොය හොයා තමයි හැම ඡේදෙම කියවන්නෙ. ජී. ඒ. මහත්තයාගෙ පරණ කතායි, අප්පච්චිගෙ සිංහලේ ගමනයි ජයසේනගෙ කතාවෙ කියලා හිතා ගත්ත හැකි. එතකොට ගම් පෙරළියේ විස්තර කියන්නෙ, සිරසෙ විස්තර කියන්නෙ? ඒත් ජයසේන ම ද? ගම් පෙරළියත් කමක් නෑ, ඒත් ජයසේන සිරසෙ විස්තර කිව්වා වෙන්න බෑ නේද? අයියාට පුළුවන්නම් ජයසේනගෙ කතාවට අයිති නැති අනිත් එව්වා අර උඩරට පාතරට වලියෙදි වවුලා වගේ හිටපු හරිය ලිව්වා වාගේ වරහන් ඇතුලෙන් දාන්නකො. එව්වා නොලියා ඉන්න එපා, ඒවත් හරි රහයි. අර විදිහට වෙන් කරලා ලියන්න. හැබැයි මතක ඇතුව වරහන් වහන්ඩත් ඕනෙ, තේරුණාද?
    :P

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      අවවාදය නම් බොහොම වටිනව..රොම්බ තෑන්ක්ස්..

      ආයම මුල ඉඳල ඔයා කියපු දේ හිතේ තියාගෙන කියෙව්වම තමයි මටත් මීටර් වුනේ වට් ද ඩෙවිල් වෙරි කන්පියුසියස් නෝ? කියල.

      W.I.E. නොහොත් ව.ක්‍රී.ප. වරද නිවරද කළෙමි. රවී නොහොත් මම කියන කොටස මගේ සටහන කියල විදින් බ්‍රැකට්ස් තුල දාල ඉටැලික්ස් කරල ෆොන්ට් එකත් නිල් පාට කලා..නව් නෝ ප්‍රොබ්ලම් අයි තින්ක්..ක්ලියස් ඈස් සක් සුදක්...

      උපදේශයට බොහොමත්ම ස්තූතියි ගරු නෝනා මහත්මියනි!..:)

      Delete
  11. ඊට පස්සෙ බොලැයි අප්පච්චි සිංහලේ කෙල්ලෙකුට අහු උනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      යස් සර් යස් සර් බෝත් ඔෆ් දෙම් සර් බෝත් ඔෆ් දෙම්...

      ජයසේනස් පා ඇන්ඩ් මයි පා බෝත් ගොට් කෝට් බයි සිංහලේ ගර්ල්ස්...ඩෑම් ෂේම් නෝ?

      Delete
  12. මේ කතාව එකදිගට කොටස් කීයක් ලියවෙයිද කියලයි මට කල්පනා උනේ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      නෑ..නෑ..මේක දිගටම ලියල ඉවරයක් කරල තමයි ආය එකකට අත තියන්නෙ..ගෝඩ් ප්‍රොමිස්..

      Delete
    2. සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතේ එක පෘතුගීසි කාරයෙක් කියනව,

      "...කාටද ඔව්වා විශ්වාස? ඕවා විශ්වාස කරන අයගෙ ඔළුවලට තට්ටු කලොත් බොල් අඬක් නැගේවි. ඒත් මේ තරම් දවසකින් ප්‍රීති වන්නට අවස්ථාවක් ලද අපි නටමු, ගයමු, විනෝද වෙමු..."

      Delete
    3. ඩ්‍රැකී,

      අම්මාපල්ල උඹල දැන් මට අපහාස කරන්නෙත් ක්ලැසික්ස් වලින් උපුටගෙන නේද?..:)

      Delete
  13. තාම අවුරුදු ද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...